You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 07 Sep 2019 09:14 AM by  indika76
මා සිත්ගත් සුවිශේෂී පද බැඳුම් - වින්ටේජ් සුදු මැණිකේ
 94 Replies
Sort:
Page 2 of 5 << < 12345 > >>
Author Messages

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
15 Feb 2015 08:37 AM
  •  Quote
  •  Reply

KGP  මිත්‍රයාගේ අනර්ඝ පොස්ට් එකට බොහොම ස්තුතියි...

ඇත්තටම ගී පද රචනය තුලින් මනුෂ්‍ය ජීවිතයක විවිධ අවස්තාවන් වගේම  අනියත බව පෙන්වා දුන් අපූරුව බලන්නකෝ 

ගීතය මෙන්ම ඒ ගැන පොඩි විස්තරයකුත් පණ්ඩිත් අමරදේවයන්ගේ හඬින්ම අහල බලන්නකෝ 

 

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
15 Feb 2015 05:32 PM
  •  Quote
  •  Reply

nodana hitiya karunu keepayak danagatta..tx KGP & charith post walata

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Feb 2015 05:37 PM
  •  Quote
  •  Reply
kGP apu gamannma wada patan gena...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
25 Feb 2015 11:17 PM
  •  Quote
  •  Reply

ගල්කිස්සෙ හෝටලෙ ළඟ - M S Fernando

 

මෙන්න මගේ ඊළඟ තේරීම - මේක සිංහල ගීතයක් ද ඉංග්‍රීසි ගීතයක්ද..? ඔයාලම කියන්න බලන්න, ඉංග්‍රීසි පදවැල් හරි අපූරුවට ගලපලා තියෙනවා නේද..? මෙය එම එස් ප්‍රනාන්දු මහත්මාගේම පද රචනයක් කියලයි මම අහලා තියෙන්නේ . වැඩි විස්තර ඕනේ නැහැ නේ.. විස්තර කරන්න ඕනෙත් නැහැ නේ, අහන්න,,මීට පෙර අහල නැති කෙනෙක් ඉන්නවා නම් පමණක් කියන්න,
 
ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

I know kandy road
I know sigiriya road
i know madakalapu road
i know galoya board
take you to jem merchant
that is kahawaththe road
elahera, bakamoone
my friend menik load
my friend menik load

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

I show you wild elephant
we must go yala kale
I give you milk and honey
passing mathara nagare
I tell you good story
about panamure
you can see big temple
going to anuradhapure
going to anuradhapure

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

your wife madam misis
calling and comeකො Please
i give her kawm kokis
lunch time food pokiris
i know better english
like eating lunu miris
my friend singer MS
all ceylon bila twist
all ceylon bila twist

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
sir hiring car
I know all the bar
all ceylon tour going
I give my car
all ceylon tour going
I give my car

all ceylon tour going
I give my car ///

රස විඳින්න මෙතනින් 

 

මෙන්න ඒකම  අමු සිංහලෙන්ම 

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

අයි නෝ කැන්ඩි රෝඩ්
අයි නෝ සීගිරිය රෝඩ්
අයි නෝ මඩකලපු රෝඩ්
අයි නෝ ගල්ඕය බෝඩ්
ටේක් යූ ටු ජෙම් මර්චන්ට්
දැට් ඉස් කහවත්ත රෝඩ්
ඇළහැර බකමූණේ
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්
මයි ෆ්‍රෙන්ඩ් මැණික් ලෝඩ්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

අයි සෝ යූ වයිල්ඩ් ඇලිෆන්ට්
වී මස්ට් ගෝ යාල කැළේ
අයි ගිව් යූ මිල්ක් ඇන්ඩ් හනි
පාසිං මාතර නගරේ
අයි ටෙල් යූ ගුඩු ස්ටෝරි
අබවුට් පණාමුරේ
යූ කැන් සී බ්ග් ටෙම්පල්
ගොයින් ටු අනුරාධපුරේ
ගොයින් ටු අනුරාධපුරේ

ගල්කිස්සෙ හෝටලෙ ළඟ...

යුවර් වයිෆ් මැඩම් මිසිස්
කෝලින් ඇන්ඩ් කම්කො ප්ලීස්
අයි ගිව් හර් කැවුම් කොකිස්
ලන්ච් ටයිම් ෆුඩ් පොකිරිස්
අයි නෝ බෙටර් ඉන්ග්ලිෂ්
ලයික් ඊටින් ලුණු මිරිස්
මයි ෆ්‍රෙන්ඩ් සිංගර් එම් එස්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්
ඕල් සිලෝන් බයිල ටුවිස්ට්

ගල්කිස්සෙ හෝටලෙ ළඟ
ආතර් අයියා හෝටලෙ ළඟ
සර් හයිරිං කාර්
අයි නෝ ඕල් ද බාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්
ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්

ඕල් සිලෝන් ටුවර් ගොයින්
අයි ගිව් මයි කාර්  ///

 

* පද වැල් උපුටා ගැනීම අන්තර් ජාලයෙනි  

 

 
 
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Feb 2015 11:25 PM
  •  Quote
  •  Reply
M S Fernando lasanna githayak........
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Feb 2015 11:29 PM
  •  Quote
  •  Reply
මේ සිංදුව ඇහුවට මේකේ ඉංග්‍රීසි වචන මෙතරම් තියෙනවා කියලා මතක නෑනේ...
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
25 Feb 2015 11:40 PM
  •  Quote
  •  Reply

ammapa matath mathak wune nahane me kiyana kal meke ingirisi wachana thiyena bawa

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Feb 2015 08:52 AM
  •  Quote
  •  Reply

bageta bagayk ingirisi neda

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Feb 2015 10:11 AM
  •  Quote
  •  Reply


බොහොම ස්තුතියි.

මම මේ ගීතය මීට කලින් අහනකොටත් මේක තනිකරම ඉංගිරිසි ගීතයක් බව දැනුනා.. ඒ විතරක් නෙවෙයි.. ඔය සිදුවීමත් ඇත්ත.. ඔය ආතර් අයියා කියන්නේ MS ගේ ලගම හිතවතා.. ගමන් බිමන් යන්නෙම එයා එක්කලු.. එයාගේ කාර් එකේ.. තෙල් ගහගත්තම රටවටේ ඕනේ තැනක ඇවිදින්න එනවලු.. එයාට කරන සැලකිල්ලක් වශයෙන් ඔය ගීතය ලිව්වා කියලයි කියන්නේ.. ආතර් අයියා ගැන තවත් ගීතයක හෝ දෙකකත් තියෙනවා..

සිංහල ගායකයන් කියන එවැනි ඉංග්‍රීසි ගීත කිහිපයක්ම අහල තියෙනවා.. අනිල් භාරති ගේත් ගීතයක් මතකයි. මරියසේල්ගේ කැන්ඩි ළමිස්සි ගීතයේත් ගොඩක් ඉංග්‍රීසි වචන ඇති බවයි මතක. සුනිල් ශාන්තයන් පවා බටහිර ආරට ඉංග්‍රීසි ගීත ගායනා කලානේ.. ඉස්සර ගුවන් විදුලියේ නිතර වාදනය උනා..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
26 Feb 2015 07:39 PM
  •  Quote
  •  Reply

mamath sinduwa ahala tibuna. eth me tarak english vachana tibuna kiyala mathaka ne.. sinhala adui vage dan ahaddi nam

~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
19 Jul 2015 07:10 AM
  •  Quote
  •  Reply

 ඔබගේ කියවීම පිණිස..................අන්තර්ජාලයෙන්

ප්‍රේමකීර්තිගේ අපූරු නිර්මාණ කිහිපයක් පසුබිමේ ඇති අප්‍රකට කතා

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත්තේද එම මුල් මත වාඩිවෙමිනි. එහි මුල් අස්සේ පුංචි පුංචි බෝතල්ද සැඟවී තිබුණි.
දිනක් ප්‍රේමකීර්ති ද මිතුරන් කීපදෙනෙකු සමග මේ ගසේ මුල් මත වාඩිවී මධුවිතක රස බලමින් සිටියේය. එක්වරම ඔහු දුටුවේ ඈතින් ගායක සුනිල් එදිරිසිංහ එන බවයි. ‘සරල ගී’ වැඩසටහනකට ගීයක් ලියන්නැයි සුනිල් කියා තිබූ බව ප්‍රේම්ට මතක් වූයේ එවිටය. සුනිල් මේ එන්නේ එය රැගෙන යන්නට බව දන්නා ප්‍රේම් පිළිතුරක්
ලෑස්ති කර ගත්තේය. මුව පුරා සිනාසී තමා ළඟට ආ සුනිල්ව පිළිගත් ඔහු ‘සින්දුව ගෙනියන්න නේද ආවේ?’ කියා ඇසීය. සුනිල් හිස සැලීය.
‘සින්දුව හරි. ඒක තියෙන්නෙ සංස්ථාව ඇතුළෙ මගෙ ලොකර් එකේ. දැන් මම ඒක උඹට දෙන්න ගියොත් මුන් ටික මේ බෝත‍ලේ බිල ඉවර කරනවා. උඹට තව තියෙන ගමනක් ගිහින් පැය බාගෙකින් විතර එන්න බැරිද? එතකොට මම ඇතුළට ගිහින් සිංදු කොළේ අරන් දෙන්නම්...” ප්‍රේම් කීය.
ඔහු එසේ කී විට සුනිල්ට ඊට විරුද්ධවීමට බැරි නිසා ‘එහෙනං මම පැය බාගෙකින් එන්නම්...’ කියා එතැනින් යන්නට ගියේය. ප්‍රේම් කීවේ පට්ටපල් බොරුවකි. ඔහු ගීතයක් ලියා තිබුණේ නැත. සුනිල් ගිය පසුව යළි මිතුරන් හා එක්ව මධුවිත ගත් ප්‍රේම්ට ගසේ මුලක් මත වාඩි වී රේස් කොළයක්
බලන කෙනකු පෙනුණි. ඔහුගේ සිතෙහි පදවැලක් ඉපදුණේය. කොළ කෑල්ලක් ගත් ඔහු සිතට ආ පදවැල කොළයේ ලියා සාක්කුවට දමාගෙන යළි මිතුරන් අතරට එකතු විය.
පැය බාගයකින් පමණ සුනිල් ආවේය. ඔහුද කැටුව ගුවන්විදුලිය තුළට ගිය ප්‍රේම් සුනිල්ව අසුනක වාඩි කරවා ඔහුට නොපෙනෙන තැනකට වී සාක්කුවේ තිබූ කොළයේ
සටහන් කළ ගී පදවැල වෙනත් ලොකු කොළයක ලියා සුනිල්ට ගෙනැවිත් දුන්නේය. ඔහු ගී පදවැල කියවා අපමණ සතුටට පත්ව එය රැගෙන ගියේ සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් වෙතටයි. එච්.එම්. අතින් ඊට ගැළපෙන තනුවක් යෙදී සුනිල් ගායනා කළ පසුව එය ඉමහත් ජනප්‍රියත්වයට පත්විය. සුනිල් එදිරිසිංහගේ ගීතාවලියේ සාර්ථක ගීතයක් ලෙස අදත් පිළිගැනෙන
‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’ එම ගීතයයි. (ප්‍රේම් එම ගීය ලියූ මාර ගස පිහිටි ගුවන්විදුලිය ඉදිරිපිට මාවත ඉකුත් 31 වෙනිදා ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ලෙස නම්කරනු ලැබිය.)
නොබෝ කලකට පසුව එම ගීතයේ උපත පිළිබඳ මේ සිදුවීම ප්‍රේම් මට කීය. ‘බොරුවෙන් ගැලවෙන්න පැය බාගයක් තුළ හැදූ ගීතය’ යනුවෙන් මම එම පුවත ‘සත්සර’ සංගීත පුවත්පතට ලිව්වෙමි. පුවත්පත නිකුත්වී දෙතුන් දිනකට පසුව හමුවූ සුනිල් එම පුවත පළකිරීම නුසුදුසු බව කීය. තමා බොරුවකට රැවටුණු බව පාඨකයන් එමගින් දැනගන්නවා නොවේදැයි ඔහු මගෙන් විමසීය. එහෙත් මේ තරම් අගනා ගීතයක උපතේ රසවත් කතාව ගැන මිස පාඨකයන් ගායකයාගේ රැවටීමක් ගැන නොසිතන බව මම සුනිල්ට කීවෙමි. ඔහු එය පිළිගත්තේම නැත. තවත් ටික දිනකට පසුව හමු වූ ප්‍රේම්ට මම එම ලිපිය පළකිරීම පිළිබඳව සුනිල් දැක්වූ විරෝධය ගැන කීවෙමි. බක බක ගා මහ හයියෙන් සිනාසී ප්‍රේම් මෙසේ කීවේය.
“එයාට පිස්සුනෙ. යකෝ මාර වැඩක්නෙ. ඒක කොච්චර ලස්සන කතාවක්ද? මමනෙ උඹට කිව්වෙ. උඹ ලිව්වා. මිනිස්සු කියෙව්වා. එච්චරයි. කෑනොගහ ඉන්න කියපන්...”
මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක් වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි. දිනක් පුවත්පතකින් පැමිණ මාලිනීගේ පන්තිය ගැන ලියද්දී එම සිසුවියගේ මව ගැනද ලියා මුල්තැනක් දෙන්නැයි මාලිනී කීවාය. ‍ලේඛකයා සිසුවියට විශේෂත්වයක් දී පළකළේය.
පසුව සිසුවිය මව සමග ප්‍රසංගයක් පැවැත්වූ අතර එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්තිය. සිසුවියට ශිල්පය දී බාහිර උදව්ද එසේ කළ මාලිනී ගුරුතුමියට තවත් කෙටි කලකින් රාත්‍රී සංගීත ප්‍රසංගයකදී සිසුවිය හමුවූයේ ගායිකාවක ලෙස සිසුවියද ඒ වන විට ප්‍රසංගවලට ගිය බැවිනි. මාලිනීට තවත් හදිසි කරුණක් නිසා ඉක්මනින් යා යුතු වූ බැවින් ප්‍රසංගයේ ගී ගයන ලැයිස්තුවේ වෙනසක් කරගැනීමට අවශ්‍ය විය. එහෙත් ඇයට ඉහළින් ලැයිස්තුවේ අත්සන් කර සිටි සිසුවිය ගුරුතුමියට ඉක්මනින් ගී ගයා යන්නට අවස්ථාව ලබා දීම ප්‍රතික්‍ෂේප කළාය. ඒ මදිවාට මව සහ පියා සමග සිටි සිසුවිය ඇනුම් පදද කියනු මාලිනීට ඇසුණි. මාලිනී කඩා වැටුණාය. කම්පා වූවාය. සිසුවියට පසුව ගී ගයා නික්ම යන තුරුද ඒ සිදුවීම ඇගේ සිත පාරමින් තිබුණි. දිනකට දෙකකට පසුව සිය මිතුරෙකු වූ ප්‍රේමකීර්තිව මාලිනීට හමුවිය. කලකිරී සිටි මාලිනී මේ සිද්ධිය නිකමට ඔහුට කීවාය. කතාව අසා පැත්තකට ගිය ප්‍රේම් කඩදාසියක ගී පදවැලක් සටහන් කරගෙන පැමිණ මාලිනීට එය දුන්නේය.

කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල ළඟ සිටියලු තනිවීලා
අන්දමන්ද ගණ අඳුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා

ප්‍රේම් ලියා තිබුණේ මූසිල සිසුවියගේ කතාවයි. කන්ද මාලිනීටත් කෙන්ද සිසුවියටත් උපමා කර තිබුණි. මාලිනී මෙය සිය සැමියා එච්.එම්.ට දී තනුවක් දමාගෙන ගැයූ අතර එය අද පවා ජනප්‍රිය ගීතයකි. මාලිනී බුලත්සිංහල ‘කන්දක්’ සේම මියගිය අතර මූසිල සිසුවිය අදද ‘කෙන්දක්’ සේ සිටී. ප්‍රේම්ගේ සැසැඳීම නිවැරදිය.
‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයෙකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේදියෙකු ලවා දමා ඇති එක් කැපිල්ලක් නිසා ප්‍රේම් එම සංගීතවේදියා සමග මිය යන තුරුම වැඩ කළේ නැත. එක් චිත්‍රපටයකට ඔහු ගීතයක් ලියූ විට අධ්‍යක්ෂවරයාත් සෑහීමකට පත්ව තිබියදී සංගීතවේදියා හතර පස් වතාවක්ම යළි යළිත් ලියන ලෙස කීම ගැන කෝප වූ ප්‍රේම් අන්තිම වතාවේ ගීතය ලියූ කඩදාසිය ඉරා වීසි කර ගෙදර පැමිණ තිබේ. එම කැපිල්ල දමන්නට සංගීතවේදියා පෙළඹවූ ගීත රචකයා නිතර අනුන්ව විවේචනය කරන්නෙකු ද විය. ප්‍රේම් ඔහුගෙන් නිර්මාණශීලීව පලිගත්තේ පේ‍රඩී සිල්වාට ‘පාන් කිරිත්තා’ ගීය ලියමිනි.
“අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා - තමන් දන්න දේ හරියට කරපන්...” කියා ප්‍රේම් ලියා ඇත්තේ ඔහුටය. ඔහු ජීවත්ව සිටියත් මළ සේය. ප්‍රේම් මළත් අදත් ජීවත් වන සේය.
ප්‍රේම්ගේ මුල්ම සහකාරිය වූ ප්‍රවීණ නිවේදිකා දයා ද අල්විස්ගෙන් වෙන්ව සිටි අවධියේ දිනක් ඔහු සිය මෝටර් රථයෙන් දෙල්කඳ පැත්තේ සිට කොළඹ දෙසට එමින් සිටියේය. දයාගෙන් ලැබූ දියණිය සුරංගි ද එකල ඔහුගෙන් ඈත්ව සිටියාය. නුගේගොඩ හරියේදී කහ ඉරෙන් පාසල් දැරියක් පාර පනිනු දැක ඔහු ඇයට යන්නට රිය නවතා බලා සිටියේය. ගීයක් ඉපදුණේය.

පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා
මගේ හිතෙත් පුංචි දුවෙක් පාර පනිනවා

යනුවෙන් ඒ මොහොතේ ඔහුගේ සිතේ උපන් ගීය නිරංජලා සරෝජිනියගේ හඩින් ගැයුණු විට එය ශ්‍රාවකයන් අතර ජනප්‍රිය විය. නන්දා මාලිනී ගැයූ ‘සුරංගිට දුක හිතුණා’ ගීයද ඔහු ලිව්වේ සුරංගි දුව වෙනුවෙනි.
එච්.ආර්. ජෝතිපාලයන් 1987 ජූලි 7 වෙනිදා මියගිය පසුව ලක්ෂ සංඛ්‍යාත ජනකායක් මධ්‍යයේ බොරැල්ල කනත්තේදී ජෝතිගේ අවමඟුල සිදුකෙරුණේ ජූලි 9 වෙනිදාය. එහි නිවේදකයා වූයේ ප්‍රේමකීර්ති ද අල්විස්ය. නිහාල් නෙල්සන් ගායකයාණන්ට ක්ෂණිකව කතාවක් දීමට සිදුවූ නිසා ‘මේ නිහාල් නෙල්සන් කතා කරන්න බලා‍පොරොත්තු වෙනවා...’ කියා ප්‍රේම් මයික්‍රෆෝනය දුන්නේය. කෙටි එහෙත් සරු කතාවක් කළ නිහාල් ජෝතිගේ නමට මුලින් ඇති එච්.ආර්. යන අකුරු දෙකට ගැළපෙන්නේ ‘හදවත රත්තරන්’ යන වදන් බව මුලින්ම කීවේ එතැනදීය. තම ගී පදවැල් රැසකට ජීවය දුන් ජෝතිමත් ගායක මිතුරාගේ දේහය චිතකයේ දැවෙන තෙක් බලා සිට ස්වාධීන රූපවාහිනියට ගිය ප්‍රේම් ජෝති අවමඟුල ගැන පැයක වැඩසටහනක් සකසා එම රාත්‍රියේම ඉදිරිපත් කළේය.
වැඩසටහන අවසානයේ ජෝතිගේ චිතකය දැවෙන දසුන පසුබිමෙන් ප්‍රේමකීර්ති වාදනය කළේ ජෝතිගේ ජනප්‍රිය පී්‍රති ගීතයක් වූ මේ ගීතයයි.

අද අමුතුම රැයකී
හොඳ සීතල පැයකී
අඳුරු වලා වැලකී
මගෙ හිත සතුට දකී

වෙනත් ඕනෑම නිවේදකයෙකු හෝ නිෂ්පාදකයෙකු
ඒ වැඩසටහන කළා නම් එම දසුන පසුබිමෙන් ජෝතිගේ ඉතාම සෝබර ගීතයක් යොදනු නිසැකය. නමුත් නිර්මාණශීලී ප්‍රේම්, ඔමාර් ඛයියාම්ගේ දර්ශනය ඇදහූ ජෝති නමැති රසවතා මරණයෙන්ද සතුට දකින වග එම ගීය යොදමින් කියා පෑවේය. 1987 ජූලි 9 වෙනිදා ජෝති ගැන ප්‍රේම් එවැනි නිර්මාණශීලී වැඩසටහනක් ඉදිරිපත් කළත් 1989 ජූලි 31 වෙනිදා ප්‍රේමකීර්ති ද අල්විස් මරා දැමූ පසුව ඔහු ගැන හරිහමන් වැඩසටහනක් කරන්නට කිසිවෙකුත් සිටියේ නැත.

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
19 Jul 2015 06:50 PM
  •  Quote
  •  Reply
ඉතාම වටිනා පසුබිම් කතා ටිකක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
19 Jul 2015 07:10 PM
  •  Quote
  •  Reply
මමත් කියෙව්වා කතා ටික.. ගීතයක පිටුපස කොච්චර රසවත් පසුබිමක් තියෙනවද..? ප්‍රේමකීර්ති කියන්නේ උපන් ගෙයි දක්ෂයෙක්.. ඔහුව මරා දැමුවෙත් ඒ කාලේ ප්‍රේම්ගේ දක්ෂතා උහුලා ගන්න බැරිවූ ඒ ක්ෂේත්‍රයේම සිටි අයෙක්.. ඒ මරණය එක එක ගිණුම් වලට බැර කරන්න හැදුවත් ප්ප්‍රේම් ගේ බිරිඳම කියනවා කවුද ඊට වග කිව යුතු මිනීමරුවා කියලා.. ඔහුව මරණයට පත් කළා කියලා ප්‍රේම් වගේ දක්ෂයෙක් නම් වෙන්න බැරි උනා ඔහුට.. දේශපාලන කඩේ යෑම් මිස වෙන දෙයක් දන්නේ නැහැ ඔහු. ඔහු මරා දැමුවේ ප්‍රේම් පමණක් නොවෙයි.. සිංහල කළා කෙතට එකතු වන්නට තිබු දහස් ගණනක් වටිනා සිංහල ගීත ගොන්නක්..

ප්‍රේම් කෙටි වෙලාවකින් ලියුවත් ඒ හැම ගීතයකම රසවත් අර්ථයක්. ඔබ වැන්නවුන් තමයි මේ අරුත් සුන් ගී බිහිවෙන කාළේ අපේ රටේ ඉන්නට තිබුණේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Jul 2015 10:07 PM
  •  Quote
  •  Reply
මමත් මේ පසුබිම් කතා ටික කියෙව්වා. අද මෙවැනි නිර්මාණ බිහිකරන්න පලුවන් පුද්ගලයෝ නැති එක ලොකු අඩුවක් ...
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Jul 2015 12:21 AM
  •  Quote
  •  Reply
ප්‍රේම් කියන්නේ නැවත බිහිවන්නේ නැති චරිතයක්..
එතුමාට ගි පද රචනය පිළිබද පුදුම හැකියාවක්...

දිනක් එතුමා හදිසි ගුවන් විදුලි වැඩසටහනකට යාමට සූදානම් වන විට ප්‍රියා සූරියසේන ශූරීන් බෝතලයක් ද රැගෙන ගිතයක් ලියා ගැනීමට පැමිණියා.
කඩිනමින් යාමට සූදානම් ප්‍රේම් ප්‍රියාට හෙට දිනට එම බෝතලද රැගන එන ලෙසින් කොළ කැබැල්ලක මෙසේ ලියුවා..
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.
පසුදින පැමිණි ප්‍රියා මෙය ගීතයක් ලෙසින් අනිත් වචන යෙදා සුන්දර ගීතයක් නිර්මාණය කර ගනු ලැබුවා..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Jul 2015 01:25 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Jul 2015 12:21 AM
ප්‍රේම් කියන්නේ නැවත බිහිවන්නේ නැති චරිතයක්..
එතුමාට ගි පද රචනය පිළිබද පුදුම හැකියාවක්...

දිනක් එතුමා හදිසි ගුවන් විදුලි වැඩසටහනකට යාමට සූදානම් වන විට ප්‍රියා සූරියසේන ශූරීන් බෝතලයක් ද රැගෙන ගිතයක් ලියා ගැනීමට පැමිණියා.
කඩිනමින් යාමට සූදානම් ප්‍රේම් ප්‍රියාට හෙට දිනට එම බෝතලද රැගන එන ලෙසින් කොළ කැබැල්ලක මෙසේ ලියුවා..
හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.
පසුදින පැමිණි ප්‍රියා මෙය ගීතයක් ලෙසින් අනිත් වචන යෙදා සුන්දර ගීතයක් නිර්මාණය කර ගනු ලැබුවා..


… …ඒ කියන්නෙ හෙටත් බොතලයක් ගෙන්න කියලයි කියලා තියෙන්නෙ ..?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Jul 2015 03:54 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 20 Jul 2015 01:25 AM
… …ඒ කියන්නෙ හෙටත් බොතලයක් ගෙන්න කියලයි කියලා තියෙන්නෙ ..?
ඒ වෙලාවේ බොන්න වේලාව නැති නිසා බෝතලයත් අරගෙනම හෙට එන්න කියලා කියුවේ..

0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
21 Jul 2015 07:14 AM
  •  Quote
  •  Reply
අපුරු පසුබිම් කතා ටික ....ස්තුති අයියා
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Jul 2015 10:49 PM
  •  Quote
  •  Reply

ඒ වගේම ප්‍රේම් මියගිහින් මේ මස 31 දිනට වසර 26 ක් වෙනවා..

මේ වෙබ් අඩඩි කිහිපයකින් ලබාගත් කොටස් කීපයක සංස්කරණයකි...

1947 ජුනි මස 02 වැනි දින කොළඹදී මෙලොව එළිය දුටු ප්‍රේමකීර්ති කුඩා අවධිය ගත කළේ මරදාන දුම්රිය නිවාසයකය. ඒ ඔහුගේ පියා දුම්රිය සේවකයකු වූ බැවිනි. පියාට අවශ්‍ය වූයේ ප්‍රේමකීර්ති දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු කිරීමටය. මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මරදාන ආනන්ද විද්‍යාලයට පිවිසි ප්‍රේමකීර්තිගේ ප්‍රතිභා ප්‍රභාව දැල්වෙන්නේ ආනන්දයෙනි. 1961 දී තම ළමා වැඩසටහනකදී "කරු අයියා" විසින් මොහු හඳුනා ගන්නා ලදී. පසුව මෙම අපූරු තරුණයා ගුවන්විදුලි ළමා වැඩසටහන්වල පිටපත් කියවන්නකු ලෙස යොදාගනු ලබන්නේ ඉසිවර නුවණින් ඔහුගේ දක්‍ෂතා හඳුනා ගනිමිනි. ප්‍රේමකීර්ති 1966 දී තම පියාගේ මඟපෙන්වීම අනුව "දවස" පුවත්පත් ආයතනයේ සිනමා ප්‍රකාශනය වූ "විසිතුර" පුවත්පතට එක්‌වූයේය.

1967 දෙසැම්බර් 17 වැනි දින සහාය නිවේදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණු ප්‍රේමකීර්ති, 1971 ජුනි 01 වැනි දින නිවේදකයකු ලෙස තනතුරෙහි ස්‌ථිර කරන ලදී. ඔහු 1989 ජුලි 31 වැනි දින සාහසික ලෙස ඝාතනය කරන ලද්දේ වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස ගුවන් විදුලියේ සේවය කරමින් සිටියදීය.

ප්‍රේමකීර්ති ඉතා සරල දිවි පෙවෙතක්‌ ගත කළ කුඩා නිරහංකාර මිනිසකු වූ බව ඔහු ඇසුරු කළ සියල්ලන්ම හොඳින් දන්නා කරුණකි. අතට හසුවන ඕනෑම දෙයකින් කුසගිනි පුරවාගන්නා ඔහු පොදු ජලනළයෙන් දෝතට දිය ගෙන බීවේය. පෙට්‌ටි කඩයෙන් වඩේ එකක්‌ හා ප්ලේන්ටියක්‌ බී බීඩියක්‌ දල්වා ගැනීම ඔහුට සාමාන්‍ය කටයුත්තකි. ගමට ගියවිට නියරෙන් බැස ඇළෙන් මුහුණ සෝදා එයින්ම දිය දෝතක්‌ බීම ඔහුගේ පුරුද්දයි. සතියක දීර්ඝ සංචාරයකට ඔහුට අවශ්‍ය වන්නේ ඇඳුම් දෙකකි. රබර් සෙරෙප්පු දෙක ඔහුට හොඳටම සෑහේ. පයින් යැම, කඩපිල්වල ගැමියන් හා දරුවන් සමග කාලය ගත කිරීම ඔහුගේ විනෝදාංශයයි. ඔහු මහත් අභිරුචියෙන් පානය කළේ රටේ පුංචිම මිනිසා පානය කළ මත්පැන් වර්ගයයි. ඔහු තම ජීවිතයේ අවසන් මාස කිහිපය ගත කළේ මාසිකව වැටුපෙන් ගෙවීමට ණයට ගත් තනි කාමරයක්‌ සහිත කුඩා ගෙපැලකයි. එහි වූ කුඩා ගෙවත්තේ වගා කරගත් එළවළු හා පලතුරු ඔහු මහත් අභිරුචියෙන් බිරිඳ සමග උයා පිහාගෙන වැළඳුවේය. තම බිරිඳගේ ආහාර වේල සකස්‌ වූයේ ද මේ කුඩා අහිංසක මිනිසා අතිනි.

ජීවත් වූ වසර 42 ක්‌ තරම් කෙටි කාලයක්‌ තුළ ගීත එක්‌දහස්‌ හයසියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ලියූ ප්‍රේමකීර්ති තම පළමු ගීය ලෙස "හද පුද අසුනේ සෙනෙහස මැවුණේ" රචනා කළේ රූපා ඉන්දුමතී හා මල්කාන්ති පීරිස්‌ (නන්දසිරි) වෙනුවෙන් 1969 වසරේදීය. මෙම වසරේම කේ. ඒ. ඩබ්. පෙරේරා අධ්‍යක්‍ෂණය කළ "ලොකුම හිනාව" චිත්‍රපටයට පසුබිම් ගීයක්‌ ලෙස "පරණ කෝට්‌" ගීතය ලියමින් චිත්‍රපට ගීත ක්‍ෂේත්‍රයට පිවිසි ප්‍රේමකීර්ති චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක පසුබිම් ගීත රචනා කළේය.

ප්‍රේමකීර්ති ලාංකික සාම්ප්‍රදායික සංස්‌කෘතික හා ජනප්‍රිය සංස්‌කෘතිය යා කළ පාලමක්‌ වැන්න. ඔහු තම නිර්මාණ තුළින් කිසිවිටෙක සම්ප්‍රදාය හෑල්ලු කළේ වත්, අවමානයට පත් කළේ වත් නැත. ඊට හොඳම සාධකය වන්නේ ප්‍රෙඩී සිල්වා චරිතයයි. එවකට ප්‍රෙඩී සිල්වා ජනප්‍රිය වුවත්, සමාජය ඔහු පිළිගැනීමකට ලක්‌ කළේ නැත. පරණ කෝට්‌ ගීතයත් සමග ජනප්‍රිය වූ ප්‍රෙඩී ශීඝ්‍ර ගමනකට මුල පිරුවේ සිනමා නළුවකු ද වෙමිනි. ඒ පසුපස සිටි දැවැන්ත චරිතය ප්‍රේමකීර්ති බව දන්නේ අතළොස්‌සකි. ප්‍රෙඩී ගායනා කළ, "අලුත් කලාවක්‌", "ආරොන් මාමා", "පාන්කිරිත්තා", "නෑදෑයෝ", "හඳමාමා", "කැකිල්ලේ ර-ජුරුවෝ", "කුණ්‌ඩුමනී", "තේ කූඩය පිටේ බැඳන්" හා මුලින් සඳහන් කළ "පරණ කෝට්‌" ආදී ගීතවල නිර්මාණ හිමිකරුවා ප්‍රේමකීර්ති බව දන්නෝ කවරහුද? වරක්‌ මෙම උපහාස ගීත පිළිබඳ සඳහන් කරමින් ප්‍රේමකීර්ති කීවේ, "ලංකාවේ අපට අපේම කියා උපහාස සාහිත්‍යයක්‌ ඇති බවයි." ඔහු ඊට දුන් උදාහරණය වූයේ, අන්දරේ, කුංකුණාවේ හාමුදුරුවෝ සහ යක්‌කඩුවේ ප්‍රඥරාම හිමි යන චරිතය. කොළඹ යුගයේ කවියන් කිහිප දෙනකුගේ නම් ද ඔහු කීවේය. ඒ අනුව, සම්භාව්‍ය උපහාස ගීයේ නිර්මාතෘවරයා වන්නේ ද ප්‍රේමකීර්ති බව මගේ විශ්වාසයයි.

ප්‍රේමකීර්ති හැමවිටම දරුවන් සමග සිටීම ප්‍රිය කළ අහිංසකයෙකි. රූපවාහිනියේ "ශනිදා සාදය" හා "අඳුන" තුළින් ද ඔහු ඇමතුවේ බොහෝවිට දරුවන්ටය. සාරධර්ම හා ළමා මනස සංවර්ධනය උදෙසා ඔහු නොමසුරුව ගුවන් කාලය වෙන් කළේය. "කියන්න සුළඟේ ඔබ කොයි සිට දෝ එන්නේ", "පුංචි පන්තිවල", "රූම් පෙත්ත කැරකෙනවා", සුරංගීට දුක හිතුනා", "සමනළයා මල හා ළමයා", "මා එක්‌කලා අමනාපව වී දබර" වැනි ගීත ද, ටයිටස්‌ තොටවත්තයන් හඬගැන්වූ "දොස්‌තර හොඳහිත" වෙනුවෙන් රචිත "බෑ කියලා බැරිය මලේ" ආදී වූ ගීත සමුච්චිය අද ද දරුවන් අතර ආදරයට පාත්‍ර වී තිබේ.

ප්‍රේමකීර්ති තරම් පරිසරය හා ගහකොළ සතා සීපාවා පිළිබඳ සංවේදී වූ ගීත රචකයෙක්‌ මට හමුවී නැත. පරිසරයේ අප අවට සිටින ලොකු කුඩා සතුන්ගේත් ගහකොළවලත් සියුම් නිරීක්‍ෂණයක්‌ තුළින් ලත් පරිචයක්‌ ඔහු සතුව පැවැති බව ඔහුගේ ගී නිර්මාණ තුළින් අපට පෙනේ. මීට ඇති හොඳම උදාහරණය නම්, "බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ" ගීතයයි. එසේම, "හැන්දෑ කරේ අඹ මල් වට", "කොහෝ කොහෝ කොහේ ඉඳන්", "අඹ දඹ නාරන් කෙසෙල් දෙල්", "සෙවනේ කඹුක්‌ සෙවනේ", "දකුණු ලකේ අග නගරේ", "නුවරවැවේ", "

උඩරට කඳුකර සිරියා පරදන", "ඇළ දොළ ගංගා යාවි ගලා", "කුරුලු ගමේ කුරුලු ගෙදර කුරුලු කුමාරි", "සුදුපාට මීදුම් ගලාලා", "බැද්දට හඳ පාන වගේ", "තනි තරුවේ", "බොඳ මීදුම් කඳු රැල්ලේ", "මහ මුහුදු විමානේ", "එගොඩහ යන්නෝ" එම ගී අතරින් සමහරෙකි.

ලංකාවේ උරුමයන් පිළිබඳ ඔහු ලියූ ගීත එක්‌ අතෙකින් දේශාභිමානී ගී ලෙස ද සැලකිය හැකිය. "ඉසුරුමුනියෙහි පැතැලි ගලෙක", "දඹුලු ගලේ", "උඩරට නිළිය හැඩ වගේ", "නිවහල් සිතුවිලි සිතනා" එවැනි ගී කිහිපයකි. දේශීය සාම්ප්‍රදායික ගැමි ආදරය හා නාගරික ආදරය ඔහු දුටුවේ එකසේ මැදහත්වය. නන්දා මාලිනිය ගයන "කප් සුවහස්‌ කල් පෙරුම් පුරාගෙන" ගීතයේ සිට "පෙම්මල් මාලා නෙළා ගොතාලා", "ටිකිරි මැණිකෙ අඹුල ගෙනැල්ලා", "දෑස රිදෙනවා පාර බලා ඉඳලා", "ආදරයක හැඟුමක්‌ මුලදී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "මගේ ළමැඳ සුව යහනක්‌", "මා නෙත් කැදැල්ලේ", කීකිරිඳිය ඇට නූලක අමුණා", සයුර වෙත යන ගඟ පරිද්දෙන්", "පිදුරු සෙවි කළ පැල්පතේ ඇති", "රත්ති අරන් උදැනෙක්‌කේ", "කල්පනා ලොව මල් වනේ", "කෙදින ද කූඩු හදන්නට එන්නේ", "ලොව නිසසල වී නවතින මොහොතේ", "ගී ලියන්න මට කිව්වේ ඔබේ නෙතයි", "මගෙ නාමලී බැඳි ආදරේ" "සිහින සතක්‌ දුටුවෙමි මම", "කුරුල්ලන්ට ගී ගයන්න", "කිරි කවඩි සිනා නොදැක බැදුණ", "ආත්ම ගණනක සිතුවිලි අතරේ", "සැලළිහිණියෝ ඔම දන්නෙ නෑ", "අමරාදේවි", "එන්න මදනලේ ගොස්‌ පවසන්න දුක මගේ", "ප්‍රේම කතාවක චරිත දෙකක්‌ අපි", "මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න නම් බැරි", "කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා", "මග තොට දී හමුවෙද්දී", "ඔබෙ නිල් නුවන් තලාවේ", "පවුරු වළල්ලක්‌ බැඳලා", "ආගන්තුක කුරුල්ලා", "හිරු පායනවා මල් පිබිදෙනවා", "සන්සුන් රුවක්‌ හඳ මන්දිරයේ", "තුට කළ ලෙවන්", "වැල්ලේ කිරි වැල්ලේ" සිට කීර්ති පැස්‌කුවෙල් ගායනා කරන, "කවිකාරියේ සින්දු කියන ළඳේ" දක්‌වා වූ අති දීර්ඝ ප්‍රේම ගීතාවලියක්‌ ඔහු විසින් ලියා තිබේ.

ප්‍රේමකීර්ති ලියා ඇති බැති ගී ප්‍රමාණය ද ඉතා විශාලය. ඒ අතර, "නිවන් දුටු හිමි රුවන් පිළිරුව", "සමිඳු පාමුල නාමලක්‌ වී", "ගිලෙමි ඔබේ ගුණ මූදේ", "නිවන්පුරට" ආදිය ප්‍රමුඛ වේ. එසේම, "දම්පියාව නෙත් පියාණ", "හිත හීලෑ නෑ හරිම මුරණ්‌ඩුයි", "උඩ මළුවේ" නවමු කෝණයකින් බුදුදහම දෙස බැලීමකි. අම්මා පිළිබඳව අප සියල්ලන්ගේම හදවතේ ඇති ළබැඳි සිතුවම "ආදරයේ උල්පත වූ අම්මා" සහ "දුනුකෙයියා මලක්‌ වගේ" ගීතවලින් වර්ණවත් වී ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. එසේම මාතෘත්වය නොලද විවාහක කාන්තාවකගේ සිතුවිලි ද ඔහු හොඳින් තේරුම්ගත් වග පෙනෙන්නේ, "දරුවෝ ඇති අම්මාලා" ගීතයෙනි. සාම්ප්‍රදායික සිංහල පවුල්වල දරුවන් හා දෙමාපියන් අතර ඇත්තේ දැඩි ආධ්‍යාත්මික බැඳීමකි. එම බැඳීමේ ගැඹුර "පුංචි දවස්‌වල නින්දට යද්දී" ගීතයෙන් අපට පවසන්නේ නෙතඟට කඳුළක්‌ නංවමිනි.

තරුණ වියේ දරුවන්ගේ නොමේරූ හැඟීම් මැනැවින් තේරුම්ගත් ප්‍රේමකීර්ති, ඔවුන් දෙස බැලුවේ දයාබර පියකු ලෙසයි. "හිතුවක්‌කාරෙට කරගත්තයි කියලා", "ආශාවේ මල් වැටෙන් එබී" මේ සඳහා දැක්‌විය හැකි එක්‌ උදාහරණයකි. සමාජය විසින් කොන් කළ අහිංසක සූදුකරුවා සමාජයේ අවධානයට යොමු කරන්නේ "මිනිසකු පිට නැඟි අසරුවෙකි" ගීයෙනි. ප්‍රේමකිර්තිගේ දේශපාලන චින්තනය හඳුනාගත හැකි නිර්මාණ රාශියක්‌ ද මෙම ගී පදමාලා තුළ අන්තර්ගත ය. ඒවා සියුම් ලෙස විග්‍රහ කරන්නකුට පහසුවෙන් ඔහුගේ සිතුවිලි හා ඒකාත්මික විය හැකිය. ප්‍රෙඩී සිල්වා ගායනා කළ "කුණ්‌ඩුමනී" ගීතය එවක රටේ ප්‍රධාන දේශපාලන ගැටලුව වූ ජාතිවාදී ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්‌ම ප්‍රකට කරයි. ගුණදාස කපුගේ ගායනා කරන "සබඳ අපි කඳු නොවෙමු", "උතුරු කොනේ නුඹ හිනැහෙන්" ඔහුගේ සමාජ සත්තා යථාර්ථය කුළුගන්වන නිර්මාණයෝ වෙති.

ඔහුගේ ගී පදමාලා රචනා ප්‍රතිභාව පිළිබඳ කිව හැකි හැමෝම දන්නා කතාව මම ඔබට කියමි. ප්‍රේමකීර්තිට ගීයක්‌ ලිවීමට ගත වන්නේ සිගරැට්‌ටුවක්‌ දැවී යන කාලය පමණි. උපකරණ ලෙස අවශ්‍ය වන්නේ බස්‌ ටිකට්‌ටුවක තරමේ කඩදාසි කැබැල්ලකි. "ආදරයේ උල්පත වූ අම්මා" ගීතය ලියෑවුණේ 138 බස්‌ රථයක ඇස්‌වාට්‌ටුවේ සිට හෝමාගම යද්දී එම ගමන සඳහා නිකුත් කළ ටිකට්‌ පතේ බව දන්නේ වික්‌ටර් රත්නායකයන්ම පමණි. ඔහු පිළිබඳ මෙවැනි කතා සිය ගණනක්‌ තිබේ. ඒවා ද සාහිත්‍යයකි. මහා හඬ පෞරුෂයක්‌ සහිත වූ ගුවන්විදුලි නිවේදකයකු වූ ප්‍රේමකීර්ති 60 දශකයේ අග භාගය වන විට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සෙසු සියලු නිවේදකයන් අභිබවා සිටියේය. ඔහුගේ ඉතිහාසය, සාහිත්‍යය, ආගම හා සමාජ පරිඥනය පිළිබඳ වූ විශිෂ්ට දැනුම ගුවන් තලය හරහා ශ්‍රාවක දෙසවන් තුළින් හදවත් තුළට කි¹ බැස්‌සේය. ප්‍රවෘත්ති නිවේදනයේ විශිෂ්ටයකු වූ ප්‍රේමකීර්ති එනිසාම පසු කලෙක රූපවාහිනියේ "පුවත් සැරිසර නමින් සාර්ථක වැඩසටහනක්‌ ඉදිරිපත් කළේය. "පුවත් සැරිසර" තුළින් සජීවීව ශ්‍රාවකයන් වැඩසටහනට සම්බන්ධ කරගැනීම ඔහු කළ අභියෝගාත්මක අත්හදා බැලීමකි.

1969 සිට 1977 දක්‌වා කාලසීමාව තුළ ගුවන්විදුලි බලධාරීන් විසින් ප්‍රේමකීර්තිගේ වැඩ තහනම් කළ අවස්‌ථා ගණන 12 කි. 1977 සිට 1987 දක්‌වා විවිධ දේශපාලන පළිගැනීම්වලට බඳුන් වූ ප්‍රේමකීර්ති අවසන වසර දෙකක වැඩ තහනමකට ද ලක්‌විය. වසර දෙකක අනිවාර්ය නිවාඩු යෑවීමෙන් පසු කිසිදු දඬුවමකින් තොරව නැවත සේවයට කැඳවූ ප්‍රේමකීර්ති ද අල්විස්‌ හා ගුණදාස කපුගේ රජරටට මාරු කරන ලදී. වැව් බැඳි රාජ්‍යයේ ගමක්‌ ගානේ යමින් රජරට සේවය ජනප්‍රිය කොට එය පොදු ජනතාවගේ හඬ බවට පත් කළ මොවුහු රජරට කළුගල් නිල් මැණික්‌ බවට පත් කළහ. ඊට ඇති හොඳම නිදසුන වන්නේ කරුණාරත්න දිවුල්ගනේ නම් ගායකයායි. රජරට සේවය කොළඹ ගුවන්විදුලියට තර්ජනයක්‌ම විය. වැව් බැඳි රාජ්‍යයේ දොරින් දොර, ගමින් ගම, ඇසුණු එකම ගුවන්විදුලිය වූයේ රජරට සේවයයි.

ඔහු දේශපාලන වේදිකා මත කෑ ගසා හෝ කරපටි සලකුණෙන් හෝ කේලාම් කීමෙන් දේශපාලනය නොකළ මානව හිතවාදියෙකි. ඔහු පිළිබඳ සැබෑව නම්, තමාගේ මාසික සොච්චම් පඩියෙන් මාස්‌ පතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සාමාජික මුදල අඩු කර යවන්නැයි ස්‌ථාවර නියෝගයක්‌ ලබාදී තිබූ එකම ගුවන්විදුලි සේවකයා වීමය. ඔහු මරා දැමූ පසු බිරිඳ අතට ලැබුණු 1989 ජුලි මස පඩිපතේ ද ඒ බව සටහන් වී තිබිණි.

1989 ජුලි මස 31 වැනි දින සීතල රාත්‍රියේ මැදියමට සුළු මොහොතකට පසු පාළු මාවතක බෝක්‌කුවක්‌ මතදී ලොවම ආදරය කළ ඒ මහා හඬ පෞරුෂය ගලා ආ අවිහිංසක සිනාව රැඳි මුවට වෙඩි තබා මෙම අවිහිංසක සමනළයකු වන් සියුමැලි මිනිසා ඝාතනය කරවන ලදී.

0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
26 Jul 2015 10:56 PM
  •  Quote
  •  Reply
නොදන්න කරුණු ගොඩක් දැනගත්තා ....
0
Add Reply
Page 2 of 5 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below