Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 May 2018 08:58 PM by Jaani wasanthi අතහැරීම 13 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 11:40 AM Quote Reply [/url] මේ කුඩා කතාව කියවන්නැ. ඔබ ලොකු වෙනසකට බඳුන් වනු ඇත. පුවසුරුවරයා (මහාචාර්යවරයා) සිය පන්තිය ඇරැඹූයේ වතුර ටිකක් සහිත වීදුරුවක් එසැවීමෙනි. සියලු සිසුනට පෙනෙන සේ එය ඔසොවා-ලූ හෙතෙම මෙ සේ ඇසී යැ. ''මේ වතුර වීදුරුව කොයි තරම් බර ඇති ද ?" ''ග්‍රෑම් 50ක් ..., ග්‍රෑම් 100ක් ..., ග්‍රෑම් 125ක් ...," යැයි සිසුහු පිළිතුරු දුන් හ. ''කිරලා බලනකම් මං හරියට දන්නෙ නෑ," යි පුවසුරුවරයා කී යැ. ''හැබැයි, මගේ ප්‍රශ්නය මෙහෙම යි. මං මේක විනාඩි කීපයක් අල්ලගෙන හිටියොත් මොකක් වෙයි ද ?" ''මොකුත් නෑ," යි සිසුහු පිළිතුරු දුන් හ. ''හරි, මං මේක පැයක් අල්ලගෙන හිටියොත් මොනව වෙයි ද ?" යි පුවසුරුවරයා ඇසී යැ. ''අත රිදෙන්න ගනී වි," යි සිසුවෙක් කී යැ. "ඔයා හරි. මේක දවසක් ම අල්ලගෙන හිටියොත් ?" ''අත හිරි වැටෙයි. දරුණු මාංශ පේෂි පීඩනයක් ඇති වෙලා, අත අප්‍රාණික වෙලා, ඉස්පිරිතාලෙට යන්න වේ වි, සත්තකින් ම !" යැයි එක සිසුවකු පිළිතුරු දුන් විට අනෙක් සියලු ශිෂ්‍යයෝ සිනා සුණු හ. ''බොහොම හොඳ යි. ඒ වුණාට, ඔය අතරේ වීදුරුවේ බර වෙනස් වෙනවද ?" මහාචාර්යවරයා විමැසී ය. ''නැහැ." ''එහෙනම්, අතේ වේදනාවට යි මාංශ පේෂි පීඩනයට යි හේතු වෙන්නේ මොකක් ද ?" සිසුහු අන්ද මන්ද වූ හ. ''වේදනාවෙන් මිදෙන්න මං කරන්න ඕනැ මොකක් ද ?" ''වීදුරුව බිම තියන්න ඕනෑ !" යි සිසුවෙක් පිළිතුරු දිනි. ''හරියට හරි !" යි පුවසුරුවරයා පැවැසී යැ. ''ජීවිතේ ප්‍රශ්නත් ඔන්න ඔය වගේ තමයි. ඒවා මිනිත්තු කීපයක් ඔළුවෙ තියා-ගෙන හිටියට ඒ තරම් බරක් නැහැ. හැබැයි, හුඟක් වෙලා ඒව ගැන හිතන්න. අන්න එතකොට කැක්කුම දෙන්න පටන් ගන්නවා. තවත් වැඩි වෙලාවක් තියා-ගත්තොත්, ඒවායින් අපව අප්‍රාණික වෙනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ජීවිතයේ අභියෝග, ගැටලු ගැන හිතන එක වැදගත් තමයි. හැබැයි, ඊටත් වඩා වැදගත් වෙන්නේ දවස අන්තිමේ නින්දට යන්න කලින් ඒවා බිම තියන එක යි. එහෙම කළාම, අපට පීඩනයක් නැහැ. හැම උදෑසනකම අවදි වෙන්නේ නැවුම් වෙලා, ශක්තිමත් වෙලා. එතකොට අප ඉස්සරහට එන ඕනෑ ම ගැටලුවකට, අභියෝගයකට මූණ දෙන්න පුළුවන්." දැනමුතුකම - අද දවස අරඹන විට මැ මතක තබා-ගන්න, ''වීදුරුව අද බිම තියන්නැ." පරිවර්තනය - උපාලි කන්නන්ගර. 0 isuru sampathSuper Senior MemberPosts:7342 17 May 2018 12:06 PM Quote Reply සහතික ඇත්‍ත මේ කථාව ... 1 chamara duleepMost Senior MemberPosts:13471 17 May 2018 05:29 PM Quote Reply මේකත් සිරියස් වෙනවද 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 07:49 PM Quote Reply අපිට වීදුරුව බිමින් තියන්න හිතෙන්නේ නෑනේ.. ඒකයි ගැටළුව... 1 Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 09:15 PM Quote Reply චාමර මොකද්ද සීරියස් වෙනවද අැහුවේ.? 0 Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 09:16 PM Quote Reply අනිවා ඉන්දික අපි ඉතිං උස්ස ගත්ත ගමන්මනෙ ඉන්නෙ කිලෝ ගනන් බර වීදුරු 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 09:20 PM Quote Reply වෙලාවකට හිතෙනවා අපි හරිම මෝඩ මිනිස්සු කියලා.. මහන්සි වෙලා යම් දෙයක් ලබාගත් පසු ඒ දෙය මදියි කියා හිතෙනවා.. කිසිම දිනක සෑහීමකට පත්වෙන්නේ නැහැ.. නැති දේ ගැන තැවෙමින් ලතවෙනවා.. 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 02:27 AM Quote Reply ප්‍රශ්නයක් ඇති වුනහම එවෙලේම අමතක කරලා දාන්න තරම් අපි තවම අපේ මනස දියුණු කරගෙන නැහැ. ඒකයි හේතුව. දුකකට පමණක් නෙවෙයි. අටලෝදහමටම උපේක්ෂාවෙන් විඳගන්න පුළුවන් නම් අපි ගොඩ. බුදුන්ගේ දහම හරියටම හරි. 1 deliya NisansalaNew MemberPosts:22 21 May 2018 11:59 PM Quote Reply නියමයි ඒ අදහස 1 Jaani wasanthiBasic MemberPosts:285 28 May 2018 11:29 PM Quote Reply ස්තූතියි ඔන්න ලිපිය කියෙව්වාට. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 May 2018 07:13 PM Quote Reply තවත් එකක් දෙන්න ජානි නංගී... 1 Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 01:36 PM Quote Reply '' හිනාවෙද්දි ජීවිතය රසවිදින්න පුළුවන්.අඩද්දි ජීවිතය තේරුම් ගන්න පුළුවන් '' ජීවිතය කියන්නේ අතුහං පාරක් (අතුහං පාරක් යනු කැලේ අතු කඩා සළකුණු වන පාරක් ) ඒත් විශ්වාසයට ගත්තොත් ඒ පාරේ නුඹට පෙර එක් අයෙක් හෝ ගොස් තිබෙනවා. ඒ නිසා මග වරදින්නේ නෑ. අවශ්‍ය වන්නේ ඒ මගේ සතා සීපාවට මුහුණ දෙන්න ආත්ම ශක්තිය වැඩිකර ගැනීමයි. '' අතුහං පාරක නුඹ නතර කලහැකි බාධක හදුනා ගැනීමයි" 0 chamara duleepMost Senior MemberPosts:13471 31 May 2018 06:55 PM Quote Reply ජීවිතය වැරදි වුනාම තමයි තේරෙන්නේ.නැත්තන් ගානක් නැහැනේ 1 Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 08:58 PM Quote Reply ඔව් ඒක ඇත්ත. 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Creative Ideas Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit