Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: අතහැරීම Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: අතහැරීම Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 08:58 PM ඔව් ඒක ඇත්ත. chamara duleepMost Senior MemberPosts:13471 31 May 2018 06:55 PM ජීවිතය වැරදි වුනාම තමයි තේරෙන්නේ.නැත්තන් ගානක් නැහැනේ Jaani wasanthiBasic MemberPosts:285 31 May 2018 01:36 PM '' හිනාවෙද්දි ජීවිතය රසවිදින්න පුළුවන්.අඩද්දි ජීවිතය තේරුම් ගන්න පුළුවන් '' ජීවිතය කියන්නේ අතුහං පාරක් (අතුහං පාරක් යනු කැලේ අතු කඩා සළකුණු වන පාරක් ) ඒත් විශ්වාසයට ගත්තොත් ඒ පාරේ නුඹට පෙර එක් අයෙක් හෝ ගොස් තිබෙනවා. ඒ නිසා මග වරදින්නේ නෑ. අවශ්ය වන්නේ ඒ මගේ සතා සීපාවට මුහුණ දෙන්න ආත්ම ශක්තිය වැඩිකර ගැනීමයි. '' අතුහං පාරක නුඹ නතර කලහැකි බාධක හදුනා ගැනීමයි" Indika KodithuwakkuMost Senior MemberPosts:10470 29 May 2018 07:13 PM තවත් එකක් දෙන්න ජානි නංගී... Jaani wasanthiBasic MemberPosts:285 28 May 2018 11:29 PM ස්තූතියි ඔන්න ලිපිය කියෙව්වාට. deliya NisansalaNew MemberPosts:22 21 May 2018 11:59 PM නියමයි ඒ අදහස Prasad MadurangaMost Senior MemberPosts:14124 18 May 2018 02:27 AM ප්රශ්නයක් ඇති වුනහම එවෙලේම අමතක කරලා දාන්න තරම් අපි තවම අපේ මනස දියුණු කරගෙන නැහැ. ඒකයි හේතුව. දුකකට පමණක් නෙවෙයි. අටලෝදහමටම උපේක්ෂාවෙන් විඳගන්න පුළුවන් නම් අපි ගොඩ. බුදුන්ගේ දහම හරියටම හරි. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 09:20 PM වෙලාවකට හිතෙනවා අපි හරිම මෝඩ මිනිස්සු කියලා.. මහන්සි වෙලා යම් දෙයක් ලබාගත් පසු ඒ දෙය මදියි කියා හිතෙනවා.. කිසිම දිනක සෑහීමකට පත්වෙන්නේ නැහැ.. නැති දේ ගැන තැවෙමින් ලතවෙනවා.. Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 09:16 PM අනිවා ඉන්දික අපි ඉතිං උස්ස ගත්ත ගමන්මනෙ ඉන්නෙ කිලෝ ගනන් බර වීදුරු Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 09:15 PM චාමර මොකද්ද සීරියස් වෙනවද අැහුවේ.? Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 May 2018 07:49 PM අපිට වීදුරුව බිමින් තියන්න හිතෙන්නේ නෑනේ.. ඒකයි ගැටළුව... chamara duleepMost Senior MemberPosts:13471 17 May 2018 05:29 PM මේකත් සිරියස් වෙනවද isuru sampathSuper Senior MemberPosts:7342 17 May 2018 12:06 PM සහතික ඇත්ත මේ කථාව ... Jaani wasanthiBasic MemberPosts:285 17 May 2018 11:40 AM [/url] මේ කුඩා කතාව කියවන්නැ. ඔබ ලොකු වෙනසකට බඳුන් වනු ඇත. පුවසුරුවරයා (මහාචාර්යවරයා) සිය පන්තිය ඇරැඹූයේ වතුර ටිකක් සහිත වීදුරුවක් එසැවීමෙනි. සියලු සිසුනට පෙනෙන සේ එය ඔසොවා-ලූ හෙතෙම මෙ සේ ඇසී යැ. ''මේ වතුර වීදුරුව කොයි තරම් බර ඇති ද ?" ''ග්රෑම් 50ක් ..., ග්රෑම් 100ක් ..., ග්රෑම් 125ක් ...," යැයි සිසුහු පිළිතුරු දුන් හ. ''කිරලා බලනකම් මං හරියට දන්නෙ නෑ," යි පුවසුරුවරයා කී යැ. ''හැබැයි, මගේ ප්රශ්නය මෙහෙම යි. මං මේක විනාඩි කීපයක් අල්ලගෙන හිටියොත් මොකක් වෙයි ද ?" ''මොකුත් නෑ," යි සිසුහු පිළිතුරු දුන් හ. ''හරි, මං මේක පැයක් අල්ලගෙන හිටියොත් මොනව වෙයි ද ?" යි පුවසුරුවරයා ඇසී යැ. ''අත රිදෙන්න ගනී වි," යි සිසුවෙක් කී යැ. "ඔයා හරි. මේක දවසක් ම අල්ලගෙන හිටියොත් ?" ''අත හිරි වැටෙයි. දරුණු මාංශ පේෂි පීඩනයක් ඇති වෙලා, අත අප්රාණික වෙලා, ඉස්පිරිතාලෙට යන්න වේ වි, සත්තකින් ම !" යැයි එක සිසුවකු පිළිතුරු දුන් විට අනෙක් සියලු ශිෂ්යයෝ සිනා සුණු හ. ''බොහොම හොඳ යි. ඒ වුණාට, ඔය අතරේ වීදුරුවේ බර වෙනස් වෙනවද ?" මහාචාර්යවරයා විමැසී ය. ''නැහැ." ''එහෙනම්, අතේ වේදනාවට යි මාංශ පේෂි පීඩනයට යි හේතු වෙන්නේ මොකක් ද ?" සිසුහු අන්ද මන්ද වූ හ. ''වේදනාවෙන් මිදෙන්න මං කරන්න ඕනැ මොකක් ද ?" ''වීදුරුව බිම තියන්න ඕනෑ !" යි සිසුවෙක් පිළිතුරු දිනි. ''හරියට හරි !" යි පුවසුරුවරයා පැවැසී යැ. ''ජීවිතේ ප්රශ්නත් ඔන්න ඔය වගේ තමයි. ඒවා මිනිත්තු කීපයක් ඔළුවෙ තියා-ගෙන හිටියට ඒ තරම් බරක් නැහැ. හැබැයි, හුඟක් වෙලා ඒව ගැන හිතන්න. අන්න එතකොට කැක්කුම දෙන්න පටන් ගන්නවා. තවත් වැඩි වෙලාවක් තියා-ගත්තොත්, ඒවායින් අපව අප්රාණික වෙනවා. කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. ජීවිතයේ අභියෝග, ගැටලු ගැන හිතන එක වැදගත් තමයි. හැබැයි, ඊටත් වඩා වැදගත් වෙන්නේ දවස අන්තිමේ නින්දට යන්න කලින් ඒවා බිම තියන එක යි. එහෙම කළාම, අපට පීඩනයක් නැහැ. හැම උදෑසනකම අවදි වෙන්නේ නැවුම් වෙලා, ශක්තිමත් වෙලා. එතකොට අප ඉස්සරහට එන ඕනෑ ම ගැටලුවකට, අභියෝගයකට මූණ දෙන්න පුළුවන්." දැනමුතුකම - අද දවස අරඹන විට මැ මතක තබා-ගන්න, ''වීදුරුව අද බිම තියන්නැ." පරිවර්තනය - උපාලි කන්නන්ගර.