You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Aug 2019 08:22 PM by  indika76
ඔබේ දැනුවත්වීම සඳහා - පුංචි දෝනි ගේ අවබෝධය
 80 Replies
Sort:
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
13 May 2015 11:47 PM
  •  Quote
  •  Reply

බකිනි මල් 

බකිනි මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට බව හැබෑව. ඒ වුනාට අපේ බුදු මැදුර ළඟ බකිනි ගහට අවුරුදු දැං. ආං ගහ පුරෝල බකිනි මල්. මයෙ හිතේ අවුරුද්ද පන්නල, අපේ බුදුන්නෙ උපන් දිනේට මල් ටික පිපුණා වෙන්ටැ. නිකමට හිතේ මවාගෙන බලන්ට ආයිබොවන්ඩ, මේ වගේ මල් දාහක් හමාරක් ගහ පුරා පිපුණම කොහොම ඇත්ද? ලස්සනේ බෑ.. අර විචිචූරණ බලුප් වැලක් එල්ලුව වගේ සිය දහස් ගුණයක් ලස්සනයි. අපේ පළාතේ ඇළ, ගංගා අයිං වල ඕන තරං බකිනි ගස්, තව ටික දවසකින් ඉතිං ගෙඩි..ඉදුනම කන්න බැරි තරම්. (හැබැයි මයෙ පුතාල තෝරලයි කන්ට ඕන ඕං..මොකෑ..පොඩ්ඩ ඇත්තං පනුව විදිනව නෙව)

බකිනි මලේ පුසුඹ, අපේ නාන්නැති එකාල, එකීල අතන මෙතන උලාගන්න සුද්දගෙ ‘සැන්’ ‘පවුඩර්’ වලට වඩා බොහෝම පංකාදුයි. බකිනි මලේ පාට, හැඩේ, සුව‍දෙ තම මොකක්දෝ පොඩි මෙව්ව එකකුත් දැනෙනව. ඔහෙලට කියන්න දවසක් අපේ චූටි නෑනන්ඩිගෙ ළඟත් ඔය පුසුඹ දැනුන. බොහෝම ඉස්සර...කොහෙද ඒක කියාගන්න බැරි වුනා නෙව. කොළඹ රටට ගියායින් පස්සෙ ඒකි ළඟන් ඒ පුසුඹ තොලෙංචි උනා. දැන් එන්නෙ නාහෙ කඩාන යන සැර ගඳක් ආයිබොවන්ඩ. (කටට ආවට කියවුනා..අපෙ අප්පච්චියේ..මේක අපේ මායියට ආරංචි වෙන්න තියනවා එහෙම නොවෙයි)

බකිනි මල හරි පොරසිද්ධයි...කලාකාරයො අතර. ගංකොරේ අපිට කලා කාරයො කියන්නෙ ආයිබොවන්ඩ අර කොළඹ රටේ ඉන්න ලස්සන සූකිරි සීනි බෝල වගේ නෝනල මහත්තුරු ටිකට නොවෙයි. ඒ ගැන පස්සෙ කියන්නංකො. ආං මාගාල්ල, මකුළුව, උණවටුන වැලිගං පත්තුව දිහෑ රේන්ද ගොතනව බවලත් ඇත්තො ටිකක්...ඒක පරංගින්ගෙන් (පංසල්, පාදිලි පල්ලි, මරක්කල පල්ලි, කෝවිල්, හැම තැනම වදින අපේ හිංගල උදවියට මං පරංගි කිවුවම නොතේරුනාද මන්ද...අර ඔහේල පුරුතුගීසි කාරයො කියන්නෙ..ආං ඒ හැතිකරේ තමා) ආපු කලාවක් බව හැබෑව. ඒත් පරංගින්ගෙන් ඉගෙන ගෙන දැං අපේ උන්දල ගොතන බීරලු මෝස්තර තමා..පිච්ච මල්, නෙළුම් මල්, කපුරු මල් සමනල මී මැසි වාගෙ සත්ත්ව මෝස්‌තර...ඒ අතරෙ හරි ජාති වැඩක් තමා බකිනි මල් රේන්දෙ, සමනල රේන්දෙ වාගෙ ඒව...සුලු පටු වැඩ නොවෙයි.

බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල්ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

ඩෝල්ටන් අල්විස් මහත්තෙය ලියාපු, එඩ්වඩ් ජයකොඩි මහත්තෙයයි පුණ්‍යා කත්‍රිආරච්චි නොනයි කියන මේ සින්දුව දන්නව ඇතිනෙ ඔහේල.

බකිනි ඇළේ සැර පාරේ - බකිනි මල් වැටී පාවේ....

ඒක ඉන්දිකා උපමාලි නෝනගෙ සින්දුවක් නේද?

ලා හරිත වෙල් යාය අග පිපුන
බකිනි මල් සොයා ගිය කෙලි රෑන
රන් පාට කරල් කපනා දිනෙක
කැපුනු පොඩි ඇඟිල්ලක් රිදි මතක
මේ වසන්තය මගේ නොවන බව
කියා දී සිතම අඩපණ කරයි..

කාලෙකට ඉස්සර අපූරු නිසදැස් පොඩ්ඩක් ගොතල තිවුන සුභද්‍රා ජයසූරිය කියල නෝන කෙනෙක්.

තණ අග දිදුල 
පිණි බිඳු දෙතොලගින් 
සිප සනහවා 
තුරු වැල් සෙමෙන් 
එතෙනා ලෙසින් 
සිහින් ඉඟටිය තෙරපවා 
පිනි වැහි පොදේ 
තෙමෙමින් සදේ 
බකිනි මල් කැකුලක් තලා
කෝ නුඹේ ඔය 
සිත උණුහුම තවත් මදි මැයි හිත කියා...... චමින්ද ගුණරත්න කියල කයිකාර මහත්තයෙක් කොහේ හරි එහෙම ලියල තිබුණ මතකයි

Chamila Liyanage

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
14 May 2015 12:10 AM
  •  Quote
  •  Reply
බකිණි මල ගැන හෙඩිම දැක්කහම මගෙත් මතකයට එක සැරේටම ආවේ "බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ" කියන ගීතය..
සින්දුවලින් ඇහුවට ඉතින් බකිනි මල දැකල නම් තිවුණ එකක්යැ..

මේ ලිපිය ලියා පින්තුරත් පල කල චමිල මහත්තයටත් අපට කියවන්න දුන් ඉමල්ක මහත්තයටත් එහෙනම් පින් කිව්වා ඕන් ඈ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 May 2015 08:13 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 13 May 2015 11:47 PM

බකිනි මල් 

බකිනි මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට බව හැබෑව. ඒ වුනාට අපේ බුදු මැදුර ළඟ බකිනි ගහට අවුරුදු දැං. ආං ගහ පුරෝල බකිනි මල්. මයෙ හිතේ අවුරුද්ද පන්නල, අපේ බුදුන්නෙ උපන් දිනේට මල් ටික පිපුණා වෙන්ටැ. නිකමට හිතේ මවාගෙන බලන්ට ආයිබොවන්ඩ, මේ වගේ මල් දාහක් හමාරක් ගහ පුරා පිපුණම කොහොම ඇත්ද? ලස්සනේ බෑ.. අර විචිචූරණ බලුප් වැලක් එල්ලුව වගේ සිය දහස් ගුණයක් ලස්සනයි. අපේ පළාතේ ඇළ, ගංගා අයිං වල ඕන තරං බකිනි ගස්, තව ටික දවසකින් ඉතිං ගෙඩි..ඉදුනම කන්න බැරි තරම්. (හැබැයි මයෙ පුතාල තෝරලයි කන්ට ඕන ඕං..මොකෑ..පොඩ්ඩ ඇත්තං පනුව විදිනව නෙව)

බකිනි මලේ පුසුඹ, අපේ නාන්නැති එකාල, එකීල අතන මෙතන උලාගන්න සුද්දගෙ ‘සැන්’ ‘පවුඩර්’ වලට වඩා බොහෝම පංකාදුයි. බකිනි මලේ පාට, හැඩේ, සුව‍දෙ තම මොකක්දෝ පොඩි මෙව්ව එකකුත් දැනෙනව. ඔහෙලට කියන්න දවසක් අපේ චූටි නෑනන්ඩිගෙ ළඟත් ඔය පුසුඹ දැනුන. බොහෝම ඉස්සර...කොහෙද ඒක කියාගන්න බැරි වුනා නෙව. කොළඹ රටට ගියායින් පස්සෙ ඒකි ළඟන් ඒ පුසුඹ තොලෙංචි උනා. දැන් එන්නෙ නාහෙ කඩාන යන සැර ගඳක් ආයිබොවන්ඩ. (කටට ආවට කියවුනා..අපෙ අප්පච්චියේ..මේක අපේ මායියට ආරංචි වෙන්න තියනවා එහෙම නොවෙයි)

බකිනි මල හරි පොරසිද්ධයි...කලාකාරයො අතර. ගංකොරේ අපිට කලා කාරයො කියන්නෙ ආයිබොවන්ඩ අර කොළඹ රටේ ඉන්න ලස්සන සූකිරි සීනි බෝල වගේ නෝනල මහත්තුරු ටිකට නොවෙයි. ඒ ගැන පස්සෙ කියන්නංකො. ආං මාගාල්ල, මකුළුව, උණවටුන වැලිගං පත්තුව දිහෑ රේන්ද ගොතනව බවලත් ඇත්තො ටිකක්...ඒක පරංගින්ගෙන් (පංසල්, පාදිලි පල්ලි, මරක්කල පල්ලි, කෝවිල්, හැම තැනම වදින අපේ හිංගල උදවියට මං පරංගි කිවුවම නොතේරුනාද මන්ද...අර ඔහේල පුරුතුගීසි කාරයො කියන්නෙ..ආං ඒ හැතිකරේ තමා) ආපු කලාවක් බව හැබෑව. ඒත් පරංගින්ගෙන් ඉගෙන ගෙන දැං අපේ උන්දල ගොතන බීරලු මෝස්තර තමා..පිච්ච මල්, නෙළුම් මල්, කපුරු මල් සමනල මී මැසි වාගෙ සත්ත්ව මෝස්‌තර...ඒ අතරෙ හරි ජාති වැඩක් තමා බකිනි මල් රේන්දෙ, සමනල රේන්දෙ වාගෙ ඒව...සුලු පටු වැඩ නොවෙයි.

බකිනි ගහේ බකිනි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල්ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

ඩෝල්ටන් අල්විස් මහත්තෙය ලියාපු, එඩ්වඩ් ජයකොඩි මහත්තෙයයි පුණ්‍යා කත්‍රිආරච්චි නොනයි කියන මේ සින්දුව දන්නව ඇතිනෙ ඔහේල.

බකිනි ඇළේ සැර පාරේ - බකිනි මල් වැටී පාවේ....

ඒක ඉන්දිකා උපමාලි නෝනගෙ සින්දුවක් නේද?

ලා හරිත වෙල් යාය අග පිපුන
බකිනි මල් සොයා ගිය කෙලි රෑන
රන් පාට කරල් කපනා දිනෙක
කැපුනු පොඩි ඇඟිල්ලක් රිදි මතක
මේ වසන්තය මගේ නොවන බව
කියා දී සිතම අඩපණ කරයි..

කාලෙකට ඉස්සර අපූරු නිසදැස් පොඩ්ඩක් ගොතල තිවුන සුභද්‍රා ජයසූරිය කියල නෝන කෙනෙක්.

තණ අග දිදුල 
පිණි බිඳු දෙතොලගින් 
සිප සනහවා 
තුරු වැල් සෙමෙන් 
එතෙනා ලෙසින් 
සිහින් ඉඟටිය තෙරපවා 
පිනි වැහි පොදේ 
තෙමෙමින් සදේ 
බකිනි මල් කැකුලක් තලා
කෝ නුඹේ ඔය 
සිත උණුහුම තවත් මදි මැයි හිත කියා...... චමින්ද ගුණරත්න කියල කයිකාර මහත්තයෙක් කොහේ හරි එහෙම ලියල තිබුණ මතකයි

Chamila Liyanage

 

 

ඉස්සර අපි බකිනි ගෙඩි කෑවා මතකයි..

ඒත් දැන් බකිනි ගහක් දකින්න වත් නෑ.

ගොඩක් ස්තූතියි ලිපියට...

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
14 May 2015 09:05 PM
  •  Quote
  •  Reply
මමත් ඩක්කෙ අදමයි ...ගෙඩි කාලත් නැහැ... හොයගන්න ඔනෙ ගෙඩියක් කන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

kapila ranjith
Basic Member
Basic Member
Posts:115






--
17 May 2015 08:43 AM
  •  Quote
  •  Reply
Posted By Imalka on 08 Apr 2015 07:23 AM

මේ ඉන්නේ මල්ලිගෙ පුතන්ඩියා..දැනට අවුරුදු තුන හතරකට කළින් අල්ලපු පොටෝ කෑල්ලක් අපේ මිදුලෙදි. කොලුවා ඉදගෙන ඉන්නෙ මොකක් උඩද කියල පේනව ඇතිනෙ..කොලපතක් (සමහරු පුවක් කොලය කියන්නෙ) උඩ. අපිට තියෙන්නෙ ඇදගෙන යන්න. දරුවො දෙන්නෙක් නම් කොලපත් දෙකක් ඈදි කරවලා දෑතින් ඇදගෙන යන්න උනත් බැරි කමක් නෑ අතපය හයිය තියත අම්මෙකුට අප්පෙකුට.

මේ සිංහල සෙල්ලම් බඩු..පාවිච්චි කළා විසි කළා එච්චරයි..සති දෙක තුනෙන් පොළවට පස්වෙලා යනව. කොලපතෙන් ගන්න පොරෝජන ගැන පස්සෙ කියන්නං. අදත් හොද පුවක් කොලයක් පට්ට ගහල අව්වට දැම්ම...හෙට අනිද්දට පිටි කොටල හලන්න කාරිය තියනව නෙව.

තමුන්නැහැලට කියන්ට, දැන් මේ ටිකක් උගත් දෙමව්පියන්ට කාන්තා පත්තර වලිනුයි අරවැයිනුයි මේවැයිනුයි හරි ජාති අදහස් ඔලුගෙඩි වලට ඔබ්බල තියෙන්නෙ. දරුවො ඉල්ලන ඉල්ලන දේ දෙන්ට ඕනලු..එතකොටලු සමබර පෞරුෂන් වැඩෙන්නෙ. මේවට අපිට දෙකොනින් හිනා. පාරිභෝගික සංස්කෘතියේ තරම තමා මේ..තුට්ටු දෙකේ මනෝ විද්‍යාඥයො මුදලාලිගෙ උවමනාවට කියන කථා අහන අපේ සරුව පිත්තල අම්මල අප්පල පොලේදි අරෙහෙදි මෙහෙදි පොඩි එවුන් දකින ඉල්ලන හැම ප්ලාස්ටික් කෑල්ලම අරන් දෙනව..පැයයි දෙකයි..එක් අහකයි..නැත්නම් දවසයි දෙකයි. හැබැයි කොලුව හරි කෙල්ල හරි අවුරුදු දහයක් පහළොවක් වෙද්දී ආං සාලෙ පුරා ඌ නැත්නං ඒකි සෙල්ලම් කරපු සෙල්ලං බඩු ගොඩ කන්ද වාගෙ. ඉතිං ගේ පිලිකන්නෙ මඩුවක් වෙනම හෙවිල්ල ගන්න වෙනවා මේ ප්ලාස්ටික් ටික ගොඩ ගහන්න. මේ සෙල්ලම් බඩු සංස්කෘතිය නිසා දරුවන්ගෙ මනස අධිරාජ්‍යවාදී ආක්‍රමණයට නතුවෙන හැටි බුද්ධිමත් කෙනෙකුට අපූරුවට පේනව. ප්‍රශ්නෙ බුද්ධිමත් නොවීමනෙ. අනික අම්මල අප්පලට දරුවො නළවන එක මිසක් නලවන ක්‍රමය වැදගත් නෑ වගේ.

මොන අපරාධයක්ද ආයිබොවන්ඩ...පරිසරයට..අපේ හීන් එවුන්ට කෙලින්න අපේම සෙල්ලම් බඩු සංස්කෘතියක් තිබුන. කුරුම්බැට්ටි මැසිං...ගොක් කොළ නයි...පොල්පිති ගොන්නු....පැපොල් බට නලා....තුංකිඤ්ඤ දාලා වෙඩි තියපු බට තුවක්කු...(අපි ඒ සන්දියේ ඉස්කෝලෙ ගියෙ ආයුධ සන්නද්ධව...පොත් මල්ලෙ තුවක්කුව වැරදුනේම නෑ!!!) අවුරුදු කාලෙට නං උණ බම්බු වෙඩි...(අම්මප මං හිතාන ඉන්නෙ ඒවයෙ කෞතුකාගාරයක් දමන්න) .ඒ සංස්කෘතියට හෙන ගැහැව්වෙ පහුගිය කාලේ රට කොරපු මහත්තැන්ගෙ ඔලමොට්ටල ආර්ථික තිරණ නිසා.

 

චමිල ලියනගේ මහත්මාගේ ෆේස්බුක් පිටුවෙන් 

 

mama mea photo ekatanam godaakma asai matath thibuna A wage lassana athithayak...( nawatha yanna bari eka gana dukai )

thanks

 

 

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
17 May 2015 09:07 AM
  •  Quote
  •  Reply
දැන් නම් බකිණි මල් හොයා ගන්න හරිම අපහසුයි. ඇත්තටම බකිණි මල් පිපුනාම හරිම ලස්සණයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
14 Nov 2015 11:49 PM
  •  Quote
  •  Reply

 

එකිනෙකා හා අමනාප සිංහලයන් වුවද මළ ගෙයකදී පරණ තරහ මරහ අමතක කරති. ඒ සිංහල කමෙහි හැටිය. පැරිසියේ ප්‍රහාරයේදී අප ශෝකය පළ කරන්නේ ඒ සිංහලකම නිසා මිස ඊළඟ මානව හිමිකම් සැසියේදී අපට පක්ෂව ඡන්දය ඉල්ලන්නට නොවේ. සිංහලයා අභිමානය වෙනුවෙන් දිවි දෙන්නට සූදානම් වුවද ජයග්‍රහණ සිඟාකන්නට සූදානම් නැත. (මේ කියන්නේ සිංහලයන් ගැන විනා සිංහල නම් වලින් ඉපිද රට කරවන කරවූ, ඇමරිකන් අමුඩ ගසා ඊට උඩින් ජාතික ඇඳුම අදින හිපාටුවන් ගැන නොවේ)

මේ වෙලාවේ ප්‍රංශය ගැන යමක් කිව යුතුය. පළමුව අපි ඒ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අපේ කනාගාටුව පළ කරමු. මිය පරළොව ගියවුන්ට අජර අමර නිවන් සුව පතමු. අපි කිසිදු රටක ජනතාව සමග අමනාප නැත. අපට ප්‍රශ්න ඇත්තේ ඇතැම් විට ඒ රටවල අමන පාලකයන් සමගය. අහිංසක පුරවැසියන් බාගදා සිංහලයන් ම්ලේඡ්චයැයි සිතන්නේ ඒ රටවල පාලකයන්ගේ ස්ථාවරය, මාධ්‍ය මගින් පතුරුවන මතවාදය මත විය හැක.

ප්‍රංශයේ සිදුවීම ගැන අපි යටි සිතින් කාලකන්නි සතුටක් ලබන්නට තරම් නොමිනිසුන් නොවෙමු. නමුත් ලොව බලවතුන් යැයි කියා ගන්නා ඇතැම් අමනයින්ගේ පාහරකම්, කෑ පතේ පැහැරීම් නිසා අපේ සිත් වල සාධාරණ වේදනාවක් ඇත. අපේ රටේ හමුදාවන්ට එරෙහි මානව හිමිකම් චොදනා ගොනු කිරීම් වලදී ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර්ගේ ප්‍රකාශ ඒ වාර්තා වල ඇතුළත්ව තිබිණි. ප්‍රංශය අප වාර්ගික සංහාරයන්, සමූල ඝාතනයන් කලාය යන්න සපථ කිරීමට මානව හිමිකම් කවුන්සියල යන අධිරාජ්‍යවාදයේ මාළු ලෑල්ල වටා හිඳගෙන අත ඉස්සූවේය. අයිපල් කුළුන බෙදුම්වාදීන්ගේ අනවරත විරෝධතා පවත්වන තිප්පොලකි. අද ප්‍රංශය ඒ අයිපල් කුළුන යටම හැඬු කඳුලින් ඉටිපන්දම් පත්තු කිරීම දෛවෝප ගතය.

ප්‍රංශය තුළ යම් යම් තැන් වල තිබූ ඉස්ලාම් අන්තවාදයට එරෙහි හඬ 2012න් පසුව උත්සන්න විය. බුර්කාවට පවා එරෙහිව නීති සම්පාදනය විය. SIOTW (Stop Islamization Of The World) ප්‍රංශයේ සිටම පෙන්වා දුන්නේ පැරිස් නුවර සාම්ප්‍රදායික ප්‍රංශ පවුලක දරුවන් 1.8 පමන සිටියදී එහි මුස්ලිම් පවුලක දරුවන් 8.1 සිටිනා බවය! සුප්‍රසිද්ධ ඉතාලි ජාතික ලේඛිකා ඔරියානා ෆැලසි “යුරෝපය තවදුරටත් යුරෝපය නොවේ..එය යුරේබියාවයි. එය ආරාභි කොළනියක් වෙමින් ඇත“ යි කීවේ ප්‍රංශයට ඇහෙන මානයේ සිටය. සුප්‍රකට ලේඛක/පර්යේෂක වින්සන්ට කූපර් කීවේ 2050 වන විට එංගලන්තය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටක් වන බවය! මේවා ප්‍රංශ බලධාරීන්ට නොඇසුනිද? නැතිනම් නෑසූ කන්ව නිදිවැද්දාද? අවසානයේ ඔලමොට්ටල ප්‍රජාතන්ත්‍රවාදයටත්, මානව හිමිකම් කෙරුමන්ටත් තේරෙන භාෂාවෙන් ත්‍රස්තයා උත්තර දී ඇත. සරණාගතයින්ට සහන සැලසීම වැදගත්ය. එහෙත් සරණාගත කඩමාලු අස්සේ මාරයා පැමිනෙතැයි මානව හිමිකම් වෙනුවෙන් පණ දෙන්නට සූදානම් ප්‍රංශ බුද්ධි අංශ වලට නොවැටහුනිද? එසේ පැමිනි මාරයින්ට ලැගුම් ගන්නට පසුගිය දශක කීපයතුළ මුස්ලිම් අන්තවාදය පැරිස් නුවර සිය බෝවීම වැඩිකරගෙන තිබුනි! බුර්කා අඳින්නට පටන්ගෙන තිබුනි. ප්‍රංශය බුර්කා තහනම් කළද තව ඉස්සර වන්නට තිබුනා නම් යැයි දැන් සිතෙනවා විය හැක. අපේ මවුබිමේ මේ බොවීම් නොදැක්නා සේ සිටින, බුර්කා නොදැක හෙල්මට් තහනම් කරවන, බුරිය පෙනෙන්නට සාරි ඇදීම ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් කරගෙන සිටින හෝතම්බුවන් දැන් මොනවා සිතනු ඇත්ද? උන් මුකුත් නොසිතනවා විය යුතුය. මන්ද අපි අප පාලනය කරන්නට තෝරාගෙන ඇත්තේ 2004දී ලංකාවට සුනාමියක් එනවා යැයි ජපානයෙන් දැනුම් දුන්විට ‘සුනාමි‘ ‘පිලිගෙන‘ කැටුව එන්නට කටුනායක ගුවන් තොටුපොලට මල්මාලා සහිතව වාහන යැවූ පරම්පාරා වල එවුන්ය.

ප්‍රංශයට දෙමළ බෙදුම්වාදයෙන් තර්ජනයක් නැතැයි ප්‍රංශය සිතනවා විය හැක. එහෙත් අපි මේ අවස්ථාව ප්‍රංශය යමක් උගත යුතු අවස්ථාවක් බව සිහිපත් කරමු. ජාතියක් ගනු දෙනු කල යුත්තේ ජාතියක් සමග මිස ජාතියක් ජන්මයක් නැති ත්‍රස්තයන් සමග නොවේ. එසේ වන්නේ නම් ඒ ත්‍රස්තයින්ගේ ප්‍රහාර වලටද සූදානම්ව සිටිය යුතුය. රජිව් ගාන්ධි දෙමළ ත්‍රස්තයන් හුරතල් කලේය. අවසානයේ ඒ ත්‍රස්තයින්ම රජිව්ට නියම ත්‍යාගය දුන්හ. විජිත රොහනගේ රයිපල් පාරට වඩා ඒ ත්‍යාගය වටින්නේය. අද බෙදුම්වාදයට පන නල පිඹින ප්‍රංශය වේවා ඊනියා බලවතුන්යැයි කියන සියල්ලන්ටම ඒ අනතුරු ඇගවීම කරමු. ඊළඟ ඉලක්කය නිව්යෝක් විය හැක.. වොෂින්ටන් විය හැක... ලන්ඩන් විය හැක...ඔස්ලෝ විය හැක... හේග් විය හැක.

සිංහලයන් ප්‍රංශයට සහයෝගීතාව පළ කිරීම, දුක්වීම අපි හෙළ නොදකිමු. එහෙත් අපේ ඇතැම් මිත්‍රයින් පෙන්වා දෙන පරිදි සමහරක් ප්‍රංශය වෙනුවෙන් මහා පරිමාන “යාඥා මඩු“ අරඹා ඇත්තේ, ඒ විපත ගැන දුක්වීමේ සීමාවන් අභිභවා යමිනි. ඊට හේතුව අයිපල් කුළුනද, ප්‍රංශයේ මැරී ඇත්තේ සුද්දන් වීමද, ප්‍රංශය පට්ට සීතල රටක් වීමද, නැතිනම් පරම්පරා කීපයකට කලින් යටත් විජත සමයේ සිදුවන්නට ඇතැයි සැක කළ හැකි සංසේචන ප්‍රශ්නයක් දැයි අපි නොදනිමු. අරුමය නම්, ත්‍රස්තවාදය සිංහල හෝ අහිංසක දෙමළ පුරවැසියන් බුරුතු පිටින් මරද්දී නැති වූ තෙතමනය දැන් ඒ පපු වලට ගලා ඒමය. සුනිල් රත්නායකලා පොරකයට යද්දී, මුරුගේසු පහිරදී ලා ගෙදර යද්දී, දරුණු ත්‍රස්තවාදීන් නිදහස් වෙද්දී නොතිබුනු ත්‍රස්ත විරෝධයක් දැන් මතුවීමය. එහෙයින් එය සංසේචන ප්‍රශ්නයක් වීමට බොහෝ ඉඩ තිබේ. කොටියාගේ කුරුම්බැට්ටි මැෂින් බුඩු බුඩු ගාමින් කොළඹ ඇවිත් බෝම්බ දමද්දී ප්‍රංශ නායකයෝද කොටි කොළඹ අල්ලාගන්නා තුරු බලා සිටින්නට ඇත. අද ප්‍රංශයට යාඥා කරන අපේ ගෝතයෝද යුද්ධය නවත්තන්නැයි කොළඔ සිට උද්ගෝෂනය කරන්නට ඇත. (භික්ෂූණ් වහන්සේ කිහිප නමක් හැරුණු විට වෙනත් එකෙක් උද්ගෝෂන කරන්නට කිළිනොච්චි තබා රඹෑව හන්දියෙන් එහාට නොගියහ)

තවත් කීප පොලක් මෙහිදී සිහිපත් කළ යුතුය. එකෙක් එංගන්තයේ මිලිබෑන්ඩ්ය. අනෙක් පුද්ගලයා එංගලන්ත අගමැති කැමරන්ය, හිලරිලාද, ඔබාමලාද, මූන් ලාද, පිල්ලේලාද, හුසේන් ලාද ඒ ලැයිස්තුවේ සිටිති. ඒ සියල්ලෝ අප (අප මේ කතා කරන්නේ සිංහලයන් ගැන විනා සිටි හෝ සිටින දේශපාලකයන් ගැන නම් නොවේ) පොරකයට දක්කන්ට පිඹුරුපත් සැකසූවෝය..අත් දෙකම උස්සා සහය දුන්නෝය. සිය චරපුරුෂයන් ලංකාවේ ස්ථාන ගත කළෝය. එසේ කරමින් ත්‍රස්තවාදය, බෙදුම්වාදය අන්තවාදය නම් නයි පොලොගුන් රෙද්ද අස්සේ දමා ගත්තෝය. ඒ නයි ඕනෑම වේලාවක පරල වී දෂ්ට කිරීමට ඉඩ තිබේ. මිත්‍රවරුණි ඔබේ ප්‍රොෆයිල් පින්තූර නිති මාරුකරමින් යාඥා කරන්නට සූදානමින් සිටින්න.

ප.ලි - ( සිංහලයිනි - - සිංහලයේ ආධ්‍යාත්මික බලය අවදි වෙමින් ඇත. තෙරුවනේ සත්‍යානුභාවයෙන් ....ඒ රාවණ හෝ මේඝනාද විය හැක. කළුකිරිඅම්මා හාමීන් වහන්සේ විය හැක...මහාසේන හෝ උත්පලවන්න විය හැක...දේශීය වශයෙන්ද ව්දේශීය වශයෙන්ද සිංහලයාට සිංහලයට එරෙහි වන්නෝ නැසෙති...වැනසෙති...පැරදෙති. එය එසේමය!! යහපතෙහි නිරතවෙමින්, උත්තරීතර මාතෘ භූමිය වෙනුවෙන්ද, පීතෘ ජාතිය වෙනුවෙන්ද, උපස්තර ශාසනය වෙනුවෙන්ද ඔබේ ආධ්‍යාත්මික ප්‍රාර්ථනා දවසකට වරක් හෝ විශ්වයට මුසු කරන්න! පරිත්‍රාණ සජ්ඣායනයෙහි නිරත වන්න!)

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
15 Nov 2015 12:03 AM
  •  Quote
  •  Reply
තස්ත්‍රවාසීන් විසින් අහිංසක මිනිසුන් සිය දහස් ගණන් මරද්දී අවදි නොවුනු මිනිසුන් දැන් තමයි අවදි වෙලා තියෙන්නේ..
මේ වගේ තත්ත්වයක අප රට තුල තිබුණ බව ඔවුන්ට දැන් අමතක වෙලා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
15 Nov 2015 05:11 PM
  •  Quote
  •  Reply
අපට අයෙත් මෙවැනි කාලයක් ලග එන බවයි පෙනෙන්නෙ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Nov 2015 10:34 PM
  •  Quote
  •  Reply
මේ යනවිදිහට ගියොත් වැඩිකල් යන්න ඉස්සර මුළු ලෝකයම මුස්ලිම් වෙන එක සිකුරුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Chandima
Advanced Member
Advanced Member
Posts:509






--
17 Nov 2015 06:39 PM
  •  Quote
  •  Reply

harawath lipiyakne dala tiyenne

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
18 Nov 2015 05:17 PM
  •  Quote
  •  Reply
ane manda loke hemathanama udda dan .
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
06 Mar 2016 07:43 AM
  •  Quote
  •  Reply
මහා විජයබාහු රජතුමාගේ කතාව



දෙවඥයකුගෙන් අනාවැකියක්

හිරු අහසේ ගිනිගනිමින් තිබිණ. තුරු වදුලින් සෙවණ වූ තැනෙක ගල්තලාවක් මත වැතිර එදෙස බලා සිටි කීර්ති කුමරාට මෙසේ සිතිවිල්ලක් නැඟිණ.

හිරු තමා ගිනි ගන්වාගෙන ලෝකයේ අඳුර පලවා හරියි.

මේ තුරු මුදුන් අව්වට වියළී පහළ වූ කුඩා තුරු ලතා පද්ධතියට සෙවණ සලසයි.

අනාගතයට වැඩකිරීම ස්වභාව ධර්මයේ ද අගනා බලාපොරොත්තුවකි. මුළු මහත් සිරිලක චෝල අධිරාජ්‍යයේ ගින්නෙන් දැවෙමින් තිබුණ ද අප කරන කාර්යය කුමක්ද? අපේ උරුමය රැකදෙන්නට ඔටුන්නක් නැත.

චෝලයන් ඒ ඔටුන්න අපෙන් උදුරාගෙන ඇත. නිවටකමින් හෝ බියගුලුකමින් ජීවත්වීමෙන් මේ රටට සිදුවන්නේ මහත් විපතෙකි.

පස්වැනි මිහිඳු රජු අල්ලාගෙන චෝල දේශයට ගෙනයාමත් සමඟ ම රුහුණට පැන ගිය වික‍්‍රමබාහු කුමරා අට අවුරුද්දක් තිස්සේ ම රුහුණේ සේනා සංවිධානය කළ ද, චෝලයනට එදිරි සටනට පෙර ඒ රජු මිය යාම රුහුණේ සිංහලයන්ගේ බලාපොරොත්තු කඩ වී ගිය තවත් අවස්ථාවක් විය. කීර්ති කුමරා දැන් රකින බුදල්නා වික‍්‍රමබාහු රජුගේ සෙනෙවියෙකි.

ඔහුට මිතුරු කිත්ති නම් වෙනත් සේනාපතියෙක් ද සිටියේ ය.

ඔව්හු චෝලයනට එදිරි සටන සඳහා සේනා සංවිධානයේ අනලස් වූහ.

කුමරුවා මරා දමන්නට පැමිණි සොලීන් මරා දැමීමෙන් පසු බුදල්නා හෙවත් බුද්ධරාජ නම් මහා වීරයා පනාකඩුව මොරවක් කෝරලේ මලය පර්වත පාදයේ වන ගහණයේ තව තවත් සේනා සංවිධානයේ යෙදී සිටියේ ය.

සොළීනට එරෙහිව සටන් වදින බුද්ධරාජ ගේ තෙදබල පිළිබඳව මුළු මහත් රුහුණේ ම යශෝරාව නැංවිණ. මේ අතර සොළීන් පරදවා බලයක් රඳවා සිටි ලෝකේශ්වර (ලෝක) නම් තරුණ නායකයෙක් ද සිටියේ ය.

අනුරාධපුර රාජධානියේ ලම්බකර්ණ වංශයට උරුම වුණු ඔටුන්න ගැන කිසිදු තැකීමක් නොකළ ලෝකේශ්වර තම අභිමතාර්ථ සාධනය සඳහා ම උනන්දු වූවෙකි.

තනිව රුහුණේ රජවීම ඔහුගේ එකම අරමුණ වී ය.

මෙයට තදින්ම කිපුණු බුද්ධරාජ හා ලෝකේශ්වර අතර දබරයක් පැන නැංගේ ය. බුද්ධරාජට අවශ්‍ය වූයේ නැතිවී ගිය රජ උරුමය නැවත නඟා සිටුවීමට සිංහලයන් පෙලැඹවීමට ය.

බුද්ධරාජ ලෝකේශ්වර හා කෙළින් ම සටනට නොගොස් ඒ සඳහා කල් යල් බැලීය. ඒ සොළීන් පලවා හැරීමට තරම් ලෝකේශ්වරට සටන් ශක්තියක් ද තිබූ හෙයිනි.

තැනින් තැන සේවා සංවිධානයේ යෙදුණු බුද්ධරාජ හුණ්ණසාලා (හුණුවර) නම් ජනපදයට ගොස් එහි සිටියහුන් තමන් වෙත නතුªකරගන්නේ සිංහල රටේ නියම අයිතිය එක්ව මිස වෙන් වෙන් වී ලබාගත නො හැකි බැව් පෙන්වා දෙමිනි.

මේ ධීර වීර සිංහලයාට අරාජික රටේ දේශපෙ‍්‍ර්මී ජනතාව ගේ නොමඳ සහාය ලැබිණි. මලය රට කඳු පාමුල රැඳුණු බුද්ධරාජට ප‍්‍රදේශයේ උපන් වීර සිංහලයන් නිසා මහත් බලයක් වී ය.

මේ කාලයේ බුද්ධරාජ විසූ පෙදෙසේ සංඝ නම් නායක දෙවඥයෙක් ද සිටියේ ය. ඔහු අනාගතය දක්නට ශක්ති ඇත්තෙකි. බුද්ධරාජ වෙත පැමිණි සංඝ වරක් මෙසේ ප‍්‍රකාශ කළේ ය.

”මා හිමි මුගලන් සාමි මඟින් එතුමන්ගේ වැඩි මහලු පුත් කීර්ති කුමාරයාගේ ජන්ම පත පිරික්සීමි. එතුමා මහත් පුණ්‍යවන්තය.

බලයෙන් වීර්යයෙන් පිරිපුන්ය. නුවණැත්තේය. වික‍්‍රමවත්ය. ලක්දිව තබා දඹදිව වුවද රාජ්‍ය එක්සත් කරන්නට තරම් පුණ්‍ය ශක්තිය හා චිත්ත ශක්තිය ද ඇත්තේය.

මේ වචන ඇසූ බුද්ධරාජ බෙහෙවින් තුටු පහටු වී චෝලයන් පලවා සිංහලය යළි නඟා සිටුවන සටනට තවත් වීරවරයෙක් සිටී යැයි උදාන කතාවක් කී ය.

මේ රට චෝලයන්ගෙන් බේරා මව් බිසව බලන්නට එන බවට ප‍්‍රතිඥා දෙමින් වනයෙන් පිටමංව ගිය කීර්ති කුමාරයා ද සිටියේ මුල්සල නම් ගමක ය.

කීර්ති කුමරා ඉගෙනීමෙහි සූරයකු නිසා ශිල්ප ශාස්ත‍්‍ර ඉගෙනුමට හා කාව්‍ය ශාස්ත‍්‍රයට නැඹුරු වූ සිතින් එහි රහස් තැනෙක සැඟවී ඇති බව මේ වන විට ද බුදල්නා හෙවත් බුද්ධරාජ හොඳින් දැන සිටියේ ය. රහස් පයිංඩයක් කීර්ති කුමරුවා වෙත යැවීමට හෙතෙම වහාම පියවර ගත්තේ ය.

පයිංඩයෙන් උද්දාම පත් සොළෙස් හැවිරිදි (16) කීර්ති කුමරු දුන්න පමණක් රැගෙන රහසේම සිරිවග්ග පිට්ඨි (සිරිවග පිටිය) ගමට පැමිණ බුද්ධරාජ හමු විය. මේ වනවිට බුද්ධරාජ සෙන්පතියාට එක්වූ අය අතර මිහිඳු රජ කාලයේ පටන් ම චෝල බලයට එරෙහිව කටයුතු කළ රාජ සභාවේ නියුක්තව සිටි කිත්ති නම් තවත් ප‍්‍රබලයෙක් ද විය.

සේනාව සංවිධානය කරගත් කීර්ති කුමරා පළමුවෙන්ම කළේ බුද්ධරාජගේ උදව් ඇතිව රුහුණේ එවකට නායකකම් දැරූ ආත්මාර්ථකාමී ලෝකේශ්වර සතුව තිබුණු බෝවල (බෝධිවාල) නම් ගමට හේවායින් යැවීමය. මේ බව දැනගත් ;ල¤කේශ්වර ද කීර්ති කුමරා මැරීමට සේනාවක් එවී ය.

කීර්ති කුමරා කුඩා කල පටන්ම සංග‍්‍රාම සූරයෙකි. කුමරාගේ සංග‍්‍රාම උපදේස හා සටන්කාමිත්වය හමුවේ ලෝකේශ්වරගේ සේනාව හිරු දුටු කදෝපැණියන් මෙන් අන්තර්ධාන වූහ. ඔවුන් හිස් ලූ ලූ අත දිවුවේ ජීවිත දානය ඉල්ලමිනි.

අනතුරුව ක‍්‍රමයෙන් කුමරාගේ බලය සොළෙස් කලා පිහිටා නැගෙන චන්ද්‍රයා පරිද්දෙන් නැඟුණේ සිංහල ජන ප‍්‍රධානීන් හා සිංහලයන් බුරුතු පිටින් එම සේනාවට එකතුª කරමිනි. ටික දවසකින් මුළු මහත් මලය රට මුළුල්ලම තමනට යටත් ප‍්‍රදේශ බවට පත්කර ගන්නට මේ කුමරා දක්ෂයෙක් වීය.

මේ අතර තවත් වතාවක් ලෝකේශ්වර සේනාවක් රැගෙන සටනට ආවත් එම සටනින් ද පැරද ඔහු පලාගියේ පැමිණියාටත් වඩා වැඩි වේගයකිනි. කීර්ති කුමාරයා ගේ සේනාවට බැඳෙන සිංහලයෝ දිනෙන් දින වැඩි වූහ. තමනට මේ කුමාරයා හැර වෙනත් ගැලවුම්කරුවකු නැතැයි තේරුම්ගත් ලක්වැස්සන් පුදුමාකාර උනන්දුවකින් ජවයකින් කටයුතු කරන බව පෙනිණ.

මේ අතර මකුගමු නම් ගමෙහි කීර්ති නම් ඇමැතියකුගේ පුතු දේවමල් නම් සෙන්පතියෙක් නෑදෑයන් හා තම අනුගාමිකයන්ද සමඟ කීර්ති කුමරුට එක් විය.

ඊළඟට බුද්ධරාජ හා දේවමල්ල සමඟ සේනාව ද කැටුව කීර්ති කුමරා පැමිණියේ රත්මල්කන්ද නම් ස්ථානයකටය. එහි කඳවුරක් බැඳගත් කුමරු වෙත රුහුණු වැසි ඇමැතිවරු සිය සේනාද සමඟ පැමිණ එක්වූහ.

මලය මණ්ඩලයේ සියලු තැන්හි අණසක පැතිරූ කීර්ති කුමරුගේ යසෝරාවය ලෝකේශ්වරට මහත් හිසරදයකි.

ඔහු වඩාත් දොම්නසට පත්වූයේ තමනට පක්ෂපාතව සිටි ඇතැම් පිරිස් ද කීර්ති කුමරු වටා පෙළගැසීම නිසාවෙනි.

එනිසා නැවතත් කුමරු පරදවා බලය ලබාගැනීමට ලෝකේශ්වර උනන්දු විය. හෙතෙම මහත් යුද්ධ සේනාවක් මලය රටට එව්වේ කීර්ති හම ගසා දමනවා යැයි උදම් අනමිනි.

ඒත් එම සේනාව මලය රටට ඇතුළුවත්ම කීර්ති කුමරුගෙන් එල්ල වූ ප‍්‍රහාරය හමුවේ බොහෝ දෙනකුගේ හිස් අහිමි විය.

රුධිර ගංගා මහපොළොව තෙත් කළේ ය. මේ සටනින් කුමරාගේ විස්මපත් සටන් උපක‍්‍රම තේරුම්ගත් ලෝකේශ්වර යුද්ධ කිරීමේ ආසාව අත්හැර දමා නිහඬ විය.

නිහඬතාව මහත් රණඝෝෂාවක පෙර නිමිත්තක් විය හැකියැයි සැක කළ කුමරා ඔහුගේ සයවැනි රාජ්‍ය වර්ෂයේ දී ලෝකේශ්වර පරලොවට යැව්වේ ය.

ලෝකේශ්වරගේ මරණයෙන් පසු කේශධාතු නායක කස්සප (කසුබ්) නමැත්තෙක් නැවතත් රුහුණෙහි රජවීය.

පොලොන්නරු පුරයෙහි විසූ සොළී අධිපතියා මේ බව දැනගත් වහා ම මහා සේනාවක්ද රැගෙන කස්සප හා යුදයට ගියේ ය. ඒ වනවිට බලවත් ව සිටි කස්සප රජු කිසිදු අපහසුවක් නැතිව සොළීන් පලවා හැරියේ කීර්ති කුමරු මෙන්ම වික‍්‍රමාන්විත සටන්පාමිනි.

කේෂධාතු කස්සප යන විරුදාවලිය එක්තරා රදළ පෙළපතක් සඳහා යොදාගත්තක් බව ගයිගර් මහතා පවසයි.

සොළීන් පරදා මහත් උද්දාමයට පත් කසුබ් කතරගම ද යටත් කරගත්තේ ය. හෙතෙම රුක්පහන් (රක්වාන) සීමාවෙහි තම ආරක්ෂාව සඳහා බලසෙනඟ රඳවා තෙමේ කතරගමට ගොස් විසී ය.

මේ අතර කීර්ති කුමරු පස්යොදුන් රට ආදී පෙදෙස්වල ජනතා සහාය ලබමින් කසුබ් හා සටනට එළැඹිණි. කතරගම සිදුවූ මහ සටනකින් අනතුරුව කසුබුට ද තම හිස අහිමි විය.

ඒ වනවිට කුමරු සතළොස් විය එළැඹුණා පමණි.

ලක්දිව පරසතුරන්ගෙන් මුදාගැනීමට නම් සොළීන් දිනා ඉන් හිස උදුම්මා ගත් මෙවැනි ප‍්‍රාදේශික පාලකයන් යටත් කළ යුතු බැව් ඇත්තකි.

“සියල්ලො එකම අරමුණකින් එක ධජයක් යටතේ සතුරාට එරෙහිව සටන් වැදිය යුතුය” කුමරා නිතර මන්ත‍්‍රණය කළ පාඨයකි.

කස්සප පරාජය කිරීමට කුමරාට හැකිවුව එය තරමක් අපහසු සංග‍්‍රාමයක් විය.

කස්සප ද බලවත් රජෙකි. ඔහු මුලදී කුමාරයාට විරුද්ධව සිප්පත්ථල දක්වා පැමිණියේ ය.

ප‍්‍රදේශයේ වැස්සන්ගේ සහය ලැබුණේ ඉතා මඳ වශයෙනි.

හේතුව සිංහල ජනතාව කීර්ති කුමරා සටන්වදින්නේ හුදු බලලෝභය නිසා නොව මේ මුළුමහත් සිංහලය චෝලයන්ගෙන් බේරාගැනීම සඳහා යැයි තේරුම්ගෙන සිටි නිසා ය.

කස්සප එවර කතරගම අත්හැර බදිරංගණී බලකොටුව දක්වා පසුබැස්සේ ය. එහෙත් ඔහු හඹා ආ කීර්ති කුමරු කස්සප හා කළේ ඉතා බිහිසුණු සටනෙකි.

කීර්ති කුමරා මෙහෙයවූ අසු මෙන්ම කසුබ්ගේ අසු ද පෙරළිකාරයෝ වූහ.

කඩුපත් ‘ටං ටං’ හඩින් ගැටෙද්දී අසුන්ගේ කුර ද එකට ගැටිණ.

උන් උස් හඩින් හේෂාරව නැඟුවේ පාදවලින් දූලි කැටි නංවමිනි.

කසුබ් දුන් කඩු පහරින් කුමරාගේ හිස බේරුණේ නූලෙනි. ඉතා උපායශීලීව අසු මතම පිටුපසට වන්නට නිමේෂයකින් දිගඇදුණු කීර්ති කුමරු විදුලියක් මෙන් යළි නැංගේ කසුබ් ගේ හිසට කඩුපත එල්ල කරමිනි.

උස් ගහකින් වැටෙන තල්ගෙඩියක් මෙන් සිඳුණු ඒ හිස බොල් හඬක් නඟමින් බිම වැටිණි.

කවන්ධය ද ඒ අසුටම පෑගුනේ කුමරුන්ගේ පහරින් කසුබ්ගේ අසුද කලබලවීම නිසා ය.

මුළු රෝහණය යටත් කළ කීර්ති කුමරු දේවමල්ල හා බුද්ධරාජ දෙදෙනාගේ සහායෙන් තවත් වසරක් පමණ ඇවෑමෙන් 18 වැනි වියෙහිදී විජයබාහු (කි‍්‍ර.ව. 1055-56) යන රාජකීය නාමයෙන් රෝහණයේ රජකම ලබා ගත්තේ ය.

විජයබාහු යන්නෙහි තේරුම “විජයග‍්‍රහණයේ හස්ත ඇත්තා” යන්න ය.

සටන් බිමෙන් පලායෑම උපාය මාර්ගයක් කරගනී

මහා විජයබාහු නමින් රුහුණේ රජ බවට පත් කීර්ති කුමරා තෙළෙස් වියේ පටන් රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව බිම් පියසේ රැකවරණ ලැබූ බව දැනට හමුවී ඇති ශිලාලේඛනවලින් පැහැදිලිය.

1948 දී බෝගහදෙණිය නම් කුඹුරේදී ගොවි මහතකුට හමුවූ පනාකඩුව තඹ සන්නස පුංචි කාලයේ තමා රැක සිටි වීරවරයා සිත්නරු බිම් බුදල්නා හෙවත් බුද්ධරාජ හා එම පවුල වෙනුවෙන් යම් යම් ප‍්‍රදානයන් කළ රාජ ආඥාවක් සහිත එකකි. අනුරාධපුර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අදත් සුරැකිව පවතින මේ තඹ සන්නසේ බර රාත්තල් 2 කුත් අවුන්ස 2 1/4 කි. පියලි 3 කි.

මෙහි බස සිංහල බසට සමාන වන අතර එහි උසස් භාෂා ලක්ෂණ ඇති බවද, එසේම එම බස් වහර 10, 12 සියවස්වලට කිට්ටු බවද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතානයෝ කියති. මෙහි ඉතා උසස් පබැඳුම් සහිතය.බුද්ධරාජ නමැති මහා වීරවරයාත් ඔහුගේ අනුශාසකයනුත් ඒ කාලයේ ජීවත්වූයේ රුහුණේ මොරවක් කෝරලයේ පනාකඩුව ග‍්‍රාමයෙහිය.

පසුව කුඹුරක තිබී හමුවූ බව කීව ද මුල් කාලයේ මේ බිම බුදල්නා වාසය කළ ගෘහය තිබූ තැන යැයි ඇතැම් ඉතිහාසඥයෝ සැක පහළ කරති.

’පනාකඩුව‘ යනු ඓතිහාසික වශයෙන් අතිශය වැදගත්කමක් සනිටුහන් කරන වදනකි.

සොළීන්ගේ බලය හේතුකොටගෙන 11 වැනි සියවස මුල්භාගයේ දී වනගත ව සිටි මුගලන් රජ පවුල ආරක්ෂා කොට පෝෂණය කිරීම පිළිබඳව කළගුණ සැලකීමක් වශයෙන් විජයබාහු රජතුමා බුදල්නා නමැති වීරවරයාට දෙන ලද රාජ වරප‍්‍රසාද පැහැදිලි කරන ලේඛනයයි.

මේ සන්නස් පත‍්‍රය නිකුත් කරන ලද්දේ රජුගේ රාජ වර්ෂයෙන් වසර 27 කට පසුවය. එනම් 1082 දීය.

