You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Aug 2019 08:22 PM by  indika76
ඔබේ දැනුවත්වීම සඳහා - පුංචි දෝනි ගේ අවබෝධය
 80 Replies
Sort:
Page 3 of 5 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Jun 2016 02:37 AM
  •  Quote
  •  Reply
කොහොම හරි රිඳී හැන්ද හම්බ උනානේ කියල හිත හදා ගන්නැති නේද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
30 Jun 2016 03:08 AM
  •  Quote
  •  Reply
අම්මගේ සැකය ඔප්පු වෙනවා නේද ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
30 Jun 2016 06:25 AM
  •  Quote
  •  Reply
මාර පුතෙක් තමයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
08 Jul 2016 01:44 AM
  •  Quote
  •  Reply
ඇත්තටම අම්මලගෙ මොල තමා මොල
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
03 Oct 2018 01:35 PM
  •  Quote
  •  Reply
කොලොම්බියාවේ පාරවල් දිගේ කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ.

(උපුටා ගැනීමකි)

කොලොම්බියාවේ පාරවල් දිගේ කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ අඳුනනවද? සුදු හීන්දෑරි ජොසේ ඇල්බර්ටෝ කියන්නේ ඔබ දැනගන්නට ඕනැ මනුස්සයෙක්.

ඉස්කෝලේ හතර වසරට විතරක් ඉගෙනගත්ත ජොසේ අද පාසල් වලට ගිහින් දේශන තියනවා. පොත් කියවීමේ වැදගත්කම ගැන. ඔහු කියනවා තමන්ගේ ජීවිතය වෙනස් වුන විදිහ ගැන.

“පාරේ එකතු වෙච්ච කුණුත් එක්ක දවසක් පොතක් ඇවිල්ලා තිබ්බා .ඒ ලියෝ ටෝල්ස්ටෝයි ගේ ඇනා කැරනිනා. මට එක පාරටම මතක් වුනේ අම්මාව. පුංචි කාලේ අම්මා ඔය පොත මට ඇහෙන්න කියවනවා. පස්සේ මම පාරට කුණු විදිහට දාන පොත් එකතු කරන්න පටන් ගත්තා.”

කුණු බක්කියට දමපු පොත් එකතු කරපු ජොසේ කියන්නේ ඒවා වචනවල ශක්තිය කියලා. අද ඔහු කොලොම්බියාවේ බෝගාටා වල විතරක් නෙවි රට තුල නොමිලේ දරුවන්ට පොත් දෙන පුස්තකාල දහ අටක අයිතිකාරයෙක්.

හරි අපූරුයි නේද? අකුරු නොදත් කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ රටේම දරුවන්ව අකුරු කියලා දෙනවා. හරියට අර මහගමසේකර මහත්තයාගේ අම්මා වගේ.

“ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුධය
අල්ලාගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා නුඹය.”

ගමේ පන්සල පාළුවට යද්දි මිනිස්සු අසපු ගානේ යන්නේ ඉක්මනින් නිර්වාණයට යන්න. සියගාණක් පොත් සාප්පු පසුකරගෙන තෙල් ගහගෙන බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට එන දරුවෝ නූඩ්ල්ස් කාලා, බීමත් බීලා, පොතුත් අරගෙන යන්න යනවා. ආපසු ලබන අවුරුද්දෙත් එනවා. එතකොට අර ගෙනියපු පොත් ?

ඒ පොත් වලට මුකුත් වෙන්නේ නෑ. ඒවා පොත් රාක්කවල එහෙමම තියනවා.

හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් එකපාරක් යනවා සංගීතඥයකු වෙච්ච මොරිස් මෙල්ශියර්ව මුණගැහෙන්න. ඒ තමන්ගේ මරණයේ ඉදිරි කටයුතු ගැන කතා කරන්න. හැන්ස් ක්‍රිස්ටියන් තම හිත මිතුරු සංගීතඥයාගෙන් ඉල්ලීමක් කරනවා මලගෙදර සංගීතය ගැන.

"මගේ දේහය ගෙනියන විට කුඩා ළමයි දහස් ගණනක් මා පසුපස ඒවි. ඒ නිසා ඔවුන්ට අඩිය තියන්න පහසු වෙන විදිහේ සංගීතයක් යොදා ගන්න."

ඔබට මතකද හැන්ස් ක්‍රිස්ටියන්ගේ අවලස්සන තාර පැටියා. එතකොට අර දියකිඳුරියකට ආදරය කරන කුමාරයෙක් ගේ කතාව. අපි විතරයි වෙනස් වෙලා තියෙන්නේ. තාමත් පුංචිම පුංචි දරුවන් ඉන්නේ හැන්ස් ක්‍රිස්ටියන්ලා හදපු සුරංගනා ලෝකවල පිනුම් ගහගහා.

මිනිසුන්ට මිනිස්සු විදිහට මේ පොළව මත සිටගන්න දැනුම අවශ්‍ය දෙයක්. එහෙම නැති වුනොත් සමාජගත වෙන්න අමාරුයි. නිකමට හිතලා බලන්න අ.පො.ස සාමාන්‍ය පෙළ කරන පිරිමි දරුවෙක් ගැන. අපි ඒ දරුවාට සමන් කියලා කියමු. ඒ වයසේදී සමන් කතා කරන්නේ ගැහැණු ළමයි ගැන. එතකොට උසස් පෙළ කරන කොටත් යහළුවෝ එකතු වුනාම සමන්ට ගැහැණු ළමයි ගැන කතා කර කර ඉන්න පුළුවන්. සමන් ටික ටික ලොකු වෙනවා. දැන් වයස අවුරුදු තිස්පහයි. කසාද බැඳලා ළමයිනුත් ඉන්නවා. දැන් සමන්ට සමාජගත වෙන්න දැනුම ඕනැ. ඉස්කෝලෙදි ගැහැණු ළමයි ගැන කතා කර කර හිටපු සමන්ට දැන් සමාජගත වෙන්න ක්‍රමයක් නෑ. ඒ කියන්නේ සමන් දැන් අසම්පූර්ණයි.

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කියන්නේ ඔන්න ඕකට.

සත පහක් වත් ගන්නේ නැතුව අපව ඉස්කෝලේ යවපු කන්නන්ගර මහත්තයාවත් ඊලඟ ඡන්දෙන් ගෙදර යවපු අසිරිමත් ජාතියක් අපි. එතකොට මනමේ ලියපු එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයට අපේ අභීත රජ දරුවෝ සැලකුවේ කාණුවේ දමාගෙන. සුනිල් මාධව එක තැනකදි කියනවා ප්‍රේමදාස ආණ්ඩුවෙන් මම මරාදමපු නැතිඑක හරිපුදුමයි කියලා. ප්‍රධාන කතාව යටයන්නේ හැම තිස්සෙම අතුරු කතා නිසා.අන්න ඒ නිසා ඕපදූප කියවන එක පැත්තකින් තියලා මම එනවා ප්‍රධාන කතාවට.

ඇයි අපේ මිනිස්සු කියවන්නේ නැත්තේ?

නිකමට හිතලා බලන්න සුද්දෙක් ගැන. ඔය සුද්දා ලංකාවේ වටේම ගියත් යන්නේ පරිසරය රසවිඳිමින්. එහෙම නැත්නම් පොතක් කියව කියවා. සිතියම් පොත ලඟ තබාගෙන තොරතුරු හොය හොයා. එතකොට අපි හුඟදෙනෙක් දුර ගමනක් යන්නේ එක්කෝ ළඟ ඉන්න මනුස්සයෙක් එක්ක වාචාල කියවා කියවා, නැත්නම් කර ඇරගෙන හොඳටම නිදාගෙන.

තාත්තාගේ අම්මාගේ සපත්තු සෙරෙප්පු දමාගෙන බර අඩි තිය තියා ගේ ඇතුලේ ඇවිදින පුංචි දරුවෝ ඕනැතරම්. ඒ දරුවෝ අනුකරණය කරන්නේ අම්මාව තාත්තාව. දැන් ප්‍රශ්නය තියෙන්නේ දරුවන්ට පොත් කියවීමේදී අනුකරණය කරන්නේ කාවද කියන එක. අපි දරුවන්ට කියවන්න....... කියවන්න……. කියලා කිව්වව වැඩක් වෙන්නේ නෑ. පොත් රාක්ක පිරෙන්න පොත් අරන් දුන්නත් ඇති වැඩක් නෑ. අපි වැඩිහිටියෝ විදිහට කියවන්නේ නැති නම්.

විලාසිතා කොච්චර කලත් අපිට විලාසයක් නෑ Fashion සහ Style කියන්නේ එකක් නෙවි දෙකක්. ගිය සතියේ මාත් දරුවන්ගේ කරදරේ නිසා BMICH ගියා. මම යන්න ඉස්සෙල්ලම චූටි දුවට කිව්වා මේක මහ බොරු වැඩක් කියලා, පොලේ ගිහින් එළවළු ගන්න වගේ පොත් ගන්න බෑ කියන දේ. පොත් එක්කම මුළු ලෝකයම විනාශ වෙයි කියලා ඉන්න අය හරිම හදිස්සියෙන් පොත් පිටකවරයෙන් තෝරන්නේ.මේ පාරත් ඒ දරුවට තේරුම් ගියේ ඇතුලට ආවට පස්සේ. ඊට පස්සේ අයිස් ක්‍රීම් කාලා ගෙදර ආවා.

ඔය මේ අවුරුද්ද. එතකොට ගිය අවුරුද්දෙත් වුනේ ඕකම තමයි. දැන් සමහර දරුවෝ හිතන්න අරගෙන බුක් ෆෙයා නොගියොත් ඒක හරි මදිකමක් කියලා.

අම්මා ලියපු මැක්සිව් ගෝර්කි කියනවා බේබද්දට වොඩ්කා වගේ තමයි මට පොත් කියලා.

අවශ්‍ය වෙන්නේ මේ සමාජය පොත් කියවන්න මතවාදී ඇබ්බැහිකමක් කරවන එක. තමන්ටත් නොපෙනෙන තමන්ගේ පස්ස පැත්ත කන්දක් උඩට ගිගින් ෆොටෝ ගහලා හැමෝටම පේන්න සමාජගත කරන ඉතිහාසය නොදත් දරුවෝ ඉන්න රටක් මේක. කුහුඹියෝ නොතේරෙන දෙවැනි ඉනිම තේරෙන රසවින්දන සමාජයක් මේක. ඔය මොන ප්‍රතිවිරෝධතා තිබ්බත් දරුවන්ව කියවන්න උපක්‍රමශීලීව පුරුදු කරන එක හැම දෙමව්පියන්ගේම වගකීම.

මම දහය වසර පන්තියේ ඉන්න කොට ජොන් වැල් ජොන් සම්බන්ධයෙන් තිබ්බේ අපහැදිලි කැමැත්තක්. ඊරියගොල්ල මහත්තයා සිංහලයට පරිවර්තනය කරපු මනුතාපයේ ජොන් කරන්නේ පාන් ගෙඩියක් හොරකන් කරන එක. ඒ බඩගින්නට. කතාව ගලා යන්නේ එතනින්. ඔය හැමදේම කියවීම වැඩිවීමට හේතුවක්.

ලංකාවේ හොඳම පුස්තකාලවලින් එකක් තමයි පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ. හැබයි කවුද පොත් කියවන්නේ. ඉස්සර මම ඉන්න කාලෙත් හැමදාම පුස්තකාලය ඇතුලේදි හම්බවෙන්නේ මන්ත්‍රීවරු ටික දෙනෙක් විතරයි .තමන්ව පාලනය කිරීමට ගමේ ඉන්න සාමාන්‍ය පෙළ අසමත් හොඳම රස්තියාදු කාරයාව පාර්ලිමේන්තුවට යවලා ඒ මනුස්සයා පොත් කියවයි කියලා අහිංසක බලාපොරොත්තු තියා ගන්න එකත් බොරු වැඩක්.

දැන් ආපහු මාතෘකාව. සමස්ථයේම සාරාංශය එක ඡේදයකට අරගෙන ලිව්වොත් කියන්න තියෙන්නේ මෙච්චරයි. දරුවන්ට කියවන්න කියවන්න කියලා කෑගැහුවට වැඩක් නෑ. දෙමව්පියන් විදිහට දරුවන්ට පේන්න ඔබ පොත්, පත්තර කියවන්න. අඩුම තරමේ ඉරිදා සතිඅන්ත පත්තරේවත්. ටිකෙන් ටික දරුවෝ ඔබව අනුකරණය කරනවා. මේ කියන්නේ අත් දැකීමෙන්.

දැන් අවසානය. හුඟ දෙනෙක් කතා කරලා කියනවා මේ තීරු ලිපි පොතක් විදිහට පල කරන්න කියලා. මම එක පාරක් එහෙම කළා 2013 ලෝක ගුරු දිනයට අම්මාට තාත්තාට උගන්වපු ගුරුවරුන්ට උපහාරයක් ලෙස. මට ආයිමත් එහෙම අදහසක් තියනවා. හැබැයි පොතේ මිල හුඟක් වැඩියි. මිල කීයද දන්නවාද? මිල තමයි පොත කියවීම. ඒ කියන්නේ මම උත්සාහයක නිරත වෙනවා. කියවන්න කැමති දරුවන්ට, පුස්තකාලවලට වගේම ඔබටත් මේ පොත ගිය වර වගේම නොමිලේ දෙන්න .මතු යම් දවසක ඔබ ඒ පොත අවසානය දක්වාම ඔබේ කාලය මිඩංගු කර පොත කියවලා අන්න ඒ පොතට මිලක් දෙන්න.

වපුරන්න කලින් පොළව හදන්න ඕනැ වගේම තමයි සමාජගත වෙන්න දැනුම ලබා ගන්න පොත පත කියවන්න ඕනැ.

(උගතෙකු..සාර්ථක ව්‍යාපාරිකයෙකු....දුරදක්නා නුවණකින් යුත්  මනුෂ්‍යත්වයෙන් පොහොසත් නිර්මල කොතලාවල මනත්මාගේ නිළ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී )

-ස්තුතියි-

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
03 Oct 2018 05:38 PM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියේ මේ ලිපියට...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
03 Oct 2018 06:19 PM
  •  Quote
  •  Reply
අද කාලෙ කා අතිනුත් වෙන වැරදි ගොඩක් ලස්සනට පැහැදිළි කරල .......

හිතට වැදුනු තැන් කීපයක්ම තිබුන....

ගොඩාක් ස්තුතියි ඉමල්ක අය්ය මේ වගේ වැදගත් ලිපි ගේන එකට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Oct 2018 08:50 PM
  •  Quote
  •  Reply
බොහොම වැදගත් ලිපියක්.

විනාඩි කිහිපයකින් පොතක් තෝරාගන්න බැහැ. නමුත් මම නම් දකින්නෙ බුක් ෆෙයාර් එක හොඳ දෙයක් විදිහට. අවුරුද්දෙන් සම්පුර්ණ දවසක් ඒ සඳහා මම වෙන් කරනවා. වසර දහයකට අධික කාලයක් නොකඩවා මම මේ සංධා සහභාගී වෙලා තියෙනව. පොත් අතරේ පීරලා දරුවන්ටත් අපටත් අවුරුද්දටම අවශ්‍ය පොත් ගන්නවා. උදේ ඉඳන් රෑ වෙනකන්. එයින් හිතට ලොකු වෙනසක් සහනයක් දැනෙනවා. එදා දවසම පොත් අතරේ රැඳෙන්න ලැබෙන නිසා. ගෙන් පොත් වලින් 90% වඩා පරිහරණය කරනවා මුළු අවුරුද්ද පුරාම. රැල්ලට නොව අවබෝධයෙන් යනවා නම් මේ පොත් ප්‍රදර්ශනය ඉතා වටිනා එකක් කාට උනත්.

මෙහි සඳහන් අනෙත් බොහෝ කරුණු වලට එකයි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
09 Jun 2019 04:21 PM
  •  Quote
  •  Reply

ඇත්තටම අපි කොහේද වරද්දාගත්තේ ?

මට කිසිදා ශිල්ප හදාරන්නට වරම් නොලැබුනත් මේ ගුරු උතුමන්ගෙන් බොහෝ දේ උගතෙමි. තිස්ස ජනනායක ගුරුතුමනි ඕනට මගේ උපහාරය 

21 වෙනිදා ප්‍රහාරය හා වහාබ් වාදය ගැන ඔබට අපැහැදිලිනම් නොපමාව අසන්න........යොවුන් හදවත් වලට සත්‍ය පැහැදිලි ලෙස අවබෝධ කරදීමත් ලොකු පුන්‍යකර්මයක් නොවන්නේද ?

--මොන දේ කරන්නත් අපිට රටත් තියෙන්න ඕනා-- 

උපුටා ගැනීම තිස්ස ජානනායක මහත්මාගේ youtube චැනලයෙනි. 

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
09 Jun 2019 08:16 PM
  •  Quote
  •  Reply
ඉගැන්වීමේ මෙහෙයට එහා ගිය රට වෙනුවෙන් වැඩක් කරන වටිනා ගුරුතුමෙක්.......

අද රටට මේ වගේ අය අවශ්‍යම කාලයක්නේ......
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
09 Jun 2019 10:23 PM
  •  Quote
  •  Reply
මේක පස්සෙ බලන්න ඕන නිදහස් වෙලාවක.
ස්තුතියි ඉමල්ක අය්යෙ
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
12 Jun 2019 08:39 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 03 Oct 2018 01:35 PM
කොලොම්බියාවේ පාරවල් දිගේ කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ.

(උපුටා ගැනීමකි)

කොලොම්බියාවේ පාරවල් දිගේ කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ අඳුනනවද? සුදු හීන්දෑරි ජොසේ ඇල්බර්ටෝ කියන්නේ ඔබ දැනගන්නට ඕනැ මනුස්සයෙක්.

ඉස්කෝලේ හතර වසරට විතරක් ඉගෙනගත්ත ජොසේ අද පාසල් වලට ගිහින් දේශන තියනවා. පොත් කියවීමේ වැදගත්කම ගැන. ඔහු කියනවා තමන්ගේ ජීවිතය වෙනස් වුන විදිහ ගැන.

“පාරේ එකතු වෙච්ච කුණුත් එක්ක දවසක් පොතක් ඇවිල්ලා තිබ්බා .ඒ ලියෝ ටෝල්ස්ටෝයි ගේ ඇනා කැරනිනා. මට එක පාරටම මතක් වුනේ අම්මාව. පුංචි කාලේ අම්මා ඔය පොත මට ඇහෙන්න කියවනවා. පස්සේ මම පාරට කුණු විදිහට දාන පොත් එකතු කරන්න පටන් ගත්තා.”

කුණු බක්කියට දමපු පොත් එකතු කරපු ජොසේ කියන්නේ ඒවා වචනවල ශක්තිය කියලා. අද ඔහු කොලොම්බියාවේ බෝගාටා වල විතරක් නෙවි රට තුල නොමිලේ දරුවන්ට පොත් දෙන පුස්තකාල දහ අටක අයිතිකාරයෙක්.

හරි අපූරුයි නේද? අකුරු නොදත් කුණු ට්‍රැක්ටරය එලවපු ජොසේ රටේම දරුවන්ව අකුරු කියලා දෙනවා. හරියට අර මහගමසේකර මහත්තයාගේ අම්මා වගේ.

“ගල්වා හිසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුධය
අල්ලාගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා නුඹය.”

ගමේ පන්සල පාළුවට යද්දි මිනිස්සු අසපු ගානේ යන්නේ ඉක්මනින් නිර්වාණයට යන්න. සියගාණක් පොත් සාප්පු පසුකරගෙන තෙල් ගහගෙන බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට එන දරුවෝ නූඩ්ල්ස් කාලා, බීමත් බීලා, පොතුත් අරගෙන යන්න යනවා. ආපසු ලබන අවුරුද්දෙත් එනවා. එතකොට අර ගෙනියපු පොත් ?

ඒ පොත් වලට මුකුත් වෙන්නේ නෑ. ඒවා පොත් රාක්කවල එහෙමම තියනවා.

හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් එකපාරක් යනවා සංගීතඥයකු වෙච්ච මොරිස් මෙල්ශියර්ව මුණගැහෙන්න. ඒ තමන්ගේ මරණයේ ඉදිරි කටයුතු ගැන කතා කරන්න. හැන්ස් ක්‍රිස්ටියන් තම හිත මිතුරු සංගීතඥයාගෙන් ඉල්ලීමක් කරනවා මලගෙදර සංගීතය ගැන.

"මගේ දේහය ගෙනියන විට කුඩා ළමයි දහස් ගණනක් මා පසුපස ඒවි. ඒ නිසා ඔවුන්ට අඩිය තියන්න පහසු වෙන විදිහේ සංගීතයක් යොදා ගන්න."

ඔබට මතකද හැන්ස් ක්‍රිස්ටියන්ගේ අවලස්සන තාර පැටියා. එතකොට අර දියකිඳුරියකට ආදරය කරන කුමාරයෙක් ගේ කතාව. අපි විතරයි වෙනස් වෙලා තියෙන්නේ. තාමත් පුංචිම පුංචි දරුවන් ඉන්නේ හැන්ස් ක්‍රිස්ටියන්ලා හදපු සුරංගනා ලෝකවල පිනුම් ගහගහා.

මිනිසුන්ට මිනිස්සු විදිහට මේ පොළව මත සිටගන්න දැනුම අවශ්‍ය දෙයක්. එහෙම නැති වුනොත් සමාජගත වෙන්න අමාරුයි. නිකමට හිතලා බලන්න අ.පො.ස සාමාන්‍ය පෙළ කරන පිරිමි දරුවෙක් ගැන. අපි ඒ දරුවාට සමන් කියලා කියමු. ඒ වයසේදී සමන් කතා කරන්නේ ගැහැණු ළමයි ගැන. එතකොට උසස් පෙළ කරන කොටත් යහළුවෝ එකතු වුනාම සමන්ට ගැහැණු ළමයි ගැන කතා කර කර ඉන්න පුළුවන්. සමන් ටික ටික ලොකු වෙනවා. දැන් වයස අවුරුදු තිස්පහයි. කසාද බැඳලා ළමයිනුත් ඉන්නවා. දැන් සමන්ට සමාජගත වෙන්න දැනුම ඕනැ. ඉස්කෝලෙදි ගැහැණු ළමයි ගැන කතා කර කර හිටපු සමන්ට දැන් සමාජගත වෙන්න ක්‍රමයක් නෑ. ඒ කියන්නේ සමන් දැන් අසම්පූර්ණයි.

කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියලා කියන්නේ ඔන්න ඕකට.

සත පහක් වත් ගන්නේ නැතුව අපව ඉස්කෝලේ යවපු කන්නන්ගර මහත්තයාවත් ඊලඟ ඡන්දෙන් ගෙදර යවපු අසිරිමත් ජාතියක් අපි. එතකොට මනමේ ලියපු එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයට අපේ අභීත රජ දරුවෝ සැලකුවේ කාණුවේ දමාගෙන. සුනිල් මාධව එක තැනකදි කියනවා ප්‍රේමදාස ආණ්ඩුවෙන් මම මරාදමපු නැතිඑක හරිපුදුමයි කියලා. ප්‍රධාන කතාව යටයන්නේ හැම තිස්සෙම අතුරු කතා නිසා.අන්න ඒ නිසා ඕපදූප කියවන එක පැත්තකින් තියලා මම එනවා ප්‍රධාන කතාවට.

ඇයි අපේ මිනිස්සු කියවන්නේ නැත්තේ?

නිකමට හිතලා බලන්න සුද්දෙක් ගැන. ඔය සුද්දා ලංකාවේ වටේම ගියත් යන්නේ පරිසරය රසවිඳිමින්. එහෙම නැත්නම් පොතක් කියව කියවා. සිතියම් පොත ලඟ තබාගෙන තොරතුරු හොය හොයා. එතකොට අපි හුඟදෙනෙක් දුර ගමනක් යන්නේ එක්කෝ ළඟ ඉන්න මනුස්සයෙක් එක්ක වාචාල කියවා කියවා, නැත්නම් කර ඇරගෙන හොඳටම නිදාගෙන.

තාත්තාගේ අම්මාගේ සපත්තු සෙරෙප්පු දමාගෙන බර අඩි තිය තියා ගේ ඇතුලේ ඇවිදින පුංචි දරුවෝ ඕනැතරම්. ඒ දරුවෝ අනුකරණය කරන්නේ අම්මාව තාත්තාව. දැන් ප්‍රශ්නය තියෙන්නේ දරුවන්ට පොත් කියවීමේදී අනුකරණය කරන්නේ කාවද කියන එක. අපි දරුවන්ට කියවන්න....... කියවන්න……. කියලා කිව්වව වැඩක් වෙන්නේ නෑ. පොත් රාක්ක පිරෙන්න පොත් අරන් දුන්නත් ඇති වැඩක් නෑ. අපි වැඩිහිටියෝ විදිහට කියවන්නේ නැති නම්.

විලාසිතා කොච්චර කලත් අපිට විලාසයක් නෑ Fashion සහ Style කියන්නේ එකක් නෙවි දෙකක්. ගිය සතියේ මාත් දරුවන්ගේ කරදරේ නිසා BMICH ගියා. මම යන්න ඉස්සෙල්ලම චූටි දුවට කිව්වා මේක මහ බොරු වැඩක් කියලා, පොලේ ගිහින් එළවළු ගන්න වගේ පොත් ගන්න බෑ කියන දේ. පොත් එක්කම මුළු ලෝකයම විනාශ වෙයි කියලා ඉන්න අය හරිම හදිස්සියෙන් පොත් පිටකවරයෙන් තෝරන්නේ.මේ පාරත් ඒ දරුවට තේරුම් ගියේ ඇතුලට ආවට පස්සේ. ඊට පස්සේ අයිස් ක්‍රීම් කාලා ගෙදර ආවා.

ඔය මේ අවුරුද්ද. එතකොට ගිය අවුරුද්දෙත් වුනේ ඕකම තමයි. දැන් සමහර දරුවෝ හිතන්න අරගෙන බුක් ෆෙයා නොගියොත් ඒක හරි මදිකමක් කියලා.

අම්මා ලියපු මැක්සිව් ගෝර්කි කියනවා බේබද්දට වොඩ්කා වගේ තමයි මට පොත් කියලා.

අවශ්‍ය වෙන්නේ මේ සමාජය පොත් කියවන්න මතවාදී ඇබ්බැහිකමක් කරවන එක. තමන්ටත් නොපෙනෙන තමන්ගේ පස්ස පැත්ත කන්දක් උඩට ගිගින් ෆොටෝ ගහලා හැමෝටම පේන්න සමාජගත කරන ඉතිහාසය නොදත් දරුවෝ ඉන්න රටක් මේක. කුහුඹියෝ නොතේරෙන දෙවැනි ඉනිම තේරෙන රසවින්දන සමාජයක් මේක. ඔය මොන ප්‍රතිවිරෝධතා තිබ්බත් දරුවන්ව කියවන්න උපක්‍රමශීලීව පුරුදු කරන එක හැම දෙමව්පියන්ගේම වගකීම.

මම දහය වසර පන්තියේ ඉන්න කොට ජොන් වැල් ජොන් සම්බන්ධයෙන් තිබ්බේ අපහැදිලි කැමැත්තක්. ඊරියගොල්ල මහත්තයා සිංහලයට පරිවර්තනය කරපු මනුතාපයේ ජොන් කරන්නේ පාන් ගෙඩියක් හොරකන් කරන එක. ඒ බඩගින්නට. කතාව ගලා යන්නේ එතනින්. ඔය හැමදේම කියවීම වැඩිවීමට හේතුවක්.

ලංකාවේ හොඳම පුස්තකාලවලින් එකක් තමයි පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ. හැබයි කවුද පොත් කියවන්නේ. ඉස්සර මම ඉන්න කාලෙත් හැමදාම පුස්තකාලය ඇතුලේදි හම්බවෙන්නේ මන්ත්‍රීවරු ටික දෙනෙක් විතරයි .තමන්ව පාලනය කිරීමට ගමේ ඉන්න සාමාන්‍ය පෙළ අසමත් හොඳම රස්තියාදු කාරයාව පාර්ලිමේන්තුවට යවලා ඒ මනුස්සයා පොත් කියවයි කියලා අහිංසක බලාපොරොත්තු තියා ගන්න එකත් බොරු වැඩක්.

දැන් ආපහු මාතෘකාව. සමස්ථයේම සාරාංශය එක ඡේදයකට අරගෙන ලිව්වොත් කියන්න තියෙන්නේ මෙච්චරයි. දරුවන්ට කියවන්න කියවන්න කියලා කෑගැහුවට වැඩක් නෑ. දෙමව්පියන් විදිහට දරුවන්ට පේන්න ඔබ පොත්, පත්තර කියවන්න. අඩුම තරමේ ඉරිදා සතිඅන්ත පත්තරේවත්. ටිකෙන් ටික දරුවෝ ඔබව අනුකරණය කරනවා. මේ කියන්නේ අත් දැකීමෙන්.

දැන් අවසානය. හුඟ දෙනෙක් කතා කරලා කියනවා මේ තීරු ලිපි පොතක් විදිහට පල කරන්න කියලා. මම එක පාරක් එහෙම කළා 2013 ලෝක ගුරු දිනයට අම්මාට තාත්තාට උගන්වපු ගුරුවරුන්ට උපහාරයක් ලෙස. මට ආයිමත් එහෙම අදහසක් තියනවා. හැබැයි පොතේ මිල හුඟක් වැඩියි. මිල කීයද දන්නවාද? මිල තමයි පොත කියවීම. ඒ කියන්නේ මම උත්සාහයක නිරත වෙනවා. කියවන්න කැමති දරුවන්ට, පුස්තකාලවලට වගේම ඔබටත් මේ පොත ගිය වර වගේම නොමිලේ දෙන්න .මතු යම් දවසක ඔබ ඒ පොත අවසානය දක්වාම ඔබේ කාලය මිඩංගු කර පොත කියවලා අන්න ඒ පොතට මිලක් දෙන්න.

වපුරන්න කලින් පොළව හදන්න ඕනැ වගේම තමයි සමාජගත වෙන්න දැනුම ලබා ගන්න පොත පත කියවන්න ඕනැ.

(උගතෙකු..සාර්ථක ව්‍යාපාරිකයෙකු....දුරදක්නා නුවණකින් යුත්  මනුෂ්‍යත්වයෙන් පොහොසත් නිර්මල කොතලාවල මනත්මාගේ නිළ ෆේස්බුක් පිටුවෙන් උපුටාගන්නා ලදී )

-ස්තුතියි-

කියවිය යුතුම ලිපියක්

තාත්තාගේ අම්මාගේ සපත්තු සෙරෙප්පු දමාගෙන බර අඩි තිය තියා ගේ ඇතුලේ ඇවිදින පුංචි දරුවෝ ඕනැතරම්. ඒ දරුවෝ අනුකරණය කරන්නේ අම්මාව තාත්තාව. දැන් ප්‍රශ්නය තියෙන්නේ දරුවන්ට පොත් කියවීමේදී අනුකරණය කරන්නේ කාවද කියන එක. අපි දරුවන්ට කියවන්න....... කියවන්න……. කියලා කිව්වව වැඩක් වෙන්නේ නෑ. පොත් රාක්ක පිරෙන්න පොත් අරන් දුන්නත් ඇති වැඩක් නෑ. අපි වැඩිහිටියෝ විදිහට කියවන්නේ නැති නම්.

මෙයයි විය යුත්තේ...

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
24 Jun 2019 03:53 PM
  •  Quote
  •  Reply

ජනප්‍රිය මාතෘකාවක් නොව නිසා නොව දැනුවත් වීම සඳහා .....නැත....ඊටත් එහා....බුදු දහම හා උසස්පෙළ ජීව විද්‍යාව...එකම මකක 

ජීවියෙකුගේ ඉපදීම ජීව විද්‍යාව හා බෞද්ධ දර්ශනය - තිස්ස ජනනායක මහත්මාගේ දෙසුමක් 

හොඳින් ඇහුම්කන් දුන්නොත් ඔබට වැටහේවි 

බලන්න මේ ගුරු උතුමන් ගේ දර්ශනය තරුණ පරපුරට නිසි මග කියා දීමට මොනතරම් උත්සාහයක් දරනවාද කියා 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955

--
24 Jun 2019 06:28 PM
  •  Quote
  •  Reply
අපිට මෙහෙම ලස්සන ට උගන්නන සර්ල හිටියෙ නැහැනෙ.

බුද්ධාගමේ එන සන්කීරණ තැන් සරලව විද්‍යාව ත් එක්ක සම්භන්ධ කරල කියල දෙන හැටි බලන්න ලස්සනයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
24 Jun 2019 10:03 PM
  •  Quote
  •  Reply
මට හැමදාම  නොතේරුන දෙයක්  තමා  කලලයකට   කොහොමද  විඤාඤානය  එන්නෙ කියල ..............එතකොට  මේ සර්  ලස්සන ට පැහැදිළි කරනව පැලෝපියන් නාලය තුල හැදෙන යුක්තානුව  අවස්තාවෙ කියල .............ඒත් තාම තේරෙන්නෑනි  කොහේ ඉඳලද ඒක ආවෙ 🤔  අම්මගෙනුත් නෙමේ, තාත්තගෙනුත් නෙවේ.........එහෙම නැත්තෙත් නෑ..............ස්තුතියි ඉමල්ක  අය්ය ........මේ විද්‍යා  සර් නම් වාව්........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
24 Jun 2019 10:21 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 24 Jun 2019 10:03 PM
මට හැමදාම  නොතේරුන දෙයක්  තමා  කලලයකට   කොහොමද  විඤාඤානය  එන්නෙ කියල ..............එතකොට  මේ සර්  ලස්සන ට පැහැදිළි කරනව පැලෝපියන් නාලය තුල හැදෙන යුක්තානුව  අවස්තාවෙ කියල .............ඒත් තාම තේරෙන්නෑනි  කොහේ ඉඳලද ඒක ආවෙ 🤔  අම්මගෙනුත් නෙමේ, තාත්තගෙනුත් නෙවේ.........එහෙම නැත්තෙත් නෑ..............ස්තුතියි ඉමල්ක  අය්ය ........මේ විද්‍යා  සර් නම් වාව්........

 තමන්ගේම කාර්ම බලය.........මිය යද්දිත් ඔය විදිහටම තමන්ගෙන් ඉවත්ව යන මනෝ කාය............එය වෙනත් භාවයක් ලැබෙන තුරු ටික දවසක් රැදී සිටිනවා.......ඒ කාලය තුල මැරුණු කෙනා වෙනුවෙන් වත් පිළිවෙත්    දාන මාන   කරන්නේ ඒ නිසා. 

තමාගේම පරණ සෝල් එක තමයි ඒ එන්නේ....එහෙම නේද..?

කවුරු හෝ මේ ගැන පැහැදිලි කරනවද පීස්..

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
25 Jun 2019 09:09 AM

අපේ ජානි සහෝදරි හිටිය නම් මේක අපට තවත් පැහැදිලි ලෙස කියලා දේවි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
25 Jun 2019 10:17 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 24 Jun 2019 03:53 PM

ජනප්‍රිය මාතෘකාවක් නොව නිසා නොව දැනුවත් වීම සඳහා .....නැත....ඊටත් එහා....බුදු දහම හා උසස්පෙළ ජීව විද්‍යාව...එකම මකක 

ජීවියෙකුගේ ඉපදීම ජීව විද්‍යාව හා බෞද්ධ දර්ශනය - තිස්ස ජනනායක මහත්මාගේ දෙසුමක් 

හොඳින් ඇහුම්කන් දුන්නොත් ඔබට වැටහේවි 

බලන්න මේ ගුරු උතුමන් ගේ දර්ශනය තරුණ පරපුරට නිසි මග කියා දීමට මොනතරම් උත්සාහයක් දරනවාද කියා 

මේ වීඩියෝවේ කරුණු ඉතා වැදගත්. සුපිරි. කිව හැකි, කිව යුතු අදහස් බොහොමයි. ජීව විද්‍යාවට වඩා එහා ගිය යමක්. ආයෙත් ජීවවිද්‍යා පන්තියේ වාඩි උනා වගේ හැඟීමක් ආවා. ඉතා තර්කාණුකුලයි. මේ ආකාරයේම තර්කානුකුලව සහ වඩාත් ප්‍රායෝගික වැදගත් දේ ඉගැන්වූ ගුරුතුමෙක් තමයි මොහාන් ලාල් ග්‍රේරු භෞතික විද්‍යා ගුරුතුමා. මේ පාඩම බලද්දී මට එතුමාව සිහියට නැගුණා.

පැලෝපීය නාළයේ සිද්ධිය ගැන යමක් කිව්වොත් - මගේ යහළුවන් වැඩි පිරිසක් දැන් වෛද්‍යවරුන්. මේ ගැන විශාල කතිකාවතක් අපි ඇතිකර ගත්තාමගේ සම වයසේ පාසල් මිතුරන් සමඟ. මේ පිළිබඳව ඔවුන් සෑහෙන දැනීමක් අපි හැමටම වඩා තියෙන නිසා. ඔවුන් නම්  කියනවා එහෙම දෙයක් කරන්න බැහැ හෝ ඉතා අපහසු බව. වෛද්‍යවරයාට අමතරව තවත් ඇස් කිහිපයක්ම එතන රැඳී තියෙද්දී තවත් අපහසුයි කියලා. ඔවුන් ඔවුන්ගේ ගුරු වෛද්‍යවරුන්ගෙන් පවා විමසද්දී එවන් මතයක සිටින බව තමයි හැමෝම කියන්නේ. මේ කේෂේත්‍රය ගැන අපේ තියෙන අල්ප දැනුම නිසා අපට යමක් කීමට අපහසුයි. කෙසේ නමුත් නිසි පරීක්ෂණයක් ඒ සඳහා විය යුතුයි.

