You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Aug 2019 08:22 PM by  Indika Kodithuwakku
ඔබේ දැනුවත්වීම සඳහා - පුංචි දෝනි ගේ අවබෝධය
 80 Replies
Sort:
Page 1 of 512345 > >>
Author Messages

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Feb 2015 12:38 AM
  •  Quote
  •  Reply

මා කැමති විද්වතුන් විසින් රචිත පුවත්පත්,අන්තර්ජාල සහ වෙනත් මාධ්‍ය හරහා පල කෙරෙනා ආටිකල් කිහිපයක් මේ ඔස්සේ ගෙන ඒමයි මගේ උත්සාහය....

ඒ යටතේ ආචාර්ය චමිල ලියනගේ මහත්මා විසින් සමාජ වෙබ් අඩවි සඳහා ලියන ලද කෙටි ලිපි සමූහයක් ඔහුගේ අවසරය පරිදි මෙතැන් පටන්.

 

මගුල් කථාවක්. 

මේක මේ මගුල් කථාවක්. කාගෙවත් නොවෙයි මගෙම (අපේම) මගුල ගැන. මට වෙච්ච අකරතැබ්බයක්. (දැන් ඉතිං මං දන්නවා මගේ මිත්‍ර රැළ පුටු වල හරි බරි ගැහිල මේක කියවන්න ලකලෑස්ති වෙන බව - ඇයි අකරතැබ්බක් නෙව). 

අපි කසාද බැන්දේ 2005 අවුරුද්දෙ. මගුල් ගෙවල් අවසන් වෙන්න යනවෙලාවෙ වැඩිපුරම අපහසුතාවට පත්වෙන්නෙ මනමාල මහත්තය. මොකද මනමාලිගෙ අම්ම, අප්පච්චි, නැන්දල මාමල, අයියල, අක්කල, සීයල, මුත්තල, මල හත්ඉලව්වේ හත්මුතු පරම්පරාවේ ජීවතුන් අතර ඉන්න සේරම තමතමන්ට හැකි පමණින් අඬන්න පටන්ගන්නව නෙ. හරියට ඇඬීමේ තරගයක් වගේ (මම කියන්නෙ ඒ දුක සාධාරණයි. නමුත් මේ ගෑනිව අරන් මම ආයෙ නොඑන්නම අඟහරු ලෝකෙට යන්න යනවැයි). මං කියන්නේ මේ අඬන සමහර ලොක්කො මනමාළිගෙ කොටහළු මගුලටවත් ආවෙ නැති උං. හරියට බඩබදාගෙන එක පතේ කාගෙන උන්න වගේ දෙන්න තියාගන්නවා.

පෝරුවේදී මනාමාලිගෙ මෑණියන්ට කිළිකඩ (මේකට සමහර පළාත්වල කිරිකඩ කියලත් කියනවා) දෙන වෙලාවෙ කියන කවි ටිකට කාට උනත් ඇ‍ඩෙනවා..අම්ම ගැන කියන සංවේදී කවි දෙක තුනට. අප්පච්චීටත් යමක් තෑගි කරන චාරිත්රකයක් දැන් තියනවා..හොඳයි..ඒ කවිත් ඒ තරම්ම සංවේදීයි. පොරුවේ චාරිත්‍ර කොයි තරම් උතුම්ද, නමුත් ආයිබොවන්ඩ දැං මගුල් වල අඩුවෙන්ම උනන්දු ඒ ගැන. මනාමාළි සිංහල විදිහට සැරසිලා මනාලයා චාල්ස් කුමාරය වගේ ඇන්දම..අමනාප වෙන්න එපා ආයිබොවන්ඩ...හරියට සුදු සීදේවි එළ වැස්සියි..මීමයි වගේ..සමහරු අම්මපා පෝරුවට නගිනවනේ සපත්තු දාල...පොරුවට නග්ගවන්නේ මාමලනේ...මේ උතුම් අවස්ථාවෙ තමන්ගේ ආදරණීය ලේලිව පොරුවට නග්ගන්න මාමලව එක්ක එන්න බාප්පල දෙන්නෙක් යන්න ඕන...මොකද මාමල උදේම පටන් අරන්...අනේ අනිච්ඡං ඇවිදින තැබෑරුමකට කියල තමන්ව පොරුමස්තකප්‍රාප්ත කරව ගන්නෙ නැතිව දන්න කියන කුම්භාන්ඩයෙක් ලව්ව ඒක කරව ගනිල්ල කෙල්ලනේ...(මේක කියවල අමතක කොරහල්ල..නැතිව පොරුවට නැගල මේව මතක් වෙලා තනියම හිනා වෙන්න ගත්තොත්..ජංජාලයයි) 

