Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Sep 2019 09:14 AM by indika76 මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ 94 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 5 of 5 << < 12345 Author Messages chamaramindMost Senior MemberPosts:13471 17 May 2019 04:31 AM Quote Reply හරිම ලස්සන ගීතයක්... 0 ImalkaVeteran MemberPosts:4533 29 Jul 2019 03:35 PM Quote Reply අමාවකට අත වනනා පිච්ච මලී...... ගීතයක වතගොත.....ගැන කතාකරද්දී මම සාමාන්‍යයෙන් අන් අයගේ විචාර දන්නේ නැහැ. නමුත් මේ ගීතය ගැන ආටිකල් එක්ක ලියන්න ගිහින් සින්දුව youtube එකෙන් හොයන්න ගියාමයි දැක්කේ විචාර පන්සීයක් විතර තිබ්බා කියලා. කොහොම උනත් මම තේරුම් ගත්ත දේ සහ අනිත් අය ලියපු එකේ පොඩි වෙනසක් දකිනවා.....කවුරු හෝ ඒ ගැන කතා කරනවා නම් ඒ ගැන මගේ අදහස පසුව ලියන්නම් අපවත්වී වදාළ කවිකීර්ති ස්වාමීන් වහන්සේ විසින් රචනා කල ගීතයක්, නමුත් තනුව දැමීමේදී ගීපද රචනාවට යම් කිසි අසාධාරණයක් නම් වෙලා තියෙන බව ඔඅබට වැටහෙනු ඇත සංගීත් සංයෝජනයත් ටිකක් අවුල්ද මන්දා..... ඔන්න එහෙනම් ගෙඩිය පිටින්ම උපුටාගෙන මෙසේ පලකරන්නම් ....එකතරා අපරාධයක් ගැනද මේ ලියලා තියෙන්නේ ගායනය : චාමර වීරසිංහ අසම්මත ප්‍රේමයක ප්‍රතිපලය | අමාවකට අත වනනා පිච්ච මලී...... අමාවකට අත වනනා පිච්ච මලී ළමැද නුඹේ කිරි පුසුඹෙන් සිත කැළඹී පිච්ච පතට පැණි පෙරළා බොන යාමේ පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ............. ළමැද හොවා හද සෙනෙහස දුන්නාට කුමක් කරන්නද සමනල් හිනාවට දෑත දිගු කරන්නට බෑ නුඹේ ලොවට වරද මගේ සඟවා දෙනු ලෝකයට............. අවිහිංසක සිතිවිලි සිත බැන්දාට එකට කූඩු වෙන්නට බැරි පෙර පවට ඉතින් සාප කරමින් මගෙ ඉක්මන්කමට එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට අද මම කතා කරන්න හදන්නේ හරි අපූරු රහක් තියෙන සින්දුවක් ගැන. හැබැයි මේක ඛේදවාචකයක්. ඒත් වචන වල අර්ථ රසය සහ ව්‍යංගාර්ථය බොහොම අපූරුවට තියෙන සින්දුවක් තමයි මේක. සමහරු 'බස් ගායකයෙක්' කියලා කිව්වත් ඉතාමත් ලස්සන, අර්ථවත් ගීත රැසක් ගායනා කරපු ගායකයෙක් තමයි චාමර වීරසිංහ. මේකත් චාමර වීරසිංහගේ ගීතයක්... "අමාවකට අත වනනා පිච්ච මලී.....ළැමද නුඹේ කිරි පුසුඹින් සිත කැළඹී..." සාමාන්‍යයෙන් පිච්ච මල් කැමති අඳුරට. අඳුරේ පිපෙන මලක් ගැන තමයි මේ කියන්නේ.. කෙල්ලෙක් සහ රැයක් සම්බන්ධ කරනවා නම් බොහෝ දුරට ඒ ලිංගික සම්බන්ධ කමක් ගැන වෙන්න ඕනි.. අපි බලමු... සාමාන්‍යයෙන් තනිකඩ කෙල්ලෙක්ගේ ලමැදින් කිරි සුවඳක් හමන්නේ නෑ. ඒත් ඒ කෙල්ල ගැබ්බරයි නම් ළමැදින් කිරි සුවඳක් හමන්න පටන් ගන්නවා. ආ.. මේ කියන්නේ ඒ ගැන. තරුණිය ගැබ්බරයි..හැබැයි මේ පුද්ගලයා ඒ සුවඳින් කැළඹෙනවා.. ඒ කියන්නේ කම්පනය වෙනවා.......... ඇයි ඒ... අපි බලමු... "පිච්ච පතට පැණි පෙරලා බොම යාමේ පිච්ච මලට පැණි ඉහුණද සංකාවේ..." හරි... මේ පුද්ගලයා තරුණිය සමඟ 'පිච්ච පතට පැණි පෙරලා බොන්න' තමයි හැදුවේ.. ඒත් 'පිච්ච මලට පැණි ඉහුණා'. ඒකයි මේ තරුණිය ගැබ්ගෙන තියෙන්නේ.. ඕක කොල්ලන්ගේ භාශාවෙන් වඩාත් සරලව කියන්න පුළුවන්. ඒත් ඒක මෙතන කියන එක සුදුසු නෑ. දැනට සරලව මෙහෙම කියන්නම්. මේ පුද්ගලයා මේ තරුණිය එක්ක 'පොඩි ආතල් එකක්' ගන්නයි හැදුවේ. ඒත් වැඩේ ගොඩාක් දුර දිග ගියා... මේ පිච්ච මලට ඉහුණේ සංකාවේ පැණි. ඒ කියන්නේ මේ තරුණිය සංකාවෙන් හිටපු තරුණියක්. ඒ කියන්නේ අවිවාහක තරුණියක්... "ළැමද හොවා හද සෙනෙහස දුන්නාට...........කුමක් කරන්නද සමනල් හිනාවට" 'ඔයා ඔය ළමයා හදාගෙන පපුවට තුරුළු කරගෙන සෙනෙහස දෙයි. ඒත් ඒ සමනල් හිනාව වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවද?' එහෙම අහනවා මේ පුද්ගලයා. "දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට...වරද මගෙන් සඟවා දෙනු ලෝකයට..." මේ පුද්ගලයා කොච්චර ආත්මාර්ථකාමී ද. 'මට බෑ ඔයාව බාරගන්න. ඔය දරුවව බාරගන්න. ඔය දරුවා මගේ කියලා ලෝකෙට කියන්න එපා.' කියලා මේ පුද්ගලයා බොහොම ආයාචනාත්මකව ආත්මාර්ථකාමීව ඉල්ලනවා. 'පිච්ච මලට පැණි ඉහිනකොට' මේක මේ පුද්ගලයට හිතුණේ නැද්ද? අනික ඇයි මේ පුද්ගලයට බැරි මේ තරුණිය සහ ලැබෙන්න ඉන්න දරුවව බාරගන්න? අපි බලමු... "අවිහිංසක සිතිවිළි සිත බැන්දාට....එකට කුඩුවෙන්නට බැරි පෙර පවට..." කෙල්ල හරි අහිංසකයි. ඒ අහිංසක කම තමයි මෙයා ප්‍රයෝජනයට ගත්තේ. ඒත් මේ දෙන්නට එකට එකතු වෙන්න බෑ.. "ඉතින් ශාප කරමින් මගේ ඉක්මන් කමට.....එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට..." ආ... ඔන්න කතාව. මේ මනුස්සයා ඉක්මන් වෙලා 'පිච්ච මලට පැණි ඉස්සට' මූ බැඳපු එකෙක්. 'මේ දරුවා ගැන ලෝකෙට කියලා මගේ පැල්පතට ගින්දර විසි කරන්න එපා. මගේ කසාදේ කඩන්න නම් එපා...' අන්න ඒකයි මෙතනින් කියන්නේ..... සරලම කතාව මෙහෙමයි... විවාහක පිරිමි පුද්ගලයෙක් අවිවාහක තරුණියක් ආස්‍රය කරනවා. ඒ පුද්ගලයා අර කී තරුණියත් එක්ක 'යම් සීමාවක් ඇතුව' ලිංගික සම්බන්ධකම් පවත්වනවා. ඒත් දවසක වැඩේ වරදිනවා. මිනිහට තමන්ව පාලනය නැති වෙනවා. ඒ හේතුව නිසා අර තරුණිය ගැබ් ගන්නවා. ඒත් ඒ දරුවා නිසා වත් තරුණිය නිසා වත් ඒ මිනිහට එයාගේ කසාදේ කඩාගන්න බෑ. ඒ ගැන කරන ආයාචනාත්මක ආත්මාර්ථකාමී හැඟීමක් තමයි මේ ගීතයක් විදියට එළියට ඇවිත් තියෙන්නේ.. 