You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Sep 2016 05:42 AM by  Dushan
ලසන්ත එම්බාම් කල ෂැනන් රේමන්ඩ්ගේ කතාව
 13 Replies
Sort:
Author Messages

FIDE
Basic Member
Basic Member
Posts:238






--
25 Jul 2016 12:40 AM
  •  Quote
  •  Reply

බැංකුවෙන් අස්වී රෙදි වෙළඳාමට ගිය ‘කොට්න් කලෙක්ෂන්’ හිමිකාරිය

ඇය පැවත එන්නේ ව්‍යාපාරික පවුලකිනි. එසේ වුවද ඇයගේ ඒකායන අරමුණ වී තිබුණේ තම දෙපා මත නැගී සිටිමින් ජීවිතය ජය ගැනීමය. ඒ අරමුණ ඇතිව විලාසිතාකරණයට බෙහෙවින් කැමැත්තක් දැක්වූ ඇය මීට විසිපස් වසරකට පමණ පෙරදී තම විලාසිතා අලෙවි කිරීමේ කටයුත්ත ඇරඹුවාය. එය ඉතා සුළුවෙන් ඇරැඹි ජංගම ව්‍යාපාරයකැයි සඳහන් කිරීම වඩා හොඳය. එලෙසින් විසිපස් වසරකට පමණ පෙරදී ඇරඹි ඒ සුළු ව්‍යාපාරය අද සුවිසල් ව්‍යාපාරයක් පමණක් නොවී ශ්‍රී ලංකාවේ ප්‍රකට විලාසිතා අලෙවි ආයතනයක් බවට පත්ව තිබේ. අප මේ කතා කරන්නේ ඒ ව්‍යාපාරය ගොඩනැංවූ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු කාන්තාව ගැනය. නිලුෆර් අන්වර් අලි ඇයගේ නාමයයි. එහෙත් ඒ නාමයට වඩා ශ්‍රී ලංකාවේ ප්‍රකටව ඇත්තේ ඇය මැවූ ව්‍යාපාරයේ නාමයයි. කොට්න් කලෙක්ෂන් :ක්‍දඑඑදබ ක්‍දකකැජඑසදබ* යනු ඒ ව්‍යාපාරයේ නාමයයි. විලාසිතා අලෙවි ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් ඇවිත් අද සුවිසල් ව්‍යාපාරයක් බවට පත්ව ඇති කොට්න් කලෙක්ෂන් ආයතනයට පසුගියදා 25 වසරක් සපිරුණි. ඒ සාඩම්බර ගමනේ හිමිකාරිය වන නිලුෆර් අන්වර් අලිගේ ජීවිතයේ රිද්මය සමඟ අපි අදහස් හුවමාරුවකට එක්වෙමු.

 

16-page-4-s2-2


● ඔබගේ ව්‍යාපාරික පවුලේ විස්තර ගැන මුලින්ම පැවසුවොත්?
මගේ පියාගේ නම නූර්දීන් යුසුෆ් අලි. අධ්‍යක්ෂවරු හතර දෙනෙකුගේ හිමිකාරිත්වය සතුවු හේමාස් ව්‍යාපාරයේ එක් අධ්‍යක්ෂධුරයක් දැරුවා. වත්මනෙහි එහි අධ්‍යක්ෂධුර දරන්නේ මගේ අයියලා දෙදෙනායි. පවුලේ මමයි, අයියලා දෙදෙනායි, අක්කයි. අම්මා ගෘහිණියක්. අක්කා පදිංචිය එංගලන්තයේ. අපේ මාපියන් අද ජීවතුන් අතර නැහැ.

  ● ඔබගේ ගම් පළාත?
කොළඹම තමයි.

  ● ඉගෙනීම් කළේ?
ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයෙන්.

  ● මොන වගේ අරමුණක් ඇතිවද ඉගෙන ගත්තේ?
පාසල් කාලයේදි මම ක්‍රීඩා අංශයට වැඩි කැමැත්තක් දැක්වූවා. පාඩම් වැඩ හොඳට කළ බව ඇත්ත. ඒත් ටෙනිස් ක්‍රීඩාව මගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබුණා. විටෙක ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික ශූරිය වූ මම හැත්තෑව දශකයේ අගදී ශ්‍රී ලංකා ශූරියක පවා වුණා. ඊට අමතරව පාසල් ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට ගොස් සිටියදී මහාරාස්ට්‍ර ප්‍රාන්තයේ සරසවිය පවා නියෝජනය කළා. ඒ කාලයේදී ඇත්තටම මම කැමැති වුණේ ත්‍රාසජනක දේ අත්විඳීමටයි.

   ● ඒ කිව්වේ?
ළමා අවදියේදී මම හරිම කුතුහලයෙන් සිටි කෙනෙක් වුණා. ක්‍රීඩාවට කැමැතියි වාගේම ත්‍රාසජනක දේ අත්විඳින්නත් ආසා කළා. විනෝද චාරිකා එහෙම ගිහින් ඒ අත්දැකීම් ලබන්න ආසා කළා.

 

16-page-4-s2-3

  ● අධ්‍යාපනය හමාර කළේ?
මට අවශ්‍ය වුණේ ආර්ථික විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමටයි. ඒ වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලැබීමට මුම්බායි සරසවියට ගියා. ආර්ථික විද්‍යා අංශයේ උපාධිය ලබා ගත්තේ එහිදීයි.

  ● ඉන්පසුව?
ලංකාවට ඇවිත් ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ අවුරුදු දෙක හමාරක් විතර වැඩ කළා. මගේ පවුලේ ව්‍යාපාර තිබුණට මට අවශ්‍ය වුණේ මගේම මහන්සියෙන් පළපුරුද්ද ලබා මගේම දෙයක් කිරීම අරමුණයි. බැංකුවේ වැඩ කිරීම නිසා ලොකු පළපුරුද්දක් ලැබුණා.

16-page-4-s2-4


● බැංකුවෙන් අස්වුණේ?
මම ඇත්තටම හරි ස්වාධීන චරිතයක්. තාත්තා මගේ හැඟීම් හඳුනාගෙන තිබුණා. ඒ නිසා පවුලේ ව්‍යාපාරවලට මා නොඑන බව දැන සිටියා. ඒ වෙනුවෙන් මට බලපෑම් කළේ නැහැ. ඒ හැරත් ඊට පෙර රට රටවල සංචාරය කර තිබුණු නිසා විලාසිතා ගැන අත්දැකීම් තිබුණා. විලාසිතා කෙරෙහි කොහොමටත් මම ආසා කළා. ඒ අංශයෙන් යමක් කිරීමට හොඳ අවකාශයක් තිබුණා. මාත් ව්‍යාපාරයක් කරන්න ඕනෑය කියන අදහස තිබු නිසාම පටන් ගත් ව්‍යාපාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවනි. මගේ තාත්තා සහ පවුලේ අය එක්ක රට රටවල සංචාරය කළාම ඒ රටවල ඇති විලාසිතා මොනවද? අපේ නැත්තෙ මොනවද යන දේ දැන ගන්න ලැබුණා. බලාගෙන ගියාම අපේ රටේ ඒ වන විට එතරම් විලාසිතා නැම්මක් තිබුණෙ නැහැ. ඇඟලුම් තිබුණු බව ඇත්ත. තත්ත්වයන්, වෙනස ආදී සියලු දිහා බලද්දී ඊට හොඳ අවකාශයක් තිබුණෙ.

  ● ව්‍යාපාරය පටන් ගත්තෙ ඒ අදහස් නිසාද?
ලොකු ව්‍යාපාරයකට යාමේ අරමුණක් තිබුණෙ නැහැ. හොඳ විලාසිතාවක් අවශ්‍ය නම් රටකට යන්නම ඕනෑ. හැබැයි මගේ යාළුවන්ගේ ඒ වගේම නෑදෑයින් සතුව ඇඟළුම් කර්මාන්ත තිබුණා. දවසක් මම ඒවායේ සංචාරය කළා. මොනතරම් නම් හොඳ ඇඟලුම් වර්ග තිබෙනවාද යන්න මට දැනගන්න ලැබුණා. ඒවා හරිම ඉස්තරම්. ඒත් ඒ විලාසිතා සහ ඇඟලුම් වෙළෙඳපොළට එන්නෙ නැහැ. අලුත් ටේ‍රන්ඞ් එකේ ඒවා වුණාට ඒවා ගියේ පිටරටවලට. ඒ හැරෙන්න ඒ වන විට එනම් මම කියන්නෙ අවුරුදු 25 කට පෙර අතීතය ගැනයි. එදා විලාසිතා වෙළඳාමේ වැඩි හරියක්ම නිරත වුණේ පිරිමි අයයි. නමුත් මම විශ්වාස කරන විදියට පිරිමින්ට වඩා විලාසිතා තේරීමේදී කාන්තාව ඉදිරියෙන් සිටින්නෙ. විලාසිතා ගැළපීම කාන්තාවකට හොඳට කළ හැකියි. ඒ නිසා මේ වැඬේට අතගහන්න ඕනෑය කියලා හිතුවා.

  ● ඒ අනුව කොහොමද එය පටන් ගත්තෙ?
ලොකුවට හිතුවෙ නැහැ. බොහොම පොඩියට හිතුවෙ. මගේ ළඟ සල්ලි ටිකකුත් තිබුණා. නමුත් මුලදි කිසිම මුදලක් ආයෝජනය කළේ නැහැ. මා දැන සිටි ෆැක්ටරියකට ගිහින් විලාසිතා ටිකක් අරගෙන, ඒවා විකුණා මාසයකින් ගෙවා දැමුවා.

  ● මොන වගේ විලාසිතාද අරගත්තෙ?
මම ඔය ගවුම් කීපයක් වගේ විලාසිතා ගත්තා. මගේ යාළුවො ගෙදරටම ඇවිත් ඒවා මිලදී ගත්තා. මගේ විලාසිතාවලට ලොකු ඉල්ලුමක් ඇතිවුණා. එක දෙක අරගත්ත අයට ලොට් පිටින් ගන්න ඕනෑ වුණා. මට ඩිමාන්ඞ් එකක් ආවා කිව්වොත් හරි. මේ වැඬේ කරගෙන යාමට සිටියෙ මම සහ මගේ රියැදුරු විතරයි. කොහොම වුණත් පසුව තොගයට අලෙවි කිරීම දක්වා මට වාසනාව පෑදුණා.

 

16-page-4-s2-5


● ඉන්පසුව?
ඉන්පසුව විලාසිතා සාප්පු තුන හතරකට මගේ ඇඟලුම් විකුණන්න පුළුවන් වුණා. මගෙන් විලාසිතා අරගත්ත යාළුවෝ, එයාලගෙ යාළුවන්ට කිව්වා ඒ විදියට කට වචනයෙන් ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. සමහර අය රාත්‍රීකාලයේදී පවා මට කෝල් කරලා විලාසිතා ගැන ඇහුවා.

  ● ඇයි ඒ තරමට ඒවා ජනප්‍රිය වෙන්න ඇත්තේ?
තත්ත්වයෙන් හොඳ වෙන්න ඇති. ඒ වගේම මිලත් හරිම සාධාරණ වුණා.

  ● මේ විදියට වැඬේ කරගෙන යද්දී හැරවුම් ලක්ෂ්‍ය ඇතිවුණේ කොතැනින්ද?
මේ විදියට කරගෙන යද්දී සේල් එකක් කළොත් හොඳයි කියලා හිතුවා. කොට්න් ඇඳුම්වලට මම පුද්ගලිකවම බොහොම ආසයි. මමයි තව යාළුවෙකුයි එකතුවී ජුබිලි හෝල් එකේ මේ සේල් එක පැවැත්වූවා. ෆැක්ටරිවලට ගිහින් තත්ත්වය ගැන සොයා බලා තෝරා ගත්ත වර්ග 700 විතර ඒ සේල් එකට යොදා ගත්තා. මේ හැම දෙයක්ම මමම තනියම තමයි කළේ.

  ● සේල් එක නැගලා ගියාද?
දවස් දෙක තුනක් සේල් එකක් කිරීම එතරම් පහසු දෙයක් වුණේ නැහැ. ඒ වෙනුවෙන් ප්‍රචාරය ලබාදිය යුතුව තිබුණා. එවැනි දේ ගැන ඒ සේල් එකේදී ලොකු පළපුරුද්දක් ලබා ගත්තා. ඒක මුදලට වඩා වටින දෙයක් වුණා.

  ● එතකොට ඔබගෙ වයස?
අවුරුදු 23 ක් විතර ඇති.

  ● කොට්න් කලෙක්ෂන් සාප්පුව පටන් ගත්තෙ කවදද?
1991 දී මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේදී තමයි පටන් ගත්තෙ. තාත්තා මට එහිදී උදව් කළා. මුදල්වලට වඩා උදව් කළේ සම්බන්ධතාවලින්. හිටපු ජනපති ආර්. ප්‍රේමදාස මහතාගේ සමයේදී රටේ ඇඟලුම් කර්මාන්තවල ලොකු පිබිදීමක් තිබුණෙ. ඒවා වෙතින් හොඳ ෆැෂනබ්ල් දේ මිලදී ගැනීමේ අවකාශය සැලසී තිබුණා.

   ● මැජෙස්ටික් සිටි සාප්පුවට හොඳ ඉල්ලුමක් ආවෙ ඒ වටපිටාව නිසාද?
ඇත්තෙන්ම ඔව්. බොහෝ දෙනා කොට්න් කලෙක්ෂන් සාප්පුවම හොයාගෙන බම්බලපිටියට ආවා.

  ● ඇයි කොට්න් කලෙක්ෂන් කියන නම තැබුවෙ?
කොට්න් (කපු) රෙදිවලට තමයි මම ගොඩාක්ම ආසා කරන්නෙ. අනෙක අපේ රට ඌෂ්ණාධික රටක්. අපට වඩා ගැළපෙන්නෙ කපු ඇඳුම්. කපු සහ ලිනන් ඇඳුම් ගැන තමයි මම වැඩි අවධානය යොමු කළේ.

  ● ඇත්තටම ඇයි ඔබට එදා සාප්පුවක් දැමීමට අවශ්‍ය වුණේ?
”විලාසිතා” යනු මගේ රිද්මය වුණා. ඒ වගේම මගේ දර්ශනය වගේම මම කරන දේට ආදරය කළා. ඉතින් තවත් කල් නොගෙන එය කළොත් හොඳයි කියලා හිතුවා.

  ● එක් සාප්පුවකට සීමා නොවී තවත් ශාඛා විවෘත  කළේ ඇයි?
1993 දී ලිබර්ටි ප්ලාසා එකටත් සාප්පුවක් ගෙනාවා. ඉන්පසු ප්‍රධාන ආයතනය ලෙස ෆ්ලවර් රෝඞ් එකේ පවත්වාගෙන ගියා.

  ● තනියම මේවා කිරීම අසීරු වුණේ නැද්ද?
අසීරු වුණා. ඔක්කෝම සාප්පු ගණන 3 ක් දක්වා යද්දී තනියම කිරීම අපහසු වුණා. ඒ නිසා ගණන් බලන්න එකවුන්ටට් කෙනෙක් අරගත්තා. සේවක පිරිස සාප්පු අනුව ඉහළ ගියා.

  ● අද කී දෙනෙක් විතර සිටිනවද?
දෙසීයකට වඩා.

  ● අද කොහෙ කොහෙද සාප්පු තියෙන්නේ?
මැජෙස්ටික් සිටි, පැලවත්ත, මහනුවර, ෆ්ලවර් රෝඞ් එකේ සහ ප්‍රධාන ආයතන පරිශ්‍රය ලෙස ධර්මපාල මාවත (කොළඹ 7) යන ස්ථානවල.

  ● ඒ වන විටත් විවාහවෙලා සිටියෙ නැද්ද?
මම විවාහ වුණේ 1992 දියි.

  ● ඒ විවාහය ගැන කිව්වොත්?
සැමියා සෑහෙන කලක් හිටියේ එංගලන්තයේ. එයාලගෙ පවුලේ අය මහා පරිමාණ තේ වෙළඳාමේ නිරත ව්‍යාපාරික පවුලක්. ඒක ප්‍රේම සම්බන්ධයක ඵලයක්. එයා හරිම කාරුණිකයි. මට ආදරය කරන බව හැඟුණා. ඉතින් අපි විවාහ වුණා.

  ● ව්‍යාපාර සහ ගෘහ ජීවිතය කොහොමද දැනුණේ?
විවාහයෙන් පසුව පුතා සහ දියණිය පවුලට ආවාම ඇත්තටම ව්‍යාපාරවලට සියයට සීයක්ම කාලය යෙදවීම අතිශය අසීරු කරුණක් වුණා. ඒත් මට ඔක්කෝටම වඩා මගේ පවුල තමයි වැදගත් වුණේ. ළමයින් ගැන වඩාත් හිතන්න පටන් ගත්තා. උදෑසන එයාලා පාසල් යාම දක්වා සියල්ල මාගෙන් ඉටුවුණා. සැමියා එයාලව පාසල් එක්කගෙන ගියා. ඒ කැපකිරීම ඇත්තටම අත්‍යවශ්‍යම දෙයක්. කාන්තාව ඒ ගැන හිතන්නම ඕනෑ.

  ● ගෙදර ජීවිතයයි, ව්‍යාපාර ජීවිතයයි සමබර හෙවත් බැලන්ස් කරන්න පුළුවන් කියලද ඔබ කියන්නේ?
කාන්තාවක් එය කළ යුතුයි. මොකද අද කාන්තාව නුවණින් ඉහළයි. ගෘහිණියක, මවක, බිරිඳක ලෙස ඇය ඇයගේ වටිනාකම, වගකීම වටහා ගන්නම වෙනවා. ඒ වගේම අප මොන දේ කළත් දැරවන් නොමග ගියොත් වැඩක් නැහැ. සල්ලි හම්බ කරනවාට වඩා වටින්නෙ ළමයින් සදාචාර සම්පන්න ආචාරධර්ම වලින් හෙබි චරිත ලෙස සමාජගත කරවීමයි. ගෙදරදී මම 100% ක්ම දරුවන්ගේ වැඩ ගැන අධ්‍යාපනය ගැන තමයි සොයා බලන්නෙ.

  ● සැමියාගේ ආදරය නිතර ලබන්න නම්?
පවුල වෙනුවෙන් අපි විවේකය සඳහා කාලය වෙන්කර ගන්නවා. සංචාරයට අපි ඔක්කෝමලා හරි ආසයි. නුවරඑළියට වගේම මුහුද ආශ්‍රිත ප්‍රදේශවලට හරිම ආසයි. පවුල දුරස්ථ නොවී සිටීම වැදගත්. එවිට -ආදරය” රැඳේවි. පවුලේ දියුණුව පවතින්නෙ දෙදෙනාගේ අදහස් මතයි

  ● ඔබ ගැන ඔබට හැඟෙන්නෙ කොහොමද?
මම ආදරණීය, සැහැල්ලුවෙන් සිටින්න කැමැති, සතුටින් සිටින්නට කැමැති කෙනෙක්. පවුලට වඩාත් ළැදියි.

  ● අනෙක් කාන්තාවන් අතර ඔබ වෙනස් වන්නෙ?
මම හිතන්නෙ ව්‍යාපාර වලට ළැදි කාර්යබහුල චරිතයක් ලෙසයි.

  ● ජීවිතය ගැන ඔබට දැනෙන්නෙ කොහොමද?
ජීවිතය කියන්නෙ මුදල් නෙවෙයි. සතුටයි. සතුට ගන්න මුදල් විතරක් ප්‍රමාණවත් නැහැ. ජීවිතය වටහා ගැනීම වැදගත්.

  ● ඔබ සතුටින්ද?
ඔව්.

  ● හේතුව?
මම දන්නෙ නැහැ. ජීවිතයෙ මම සතුටින්.

  ● ඔබ මේ කළ විදියට තවත් කාන්තාවකට අදටත් කළ හැකිද? එසේ කරන්න නම්?
එහෙම දියුණු වෙන්න නම් කොණ්ඩා කටුවක් විකුණුවත්, හොඳම දේ කරන්න. නිතරම ගුණයෙන් යුතු දේ කළොත් එය වඩා සාර්ථක වේවි. අපි ගෙදර කෑමක් හැදුවත්. එය හැඟීමකින් කළ යුතුයි.

  ● ගෙවීගිය 25 වසර ගැන හිතන්නෙ කොහොමද?
විලාසිතා අලෙවියේදී මම හිතන්නෙ මම හොඳම දේ කළා. තත්ත්වය ගුණය, විලාසිතා නම්‍යතාව, සාධාරණ මිල ගණන් යන කරුණු ඊට පදනම් වුණා.

  ● ඔබ මොනවගේ විලාසිතා වලටද ආස?
අපේ දේශීය විලාසිතා වලට ආසයි. බොහීමියානු ක්‍රමයේ රිද්මයට ප්‍රියයි.

  ● ශ්‍රී ලංකාවේ ජනතාව විලාසිතා කරන විදිය ගැන ඔබ තෘප්තිමත්ද?
දැන් - දැන් ක්‍රමවත් බවත් එනවා. ඇත්තටම උෂ්ණාධික රටක් ලෙස අපි අවස්ථාව අනුව විලාසිතා ගළපා ගැනීම වඩා යෝග්‍යයි.

  ● ව්‍යාපාර ලෝකය කොකොම වුණොත්ද සමාජය සංවර්ධනය වෙන්නෙ?
නිතරම ආචාරධර්මවලට නතුව පැවතිය යුතුයි. මිනිස් ජීවිතයට වටිනාකමක් ගෙනදිය යුතයි. අවංක වීම තමයි වඩා වැදගත්.

  ● ඔබගේ ව්‍යාපාරයේ තියෙන්නෙ අදටත් ෆැක්ටරිවල නිෂ්පාදනය වන ඒවා විතරද?
වැඩිපුර තිබෙන්නෙ ඒවා තමයි. නමුත් අද මම වඩා සතුටු වන්නේ, අපටම කියා බ්‍රෑන්ඞ් තියෙන නිසයි.

  ● මොකක්ද ඒ?
“කොකෝ” (ජදජද) සහ නව බ්‍රෑන්ඞ් දෙක තුනක් මෙන්ම ලෙදර් කලෙක්ෂන් අංශය ගැනත් සඳහන් කරන්න කැමතියි. රට පුරා මේවා ප්‍රචලිත කිරීම අරමුණයි.

 
● තමුන්ගේම වෙළෙඳ නාමයත් පවත්වාගෙන යාම ලෙහෙසි දෙයක්ද?
කොහෙත්ම නැහැ. ඒක හරිම දුෂ්කර ක්‍රියාවක්. ලෝකයේ විලාසිතා නැඹුරුව ගැන නිරන්තර අවධානයෙන් සිටිය යුතු වෙනවා. තත්ත්වය ගැන සහ මිලට සාධාරණය වන පරිදි ඉදිරිපත් කිරීම කළ යුතුයි.

  ● අද මේ කිසිවක් නොමැතිව ඔබ ‘දුප්පත්’ පවුලක කෙනෙක් වී නම්?
ඒත් මමමනෙ. මම ජීවිතයට මුහුණ දිය යුතුමයි. එසේ වී නම් මම දුක්වන්නේ නැහැ. ගමට පහසුකම් අඩු වෙන්න පුළුවනි. නමුත් එයාලා පාරිසරික සම්පත් අතින් දුප්පත් නැහැ. සම්පත් අවම වුණාට එයාලගේ ජීවිතය සතුටින්. ඉතින් එසේ වී නම් මාත් මට හැකි කර්මාන්තයේ නියැළී සතුටින් සිටීවි.

  ●  ඔබ ලොව පුරා සංචාරය කරනවා. මොන රටටද වඩා ප්‍රිය කරන්නෙ.
ඇලස්කාවට.

  ● එය ශීතාධික ජන ශූන්‍ය රටක්?
නිදහසට මම ආසයි. එය නිකැලැල්. පිරිසිදු පරිසරයක්. මිනිසුන් විසින් කිලිටි නොකළ පරිසරයක්. ජනාකීර්ණත් නැහැ. ඒක නිසා කැමතියි. විවිධ හේතුන් මත මම තව ආසා කරන රටවල් බොහොමයි. අපේ රට දියුණු කිරීමට නම් ජනතාව පළමුව රට ගැන විශ්වාස කළ යුතුයි. හැමෝගෙම දායකත්වය ලබා දිය යුතුයි.

 

 

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14111






--
25 Jul 2016 08:14 PM
  •  Quote
  •  Reply
ව්‍යාපාර ක්සේතරයේ දියුණුව ලැබූ පුද්ගලයින් ගැන කියවන්න මම හරි කැමතියි. ස්තූතියි මේ තොරතුරු වලට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Jul 2016 09:31 PM
  •  Quote
  •  Reply
හොඳ දිරිය කාන්තාවක් බව වැටහෙනවා.. ස්තූතියි මේ තොරතුරු වලට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Aug 2016 10:38 AM
  •  Quote
  •  Reply
දිරිය කාන්තාවක්.හැමෝටම පාඩමක් අනාගතය දිනන්න.
0

FIDE
Basic Member
Basic Member
Posts:238






--
09 Aug 2016 11:40 PM
  •  Quote
  •  Reply

ලසන්ත එම්බාම් කල ෂැනන් රේමන්ඩ්ගේ කතාව

”මූණට වෙඩි වැදිලා ලසන්ත වික්‍රමතුංගව අරගෙන ආවේ මූණෙ පැත්තක් නැතිව. හැන්දෑවෙ පහට පටන් අරන් පහුවැනිදා පාන්දර හය වෙනකල් මං ලසන්තගේ මුහුණ මැහුවා. ඒ මැහුම් පාරවල් පිටතට නොපෙනෙන්න මේකප්වලින් හැඩ කළා. අන්තිමේ කාටවත් හිතාගන්න බැහැ ලස්නතගේ වෙඩි වැදුණේ කොතැනට ද කියලා. ඒක තමයි ‘Professional Embalmer’ කෙනකුගේ දක්ෂතාව.”

අපිට සමහර සිදුවීම් වගේම අත්දැකීම් ජීවිතේට පාඩම් කියාදෙනවා. ඒ නිසාම දකුණු ආසියාවේ ලාබාලතම එම්බාමින් ඩිග්‍රිය හිමි ෂැනන් රේමන්ඩ්ගේ වටිනා ජීවිත කතාව ගොඩක් අයට වටීවි කියලා හිතුන නිසා අපි ඒ ගැන ඔබට කියන්න හිතුවා.

බයක්… සැකක් හෝ මරණය පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක් නොදැනෙන වයසක පසු වන කොලු පැටියා, මේ ‘රේමන්ඩ්ස්’ බිමේ නොරිංගන අහුමුල්ලක් නැත. ඊට කිසිවකුගෙන් බාධාවක් ද නැත.
මිනී පෙට්ටි හදන වඩු මඩුව… මිනී ඇඳුම් මසන කාමරය… මිනී තැන්පත්කොට ඇති පාලරය පමණක් නොව එම්බාම් කිරීමට සූදානම් කළ මළමිනී ඇති මෝචරියේ ද ඔහු කරක් ගසයි. වරු ගණන් ගත කරයි.
එක් අතකට කවුරු නම් බාධා කරන්නද… හත් හැවිරිදි ෂැනන් රේමන්ඩ්, මෙසේ දුව පැන ඇවිද යන්නේ තමන්ගේම උරුමයේ බව කුඩා ඔහු හැර, සියල්ලෝ දනීති.
මිනී පෙට්ටි හදන – සුවඳ දිදී පොලිෂ් කරන වඩු මඩුවේ කුඩා ෂැනන්ට වැඩ එමටය. ඉවතලන ලෑලි කෑලි පුරුද්දා – අමුණා සෙල්ලම් තුවක්කුවක් අටවා ගන්නට ඔහුට මහ වේලාවක් නොයයි. නැවක්… අහස් යාත්‍රාවක්… බෝට්ටුවක් නැතිනම් කුරුස කණුවකට ගැළපෙන ලී කුරුසයක් හෝ කපා ගන්නට ඒ වඩු මඩුව, ෂැනන්ට තෝතැන්නකි.
තාත්තා පිටරටින් ගෙන්වා දෙන සෙල්ලම් බඩුවලට වඩා, කෑලි අටවා හදාගත් මේ බඩු මුට්ටු මොනතරම් අගනේදැයි ඒවා හරවා හරවා හැඩ බලන අල්ල පනල්ලේම ඔහුට සිතෙයි.
පෙට්ටි හදන්නට – පොලිෂ් උලන්නට තමන්ට හැකි ප්‍රමාණයෙන් අත්උදවු දෙන මේ පොඩ්ඩා, මිනී පෙට්ටිය සරසන සුදු සැටින් රෙදිවල රැලි මසන්නට ද උදවු කරයි. ඊළඟ මොහොතේ ඔහු සොහොන් ඵලකවල අකුරු කොටන්නට දරන වෑයම කාටත් පෙනෙයි. පොලිෂ් – ලැකර්… යතු කුඩු… ලී කුඩු සහ මිනී පෙට්ටි ගඳින් නැහැවී ගිය ද එහි කිසිදු වගක් ඔහුට නැති බව සේවකයෝ ද දනිති.
නා නා ප්‍රකාර මිනිසුන් නිදා සිටින මෝචරිය ඔහුගේ ප්‍රියතම ස්ථානයයි. ඒ, මෝචරිය හා බැඳුණු ප්‍රශ්න වැලක් හිතේ පොදිකන නිසාය.
‘හැමෝම උඩුබැලි අතටම නිදා ඉන්නෙ ඇයි…’ දැයි විටෙක සිතෙයි. ‘මේ මිනිස්සු මේ හැටි තුවාල කරගෙන තියෙන්නේ මොනවා කරන්න ගිහින් දැයි…’ තවත් විටෙක තමන්ගෙන්ම අසයි. ඒ ඇතැම් මුහුණක් හොඳහැටි ‘චප්පා’ වී ගොස් ඇති බවත් ගැලවුණු අතපය ද ඒ ළඟින්ම කවුරුන් හෝ තබා ඇති බවත් ඔහුට පෙනේ. ඒ, ‘ඇක්සිඩන්ට්’ වලින් මියගිය මිනිසුන් බව ෂැනන් වටහා ගන්නේ තවත් ටිකක් ලොකු වූ පසුය.
‘කිසිම තුවාලයක් නැති මිනිස්සුත් මැරිලනේ…’ පුංචි කාලයේ ඔහු සිතූ වාර අනන්තය. එසේ මියයන්නේ ලෙඩ දුක්වලින් බව ඔහු දැනගන්නේ ද ඒ, තවත් ටිකක් ලොකු වූ විටමය.

එසේ ගලා ගිය ජීවිතයේ, අවුරුදු දහසය වන විට තනිව මිනියක් එම්බාම් කිරීමට තරම් ඔහු දක්ෂයෙක් වූයේය. සැබැවින්ම පොඩිකමට වඩා ඉහළින් වූ ඔහුගේ හයිය හිත, ඒ තැනට ඔහු රැගෙන ගියේය.
එතෙකින් නොනැවතී, දහඅට වැනි උපන් දිනයට දෙදවසක් තිබියදී ඔහු වාර්තාවක් ද තැබුවේය. ඒ, අපේ රටේ පමණක් නොව දකුණු ආසියාවේ ද ළාබාලතම ‘Qualified Embalmer’ බවට පත්වෙමිනි.
මෙරට වසර 130ක් පැරැණිම අවමංගල්‍ය අධ්‍යක්ෂ සමාගම වන ‘AF රේමන්ඩ්’ හි සභාපතිවරයාගේ දෙවැනි පුතු වන ෂැනන්, එම්බාම් කිරීම පිළිබඳ උපාධිධරයකු වන්නේ ඒ අනුවය.
British Institute of Embalmer සහ Australian Institute of Embalmer වෙතින් ලබාගත් මේ උපාධි අවසානයේ හිමි වන, Qualified Embalmer / Qualified Mortician යන සුදුසුකම ඇත්තේ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට පමණි. ඔවුන් ද රේමන්ඩ් පරපුරේ අය වීම ද සුවිශේෂත්වයකි.
“මගේ සීයගේ මල්ලි, ලෙස්ලි ලයනල් රේමන්ඩ් තමයි ආසියාවේ පළමු සුදුසුකම් ලත් එම්බාමර්. දැන් එයා ජීවතුන් අතර නැහැ. ඊට පස්සෙ ඒ සුදුසුකම ගත්තෙ ලෙස්ලි සීයගේ පුතාගේ පුතා කීත් රේමන්ඩ්. එයා මට කලින් Qualified වුණා. නමුත් අපේ වෙනස වෙන්නෙ මං අවුරුදු 18ටත් කලින් මේ තත්ත්වයට ආ එක…”
එසේ වන්නට ද හේතු තිබිණි. අවුරුදු දහසයේ පටන් එම්බාම් කිරීමේ නිරත වූ ෂැනන්, උපාධි පාඨමාලාවට සම්පූර්ණ කළ යුතු මිනී 100ක් එම්බාම් කිරීමේ ප්‍රායෝගික පුහුණුව ඕනෑවටත් වඩා නිම කර තිබිණි.
“සාමාන්‍යයෙන් මේ විභාගය කරන්න වයස 21 සම්පූර්ණ විය යුතුයි. නමුත් මේක අපේ පවුලේම දෙයක්. ඒ නිසා හැමදාම වුණත් අත්දැකීම් ලැබුණා. මේ නිසාම අදාළ විශ්ව විද්‍යාලවල විශේෂ අවසරයක් මත මට විභාගවලට පෙනී හිටින්න පුළුවන් වුණා.”
ෂැනන්ට අනුව, එම්බාම් කිරීම කලාවකි. ඒ කලාව ඔහු මහත් සේ ප්‍රිය කරයි. ඒ නිසාම ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‘එම්බාමින්’ වලට ඇති තැන පිළිබඳ ෂැනන්ට ඇත්තේ අසීමිත සතුටකි.
“වෛද්‍ය විද්‍යාවට සමානත්වයක් ඇති මේ පාඨමාලාවලින් සම්පූර්ණ මනුෂ්‍ය ශරීරය ගැන ඉගෙන ගන්නවා. ලෙඩ ගැන… බෙහෙත් ගැන විශේෂයෙන් හදාරනවා. මොකද කහ උණ වගේ ලෙඩකින් මැරුණොත් මුළු ඇඟම කහ පාටයි. ඒ වෙලාවෙදි සාමාන්‍ය විදියට ෆෝමලින් පාවිච්චි කළොත් කෙමිකල් ප්‍රතික්‍රියා කරලා මිනිය වෙනස්ම පාටක් වෙනවා.
දියේ ගිලිලා මැරෙන අයගෙ හම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහර කෙමිකල් දාපු ගමන් හම ගැලවිලා යනවා. ඒ වෙලාවට පාවිච්චි කරන සමහර ක්‍රීම් වර්ග තිබෙනවා. ඒවා ගල්වලා, හමට ගල්වන විශේෂ මේකප් වර්ග තිබෙනවා.
”විය යුත්තේ එසේ වුවත් බොහෝ එම්බාම්කරුවන් අනුගමනය කරන්නේ අත්දැකීමෙන් උගත් හා කාගෙන් හෝ අසා දැනගත් ක්‍රමවේදයන් පමණි.
“මරණ පරීක්ෂණවලදී බොහෝ වෙලාවට හිස කපලා බලනවා. නැතිනම් හිසේ ඔපරේෂන් කළ අය මැරෙනවා. ඔළු බැන්ඩේජ් කළ එහෙම මිනී අපි කොයිතරම් දැකලා තියෙනවද..

හරි එම්බාම්කරුවෙක් මිනියෙ ඔළුව බැන්ඩේජ් කරන්නෑ. ඒ කැපුම් පාරවල් මැහුම් පාරවල් හොයන්න බැරි විදියට හදන්න පුළුවන්.
සමහර විට ඒ මහන විදියෙන් වෙන්න පුළුවන්. සමහර විට මේකප් කිරීමෙන් වෙන්න පුළුවන්.
අනික තමයි අත්ග්ලවුස් දාන එක. එම්බාම් කිරීමේ හරි වැරැද්ද පේන්නේ ඇඟිලිවලින්. නියපොතුවලින්. කෙනකුගේ මුළු ඇ‍ඟේම ලේ ටික අයින් කරලා ෆෝමලින් මිශ්‍ර කෙමිකල් ඉන්ජෙක්ට් කරන එක එම්බාමින්වල මූලිකම දේ බව ඇත්ත. නමුත් මනුෂ්‍ය ශරීරයේ ලේ ටික අයින් කළාම හම සුදුමැලි වෙනවා. ලේ පැහැය නැතිවෙලා යනවා. ඒ පාට ගන්න පුළුවන් කෙමිකල් වර්ග නිසි මාත්‍රාවලට සකස් කරගැනීමයි වැදගත්.
එහෙම නිසි විදියට කෙමිකල් ඉන්ජෙක්ට් නොකළාම ටිකෙන් ටික මිනියෙ නියපොතු කළු වෙනවා. ඇඟිලි කළු වෙනවා. මේවා වහන්න තමයි ශිල්පෙ නොදත් අය අත්ග්ලවුස් දාන්නෙ. අපේ මෝචරියේ කෙරෙන එම්බාම්වලදී අත්ග්ලවුස් භාවිතයක් නැහැ. ඒක ඇත්තටම අනවශ්‍ය පෙනුමක් ගේන දෙයක්…” ෂැනන් කියන්නේ ඇත්තකි.
දෑස් පියාගෙන, දෑත් පපුව මත තබාගෙන ඉන්නා අපේම ආදරණීයයන් වුවත් හුදු නින්දක යැයි සිතන්නට අපේ සිත් ඉඩ නොදෙන්නේ ඔය සුදු අත්මේස් නිසා නොවෙද… ජීවත්ව සිටියදී අප දුටු අය මැරුණු විට වෙනස්ම පාටක් ගෙන ඇති බව පෙනෙන නිසා නොවෙද…
මළ මිනියක් දකිද්දී අපේ හිත් කඩා වැටෙන්නේ මරණය පිළිබඳ බයටද… නැතිනම් සංවේදීකමටද… කවදා හෝ ඔබ සිතා තිබේදැයි නොදනිමි.
දහස් ගණනක් මිනී අතපත ගා ඇති ෂැනන් ඔවුන් හැඩ වැඩ කර අවසන් වන තුරු ඒ කාරියෙන් අතවත් හිතවත් අහකට නොගන්නේ ඔහු අපට වඩා හිතන ඒ, වෙනස් විදිය නිසාමය.
“මේක සංවේදී වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා. උපාධිය ගත්තට පස්සෙ මං අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ‘John Alison Monk House’ කියන Funeral Firm එකේ වැඩ කළා. ඒ එක දවසක අවුරුද්දක්වත් වයස නැති පුංචි බබෙක් එම්බාම් කරන්න වුණා. මං වාඩිවෙලා, මගේ උකුළ උඩ කොට්ටයක බබා නිදි කෙරෙව්වා. එයාගේ අම්මා මං ඉස්සරහා පුටුවක වාඩිවෙලා. එයාට බබා ළඟ ඉන්නම ඕනෙ කිව්වා. ඇය අඬමින් බලා ඉන්නවා. මං මේසෙට යටින් අවශ්‍ය උපකරණ ටික කලින්ම තැබුවා. ලේ අදින බට, ටේප්වලින් වැහුවා.
මුහුණ කට අතපය ලස්සන පුංචි බබෙක්. මට හිතුණෙම එයා නිදි කියලා. එයාගේ ලේ ටික බටේ දිගේ මේසෙ යට භාජනේට යනවා. මටම දුකයි. මගේ හිත හොඳටම කඩා වැටිලා. අම්මට පේන්නෑ මං කරන දේ. මං හැමදේම කලින් වහලා තැබු නිසා අම්මට පෙනුණේ මං ඉන්ජෙක්ෂන් ගහනවා, ඇඳුම් අන්දවනවා… පෙට්ටියෙ තියලා එයාව ලස්සන කරනවා විතරයි.
බබාව බාර දීලා මං කෙළින්ම ගියේ නවාතැනට. අදටත් මට පොඩි ළමයින්ව නම් එම්බාම් කරන්න හිතට හයිය මදි…”
ෂැනන් ද හුරුබුහුටි පුතෙකුගේ තාත්තෙකි. එකොළොස් හැවිරිදි රොමිරික් රේමන්ඩ්, ෂැනන්ගේ එකම ලෝකයයි. රොමිරික් නියෝජනය කරන්නේ ලංකාවේ රේමන්ඩ් පවුලේ, හත්වැනි පරම්පරාවයි.
“මට පුංචි ළමයි දකිද්දී හිතට හරිම අමාරුයි, සුනාමි වෙලාවෙදි ලංකාවට ආපු ජපන් ළමයි පහළොස් දෙනෙක් විතර එම්බාම් කරන්න වුණා. ලස්සන මුහුණ කටවල් විකෘති වෙලා… ඉදිමිලා මං ඒක කළේ හිතට බොහොම හයිය අරන්…”
එම්බාම් කරන කවුරුත් පාහේ මේ කාරිය කිරීමේදී මත්පැනට ඇබ්බැහිව ඇති කතාවට ෂැනන් දැඩි සේ විරුද්ධය. හේතුව, ඒ කතා ඔහු බොරු කළ කෙනකු වීමය.
“මං කවදාවත් සිගරට් අරක්කු බොන්නෙ නෑ. මේක බීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කලා කෘතියක් නිමවනවා වගේ ධ්‍යානගතව කරන්න ඕනෙ දෙයක්.

මැහුමෙන් මැහුමට ඒ ඉඳිකටු වෙනස්. නූල් වෙනස්. අලවන ගම්… ගාන මේකප් එකත් කේස් එකින් කේස් එකට වෙනස්. හරියට ඩොක්ට කෙනෙක් කරන සියුම් ඔපරේෂන් එකක් වගේ. ඔබ හිතනවද මේ වගේ සියුම් දෙයක් සිහි නුවණින් තොරව කරන්න පුළුවන් කියලා…”
බීමත්කමට හේතු සොයන මිනිසුන්ට ෂැනන්ගේ කතාව අතුල් පහරකි. ඔහුට අනුව, මිය යන කවුරුත් VIP කෙනෙකි.
“මැරෙන කෙනා මේ ලෝකෙ කාටම හරි සුවිශේෂීයි. එයා ඒ පවුලට VIP. ගෙවන ගාන අනුවවත් ගන්න පෙට්ටිය අනුවවත් මිනිස්සු VIP වෙන්නෑ. අපි ළගට ගේන කොයි කාව වුණත් අපි සලකන්නේ VIP විදියට…” ෂැනන් කියන්නේ එනිසාය.
තම අතිශය මිතුරකු වූ රිචඩ් ද සොයිසාගේ එම්බාම් කටයුතු කළේ ද ෂැනන්මය.
“මගේ තාත්තටත් ඉස්සර හිත හයිය නැහැ ළඟම නෑයන්ගෙ එම්බාම් කටයුතු කරන්න. ඒවා ඔක්කොම කළේ එක්කො මං. එක්කො කීත්. කීත් අපි එක්කමයි ඉන්නෙ. ඉස්සර මං එයාගෙනුත් හුඟක් දේ ඉගෙන ගත්තා. හැබැයි මගේ අයියගෙත් හිත හයිය නැහැ මේ දේට. එයා දක්ෂ පරිපාලනයට.
සිය පොඩි පුතුගේ ඒ, ‘හිත හයියකම’ මුලින්ම දැනුණේ තාත්තාටය. එහෙයින් අවශ්‍ය හැම අවස්ථාවකම ඒ නිර්භයකම මතුව එන්නට තාත්තා ඉඩ හසර හදා දුන් හැටි ෂැනන්ට තවම මතකය.
“මං පළවෙනි වතාවට ‘ඔටොප්සි’ එකක් දැක්කෙ අවුරුදු හතේදී. පොඩි ඇමෙරිකන් ගෑනු ළමයෙක්. ‘බ්රේන් ටියුමර්’ එකකින් හදිසියේ මැරිලා. එයාගෙ ඔටොප්සි එක කළේ මෙහෙ. මට බලන්න ඕනෙ වුණා, ඩොක්ටර්ස්ලා ඉඩ දුන්නෑ.
“මිස්ට රේමන්ඩ් පුතාව යවන්න… මේක ළමයකුට බලන්න බැහැ…” තාත්තට තේරුණා මං යන්න අකැමැති බව.“එයා කැමැති නම් බලන්න දෙන්න. ඒකට කමක් නැහැ…”
තාත්තා කිව්වම, මරණ පරික්ෂණය පටන් ගත්තා. පිහියා තුඩුවලින් පුංචි ගෑනු ළමයගෙ උගුර… පපුව ඉරීගෙන යනවා. ඩොක්ටර්ස්ලා දෑත්වලින් පපු කුහරය විවර කරනවා. පරිස්සමට අත දාලා ඔවුන් ඒ පුංචි හදවත අතට ගන්නවා. පරීක්ෂා කරනවා.
“ඔයාටත් බලන්න ඕනෙද…”
එහෙම අහපු ඩොක්ට මගේ අතටත් හාට් එක දෙනවා. හරිම පුංචි හාට් එකක්. හරවලා බලලා මං ආපහු ඩොක්ටට ඒක දෙනවා. ඔය විදිහට මං මොළයත් අතට ගත්තා. බලලා ආපහු දුන්නා. මට ගානක් නැහැ, මං ආපහු ගිහින් සෙල්ලම් කළා…”
ඒ අත්දැකීමෙන් පසු මනුෂ්‍ය ශරීරය පිළිබඳ ෂැනන් බොහෝ දේ උගත්තේය.
“හයේ හතේ පන්ති වෙනකොට විද්‍යාව ටීචර් බෝඩ් එකේ අඳින රූප සටහන්වල වැරැදි මට පේන්න ගත්තා. මොකද මං ඒවා හැබැහින්ම දැකලා තිබු නිසා. ඒත් දවසක් සර්, තාත්තව ඉස්කෝලෙට ගෙන්නුවා.
“මේ ළමයට කටවහගෙන ඉන්න කියන්න. මං අඳින හැම රූප සටහනක්ම වැරැදියි කියනවා…”
තාත්තාත් අවවාද කළ නිසා පස්සෙ මං කට වහගත්තා. ඒ වුණාට යාළුවන්ට මං ඒවායේ හරි වැරැදි කියල දුන්නා…”
බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ උගන්නා සමයේ ෂැනන්ගේ හිත තිබුණේ කලාවටය. ඒ තරමටම ක්‍රීඩාවටය.
ඉංග්‍රීසි වේදිකාව ඔහු කුල්මත් කළේය. ෂැනන් නැති ඉංග්‍රීසි නාට්‍යයක් පාසලේ නොපෙන්වූ තරමට ඔහු දක්ෂ වේදිකා නළුවෙක් වූයේය. ගීතිකා කණ්ඩායමේ කැපී පෙනුණු ගායකයකු පමණක් නොව, මීටර 200 වාර්තා බිඳලූ ක්‍රීඩකයෙක් ද වූයේය. එහෙත් එම්බාම් කලාවේ ඔහු සතු විශේෂ හැකියාව නම් රහසක්ම වූයේය.
“මිනිස්සු මැරුණම ඒ අයගෙ හැටි අනන්තවත් මං දැකලා තිබුණා. ඒ නිසා තවත් මනුෂ්‍යයෙක් එක්ක රණ්ඩු කරන්න කවදාවත් මට හිත් දුන්නෑ. මොන තරම් චණ්ඩියෙක් වුණත් කාටහරි ගහලා පාර පනිනකොට වාහනයකට යට වෙන්න පුළුවන්.
ඊට පස්සෙ ඒ චණ්ඩියත් මස් ගොඩක් විතරයි. හොඳින් ජීවත්වීමේ ජීවිත පාඩම පුංචි කාලෙ ඉඳලා මං ඉගෙන ගත්තෙ මේ මියයන මිනිසුන්ගෙන්. අම්මා – තාත්තා ඒකට ඉඩ හදලා දීපු එකයි වටිනාම දේ…
ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි…”
මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් සිතන ෂැනන් මනුෂ්‍යයකු අවසන් ගමන් යන මොහොත ද ඉතා ගෞරවනීය විය යුතු යැයි තරයේ සිතයි.
“එම්බාම් කිරීම මට කලාවක් වන්නේ ඒ නිසා. ඒ කලාව තුළ අපේ මියගිය ආදරණීයයන් එලෙසම දකින්න සලස්වන්න පුළුවන්. මං ඕස්ට්‍රේලියාවේ ෆියුනරල් ෆර්ම් එකේ අවුරුදු දෙකක් වැඩ කළේ, මගේ ‘Performing arts’ ඩිග්‍රිය කරන්න. ඒ සල්ලිවලින් මං මගේ ඒ උපාධියත් සම්පූර්ණ කළා. ප්‍රාසංගික කලාවට ඇති කැමැත්ත නිසාමයි රොබින් ප්‍රනාන්දු මහතාගේ සූරදූතියෝ ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක්මත් මං රඟපෑවේ.
කොහොම වුණත් අපි ආදරය කරන අයගේ මිය යෑම වේදනාවක්. ඒත් එම්බාමින් කියන්නෙ, මිනිසුන්ගෙ ඒ මියයෑමේ වේදනාව අවම කරන සියුම් කලාවක්…”
ඉදින්, ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්…

අනුන්ට ගිනි දීම්… ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.
කළ හොඳ නොහොඳ පමණක් රැගෙන මෙලොවින් සමුගන්නා ඒ ගමනට, සූට් බූට් හැඳ පිළිවෙළකට ඔබ ලෑස්ති කරන තුරු, ඔබේම මළ සිරුරට උඩින් හිස් අවකාශයේ හිඳ හිතන්නට ඔබට ඉඩක් ලැබෙනු ඇත.
ෂැනන් අපට පසක් කර දෙන්නේ ද ඒ ජීවිත පාඩමයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්….

 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
10 Aug 2016 12:50 AM
  •  Quote
  •  Reply
අම්මො බයෙ බැහැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
10 Aug 2016 05:49 AM
  •  Quote
  •  Reply
ඉතාමත් හොද ලිපියක්.. ටිකක් දිගු වුනත් එක හුස්මට කියවාගෙන ගියා..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Aug 2016 10:22 AM
  •  Quote
  •  Reply
දිගු ලිපියක්නෙ.ටිකක් කියෙව්වා.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
10 Aug 2016 05:55 PM
  •  Quote
  •  Reply
හොද ලිපියක් ,මිට කලින් මදුරන්ගත් මිට සමාන ලිපියක් දාලා තිබ්බා ,එක දිගටම කියවන් ගියේ මේකත් ඒ වගේම .බොහොම ස්තුති Fide .
0

gamini
Veteran Member
Veteran Member
Posts:4472






--
15 Aug 2016 11:44 AM
  •  Quote
  •  Reply
ඔබ ගෙනා ලිපිය කියවා නොදත් බොහෝ දෙය අවබෝද කර ගත්තා
ආදරයේ උල්පත අම්මා ......................
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Aug 2016 10:18 AM
  •  Quote
  •  Reply
Fide ගෙනුත් හොද ලිපි ටිකක් වැටුනා.
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736






--
08 Sep 2016 11:24 AM
  •  Quote
  •  Reply
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Sep 2016 05:36 AM
  •  Quote
  •  Reply
Posted By hasithad on 10 Aug 2016 10:22 AM
දිගු ලිපියක්නෙ.ටිකක් කියෙව්වා.

ටිකක් නෙවේ අයියේ ඉවර වෙන්නම කියවන්න මාරම අත්දැකීමක් තියෙන්නෙ

අපි පොඩිකාලේ තියා දැන්වත් ඒ වගේ දේකට පෙලබෙන්නෙ නැහැ. ඒ කථාවට අනුව ඔහු  සුපිරි වැඩකරුවෙක්


0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
09 Sep 2016 05:42 AM
  •  Quote
  •  Reply
හොද තොරතුරු ටිකක් තියෙන වටිනා ලිපියක්
ස්තුති
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below