රජතුමා තමා හා රජ පවුල අතීතයේ විඳි දුක් ගැහැට පිළිබඳව මෙහිදී කෙටියෙන් සඳහන් කැර ඇත. මානුෂික හැඟීමෙන් පණ පෙවුණු වදන් මාලාවක් එහි දැක්ක හැකිය.

බුදල්නා පරපුරේ කවුරුන් වුවද කෙතරම් දෝහයක් කළත් ඔවුන් දෙස රවා බැලීම් මාත‍්‍රයක්වත් නොකරන හා නොකරවන ලෙසත් ඔවුන්ගෙන් පෙත් පමුණු ආදී බදු කිසිවක්ම අය නොකරන ලෙසත් මේ සන්නසින් ප‍්‍රකාශයට පත්විය.

විජයබාහු රජතුමා රුහුණු මහා මණ්ඩලයේම රජු බවට පත්වී කි‍්‍ර.ව.(1055) තවත් වසර 27 කින් අනුරාධපුරයේදී මේ තඹ සන්නස් ප‍්‍රදානය කළ බැවින් එනම් කි‍්‍ර.ව. (1082 දී) ප‍්‍රදානය සිදුව ඇති නිසා මේ ගැන දැනට වැඩිදුර විග‍්‍රහයකට යාම නුසුදුසුය.

එය කළ යුත්තේ විජයබා පොලොන්නරුව ජය ගැනීමෙන් අනතුරුව කරන විග‍්‍රහයකදීය. ඒ නිසා නැවතත් කතරගම හා රුහුණු රජකළ 18 වියැති විජයබාහු තරුණ කුමරාගේ පටන් කතාවට පිවිසෙමු.

කතරගම රාජධානිය කැරගෙන විජයබාහු රජතුමා රජකම ආරම්භ කරන ලද්දේ ප‍්‍රාදේශීය රජකු වශයෙනි.

කුඩා කළ රජකුමරකු වශයෙන් ද, අනතුරුව ආදිපාදවරයකු ලෙසින් ද තෙවනුව රජකු වශයෙන් ද අත්දැකීම්වලින් පූර්ණ වූ එතුමා ශක්තියෙන් හා නුවණින් මුහුකුරා ගියේය. එය රාජ්‍යයක් උසුලන්නකුට අවශ්‍යම සුදුසුකමකි.

මුගලන් මහාසාමි වූ තම පියාට උරුමය තිබූ කිරීටය පසුපසම හඹා ආ රණශූර විජයබාට එනමුදු රාජ සභාවක් පිළිබඳව හෝ රාජ්‍ය කටයුතු පිළිබඳව හෝ දැනීමක් ද නොවීය. රජ ගෙදර හැදුණකු නොවුණු නිසාවෙන් එතුමාට ඒ කටයුතු විචාරීම එක්වරම අපහසු වන්නට ඇත.

නායකත්වය හා අභීතකම අවංකකම ප‍්‍රතිපත්තිය ආදී ගුණයන්ගෙන් පිරිපුන් මේ රජුට ස්වපාක්ෂික අධිපතීන්ගේ් හා අනුගාමිකයන්ගේ ගෞරවාදරය නිතැතින්ම ලැබිණි.

ඉදිරි කාලයේදී මුළු මහත් චෝල අධිරාජ්‍යය කඩුගෑමට තරම් බලසම්පන්න දිරියක් තිබුණෙන් ස්වදේශික දේශපෙ‍්‍ර්මි ජනතාව තව තවත් එතුමා වටා රොක්වූයේ මීමැසි ගුලක රැජින වටා මැසි සමූහයා එක්වන පරිද්දෙනි.

රුහුණේ බලයට පත්වුව ඔටුනු නොපැළැඳි විජයබාහු රජතුමා ගේ එකම අදිටන වූයේ සොළී බලය මෙරටින් නෙරපා බෞද්ධ බලයක් මේ රටේ නැවත ස්ථාපිත කිරීමයි. සිය අණින් බෙර හසුරුවා තමන් අභිමත පරිදි ඇමැති මඩුල්ලක් ද පත්කැරවා ගත් රජතුමා මංගල කතාවේදීම මෙසේ කීවේය.

”රජරට අප මුතුන්මිත්තන්ගේ් දේශයයි. ඒ දේශයේ දැන් සිටින්නේ ඉන්දියාවේ වීරරාජේන්ද්‍ර හා රාජරාජ නමැති බලවත් සොළී රජුන්ගේ සොළී ජනරාල්වරයෙක්. ථූපාරාමය, අභයගිරිය, රුවන්වැලිසෑය ආදී අපේ බෞද්ධ මහා චෛත්‍යයන් වගේම සිරිමහ බෝ සමිඳුන් දැන් සොළීන්ගේ් කිලිටි දෑතින් අපවිත‍්‍ර වෙලා.

ඔවුන් කඩු ගෑ දමන තුරු මට රජකමෙන් වැඩෙක් නැත. ඇමැතියති වහ වහා සේනා සංවිධානය කරව්. ගම් දනව් සිසාරා බෙර හඬ පතුරව්. රුහුණු දේශය රැකගන්නා ගමන් ම අප රජරටට සීරුවට කඩා වැදිය යුතුයි. සොළී ජනරාල්වරයා බොටුවෙන්ම අල්වා ගත යුතුයි.

රජුගේ වේගවත් කතාව අසා සිටි දේශපෙ‍්‍ර්මි රුහුණු වැසියෝ ඔල්වරසන් දුන්හ. ඔවුන්ගේ අත්පොළසන් හඬ බොහෝ වේලාවක් යනතුරු පැවතිණි.

විජයබාහු රජු රජරට හැර රටේ අස්සක් මුල්ලක් නෑර සේනා යවමින් කරුණු පැහැදිලි කරමින් කළ මේ සංචාරය වඩාත් ඵලදායී එකක් විය. රටවැසියන් ප‍්‍රමෝදයට පත්ව රජු වටා පවුරක් මෙන් බැඳිණි.

විජයබාහු කෙමෙන් සිරිලක එක්සත්කම ඇති කරමින් රුහුණේ් රජ වී ඇති බව දැනගත් රජරට සොළී ජනරාල්වරයා මහත් සේ කිපුණේය. ඔහු වීර රාජේන්ද්‍ර හා රාජ රාජ නම් ඔවුන්ගේ ප‍්‍රධාන චෝල අධිරාජ්‍යයේ රජවරුන්ට මේ බැව් දැන්වීය.

එදා චෝලයනට ඉන්දියාවේ හා වෙනත් දේශ දේශාන්තරවල විශාල පිරිස් බලයක් තිබිණි. ඔවුන් විශාල නැව් හමුදාවක් මෙරට පිටත් කර එවා අනුරාධපුරයේ සිටි ජනරාල්වරයාට උදව් කළේය.

විජයබා තවදුරටත් රටේ කොතැනකටවත් පැන ගත නොහෙන පරිදි අල්ලා බැඳ ගත යුතුයි. නැත්නම් දුටු වහාම මරා දැමිය යුතුයි. වීර රාජේන්ද්‍ර සේනාව බාර නායකයාට ගුගුළේ ඇසූ දුටුවන් මවිත කරවන තරමේ කම්පනයකිනි.

නැව් මඟින් ආ චෝල හමුදාව අනුරාධපුරයේ දී සොළී ජනරාල්වරයාගේ හමුදාවට එක්විය. මේ බල සේනාව විජයබා රජුගේ සේනාවට වඩා සිවු ගුණයකින් පමණ විශාල වූවකි.”රුහුණු කතරගම විනාශ කොට මිස මෙහි එන්නේ නෑ මෙරට සොළී ප‍්‍රතිරාජයා කීවේය. මහ බලසෙනඟක් රුහුණට එවීමට කටයුතු කළ තෙමේ අනුරාධපුරයේ නතර විය.

පොලොන්නරුවේ සිට රුහුණට ආ මේ සොළී හමුදාව අති විශාල වූයෙන් විජයබා එකවර තම සුළු සේනාව ඔවුන්ට එරෙහිව මෙහෙයවන්නට කල්පනා නොකළේය. රණශූර උපාය මාර්ගයේ දක්ෂතා ඇති විජයබා සංග‍්‍රාමයේ දී මෝඩ විදියට සටන් කරන්නකු නොවේ. එතුමා දෙතුන්වතාවක්ම කල්පනා කැර මෙය සටන් කිරීමට අවස්ථාව නොවන බව තේරුම් ගත්තේය.

ඇමැතියෝ ද පලායනු යෙහෙකි රජතුමනි, යැයි උපදෙස් දුන්හ.

කඳුකර වනාන්තරය විජයබාහුට හොඳින් හුරු පුරුදුය. එතුමා කඳුකර වනාන්තරය හරහා රැකවරණ පතා සේනාවද කැටුව පලාගියේය. ඒ තම පිරිස සතුරන් විසින් මරා දමනු ලැබීම නොරිසි නිසාවෙනි.

රජු කතරගමින් පිටව ගිය බව දත් සොළීහු මහත් ප‍්‍රීති ඝෝෂා නැඟූහ. පාළු නිවසක වළං බිඳින්නාක් මෙන් ඔව්හු කතරගම කොල්ල කෑහ. සිත් සේ සුරා බී නැටූහ.

කඳුකර වනගහනය හරහා පලා ගිය විජයබා රජු තඹලගම සිය වාසය කැර ගත් බව පෙනෙයි. මේ තඹලගම පිහිටා ඇත්තේ ගිංගඟ ඉහළ ප‍්‍රදේශයේ බටුවංගලට නුදුරුව ගාලු දිසාවේ හිනිදුම්පත්තුවේ බව ‘1921 ලංකා ජනගහනය’ නම් පොතෙහි සඳහන්ය.

මෙ කියන තඹලගම මහාවංසයෙහි සඳහන් වන තඹලගම ම නම්, දක්ෂිණ දේශයේ මායිමේ, රෝහණයේ බටහිර දිගින් විජයබාහු රජුගේ බලය මහත් සේ කේන්ද්‍රගතව තිබූ බව ද පෙනෙයි.

විජයබාහුගේ පැනයාම ගැන ලඝු කොට සිතීම වැරැදිය. ලංකාවේ මෙතෙක් ඉතිහාසය බිහිකැර ඇති විශිෂ්ටතම උපායමාර්ග විශේෂඥයා ලෙස සිරිලක සහමුලින්ම බලගතු විදේශීය අධිරාජ්‍යයක තර්ජනයට ලක්ව සිටි අවස්ථාවක ක‍්‍රමානුකූල සන්නද්ධ අරගලයක් කරන සැබෑ මිනිසකුගේ කතාව මින් කියැවේ. එහි පලායාමද එක් අංගයක් විය හැකිය.

රුහුණු සිංහලයෝ යුද්ධයට සූදානම් වෙති

කතරගම පුරවරයේ ගොඩනැඟිලි සුන් බුන් ගොඩක් බවට පත්වී තිබිණ. ඇතැම් විහාරාරාමවල චෛත්‍ය පවා හාරා එහි වූ වටිනා නිදන් බඩු සොරා ගත් සොළීහු පූජා භූමියේ ම සුරා බී නැටූහ.

කෙත්වතු උයන්වතු පුලුස්සා කාලයකට නැවත නගරය ගොඩ නඟා ගත නොහැකි වන පරිද්දෙන් මුළු මහත් රුහුණු පුරවරය ම දවා හළු කළ සොළී හේවායෝ අහිංසක සිංහල කාන්තාවනටද හිරිහැර කළහ.

කදිරගාමන්තෙයි කොල්ලෙයි අඩිත්තාලුම් එමග්ගු ඉංගු ඉරුක්ක මුඩියාදෙ – නාන්ගල් උඩනඩියාහ මීන්ඩුම් ජයනාථපුරම් පෝග වේන්ඩුම් යැයි සේනාංකය බාරව සිටි ප‍්‍රධාන සොළී සෙන්පතියා හඬ නැඟුවේ ය.

එහි සිංහල අරුත කතරගම කොල්ලකෑවත් අපට මෙහි ඉන්න පුළුවන්කමක් නෑ. අප නැවත ජයනාථපුරයට යා යුතුය යන්නයි.

එදා පොලොන්නරුව හැඳින්වූයේ ‘ජයනාථපුරය’ යන නමිනි.

කතරගම කොල්ල කෑ නමුත් එහි රැඳීම අනතුරුදායක බව දත් සොළී හේවායෝ නැවතත් පොලොන්නරුවට ම ගියහ. මලය රට දුර්ගය අතැර නැවත සේනා සංවිධානය කිරීමට යුහුසුලු විය යුතු යැයි සිතූ විජයබාහු රජතුමා තම සේනාවත් සමඟ හම්බන්තොට පෙදෙසෙහි සිප්තල හෙවත් සිප්පත්ථල නම් ගමට පැමිණියේ ජනතාවගේ මහත් ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ ය.

