You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 01 Sep 2018 09:54 PM by  isuru sampath
මාළු ටැංකියට වහලක් ගැහුවා. බලන්න කොහොමද කියල.
 14 Replies
Sort:
Author Messages

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
27 Aug 2018 06:14 AM
  •  Quote
  •  Reply
පෝය නිවාඩු දවසේ ගැහුව මාලු ටැංකියට වහලක්. කඩේ ගන්න තියෙන වීදුරු වහලවල් නිකම්ම කැඩෙනවා. පොඩි අයත් එක්ක තියාගන්න අමාරුයි ඒ වගේම අනතුරුදායයි. ලී වලින් ගහන්නත් බෑ දිරනවා. ඉතින් භාවිතා කර ඉවත්කරන වෙලඳ දැන්වීම් මුද්‍රණය කරපු බෝඩ් වලින් වැඩේ කලා. දිරන්නෙත් නෑ බිඳෙන්නෙත් නෑ. බරත් නෑ. කෑම දාන්න වෙනම සිදුරු හැදුවෙ නැහැ උඩ වහලම ගලවන්න පුලුවන් විදියට හැදුවා. හදන කෙනෙක්ට ලේසිවෙන්න පියවරෙන් පියවර දැම්මා. කට්ට කපපු තැන් සිලිකන් වලින් ඇලෙව්වා තාවකාලිකව ස්ටෙප්ලර් කටු ගහලා. ඔය අලවන ස්ටිකර් ජාතිය ඇඩ්වටයිසින් කරන ශොප්වල තියෙනවා. බෆල් වලට ගහන ස්ටිකර් කිව්වත් හරි. මේකෙ විවිධාකාර ඩිසයින්, කලර් වගේම කැමා ස්ටිකර් එකකුත් එනවා. කලු තමා ලස්සන. 

මේ දේවල් අවශ්‍ය  වේ.  -
coroplast board අවශ්‍ය පමණට (ෂොප් වල ඇඩ් ප්‍රින්ට් කරලා එන ප්ලාස්ටික් බෝඩ්)
පේපර් කටර් 1
සිලිකන් ගම්
සෙලෝටේප් ,ස්ටෙප්ලර් එකක්, කතුරක්  සෙට් කරගෙන ඉන්න
බෆල් ස්ටිකර්  අවශ්‍ය තරම් 
වයරින් වලට ගන්න කේසින් එකක්.
මාළු ටැංකියකුත් තියෙන්නම  ඕනේ. නැත්නම් වැඩක් නෑ. 

(වෙන වෙබ් වල දානවනම් මගෙන් අවසර අරන් දාන්න)



මේ වගේ එකක් තමා හදන්න යන්නේ.



මුලින්ම පේපර් කටර් එකක් ආධාරයෙන් කපාගන්න. පුළුවන් තරම් සුදු කොටස් ඇතුලට යන විදියට කපන්න. මටත් වැරදුනා බබා බෝඩ් එක අනිත් පැත්ත හරවලා.



මේක හීනි බාර් එක නවල මහත කොටස කපල ජොයින්ට් කරල තියෙන්නෙ. හීනි කොටස ජොයින්ට් වෙන්නෙ උඩ පැත්තෙ මැදින් එතන මහත කොටස තනි එකක්.






තියල ටෙස්ට් කරන්න. අලවන ගමනුත් මෙහෙම තියන්න වෙනස් උනොත් අවුල් 



ස්ටිකර් එක බුබුළු නොහිටින්න අලවගන්න. ෂැම්පු වතුර ස්ප්‍රේ කරාම ස්ටිකර් එකේ ඇලෙන ගතිය තාවකාලිකව අඩු වෙනවා.



හොඳට කල්පනා කරොත් කැපිල අයින්වෙන්න තියෙන කොටස් වලින් උනත් වැඩක් ගන්න පුළුවන් මේ ස්ටිකර් වගේ.



මුලින්ම අවශ්‍ය තැනට සෙට් කරලා ස්ටෙප්ලර් කරන්න, නැත්නම් සෙලෙටෙප් දාල සෙට් කරන්න. ඔක්කොම ඉවර කරලා අන්තිමටම  අයිනෙන් උස්සල සිලිකන් දාන්න. නැත්නම් හත්පොලේ  ගා  ගන්න වෙන්නේ.


වැඩි හොඳට කැපිල අයින් වෙන ස්ටිකර් කෑලි වලින් ඇලෙව්වා






ඉතුරු වෙන කොටස් නවල කේසින් එකට සෙට් වෙන විදියටම ඇලෙව්වා. නැත්නම් බෝඩ් කේසින් එකෙන් ඈත් වෙනවා මැද හරියේ.




දැන් වැඩේ හරි. මිල අඩු. බිඳෙන්නේ නැති. කේසින් එකක් තියෙනවා.


0

Udari Jayasekara
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Aug 2018 02:22 PM
  •  Quote
  •  Reply
ෂා හරිම ක්‍රියේටිව් අදහස් තියෙන අය්යෙක් නේ....නියමායි
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Aug 2018 05:13 PM
  •  Quote
  •  Reply
ලස්සණ නිර්මාණයක්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
27 Aug 2018 05:47 PM
  •  Quote
  •  Reply
ලස්සනට හදල තියෙන්නේ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Aug 2018 06:23 PM
  •  Quote
  •  Reply
නියමයි මල්ලි
0

chandana diaz
Basic Member
Basic Member
Posts:347






--
27 Aug 2018 07:25 PM
  •  Quote
  •  Reply
ලස්සනයි මචං. කෑම දාන්න වෙනම ස්ලයිඩ් කරන්න පුලුවන් කෑල්ලක් දැම්මා නම් හරි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
27 Aug 2018 08:07 PM
  •  Quote
  •  Reply
වාව් නියමයි අනේ. ඒ වගේම ලස්සනයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
28 Aug 2018 09:19 PM
  •  Quote
  •  Reply
නියමයි මල්ලී.. හොද අයිඩියා එකක්..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
28 Aug 2018 09:51 PM
  •  Quote
  •  Reply
කඩෙන් ගත්ත වගේද තමන්ම හදා ගත්තහම දැනෙන සතුට. ඔය තියෙන්නෙ ඊට වඩා අපුරුවටම.
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
29 Aug 2018 11:37 AM
  •  Quote
  •  Reply
මෙව්වා තමයි බ්‍රදර් වැඩ.....අනර්ඝයි.
ඔබේ හැකියාව හා නිර්මාණශීලීත්වය ගැන ඉතා සතුටුයි. සයිබර් අවකාශයේ නිර්මාණ වලට පමණක් නොව මෙවැනි නිර්මාණ වලටත් ඔබ හපනෙක් බව වැටහේ.
කොරෝප්ලාස්ට් බෝඩ් සඳහා සාදර අනුග්‍රහය හචින්සන් ටෙලිකොම්...එල එල....
වැදගත් ම ගේ ඔබේ දක්ෂතා තුලින් යමක් කිරීමට පමණක් සීමා නොවී ඒ හැකියාව හා මගපෙන්වීම බෙදා හදා ගැනීමයි
බොහොම ස්තුතියි...මෙවැනි දේවල් දැකීමට ඉදිරියේදීත් බලාපොරොත්තු වෙමු....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Aug 2018 10:08 AM
  •  Quote
  •  Reply
සුපිරි අයියේ ඔයාගේ වැඩ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Aug 2018 10:46 AM
  •  Quote
  •  Reply
මගේ මාලු ටැංකියට නං දැනට වහලයක් තියෙනවා ඒකට මොනවා හරි උනොත් මේ විදියට තමයි අය හදන්නෙ
0

Wasanga Ama
Basic Member
Basic Member
Posts:202






--
31 Aug 2018 04:24 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 30 Aug 2018 10:46 AM
මගේ මාලු ටැංකියට නං දැනට වහලයක් තියෙනවා ඒකට මොනවා හරි උනොත් මේ විදියට තමයි අය හදන්නෙ
කඩමු
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
31 Aug 2018 05:41 PM
  •  Quote
  •  Reply
Posted By wasangaama on 31 Aug 2018 04:24 PM
Posted By sha733 on 30 Aug 2018 10:46 AM
මගේ මාලු ටැංකියට නං දැනට වහලයක් තියෙනවා ඒකට මොනවා හරි උනොත් මේ විදියට තමයි අය හදන්නෙ
කඩමු


0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
01 Sep 2018 09:54 PM
  •  Quote
  •  Reply
සුපිරි නිර්මාණයක්................
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below