You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Sep 2019 09:14 AM by  indika76
මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ
 94 Replies
Sort:
Page 3 of 5 << < 12345 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
26 Jul 2015 11:30 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි තොරතුරු එක් රැස් කර අපටත් කියවන්නට ගෙන ආවාට.. බොහොම ආසාවෙන් කියෙව්වා..

ප්‍රේමකීර්ති ගේ දක්ෂතාවයට හේතුව මිනිසුන් අතර මිනිසකු වීමයි කියල මේක කියවගෙන යද්දී මට හිතෙන්නේ.. මිනිසුන්,පරිසරය සමග ගැටෙන පුද්ගලයකු සාහිත්‍ය හැකියාවකින් යුක්ත කෙනෙකු නම් හරවත් නිර්මාණ බිහි කරලීම අරුමයක් නොවේ..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
07 Aug 2015 01:38 AM
  •  Quote
  •  Reply

නන්දා මලනියගෙ පවන
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
07 Aug 2015 05:36 AM
  •  Quote
  •  Reply

කුමරියක පා සළඹ සැලුනා 

ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක

කුමරියක පා සළඹ සැලුනා..

රසවිඳින්න  ගීතය මෙතැනින් .............................................................................

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..

උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය 
සුරන් නැළවූ සුයාමය..

කුමරියක පා සළඹ සැලුනා..

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..

ගීයේ අරුත ගැන විස්තරයක්......මට නම් හිතෙන්නේ මය 100% ක්ම නිවැරදි අරුත නොවන බවයි.නමුත් ඉතා ගැඹුරු සිදුවීම ගණනාවක් ගැන එහි කියවෙනවා 

කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..

මට තේරෙන හැටියට කාන්තාවකගේ නැටුමක් දැකලා තපසට නැඹුරු වෙලා හිටිය කෙනෙක්ගේ හිත වෙනස් වෙන හැටි.. 

එහෙම නැත්නම් තාපසයෙක් වගේ හිටිය කෙනෙක්ගේ හිත මේ කාන්තාවගේ නැටුම නිසා රාගය මුසු හැඟීම් වල පිබිදීම ගැන විස්තර වෙනවා මේකේ.

මෙතන නටනවා කියලා කෙලින්ම කියන්නේ නෑ. පා සලඹ සැලුනා කියලා අගවන්නේ ඒක වෙන්න ඕනි. ඒ සළඹ නිසා වසා සිටි නෙතු පියන් ඇරුනා.. 

කාන්තාවන්ට ආසා නොකර අසපුවක් වගේ තිබුණු හිත... ඒ හිත සිත සමවැදී තිබුණු ඒ දැහැන බිඳිලා යනවා මේ කාන්තාවගේ රංගනය නිසා..

උකුළ, ළැම, හස කියන්නේ හංසයෝ වෙන්න ඇති ලැමේ ඉන්න හංසයෝ කව්ද දන්නවනේ.. මලවි කියන්නේ අනංගයාට.. අනංගයාගේ කරලිය.. 

අනංගයාගේ වේදිකාව.. ඉතින් අනංගයා රඟදෙන වේදිකාව කාන්තාවකගේ කොහෙද තියෙන්න කියලා ඉතින් පොඩ්ඩක් හිතාගන්න . 
අර අන්න බලන් සඳ රන්තැටියෙන් කියන සින්දුවෙත් මේ කොටස තියෙනවා.. 
"මන්මද රංගන මණ්ඩපයේ මෙම මන්ද බලා හිඳිනේ තව පෙම්බර මා සාමිනේ" 
මේකෙත් මන්මද කියන්නේ අනංගයා. දැන් කොහොමහරි ඔය ඔක්කොම දේවල් දුහුල් සළු තිර වලින් මුවා වෙලා තියෙන්නේ..

"විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද"

දෙනුවන් කියන්නේ ඇස් වලට. දෙනුවන් කියන රැහැනෙන් ඇදලා මනස කියන සල්ලාලායා විවර කරනවා අර සළු තිර. 

එතකොට මා අභියස මැවිලා තියෙන්නේ තුසිතය. තුසිතය කියන්නේ දිව්‍යලෝකයක්. එහෙ හැමවෙලාවෙම හැමෝම සතුටින්ලු ඉන්නේ. 
සුරන් නැලවූ සුයාමය කියන්නේ තුසිත දෙව්ලොව දෙවිවරු හා දේවතාවියන් යහන ගත වන මොහොත කියලත් අහලා තියෙනවා ඇත්තද දන්නේ නෑ ඒක නම්. 
සුරන් කියන්නේ නම් දෙවියන්ට.

නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද

ජීවිතය කියන නිසංසල තපස් වනාන්තාරය. හැඟුම් නැමැති ඇත්තුන්ගේ යදම් කියන්නේ දම්වැල්.. හැඟීම් කියන ඇත්තු දම්වැල් බිඳගෙන එනවා ඒ වනාන්තරයට... 

ලපලු කියන්නේ ලපටි එහෙම නැත්නම් තවම මෝරපු නැති පල.. අර වනන්තරේ තිබුණු ගස් වැල් මල් ලපලු ඔක්කොම පොඩි කරගෙන අර ඇත්තු දුවගෙන එන්නේ. එහෙම එන ඒ හැඟීම් වලින් ඔහුගේ හිත කම්පනය වෙනවා.

මා හඬවයි බිඳුනු තුසිතය 
මම හිතන්නේ මෙතන අදහස් වෙන්නේ ඔය ඔක්කොම අන්තිමට පොඩි වෙලාවකට විතරයි. මොහු හොයන තුසිතය එතන නෑ. 

ඒ තුසිතය පස්සේ ගිහින් ඔහුගේ නිසංසල තාපස ජීවිතය අවුල් වුනා විතරයි නිසා ඒ කාරණය ඔහුව හඬවනවා.

................................................................................................................................................................................................................

මේකේ තනුව හදලා වුනු රසවත් සිද්ධියක් වික්ටර් විස්තර කරනවා මේ වීඩියෝ එකේ. ගිහින් බලන්න.

උපුටා ගැනීම 100% ක් ම අන්තර්ජාලයෙනි 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
07 Aug 2015 05:57 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ගැන අදහස නම් තරමක් දැනගෙන හිටියා.. මේ විස්තරයෙන් එය තවත් හොදට දැනගත්ත කියන්න පුළුවන්.
කියන දේ ව්‍යංගාර්ථයෙන් මනරම් පදවැලෙන් අපුරුවට ඔප මට්ටම් කරලා තියෙනවා..

වීඩියෝ 2 ටත් ලිපියටත් බොහොම ස්තුතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
07 Aug 2015 08:05 AM
  •  Quote
  •  Reply
පරන සින්දුවල තේරැම කවුරැ හරි මේ විදියට තේරැම් කරල දුන්නෝත් තමා නැත්තං පිස්සු හැදෙනව තේරැම් හොයද්දී
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
08 Aug 2015 02:06 AM
  •  Quote
  •  Reply
ගොඩක් ස්තූතියි මේ ලිපියට...

ඒත් වරෙක ධර්මවර්ධනයන් මේක අරුත් දක්වලා තිබුනේ
යෞවනයකු තම බිරිඳ පළමු රැයේ දුටුව ආකාරයයි.. ඔවුන්ගේ සුන්දර රාත්‍රියයි...
කෙසේ නමුත් මෙයට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්..
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
08 Aug 2015 07:45 PM
  •  Quote
  •  Reply
තැන්ක්ස් මේ විස්ත‍ර අපිත් එක්ක බෙදා හදා ගත්තට ..........
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
24 Jan 2016 11:16 PM
  •  Quote
  •  Reply

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

ගායනය : නිරෝෂා විරාජිනී

ගී පද - බන්දුල නානායක්කාරවසම් 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

මගේ විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

විග්‍රහය 

"සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.."

දහමට නැඹුරු වූ  පෙම්වතාගේ නිසා දැනුන දුක මුසු සිදුවීම් සියල්ල  සිනහවෙන් දරාගනිමින්..ඔහුගේ ආදර්ශමත් සහ ගුණවත් දේ හරවත් වදන් නිසා අතිශයින් සන්තෝෂ වන ඇය කෙදිනක හෝ ඔහු අහිමිව ගියද කම්පානොවේ තම හදවතේ ආදරය බිඳකුදු අඩු නොකර ගනීවි.ඒ ඇයගේ  ආදරයේ දෙවියන් ඔහුගෙන් දුටු නිසාය.  ඔහු දේවත්වයට ලා පිදුම් ලැබීමට තරම්  යහපත් කෙනෙක් වන්නට ඇත. 

නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

පෙරුම් පුරනා බෝසත් කෙනෙකු තරම් කරුණාවන්ත කෙනෙක් වන්නට ඇත, ඔහුගේ යහපත් වූ දිවිගමන අනුගමනය කල ඇය ඒ ඇසුරින් බොහෝ යහපත් ඇත්තියක් වී ඇත, මේ  පෙම්වතුන්  රාගී  හැගීම් බැහැර කර සංසාර ගමන යහපත් කරගැනීමට යුතුදේ කරන්න ඇත.

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

නමුත් මේ තරුණිය අන් පෙම්වතුන්ගේ ක්‍රියාකාරකම් දැක  තම හැගීම් යටපත් කරගෙන තම පෙම්වතාගේ බෝසත් ගමනට එය බාධාවක් නොකරන්නට සිත්ලාගන්නීය. එහෙත් ඇය තම පිවිතුරු භාවය ඔහුට පුද දීමට නොහැකි වන බව දැනගෙන ඒ ගැන දුක්වන බවක් දැනේ.

එනමුදු ඔහු කෙරේ ඇති භක්තිය බිඳකුදු අඩුකර නොගනී.

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

පසු කලෙක ඔහු ඇගෙන් වෙන් වන්නට ඇත..පෙම්වතා කෙලෙස් වලින් තොර ගමනට මුලපුරන්නට ඇත, නමත් ඔහුගේ දුක සතුට බෙදා ගැනීමට තමුන්ට තවදුරත් නොහැකි වීම ගැන ඇය දුක්වන්නීය. ප්‍රේමය උතුම් වුවද එය එකම ආකයට  දෙදෙනෙකුට  දැකීමට නොහැකි වීම දුක අතිවීමටහේතුවකි. ඒ නිසා මේ හමුවීම ඇයට අතිශය දුකක්  ගෙන දෙන්නකි. 

මෙය මගේ අර්ථකතනයක් පමණි.....ගී පද රචකයාගේ අදහස  අසා ඇති අයෙක් වේ නම්  අදහස් දක්වන්න 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
24 Jan 2016 11:27 PM
  •  Quote
  •  Reply
පට්ටම සින්දුවක් තමයි ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
28 Jan 2016 01:29 AM
  •  Quote
  •  Reply

#ගොඩක්_හිතට_දැනුණ_අර්ථවත්_ගීතයක්

ජිවන ගංගා ගලා ගලා යයි
කාලය මැවූ සේයාව දිගේ
නොපැතූ අය හමු වේවි
පැතුවන් වෙන් වී යාවි
නොසිතු දෙය සිදු වේවි
පැතුමන් බොද වී යාවි ....

දිනක් උදා වී දිනක් ගෙවී යයි
තවත් ටිකක් මාරුවා වෙත ලං වෙයි
සැප දුක් අතරින් ගලා ගලා යයි
නිමක් දකිනතුරු මේ ජිවන ගමනේ ...

කදුළු හෙලන්නෝ දුක් උහුලන්නෝ
සිනහ පුරන්නෝ සතුට ලබන්නෝ
මේ හැම පසු කර කාලය ගත වෙයි

ඒ ගැන දැනගෙන මරුවා හිනැහෙයි ...

පද රචනය - තරිදු අමිල අයියා 

.........................................................................................................
''ජිවන ගංගා ගලා ගලා යයි
කාලය මැවූ සේයාව දිගේ.."

ගී පද රචකයා විසින් ජීවිතය ගලන ගගකට උපමා කර තිබීම කෙතරම් අපුරුද ?
ගලන ගගකට කෙතරම් භාදක අභියෝග වලට මුහුණ දීමට සිදු වේද?
ජීවිතයත් එලෙසමයි.එයත් කාලයට අනුවයි .. එළැබෙන එනම් මැවී ගෙවී යන කාලය පුරාවට අපේ ජීවිතවලට කෙතරම් අභියෝග එනවාද ? කෙතරම් භාදක හැල හැප්පීම් එනවාද ?විටෙක උදා වෙන කාලය සුබ කාලයක් වන අතර තවත් විටෙක අසුබ කාලයක් ද නිසැකවම උදා වෙනවා නොවේද ?

"නොපැතූ අය හමු වේවි
පැතුවන් වෙන් වී යාවි.."

කවදාවත් ගගක් පිරිසිදු දිය මිස කරදිය ඇසුරකට වැටීමකට පතයිද ? නමුත් ගග ගලන මග ඔස්සේ ඇතැම් විටෙක මුහුදට වැටි කරදිය සමග වුවද එකතු වීමට සිදු වේ ..
අප ජිවිතත් එලෙසමයි . ඇතැම් විටෙක අපට ඇසුරු කරන්නට හීනෙන්වත් නොහිතන අයව ඇසුරු කරන්නටත් , අප ඇසුරු කරන්නට පුල පුලා බලා සිටින අයව අපෙන් දුරස්වන්නෙම නොවේද ?

"නොසිතු දෙය සිදු වේවි
පැතුමන් බොද වී යාවි ...."

