Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2020 07:43 AM by Indika Kodithuwakku මා... සිත බැදුනේ. 1512 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 68 of 76 << < 6667686970 > >> Author Messages shanaka kelumSuper Senior MemberPosts:7332 08 Aug 2017 05:30 AM Quote Reply ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා...........// හිරැ සදු ඇති තුරා සසර සරනා තුරා ඉන්නට බෑ තරහා වෙලා.......... ඔබටයි මේ ආරාධනා ඔබටයි මේ ආයාචනා... පෑව සෙනේ අමනාපෙ නිසා මෝදු වෙලා තිබුණාට වඩා............// සිත සැසුම් සාදනා ඔබෙි හසරැල් මට වාසනා..........// ඔබටයි මේ ආරාධනා....... තරහ උනත් දෙදෙනා ඊයේ තරහ නොවෙමු කිසිදා ආයේ......// යලි නොමවේ වේදනා ඔබෙි හසරැල් මට වාසනා..........// ඔබටයි මේ ආරාධනා....... 0 Indika DampahalaVeteran MemberPosts:3410 10 Aug 2017 12:24 AM Quote Reply ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත් මතක් වෙන්නේ ඔයාවයි තාමත් ආදරෙයි මං ඔය හිතට තාමත් සිහිනයකවත් ඔයා දැන් නාවත් 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Aug 2017 03:31 AM Quote Reply කල්පනා ලොව මල් වනේ සිහින රජ දහනේ ආදරේ............ ආදරේ............ නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා බලන්නී ප්‍රේමයේ මායා දැලින් මා සිත් නුවන් බදවා තබන්නී මා වටා සහසක් යූගත් පා ඈ රුවින් පිලි රූ මැවීලා පාව යයි මුලු ජීවිතේ සුදු මීදුමෙන් දැවටී එතිලා 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Aug 2017 06:17 AM Quote Reply තුගු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුබලා එකලා මගේ හදවත වෙත එනු මැන කවියක් වී සැනේනා මල් ගොමු සිප එන සිහිල් පවන් රෝද තුරුලිය සනසවනා මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා ගලින් ගලට පැන කෙළිනා දිය කද හෝ හෝ හෝ නදිනා මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නගලා .. 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Aug 2017 06:53 AM Quote Reply සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල් ජීවිතේ මතු වාසනා 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 10 Aug 2017 07:32 AM Quote Reply සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 12 Aug 2017 05:11 AM Quote Reply කරදර පොදි බැඳ ගැළ පිට පටවා කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන මේ ජීවන මග අප යනවා ඒ ගමනේ දුක් දාහෙ නිවාළන සීපද මුවගින් පිට වෙනවා... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 15 Aug 2017 06:00 AM Quote Reply අහස පොළොව වටපිටාව හරිම හිස්තැනක් ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක් ඇදී එන්න ඒ මොහොතේ හඬා වැටෙන හද මඬලට ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක් නැහැනෙ තනිකමක් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Aug 2017 08:30 PM Quote Reply අසන්න දේවල් අනන්ත ඇතිමුත් අසාගන්න බැරිවා ඇසින් කතාකර හිතින් එකතුවෙමු හමුවන හැම මොහොතේ හමුවන හැම මොහොතේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 17 Aug 2017 11:29 PM Quote Reply හිම වලා පෙලින් වැසිලා ගියා සේ හිරැ සැගවී අදුරේ ඔබ නැති මගෙ ලොව වේදනාව දුක අද මා ලග වැතිරේ........... බොද උන කදුලින් පෙර අප සිතුවම් මැවී මැවී හද පාරන්නේ සිත දිරියක් නැත ගත සවියක් නැත කෙලෙසද මේ දුක වාවන්නේ....... නොයදිමි ඔබගෙන් සෙනෙහස පෙර මෙන් දහස් වරෙක මට එලෙස සිතේ එහෙත් ඔබෙන් තොර වෙනත් ලොවක මට සැනසී ඉන්නට වරම් නැතී............ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 19 Aug 2017 08:46 PM Quote Reply මේ ගීතය අහලා නෑ වගේ ගතියක් දැනෙනවා... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Aug 2017 09:36 PM Quote Reply ප්‍රියාන් පතිරණගේ සින්දුවක් මේක අයියේ. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 20 Aug 2017 10:00 PM Quote Reply අවසන් සුසුමයි ඒ අවසන් වදනයි ඒ අවසන් සැන්දෑවේ එදා යලි නොඑනා බව මා හට කියා ගියා එයා සිවි වසරක පෙම් කුසුම පරවෙලා මලහිරැ බැස යයි අවරගිරේ ඔබ මා වෙන්වූනු පුවත සිහිවෙලා කදුලක් නැගුනා මාගෙ සිතේ ඔබෙ අත ගන්නට මට නොහැකියි හෙට ඔහු හට ඇති මුත් නොසිතු ලෙසේ මතු සංසාරෙදි හමු වෙමු ආයේ කිසි තරහක් නෑ මාගෙ සිතේ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Aug 2017 06:28 PM Quote Reply විජය බණ්ඩාරගේ රණ හංසියේ කැසට් පටයේ මම ආසම ගීතයක්... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 23 Aug 2017 03:05 PM Quote Reply දෙවොලේ නොකැළැල් පිදු ආදර මල් සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් මලකින් මලකට ඇදෙමින් නොඉඳුල් නිගා දෙවයි පෙම් ලොවටම මිහිලොල් එක මලෙකින් පමණක් රොන් ගන්නම් අන් මල්මත නොතබා උණු කඳුළැල් පවසට පල නැත සයුරේ රළවැල් දිය දෝතක් ගමි දොළකින් සිහිලැල් පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල් 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 23 Aug 2017 08:32 PM Quote Reply පවසට පල නැත සයුරේ රළවැල් දිය දෝතක් ගමි දොළකින් සිහිලැල් පීඩිත වී සිටිනා සඳ අඳුරේ ඔබ පමණයි ගෙන ආවේ හසරැල් දැන්කාලේ ගීත වගේ නෙමයෙි මේ ගීත වල අර්ථයන්... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Aug 2017 09:19 PM Quote Reply දැන්කාලේ ගීත වගේ නෙමයෙි මේ ගීත වල අර්ථයන්...අපොයි ඔව්. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ සංගීතයත් මීට වඩා ලස්සනයි. පැරණි උනත් තවම අහන්න හිතෙන්නෙ ඒකනේ. ගීතයක පදවල කොච්චර ලස්සන උනත් අපි කවුරු උනත් මුලින්ම අහන්නේ සංගීතය සහ ගායනයේ තියෙන රසවත් බව නිසා. පස්සේ පදවැල් වල තේරුම හොයනවා. මම හිතන්නෙ මේක හැමෝටම වගේ පොදු දෙයක්. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 28 Aug 2017 05:06 AM Quote Reply අපොයි ඔව් මේවා අහද්දී හිතට කා වදිනවා ආයේ අමතක නොවෙන්නම .. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 Aug 2017 08:15 AM Quote Reply පතන්නට පවා මා වරම් අහිමි වූ හැඟීමක් රිදුම් දේ හෙටට උරුම වූ දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු මගෙන් ඔබ ඈත් වී ගියායින් පසූ 0 ගාමිණී W .D.Veteran MemberPosts:4475 29 Aug 2017 08:59 AM Quote Reply යමින් බැද විලංගු ලා ... මගේ පුතා රැගෙන යයි ඉදිකටු ඇන ඇගිලි තුඩේ .. දෙතිස් වදය පමුණුවා.. අළුත් ලොවක් ගැන සිතීම ... දඩුවම් දෙන වරද නම්.. කුමට මෙරට අධිකරණය .. නිතිය සහ විනිසුරන් 0 Add Reply Page 68 of 76 << < 6667686970 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Lyrics Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit