You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Jul 2018 09:17 PM by  Udari
අමතක වෙන ලෙඩෙන් බේරෙන්නේ මෙහෙමයි
 2729 Replies
Sort:
You are not authorized to post a reply.
Page 88 of 137 << < 8687888990 > >>
Author Messages

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 Jan 2018 06:30 PM
ගැස්ට්‍රයිටීස් හැදුනොත් සොරිම තමා
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 05:40 PM

මැරෙන්න හිතෙන ඔළුවේ ලෙඩේ

පුද්ගලයකුගේ පෞරුෂය ගොඩනගනුයේ ජාන සහ පරිසරය යන දෙකම එකතු වීමෙනි. පාරිසරික උත්තේජ නිසා දරුවාට සිදුවන හානීන් අති විශාලයි. හැඟීම් පාලනයට අපහසු, සැක සහිත, සම්බන්ධතා පැවැත්වීමට නොහැකි පහසුවෙන් ජීවිතය එපා වන වැනි ලක්ෂණ පෞරුෂය තුළට ඇතුළු වේ.

අපි කතා කරන්නේ තමාටත් නොදැනෙන, අනිත් අයත් ලෙඩක් කියලා හිතන්නේ නැති ලෙඩක් පිළිබඳවයි. ඒ රෝගයට කියන නම තමයි පෞරුෂ භින්නතාව හෙවත් Borderline Personality Disorder. අපි ළඟට පැමිණි නිල්මිණීට තිබුණෙත් මේ කියන පෞරුෂ භින්නතාවයි. අපි බලමු ඇගේ කතාව මොකද්ද කියලා. නිල්මිණීගේ වයස අවු. 19යි. සුන්දර පෙනුමක් තියෙන නිල්මිණී පවුලේ එකම දරුවා කියලා එයාගේ අම්මා කිව්වා. ඇය අපි ළඟට ආවේ කරුණු 2ක් හේතුවෙන්. 

ඉතා කුඩා දෙයකින් පවා කෝපයට පත්වීම.

ඒ නිසා බ්ලේඩ් එකකින් අත කපා ගැනීම.

නිල්මිණී එයාගේ ප්‍රශ්නය අප සමඟ පැවසුවා. මට මගේ ජීවිතේ ගැන පුදුම හිස්බවක් දැනෙනවා. මට ප්‍රේම සබඳතාවයක් දිගටම පවත්වාගෙන යන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි. වෙනත් සබඳතාවන් පවා මට ඉක්මණින් එපා වෙනවා. ඉතා පොඩි සිදුවීමක් පවා මට දැනෙන්නේ මහා ලොකු දෙයක් විදිහටයි. උදාහරණයක් කියනවා නම් මම දවසක් මගේ Boy Friend එක්ක ගමනක් යන්න දාගත්තා. එයා ආවේ 8.45ට. මට පුදුම විදිහට තරහා ගියා. මම එයාට හොඳටම බැන්නා. ආයේ මාව බලන්න එන්න එපා කිව්වා. මට මම ගැන කිසිම අභිමානයක් නෑ. කණ්ණාඩියෙන් බලද්දී මට හිතෙන්නේ මම ලස්සන නෑ කියලා.

ඒ තමයි නිල්මිණීගේ කතාව. ඇයට වැළඳිලා තියෙන මේ පෞරුෂ භින්නතාව (Borderline Personality Disorder) කියන රෝගයයි. මෙහි රෝග ලක්ෂණ පිළිබඳව සවිස්තරව කතා කරමු.

ජීවිතයේ මහා හිස් බවක් දැනීම.

ජීවිතයේ කිසිම අර්ථයක් නෑ කියා සිතීම.

බුද්ධියට වඩා හැඟීම්වලට වැඩි තැනක් ලබා දීම, හැඟීම් පාලනය කිරීමට නොහැකි වීම. මේ නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම, අනතුරුදායක ලෙස රිය පැදවීම, අසාමාන්‍ය ලෙස ආහාර ගැනීම වගේ දේවල් ඔවුන් විසින් සිදු කරනවා.

කුඩා දේකින් පවා සැලෙනවා.

කිසිම සබඳතාවයක් නිසියාකාරව පැවැත්වීමට නොහැකියි.

තමා කෙරෙහිම වෛරයක් ඇතිකර ගැනීම, මේ හේතුව නිසා තමාට හානිකර ගැනීම, උදාහරණයක් ලෙස අත්, පා කපාගැනීම සිදුකරගන්න පුළුවන්.

ජීවත්වෙලා වැඩක් නෑ කියලා සිතීම හා ජීවිතය නැතිකර ගැනීමට තැත් කිරීම.

පෞරුෂ භින්නතාවයට පත්වීම සඳහා ප්‍රධාන වශනයෙන් බලපාන මනෝ විද්‍යාත්මක හේතූන්.

වයස අවුරුදු 2 – 3 පමණ කාලයේදී මවු සෙනෙහස හරියාකාරව නොලැබීම, මවට දරුවාට හරියාකාරව හසුරුවා ගැනීමට නොහැකි වීම, දරුවාගේ හැඟීම් ගැන නිසි අවධානයක් මවට නැතිවීම.

දරුවා කුඩා අවධියේ දී මවගෙන් ඈත් වීම, මේ සඳහා මව රට යෑම, වෙනත් විවාහයක් කරගැනීම වගේ හේතූන් බලපෑ හැකියි.

දරුවා කුඩා අවධියේදී ලිංගික අතවරවලට ලක්වීම.

දරුවාගේ හැඟීම්වලට වටිනාකමක් නොදෙන, නොලැබෙන පරිසරයක දරුවා ජීවත්වීම.

ඇතැම් අවස්ථාවලදී ජානමය හේතූන් ද බලපානවා. උදාහරණයක් ගත්තොත් නිවුන් දරුවන්ගෙන් අයකුට මේ රෝගය වැළඳුණහොත් අනෙක් දරුවාට ද එය වැළඳීමේ ප්‍රවණතාවය 69%යි.

මොළයේ නිෂ්පාදනය වන සොරොටිනීන් නම් රසායනික ද්‍රව්‍යයේ ඇතිවන වෙනස්වීම.

කෙනකුගේ තාරුණ්‍යයේදී වැළඳෙන මෙම පෞරුෂ හින්නතාවට වැඩිපුරම ගොදුරුවන්නේ කාන්තාවන්ය. මේ නිසා ඔවුන් සිය අධ්‍යාපනය, පවුල් සබඳතාව වගේ හැමදේම අවුල් කරගන්නවා. ඒ වගේම ඔවුන් මානසික අවපීඩනය කියන තත්ත්වයට ඉක්මණින් ළඟා වෙනවා.

පෞරුෂ භින්නතාව හෙවත් Borderline Personality Disorder වැළඳුණු රෝගියෙක් අප වෙත යොමු වුවහොත් ඔහුට හෝ ඇයට මානසික අවපීඩනය පවතීදැයි මුලින්ම සොයා බලනවා. ඒ සඳහා ඖෂධ නොමැති බව අප කිවයුතුයි. එහෙත් හැඟීම් පාලනය කරගැනීමට, අසාමාන්‍ය තරහව පාලනය, වගේ රෝග ලක්ෂණවලට ඖෂධ තියෙනවා. මෙවැනි මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර, හැසීරීම් සහ බුද්ධිය ආශ්‍රිත මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර (Dialectical behavior therapy) ලබාගැනීම සඳහා පුහුණුව ලැබූ උපදේශකවරයකුගේ උපදේශනය ලබාගැනීමට රෝගියාව යොමු කිරීම හරිම වැදගත්.

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 05:46 PM

සිගරුට්ටුවෙන් ලෙඩ හයක්

දුම්පානය කිරීම යනු 99%ක ප්‍රතිශතයක් පෙනහළු පිළිකා ඇතිවන ඉතා හානිදායක පුරුද්දක්. ලොව පුරා සිටින මිනිසුන් බිලියන 1.1 කට අධික ප්‍රමාණයක් දුම්පානය සිදු කරන අතර මේ ක්‍රියාව නිසා ඔවුන්ගෙන් 50%ක් පමණ මරණයට පත් වනවා.

දුම්පානයට හුරු වූ අයෙකුට ඇතිවන සුලබ රෝග

රාත්‍රී නින්ද නොයෑම

අබල දුබල බව

හෝමෝන අසමතුලිතතාවය

අහාර මාර්ගය ආශ්‍රිත ගැටලු

ඔස්ටියෝපොරෝසීස්

මානසික රෝග

දුම්පානය කරන ඕනෑම අයෙක් නිකොටින් සඳහා ඉක්මනින්ම ඇබ්බැහි වනවා. මේ ආකාරයට ඇබ්බැහි වූ අයෙක් නැවත නැවතත් නිකොටින් ශරීරයට ලබා ගැනීම සඳහා පෙළඹීම සාමාන්‍ය කරුණක්.

ඇත්ත වශයෙන්ම නිකොටින් සඳහා ඇබ්බැහි වූ අයෙක් එය අතහැර දැමීම කොකේන් හෝ හෙ‍යරොයින් ඇබ්බැහි වීමකින් ගැලවෙනවාට වඩා අපහසු කරුණක්.

දුම්පානය කරන පුද්ගලයෙකුට වැඩි වශයෙන් විවිධ අතුරු ආබාධ ඇති වන්නේ ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රතිඔක්සිකාරකයන් වන විටමින් C සහ E, බීටා කැරොටීන්,  “glutathione”, “ubiquinol” සහ “alpha-lipoic” අම්ල යන දෑ ශරීරය තුළ හිඟ වීම නිසයි.
මේ ආකාරයේ පෝෂණයන් ශරීරයට ලබා ගැනීම සඳහා විවිධ ඖෂධ වර්ග තිබුණත් මෙවන් දෑ ශරීරයට ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමවේදය වන්නේ සෞඛ්‍යය සම්පන්න ආහාර පරිභෝජනය කිරීමයි. එළවළු පලතුරු බහුල ආහාර ගැනිම ඉතා වැදගත්. ඊළඟට දුමක් දාන්න හිතෙනකොට වතුර හොඳට බොන්න පුරුදු වෙන්න. තේ, කෝපි, පැනි බීම වෙනුවට රණවරා බෙලිමල් ඉරමුසු වගේ දේශීය ඇඟ නිවන පාන වර්ග ලබා ගන්න.

දුම්පානය අතහැර දැමීමට වෙර දරන අයෙක් හට තමන්ට ඇතිවන අධික නිකොටින් ඇල්ම නැති කර දමන තවත් ක්‍රමවේද කිහිපයක්  තමා මේ. 

මැග්නීසියම්

මැග්නීසියම් මගින් ශරීරය තුල “dopamine” නිකුත් කිරීම වේගවත් කරන නිසා මැග්නීසියම් මගින් නිකොටින් ඇල්ම නැති කර ගන්නට පුළුවන්. කෙසෙල්, අලිගැට පේර, මුං, කව්පි, රටකජු,  වට්ටක්කා ඇට,  තදපැහැ චොක්ලට් මැග්නිසියම්  බහුලව ඇති ආහාර කිහිපයක්  ලෙස දක්වන්න  පුලුවන්. 

මෙම ඛනිජ වර්ගය මගින් මොළයේ ස්නායු පණිවුඩ ගෙන යන රසායන  මධ්‍ය ස්ථාන  ලිහිල් කර නිකොටින් ඉල්ලා  “NMDA” ප්‍රතිග්‍රාහකවලට සිදු කරන බලපෑම අඩු කරනු ලබනවා. මේ නිසා දුම්පානයෙන් ඉවත් වන්නට උත්සහා කරන අයෙක් මැග්නීසියම් බහුල ආහාර ලබා ගැනීම වඩාත් ඵලදායී වනවා. 

මෝහන චිකිත්සාව හා මනෝ උපදේශන

දුම්පානය සඳහා ඇබ්බැහි වූ අයකු මනෝ චිකිත්සක සායන සදහා යොමුවීම මගින් මෙන්ම මෝහනය කිරීම මගින් ඔහුගේ ඇල්ම යම්තාක් දුරට අඩු කරන්නට පුළුවන්. මේ සඳහා  සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න.

කටුචිකිත්සාව   

දුම්පානයට ඇති ඇල්ම වළක්වා ගන්නට භාවිතා කළ හැකි තවත් එක සාර්ථක ක්‍රමවේදයක් තමයි කටුචිකිත්සාව. කටුචිකිත්සාවට අනුව ශරීරයේ විවිධ ස්ථාන මුඛය, දිව සහ ශ්වසන මාර්ගය වැනි ස්ථානවලට සම්බන්ධ වනවා. පළපුරුදු චිකිත්සකවරයෙක් මුණගැසී නිකොටින් සඳහා ඇති වන ඇල්ම අඩු කර ගන්නට පුළුවන්.

ව්‍යායාම

දුම්පානය කිරීමට සිතුණු අවස්ථාවක විනාඩි පහක පමණ කාලයක් රවුමක් ඇවිදීම, බයිසිකලයක් පැදීම වගේ සුළු ව්‍යායාමයක යෙදීම මගින් දුම්පානය සඳහා ඇති වන ඇල්ම තාවකාලිකව අඩු කර ගන්නට පුළුවන්.

නිකොටින් ප්ලාස්ටර් “Nicotine patch”

මෙය නිකොටින් ප්‍රතිස්ථාපන චිකිත්සාව “nicotine replacement therapy (NRT)” ලෙස හඳුන්වනු ලබනවා. මේ සඳහා ඖෂධ වර්ග දෙකක් එක්ව සැදුම්ලත් ප්ලාස්ටර් වඩාත් ඵලදායී වනවා. සම හරහා ශරීරයට නිකොටින් නිකුත් කරන මෙම ප්ලාස්ටරය සම මත අලවා ගැනීමේ වාර ගණන යම් අයෙක් දිනකට පානය කරනු ලබන දුම්වැටි ප්‍රමාණය අනුව වෙනස් වනවා. මෙය භාවිත කළ යුත්තේ වෛද්‍ය  උපදෙස් මතයි.

දෙහි

ලෙල්ල සහිත දෙහි කැබැල්ලක් ගෙන හපන්න. දෙහි සතු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක නිසා ඔබට ඇතිවන නොකොටින් ඇල්ම අඩු කර ගන්නට පුළුවන්. 

භාවනාව

දුම්පානය අතහැර දැමීමට උත්සාහ කරන අයෙක් භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම ඒ සඳහා උපකාරයක් වන බවත් විවිධ අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. හොදින්  හුස්ම පාලනය මගින් සිරැරට අවශ්‍ය ඒ වගේම නිකොටින් නිසා අහිමිව ගිය  ඔක්සිජන් හොදින්ම ලැබෙනවා.  

 Web MD

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 05:52 PM

නොනවතින හිසරදය අනතුරක්!

හිසරදය යනු මහ එපා කරපු අපි කාටත් හැදෙන වේදනාකාරී සෞඛ්‍යය ගැටලුවක්. අප කාටත් හිසරදයක් ඇති වූ විට වේදනාවකට වඩා ඇතිවන්නේ නොරිස්සීමක්. වෛද්‍ය විද්‍යාවට අනුව නම් මොළය විසින් සෘජුවම හිසරදය ඇතිවන්නට සංඥා නිකුත් කරනු ලබන්නේ නෑ. හිසරදය ඇතිවන්නේ ස්නායු, මොළයේ ඇති රසායනික ද්‍රව්‍ය, රුධිර නාල සහ පටක විසින් නිකුත් කරනු ලබන සංඥා අනුවයි. ඒ වගේම, වෛද්‍යවරුන් පවසන්නේ හිසරදය ඇතිවීමට විවිධ හේතු බලපාන බවයි. අපි අද දේශය පාඨක ඔබ, ලිපිය මගින් දැනුවත් කිරීමට සූදානම් වන්නේ එකිනෙකට වෙනස් වූ හිසරදයේ වර්ග කිහිපයක් පිළිබඳවයි.

01. නැවත නැවත ඇතිවන හිසරදය “Rebound Headaches”

මෙවන් හිසරදයක් ඇතිවන්නේ සමහර ඖෂධ වර්ග වැඩි වශයෙන් පානය කිරීම නිසයි. උදාහරණයක් ලෙස “Ibuprofen (Advil, Motrin)”, “Aspirin” සහ “Acetaminophen (Tylenol)” වැනි ඖෂධ වර්ග වැඩිවශයෙන් පානය කිරීම නිසා සතියක කාලයක් නොනවත්වා හෝ අතරින් පතර හිසරදය ඇතිවනවා. ඉරුවාරදය (මිග්‍රේන්) වැනි තත්වයන් සඳහා පානය කරන “Triptans” වැනි ඖෂධ මසක් ඇතුළත දින දහයකට වඩා පානය කිරීම නිසාත් “Rebound headaches” ලෙස හඳුන්වන නැවත ඇතිවන හිසරදය ඇතිවනවා. නාසයට අල්ලනු ලබන බෙහෙත් වර්ග දිනපතා භාවිතා කිරීමත් මේ හිසරදය ඇතිවන්නට පුළුවන්. මෙවන් විටෙක මෙම බෙහෙත් වෛද්‍ය උපදෙස් මත වෙනස් කරගත යුතුයි.