චාරිත්‍ර බල්ලට ගිහිං නෙව...ජීවිත කාලෙටම වටින චාරිත්‍ර ටිකක් ඉෂ්ට කරන ඒ චාරිත්‍රවේදියාට ඔය නිකං රුපියල් පන්සියක් කවරෙක දාල අතේ තියනවා...ඒ විතරක්නං බැරියැ..හරියටම විනාඩි ගානෙන් ඉවර කරන්නත් කියනව.. මගුල් ගෙදර නැකතට වැඩ කරන නිසා නෙවෙයි...පොටෝ අල්ලන්න යන්න...හප්පේ මගුල් ගෙදර ප්‍රධානිය පොටෝ මහත්තයනෙ... මුද්ද දාන්න බෑ..ටිකක් උස්සල දාන්න කියනවා....අතපැන් වත්කරද්දී කෙන්ඩිය පාත් කරන්න කියනවා...චාරිත්‍රවේදියව එහෙට තල්ලු කරනවා...නියොග රෙගුලාසි......ඒ විතරක්යැ.....මනමාල මහත්තයගෙ තුප්පොට්ටිය ගැලවුනත් නෑ අතින් අල්ලන්නේ ..ඒ වුනාට..යකෝ පොටෝ උන්නැහේ... මනමාළිව නවනවා..දිගාරිනව...හරවනවා...නිකටෙන් අල්ලනවා...කොන්ඩෙ හදනවා......සම්පූර්න චිත්‍රපටයක්...මේ සේරම කරල මනමාලයට සැරෙන් වගේ කියනව ටිකක් හිනාවෙලා ඉන්න කියල.. ඒ මිනිහා කොහොම හිනාවෙන්නද මේව දැකල....! තුන් මාසෙ යද්දී ඇල්බම් පෙට්ටිය..ඒ අල්මාරියෙන් මේ අල්මාරියට...ඊට පස්සෙ කුස්සියේ අල්මාරියට...ආං මං දැක්ක අපේ ඇල්බම් තඩිය ගිය කන්නෙ වී පැල කරද්දී බරට තියන්න ගිහිං දෙනව..(ඒක නම් මුසාවක් ඈ..). චාරත්‍ර දෙකේ කොලේට දාල...එක දවසකට විතරක් වැදගත් වෙන ඇදුමට...අර උලන ලාටු ටිකට කොයි තරං නම් වියදං කරනවාද අප්පොච්චියේ...! 

ඇඬිල්ල ගැන නේද කිය කිය උන්නෙ....සමහර මගුල් ගෙවල් වල බීපු ලොක්කො අඬන්න ගන්නවනේ..(ඒක නම් මට අදාළ කථාවක් නෙවෙයි..නිකං මතක් උනා..දැකපු දේවල්) කවුරු ඇඬුවත් දරාගන්න පුළුවන්...උන්ගෙ ඇඬිල්ල තමා වැඩේ විනාශ කරන්නේ. එක මගුල් ගෙදරක (අම්මපා ඇත්ත කොල්ලනේ) පෙරේතයෙක් ගානට බීපු එකෙක් කොච්චර ඇඬුවද කියනව නම්..අන්තිමට ඒ යස්සයට කැස්සක් ආවා..නැකත් වෙලාව පැත්තකින් තියල ජෝඩුව නාගෙන තමා ගෙදරින් හඳට යන්න පිටත් වුනේ පැණි කන්න. බීල හිටිය මාමගෙ ‘පැණි’ උතුරපු පාරට! 

කොහෙද කියන්න ගිය කාරනේ අහක..මම මේ වෙන වෙන වැල්වටාරං නෙව කියවන්නේ...තාම බැරිවුනා ඔය පුරුද්දෙන් අත්මිදෙන්න...අමනාප වෙන්න කාරිනෑ..මයෙ පුතේ.. ඕං...මාතෘකාවට ආව...අපේ හාමිනේගෙ හැත්ත බුරුත්තත් අඬනවා අඩනවා මුරුගසන් වරුසාව වගේ...කෙළවරක් නෑ. ඒ කාලෙ මගේ අතේ ජංගම දුරකථකයක් නෑ..මුං අඬලා ඉවර වෙනකං..අඩු ගානේ ෆේස්බුක්වත් යන්න තිබුනා මේ ඉලව් ඒ වෙනකොට පටන් අරන් තිවුන නම්. එකෙක් ඉවර වෙනකොට තව එකෙක් පටන් ගන්නවා..අපේ හාමිනෙත් අම්මප අඬන්න ගත්තොත්..රාජාංගනේ වාං දැම්ම වගේ..

ඔක්කොම හොඳයි කියමුකො...අඬන්නැති එවුනුයි, අඬල ඉවර එවුනුයි මම දිහා නිකං රවාගෙන වගේ බලනව හරියට මම මේ ගෑනි හොරෙන් ගෙනියන්න ආව වගේ..මට පොඩි බයකුත් ආව..මොකෝ ඒ කාලේ ඔහෙලව අඳුනන එකක්යැ..! හිනා වෙන්න හැදුවට එකෙක්වත් නෑ හිනා වෙන්නෙ වත්...මමත් වට පිට බැලුව..ඔරලෝසුව බැලුව..ඇඬිල්ල ඉවරවෙන පාටකුත් නෑ. පිටත් වෙන්න තිබුනේ තුනයි පහට මගේ හිතේ. මට රවන එවුන් ගානත් එන්න එන්නම වැඩි වෙනවා..ඉෂ්ට දේවතානුෂ්මරණය කළා කෝකටත්. 

තත්පර දෙක තුනක් යන්න ඇති. “...නවත්ත පල්ල බං ඔය බොරු ඇඬිල්ල...” කියල මහ ප්රතතාපවත් කට හඬක් ඇහුණ. මම හිතුව අම්මප ඉෂ්ට දෙවියොම තමා කියල. බැලින්නං ඉෂ්ඨ දෙයියො නෙමෙයි..අපේ හාමිනේගෙ කිරි අත්ත..අවුරුදු අනූවක විතර වයසක මහ ප්‍රතාපවත් මනුස්සය. උන්ද කට ඇරිය කියන්නෙ පලාතක් නිසසද්ද වෙනව. අඬපු එවුන් අහුවේච්ච අහුවෙච්ච තැන්වල, දොර රෙදි වල පවා..හොටු කඳුලු පිහිනව..සමහරුන්ගෙ මූනු වෛවාරන්න වෙලා..මොකද පිහපු පාරවල් එක්ක මේක් අප් ලාටු තට්ටු පිටින් ගලොල ගිහිං..අලුතෙන් නාය ගිය කඳු වගේ...
මොකකට උනත් කිරි අත්තගෙ මැදිහත්වීම කොයිතරම් මට සහනයක්ද කියනව නම් මාධ්‍ය අමතා ප්‍රකාශයක් කරන්න පවා හිතුන...

මීයට පිම්බ වගේ නිස්සද්ද ශාලාව මැද්දෙන් අත්ත ආව අපි ළඟට..මගෙන් ඇහුව කීයද පුතා වෙලාව කියල...මම කලබල වෙච්ච පාර දකුණු අතේ ඔරලොසුව හොයද්දී අපේ හාමිනේ කියනව ඇහුන ‘තුනට පහයි’ කියල. 
“..බලාපල්ල දැං මේ දරුවො පිටත් වෙන්න වෙලාවත් ළගයි..බොල මෙතන මොකක්ද මේ ඇඬිල්ල...” කියපු උන්දැ මනමාළි පැත්තට හැරුන..කෙලිං බැලුව මනමාලි දිහා..

“..ඈ බං....උඹත් ඉස්කොලෙ හාමිනේ කෙනෙක් නේද...මේ ළමය ඔහේ ඉන්නව වටපිට බල බල.. උඔත් අඩනවා මෙතන...කෙල්ලෙ උඹව තම්බියෙකුටද දුන්නෙ.....මරන්න ගෙනියන්න...යකෝ උඔව ගෙනියන්නේ බෝකරන්න........එහෙනං මගෙ කට....”කුඩේ උරුක් කරල කිව්ව විතරයි...අඬපු අයට උන්හිටිතැන් නෑ හිනා වෙන්න ගත්ත.

“..ආන්න ඇහුන නේද..” මනමාළි මට එරෙව්ව.

මට ලැබුන සහනයටත් වඩා ඒ ඩචන දෙක තුන තුළ අන්තර්ගත වෙලා තිබුණ තියුණු ඒවගේම සියුම් පනිවුඩ දාමය...නිවැරදි සන්නිවේදන මැදිහත්වීම ගැන මම මොහොතකට ගල් වුනා. සමාජ විද්යාම විශේෂවේදී ශිෂ්යෙුයකුට නිබන්ධනයකට ඕන කරන තරම් දැනුම් සම්භාරයක් ඒ ප්‍රකාශයේ තිවුන..පසුව උනද මුණගැසුනු සෑම විටෙකම..සාම්ප්‍රදායික ගොවිතැන..කෙම් ක්රරම ජන විශ්වාශ ආදී ඒ ප්‍රදේශයට ආවේනික බොහොමයක් දේ අපි කථා කළා. 
“ගෙනහල්ල බං පැදුර...එමු වැඩිහිටි පරිස...හා වඳින්න පුතාල...” කිරි ආත්තට අපි මුළින්ම වැන්ද..

(අතුරු කථාවක් - ඊට අවුරුදු හතරකට පස්සෙ අපි හැමෝවම හිනස්සපු..සනසපු..සාම්ප්‍රදායික දැනුම් ගබඩාවක්.. මුලාශ්‍රඅයක් වුනු ප්‍රතාපවත් මනුස්සය...කිරි ආත්ත සදහටම සමුගත්ත..ඒ අවමගුලෙදී නම්...මට හොදටම ඇඬුන. කාත් කවුරුවත් නැතිව මහ ගේ පිලිකන්නෙ තනිවෙලා තිබුනු උණ්දගෙ පරණ ලී නගුල මම අපේ ගෙදර ගෙනාවෙ පොඩි මතක සටහනත් හැටියට)

 

Dr. Chamila LIyanage 

Research Scholar ·
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Feb 2015 10:14 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි ඉමලක මේ වගේ රසවත් කතා සෙට් එකක් ගෙන්න ලක ලැහැස්ති උනාට.. චමිල මහතාටත් ඉදහිට හෝ ගොඩවෙලා යන්න කියලා ආරාධනා කරන්න.. ලියන්න බොහොම සමතෙක් වගෙයි පෙන්නේ.. හෙට මේක අයෙත් දෙතුන් සැරයක් හොදට කියවලා අදහස් පල කරන්න හිතුවා.. ඕනේ උනේ මුලින්ම ස්තුතිය පුද කරන්න..
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Feb 2015 10:56 AM
  •  Quote
  •  Reply

harima rasawath kathawak...digatama genna me wage lipi,,hema athinma poshanaya una kathwak.

 

godak sthuthi aiyya.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2015 03:03 PM
  •  Quote
  •  Reply
godak rasawath kathawak......
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Feb 2015 06:40 PM
  •  Quote
  •  Reply

මෙන මගුලක් ද බං මේ..
ආසාව වැඩිකමට කථාව එක දිගටම කියවලා දැම්ම..
කථාව පට්ට ඇත්ත මචං..
ඉමල්කට වගේම චමිල මහතාටත් ස්තූතියි..
(දිගටම කරගෙන යන්න මචෝ)

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
09 Feb 2015 03:27 AM
  •  Quote
  •  Reply

meka niyama wadak..tx imalka..kathawa nam patta thmai

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
09 Feb 2015 08:04 PM
  •  Quote
  •  Reply
tiyanava dekka. dan thamai kiyavanna labune. lassana kathavak. athakimak nisa vatinava. thanks ayye
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Feb 2015 08:06 PM
  •  Quote
  •  Reply
Posted By ham123 on 09 Feb 2015 08:04 PM
tiyanava dekka. dan thamai kiyavanna labune. lassana kathavak. athakimak nisa vatinava. thanks ayye

 

මේ සිද්ධිය කාටත් පොදුයි නංගී..

අපි ලොකුවට පුරාජේරුව පෙන්වනවා විතරයි..

 

0

ham123
Veteran Member
Veteran Member
Posts:1636






--
09 Feb 2015 08:28 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 09 Feb 2015 08:06 PM
 

 

මේ සිද්ධිය කාටත් පොදුයි නංගී..

අපි ලොකුවට පුරාජේරුව පෙන්වනවා විතරයි..

 

 

therune na 

 

0

Vita 123
Advanced Member
Advanced Member
Posts:549






--
09 Feb 2015 11:44 PM
  •  Quote
  •  Reply

තනිකරම සහතික ඇත්ත මචෝ..

මේක තමයි අපි කොයි කවුරුත් හංගල වහගෙන ඉන්න සැබෑ යතාර්ථය

බොහෝම ස්තුතියි මේ ලිපිය පල කලාට..

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
10 Feb 2015 12:14 AM
  •  Quote
  •  Reply
Posted By Vita123 on 09 Feb 2015 11:44 PM

තනිකරම සහතික ඇත්ත මචෝ..

මේක තමයි අපි කොයි කවුරුත් හංගල වහගෙන ඉන්න සැබෑ යතාර්ථය

බොහෝම ස්තුතියි මේ ලිපිය පල කලාට..

 

අමූලික ඇත්ත....මේක අපේ කතා නායක තුමාගේ (චමිල ලියනගේ ගේ )පුද්ගලික අත්දැකීමක්...


මම දැකල තියෙනවා සමහර මගුල් උත්සව වලදී මනමාලිගේ කොන්ඩ මෝස්‌තර උඩු යටිකුරු වෙන විදිහට "ඉල්ලලා අඹ ගන්න"  ඉම්බින  වැඩිහිටි /පොදිහිටි  කාන්තා උදවිය) සමහරු ඔලුවේ  එල්ලිලා ඒ වැඩේ කරන්නේ.....කොහොම ඇද්ද  මේකප් වලටයි කොන්දෙටයි ගාන ආලේපන වල තියෙන අමාරුව....
මේ අත්දැකීම් ඇති අය කියන්නකෝ බලන්න,
අන්තිමට කොන්ඩේ වැඩේ හරියට කෙරුවේ නැහැ කියලා  බැනුම් අහන්නේ ටින්කරින් පෙන්ටින් වැඩ ටික කරපු (බියුටි කචල්) කටයුතු කරපු ඇත්තීයට තමයි.

 

 

0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
10 Feb 2015 04:51 PM
  •  Quote
  •  Reply
පට්ට ඇත්ත. හොඳ අර්ථවත් ලිපියක්. දිගටම මෙවැනි ලිපි බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තූතියි.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 07:23 AM
  •  Quote
  •  Reply

මේ ඉන්නේ මල්ලිගෙ පුතන්ඩියා..දැනට අවුරුදු තුන හතරකට කළින් අල්ලපු පොටෝ කෑල්ලක් අපේ මිදුලෙදි. කොලුවා ඉදගෙන ඉන්නෙ මොකක් උඩද කියල පේනව ඇතිනෙ..කොලපතක් (සමහරු පුවක් කොලය කියන්නෙ) උඩ. අපිට තියෙන්නෙ ඇදගෙන යන්න. දරුවො දෙන්නෙක් නම් කොලපත් දෙකක් ඈදි කරවලා දෑතින් ඇදගෙන යන්න උනත් බැරි කමක් නෑ අතපය හයිය තියත අම්මෙකුට අප්පෙකුට.

මේ සිංහල සෙල්ලම් බඩු..පාවිච්චි කළා විසි කළා එච්චරයි..සති දෙක තුනෙන් පොළවට පස්වෙලා යනව. කොලපතෙන් ගන්න පොරෝජන ගැන පස්සෙ කියන්නං. අදත් හොද පුවක් කොලයක් පට්ට ගහල අව්වට දැම්ම...හෙට අනිද්දට පිටි කොටල හලන්න කාරිය තියනව නෙව.

තමුන්නැහැලට කියන්ට, දැන් මේ ටිකක් උගත් දෙමව්පියන්ට කාන්තා පත්තර වලිනුයි අරවැයිනුයි මේවැයිනුයි හරි ජාති අදහස් ඔලුගෙඩි වලට ඔබ්බල තියෙන්නෙ. දරුවො ඉල්ලන ඉල්ලන දේ දෙන්ට ඕනලු..එතකොටලු සමබර පෞරුෂන් වැඩෙන්නෙ. මේවට අපිට දෙකොනින් හිනා. පාරිභෝගික සංස්කෘතියේ තරම තමා මේ..තුට්ටු දෙකේ මනෝ විද්‍යාඥයො මුදලාලිගෙ උවමනාවට කියන කථා අහන අපේ සරුව පිත්තල අම්මල අප්පල පොලේදි අරෙහෙදි මෙහෙදි පොඩි එවුන් දකින ඉල්ලන හැම ප්ලාස්ටික් කෑල්ලම අරන් දෙනව..පැයයි දෙකයි..එක් අහකයි..නැත්නම් දවසයි දෙකයි. හැබැයි කොලුව හරි කෙල්ල හරි අවුරුදු දහයක් පහළොවක් වෙද්දී ආං සාලෙ පුරා ඌ නැත්නං ඒකි සෙල්ලම් කරපු සෙල්ලං බඩු ගොඩ කන්ද වාගෙ. ඉතිං ගේ පිලිකන්නෙ මඩුවක් වෙනම හෙවිල්ල ගන්න වෙනවා මේ ප්ලාස්ටික් ටික ගොඩ ගහන්න. මේ සෙල්ලම් බඩු සංස්කෘතිය නිසා දරුවන්ගෙ මනස අධිරාජ්‍යවාදී ආක්‍රමණයට නතුවෙන හැටි බුද්ධිමත් කෙනෙකුට අපූරුවට පේනව. ප්‍රශ්නෙ බුද්ධිමත් නොවීමනෙ. අනික අම්මල අප්පලට දරුවො නළවන එක මිසක් නලවන ක්‍රමය වැදගත් නෑ වගේ.