විඥ්ඥානය ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මේ පාඩම තුල එතුමා කරනවා. වසර දහස් ගණනකට කලින් දෙසු බුදුදහමේ අන්තර්ගතය, නවීන විද්‍යාවෙන් දිනෙන් දින ප්‍රත්‍යක්ෂ වනු දැකීම ඇත්තෙන්ම විමතියට කරුණක්.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Jun 2019 10:54 AM
  •  Quote
  •  Reply
මෙතන ඒ ශල්‍යකර්ම කරපු ආකාරය හා ඒ වෙනුවෙන් ගත්ත කාලය එක්ක බැලුවම සාධාරණ ව ඔප්පු වෙනවා අනික ඩොකා ට සල්ලි කොහෙන්ද එකපාර. ප්‍රයිවට් (ආසිරි/නවලෝක/නයින්වෙල්ස්) මේ ආදී ඉහලම හොස්පිටල් වල ඉන්න විශේෂඥ දොස්තර වරු පවා ගන්න මුදල එක්ක බැලුවම එයාල අවුරුදු 20 ක් වත් ඒ ආකාරයට පමණක් ප්‍රයිවට් තියටර් වල වැඩ කරත් ඔහොන මුදලක් ලැබෙන්නේ නැහැ.ලංකාවේ ඉහලම ගාස්තු අයකරන වෛද්‍යවරු පවා මෙච්චර උපයන්නේ නැහැ. කාඩියෝලොජිස්ට් ලා සහ තව ස්පෙෂල් කැටගරි කීපයක නම් මීට එහා මුදල් හොයනවා  (මට මතක නැහැ ඔක්කොම )nVOG ලා වුනු (ස්පෙෂලිස්ට්) ලා හොඳට හොයනවා නමුත් සාමාන්‍ය ඩොකෙක් කොහොමද එහෙම උපයන්නේ  

එහෙම එකේ අර ඩයල් එක නොමිලේ වැඩ කරන ආණ්ඩුවේ හොස්පිටල් එකේ....සල්ලි කොහෙන්ද.

අනික මම අහලා තියෙනවා සාමාන්‍ය සිසේරියන් සැත්කමකදී.......ඔය නාල වලට හානියක් වෙන්නේ නැහැ ලු. ඒවාට  උවමනාවෙන් හානි කරොත් හෝ ශල්‍ය උපකරණ වලින් හානි උනොත් හැරෙන්නට (කොහොම උනත් මේවා ගැන කතා කරන්නට මට නම් කිහිම දැනුමක් නැහැ)

ඒ කතාව තමයි වැඩියෙන් ඇහෙන්නේ හානි කරන්න බැහැ කියලා. 

සමහර අකාර්යක්ෂම ඩොකාලා කරපු සිසේරියන් සැත්කම් වලින් පසු....තව බලාලා ලැබුනත් වෙනත් සයිඩ් ඉෆෙක්ට්ස් ඇතිවුණු අවස්ථා කොච්චරද?  
මේ සර් කියන කතාව විශේෂඥ වෛද්‍යවරුන් කීප දෙනෙක් තහවුරු කරා. මගේ  යාලුවෙකුගේ වයිෆ් ට (එයත් වෛද්‍යවරියක්) ඔය හරියේ සර්ජරි එකක් කරද්දී වැරදීමකින් ඔය කියන විදිහේ හානියක් වෙලා.....ලොකු ගානක් වියදම් කරලා ආයේ නිවැරදි කරගත්තා. එත් බබාලා ලැබුනේ සැත්කමකින් තැන්පත් කරවලා.
ඒ ගැන කරපු පරීක්ෂණයෙන් ඔප්පු උනා සර්ජරි එකේ ටූල් එකකට හානි වෙලා තමයි කියලා.
එයාල ඔක්කොම ටෝක්ටර් ස් ලා නිසා නීති මගින් කටයුතු කරගත්තේ නැහැ.

දැන් දැන් ආරචි වෙන දේවල් බැලුවම......ඉස්සර කටකතා...ඔප දූප ඔක්කොම දැන් ඔප්පු වෙලා ඉවරයි 

0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
25 Jun 2019 11:11 AM
  •  Quote
  •  Reply
අනික මේකේ තව අවුට්සයිඩ් ඉම්පැක්ට් එකක් තියෙනවා.
මේවා ඇහුනාම විලාසිතාවක් වුනු සිසේරියන් වලට තියෙන මාකට් එක බහිනවා. අමාරුවෙන් හරි නෝමල් ඩිලිවරි වලට හැමෝම ට්‍රයි එක දෙයි...එතකොට ඒ අම්මලට වේදනා වෙයි.....රිදෙයි......සිසේරියන් වලින් සල්ලි හොයපු ඩොකාලට.,,ඒ අනිත් ස්ටාෆ් එකට..හොස්පිටල් වලට ආදායම් අඩුවෙලා ඊට වැඩ රිදෙයි.....ඒ නිසා සිසේරියන් ගැන ඇත්ත වසන් කරන අය ඕනා තරම් ඇති. හැමෝම තම මඩිය තර කරගන්න උත්සාහ කරයි.
සල්ලි වලට උගත් නූගත් වෙනසකින් තොරව ඕනෑම මතයක් වෙනස් කරන්නට හැකියි....හොඳම උදාහරණය ලැට් රාජිත
0
Add Reply
Page 3 of 5 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below