02. ආතතිය නිසා ඇතිවන හිසරදය “Tension Headaches”

මෙවන් හිසරදයක් ඇතිවන්නේ නළලේ දෙපැත්තෙන්, බෙල්ල පිටුපසින් සහ උරහිස් පෙදෙසින්ය. මේ තත්වය ඇතිවන්නේ කාංසාව පාලනය කළ නොහැකි මානසික ආතතිය වැනි තත්වයන් නිසයි. මෙවන් හිසරදයක් ඇති වූ විට ඉහත සඳහන් කළ ස්ථාන සියල්ලෙන්ම වේදනාව ඇතිවනවා. මිනිස් මොළය තුළ සිදුවන රසායනික මට්ටම්වල විවිධ විපර්යාස මෙවන් හිසරදයකට බලපාන බව තමයි කියන්නේ. ඒ වගේම, හිසරදය ඇති වූ අවස්ථාවේ මොළයේ ස්නායු විසින් එවනු ලබන සංඥා නිසාත් මෙවන් හිසරදයක් උත්සන්න වන බව වෛද්‍යවරුන් පවසනවා. සාමාන්‍යයෙන් මෙවන් හිසරදයක් ඇතිවූ විට “Ibuprofen”, “Aspirin” සහ “Acetaminophen” වැනි වේදනා නාශකයක් ලබාගෙන වේදනාව සමනය කරගන්නට පුළුවන්.

03. දත් කැක්කුමත් සමඟ එන හිසරදය “Dental Headaches”

දත් කැක්කුම නිසා ඇතිවන හිසරදයත් වේදනාකාරී හිසරද වර්ගවලින් තවත් එක් හිසරදයක්. දත්වල ඇතිවන විවිධ සංකූලතා නිසයි මේ හිසරදය ඇතිවන්නේ. මේ හිසරදය නිසා මුහුණේ ඇතිවන වේදනා බරිත තත්වය සාමාන්‍ය වෛද්‍ය ව්‍යවහාරයේදී “Bruxism” ලෙස හඳුන්වනවා. ඒ වගේම, මේ හිසරදය “TMJ නැතිනම් Temporomandibular සන්ධි ආබාධය” ලෙස හඳුන්වන සෞඛ්‍යය ගැටලුවක් නිසාත් ඇතිවනවා. මෙහිදී සිදුවන්නේ ඔළු කට්ට හක්කට සම්බන්ධ වන සන්ධියේ ආබාධයක් ඇතිවීමයි. “Temporomandibular සන්ධි ආබාධය” හක්කේ හැඩය වෙනස් වීම, අධික මානසික ආතතිය, හක්කේ මාංශ පේශීවල දුර්වලතාවයන් නිසා ඇති වනවා. හක්ක ප්‍රදේශය මඳ උණු ජලයෙන් තවා මේ වේදනාවට සුළු සහනයක් සලසාගන්නට පුළුවන්. මෙවන් තත්වයකදී දන්ත වෛද්‍යවරයෙකු මුණගැසීම ඉතා වැදගත් වනවා.

04. එක තැනකට රොක්වන හිසරදය “Cluster Headache”

එක තැනකට රොක්වන හිසරදය සියදිවි නසාගැනීමේ හිසරදය “Suicide Headaches” ලෙසත් හඳුන්වනු ලබනවා. මෙවන් හිසරදයක් ඇතිවූ විට එය ක්‍ෂණිකයෙන් ඇතිවී, දැඩිවී, නැතිවී යනවා. මෙවන් හිසරදයක් ඇතිවී තිබෙන උපරිම කාලය වන්නේ විනාඩි 15 ත් පැය 3 ත් අතර කාලයක්ය.

මේ හිසරදය දිනපතා ඇතිවීමක් ගැන සහ හිසරදය ඇතිවන නිශ්චිත කාලයක් ගැනවත් නිශ්චිතව සඳහන් වන්නේ නෑ.“Cluster” හිසරදය ඇති වූ විට ඇස් රතු පැහැවී එක් ඇසකින් හෝ ඇස් දෙකෙන්ම කඳුළු ගැලීමක් සිදුවනවා. මේ හිසරදය කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින්ට ඇතිවනවා. “Cluster” හිසරදය ඇතිවන්නට විවිධ හේතු බලපාන අතර ප්‍රධානතම හේතු ලෙස දුම්පානය, ශරීරය වඩාත් උසවීම සහ හිසරදය වැඩිවීමට හේතුවන විවිධ ආහාර පරිභෝජනය කිරීම හඳුන්වා දෙන්නට පුළුවන්. මෙවන් හිසරදයක්  “OTC” වේදනා නාශක ලබාගෙන සුවකළ නොහැකි අතර “Triptans” ඖෂධය සහ ඔක්සිජන් ලබාගැනීම මගින් මේ හිසරදය සුවකර ගන්නට පුළුවන්. ඒවා කළ යුත්තේ වෛද්‍ය අධීක්ෂණය යටතේ බව සිහි තබාගන්න.

05. ඉරුවාරදය “Migraines”

හිසරදයන් අතරින් දරුණුතම හිසරදය වන්නේ ඉරුවාරදයයි. කාන්තාවන්ට ඉරුවාරදය ඇතිවීමේ අවදානම පිරිමි පුද්ගලයින්ට වඩා තුන්ගුණයකින් වැඩිවනවා. හෝමෝනවල සිදුවන වෙනස්වීම්, මානසික ආතතිය වැඩිවීම, ආහාර ගැනීමේ සහ නිදා ගැනීමේ අහිතකර හුරුපුරුදු නිසා ඉරුවාරදය ඇතිවනවා. ඇතැම් විට ඉරුවාරදය රෝගීන්ට වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ තමාට ඉරුවාරදය ඇතිවීමට බලපාන හේතුව තමා විසින්ම නිරීක්ෂණය කර ඒවායින් වැළකෙන ලෙසයි. උදාහරණයක් ලෙස යම් අයෙක් ආහාර වේලක් මගහරින නිසා ඉරැවාරදය ඇතිවනවා නම් ඒ පුද්ගලයා කිසි විටකවත් ආහාර වේලක් මගහැරිය යුතු වන්නේ නෑ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු තත්ත්වයක් තමා මේ.

06. කැෆේන් නිසා ඇතිවන හිසරදය “Caffeine Headaches”

මේ හිසරදය ඇතිවන්නේ කැෆේන් අඩංගු පානයන් නිතරම පානය කිරීමේ පුරුද්ද නිසයි. උදාහරණයක් ලෙස උදෑසන කෝපි කෝප්ප දෙක බැගින් දිනකට පානය කරන පුද්ගලයෙක් ගමු. සෑම දිනකම සිදුකරන මේ පුරුද්ද නිසා දිනපතා මේ කෝපි කෝප්ප දෙක පානය නොකිරීමෙන් හිසරදය ඇතිවන්නට පුළුවන්. දිනකට කෝපි වැඩි වශයෙන් පානය කිරීමෙනුත් කැෆේන් හිසරදය ඇතිවනවා. කැෆේන් හිසරදය ඇතිවන රෝගීන්ට වෛද්‍යවරැන් පවසන්නේ මේ කැෆේන් පානය කිරීමේ පුරුද්ද දිනපතා සිදුකිරීම හෝ කැෆේන් පානය කිරීමේ පුරුද්ද සම්පූර්ණ වශයෙන් නතරකර දමන ලෙසයි.

07. සුරතාන්තයේදි ඇතිවන හිසරදය “Orgasm Headaches”

ලිංගික සංසර්ගයේදී කාන්තාවන්ට මෙන්ම පිරිමි පුද්ගලයින්ටද මේ හිසරදය ඇතිවනවා. නිතරම වාගේ මේ හිසරදය ඇතිවන්නේ ලිංගික සංසර්ගය ආරම්භ කළ සැනින්ම සහ සංසර්ගය අවසන් කළ අවස්ථාවේදීයි. මේ හිසරදය එතරම් වේදනාකාරී නොවෙන්නත් වඩාත් වේදනාකාරී වන්නත් පුළුවන්. හිසරදයේ තත්වය අනුව එක දිනක් හෝ දින කිහිපයක් මේ හිසදරය ඇතිවී තිබෙන්නට පුළුවන්. ඔබට ලිංගිකව එක්වන සෑම අවස්ථාවකදීම මේ හිසරදය ඇතිවනවා නම් ලිංගික සංසර්ගයට ප්‍රථමයෙන් වේදනා නාශකයක් ලබාගන්න.

08. උදෑසනම ඇතිවන හිසරදය “Early morning headaches”

ඔබටත් උදෑසන හිසරදයක් සමඟම අවදිවනවා නම් මෙයට හේතුව වන්නේ උදෑසන හටගන්නා ඉරුවාරදය හෝ ඔබ පසුදා රාත්‍රියේදී ලබාගත් ඖෂධ නිසා ඇතිවන “Rebound” හිසරදයයි. නින්දෙන් ගොර අදින පුද්ගලයින්ටද උදෑසන හිසරදය ඇතිවනවා. ඒ වගේම, උදෑසන ඇතිවන හිසරදය මොළයේ පිළිකාවේ රෝග ලක්‍ෂණයක් වන්නටත් පුළුවන්. ඔබටත් උදෑසන හිසරදය ඇතිවනවා නම් වෛද්‍ය පර්යේෂණයකට යොමුවන්න.

09. කෝටර හිසරදය “Sinus Headaches”

මිනිසුන් විශාල ප්‍රාමාණයක් කෝටර හිසරදය ඉරුවාරදය සමඟ පටලවා ගනු ලබනවා. මේ හිසරදය වර්ග දෙකෙහිම ඇතිවන රෝග ලක්‍ෂණ එකිනෙකට සමානයි. ඒ ඇස්වලින් කඳුළු ඒම, නාසය සිරවීම වැනි රෝග ලක්‍ෂණ. කෝටරයක් යනු මුහුණේ නාසය අවට අස්ථි අතර පිහිටි කුහර විශේෂයකි. මෙවන් කෝටරයක් තුළ සොටු දියර එකතුවී ඇතිවන ආසාදන තත්වයක් කෝටර දාහය නමින් හදුන්වනවා. කෝටරක ප්‍රදාහය ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම මගින් සුවකරගන්නට පුළුවන්.

10. අයිස්ක්‍රීම් නිසා ඇතිවන හිසරදය “Ice Cream Headache”

ඉතා ශීත අයිස් ක්‍රීම් සහ ජූස් වර්ග පරිභෝජනය කිරීම නිසා මේ හිසරදය ඇතිවනවා. මේ වේදනාව හිස තුළ තදින්ම ඇතිවනවා. ඉරුවාරදය ඇතිවන පුද්ගලයින්ට විශේෂයෙන්ම මෙවන් ශීත ආහාරයක් අනුභව කිරීමේදී මේ හිසරදය බොහෝ සෙයින් ඇතිවනවා. වෛද්‍ය විද්‍යාවට අනුව මේ තත්ත්වය හඳුන්වනු ලබන්නේ “Sphenopalatine Ganglioneuralgia” ලෙසයි. මේ තත්ත්වය ඇතිවන්නේ ශීත කළ ආහාරයක් අනුභව කිරීමේදී උඩු තල්ල ශීත වීමෙන් මොළය තුළට රුධිරය සංසරණය කරන ධමනි වේගවත් වීම නිසයි. ඔබට මේ හිසරදය ඇති වූ විට ශීත ආහාර අනුභවයෙන් වැළකී ක්‍ෂණිකවම උණුජලය පානය කරන්න. මේ නිසා මොළය තුළ සිදුවන රැධිර සංසරණය සාමාන්‍ය තත්වයට හැරීමක් සිදුවනවා.

11. දිනපතා ඇතිවන නිදන්ගත හිසරදය “Chronic Daily Headaches”

ඇතැම් පුද්ගලයින්ට එක් මසකදී දින පහළොවකට වැඩි දින ගණනක් හිසරදය පැවතී තිබෙනවා. මෙවන් පුද්ගලයින්ට මේ හිසරදය අධිකව දිනපතා ඇතිවනවා. මෙවන් හිසරදයන් ඇතිවන්නට මුල්වන කාරණය තමයි හිසරදය දුරු කිරීමටම පානය කරන ඖෂධ සහ වෙනත් හිසේ ආබාධයකට පානය කරන ඖෂධ. මෙය මොළයේ පිළිකාව හෝ “meningitis” බැක්ටීරියා ආසාදනයේ රෝග ලක්‍ෂණයක් වන්නටත් පුළුවන්. ඔබටත් මේ ආකාරයේ හිසරදයක් ඇත්නම් ප්‍රති–විෂාද ඖෂධ, අධි රුධිර පීඩනය සහ පපුවේ වේදනාව සුවකරන ඖෂධ “Propanolol” සහ “Gabapentin”, “Topiramate” සහ “Aleve” වැනි වේදනා නාශක ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබාගෙන පානය කරන්නට පුළුවන්.

14. හදිසි හිසරදය “Emergency Headaches”

මේ හිසරදය ඇතිවන්නේ නොසිතු අවස්ථාවක ඉතා ක්‍ෂණිකවයි. එවිට හිස තුළ යම් දෙයක් පිපිරී ගියා මෙන් හැඟීමක් ඇතිවනවා. මෙවන් හිසරදයක් උණ ගැනීමත් සමග, අධි රුධිර පීඩනයේ දී සහ හිසේ යම් දෙයක් තදින් වැදීම නිසාත් ඇතිවනවා. හදිසි හිසරද තත්ත්වයේ රෝග ලක්‍ෂණ වන්නේ බෙල්ලේ තදගතිය, මාංශ පේශී දුර්වල වී සංවේදීතාවය නැතිවීම සහ ඇසීමේ සහ පෙනීමේ ඇතිවන වන වෙනස්කම්ය. 

 සුගත්

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:02 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:02 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:03 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:03 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:03 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:04 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
19 Jan 2018 06:05 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:20 PM

diabiticeදියවැඩියාව ස්‌නායු රෝග බහුලව දැකිය හැකි බොහෝ දුෂ්කරතා ඇති කරන උපද්‍රවකාරී රෝග තත්ත්වයකි. වැළඳී ඇති දියවැඩියාව කුමන ප්‍රභේදයකට අයත් වුවත් රෝග තත්ත්වය නිසි පරිදි පාලනය නොකර කල්ගත වීමේ දී කෙටි කාලයක්‌ ඇතුළත දී හෝ වසර කීපයක්‌ ගත වීමේ දී මෙම ස්‌නායු ආබාධ ඇතිවිය හැක. සමහරවිට දියවැඩියාව පවතින බව හඳුනා ගන්නේ ද මෙවැනි ආබාධ ඇති වී ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හමු වූ විට දී ය. ස්‌නායු පද්ධතිය වනාහි නියුරෝන නැමැති විශේෂිත සෛල මගින් නිර්මිත මොළය, සුෂුම්නාව සහ ශරීරය පුරා විහිදී යන විවිධ ස්‌නායු තන්තු ඇතුළත් සංකීර්ණ පටක සැලැස්‌මක්‌ සහ ක්‍රියාකාරිත්වයක්‌ සහිත ව්‍යqහයකි. එමගින් ශරීරයේ සමස්‌ත ඉච්ඡානුග සහ අනිච්ඡානුග චාලක සහ සංවේදක ක්‍රියාකාරිත්වයන් සමායෝජනය කිරීම සහ පාලනය කිරීම සිදු කරයි. අනෙකුත් සෑම සෛලයක්‌ මෙන්ම මෙම නියුරෝන ද ජීවී බව පවත්වා ගැනීම සඳහා සහ ඊට ආවේනික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ශක්‌තිය ලබා ගන්නේ ග්ලුකෝස්‌ දහනය මගිනි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීමේ දී ස්‌නායු සෛල තුළ ග්ලුකෝස්‌ පරිවෘත්තියෙහි විකෘතිතා ඇති වේ. එහි ප්‍රතිඵලය නම් ස්‌නායු සෛල තුළ සෝබිටෝල් සහ පෘක්‌ටෝස්‌ නැමති සංයෝග අධිකව නිපදවීමය. මේ සඳහා ඇඩෝස්‌ රිඩක්‌ටේස්‌ සහ සෝබිටෝල් ඩිහයිෙඩ්‍රාජිනේස්‌ නැමති එන්සයිම හේතු වේ. මේ නිසා ස්‌නායු සෛලය තූළ මයෝඅයිනොසිටෝල් ප්‍රමාණය අඩු වන අතර තවත් විවිධ ජෛව රසායනික රාශියක ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවීම නිසා ස්‌නායු ආවේග සම්ප්‍රේෂණයෙහි බාධා ඇති වේ. එසේම ස්‌නායු සෛලවල නොයෙකුත් ව්‍යqහාත්මක විකෘතිතා ද ඇති වේ. අතිරේක ග්ලුකෝස්‌ අනු වෙනත් ප්‍රොaටීන සහ ලිපිඩ අනු සමඟ සම්බන්ධවී නිපදවෙන අහිත කර ජෛව රසායනික අණු නිසා ද ස්‌නායු සෛලවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ. දියවැඩියාවේ දී රධිර වාහිනී ආශ්‍රිතව ඇති වන විවිධ විකෘතිතා ද ස්‌නායු සෛල වල අබාධ ඇති කිරීමට හේතු වේ. අධික රුධිර පීඩනය වයස්‌ගත විම දීර්ඝ කාලයක්‌ රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය ඉහළ මට්‌ටමක පැවතීම රුධිරගත ලිපිඩ (කොලෙස්‌ට්‍රොaල්) ප්‍රමාණය වැඩි වීම දුම්පානය සහ ඇල්කොහොල් භාවිතය මෙම ස්‌නායු ආබාධ ඇති වීමේ අවධානම වැඩි කිරීමට හේතු වන සාධක අතර ප්‍රධාන තැනක්‌ ගෙන ඇත.

දියවැඩියා රෝගයේ දී ස්‌නායු ආබාධ ක්‍රම කීපයකට ඇති විය හැක. ස්‌නායු සහ ස්‌නායු කේන්ද්‍රවලට රුධිර සපයන වාහිනී ගත විකෘතිතා නිසා රුධිර සැපයුම අඩාල වීමෙන් ස්‌නායු සෛල දුර්වල වීම හෝ මියයාම නිසා හදිසියේ ඇති වන අංශභාගය වැනි රෝග තත්ත්ව එක්‌ ආකාරයකි. රුධිරගත ග්ලුකෝස්‌ ප්‍රමාණය වැඩිවීම නිසා ස්‌නායු සෛල වල ඇති වන විවිධ පරිවෘත්තීය වෙනස්‌කම් නිසා ක්‍රමිකව ඇති වන ස්‌නායු ආබාධ තවත් ආකාරයකි.

දියවැඩියාව රෝගයේ දී ස්‌නායු ආබාධ නිසා ඇති වන රෝග ලක්‌ෂණ පහළ වීම විවිධ ස්‌වරූපයෙන් ඇතිවිය හැක. ඇතැම් විටෙක සංවේදන විකෘතිතා ලෙස ද ඇතැම් විටක චාලක හෙවත් අවයවල ක්‍රියාකාරිත්වයේ විකෘතිතා ලෙස ද පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව සිදු කෙරෙන අනිච්ඡානුග ක්‍රියාකාරිත්වයන්ගේ විකෘතිතා ලෙස ද රෝග ලක්‌ෂණ පහළ විය හැක. බොහෝවිට මෙම රෝග ලක්‌ෂණ රෝගීන් හට විවිධ ආකාරයෙන් අවබෝධ විය හැක. වැඩි දෙනකුට අත් පාවල ඇති වන සංවේදන විකෘතිතා අත් පා වල ඇති වන හිරියක්‌ ලෙස දැනීමට පුළුවන. අත් පා වල දැවිල්ල, සීතල ගතිය හෝ පුපුරු ගැසීම ඉදිකටුවකින් අනින්නාක්‌ වැනි සියුම් වේදනාවක්‌ ලෙස හෝ අත් පාවල තද ගතියක්‌ ලෙස හෝ උණුසුම, සීතල සහ වෙනත් ස්‌පර්ශ සංවේදන සාමාන්‍ය කෙනකුට වඩා වැඩි තීව්‍රතාවකින් රෝගියා හට දැනීමට පුළුවන. ඇතැමි කෙනකුට අතුල් පතුල් වල යමක්‌ ඇල වී ඇත්තාක්‌ සේ දැනීමක්‌ හැඟීමක්‌ ඇතිවිය හැක.

ලබන සතියට

diabitice1

diabitice2

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:34 PM

swethaප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය එහෙමත් නැත්නම් සුද යැම නමැති තත්ත්වයට සෑම කාන්තාවක්‌ම පාහේ තම ජීවිතයේ එක්‌ අවස්‌ථාවකදී හෝ මුහුණ දෙනවා. මෙය රහස්‌ රෝගයක්‌ සේ සලකා කාටවත් ඒ ගැන නොකියා ඉන්නට සමහර නව යොවුන් ගැහැනු දරුවන් පරෙස්‌සම් වෙනවා. මෙය රෝගයක්‌ද, එහෙනම් නැත්නම් රෝග ලක්‍ෂණයක්‌ ද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මේ පිළිබඳ කතා කරන විට මුලින්ම කියන්නට සිදුවන්නේ මෙය රහස්‌ රෝගයක්‌ සේ සලකා නිහඬව සිටීම ලොකු මෝඩකමක්‌ බවයි. මෙය තවදුරටත් රහස්‌ රෝගයක්‌ නොවන බවට තම තරුණ දූවරුන් දැනුවත් කිරීම මවුවරුන්ගේ යුතුකමක්‌. ශ්වේත ප්‍රදරය රෝගයක්‌ වෙන්නටත් පුළුවනි. ඒ වගේම රෝග ලක්‍ෂණයක්‌ වෙන්නටත් පුළුවන්. බටහිර විද්‍යාවේ අර්ථකථනයත් එයමයි.

ප්‍රශ්නය - ශ්වේත ප්‍රදරය හටගන්නේ ඇයි?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - නවීන විද්‍යාවට අනුව නම්, ඇතැම් විට රෝග ලක්‍ෂණයක්‌ වුණත් එය සාමාන්‍ය තත්ත්වයක්‌. හැබැයි දේශීය සිංහල වෙදකම සහ ආයුර්වේදය මගින් එය අර්ථකථනය වන්නේ වෙනස්‌ ආකාරයකටයි. සමහර අවස්‌ථාවලදී සුද යන විට එයට හේතුව වන්නේ යෝනි මාර්ගය ආශ්‍රිතව හට ගත් ආසාදන තත්ත්වයක්‌ වෙන්නට පුළුවන්. එවැනි සුද යැමක්‌ හඳුන්වන්නේ අසාමාන්‍ය සුද යැමක්‌ හැටියටයි. එහි වර්ණය කහ පාට හෝ ලා කොළ පාට විය හැකියි. සමහර විට ඝන වූ සෙම කැටි හෝ තද පැහැ වර්ණයෙන් යුතු කැබලි එහි තිබෙනවා වෙන්නට පුළුවන්. තවත් විටෙක එයින් දුර්ගන්ධයක්‌ නිකුත් වෙනවා විය හැකියි. එවැනි තත්ත්වයක්‌ හටගන්නේ යෝනි මාර්ගය තුළ ඊස්‌ට්‌ හෝ බැක්‌ටීරියාවක්‌ වර්ධනය වීම නිසයි.

ප්‍රශ්නය - විවාහක කාන්තාවක්‌ට සුද යනවා නම් එයින් හැඟෙන්නේ එම කාන්තාව දරු ගැබක්‌ හට ගැනීමේ මූලික අවස්‌ථාවේ සිටින බව කියලා සමහරු කියනවා.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - වෙන්න පුළුවන්. ගර්භනී බවේ මූලික ලක්‍ෂණයක්‌ තමයි සුද යැම. ඩිම්බයක්‌ සහ පුරුෂ බීජයක්‌ සාර්ථක ලෙස එක්‌ වී දින 6 සිට 12 දක්‌වා කාලය තුළ මෙසේ සුද යනවා. මේ ශ්වේත ප්‍රදරය සුදු පැහැතියි. එය පිටතට එන්නේ යෝනි මාර්ගය තුළින්.

(විශාල වශයෙන් සුද යැම සිදු වෙනවා නම් එයින් කියෑවෙන්නේ කුමක්‌දැයි කියා ලබන සතියේ කියවමු.)

ලබන සතියට

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

අංකයට කතා කරන්න

සාකච්ඡා කළේ අශේන් රඹකොස්‌වැව

swetha1

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:41 PM

bookමෙරට සිංහල විද්‍යා සාහිත්‍යයට ශත වර්ෂයකට ආසන්න වන ඉතිහාසයත් පවතියි. මුනිදාස කුමාරතුංග, ඊ. ඩබ්ලිව්. අධිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ ආදී හෙළයේ මහා ගත්කරුවන්ගේන් ඇරඹි විද්‍යා සාහිත්‍ය අසූව දශකයෙහි ඉතා ඉහළ ජනප්‍රියතාවට පත්වූයේ ආතර් සී ක්‌ලාක්‌ ශුරීන්ගේ විද්‍යා ප්‍රබන්ධ සිංහලෙන් පළවීම සමඟය. ඉන්පසුව කලක්‌ ඉහළින් වැජඹෙනු ලැබු සිංහල විද්‍යා සාහිත්‍ය, කෙටි කථා, නව කථා, පරිවර්තන රචනා හමුවේ යළි තරමක්‌ දුරට අඩපණව ගිය සෙයක්‌ දක්‌නට ලැබෙයි.

මේ නිහැඬියාව බිඳමින් ඉදහිට සිංහල භාෂාවෙන් වෛද්‍ය විද්‍යා සඟරාවන් බිහිවන නමුත් ඒවායේ ඇති ග්‍රාම්‍ය ස්‌වරූපය නිසාමද, එම ග්‍රන්ථවල සඳහන් කරුණු බොහෝ විට බටහිර වෛද්‍යාත්මක ග්‍රන්ථ වල සෛද්ධාන්තික කරුණු අමු අමුවෙ සිංහලට පරිවර්තනය වීම හෝ බොහෝ විට පුවත්පත් වල පළවන කරුණුම වීම නිසා හෝ පාඨකයාගේ අවධානයට ලංවන්නේ ඉතා අඩුවෙනි.

මේ අඩුව මකා දැමීමට ප්‍රවීණ විද්‍යා සන්නිවේදක හා නිදහස්‌ මාධ්‍යවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් පරිපාලනය පිළිබඳව වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා විසින් රචනා කරන ලද නවතම වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථ 05 හැකියාවක්‌ ඇතැයි ප්‍රකාශ කළ හැකිය. මෙම මුල් ග්‍රන්ථ ත්‍රිත්වය ජීවිතයටම වෛද්‍ය විද්‍යාව ලෙස නම් කර ඇති අතර එමගින් එදිනෙදා ජීවිතයේදී ඔබට අත්විඳීමට සිදුවන ලෙඩ රෝග එකසිය පනහකට (150) ආසන්න ප්‍රමාණයක්‌ සම්බන්ධව පුළුල් ලෙසත් එහෙත් ජනතාවට අවබෝධ කර ගත හැකි සරල ලෙසටත් කරුණු ඉදිරිපත් කිරීම කැපී පෙනෙයි.

රෝග රැසක ඉතිහාසය, ඒවා ඇතිවීම, වළක්‌වා ගැනීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව මෙම ග්‍රන්ථවලදී ඉතා හොඳින් විස්‌තර කර ඇත. දැනට වසංගතයක්‌ ලෙස පැතිරයන දියවැඩියාව, හෘදය ආශ්‍රිත රෝග, අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල්, ආදී රෝගවල සිට මාස්‌ශුද්ධිය අක්‍රමවත් වීම, අඩු වශයෙන් වැඩිවියට පත්වීම, පිළිකා රෝග, ළමයින්ට වැළදෙන පිළිකා රෝග, ළමයින්ගේ කායික සහ මානසික තත්ත්ව වර්ධනය සම්බන්ධව ද මෙම ග්‍රන්ථ පෙළේදී ඉතා කදිමට නාට්‍යානුචිතව විස්‌තර කර ඇත.

එන්සයිම, හෝර්මෝන, විටමින් යන රසායන සම්බන්ධව ද ගැබ් ගැනීමට පෙර සිටම දරු උපතකට තරුණ යුවළක්‌ සූදානම් විය යුතු අන්දමද මෙහි පරිච්ඡේද ගණනාවකම විස්‌තර කරයි. වෛද්‍ය විද්‍යාව යනු එක දවසකින් බිහිවූවක්‌ නොවෙයි. බටහිර වෛද්‍යවරුන්ගේ හෙට දවස වෙනුවට වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ උදෙසා බොහෝ මිනිසුන් ජීවිතය පූජා කළහ. ඔවුහු විවිධ වද වේදනාවලට මුහුණ දෙමින් බටහිර ඖෂධ නිපදවීමට අවශ්‍ය නිගමනයන් ලබා ගැනීමට අත්හදා බැලීමට පාත්‍ර වූහ. මෙවැනි අපුරු වෛද්‍ය විද්‍යාත්මක කරුණුද මෙම ග්‍රන්ථ මාලාවේ අන්තර්ගතය.

1993 වසරේදී විදුසර විද්‍යා සඟරාවට නිදහස්‌ විද්‍යා ලේඛකයකු ලෙස සම්බන්ධ වන විට වයස අවුරුදු 16 ක්‌වූ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා තංගල්ල රාහුල විද්‍යාලය හා වීරකැටිය රාජපක්‌ෂ විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන ලදී. ඉන් පසුව උසස්‌ පෙළ සමත්වී වෛද්‍ය පීඨයට ඇතුළ් වූ ඔහු 2003 වර්ෂයේ දී වෛද්‍යවරයකු ලෙස ප්‍රථම උපාධිය ලැබීය.

ඉන්පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨවලින් සහ ලන්ඩන් මෙටොපොලිටික්‌ සරසවියෙන් රෝහල් පරිපාලනය රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති (Masters) උපාධි තුනක්‌ අධ්‍යයනය කළ ඒ මහතා දැනට මැලේසියාවේ ඒෂියා සරසවියෙන් රෝහල් පරිපාලනය පිළිබඳ ආචාර්ය (PhD) උපාධිය හදාරමින් සිටියි.

විද්‍යාව සහ තාක්‌ෂණ අංශය කොතෙක්‌ දියුණු තලයක පැවතියද, තවමත් අප ගතානුගතික මිත්‍යා මතවාදයන්ට වහල්ව කටයුතු කරන බව සක්‌සුදක්‌ සේ පැහැදිලිව පෙනෙන්නට තිබෙයි. රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ පටන් කුඩා මිනිසා දක්‌වාම මෙම මිත්‍යා මතවාදයන්ගේ එල්බ සිටීම සුලභ හා හාස්‍යයට කරුණක්‌ වී ඇත.

මෙම ග්‍රන්ථ පෙළ ප්‍රකාශයට පත්කිරීමේ මුඛ්‍ය අරමුණ ලෙස කතුවරයා පෙන්වා දෙන්නේ බොහෝ රෝගාබාධයන් සම්බන්ධව රෝගියාට සහ පවුලේ ඥාතීන්ට කරුණු වෛද්‍යවරයාගෙන් විමසා දැන ගැනීමට පවතින අවස්‌ථා අඩුවීමක්‌. විවිධ මිත්‍යා මතිමතාන්තර මගින් සමාජය බූවල්ලකු ලෙස ඩැහැ ගැනීම වළක්‌වාළීමත්, රෝග ඇතිවීමට පෙර පූර්ව සූදානමට අවශ්‍ය දැනුම ලබාදීමත්ය. සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සිසුන්ට මෙන් සරසවි ප්‍රවේශය සමත් ජීව විද්‍යා සිසුන්ටත් අදාළ ක්‌ෂේත්‍රයේ ගුරුභවතුන්ටද මෙය අත්පොතක්‌ ලෙසද පරිහරණ කළ හැක. මීට අමතරව වෛද්‍ය පීඨවල අධ්‍යාපනය ලබන සිසුන්ටද මෙය උපකාරක ග්‍රන්ථ පෙළකිs.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ලෙස රාජකාරී කටයුතු සිදු කළ අතර දැනට කොළඹ වෛද්‍ය පීඨයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයට අනුබද්ධව විශේෂඥ වෛද්‍ය උපාධිය හදාරමින් සිටියි. ඒ මහතා ලංකා යුද්ධ හමුදාවේ විද්වත් වෘත්තික බලකායේ හමුදා නිලධාරිවරයකු ද වෙයි.

අද බටහිර ඖෂධ වෙළෙඳපොළ මාෆියාවක්‌ බවට පත්ව ඇති අන්දමද මෙම ග්‍රන්ථ මගින් විස්‌තර කර ඇත. දුම්පානයේ ආදිනව මෙන්ම, ජලභීතිකාව, රුබෙල්ලා, ඩෙංගු ආදී රෝග සම්බන්ධවද මෙහි සවිස්‌තරාත්මක කරුණු අන්තර්ගතය. බොහෝ රෝග සම්බන්ධව හුදු සරල වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමෙන් ඹබ්බට ගොස්‌ සමාජ විද්‍යාත්මක විශ්ලේෂණයන්ද රුසක්‌ මෙහි අන්තර්ගත කර ඇත. වෛද්‍ය චමල් සංජීව දශක දෙකකට අධික මාධ්‍ය භූමිකාව තුළ හුදු වෛද්‍යවරයකුගේ සීමාවෙන් ඔබටම ගොස්‌ සමාජ, ආර්ථික, දේශපාලනික විශ්ලේෂකයකු ලෙස මාධ්‍ය ක්‌ෂේත්‍රයේදී ලද අත්දැකීම් මේ කාර්යෙදී උපයෝගි කර ගෙන ඇත.