0 indika76Most Senior MemberPosts:10457 29 Jul 2019 04:27 PM Quote Reply මේකෙ මේ තරම් අර්ථයක් තියෙනවා කියලා මට හිතුනෙම නෑ... ස්තූතියි මචං මේක මතුකරලා ගත්තට.. 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jul 2019 04:40 PM Quote Reply මාර අර්තයක් 0 UdariSuper Senior MemberPosts:5555 29 Jul 2019 10:16 PM Quote Reply හම්මේහ් ඒක..............සින්දුවත් හරිම ලස්සනයි ................. තේරුම දැනගෙනම අහනකොට තවත් ලස්සනයි .......පව් 0 ImalkaVeteran MemberPosts:4533 02 Aug 2019 04:03 PM Quote Reply ගීතයක් ලියනවා.....රචනා කරනවා......පද බඳිනවා.....ඔව් එහෙම නේ කියන්නේ. ගීයක් ලියන්නට පෑනක් පැන්සලක් හෝ පන්හිඳක් උවමනාය....ඔව්....පොතක් ,කොලයක් හෝ වෙනත් ලිවීමට පසුබිමක් ඕනේ තමයි.....ප්‍රේමකීර්ති නම් සිගරට් පෙට්ටියේ ඊයම් කොළෙත් සින්දු ලිව්වලුනේ...ලියුම් කවරේ..උනත් ඇති උනාලු. ටයිප් රයිටරෙන් සින්දු ටයිප් කරපු කෙනෙක් ගැන අහල තියෙනවද...? නැත්නම් මෙන්න අහගන්න මේ ටී එම් ජයරත්න මහත්මාගේ කතාවක්.... කවුරු ගැනද මේ කියන්නේ මෙන්න කතාව මෙන්න ගීතය අර්ථය මම කියන්න ඕනේ නැහැ නේ ...සරල ගීතයක් නිසා....ඔබට වැටහෙනවා නේද.... 0 samanthaMost Senior MemberPosts:13194 02 Aug 2019 04:16 PM Quote Reply ප්‍රේමකීර්තිගේ ගීත රචනා පිළිබඳව නොයෙක් කතා තියෙනවා. සමහර ගීත බස් ටිකට් එකෙ, තවසමහරක් සිගරැට් පැකට් එකේ, තව මුහුදු වෙරළේ.. ඔය ආදී තැන් වල ලියවුණ ගීත අදත් අමරණීයයි 0 samanthaMost Senior MemberPosts:13194 02 Aug 2019 04:48 PM Quote Reply කිරා... බුදි ද දැන්... බුදි ද දැන් කිරා....බුදි ද දැන්... බුදි ද දැන් කිරා... බුදි ද දැන්... බුදි ද දැන් කිරා... බුදි ද දැන්... බුදි ද දැන් දවල් පැයේ කෑම කාල මේසය උඩ ඉහ තියාල කන්තෝරුවෙ මැදට වීල කිරා බුදි ද දැන්... ෆෑන් ඔහේ කැරකෙනවා ලයිට් ඔහේ පත්තුවෙනව ඔරලෝසුව ඔහෙ දුවනව සමහරු සෙල්ලම් කරනව... අටයි තිහට වැඩට ආවෙ දහයට තේ වතුර බීවෙ කෑම කාලා දැනුයි ආවෙ ඔහොම ද වැඩ කරන තාලෙ... කාලය නොදැන ම ගෙවෙන්නෙ වැඩ කටයුතු මඟ හැරෙන්නෙ රාජකාරි නෑ කෙරෙන්නෙ රට කොහොමද දියුණු වෙන්නෙ... පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය : ස්ටැන්ලි පීරිස් ගායනය : ෆ්‍රෙඩී සිල්වා ආරොන් මාමා වයසක මිනිහෙකි ඉපදුණ අපෙ ගම්මානේ මිනිහගෙ ජොබ් එක කේළම් කීමයි තැන තැන කඩපිල් ගානේ නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුළක් නෑ මූණේ දවසක් දා කළ වැඩක් කියන්නම් අහගන ඉන්න ම