Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 30 Nov 2018 10:24 AM by Udari Jayasekara කෑම පිටුව 1520 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 49 of 77 << < 4748495051 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 01:32 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 01:32 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 01:33 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 01:33 AM 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 04:36 AM රසම රස තෝර මාළු තෙම්පරාදුවක් හදාගමුද..? තෝර මාළු ග්‍රෑම් 500 අමුමිරිස් කරල් 3 යි අමුඉඟුරු කැබැල්ලක් සුදුලූනු බික් 3යි ගොරකා ඉති 2ක් ගම්මිරිස් මේස හැඳි 1 කුරුඳුපොතු කැබැල්ලක් පාන්පිටි මේස හැඳි 2 මින්චි කොළ මිටක් පොල්තෙල් ටිකක් ලොකුලූනු ගෙඩි 2-3ක් ලුණු රසට අනුව කහ කුඩු ස්වල්පයක් සාදන ආකාරය මාළු පෙති සෝදා එයට ලුණු, ගම්මිරිස්, කහ කඩු, තලාගත් ඉඟුරු, සුදුලූනු, ගොරකා, කුරුඳුපොතු දමා වතුර ටිකක් එකතු කර තැම්බෙන්නට හරින්න. නටාගෙන එන විට ලොකුවට කපාගත් ලූනු පෙති සහ දික් අතට පලාගත් අමුමිරිස් එකතු කරන්න. දැන් ළිපෙන් බා මාළු පෙති ලූනු, අමුමිරිස් ටික බේරා පැතලි දීසියක අඩුක් කර ගන්න. ඉස්ම ටික වෙන්කර වෙනම තබා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත් කරන්න. පාන් පිටි එකතු කර බැදෙන්නට හරින්න. දැන් කූරුගාමින්ම මාළු ඉස්ම ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාදාගත් සෝස් එක මාළු පෙති උඩින් වත්කරන්න. සෝදා පිරිසිදු කරගත් මින්චි කොළ සිහින්ව කපා උඩින් ඉස මේසයට යවන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Mar 2018 06:32 AM දැක්කම කන්න ආසයි.. ඒත් තෝර මාලු වල මිල ඇහුවුම බඩ පපුව දාලා යනවා... 0 chamara duleepMost Senior MemberPosts:13471 13 Mar 2018 06:19 PM ගාන ඉතිං සැරයි.එහෙත් අයියේ ඔය පැත්තේ මාළු මිල ගනන් කොහොමද? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 13 Mar 2018 07:25 PM මේ දවස්වල වැස්ස නිසා මාලු ගොඩක් ගණන් මල්ලී.. ධීවරයෝ මුහුදු යනවා අඩුයි.. 0 Udeshika HerathVeteran MemberPosts:3960 13 Mar 2018 08:01 PM තෝර මාළු... 😂 0 chamara duleepMost Senior MemberPosts:13471 15 Mar 2018 03:46 AM බිත්තරවලින් රසවත් කෑම පලා ඔම්ලට් අවශ්‍ය ද්‍රව්‍ය මුකුණුවැන්න දලු මිටක් ගොටුකොළ මිටක් බිත්තර 4ක් අමුමිරිස් කරල් 2යි කෑලි මිරිස් තේ හැඳි 1 ලුණු රසට අනුව එළඟිතෙල් ටිකක් උම්බලකඩ කැබැලි මේස හැඳි 1 රතු ලූනු ගෙඩි 5-6ක් සාදන ආකාරය පලා වර්ග සෝදා හොඳින් දිය බේරා ගන්න. ඒවා සිහින්ව කපා ගන්න. රතුලූනු, අමුමිරිස්ද සිහින්ව ලියාගන්න. භාජනයක් ගෙන එයට කපාගත් රතුලූනු, අමුමිරිස්, පලා ටික දමන්න. දැන් එයට ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් දමන්න. හොඳින් මිශ්‍ර කරන්න. දැන් එළඟිතෙල් දමාගත් පෑන් එකක් ළිප තබන්න. රත්වූ විට පලා මිශ්‍රණය දමා තෙම්පරාදු වන්නට හරින්න. බිත්තර කඩා බඳුනකට දමා හොඳින් තට්ටු කරන්න. දැන් බැදීගෙන එන පලා උඩින් බිත්තර සාරු වත්කර දෙපැත්ත දමා ඔම්ලට් සාදාගන්න. බිත්තර කට්ලට් අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 5යි මාළු මිරිස් කරල් 2යි තම්බාගත් සුදු මාළු වර්ගයකින් ග්‍රෑම් 200 රතුලූනු ගෙඩි කීපයක් ලුණු රසට අනුව ගම්මිරිස් රසට අනුව දෙහි යුෂ ස්වල්පයක් පාන්පිටි ටිකක් බිස්කට් කුඩු අවශ්‍ය තරමට තම්බාගත් අර්තාපල් ගෙඩි 3යි බැදගැනීමට තෙල් සාදන ආකාරය තම්බාගත් මාළුවල කටු ඉවත් කර අතින් කුඩුකර බඳුනකට දමන්න. තම්බාගත් අලද පොතු ඉවත් කර අතින් පොඩිකර එයට එකතු කරන්න. දැන් මාළුමිරිස්, රතුලූනුද ඉතාම සිහින්ව කපා ගන්න. එයට ලුණු, ගම්මිරිස්, දෙහි යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මේ මිශ්‍රණය තෙල් ටිකක් රත්කර තෙම්පරාදු කර නිවෙන්නට හරින්න. තම්බාගත් පොතු ඉවත් කරගත් බිත්තර දික් අතට දෙකට පලා ගන්න. දැන් එහි පලුවක් මත ඉතිරි අඩ සම්පූර්ණ වන ආකාරයට අල මිශ්‍රණය තබා අතින් තද කර ගන්න. දැන් මේ බිත්තර කට්ලට්, පාන්පිටිවලින් සාදාගත් බැටරයක ගිල්වා පාන්කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැදගන්න. බිත්තර සලාද අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 10යි සැල්දිරි කොළ කීපයක් කිරි මේස හැඳි 2-3ක් ලුණු රසට අනුව,අඹරාගත් අබ තේ හැඳි 1 තක්කාලි සෝස් මේස හැඳි 4 සලාද කොළ කීපයක්, තක්කාලි ගෙඩි 5යි සාදන ආකාරය බිත්තරවල කටු ඉවත් කර දික් අතට දෙකට පලා ගන්න. දැන් එහි කහමද ටික බඳුනකට දමන්න. දැන් මේ බිත්තර කහමදවලට ලුණු, ගම්මිරිස්, සෝස්, අඹරාගත් අඹ, කිරි, ඉතාම සිහින්ව ලියාගත් සැල්දිරි දමා හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් මේ මිශ්‍රණය බිත්තර පලු වලට පුරවා ගන්න. තක්කාලි තීරු කපා ගන්න. සලාද කොළ සෝදා දිය බේරා ගන්න. දැන් පැතැලි දීසියක් ගෙන එහි සලාද කොළ ටික අතුරා ගන්න. ඒ මත රටාවකට අනුව බිත්තර පලු ටික තබන්න. තක්කාලි තීරුද තබමින් සරසා මේසයට යවන්න. අර්තාපල් බිත්තර අවශ්‍ය ද්‍රව්‍ය තරමක අර්තාපල් අල 2යි බටර් මේස හැඳි 2 බිත්තර 3යි ලුණු ස්වල්පයක් ගම්මිරිස් ස්වල්පයක් තක්කාලි සෝස් ටිකක් සාදන ආකාරය ලුණු දමා, අර්තාපල් බෙරි නොවන සේ තම්බා ගන්න. දැන් ඒවා සිහින් පෙතිවලට කපාගන්න. පෑන් එකක් ළිප තබා එයට බටර් එකතු කරන්න. රත්වන විට අර්තාපල් පෙති ටික රටාවකට එහි අතුරාගන්න. දැන් බිත්තර කඩා බඳුනකට දමා එයට ලුණු, ගම්මිරිස් දමා තට්ටු කරන්න. අර්තාපල් පෙති වැසීයන සේ බිත්තර සාරු වත් කරන්න. මූඩියකින් වසා පිසගන්න. කෑලි කපා මේසයට යවන්න. බිත්තර ගුලි අවශ්‍ය ද්‍රව්‍ය තම්බාගත් බිත්තර 5යි සැල්දිරි දඬු කැබැල්ලක් රතුලූනු ගෙඩි කීපයක් ගාගත් චීස් මේස හැඳි 2ක් අමුමිරිස් කරල් 2යි බටර් ස්වල්පයක් රසට අනුව ලුණු ගම්මිරිස් ස්වල්පයක් පාන්පිටි ටිකක් පාන් කුඩු බැද ගැනීමට තෙල් සාදන ආකාරය බිත්තර තම්බා කටු ඉවත් කර කුඩාවට කපා ගන්න. රතුලූනු, අමුමිරිස්, සැල්දිරි කුඩාවට කපා ගන්න. දැන් මේ සියල්ල හොඳින් අඹරා ගන්න. දැන් මෙයට ලුණු, ගම්මිරිස්, බටර්, චීස් එකතු කර තරමක ගුලි සාදා ගන්න. පාන්පිටිවලින් ඉතා උකු බැටරයක් සාදා මේ ගුලි එහි ගිල්වා, පාන් කුඩු මත පෙරලා රත්වූ ගැඹුරු තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. ඉන්පසු මේවා ඩෙවල් එකක්, කරියක් හෝ බයිට් එකක් වැනි ඕනෑම ක්‍රමයකට භාවිතා කළ හැකිය. බැදගත් බිත්තර ව්‍යංජනය අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 5යි මිරිස් කුඩු තේ හැඳි 1 1/2 කොත්තමල්ලි කුඩු තේ හැඳි 1 කහ කුඩු තේ හැඳි 1/2 රතුලූනු ගෙඩි කීපයක් රම්පේ කැබැල්ලක් අමුමිරිස් කරල් 2ක් කුරුඳුපොතු කැබැල්ලක් මිටිකිරි අඬු කෝප්ප 2 දියකිරි අඬු කෝප්ප 1 බැදගැනීම සඳහා තෙල් ටිකක් ලුණු රසට අනුව සාදන ආකාරය බිත්තර ටික තම්බා කටු ඉවත් කර ගන්න. දැන් ගෑරුප්පුවකින් හෝ සියුම් සිහින් තුඩකින් බිත්තර සිදුරු කරන්න. පෑන් එකකට තෙල් ටිකක් දමා ළිප තබන්න. දැන් එයට කහ කුඩු ටිකක්ද එකතු කර බිත්තර දමා එහා මෙහා කරමින් රන්වන් පාටට බැදෙන්නට හරින්න. එය පසෙකින් තබන්න. දැන් භාජනයක් ගෙන එයට සිහින්ව කපාගත් ලූනු ඇතුළු අනෙකුත් සියලු පහේ වර්ගද, දිය කිරිද දමා ළිප තබන්න. ලූනු පහේ තැම්බිගෙන එද්දී මිටිකිරි එකතු කරන්න. උතුරන විට කහමදය දක්වා පැලුමක් යෙදූ බිත්තර එයට එකතු කරන්න. ටික වේලාවක් පිසගන්න. උපදෙස් සූපවේදිනී බෙරිලි විමලරත්න සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න විවිධ කේක් වර්ග චොක්ලට් ස්‍පොන්ජ් කේක් අවශ්‍ය ද්‍රව්‍ය බිත්තර 9යි සීනි ග්‍රෑම් 260යි පිටි ග්‍රෑම් 200යි චොක්ලට් පවුඩර් ග්‍රෑම් 50 බේකිං සෝඩා ග්‍රෑම් 15 බේකිං පවුඩර් තේ හැඳි 2 සාදන ආකාරය පිටි, බේකිං සෝඩා, බේකිං පවුඩර්, චොක්ලට් පවුඩර් එකට මිශ්‍රකර හොඳින් හලාගන්න. සීනි සහ බිත්තර හොඳින් බිට් කරන්න. දැන් බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික දමමින් හොඳින් මිශ්‍ර කරගන්න. බටර් ගා ගත් තැටියක දමා 180ංජ උෂ්ණත්වයේ විනාඩි 15ක් බේක් කරගන්න. ;පොල් කේක් අවශ්‍ය ද්‍රව්‍ය සිහින්ව ගා ගත් තරමක ගෙඩියක පොල් කිතුල් හෝ පොල් පැණි බෝතල් 1/2 බටර් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 500 පිටි ග්‍රෑම් 250, රුලං ග්‍රෑම් 500 සුවඳ කුඩු තේ හැඳි 1/2 වියළි මිදි ග්‍රෑම් 200, රටඉඳි ග්‍රෑම් 500 ආප්ප සෝඩා තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 බේකිං පවුඩර් තේ හැඳි 1 1/2 සාදන ආකාරය රටඉඳිවල ඇට ඉවත්කර ඉතා සිහින්ව කපා බඳුනකට දමන්න. දැන් උණු වතුර කෝප්පයකට, ආප්ප සෝඩා දමා දියකර රටඉඳිවලට දමා පැයක් පමණ වේලාවක් විවේකීව තබන්න. පාන්පිටි, රුලං, බේකිං පවුඩර් දමා ඉතා හොඳින් කලවම් කරගන්න. දැන් බඳුනකට පැණි, සීනි දමා ළිප තබන්න. හැඳි ගාමින් උණුවන විට පොල්, සුවඳ කුඩු දමා හොඳින් මලවා ගන්න. දැන් එය බිමට බා, එයට පිටි මිශ්‍රණය, රටඉඳි, වියළි මිදි, හොඳින් ගසාගත් බටර් වැනිලා දමා හොඳ හැටි මිශ්‍රකර ගන්න. දැන් තෙල් කඩදාසියක් දමා සකසාගත් තැටියකට දමා ටික වෙලාවක් විවේකීව තබා 160ංජ උෂණත්වයේ පැයක් පමණ බේක් කර ගන්න. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 15 Mar 2018 06:25 AM චාමර කුකා දාල නේද බිත්තර කෑම වට්ටෝරුවක්.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 15 Mar 2018 07:03 AM බිත්තරවලින් හදන කෑම වලට මාත් ආසයි... 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2018 06:07 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2018 06:07 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2018 06:07 PM 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Mar 2018 06:07 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Mar 2018 04:10 AM පුහුල් දෝසි ගැන නම් කියල වැඩක් නෑ.. 100 ක් විතර කන්න පුළුවන්... 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Mar 2018 04:12 AM මල්ලි මේකෙ පුහුල් දෝසි හදන්න නම් පුහුල් දෝසි ග්‍රෑම් 250 ක් ඕන කියලා තියෙනවානේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 17 Mar 2018 06:24 AM මල්ලි මේකෙ පුහුල් දෝසි හදන්න නම් පුහුල් දෝසි ග්‍රෑම් 250 ක් ඕන කියලා තියෙනවානේ...ඒ පුහුල් දෝසි හදද්දී මුහුන් දාන්න ඕන නිසා. (මුහුන් කියන්නෙ දන්නව ඇතිනේ. මුදවපු කිරි, යෝගට් හදද්දී පැරණි කිරි හෝ යෝගට් කොටසක් එකතු කරනවා මුහුන් කියල.) 0 chamara duleepMost Senior MemberPosts:13471 18 Mar 2018 03:31 AM 0 You are not authorized to post a reply. Page 49 of 77 << < 4748495051 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Food and Beverages Recipes