මොන අපරාධයක්ද ආයිබොවන්ඩ...පරිසරයට..අපේ හීන් එවුන්ට කෙලින්න අපේම සෙල්ලම් බඩු සංස්කෘතියක් තිබුන. කුරුම්බැට්ටි මැසිං...ගොක් කොළ නයි...පොල්පිති ගොන්නු....පැපොල් බට නලා....තුංකිඤ්ඤ දාලා වෙඩි තියපු බට තුවක්කු...(අපි ඒ සන්දියේ ඉස්කෝලෙ ගියෙ ආයුධ සන්නද්ධව...පොත් මල්ලෙ තුවක්කුව වැරදුනේම නෑ!!!) අවුරුදු කාලෙට නං උණ බම්බු වෙඩි...(අම්මප මං හිතාන ඉන්නෙ ඒවයෙ කෞතුකාගාරයක් දමන්න) .ඒ සංස්කෘතියට හෙන ගැහැව්වෙ පහුගිය කාලේ රට කොරපු මහත්තැන්ගෙ ඔලමොට්ටල ආර්ථික තිරණ නිසා.

 

චමිල ලියනගේ මහත්මාගේ ෆේස්බුක් පිටුවෙන් 

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2015 08:11 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් දැන් ළමයින්ට ඒහෙම සුන්දර ළමා කාලයක් නැ ... ස්තුති අයියා .
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Apr 2015 08:43 AM
  •  Quote
  •  Reply
කුරුම්බැට්ටි මැසිං...ගොක් කොළ නයි...පොල්පිති ගොන්නු....පැපොල් බට නලා....තුංකිඤ්ඤ දාලා වෙඩි තියපු බට තුවක්කු...me dewal adakalee lamyinta dakin tiyaa ahnawath naa..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 06:48 PM
  •  Quote
  •  Reply
මගෙ ලම්යි දෙන්නත් කවදවත් කොලපතෙන් මෙ විදියට සෙල්ලම් කරල නැහැ .....අත්තටම ලමයි ගැනයි අපි ගැනයි දුකයි
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
08 Apr 2015 09:41 PM
  •  Quote
  •  Reply
ඉතින් බ්‍රදර් පුවක් අත්තක් හොයලදීල පොඩි ඩයල් දෙකට ෆන් එකෙක් ලබා දෙන්නකෝ එකෙන්ම,.
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2015 09:48 PM
  •  Quote
  •  Reply
පුවක් අත්තක් හොයා ගන්නෙ කොහෙන්ද මචො ?..ඔකනෙ ප්‍රශ්නය ...හොයගත්තමයි කියමුකො ..කො කාලය ?..ඔකනෙ අපිට වෙලා තියෙන්නෙ ? අපිට වැඩ ලම්යිට tution class
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2015 10:15 PM
  •  Quote
  •  Reply
අද ලංකාවේ දරුවන්ට ලමා කාලයක් නැහැ. ළදරු පාසැල් යන කාලේ පටන් ටියුෂන්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Apr 2015 10:21 PM
  •  Quote
  •  Reply
මගේ කාලයේ තිබුණ සුන්දර අතීතය මතක් වෙනකොට මහත් දුකක් ඇතිවෙනවා. සෙනසුරාදා අපි ගෙදර හිටියෙම නහැ. අපේ ගෙදර පිටි පස්සෙ දිය අල්ලක් තිබුණා ඇල්ලකන්ද කියලා. දවසම අපි ගතකලේ එතැන. ලඟදී මම එතැනට ගියා. දැන් ඒක හිඳිලා ගිහින්. දකිනකොටත් දුකයි.
0
Add Reply
Page 1 of 512345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below