ඕනේ... ආරොන් මාමා...... රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා සාතන් අප්පුගෙ ගේ ළඟ දී පොඩි කලබලයක හඬ ඇහුණා මිනිහා දනි පනි ගන්නා බිත්තිය අයිනට දුව පැන්නා ජරමර සද්දෙට කණ දීගෙන උන්නා... ආරොන් මාමා...... ගහපිය මරපිය ඔලුවට කොටපිය පාලි සංස්කෘතත් කිව්වා සාතන් අප්පුගෙ කොලුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා කිසි සැකයක් දැන් නෑනේ මිනිහෙක් මැරුවා වාගෙයි නේ මුළු ගමට ම අඬ බෙර ගහමින් දිව්වා... ආරොන් මාමා...... සාතන් අප්පු මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා ගම ම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා කඩු පොලු අරගෙන ගෙය වැටලෙව්වා... ආරොන් මාමා...... කාවද මැරුවේ කියපිය කියලා සාත ව අල්ල ල ඇහුවා මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා ඔලුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැන දිව්වා... පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය : ෂෙල්ටන් පෙරේරා ගායනය : ෆ්‍රෙඩී සිල්වා 0 Ind007kaMost Senior MemberPosts:12931 03 Aug 2019 07:02 AM Quote Reply මේ සිදු දෙක මතක් කරලා දුන්නට ස්තුත්යි 0 samanthaMost Senior MemberPosts:13194 03 Aug 2019 07:44 AM Quote Reply ඔහු ලියපු ගීත අතුරින් හාස්‍ය රසය මතුවෙන ගීත බොහොමයක් ප්‍රෙඩී සිල්වා හරි අපූරුවට ගායනා කලා 0 indika76Most Senior MemberPosts:10457 05 Aug 2019 11:32 PM Quote Reply ප්‍රේම්ගේ ගී පද මාලාවල මූලාරම්භයන්හි ආකාර්ශනීය කතාවන් සැගවී තියෙනවා.. ගොඩක් කතා ඔහුත් සමගම සැගව ගියා... 0 ImalkaVeteran MemberPosts:4533 06 Sep 2019 11:18 AM Quote Reply අද දවසේ උපන්දිනය සමරන ප්‍රවීණ සංගීතවේදී රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙනි ප්‍රතාපවත් සන්ගීතව්දී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ මේ ගීතයේ මොකද්ද රූකාන්තයන්ට තියෙන සම්බන්ධය...බලලම හොයාගන්නකෝ වින්ටේජ් සුදු මැණිකේ 0 chamaramindMost Senior MemberPosts:13471 06 Sep 2019 08:22 PM Quote Reply රූකාන්ත මහතා නේ කීබෝඩ් ගහන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 07 Sep 2019 08:28 AM Quote Reply පට්ටා නේ 0 indika76Most Senior MemberPosts:10457 07 Sep 2019 09:14 AM Quote Reply රූකාන්ත සහ ක්ලැරන්ස් යන දෙදෙනාම සංගීත ලෝකයේ දැවැන්තයන්.. ඔවුන් කල නිර්මාණ පිළිබඳව කියා නිම කල නොහැක.. (විශේෂයෙන්ම අනිත් ගායකයන් වෙනුවෙන්) 0 Add Reply Page 5 of 5 << < 12345 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit