You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Sep 2019 09:14 AM by  indika76
මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ
 94 Replies
Sort:
Page 4 of 5 << < 12345 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 09:26 PM
  •  Quote
  •  Reply
අපිටනං සමහර සින්දු තේරැම් ගන්නත් බැහැ. එහෙව් එකේ කොහෙද විස්තර දාන්නේ
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
10 Jan 2018 11:28 PM
  •  Quote
  •  Reply

ආරාධනා......ජීවිතයේ තනි මංසල අතරමන් වෙලා  - පණ්ඩිත් අමරදේව

මේ ගීතය ආකර්ශනීය සිත් පිනවන තනුවකින් සමන්විත බවක් ඕනෑම ගී රස විඳිනා කෙනෙකුට වැටහෙනු ඇත. සෝ ගී අතර අග තැන්පත් ගීතයක් 

කුමක්ද මේ ගීතය කුමක් ගැනද  මේ කියවෙන්නේ....මගේ හිතේ නැගුන කුහුල පසුගිය දිනක මට මුණගැහුන හිතවතෙකුගේ  ඉපැරණි මතකයන් තුලින්  දුරුකරගැනීමට හැකිවිය.

යම් කිසි ශෝකාකූල අවසානයක් එනම් වෙන්වීමක් සනිටුහන් කල ගීතයක් බව හැබෑ ය , නමුත් කුමක් ද මේ මනරම්  පද රචනාව...?

ගීතය වරක් රසවින්දින්න්න මෙතනින්....ආරාධනා චිත්‍රපටයේ  දසුන් සමගින් ම 

ගායනය :- පණ්ඩිත් අමරදේව ශූරීන් 

ගී පද      :-  කුලරත්න ආරියවංශයනන්

සංගීතය :- ආචාර්ය රෝහණ වීරසිංහයන් 

ප්‍රධාන චරිත  :- රවීන්ද්‍ර රන්දෙනිය  සහ මාලනී ෆොන්සේකා

චිත්‍රපටය :- ආරාධනා  

මා විසින් අන්තර්ජාලයේ සඳහන් පරිදි මේ ගීතයේ අර්ථය තනිවම තේරුම් ගැනීමට උත්සාහ කලෙමි. බොහෝ කරුණු කියවා අසා බලා තේරුම් ගත්තෙමි  එනමුදු....මෙහි දෙවන අන්තරා කොටස ගීතයට යම් වෙනස් බවක් දැනුනි. කුමක් ද එයට හේතුව.

මේ ගීතය සමස්ත චිත්‍රපටය හා බැඳුනු කතාව පදනම්කරගෙන ලියවුනු නිසා එය චිත්‍රපටයේ  සාරංශය දන්නා කෙනෙකුගෙන් (මගේ කාර්යාලයීය සගයෙකුගෙන්) අසා වටහා ගත්තෙමි...

මෙහි සංක්ෂිප්ත කතාව (මගේ හිතවතාගේ මතකය අනුව)

ඉංජිනේරුවෙක් හා හෙදියක් අතර ප්‍රේමයක් හට ගනී. ඔවුන් රාජකාරී කටයුතු වලින් මිදුණු බොහෝ අවස්ථාවල නිදහසේ පෙම්සුව විඳිමින් ආදරයෙන් කාලය ගතකරන අතර (මේ චිත්‍රපටයේ මේ සීත අරණේ...ගීතය  මේ දසුන් ඔබට ඒ බව තහවුරු කරාවි) කෙසේ හෝ මේ තරුණිය තම පෙම්වතා නිසා මවක වීමට  වීමට යන ලකුණු පෙන්නුම් කරයි..මේබව වටහාගත් ටිකක් කලබලකාරී ඇය ඒ තුලින් තම පෙම්වතා වෙනස්වෙයි හෝ ඉන්තමන්ට නින්දාවක් ලැබෙයිදෝ යන දෙගඩියාවෙන් ඊට  විකල්පයක් ලෙස ඉන් මිදීමට  යම්කිසි විස බෙහෙතක් භාවිතා කරයි....

මෙහිදී මොනවා හෝ ප්‍රශ්න ගැටුම් වැනි   චිත්‍රපටයේ තව බොහෝ දවල් තිබෙන්නට ඇත, සියල්ල මේ කතාව මට කියූ කෙනාට මතක නැත.

 කෙසේ හෝ අවසානයේ  ප්‍රශ්න කොඩකට පසුව පෙම්වතා ඇය විවාහ කර ගන්නා වතර ඔවුන් ඉතා සතුටින් කාලය ගත කරයි. අවසානයේ  ඉමහත් බලාපොරොත්තු  පොදි බැඳගෙන පිය පදවිය ලබන්නට පෙරුම්පුරාගෙන සිටි ස්වාමියාගේ සියලු පැතුම් ඉටුවී සුරතල් පුතෙකු බිහි කරයි ..සියලු සැප සම්පත් මැද වසර කිහිපයක් කෙලිදෙලෙන් කාලය ගතකල හදිසියේ රෝගී වී...මෙලොව හැර යයි ,..මේ ගැන අවසානයේ සොයා බලන කල දැනගැනීමට ලැබෙන්නේ දරුවාගේ මව විසින් පෙරදී ලබාගත් විස බෙහෙතේ හේතුවෙන් හටගත් රෝගී තත්වයක් මත මේ අවාසනාවන්ත දෙය  සිදු වුන බවයි .මෙය දැනගත් පියා  ඉතා දුකටත් කෙන්තියටත් පත්වී රැඳු කර අවසානයේ තම බිරිඳ පන්නා දමයි හෝ ඇය ඔහු හැර යයි ...පසුව ඔහු හුදකලාව කාලය ගතකොට විදේශ රටකට යාමට සියල්ල සූදානම් කරගෙන සිටියදී තමා අසීමිතව ආදරය කල පෙම්වතිය,පසු කල තම බිරිඳ දැකීමට උපන් කැමැත්ත නිසා ඇතිවුණු ප්‍රාර්ථනාවන් මත ලියවුනු ගී පද රචනාවක් පණ්ඩිත් අමරදෙවයානන්ගේ මනහර ගායනයෙන් ඔපවත් වුනු ආකාරය.

 

ආරාධනා...........ආරාධනා............. ආරාධනා........

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා

හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා

අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න

ආරාධනා ආරාධනා

ඉතාමත් සතුටින් සිට කුමක් හෝ අහේතුවකට ජීවිතයේ හුදකලා වුනු අයෙකුගේ  පැතුම  වන්නේ නැවත සතුට තමාවෙත ලැබේවා යන්නය...ඒ සඳහා යි මේ ආරාධනාව 

තනි මංසලක කෙනෙකු වල්මත් වීමට ඉඩක් තිබේද....මංසන්ධියක් නොමැති කෙලින්  මගක යන්නේ කොයිබටද යන්න ප්‍රශ්නයක් නොවේ..ඉදිරියට පමණි. එහෙත් එවන් තනි පාරක තමන් අතරමංව ඇති බව කෙනෙකුට සිතෙයි ....අතීතයේ තමා සතුව පැවති වර්තමානයේ නොමැති සතුටට  යලි තමා වෙත එන්නයි ආරාධනා කරමි 


නෙලූ සුපෙම් කැටයම් හද පවුරැ තලාවේ

මැකී ගියාදෝ කාලයේ වෙරළේ

ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා

සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා

ආරාධනා ආරාධනා

 

පවුරු තලාවක එනම් ගල් තලාවක කෙටූ ගල් කැටයම් තරම් වුවද ...වෙරළේ ලියු අකුරු මෙන් නොසිතු නිමේෂයෙන් මැකී යමින්....ජීවිතයේ දහසක් බලාපොරොත්තු කැදවී පැතුම් බොඳවී දිවිමග ආදරණීය හැඟුම් නතර වී ජීවිත ගමන නතර  වුනු නතර වුනු තැනින්...නැවතත් ගමන් අරඹන්නට ආදරයේ සත් පියුමන් එනම් බිරිඳගේ ආදරය...දයාව නම් සත් පියුමන් නැවත පිපන්නට ආරාධනා.......

 

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ

ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්

බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යනදා

ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

ආරාධනා ආරාධනා

පිය උරුමය ලැබූ සැණින් ඕනෑම මිනිසෙකු  නව ජීවිතයක් ලැබුවා එනම් තමන් නැවත උපන්නා වැනි හැගීමක් ඕනෑම පියෙකුගේ හිතේ ඇතිවීම පීතෘ ස්නේහය සැඟවිය නොහැක, මේ කතානායකයාට ත් ඒ උරුමය ලැබෙන්නට ඇත. බිරිඳගේ උණුසුමින් හා කිරිකැටි දරුවාගේ සුවඳින්...සතුටින් ඔද වැදුණු  රජෙකු ලෙස ජීවත් වුනු ඔහුට එම රජසම්පත් එනම් දරු සෙනෙහස හා ඒ හා බැඳුනු සියල්ල ගිලිහීගිය පසු...සියල්ලන්ගෙන් සමුගෙන යන මොහොතේ නැවතත් බිරිඳ සොයාගොස් ඇයගේ දෑස  බැලීමෙන්  මොහොතක් හෝ අස්වැසිල්ලක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරයි....අඳුරු වූ තම හුදකලා ළොවට ආලෝකයක් ඇයගෙන් නැවතත්  ලැබේවා... ඒ සඳහා මේ ආරාධනා !

 

මෙහි අවසානයේ ඔහු රට හැර ගියාද නැතිනම් ඔහුගේ දැඩි සිත වෙනස් ව  බිරිඳ සමග ජීවත් උනාද ?? දන්නා කෙනෙක් දැනුවත් කරන්න 

-ITH-

 


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
11 Jan 2018 12:06 AM
  •  Quote
  •  Reply
ගීතයේ පසුබිම් කතාව දැනගත්තහම මේ චිත්‍රටපටය බලන්න ආස හිතුණා. ඉහල රූපරාමු වලින් එය තවත්

ලංකාවේ බිහි වූ හොඳම ගීත අතරින් සුපිරිම ගීතයක් තමයි මේ. සංගීතය සුපිරි. හිතට දැනෙන්නෙ පුදුමාකාර පාළුවක්. තනිකමක්. සාහිත්‍යමය වටිනාකමක් ඇති සුපිරි පදවැල්.

මේ ගීතය කරළියට ගෙනැවිත් නිසි විවරණයක් සහිතව ඉදිරිපත් කළාට ස්තූතියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
11 Jan 2018 01:05 AM
  •  Quote
  •  Reply
නියම සින්දුව
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
11 Jan 2018 01:45 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඇහුවට මේ අර්ථය දැනගෙන හිටියේ නෑ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
31 Jan 2018 11:37 PM
  •  Quote
  •  Reply
මාරම්බරී - එඩ්වඩ් ජයකොඩි

මේ ගීතය සුභාවිත සිංහල ගීත අතර මගේ හිත ගත් තවත් සුවිශේෂී ගීතයක්. මගේ මතකය නිවැරදි නම් සර්ගම් අනතර්ගතව නිර්මාණය වුනු ගීත අතර මෑත අතීතයේ බිහිඋන ගීත කිහිපයෙන් එකක්. මා එසේ කියන්නේ විශේෂයෙන් 70 - 80 දශක වලින් ඔබ්බට 90 දශකයේ මේ ආකාරයේ ගීත නිර්මාණය උනේ නැති ම තරම්.මෙයත් ඒ දුර්ලභ වකවානුවේ නිර්මාය වුවකි.

ගසල් ගායනයක හැඩය මේ ගීතයේ ඇතැයි කවුරුන් හෝ කියනු මා අසා තිබුණමුත් ඒ මුල් ගායනය මා නම් අසා නැත. ගසල් ගීත යනු ශුංගාරාත්මක හැහීම දනවන වර්ධනය කරවන ගීත ශෙෙලියකි ඒ ගැන වැඩි විස්තර දනී නම් අප දැනුවත් කිරීම ඔබ සතු වේ.

පැහැදිලිවම මේ ගීතය වෙනස් ආරක එනම් එක්තරා අවස්තාවක සිදුවීමක ජීවිතයේ එකතරා වැදගත් සිදුවීමක් අලලා ගෙතුණු පද බැඳුමක් බව ඔබ දැනටමත් දන්නවා විය යතුය 

මා දැන් මේ ගීතයට යොමුවෙන්නම්. කුමක් ද මෙහි මා දකිනා වෙනස..මේ ගීතය ජාතික රූපවාහිනියේ විකාශය වුනු වාර බොහෝ ගණනක එක්තරා රූපරචනාවක් සමගින් ම දර්ශනය වුනි.. එහෙත් වාසනාවකට අද එය බෙහෙතකටවත් හොයාගන්නට නැත . අර මම කලින් කිව්වා ගසල් ශෙෙලියට  අනුගත වෙමින් ඒ ආශ්‍රිත ඉන්දියානු යුවලක මධුසමයමක සමයන් දර්ශන පෙලක් පමණක් එහි දක්නට ලැබුණු නිසා ඒ කාලේ මේක. අමුතු හැඩයක් තිබ්බ ගීතයක් උනා 

මෙහි මාරම්බරී යනු කවුද ??

රම්බරී = මා + රම්බරී , එනම් මගේ රම්බරී (රම්බරී යනු රම්බා දේවියයි , දිව්‍ය ලෝකයේ සිටි ලස්සනම දිව්‍යාංගානාව) තම සිත් වසඟ කල (තම බිරිඳ විය හැක)සුපහන් පෙනුමැති ඉතා ලස්සන ප්‍රේමනීය,අහිංසක ,සරාගී  තමනට ආලෝකයක් බඳු තැනැත්තියකගේ රූ සපුව ගැන කෙරෙනා වර්ණනාවක් හා ඒ හාබැඳුනු හැඟුම්  ක්‍රියාවන් , අදහස්  රාශියක් ගැන සිත් ඇදගන්නා ආකාරයට ලියන ලද පද පෙළක් 

සිංහල භාෂාවේ තියුණු භාවය පෙන්නුම් කරන ගී පද රචනාවක් ලෙස මෙය මා දකිමි. සංගීතයට ඇතුලත් සර්ගම් හෙවත් ස්වර ගායනා වෙනත් ගීයක ආභාෂය මත යොදාගත්තක්ද යන්න නොදනිමි.

සංගීතය ගැන පසුවදන් ලියන්නට මා දක්ෂයෙකු හෝ දැනුමැත්තෙකු නොවේ......එහෙත් මේ මනරම් ගායන රසවිඳීමට මා දක්ෂයෙකු වන්නෙමි.....

 

මාරම්බරී............

මාරම්බරී.........කෝල වී....... පෑ මුවේ........ මන්දහාසේ.......

මන ලෝල වේ......... උන්මාද වී......මා හදා.......... සෑම දා........ පුණ්‍යවන්තී

මාරම්බරී

(ඉතා ලස්සන තැනැත්තිය කෝල ලෙසින් පා මන්ද සිනාවෙන් මගේ මනස උන්මාද කරවනා . ..මගේ හද ගත් පින්වන්තිය) 

හිතේ භෘංග සේනා කිපී රොන් මතින් -  සොයන්නේ නුරා පැන්    තිගේ මල් මුවින්

හිතේ භෘංග සේනා කිපී.......ආ..... ආ..... ආ................

හිතේ භෘංග සේනා කිපී රොන් මතින් සොයන්නේ නුරා පැන් තිගේ මල් මුවින්

සනසාලනූ...... ඒ පිපාසා...

(රොන් බී මත්වුනු බිඟුන් වැනි මා ගේ පිපාසිත ගතට මනසට ඔබේ නුරා පැන් ලබා දී මා සනසාලන්න)

මාරම්බරී.........කෝල වී....... පෑ මුවේ........ මන්දහාසේ.......

මන ලෝල වේ......... උන්මාද වී......මා හදා.......... සෑම දා........ පුණ්‍යවන්තී

මාරම්බරී

 

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන් - නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්


ප නි ස රි......... ප නි ස ග.......  නි ස ග ප නි ස නි ප ග ස නි  ප නි රි ස ස ග      

ප නි නි ස ග රි රි රි ග රි ප ම ග රි ස නි      ම ග ස නි

ප්‍රභා රන් කැළුම් දී සලා නේත්‍රයන්    නිවාපන් ළඳේ චිත්ත පීඩා නොහිම්

රශ්මි දෙවා.......... චන්ද්‍රයා සේ............

මාරම්බරී........කෝල වී පෑ මුවේ මන්දහාසේ.........  මන ලෝල වේ උන්මාද වී.........මා හදා....... සෑම දා....... පුණ්‍යවන්තී.......

මාරම්බරී 


ගායනය - එඩ්වඩ් ජයකොඩි

පද - කරුණාදාස සපුතන්ත්‍රී

 

සංගීතය - රෝහණ වීරසිංහ


රසවිඳින්න මෙතනින් 


මේ ගීතයම වෙනත් ගැයුමක් ලෙසින්..කිසිත් වෙනසක් නොමැතිව 

 

ස්තුතියි......ඔබේ අදහස් දෙන්න 

-ඉහේ-

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
01 Feb 2018 12:54 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ගැන නම් කියලා වැඩක් නැහැ..
එත් මුල් කාලයේදි මේ ගීතය මගේ හිතට ඇල්ලුවේ නැහැ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 Feb 2018 03:31 AM
  •  Quote
  •  Reply
ලස්සන සිංදුවක්....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Jaani
Basic Member
Basic Member
Posts:285






--
02 Feb 2018 01:49 AM
  •  Quote
  •  Reply

නියම වැඩක් ඉමල්ක.හොද වටිනා විග්‍රහයක් එකතු කරලා තිබුණා .ස්තුතියි

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Feb 2018 07:11 AM
  •  Quote
  •  Reply
මේ ගීතය ඇහැව්වට සවිස්තරව දැන ගත්තේ අද.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2018 08:29 AM
  •  Quote
  •  Reply
එඩ්වඩ් ජයකොඩි මේ ගීතය ගැයුවාට පසු ඔහුවත් මෙවන් ගීත නිර්මාණයට පෙළඹුනේ නැහැ. මේ ගීතය ගැයීම නම් පහසු නැහැ. ගීතයේ සංගීතය විශේෂයෙන්ම තබ්ලා වාදනය ඉතා ඉහලයි. ඉතා උසස් මට්ටමක තබ්ලා කාරයකුට හොඳට වැඩ පෙන්වන්න පුළුවන් ගීතයක්. ඉතා හොඳ තබ්ලා වදයකයන් සංගීතඥයන් හිටියත් ඔවුන් අතින් උනත් පසු කලෙක මෙවන් ගීත බිහි වුනේ ඉතා විරල වශයෙන්. මෙවැනි ඉහල පද මාලාවක් හොඳ වචන ටිකක් යෙදු ගීත පසු කලෙක දකින්නට ලැබුනේ ඉතා අඩුවෙන්. රම්බා දේවිය, රම්බරි ගැන ගීත ලියුවත් ලියවුනේ 'රම්බරි කියපන් උඹේ නොම්මරේ' වගේ ගීත.
අවන්කවම මම මේ ගීතයේ වැඩියෙන්ම කැමති සංගීතයටයි. නමුත් ගීතයේ අදහස ඉතා මනරම්. නැවත මේ ගීතය ගැන සිහි කැඳවා ගැටපද විවරණයක්ද සහිතව අප වෙත ගෙන ආ ඔබට බෙහෙවින් ස්තුතී වන්ත වෙමි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
03 Feb 2018 08:43 AM
  •  Quote
  •  Reply

තවත් මේ ගීතය ගැන අර්ථකථනයක් එඩ්වර්ඩ් ඉදිරිපත් කරමින් ඩෙල් ස්ටුඩියෝවේදී..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
19 Sep 2018 12:34 PM
  •  Quote
  •  Reply
හුඟ දවසකින් සින්දුවක් ගැන ලියන්න වෙලාවක් නැති උනා. ඒ අතරතුරේ  අහම්බෙන් මේ ගීතය සවනට වැටුනා.
සුදු ඇත් පොව්වෙක්

ඔබ මේ ගීතය අසා ඇති. මේ ගේ ගීතයේ වෙනස් දෙයක් ඔබ දුටුවාද

දරු නැළවිල් ගීතයක් ද ? සුරතල් දරුවෙකු ගැන ලියවුනු ගීතයක් ද ? එය එසේම කිව නොහැකියි නේද ?

ම මේ ගීතය දකින්නේ කුළුඳුල්  දරු උපත අපේක්ෂාවෙන්සිටින උතුම් මවු කෙනෙකුගේ ගර්භනී අවස්ථාවේ දැනෙනා අපහසුතා මැඩගෙන කුස තුල සිටිනා තම දෙවෙනි ජීවිතයේ හැසිරීම   තමාට දැනෙනා ආකාරය  හා මතු  අපේක්ෂාවන් ඉතා ම කන්කළු ලෙස ගීතයකට හරවා මිහිරි සංගීත නාද රටාවකට මුසු කිරීමකි.