අපි හිතන පතන හැමදේම එලෙසෙම සිදු වෙනවාද ? පිළිතුර නැත යන්නයි ... එනම් අපේ හිත තුල ඇති පැතුමන් බොද වී යාමකි ... ගී පද රචකයා ඒ බැවු මනාව මෙම ගීතයෙන් ඉතාම සරලව ඉදිරිපත් කර තිබීම ඉතාමත් අපුරුයි .

"දිනක් උදා වී දිනක් ගෙවී යයි
තවත් ටිකක් මාරුවා වෙත ලං වෙයි..."

දිනක් උදා වෙමින් තවත් දිනක අවසානයකුත් මේ ගෙවී යන දවසක් පුරා ජීවිතය ටිකෙන් ටික මරුවා වෙතම ලං වෙන බව මනාව විදහා දක්වා තිබේ. එම පද්‍ය පෙලෙන් ජිවිතයේ අනිත්‍යතාවය ඉතාමත් පැහැදිලිව සරලව වටහා ගැනීමට හැකියාව තිබේ .

"සැප දුක් අතරින් ගලා ගලා යයි
නිමක් දකිනතුරු මේ ජිවන ගමනේ ..."

සැප , දුක සෑම ජීවිතයකට පොදු වූ ධර්මතාවයකි .උපතේ සිට මියෙන මොහොත දක්වා සැප, දුක දරන්නට සැම සත්වයෙකුටම සිදු වෙන බව නොරහසකි ,එයත් ගී පද රචකයා මනාව ගෙනහැර දක්වා ඇත . මේ ගෙවෙන ජිවන ගමන නිමාවක් වන්නේ කොතැනද එහිදී අපට සැප දුක ආදී සියලු දේ වලත් නිමාවක් දැකිය හැකි නොවේද ?

"කදුළු හෙලන්නෝ දුක් උහුලන්නෝ
සිනහ පුරන්නෝ සතුට ලබන්නෝ..."

දුක ,කදුල උරුම වූ මිනිස් ජීවිතය විටෙක සතුට , සිනහව ද ලබයි ,, එයයි කාටත් පොදු වූ ධර්මතාවය ..දුකටත් ,සතුටටත් හේතු වන අටලෝ දහම කැටි කොට අර්ථාන්විතව දැක්වීමට රචකයා සමත් වී තිබීම හරිම අපුරුය .
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
28 Jan 2016 01:37 AM
  •  Quote
  •  Reply
ගායිකාවක් විදියට නිරෝෂා විශිෂ්ටයි. ඒ වගේම බන්දුල නානායක්කාරවසම් ගී පද ගැන කතා කරන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි මේ විදියට මේ අපුරු ගී පද අප සමග බෙදා හදා ගන්නවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Jan 2016 07:57 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 24 Jan 2016 11:16 PM

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..

ගායනය : නිරෝෂා විරාජිනී

ගී පද - බන්දුල නානායක්කාරවසම් 

සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ 

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

මගේ විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

විග්‍රහය 

පිවිතුරු ප්‍රේමය පූජනීය ලෙස විඳිනා  මෙන්ම ලබනා   පෙම්වතියකගේ හදවතෙහි ඇඳි පිවිතුරු අදහස්ගොන්නක් කැටිකර වචනයට් නැගු මනරම් ගීතයකි.

අද අපට ඇසෙන දහසක් ප්‍රේම ගීත මෙන්ම දස දහසක් විරහ ගීත එක්ක සංසන්දනය කර බැලූ කල මේ ගීතය සුවිශේෂී ස්ථානයක් හිමි විය යුතුය.

ගායිකාවකගේ  (නිරෝෂා ) මේ ගීය ගැයීම වඩා ප්‍රේමනීය කරනා අතර  රෝහණ වීරසිංහයන්ගේ සංගීත මුසුව එය තවත් වින්දනීය කරවයි.

"සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්.."

දහමට නැඹුරු වූ  පෙම්වතාගේ නිසා දැනුන දුක මුසු සිදුවීම් සියල්ල  සිනහවෙන් දරාගනිමින්..ඔහුගේ ආදර්ශමත් සහ ගුණවත් දේ හරවත් වදන් නිසා අතිශයින් සන්තෝෂ වන ඇය කෙදිනක හෝ ඔහු අහිමිව ගියද කම්පානොවේ තම හදවතේ ආදරය බිඳකුදු අඩු නොකර ගනීවි.ඒ ඇයගේ  ආදරයේ දෙවියන් ඔහුගෙන් දුටු නිසාය.  ඔහු දේවත්වයට ලා පිදුම් ලැබීමට තරම්  යහපත් කෙනෙක් වන්නට ඇත. 

නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

පෙරුම් පුරනා බෝසත් කෙනෙකු තරම් කරුණාවන්ත කෙනෙක් වන්නට ඇත, ඔහුගේ යහපත් වූ දිවිගමන අනුගමනය කල ඇය ඒ ඇසුරින් බොහෝ යහපත් ඇත්තියක් වී ඇත, මේ  පෙම්වතුන්  රාගී  හැගීම් බැහැර කර සංසාර ගමන යහපත් කරගැනීමට යුතුදේ කරන්න ඇත.

බොසත් ඔබසිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

නමුත් මේ තරුණිය අන් පෙම්වතුන්ගේ ක්‍රියාකාරකම් දැක  තම හැගීම් යටපත් කරගෙන තම පෙම්වතාගේ බෝසත් ගමනට එය බාධාවක් නොකරන්නට සිත්ලාගන්නීය. එහෙත් ඇය තම පිවිතුරු භාවය ඔහුට පුද දීමට නොහැකි වන බව දැනගෙන ඒ ගැන දුක්වන බවක් දැනේ.

එනමුදු ඔහු කෙරේ ඇති භක්තිය බිඳකුදු අඩුකර නොගනී.

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

පසු කලෙක ඔහු ඇගෙන් වෙන් වන්නට ඇත..පෙම්වතා කෙලෙස් වලින් තොර ගමනට මුලපුරන්නට ඇත, නමත් ඔහුගේ දුක සතුට බෙදා ගැනීමට තමුන්ට තවදුරත් නොහැකි වීම ගැන ඇය දුක්වන්නීය. ප්‍රේමය උතුම් වුවද එය එකම ආකයට  දෙදෙනෙකුට  දැකීමට නොහැකි වීම දුක අතිවීමටහේතුවකි. ඒ නිසා මේ හමුවීම ඇයට අතිශය දුකක්  ගෙන දෙන්නකි. 

මෙය මගේ අර්ථකතනයක් පමණි.....ගී පද රචකයාගේ අදහස  අසා ඇති අයෙක් වේ නම්  අදහස් දක්වන්න 

මේකේ තේරුම මන් හොයා හොයා හිටියේ .... ඇත්තටම මේකද දන්නේ නැ තේරුම නේද ..

1

Imalka
Veteran Member
Veteran Member
Posts:4522

--
28 Jan 2016 08:28 PM
  •  Quote
  •  Reply
Posted By Rosi on 28 Jan 2016 07:57 PM

ඔව්. රෝසි. මේ ගීයේ තේරුම මේක තමයි.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335

--
28 Jan 2016 08:33 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් හරිම සුන්දරයි ... තේරුම් කීපයක අතරමන් වෙලා හිටියේ . දැන් තමා හරියට තේරුම් ගත්තේ . ස්තුති අයියා
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
28 Jan 2016 10:10 PM
  •  Quote
  •  Reply
බන්ධුල නානායක්කාරවසම් ගේය පද වලට මම හරි කැමතියි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
29 Jan 2016 09:32 AM
  •  Quote
  •  Reply
ඔහු‍ගේ පදවල තියෙන්නේ අමුතුම ශෛලියක්...
ඔහුගේ රෑ ඉර පාන වැඩසටහනත් ඉතාම සුන්දරයි...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
29 Jan 2016 06:28 PM
  •  Quote
  •  Reply
"රෑ ඉර පාන වැඩසටහන"
චැනලය? දවස? වෙලාව?

ඉරිද රෑට විතරයි මට දැන් ටීවී බැලෙන්නෙ. වෙන වෙලාවක හොඳ වැඩසටහනක් යනවා නම් දැනුවත් කරන්න. හොඳ වැඩසටහන් කියන්නෙ දැන් කළුනික හොයනවා වගේ වැඩක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
30 Jan 2016 09:19 PM
  •  Quote
  •  Reply
මේක දෙරණ ගුවන් විදුලි‍යේ තියෙන්නේ...
මේ වෙඩ් අඩවියෙන් බලාගන්න පුළුවන්..
http://www.rairapaana.com/
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
30 Jan 2016 11:08 PM
  •  Quote
  •  Reply
බොහොම ස්තුතියි ඉන්දික76 අයියේ දැනුවත් කිරීම් වලට. හෙටින් පස්සේ අහල බලමු මේ පැරණි වැඩසටහන්. අලුත් මාසයක්නෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
19 Jan 2017 11:57 AM
  •  Quote
  •  Reply
kaurur hari mekata geethayaka wistharayak dannakoo..
(Imalka aiye)
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 3 of 5 << < 12345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below