You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 47 of 77 << < 4546474849 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
23 Feb 2018 07:05 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2018 04:05 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2018 04:05 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2018 04:05 AM
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10459






--
25 Feb 2018 08:11 AM
පතෝලවලට පරිප්පු පුරවලා කනවද බං..
දෙකේ කිසිම ගැලපිමක් නැහැනේ...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Feb 2018 05:36 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 09:53 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 09:54 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 09:55 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 09:56 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 09:56 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Feb 2018 04:38 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:20 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:20 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:21 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 Mar 2018 06:21 PM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:36 AM

කූනිස්සන් තක්කාලි තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය
 
වියළි කූනිස්සන් ග්‍රෑම් 250
තක්කාලි ග්‍රෑම් 100
අමුමිරිස් කරල් 4 යි
රතුලූනු ග්‍රෑම් 100
කෑලි මිරිස් තේ හැඳි 3
ගම්මිරිස් කුඩු තේ හැඳි 1
කහකුඩු තේ හැඳි 1/2
රම්පේ කැබැල්ලක්
කරපිංචා කිනිති 2ක් 
තෙල් මේස හැඳි 2-3ක් 
පදමට ලුණු
 
සාදන ආකාරය 
 

කූනිස්සන් ඉතා හොඳින් වැලි ඉවත්වී යන ලෙස සෝදා දිය බේරෙන්නට තබන්න. තක්කාලි, අමුමිරිස්, රතුලූනු, සිහින්ව කපා ගන්න. තෙල් ටික ළිප තබා රත්වන විට එයට රම්පේ, කරපිංචා, ලූනු, අමුමිරිස්, තක්කාලි දමා තෙම්පරාදු වන්නට හරින්න. තෙම්පරාදු වී ගෙන එන විට කූනිස්සන් ද දමා හොඳින් මිශ්‍රකර තුනපහ වර්ග ද දමා කලවම් කරමින් මලවා ගන්න.

 

හාල්මැස්සන් මිශ්‍ර තිබ්බටු මැල්ලුම

අවශ්‍ය ද්‍රව්‍ය
 
තිබ්බටු ග්‍රෑම් 250
හාල්මැස්සන් ග්‍රෑම් 75
රතුලූනු ගෙඩි 2-3ක්
අමුමිරිස් කරල් 2 ක්
කරපිංචා කිනිත්තක්
සුදුලූනු බික් 2ක් 
කහකුඩු තේ හැඳි 1/4
අබ ඇට තේ හැඳි 1/2
සිහින්ව ගා ගත් ‍පොල් අඬු කෝප්පයක් 
මිටිකිරි අඬු කෝප්ප 1/4
ලුණු රසට අනුව 
තෙල් මේස හැඳි 3-4
 
සාදන ආකාරය 
 
තිබ්බටු වල නැටි ගලවා සෝදා වතුර ඉතා ස්වල්පයක් සහ ලුණු දමා ළිප තබන්න. දිය සිදී එය හොඳින් තැම්බුනු පසු හැන්දක් ගෙන එය හොඳින් ‍පොඩිකර ගන්න. දැන් හාල්මැස්සන් හොඳින් පිලී ඉවත්ව යන ලෙස සෝදා දිය බේරා ගන්න. ‍පොල් වලට, අබ, කහ, සුදුලූනු, කරපිංචා, ලූනු, අමුමිරිස් එකතුකර හොඳින් අඹරා ගන්න. දැන් බඳුනක් ගෙන එය තෙල් දමා ළිප තබන්න. රත්වන විට හාල්මැස්සන් දමා බැදෙන්නට හරින්න. බැඳීගෙන එනවිට අඹරාගත් ‍පොල් මිශ්‍රණය සහ ‍පොඩිකරගත් තිබ්බටු දමා හොඳින් මිශ්‍ර කරන්න. මිටිකිරි ටික දමා යන්තමට මලවා ගන්න

රසම රස තෝර මාළු තෙම්පරාදුව

අවශ්‍ය ද්‍රව්‍ය
 
තෝර මාළු ග්‍රෑම් 500
අමුමිරිස් කරල් 3 යි
අමුඉඟුරු කැබැල්ලක්
සුදුලූනු බික් 3යි
ගොරකා ඉති 2ක්
ගම්මිරිස් මේස හැඳි 1
කුරුඳු‍පොතු කැබැල්ලක්
පාන්පිටි මේස හැඳි 2
මින්චි කොළ මිටක්
‍පොල්තෙල් ටිකක්
ලොකුලූනු ගෙඩි 2-3ක්
ලුණු රසට අනුව 
කහ කුඩු ස්වල්පයක් 
 
සාදන ආකාරය 
 

මාළු පෙති සෝදා එයට ලුණු, ගම්මිරිස්, කහ කඩු, තලාගත් ඉඟුරු, සුදුලූනු, ගොරකා, කුරුඳු‍පොතු දමා වතුර ටිකක් එකතු කර තැම්බෙන්නට හරින්න. නටාගෙන එන විට ලොකුවට කපාගත් ලූනු පෙති සහ දික් අතට පලාගත් අමුමිරිස් එකතු කරන්න. දැන් ළිපෙන් බා මාළු පෙති ලූනු, අමුමිරිස් ටික බේරා පැතලි දීසියක අඩුක් කර ගන්න. ඉස්ම ටික වෙන්කර වෙනම තබා ගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත් කරන්න. පාන් පිටි එකතු කර බැදෙන්නට හරින්න. දැන් කූරුගාමින්ම මාළු ඉස්ම ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් සාදාගත් සෝස් එක මාළු පෙති උඩින් වත්කරන්න. සෝදා පිරිසිදු කරගත් මින්චි කොළ සිහින්ව කපා උඩින් ඉස මේසයට යවන්න. 

 

කරවල මිශ්‍ර අර්තාපල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය
 
කට්ටා කරවල ග්‍රෑම් 250
අර්තාපල් ග්‍රෑම් 150
ලොකුලූනු ගෙඩියක් 
අමුමිරිස් කරල් 3-4ක් 
කහ කුඩු ස්වල්පයක් 
රම්පේ කැබැල්ලක් 
කරපිංචා කිනිත්තක් 
කෑලි මිරිස් මේස හැඳි 1
බැද ගැනීමට තෙල් 
රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
 
කරවල ඉතා හොඳින් පිලී යන ලෙස සෝදා දිය බේරාගන්න. අල ලුණු දමා බෙරි නොවන සේ තුන් කාලට තම්බා ගන්න. දැන් අල තරමක කැබැලිවලට කපන්න. මේ දෙවර්ගයම වෙන වෙනම රත්වූ ගැඹුරු තෙලට දමා බැදගන්න. 

දැන් සිහින්ව පෙති කපාගත් ලූනු, සිහින්ව දිගට කපාගත් අමුමිරිස්, තෙල් ටිකක බැදෙන්නට හරින්න. එය බැදීගෙන එන විට කෑලි මිරිස් කහ කුඩු එකතු කරන්න. රම්පේ, කරපිංචා දමන්න. දැන් බැදගත් අල සහ කරවල දමා හොඳින් මිශ්‍ර කරගන්න.

කට්ටා කරවල, ගෝවා ඉස්ටුව

අවශ්‍ය ද්‍රව්‍ය
 
කට්ටා කරවල ග්‍රෑම් 200
ගෝවා ග්‍රෑම් 200
කහ කුඩු ස්වල්පයක් 
ලුණු රසට අනුව 
උකු මිටිකිරි අඬු කෝප්ප 1/2
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරල් 2 යි
රම්පේ කැබැල්ලක් 
අබ ඇට තේ හැඳි 1/2
තෙල් ටිකක් 
 
සාදන ආකාරය 
 
කරවල තරමකට කැබැලි කපා දෙහි යුෂ මිශ්‍ර වතුරේ සෝදා දිය බේරා ගන්න. රතුලූනු සුද්දකර ගෙඩි පිටින්ම සෝදා දිය බේරා ගන්න. අමුමිරිස් දෙකට පලාගන්න. ගෝවා සෝදා ඉතා සිහින්ව කෙඳි ලෙස ලියා ගන්න. 

දැන් තෙල් ළිප තබා රත්වන විට කරවල දමා බැදෙන්නට හරින්න. එය බැදීගෙන එනවිට ගෝවා වලට කහ කුඩු ටිකක් අතගා පසෙකින් තබාගන්න. කරවල බැදීගෙන එන විට එයට රම්පේ, අබ ඇට, රතුලූනු, අමුමිරිස් දමා තෙම්පරාදු වන්නට හරින්න. දැන් එයටම ගෝවා එකතු කර තෙම්පරාදු කරගන්න. මිටිකිරි ටික දමා ලුණු ටිකක් ද එකතු කර මිශ්‍ර කර ඉස්ම හිදුවා කෑමට ගන්න.

 

ජාඩි ඇඹුලට

අවශ්‍ය ද්‍රව්‍ය
 
බලයා හෝ කෙලවල්ලන් ජාඩි ග්‍රෑම් 200
තක්කාලි ග්‍රෑම් 250
ලොකු ලූනු ගෙඩියක් 
සුදුලූනු බික් 10 යි
කොච්චි ග්‍රෑම් 20
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 2
කහ ස්වල්පයක් 
මිටිකිරි අඬු කෝප්ප 1/2
ලුණු අවශ්‍ය නම් පමණක් 
 
සාදන ආකාරය 
 
ජාඩි සෝදා කැබැලි වලට කපා මැටි ඇතිලියකට දමන්න. දැන් එයට කපාගත් ලූනු, සුදුලූනු, රම්පේ, මිරිස් කුඩු, ගම්මිරිස් දමා අතගා වතුර ටිකක් එකතු කර ළිප තබන්න. තක්කාලි කුඩාවට කපා දමන්න. තක්කාලි කැබැලි තැම්බිගෙන එන විට මිටිකිරි ටික දමා කලවම් කර ගන්න.

 



 

 

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:39 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 05:39 AM
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
04 Mar 2018 04:36 PM
0
You are not authorized to post a reply.
Page 47 of 77 << < 4546474849 > >>