 

එවැනි අතිශය ගීත දුර්ලභය, අහන්නට නැති තරම් ය 

දරුවෙකු පිළිසිඳගත් මොහොතේ පටන් කාන්තාවකට මුහුණපාන්නට වෙන ශාරීරික හා මානසික අපහසුතා

පිරිමි අපට එම ආකාරයටම නොදැනේ,. එය දන්නේ අම්මා කෙනෙකු පමණි. එසේ තමන් වින්ද දරාගන්නා සියලු වේදනාවක්ම උපදින්නට සිටිනා කිරිකැටියා වෙනුවෙන් අමතක කොට සතුට සහගත අපේක්ෂාව මුදුන්පත් කරගෙන..... කුස තුල සිටිනා දරුවාගේ චර්යා රටාවන් දැනෙන ආකාරය ගීතයකට නැංවීමට මේ ගීතය නිර්මාණය කල පුරුෂයා බන්දුල නානායක්කාරවසම් නම්වූ සුවිශේෂී ගී පද රචකයා සමත් වී ඇත

 

මේ ගීතයේ සරල බව නිසා ගී පද විස්තර කිරීම අනවශ්‍ය ය.

මා මෙහි දකින වෙනස නම්……

කාන්තාවකට පමණක් අත්විඳීමට  ලැබෙන  සන්තෝෂය වේදනාව දුක හා සතුට මුසු අත්දැකීමක් පුරුෂයෙකු කෙසේ ගීයකට නගම්ද මවකට උනත් එය කොයිතරම් අපහසු දෙයක් ද

 

බඩේ ඉන්නද්දී තියෙන විසේ ...මේකා  ලොකු උනාමත්  දගයෙකු වෙයිද දෙය්යනේ.??? 

මෙවැනි කතා ඇතැම් විට ඔබ කොතෙකුත් අසා තිබෙන්නට පුළුවන.....නමුත් බලන්න මේ ගීතයේ එවන් අරුතක් අන්තර්ගත කර තිබෙන ආකාරය 

 

අද කාලයේ සිටිනා මොඩ්වුනු මමීලා මෙසේ නොවිය හැක.

තමනට ලැබෙන්නේ දුවක ද පුතෙකුද යන්න ගැටළුවක් කරගන්නා හුදෙක් මවුනට ආදර්ශයක්........වෙසක් නැති ආදරය දුවටත් පුතුටත් එක හා සමානය 

ඒ වගේම ලේ කිරිකර පෙව්වා කියා උදම් අනන්නට යුතුනැති බව පවන්නේ එය සෑම මවකගේම ජීවිතයේ කොටසක් බව පසක් කිරීම.

ඒ වගේම දුප්පත් පොහොසත් වන්සවත් හෝ මෙකී නොකී උස්  පහත් කිසිඳු භේදයක් දරු සෙනෙහසට වලංගු නොවන බව කදිමට පවසා ඇත.

මහා මන්දිරේ උපන්නත් පලේ උපන්නත් මවකට තම දරුවා රජෙකි යන උතුම් අදහස ලොවට කියනා  මවකගේ වත ලොවට ඇසෙන්නට කියනා ගීයකි.

මවු පදවියක් නොලදමුත් විශාරද නිරෝෂා විරාජිනීගේ අතිශය ප්‍රබල ගායනය...එය ඔබට දැනෙන්නේ කෙසේද ??

එයයි දක්ෂතාවය...එයයි අගය කලයුත්තේ.

සිත නිවනා ලයාන්විත සංගීතය......ආචාර්‍ය රෝහණ වීරසිංහයන්....එය ලෙසටම සිදුකර ඇත 

ඒ ගැන ලියන්නට වචන නැත...

මෙන්න ගීතය අහලම බලන්න 

සිත නිවනා ලයාන්විත සංගීතය......ආචාර්‍ය රෝහණ වීරසිංහයන්....එය ලෙසටම සිදුකර ඇත 

ඒ ගැන ලියන්නට වචන නැත...

 

***************************************************************************************************************************************

****************************************************************************************************************************************

 

මෙන්න ගීතය අහලම බලන්න 

සුදු ඇත් පොව්වෙක්

 

සුදු ඇත් පොව්වෙක්  සුදු පියුම හොඬින් ගෙන පැදකුණු නොකළත් සිරියහනේ

පෙරුම්පුරා මා කුසට පැමිණි බිළිඳු

මට රජ පැටියෙක්

 

හංකිති කවමින්   කුස තුළ සක්මන් කරනා - නුඹ දඟයකු වේ දැයි නිකමට මෙන් මට සිතෙනා

පැටියෝ….

නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත්  නුඹෙ හිස පළඳන්නේ

වෙනසක් නැති එක ආදරයයි

 

කුස තුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ- ලේ කිරිකර පෙව්වැයි උදම් අනන්නට රිසි නෑ

පැටියෝ….

නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් මා නුඹට පුදන්නේ 

සැබෑව දිදුළන ජීවිතයයි

 

ගී පද  - බන්දුල නානායක්කාරවසම්

තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනය - විශාරද නිරෝෂා විරාජිනී

***************************************************************************************************************************

සාමාන්‍යයෙන් කුසතුල සිටිනා දරුවාට පරිසරයේ වෙනස්වීම් එකතරා දුරකට දැනෙනවා කියලා මා අසා ඇත. එසේ ඒ නිසා ඇතැම් මවුවරුන් ට සංගීතමය රශාස්වාදය උපරිම ගීත ශ්‍රවනය කිරීමට සැලැස්වීම තුලින් දරුවාගේ වර්ධනය ට හිතකර බව ද අසා ඇත. එය එසේ නම් ඒ සඳහා සුදුසුම ගීතය මෙය නොවේද ?

මා අසා ඇති දස දහසක් ගීත අතර ලයාන්විතම තනුවක් සමග ඉමිහිරිම සංගීතයක් ඇති ගීතයක් නම් මෙය ඉන් මුල් තැන ගනු නොඅනුමානය.

මේ ගීතය සැබෑ මවු වරුනට උපහාරයකි.....මවු වරුන් වීමට සිටිනා සැමට දිරි දෙන්නකි. සත්ත්වයාගේ පැවැත්ම සඳහා ස්වාභාවික ව සිදුවන ක්‍රියාව ට සැබෑ අරුතක් ගෙනදුන් සිංහල ගීතයක් 

ස්තුතියි 

(ඉපැරණි පුස්කොල පොතකින් උපුටාගන්නා ලද්දකි.....

හදිසියේ ලියපු එකක් නිසා පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන් කියලත් එකේම තිබ්බා,)

 

 





0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
19 Sep 2018 04:39 PM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුව තේරුමක්..ස්තුතියි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2018 07:03 PM
  •  Quote
  •  Reply
සින්දුවත් ලස්සනයි තේරුමත් ලස්සනයි
සින්දුව හොදින ඇහුවොත් තේරැම තේරෙනවා. ලොකු අර්ථයන් ගැබ් වචන නෑ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
20 Sep 2018 08:54 PM
  •  Quote
  •  Reply
කාන්තාවකට පමණක් අත්විඳීමට ලැබෙන සන්තෝෂය වේදනාව දුක හා සතුට මුසු අත්දැකීමක් පුරුෂයෙකු කෙසේ ගීයකට නගම්ද ? මවකට උනත් එය කොයිතරම් අපහසු දෙයක් .....

ඇත්තමයි............ස්තුතියි අය්ය ලස්සන අර්තවත් ගීතයක් ගෙනාවට
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Sep 2018 10:03 PM
  •  Quote
  •  Reply
සිංදුව වගේම තේරුමත් ලස්සනයි .............අද මෙවැනි ගීත අහන්න ලැබෙන්නේ බොහොම අඩුවෙන් .
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
16 May 2019 07:17 PM
  •  Quote
  •  Reply

සඳ කිණිති නැමී......

ආදරය විස්වාසය ඇති තැන සුන්දර වේ.....ඉවසීම......එකිනෙකා කෙරෙහි විස්වාසය හා ගෞරවය.අදහස් තේරුම් ගැනීම සුන්දර ජීවිතයක ලක්ෂණ වේ.

 

මේ ඒ හා බැඳුනු තැන් සොබා දහමේ අපූර්ව දසුන් සමගින් යා කොට තැනූ අපූරු ගීතයකි...

_____________________________________________________________________________________

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙ තද සදා
සොයයි සේයාව මගේ ..//

සඳ කිණිති නැමී....

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් ...//
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

සඳ කිණිති නැමී....

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් ...//
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

සඳ කිණිති නැමී...
_____________________________________________________________________________________

රසවිඳින්න ගීතය මෙතනින් 

_____________________________________________________________________________________

යමුනා මාලනී පෙරේරා මහත්මියගේ අතින් ලියවුනු මේ ගීතය තුල සොබා දහමේ අපූරු දසුන් පෙළක් මැවෙයිරාත්‍රී සඳ කිරණ නිසල විලෙහි ජාල තල මත වැටුණු විට ඉතා කාන්තිමත් දසුන් මාවේ....ආදරණීය හැඟුම් පිබිදේ...එම දසුන් විඳ ඇති නම් දැක ඇති නම් එය නොරහසකි 

 

සඳ කිණිති නැමී විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී මගෙ නෙ තද සදා
සොයයි සේයාව මගේ ..//

සඳ විසින් විලෙහි නිසල ජල තලයෙන් සඳෙහි ප්‍රතිබිම්බය සොයනා අයුරින් මම ද ඔබේ ඇසින් මගේ රුව දැකීමට ආසා වෙමි. මම නිසල සිතුවිලි ඇති තැන්පත් කෙනෙක් නම් මම ඔබේ ඇසුරින් පතන්නේ මා මෙන් මෘදු ගති ඇති පහන් හැඟුමන් ය. දෙදෙනෙකු එකිනෙකා ඉවසන දෙදෙනා ට ගැලපෙන ගති පැවතුම් හා හැගුමන් වලින් යුතු නම් ඔවුන් වඩා යහපත් වූවෝය 

සසල නොවී විල තිබෙන තුරා
දිළෙයි සඳ දියට යටින් ...//
සසල වෙලා දිය කැළඹුණු දා
බිදෙයි සඳ කැබිලි පිටින්

නිසල ජල මතුපිටින් බැලු විට සඳ රුව ජල තලයට යටින් මනරම් ලෙසින් පැහැදිලිව පෙනේ..ඒ දසුන  ආනන්දනීය හැඟුම් මවයි .විල් ජල තලය කැලතී සසල වුනු විට නිසල සඳ කැබලි වී පෙනෙයි......ඇත්ත නේද.....ඔයාලත් මේ දසුන් සොබා දහමින්  දැක ඇති නේද ?   ඔබ හා මම සසල වුනු හැම  විට කෝපය මතින්  සොඳුරු හැඟුම පලවා හැර රුදුරු හැඟුම් නිර්මාණය කරයි.......ඔබත් මමත් සසල වුනු  විට ආදරය හා සොඳුරු බව නැති වී යයි.

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින් ...//
සසර පුරා සැරි සරණ තුරා
බලමි ලොව ඹබේ නෙතින්

ඔබ සසල නොවී ශාන්තව සිටී නම්..ඔබේ සොඳුරු ඇසින් ඔබේ ආදරණීය මා දැක ගත හැකි ය. එය එසේ වන්නේ නම්  මේ මුළු සසර පුරාවටම මා ඔබේ නෙතින් ලෝකය දකිමි.....ඔබ නිසල නම්...තැන්පත් නම්  මගේ ආදරය වැඩි වී ඔබත් මමත් දෙදෙනෙකු නොව එකෙකු බව සිතේ.

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
-ඉහේ-

 

0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
16 May 2019 08:00 PM
  •  Quote
  •  Reply
ලස්සන ම ලස්සන ගැඹුරු තේර්මක් තියෙන ගීතයක්.

ආදරය කරන කාලෙ සසල නොවී අමාරුවෙන් හිටියත් මැරි කරල ලයිෆ් එක ගෙනියද්දි එහෙම ටිකක් අමාරුයි . දෙන්නට දෙන්න තේරුම් ගැනීම තමා වැදගත් .

ස්තුතියි අයියෙ සීරුවට පැහැදිලි කරාට.
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
16 May 2019 11:02 PM
  •  Quote
  •  Reply
හරිම ලයාන්විත ගීතයක් , තේරුම සන්කීර්ණයි වගේ....

ඉමල්ක  අයිය විස්තර  කරේ නැත්තම්  මට නම්  නොතේරන්නත්  තිබ්බ.

හ්ම්ම්ම්  ආදරය කරනකොට  ඉතින්  පොඩි දේටත් කේන්ති ගිහින් රණ්ඩු කරනෝ තමයි .  ඒකත් ඉතින්   ආදරය වැඩි කමටම වෙන්න ඇති.

කිසිම දෙදෙනෙක් සර්ව  සම්පූර්ණ   ගැලපෙන්නෙ නෑනි,  නොගැලපීම් ගලපාගැනීමට  උත්සාහ කරොත් ආදරය  හැමදාමත්  රැඳෙයි..

ස්තුතියි  ඉමල්ක  අයිය  මේ සුන්දර  පැහැදිළි  කිරීමට....
0
Add Reply
Page 4 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below