"මේ මගේa ළමයාගේ ලෝකය" වෛද්‍ය චමල් සංජීව විසින් රචිත සිව්වන සිංහල වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථයයි. මෙහිදී සිංහල වෛද්‍ය විද්‍යා සාහිත්‍යය තුළ ප්‍රථමවරට ළමා රෝග පණහකට අධික ප්‍රමාණයන් සම්බන්ධව සරල විග්‍රහයක යෙදෙයි. දරුවන් පතනා තරුණියන්ගේ සිට දරුවන් සිටින මව්වරුන් දක්‌වා සියලු දෙනාට මෙම ග්‍රන්ථය පරිශීලනය වැදගත් වන්නේ එහෙයිනි. දරුවා බිහිවීමට පෙර සිට තරුණ යුවලක්‌ ඊට මුහුණ දිය යුතු අන්දමත් ඉන් පසු දරුවා බිහි වූ පසුව තම යොවුන් අවදියට පත්වන තුරු ඔහු මුහුණ දෙන විවිධ කායික මානසික රෝග රුසක්‌ මෙහි විස්‌තර වන්නේ සරල නාට්‍ය භාෂාවකිනි. දරුවාගේ පපුවේ සිදුරු, පෙනහළු රෝග, හතිය, ළමා අවධියෙහි වැළදෙන පිළිකා රෝග ආදියේ පටන් දඩබ්බර ළමා අවදිය, අවේලාවේ මුත්‍රා පිට විම, හිතුවක්‌කාර ළමයින් බිහිවන අන්දම ළමයා පාතාල මැරයෙකු බවට පත්වන අන්දම ආදී සංවේදී කරුණු රුසක්‌ විද්‍යාත්මකව විග්‍රහ කර ඇත.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව විසින් රචිත පස්‌වන ග්‍රන්ථය "ජීවක රෝහලේ ක්‌ලිනික්‌ කාමරේය" 2000 දශකය ආරම්භයේදී විදුසර පුවත්පතහි පළවූ මෙම වෛද්‍ය විද්‍යාත්මක නාට්‍ය පෙළ ඉහළ ජනප්‍රියත්වයට පත් වූ අතර නූතන පරපුරට යළි කියවීමට දායාද වන්නේ ප්‍රථම වරට ලංකාවේ පැවති වෛද්‍ය විද්‍යාත්මක කෙටි කථා සංග්‍රහය ලෙසිනි. මෙහි රෝගී අවස්‌ථා සියයක්‌ සම්බන්ධව පුළුල්ව විස්‌තර වෙයි. රෝහලක සායනවලට පැමිණෙන රෝගීන් නිතර මුහුණ දෙන ගැටලු රුසක්‌ නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම මෙහි විශේෂත්වය වන අතර, ලංකාවේ සිංහල වෛද්‍ය විද්‍යාත්මක ග්‍රන්ථයක්‌ මේ අන්දමට රෝග සියයක්‌ ගැන විස්‌තර කෙරෙන පළමු අවස්‌ථාව ලෙසද මෙය ඉතිහාසයට එක්‌ වෙයි.

මෙම ග්‍රන්ථ පෙළ සාමාන්‍ය ජනතාව ඉලක්‌ක කොට ලියවුණාද, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ සිසුන්ට අධ්‍යාපන නිබන්ධන සඳහාද ගුරුභවතුන්ට අමතරව ඉගැන්වීම උපකරණයක්‌ ලෙසද, සරසවි පිවිසුම ලද සිසුන්ටත්, වෛද්‍ය පීඨ, හෙද හෙදි, මහජන සෞඛ්‍ය පරීක්‌ෂක ආදී විෂය ක්‍ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලද සිසුන්ට උපකාරක ග්‍රන්ථයක්‌ද වෙයි. සැබැවින්ම අතිශය සංකීර්ණ සමාජ වටපිටාවක ජීවත් වන අප මේ ග්‍රන්ථ පෙළ කියවිය යුතුව වන්නේ රෝග ඇති වීමට පෙර වළක්‌වා ගැනීමට ගැන දෙවරක්‌ සිතීමට කාලය බැවිනි. "ආරෝග්‍යා පරමා ලාභා" යි කියයි. කෙසේ වුවත් මෙරට සාහිත්‍ය ක්‌ෂේත්‍රයේ ගද්‍ය පද්‍ය රචනා කිරීමට ඇති අගය කිරීම වෛද්‍ය විද්‍යා සාහිත්‍යයට නොලැබීම ගැන කනගාටුවන අතර, මෙවන් විද්‍යා සාහිත්‍ය ග්‍රන්ථ විචාරකයන්ගේ අවධානයට යොමු විය යුතුව ඇත.

රුවන් ජයවර්ධන

book1

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:42 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:43 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:43 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:50 PM

gudaප්‍රශ්නය - අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ගුද්‍ර විද්‍රදි හටගන්නා බව පසුගිය සතියේදී ඔබ අපට විස්‌තර කළා. එසේම සැරව තිබෙන තත්ත්වයේ විද්‍රදියක්‌ පුපුරුවා හැරීම සඳහා යොදා ගත හැකි සරල ඖෂධ කිහිපයක්‌ ගැනත් විස්‌තර කළා. ගුද්‍රදියත් ලෙස සැක කරන අවස්‌ථාවක රෝග විනිශ්චය සිදුවිය යුත්තේ කොයි ආකාරයටද?

විශේෂඥ වෛද්‍ය ඒ. ඒ. ඡේ. පුෂ්පකුමාර - බාහිර ගුද්‍රදියක්‌ නම් ඇසට පෙනෙනවා. එහෙත් අභ්‍යන්තර ගුද්‍රදියක්‌ නම් එහෙම නැහැ. බොහෝවිට අභ්‍යන්තර ගුද්‍රදියක්‌ සහ අර්ශස්‌ ගෙඩි පටලවා ගන්නා අවස්‌ථා එනවා. එවැනි විටක අර්ශස්‌වලට බෙහෙත් කරන්නට ගියොත් විශාල අවුලක්‌ හට ගන්නවා. සමහර විට අර්ශස්‌ ගෙඩියක, එහෙමත් නැත්නම් විද්‍රදියක පෙනුම තිබෙන ගුදගත පිළිකාවක්‌ හටගන්න පුළුවන්. එය අර්ශස්‌ ගෙඩියක්‌ හැටියට හඳුනා ගත්තොත් මොකද වෙන්නේ? රෝග විනිශ්චය හරියට කරගත් විට ප්‍රතිකාර කිරීම එතරම් සංකීර්ණ කාරණයක්‌ වෙන්නේ නැහැ. ගුද විද්‍රදිය සහ අර්ශස්‌ රෝගය පටලවාගෙන අවුරුද්දක්‌ ප්‍රතිකාර ලබාගත් රෝගියෙක්‌ මට හමු වුණා. අර්ශස්‌ රෝගය සඳහා දෙන ඇතැම් ආලේප වර්ග සහ ඖෂධ ගුද විද්‍රදියට සුදුසු නැහැ. විශේෂයෙන්ම මෙහිදී අප සැළකිල්ලට ගත යුතු කාරණයක්‌ තිබෙනවා.

ගුද විද්‍රදිය හෝ අර්ශස්‌ ගෙඩි තිබෙන්නේ රෝගියාට පෙනෙන තැනක නොවෙයි.

ප්‍රශ්නය - ගුද පිළිකාවක්‌ කියන්නේ මොකක්‌ද?

වෛද්‍ය පුෂ්පකුමාර - ආහාර ජීර්ණ පද්ධතියේ අවසන් කොන වන ගුද විවරයෙහි හටගන්නා පිළිකාවක්‌ ලෙස ගුද පිළිකාව හැඳින්විය හැකියි. මෙය Malignant හෙවත් උග්‍ර එහෙමත් නැත්නම් මාරක පිළිකා තත්ත්වයක්‌.

ප්‍රශ්නය - මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වෛද්‍ය පුෂ්පකුමාර - ගුදය තුළ වේදනාවක්‌ හට ගැනීම, මළ පිට කිරීමේ ක්‍රියාවලියේ වෙනස්‌කම් හට ගැනීම, ගුදය ආශ්‍රිතව ගෙඩියක්‌ හට ගැනීම, එය කැසීම හෝ එතැනින් ස්‍රාවයක්‌ නිකුත් වීම හෝ එම කාරණා දෙකම සිදු වීම, ඇතැම් විට රුධිරය වහනය වීම යනාදිය මෙහි රෝග ලක්‍ෂණ ලෙස හැඳින්විය හැකියි. අර්ශස්‌ රෝගය වැළඳුනාමත් ගුද පිළිකාවට ආවේණික සමහර ලක්‍ෂණ පහළ වෙනවා. උදාහරණයක්‌ ලෙස මළ මාර්ගයෙන් රුධිරය පිටවීම දක්‌වන්නට පුළුවන්. මෙහිදි එම පිළිකාව, අර්ශස්‌ රෝගය හැටියට වරදවා වටහාගෙන බෙහෙත් කළොත් මොකද වෙන්නේ? රෝගය බරපතළ වී රෝගියා විශාල අමාරුවකට පත්වීම නේද සිදුවන්නේ?

ප්‍රශ්නය - මේ ලක්‍ෂණ සහිත ගුද පිළිකාවක්‌ අර්ශස්‌ රෝගයෙන් වෙන් කරගෙන ඔබ හඳුනා ගන්නේ කොහොමද?

වෛද්‍ය පුෂ්පකුමාර - මේ සඳහා ගුදගත පරීක්‍ෂාවක්‌ කළ යුතුයි. ගුද ගත පිළිකාවක හැඩය අක්‍රමවත්, ඒ වගේම එය ස්‌පර්ශ කරන විට ඝන ස්‌වභාවයකින් තමයි හසුවන්නේ. හරියටම ගල් මලක්‌ වගේ. ඒත් අර්ශස්‌ ගෙඩි එහෙම නැහැ. ඒවා රවුම්. ඝන ස්‌වභාවයත් එහි නැහැ.

ප්‍රශ්නය - එවිට ඔබ බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවද?

වෛද්‍ය පුෂ්පකුමාර - මූලික අවස්‌ථාවේදී නැහැ. එහෙත් අප තුළ කිසියම් සැකයක්‌ හට ගන්නවා නම් බයෝප්සි පරීක්‍ෂණයක්‌ කරනවා. ඊට අමතරව තවත් පරීක්‍ෂණ කිහිපයක්‌ කළ යුතුයි. මෙහිදී වැදගත් වන කාණයක තමයි ගුදගත පිළිකාව හරිහැටි හඳුනා ගැනීම.

සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5288055

guda1

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Jan 2018 05:58 PM

rock* මුත්‍රා ගල් වර්තමානයේ දැවෙන ප්‍රශ්නයක්‌. කොහොමද මේ රෝගය ඇතිවන්නේ?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායකඃ-

ශරීරයේ අධික උෂ්ණාධිකභාවය මෙම රෝගය වැළඳීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස දැක්‌විය හැකියි. ඒ වගේම මුත්‍රා සහ ශුක්‍ර වේග ධාරණය, උෂ්ණාධික ආහාර අධික ලෙස ගැනීම, අධිකව දහදිය පිටවන සේ ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම ද මෙම රෝගය වැළඳීමේ ප්‍රධාන හේතූන් ලෙස පැවසිය හැකියි.

* මෙහි රෝග ලක්‍ෂණ පිළිබඳ කතා කළොත්?

ආයුර්වේද වෛද්‍ය රන්නපත රුවන් රත්නායක මහතා - මුත්‍රා පිටකිරීමේදී අධික වේදනාවක්‌ ඇතිවීම එම වේදනාව තුනටිය ප්‍රදේශයෙන් ඇරැඹී කලවා සහ ඉකිළි ප්‍රදේශ දක්‌වා වර්ධනය වීම දැක්‌විය හැකියි. විශේෂයෙන් මුත්‍රා ගල් හටගැනීම වැඩිපුර සිදුවන්නේ පිරිමි පාර්ශ්වයටයි. අණ්‌ඩ කෝෂ එල්ලා වැටීම, තුනටිය ප්‍රදේශයේ එක්‌ පැත්තකට වන්නට තද කැක්‌කුම් ද ඇතිවිය හැකියි.

බඩ දැවිල්ල කළවා ප්‍රදේශයේ සිට පාදවල පතුළ කොටස දක්‌වා හිරිවැටීමද ඇතිවිය හැකියි. මුත්‍රා පිටකිරීමේදී තද කහ පැහැයෙන් පිටවීම, මුත්‍රා සමග රුධිරය පිටවීම, ආහාර ගැනීමේ අපහසුතා ඇතිවීම ශරීරය වෙව්ලන ස්‌වභාවයක්‌ ඇතිවීම ශුක්‍ර නාල අවහිර වීමෙන් ශුක්‍ර ස්‌ඵටික ඇතිවී මුත්‍රා නාලවල සිරවීම, මුත්‍රා ගල් පිටවීම දක්‌වා වූ විවිධ රෝග ලක්‍ෂණ මෙවැනි රෝගීන්ට ඇතිවිය හැකියි.

මුත්‍රා මාර්ගය හරහා පිටවන ගල්වල ස්‌වභාවය අනුව මුත්‍රා මාර්ගය තුවාල වීමද සිදුවිය හැකියි. එවිට මුත්‍රා සමග ලේ පිටවීමක්‌ දැකිය හැකි වෙනවා. මුත්‍රා මාර්ගය ඉදිමීම ලිංගය ආශ්‍රිතව අධික වේදනාව ඇතිවීමද මුත්‍රා කිරීමට අවශ්‍යතාවක්‌ ඇති වුවත් මුත්‍රා පිටනොවීම වැනි හේතූන් ද රෝග ලක්‍ෂණ ලෙස පෙන්වාදිය හැකියි.

* මුත්‍රා ගල් මෙන්ම පිත්තාශයේ ගල් ඇතිවීමද සිදුවෙනවා. මේ පිළිබඳ විස්‌තර කළොත්?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - බොහෝ විට මෙම රෝගය වැඩිපුරම දකින්න ලැබෙන්නේ කාන්තාවන් ආශ්‍රිතවය. මෙම රෝගය ඇතිවීමේදී උදරයේ දකුණු පැත්තේ හටගන්නා වේදනාවක්‌ පිටකොන්ද ප්‍රදේශය දක්‌වා පැතිරීම සිදුවේ. එවැනි රෝගීන්ට මුත්‍රා ගල් රෝගීන්ට මෙන් එම වේදනාව තුනටිය ආශ්‍රිත කැක්‌කුම් දක්‌වා වර්ධනය නොවේ. ඇතැම් අවස්‌ථාවල පිත්තාශයේ හටගන්නා ගල් පිත්ත නාල ඔස්‌සේ පහළ බඩවැල දක්‌වා ගමන් කිරීමේදී විවිධාකාර පීඩාවන් ඇති වීමට හැකිය. ශරීරය සීතල වීම, වමනය, වෙව්ලීම පිත උගුරට ඒම, ඇතැම් අයට සෙංගමාල රෝගය ඇතිවීමද විය හැකියි.

* පිත්තාශයේ ගල් ඇතිවීමට බලපාන හේතු මොනවාද?

rock1ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ අක්‍රමිකතාවන් සහ විවිධ වැරැදි ආහාර වර්ග මේ සඳහා මූලික විය හැකියි. වැරදි ආහාර ගැනීමෙන් ඇතිවන රසායනික සංයෝගයන්ගේ ප්‍රතිඵලයක්‌ ලෙසින් හටගන්නා ඔක්‌සලේට්‌ පදාර්ථය ද මීට හේතුවිය හැකියි.

* මෙවැනි රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම මොනවාද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා - මෙම රෝග ඇතිවීමට බලපාන ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන දුර්වලතාවන් නිවැරැදි ලෙස සොයා බලා ආහාර ජීර්ණයේ විෂමතාවන් ඉවත් කිරීමේ ප්‍රතිකාර ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් වකුගඩු තුළින් මුත්‍රා පෙරීමේ කටයුතු නිවැරැදිව සිදුකෙරෙන අතර පිත්තාශයේ ඇතිවන අසාත්මිකතාද දුරුවී යනු ඇත. ඒ අනුව කිසිදු අතුරු ආබාධවලට ලක්‌ නොවී රෝග සුවකර ගැනීමේ අවස්‌ථාව රෝගීන්ට ලැබෙනු ඇත.

ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රන්පත වෙද පරම්පරාවෙන් පැවතෙන විශේෂ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම අප සතුව පවතින නිසා මෙම රෝග මෙන්ම ඕනෑම වෙනත් රෝගාබාධයන් ද නිට්‌ටාවටම සුව කිරීමේ ඖෂධ අප සතුව පවතී.

0
You are not authorized to post a reply.
Page 88 of 137 << < 8687888990 > >>