තම ආධිපත්‍ය එතෙක් පැවැති පෙදෙස සොළී පහරින් හෙම්බත් වී ගිය හැටි දුටු රජු කම්පා විය. සොළීන් රට සූරාගෙන කෑම නිසා රුහුණු රට බෙහෙවින් දුප්පත් වී තිබිණ.

මෙය රජතුමාගේ විමුක්ති සටනට ඉමහත් බාධකයක් ද වූ අතර ඒ වනවිට දකුණු ඉන්දියානු සොළී දේශය බෙහෙවින් පොහොසත් වී තිබිණ. ඔවුන්ගේ කෝවිල් ආදිය නඩත්තු වූයේද අපේ දේශයෙන් ඇද ගත් සම්පත්වලිනි.

රටේ සම්පත් ඇතිකැරගැනීම රජුගේ පළමුවැනි අභිප‍්‍රාය වීය. විමුක්ති සටනක දී වැසියන් සාගින්නෙන් බේරාගැනීම යුතුකමකි. එනිසා කෙත්වතු උයන්වතු හා වෙනත් දේශීය වැවිලි යළි නැංවීමට එතුමා උනන්දු විය.

මාතර, හම්බන්තොට හා කතරගම සියලු හිස් ඉඩම්වල වගා සංග‍්‍රමයක් ඇරැඹිණි. වැවිලිකරුවනට හා ගොවීනට රජුගෙන් බොහෝ සම්මාන සංග‍්‍රහ පිරිනැමිණි.

ඉදිරියේදී සිදුවීමට නියමිත විමුක්ති සටන ගැන ඉවෙන් මෙන් වටහා ගත් රුහුණු සිංහලයෝ එකිනෙකා පරයා නැඟෙමින් වී, කුරුඳු, තල, මෙනේරි, කුරක්කන් මතු නොව වෙනත් වන වගා ද කළහ. දේශීය කර්මාන්ත ආදියෙහි ද නව පිබිදීමක් ඇතිවිණි.

සිප්පත්ථල වාසය කරමින් මේ ආකාරයෙන් රටේ නිෂ්පාදන ධාරිතාව නංවන රජුගේ සේනාව අතිමහත් වූහ. සේනා සංවිධානය අතින් වඩාත් සතුටු විය හැකි වුව අවි ආයුධ නිෂ්පාදනය පැත්තෙන් වැසියා තුළ වූයේ තරමක් ඇල් මැරුණු ගතියකි.

එනිසා රජු අවි ගබඩාහල්, කම්හල් පිහිටුවා සටනක් ඉදිරියේ ඇති බව පෙන්වා දුන්නේ ය.

කෙතරම් දුනු හී, කඩු, හෙලි, තෝමර තිබුණත් වෙනත් දියුණු විදේශීය රටක අවි ආයුධ සොළී අධිරාජ්‍යයේ බිහිසුණු අනතුරට මුහුණ දීමට අවශ්‍ය බව එතුමාට වැටහිණි.

මේ අතර සිප්පත්ථල කඳවුරු ගමේ සිටි රජතුමා වෙත පයිංඩයක් රැගෙන ආ අශ්වාරෝහකයෙකි. ඔහු අසු පිටින් බැස ඉතාම යටහත් පහත් ලෙස ආචාර කෙළේ ය.

පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස, හිනිදුම්පත්තුවේ ගිංගඟ බඩ කුඹුරක වැඩ කරමින් සිටි ගොවියන් තිස් ගණනක් සොළීන් යමින් ගමනදී මරා දමා තිබෙනවා.

එමතුද නොවේ රජතුමනි, ඇඹුල ගෙනා ගෙවිලියන් ද කුඩා දරු පැටවුන්ද විසි ගණනක් කුඹුරු ලියද්දේ කපා කොටා දමලා.

මෙබස් ඇසූ රජුගේ කෝපය දැඩි විය. සොළීන් යමින් ගමන කරන මේ නොපණත්කම් ගැන මෙන්ම පැමිණ කළ අපරාධ ද හේ ගිනියම් කෙළේ ය.

අපේ දුනු හී තෝමරවලින් පමණක් මේ සොළීන් පරදවන්න බෑ. මොවුන් බුරුතු පිටින් නසා දැමීමට අපට විදේශවල මිත‍්‍රත්වය ඇතිකරගන්නට වෙනවා. ඔවුනගේ ආධාර උපකාර ආයුධ ඇතිවයි ඔවුන්ගේ බලය සුනුවිසුනු කරන්නට වෙන්නෙ.

විජයබාහු රජු ගේ මෙබස් ඇසූ ඇමැති ගණයා ද එය අනුමත කළාක් මෙන් හිස් දෙපසට වැනූහ. එහෙත් රවිදේව හා චල යන රජු ගේ ප‍්‍රධාන සේනාපතිවරු ඊට තරමක් එකඟ නොවූහ. චල එකත්පස්ව සිට මෙසේ පැවැසීය.

මහරජතුමනි, ලෝකේශ්වරයා හා කේශධාතුක කසුබ් සමඟත් සටන් කළෝ අපමය. එහිදී අප පණ පෙවූ හී තෝමර තවමත් තියුණු ය. ඔවුන්ගේ බලවත් සේනාවන් නසා රුහුණු පුරය ගත්තාක් මෙන් අපට රජරට ද ඒ ආයුධයෙන් දිනිය හැක්කේය…

එබසින් තවත් දිරි පත් රවිදේව මෙසේ කීයේ ය.

සොළී සේනාවට මුහුණ දී ගත නොහී මධ්‍යම කඳුකරයට පලා යාමට අණ නොලදින් නම් අපි ඒ මුවහත් කඩුපතින් ගසා ඔවුන් දිනන්නෙමු.

රජ සන්සුන්ව සේනාපතියනට පිළිවදන් දුන්නේය.

ඇමැතියනි, ඔබගේ ආත්මශක්තියට මම හිස නමමි. ඒත් උපායශීලී බව අන් හැමටම වඩා අගනේය. කේශධාතුක කසුබ් හෝ ලෝකේශ්වර ප‍්‍රාදේශීය රජවරුන්ය. ඔවුන් සතු හමුදා ශක්තිය ද ආයුධ බලය ද හීන ය. එබැවින් ඔවුන් දිනීමට අපට හැකිවිය. එහෙත් චෝලයන් දිනීම එතරම් පහසුවක් නොවන බව තේරුම් ගත යුතුය. ඒ සඳහා ක‍්‍රමානුකූල සැලැස්මක් ඇතිව සටනට පිවිසිය යුතුයි.

එසේ කී රජ නැවත සේනාපතිවරුන් දෙස බැලුවේය. ඔවුන් ද නිශ්ශබ්දව සිටියේ එබස් පිළිගත් බව අඟවමිනි.

මේ රජු වෙනත් රජුනට වඩා බොහෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදීය. රජුගේ වචනය නීතිය වන කාලයක වුව එතුමා තීන්දු ගන්නේ බොහෝ කල්පනා කිරීමෙන් පසුවය. චල හා රවිදේව යනු විජයබා රණශූරයාගේ ප‍්‍රධානතම සෙන්පතිවරු වෙති. ඔවුන් ආත්මාභිමානය අභීතකම නිසාම උපායශීලී නොවන්නේ යැයි රජුට කල්පනා වන්නට ද ඇත.

විදේශ රටවල් කීපයක් සමඟ වාණිජ සම්බන්ධතා පැවැත්වීම අනාගතයේ චෝලයනට එදිරි සටනට විශිෂ්ට උපකාර ලබාදෙන මඟක් විය හැකි යැයි කල්පනා කළ විජයබා මුලින් ම ඒ සඳහා තෝරාගත්තේ බුරුම දේශයයි.

ඒ වනවිට විජයබා රජුගේ බල කලාපයට යටත්ව තිබූ නැඟෙනහිර හා දකුණු වෙරළ තීරයේ නාවික හා වෙළෙඳ කටයුතු ද හොඳින් කි‍්‍රයාත්මක ව තිබිණ. එවකට රාමඤ්ඤ දේශයේ (බුරුමය) රජු ලෙස ඔටුනු පැළැඳ සිටියේ අනෝරථ හෙවත් අනුරුද්ධ නම් කෙනෙකි.

චල හා තවත් විසි ගණනක කණ්ඩායමක් සකස් කළ විජයබා එම පිරිස අමතා මෙසේ කීයේ ය.

මේ විශේෂ මංජුසාවල තැන්පත් කැර ඇති වටිනා මුතු, මැණික් හා ඇත්දත් අනෝරථ රජු වෙත ඉතාම ගෞරව බහුමානයෙන් පිරිනැමිය යුතුයි. දෙරටේ ඇති වෙළෙඳ ගනුදෙනු පිරික්සා මිත‍්‍රශීලී දෑත් ඔවුනට දිගු කරන්න. මේ මගේ අවවාදයයි.

රජුගේ ප‍්‍රකාශයට පිළිවදන් ලෙස චල මෙසේ කීයේය.

මහරජුනි, බුරුමය පිරිසුදු බෞද්ධ රටක්. අප රටට වන හානිය ගැන ඔවුන් කම්පා වී ඉන්නෙ. අපේ වෙහෙර විහාර සොළීන් කඩා දමන විට අපට වඩා වේදනාවෙන් ඔවුන් සොළීන්ගෙන් පළිගැනීමට හිතනවා. එනිසා ඔබේ අරමුණු සාක්ෂාත් වනු නිසැකයි.

චල කවදත් රාජ්‍ය තන්ත‍්‍රණයේ හා මිනිස් සම්බන්ධතා ගොඩනැඟීමේ දක්ෂයෙකි. ඔහුගේ මේ ප‍්‍රකාශයෙන් රජු උද්දාම වූයේය. චල දකුණු වෙරළින් නැව් නැඟ බුරුම දේශයට යාත‍්‍රා කැර දින තුනකින් පමණ නැවත මෙහි ආවේය.

මහරජ, ඔබතුමාගේ මිත‍්‍රත්වය ගරු කළ අනෝරථ රජතුමා අපට බොහෝ සෙයින් සලකන ලද්දේය…. කී චල සේනාධිපතියා එම රජු විසින් දෙන ලද සඳුන්, කපුරු හා වෙනත් විවිධ භාණ්ඩ රැගත් නැව් කීපයක් දැන් වරායට පැමිණ ඇතැයි ද කීවේ මහත් සතුටකිනි.

මේ නැව් නැවැත් වූ වරාය පිහිටියේ හම්බන්තොට ය. පාණ්ඩ්‍යයන් විසින් හා අග්නිදිග ආසියාවේ ශ‍්‍රී විජය රාජ්‍යයේ “මලයිවරුන් විසින් සපයන ලද නැව් උපයෝගී කැර ගනිමින් වෙළෙඳ සම්බන්ධතා ඇතිකැරගත් විජයබාහු රජතුමා ඒ සමඟ පැමිණි සෙබළුන් ද නොයෙක් පඬුරු දී තමන් වෙත යොමු කරවා ගැනීමට සමත් විය.

මලයිවරුන් ලෙස හැඳින්වූවේ ශ‍්‍රී විජය අධිරාජ්‍යය පිහිටි මලයා අර්ධද්වීපයෙහි මිනිසුන් විය හැකිය. මේ අධිරාජ්‍යයේ වැසියනගේ ප‍්‍රධාන කාර්යය වූයේ වෙළෙඳ්‍රම් හා නැව් කර්මාන්තය බව ඉතිහාසඥයෝ කියති. ක‍්‍රමානුකූලව තමාට අවනත විසල් බළකායක් සකසා ගත් රජතුමා තවත් ටික කලෙකට පසුව තම්බල ගමෙහි කඳවිටි ගසා ගත්තේය. තම්බලගම යනු ගිංගඟ ඉහළ හිනිදුම් පත්තුවේ ගාලු දිස්ති‍්‍රක්කයට අයත් ගමෙකි.

මේ විජයබා රජු රුහුණෙහි රජවී දසවැනි රාජ වර්ෂය පසුකරමින් සිටි කාලයයි. එනම් 1065 වසරය. මේ කාලයේදී සොළීනට යටත්ව තිබුණු රජරට පෙදෙසේ සිංහල වැසියෝ සොළී රජුට එරෙහිව කටයුතු කරන්නට පටන් ගත්හ. ඔවුහු රජරට සොළී ප‍්‍රතිරාජයාට ගෙවිය යුතු බදු මුදල් පවා නොගෙවූහ.

විජයබා රජුගේ සූක්ෂ්ම යටි උපායමාර්ග ඊට හේතු විය. සොළී ප‍්‍රතිරාජයා වෙනුවෙන් අයබදු එකතු කළ ඇතැමුනට රජරට වැසියෝ පහර දුන්හ.

රජරට හැර වෙනත් සියලු භූමිභාගවල ලක්වැසියන් තම එකම රජතුමා වශයෙන් පිළිගෙන තිබුණේ විජයබා නරවිරුවාය. රජරට ගිනි පුපුරු මතු කරන්නට හේතුවූයේ විජයබාගේ දක්ෂ සෙන්පතිවරුන් විටින් විට එහි එවන දූතයන්ගේ පණිවුඩවලිනි.

රජරටෙහි දුර්භික්ෂයක් හෝ අගහිඟකමක් නොතිබිණ. එහෙත් එහි ජනතා පැතුම වූයේ ද සොළීන් මෙරටින් පලවා හැර අපේම රජකු යටතේ ඒකරාශී වීමයි.

විජයබාහු රජු චෝල පාලකයනට එරෙහි වූවනට විවිධ ආධාර අනුබල දෙමින් තෙමේ ද, එතෙක් කරගෙන ගිය යුද්ධෝපක‍්‍රම පවා වෙනස් කරමින් රජරට සටනට කල්යල් බලමින් සිටියේය.

අපේ රට අපට ඉතිරි කැර තොපි පලයව්. අපේ වෙහෙර විහාර රැකදියව්. රුහුණු දේශය අද කොච්චර සාමකාමී ද? මෙහෙ හැමදාම අපේ සිංහල විරුවො මරා දමනවා. අපේ කෙත්වතු උයන්වතු ගොවිබිම් පාළු කරනවා. අප සතු සම්පත් උන්ගේ රටට ඇද ගන්නවා. අපි විජයබා රජුට පක්ෂපාතව මුන්ට අයබදු පවා නොගෙවා කැරැලි කෝලාහල ඇතිකළ යුතුයි.

විජයබා නරවිරුවාට පක්ෂපාතව එසේ කියමින් ජනතාව පෙළගැස්වූ රජරට ගොවි නායකයකු ඊට සතියකට පසුව එම ගොවි බිමේම මරා එහි කිරි ගසක එල්ලා හිසට හීවලින් විද රුහිරය වැගිරෙන්නට සලස්වා තිබීම මේ රජරට වැසියන්ගේ කලබලයට ආසන්නතම හේතුවක් වන්නට ඇත. රජරට වැසියනගේ මේ හදිසි නොසන්සුන්තාව හා විරෝධතාව ගැන මහත් සේ කිපුණු දකුණු ඉන්දියාවේ සිටි රාජරාජ සොළී රජු කැරැල්ල මැඬ පැවැත්වීමේ අරමුණින් ඉතාම ප‍්‍රබල සේනාවක් නැවත මෙරට එවීය.

එහි ප‍්‍රධානයා වශයෙන් කටයුතු කළේ රාජරාජ මහ රජු ගේ ප‍්‍රධාන සෙනෙවියෙකි. මෙසේ නැව් නැඟ ආ සොළී සේනාව (මහාතිත්ථයට (මාන්තයි) තොටුපළින් ගොඩ බැස එතැන් පටන් ලක්වැසියනට හිංසා කරමින් රජරටට පැමිණ එහි ද රටවැසියන් මරන්නට වූහ.

පලටුපාන පර්වතයේ දී සොළීන් හා මහ හටනක්

රජරට වැසියන් බුරුතු පිටින් මරා දමනු ලැබූ බව ඇසීමෙන් – විජයබාහු රජු ගේ හෘද ස්පන්දනය දැඩි විය. ඒ අහිංසක මිනිස් ඝාතන ගැන කම්පාවෙනි.

වීර සිංහලයිනි, මා වෙත රොද බැඳගනිල්ලා. ජීවිතය ගියත් මෙවර නම් සොළියාට අපේ කෙත්වතු, ගොඩනැඟිලි විනාශ කරන්නට ඉඩ දෙන්නේ නෑ. අන්තිම සිංහලයා දක්වා සටනට වැදී රාජරාජගේ බල පරාක‍්‍රමය විනාශ කරමු. උන් නිසැකවම ඊළඟට හැරෙන්නේ රුහුණු බිමටයි. එකෙක් නෑර පෙති ගසන්නට කඩු මුවහත තබාපල්ලා.

රජුගේ වේගවත් කතාවෙන් දිරිගත් සිංහලයෝ එකා පරයා එකා නැඟී සොළියා එන මඟ අහුරා සිටියහ. රටේ වැසියන් මර්දනය කළ සොළී සේනාව ඊළඟට හැරුණේ රුහුණු දේශයටය.

ංචතූර්ය නාදයෙන් රුහුණු පුරය රාව ප‍්‍රතිරාව නැංවීය. එක් එක් පෙළට සංවිධානය වූ ඇත්, අස්, රිය පාබල හමුදාවෝ සීරුවට ප‍්‍රාකාරයක් මෙන් සිටියහ. විජයබාහු කොඩිය ඔසවා ගත් වීර සිංහලයෙක් එය තමා නැඟ හුන් ඇතුගේ කුම්භස්ථලය මත පළඳනාවේ ගැට ගැසුවේය.

සාමාන්‍යයෙන් රජු සිටින ස්ථානයේ කොඩිය රැඳවීම සිරිත වුව සතුරන් ගේ එක පැහැර අවධානයෙන් මිදීමට රජු ට සෙනෙවියන්ගෙන් එසේ කිරීමට උපදෙස් ලැබී තිබිණ.

සොළීන්ට විරුද්ධ මහා සටනකට දැන් සිංහලයා සූදානම් ය. එහෙත් රජු එතෙක් සටන් සංවිධානය කළ ස්ථානය බලා දූතයකු ඉගිලී ආවේ අජානේය අසකු පිටිනි.

අසු පිටින් බට දූත හේවායා අශ්වයාටත් වඩා හතිලමින් මෙසේ කීවේය.

මහරජුනි, ඉතාම අසුබ ආරංචියක් ඔබ වහන්සේට කියන්ඩ සිදුවී තිබෙනවා. ඔබතුමා රැකවල් තැබූ පෙදෙස්වල සිටි අපේ මහ සෙනෙවිවරුන් දෙදෙන රවිදේව හා චල දැන් රාජද්‍රෝහීන් වී අවසානයි. ඔවුන් දෙදෙනා අද හිමිදිරියේ වීර රාජේන්ද්‍ර හා රාජරාජ සොළී රජුන්ගේ මෙරට සොළී ප‍්‍රතිරාජයාට එකතු වුණා.

එබස් ඇසූ විජයබා රජුගේ දෙනෙත් මහත් විය. නළලෙහි දා බිඳු වටයක් මතුවිණ.

චල හා රවිදේව කළ නොමනා කි‍්‍රයාවට නිසි දඬුවම් ලැබෙනු ඇත. සිංහල හමුදාව යනු රවි හා චල පමණක් නොවේ. තවත් වීර සිංහල සෙබළුන් දස දහස් ගණනක් අප සතුව සිටිනවා. නුඹගේ ආරංචියට පැසසුම් කළ ද මා ඉන් මොහොතක් වත් සැලෙන්නේ නෑ.

එසේ කී රජු සේනාවෙන් ටිකක් ඈතට ගොස් ගස් සෙවණක තුරුලතා මඬුල්ලක සුවය විඳිමින් මොහොතක් එතැන වූ ගල්පුවරුවක ඇලවී හුන්නේය. විවේක විශ‍්‍රාමය ගැනීම මෙවැනි අවස්ථාවක රජුන් කළ කාරියකි.

දිය පිපාසාවෙන් හඬන නියං කොබෙයියෙක් රජු සිටින ඉසව්වෙන් කෑ ගසාගෙන ඉගිලිණ.

චල හා රවිදේව මගේ සේනාවේ බලවත් දෙදෙනෙක්. චල බුරුම දේශයේ අනෝරථ රජ හමුවීමටත් ගියා. මොවුන් මෙසේ සේනාවෙන් ඉවත ගියේ මගේ වරදක් නිසා වෙන්නට පුළුවන්ද? ඔවුන් කළ කතාබහවලින් මා රැවැටුණා. දැන් අප රැඳිය යුත්තේ ඈත සිට සතුරු හමුදාව එන බව දැකගත හැකි කිසියම් උස් ගිරි කුළු ඇති ස්ථානයකයි.

මෙසේ සිතූ විජයබාහු රජතුමා ඒ සඳහා වඩාත් සුදුසු කුමන තැනැක් දැයි සෙනෙවියන් විමසීය. මේ සිදුවීම වන විට එතුමන්ගේ ප‍්‍රාදේශීය රාජ්‍ය පද ප‍්‍රාප්තියෙන් 11 වසර පසුවූවා පමණි. එනම් කි‍්‍රස්තු වර්ෂ (1066-67) කාලයේ දීය. සෙනෙවිවරුන් යම් යම් ඉසව් පෙන්වා දුන්න ද ඒ එකම ස්ථානයක්වත් ඊට උචිත යැයි සංග‍්‍රාම සූර විජයබා කල්පනා නොකළේය.

මේ හටන කළ යුත්තේ සිතුල්පව්වට කිට්ටු පලුට්ඨගිරියේ බව රජු තීන්දුවක් ගත්තේය. අඩු සේනාවකින් වුව වැඩි පිරිසක් මර්දනය කළ හැකි මේ දුර්ගය වඩා වැදගත් තැනෙකි. වත්මනෙහි මඟුල් මල් විහාරය ලෙස හැඳින්වෙන්නේ මෙම ස්ථානයයි.

රජුගේ රාජප‍්‍රාප්තියෙන් 11 වසර එනම් (1066-67) කාලයට හරියටම 37ත් වසරකට පෙර වීර සිංහල සෙනෙවිවරු දෙදෙනකු චෝලයනට එරෙහිව සටන් මෙහෙයවා තිබුණේද පලුට්ඨගිරියේ ය.

අනතුරුව විජයබා පලුට්ඨගිරියෙහි කඳවුරු බැඳ සිටියේ චෝලයන් රුහුණට එන තෙක් මහ සටනකට අරඅඳීමිනි.

සිංහල සෙන්පතිවරුන් දෙදෙනකු තමන්ට පක්ෂපාතීවීම මුළු රුහුණම තමා සන්තක වූවා සේ සොළී ප‍්‍රතිරාජයා සිතුවේය. චල හා රවිදේව ඉහළින් උත්තමාචාර දක්වා පිළිගත් හෙතෙම ජයඝෝෂා නැඟුවේ මහත් ප‍්‍රීතියකිනි.

විජයබාගේ මරණ මංචකේ ඇවිත්…. ඔවුන්ගේ සෙබුල්ලු අපේ ළඟට එන්නෙ ඒකයි. යටත්වන හැම සෙන්පතියෙක්ගේ ම ජීවිතය මා බේරා ගන්නවා. උම්බලා බය නැතිව හිටපල්ලා… ඔහු මධුවිත බඳුනක් තොල ගාමින් කැඩුණු සිංහලයෙන් කීවේය.

චල හා රවිදේව යන වීර සිංහල සෙන්පතියන් මෙවැනි අඳබාල කි‍්‍රයා මාර්ගයක් ගනීවි යැයි සිංහලයා කවරදාවත් සිතුවේ නැත. උත්තමාචාර දක්වා පිළිගත්ත ද ඔවුනට සොළී සේනාවේ ලැබුණු හරසර ටිකින් ටික දියවී ගියේ කෙටි කලකිනි.

ස්වභාවික දුර්ගයන්ගෙන් හා කඳුවලින් ද දියඇලිවලින් ද වට ව තිබූ බැවින් අවටින් කිසිවකු පැමිණෙද්දී ඈතදීම දැක බලාගත හැකි අලංකෘත පලුට්ඨගිරි හෙවත් පලටුපාන පර්වතය සතුරනට පහරදීමට මහඟු ස්ථානයකි.

මෙතැන සිට සාර්ථක ලෙස සොළීනට මුහුණදීමටත් ඔවුන් හදිසි මෙන් ම බිහිසුණු ප‍්‍රහාරයකට ලක් කිරීමටත් පිළිවන් බව දත් රජතුමා සටනට සැරැසී බලසෙනඟ සමඟ සිටියේය.

විජයබා රජ පලටුපාන හෙවත් පලුට්ඨගිරියට පැමිණ කඳවිටි ගසා ගෙවී ගියේ හෝරා 72 ක් පමණි. සොළීහු පලටුපාන පර්වතය වටකළහ. විජයබාගේ සංග‍්‍රාම ශිල්ප කිසිත් නොදත් සොළී හේවායෝ බුරුතු පිටින් නවීන ආයුධ ඇතිව දිව එන්නට වූහ. ඈත සිට සොළී සේනා පර්වතය වටකරනු දුටු විජයබා එතෙක් ගස් අතර බැඳ තිබූ ආරක්ෂක අට්ටාලවලට නැඟ සිටින්නට දුනුවායනට උපදෙස් දුන්නේය. තවත් පිරිසක් පවුරක් ලෙස ගසින් වැසුණු තැන් තැන්වල රැඳවීය.

ඉදිරියට දිව එන සොළී සේනාව අතරට මුලින්ම ප‍්‍රහාරයක් එල්ල වූයේ දුනුවායන්ගෙනි. ඔවුන්ගේ තියුණු හීසර සුළඟටත් වැඩි වේගයෙන් සොළීන් සොයා එන්නට විය. හීතල වරුසාවෙන් බේරීමට වදුලට පිනූ සොළියෝ වදුලේ රැක සිටි සිංහල හේවායන්ගේ කඩුපතින් වෙන්විණ.

ඊතල පපුව මත රුවා ගත් සොළියෝ පලටුපාන පර්වත පාමුල කෙසෙල් කඳන් මෙන් ඇද වැටුණාහ. හෙලි, තෝමර අතැති වීර සිංහලයෝ සොළීන් අතරට පැන ඔවුනට පහර දුන්නේ යක්ෂාවේශයෙනි. රණශූර විජයබා සොළී නායකයන් පසුපස හඹා ගියේ විදුලි වේගයෙනි.

අට ඉස්බක් ඉහළට පිනීමට සමත්කම් පෑ රජු සොළී සේනාවේ බලවත් නායකයන් කීපදෙනකුගේම හිස් සින්දේ අහස් කරණම් ගසමිනි. මරහඬ දුන් සොළියෝ සිංහල සේනාවේ ධීර වීර සටන් අබිමුව අසරණ වූහ. ගල්තලාව මුදුනතින් ඇද වැටෙන විශාල ගල්කුට්ටි සොළී සේනා අන්දමන්ද කළේය.

රජුගේ අශ්ව සේනාවේ – සෙන්පතියෝ දුවන සොළීන් පසුපස ම හඹා විත් ඔවුන් දෙපලු කළහ. සොළී රුහිරු ගංගාවෙන් පලටුපාන ගිරිය තෙත්විය. සොළී සේනාපතියා නැඟ සිටියේ ප‍්‍රබල සෙන්ධවයකු පිටය.

සොලී ප‍්‍රතිරාජයා පසුපස සිංහල සේනා හඹා ආවත් පණ බයේ හැල්මේ දිවෙන හෙතෙම තම සේනාව ද අමතක කොට නැවත ජනනාථපුරය පෙදෙසට දුවන්නට විය. ඔහුගේ උගුරත් කටත් වියළී ගොස් අසු පන්නාගත නොහී ගොරබිරම් ලෙස වියළි හඬක් නැඟීය.

සොළී භටයන්ගේ සිරුරු තැන් තැන්වල වැටී තිබිණ. කඩුපත්වලින් කැපී ගිය ඇතැම් සොළියෝ විලාප නඟමින් සිටියහ. වියළි හිරු රැස් වැටුණු ගල්තලාව සොළී රුහිරයේ පිලී ගඳින් නැහැවිණ. නොබෝ වේලාවකින් ම සටන අවසන් වී නමුත් රජුගේ කෝපගින්න නිම නොවීය.

මාගේ වීර සෙන්පතියනි, තෙපි කෙසේ හෝ පැන යන සොළී ප‍්‍රතිරාජයා අල්ලා හිස ගසා ගත යුතුයි. ඒ හිස මා වෙත ගෙනා යුතුයි. නායකයාගේ හිස ගැනීමෙන් මිස රාජේන්ද්‍ර හෝ රාජරාජට රිදවිය නොහැකියි. එසේ කී රජ මොහොතක් කල්පනා කැර මෙසේ අණ කළේය.

මේ ජරපත් සිරුරු කාකයන්ට හෝ කැනහිලුන්ටවත් නොවටිනු ඇත. එනිසා මේ පලටුපාන පර්වතය අවට සොළී සිරුරු මිහිදන් කරන්න.

පලටුපාන පර්වතය සේදිණ. සොළී සේනාවේ සිරුරු දහස් ගණනක් මිහිදන් කැරිණ. මහා වික‍්‍රමාන්විත විජයබා මේ සටන කළේ ද සොළී සේනාව මෙන් තුනෙන් එක් කොටසක සේනාවක් ඇතිවය. එහෙත් එතුමාගේ මර උගුල් හා ආරක්ෂක උපක‍්‍රම සිංහල සේනාවට විශිෂ්ට ජයක් අත්කැර දුන්නේය.

තෙපි, දැන් ජය පැන් බීවාට මගේ වරදෙක් නැතැයි කී විජයබා චල හා රවිදේව එතැන නොසිටියේ මන්දැයි සමීපයේම සිටි සෙන්පතියකුගෙන් විමසීය.

මහරජ, චල හා රවිදේව සොළී හමුදාවට එක් වූ නමුත් පලුට්ඨගිරිය වට කිරීමේ දී ඔවුන් පැන ගියා. දැන් ඔවුන් දෙදෙනාට සොළී ප‍්‍රතිරාජයාත් නෑ. සිංහල සේනාවත් නෑ. හෙතෙම කීවේ රජුගේ මුවට මන්දස්මිතයක් ද මතු කරවමිනි.

විජයබාහු කොඩිය ඔසවා ගත් සිංහලයෝ පලටුපාන පර්වතය වටා දිව පනිමින් ප‍්‍රීතිසාද පැවැත්වූහ. හොරණෑ හේවිසි නාද ද තැනින් තැන නැඟිණ. සාර්ථක යුද්ධයෙන් ප‍්‍රමුදිත ජනතාව දෙස බැලූ විජයබා රජ සොළී ප‍්‍රතිරාජයා අල්ලාගත නොහී කම්පාවෙන් සිටියේය.

පැරැදුණු චෝල පිරිසේ සේනාපතියා පලා යද්දී රාජභටයෝ හෙතෙම තඹවිටිගමදී අල්ලා ගත්හ. ඔහු සතුව තිබුණු අශ්වයා හා වෙනත් යාන වාහන හා වෙනත් වස්තූන් ද රාජභාරයට ගැනිණ.

සිංහල සෙන්පතියකු වූ අතුල සොළී ප‍්‍රතිරාජයා බොටුවෙන් අල්ලාගෙන දෙතුන් විටක් පොළොවෙහි ගැසුවේය. ඔහුගේ සෙන්ධවයා ද රාජභටයෝ අල්ලාගත්හ.

සොළී ප‍්‍රතිරාජයා අතුල සෙනෙවියා හා සටනට මෙන් සැරසුණේය. ඔහු සමඟ ජනනාථපුරයට පැන යන ඉතිරි සොළී ටික දෙනා ද අපේ හේවායන් අතින් මැරුම් කෑහ. සොළී ප‍්‍රතිරාජයා අල්ලා පොළොවේ ගැසූ තරුණ අතුල සෙනෙවියා ඔහුගේ හිස සින්දේ විදුලි වේගයෙනි.

ඔහු ගේ හිස ද එල්ලා ගත් අතුල ප‍්‍රමුඛ රාජභටයෝ ඔහුගේ වස්තූන් ද රැගෙන රජතුමා වෙත ගියහ.

තුටු පත් රජු සිය සෙනෙවියන් ද කැටුව සොළීන් ගේ පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවැති පොලොන්නරුවට ගොස් තාවකාලිකව වුණත් එය තමන් යටතට ගත්තේය.

විජයබාහු අල්ලා ගැනීමේ මහ මෙහෙයුම ඇරැඹේ

ජයබාහු රණශූරයා ගේ යසෝරාවය පොලොන්නරුව රුහුණ, රජරට හා මුළුමහත් ලක්වැසියා අතර ද පැතිර ගියේ නිමේෂයකිනි. ඒ යසෝරාවය ගැන ඇසූ චෝල දේශය මහත් සේ කම්පා විය. වෙව්ලුම් කෑවේය.

එතෙක් පොලොන්නරුව ජනනාථපුරය නමින් නම් කැර මහත් තේජසින් වැජැඹුණු සොළී ප‍්‍රතිරාජයා ගේ කැපුණු හිස රජු ගේ මණ්ඩපය ඉදිරියේ රිටක අමුණා තිබිණ.



https://www.facebook.com/photo.php?fbid=918253168294394&set=a.259553990830985.59368.100003291593941&type=3&theater

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
06 Mar 2016 05:49 PM
  •  Quote
  •  Reply
හොද ඉතිහාස ලිපියක් ... ස්තුති අයියා .
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
06 Mar 2016 05:59 PM
  •  Quote
  •  Reply
වැදගත් ඉතිහාස කථාවක් .
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
06 Mar 2016 10:13 PM
  •  Quote
  •  Reply
පළමුවන විජයබාහු ( I වන විජයබාහු / මහා විජයබාහු ) ක්‍රි.ව. 1055 සිට 1110 දක්වා පොළොන්නරුව අග නගරය කර රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. රාජ්‍ය ලේ උරුමය ඇතිව එතුමා උපන්නේය, එකල ශ්‍රී ලංකාවේ කොටසක් ආක්‍රමණික ඉන්දියාවෙහි චෝල අධිරාජ්‍යයයන් විසින් පාලනය කරන ලදි. 1055 දි රුහුණ හෙවත් දක්කිණදේශයේ පාලනය බාර ගත් එතුමා පසුව වසර 17 ක දිගු සටන් මෙහෙයුමකින් පසු 1070 දි චෝල ආක්‍රමණිකයන් සම්පුර්ණයෙන්ම ශ්‍රී ලංකාවේන් එලවා දැමිමට සමත් විය. සියවසකට පසු ශ්‍රී ලංකාව නැවත එක්සත් කිරිමට එමගින් එතුමාට හැකිවිය. එතුමාගේ පාලන කාලය තුල බුද්ධ ධර්මය නැවත පිහිටුවිමටත් යුද්ධය නිසා විනාශ වු යටිතල පහසුකම්, වෙහෙර විහාර, ගොඩනැගිලි ආදිය අළුත් වැඩියා කිරිමටත් කටයුතු කරන ලදි.


මුල් කාලීන ජිවිතය
විජයබාහු , කිත්ති ( කීති ) යන නාමයෙන් ක්‍රි.ව. 1039 දි දක්කිණදේශයේ රුහුණු රාජධානියේ උපත ලැබීය. එතුමා රුහුණු පාලකයා වු මොග්ගල්ලාන රජු හා ලෝඛිත බිසවගේ පුතණුවන්ය. එකල ශ්‍රී ලංකාව දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගේ ග්‍රාහණයට නතු වුවත් රුහුණ සිංහල රජවරුන් විසින් චෝල පාලකයන්ට එරෙහිව බලපෑම් කරමින් පාලනය ගෙන යන ලදි. එතුමාට වයස 15 දි රුහුණේ රාජ්‍යයත්වයට පත්විමේ අරමුණ ඇතිව ආක්‍රමණිකයන්ගේ ප්‍රධානියෙකු වු ලෝකිස්සර පරාජය කරන ලදි. පසුව ක්‍රි.ව. 1055 දි විජයබාහු නමින් රුහුණේ රාජ්‍යයත්වයට පත්විය. චෝල හමුදාවන් විජයබාහු රජුගේ හමුදාවන්ට එරෙහිව නිතර නිතර ප්‍රහාර එල්ල කලත් ඒවා මැඩපවත්වා, ක්‍රි.ව. 1058 දි රුහුණ සම්පුර්ණයෙන්ම දකුණු ඉන්දීය චෝල ආක්‍රමණිකයන්ගෙන් නිදහස් කර, සම්පුර්ණ රුහුණු පාලනය එතුමාගේ යටතට ගැනිමට සමත් විය.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
08 Mar 2016 07:46 AM
  •  Quote
  •  Reply
හොද ලිපියක්.....දැන ගන්නට යමක්.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Mar 2016 03:02 AM
  •  Quote
  •  Reply
හොද ලිපි පෙලක් අයියලා එකතු වෙලා මේ දාලාතියෙන්නේ
මනසේ රැදෙන සම්භාවිතාවය තමා අඩු. කොහෙමත් ඉස්සර වගේ දැන් දෙයක් මතකේ රැදෙනව අඩුයි
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
30 Jun 2016 12:04 AM
  •  Quote
  •  Reply
රිදි හැන්ඳ..............

 

---------------------------------------------------------
තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය.
ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.
මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.
තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,
“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”
ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”
“හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.
හර්ෂන තම මවට මෙසේ ලිවීය :
“ආදර්ණීය අම්මේ,
මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.
හර්ෂන පුතා ”
දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,
“හර්ෂන පුතේ,
මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා. 
ආදරණීය අම්මා.“



රිදි හැන්ඳ 

අමු අමුවේ අනතර්ජාලයෙන් කොපිකරගත්තකි 

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
30 Jun 2016 12:46 AM
  •  Quote
  •  Reply
අම්මගේ මොලේ තමයි මොලේ...
0
Add Reply
Page 2 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below