You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 71 of 76 << < 6970717273 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Jan 2018 04:03 AM
  •  Quote
  •  Reply
ඇය මා ළඟින් වෙළී බැඳී
ළතැවුල් මවා ගියා ඇදී
ඒ දුක් රැහැන් වලින් මිදී
අද මම විඩා හරින්නෙමී

සුන්දර අවස්ථාවක් වගේ...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2018 04:24 AM
  •  Quote
  •  Reply
සදට පමණක් පෙම් කරන්නම් සදේ කිරනට ලං නොවී
මලට පමණක් පෙම් කරන්නම් මලේ සුවදට ලං නොවී
සිතට පමණක් පෙම් කරන්නම් ගතේ මිහිරටට ලං නොවී
නුඹට පමණක් පෙම් කරන්නම් තවත් හදකට ලං නොවී....................

පොකුරැතී මල් බොහෝ පීදුන
සැවොම එක ලෙස පැහැ ඇතී
නමුදු නුබමයි මසිත පීදුණු
එකම මල ලොව සුවදැතී...........

සදට පමණක් පෙම් කරන්නම්............

රැයේ අදුරට තාරුකා ඇති
බොහෝ නිවි නිවි දිලිසිලා
නමුදු නුඹමයි අදුර පරයන
සදක් සේ මට සුව දෙනා..........

සදට පමණක් පෙම් කරන්නම්.........
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jan 2018 10:50 PM
  •  Quote
  •  Reply
හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා
බිඟුට අයිති බව බිඟු පවසනවා
නුඹ කාටද හිමි නෙළුම් මලේ //

හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හිරුට අයිති බව හිරු පවසනවා...

හිරු ළඟ අහසේ රුවට පිපීයන්
විල් දිය තුල සැඟවී සැනහීයන්
ආදරයක් නැති මිනිසකු දෑතට
නෙළුමේ ඔබ අසුවන්න එපා

හිරුට අයිති බව හිරු පවසනවා...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
23 Jan 2018 11:08 PM
  •  Quote
  •  Reply
හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හරිම සුන්දර අදහසක් නේද...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
23 Jan 2018 11:15 PM
  •  Quote
  •  Reply
ඇත්ත ඉන්දික අයියේ .
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 01:05 AM
  •  Quote
  •  Reply
අතින්වත් අත ඇල්ලුවේ නැහැ කිසිම කිලුටක් තිබුණෙ නෑ
ආදරය හැර හීනයකවත් කිසිම කිලුටක් තිබුණෙ නෑ
ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය.......
ඔබට අමතක වෙන්න බෑ ..........//

කුලුදුලේ කී මුල්ම වචනය
පැටලෙද්දි ඔය සොදුරැ දෑසට.............
නුඹත් මා ලභ මං වගේ නිහඩයි
බිම බලාගෙන ගොලු උනේ ඒකයි..............

නොයිදුලේ හැගුමන් තියාගෙන
කාලයෙන් වියපත් වෙලා අප............
වෙන්වුණෙත් ආදරේ හින්දාමයි
සමුදෙන්න බැරි හමුනොවිත් ඒකයි
හමුනොවිත් සමු දෙන්න බැරි ඒකයි................

ඔබට අමතක වෙන්න බෑ අපේ දුප්පත් ප්‍රථම ප්‍රේමය.......
ඔබට අමතක වෙන්න බෑ ..........////

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Jan 2018 08:07 PM
  •  Quote
  •  Reply
අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
24 Jan 2018 08:30 PM
  •  Quote
  •  Reply
සිතින් අදිනවා ආපසු යන්න නොදී
ඇස් දෙකෙන් අදිනවා වාගෙයි අහිංසකී
යන්නට ඕනෑ වී නම් මගෙන් මිදී
කෙටි පණිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී.............

දුරස් දුකත් අමුණා ගෙන එක නූලේ
ගෙනා දුරක් ඇති ඒකයි දුක් වෙන්නේ
බිමින් තිබ්බ හිත මොකටද අහුලන්නේ
හිතත් මටත් මට නුඹ විතරයි වාගේ...........

සිතින් අදිනවා .................

හදාගන්න හිත කිරිල්ලියක් අලුතින්
හොයාගන්න තුරැ ඉන්නවාද රහසින්
තරැ සිදුරක් නැහැ අහසට ඇ ඇවිදින්
මගෙ හිත ඇගේ කොයිබද අලුත් ඉඩක්............

සිතින් අදිනවා .................
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Jan 2018 09:49 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 23 Jan 2018 11:08 PM
හිරු ආවාමලු ඔබ පිපිදෙන්නේ
විල හින්දාමලු ජීවත් වන්නේ
බිඟුටලු මදු මී පුරවා දෙන්නේ
නෙළුමේ කාටද සෙනෙහේ පුදන්නේ

හරිම සුන්දර අදහසක් නේද...
මමත් කැමතිම ගීතයක් මේක. දයා ද අල්විස් ගේ ගීත වලින් ඉහළින්ම තියෙන ගීතයක්.

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
25 Jan 2018 07:27 PM
  •  Quote
  •  Reply
ආදරය තරහ වී ගිය දුරක්
ඒත් නෑ තාම නුඹ දුටුවේ
ඇස කඳුළු සැරසිලා බොහො කලක්
ඒත් තාම නෑ ගඟ ගැලුවේ...
.

අහසෙ තරු නටන මුත් කොයි තරම්
ලැබෙනවද ආදරය ඇති තරම්
නුඹට මා දුර වුණත් මොන තරම්
කවුද සඳ ගැන දන්නෙ මම තරම්...
.

අහසෙ නුඹ සැඟවුණත් කොයි තරම්
විඳිනවද සිත මතක ඇති තරම්
මැකෙන හැඩ පාට කර හැකි තරම්
කවුද සඳ සුදු කළේ මම තරම්...
.
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jan 2018 09:19 PM
  •  Quote
  •  Reply
මාගේ පැතුම් සමූහේ
ගොළු වී හිතේ රිදුම් දේ
දැවටී සුළං කැරැල්ලේ
මේ ගීය පා වුණාවේ
සසරේ පැතූ පැතුම් සේ
කුළ ගේ රකින්න පණ සේ
මාගේ පැතුම් සමූහේ
ළංවී කෙසේ කියන්නේ...

ලැව් ගින්න ලෙසේ ඇවිලී
ඔබ මා හද දැව්වා සේ..
මතු දා නොකිපී සැනසී
ඉවසුම බෝ සුරැකේවා
ඔහු හා ඇරඹූ ගමනේ
නොපෙනී දුර යා යුතු වේ...

මාගේ පැතුම් සමූහේ
ගොළු වී හිතේ රිදුම් දේ
දැවටී සුළං කැරැල්ලේ
මේ ගීය පා වුණාවේ...

සෝ දුක් නැති ඔබ ජීවිතයේ
රිදුමක් ඔහු මතු ගෙන දේ නම්
ඔබගේ නෙතු කඳුළැලි තෙමිලා
වාවන්නේ මා කෙලෙසින්දෝ...


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Jan 2018 08:32 PM
  •  Quote
  •  Reply
ගාමිණි අයියාට රෝහණ බෝගොඩයන්ගේ ඉතා පැරණි ගීතයක් මතක් වෙලා..
1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Feb 2018 12:40 AM
  •  Quote
  •  Reply
ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ සොඳුරු විජිතේ
ඈ සිහින කුමරී
මා හා බැඳීලා
දිවි මං තලේ
ඒ දවස මා හා
නෑ දැන් රැඳීලා
මා ඉන්නෙ තනිවී
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ //

ඒ නීල දෑසේ
සෙනෙහේ සිනා රැල්
මා සනසවාලයි
සිහිනෙන් පවා
ඒ වේදනාවන්
මා හදවතට මෙන්
ඔබටත් දැනේදෝ
රණ හංසියේ

ආදර වියෝ දුකින්
මා ගයන මේ ගී
ඔබ හට ඇසේවා
රණ හංසියේ

රණ හංසියේ මගේ රණ හංසියේ ////
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
05 Feb 2018 04:01 AM
  •  Quote
  •  Reply
ඇරයුම්පතක් මා... සුරතේ තනි වී
කදුලින් තෙමිලා බොඳ වෙනවා
මා පෙම් කල ඔබ හෙටවන් දවසක
ඔහුගේ අත ගෙන වෙන් වෙනවා
මේ ඇරයුම්පත මා හට පවසා
මා හා තනිවම වැලපෙනවා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
05 Feb 2018 09:58 AM
  •  Quote
  •  Reply
වෙන් වෙන්නවදෝ....ළං වූයේ
ළං වෙන්නවදෝ... වෙන් වූයේ
මං ආ මග නවතින්නම්
බිඳුවක් ඇතින් ඉන්නම්
සිහිනෙන් ඔබ දැක ගන්නම්
හැබැහින් ළඟටම එන්නම්.............
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
05 Feb 2018 10:00 PM
  •  Quote
  •  Reply
හමුවනා නෙත් දහක් අතරින්...
ඔබේ දෑසම සොයා ඇවිදින්..
ඔබට මෙතරම් ලංව ඉන්නෙ...
නොලැබෙනා බව දැන දැනයි....//

අයාලේ ගිය හීන අතරෙ...
ගොඩ ගසා මහ වේදනා...
මමම විතරද පෙම් කරන්නෙ..
ආත්මය පරදුව තියා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්..
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...

හමුවනා නෙත් දහක් ........

තෙතමනෙ ඇති පපුව ගැඹුරෙ..
උනනවා පෙම් දිවිතුරා...
අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්...
පුංචි වෙනසක්වත් එපා...
ඔබව හිමිවේනම් ඔයා අදහන්නම්...
ආදරෙයි මං රත්තරනෙ දැන්...
නැතුව ඉන්නට බැහැ ඔයා...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Feb 2018 03:08 AM
  •  Quote
  •  Reply
අප සිත් දවන - හද ගැස්මන් හැ‍‍ඟෙන
දුර යන්නයි පැතුම් පෙමිනා..
ලද හිස් කමට දුක කැන්දන් පොවන
වෙන කවුරුන් හඳුනනා..

නෙතු කඳුළු බිඳක සුසුම් විමසනා..
මෘදු කොපුල් සිඹින සියුම් හැඟුමිනා..
සිත බිඳක් නිවන වදන් පතමිනා..
අපි උතුම් පෙමක පැතුම් පිබිඳිනා...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
10 Feb 2018 07:02 AM
  •  Quote
  •  Reply
ආදරෙ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ........

විථියේ අතිනත වෙලා
තරැළු වී හිඳ හිනැහිලා.......//
පෙම්වතුන්ගෙ ඒ සුවේ නෑ
මගේ හදවත තනිවෙලා......

ආදරෙ නෑ ආදරේ.....

පාළුවේ හිඳ මගබලා
දැස කඳුලින් බොඳවෙලා......//
ආදරේ සුව මට උරැම නෑ
හඬයි හදවත තනිවෙලා.......

ආදරෙ නෑ ආදරේ.....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2018 06:23 AM
  •  Quote
  •  Reply
ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා සිටී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Feb 2018 08:27 AM
  •  Quote
  •  Reply
කවුද ඔබ කවුරුන් දෝ
මලක පිනි බිඳුවක් දෝ
නිහඬ වීලා මන් දෝ
පවසන්නෙ මොනවා දෝ
සිතුවාට නැත සිතෙන්නේ......

මදහාස බැල්මෙන් තී මා මත් කරන්නේ
ඇයි කල්පනාවෙන් මෙන් නැද්ද නෙත් සළන්නේ
සඳපායලා ආ ඒ ඔබ දෝ වසන්තේ
සැළලිහිණි ගී පිළිරැව් හඬ දෝ දසන්තේ
එදා සීගිරීයෙහී ඇඳුණු රුවක් දෝ
රුවක් දෝ...රුවක් දෝ..

වළාකුල වගේ පීරූ හිස පිරිමදින්නම්
නෙළා ඕළු මානෙල් මල් ගෙල පළඳවන්නම්
මගේ ආදරේ සතුටින් පිළිගන්නවා නම්
උදේ මෙන් දිවා රෑ මම් පණ සේ රකින්නම්
හිතා ගන්න බෑ තාමත් ඔබ කාගෙ කවු දෝ
කවු දෝ...කවු දෝ.......
0
Add Reply
Page 71 of 76 << < 6970717273 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below