You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Jul 2018 10:05 AM by  Prasad Maduranga
තෙල් මිල.... බදු ....සහ අපි.....මොකද කියන්නෙ ස්ට්‍රයික් කරමුද..?
 14 Replies
Sort:
Author Messages

madushika dilhani
New Member
New Member
Posts:54






--
15 May 2018 11:30 PM
  •  Quote
  •  Reply
ඩීසල්....පෙට්‍රල් ... බදු සහ අපි......

මොකද කියන්නේ.....ස්ට්‍රයික් එකක් කරමුද......?

සාමාන්‍යයෙන් මම මේ වගේ දේවල් නොලියන කෙනෙක්.හිතට දැනෙන බොළද නවකතාවක් ලියලා හිත නිදහස් කරගන්න කෙනෙක්.ඒත් අද මට හිතුනා මේ වගේ දෙයක් ලියන්න ඕනි කියලා.හැබැයි මුලින් කියන්න ඕනී.මම දේශපාලනය ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්.සාමාන්‍ය රුපියල් 25000 ක වැටුපට රැකියාව කරන මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්.

මීට දවස් කීපයකට කලින්.....

පුවතක්....

තෙල් මිල අද රාත්‍රියේ සිට ඉහලට.....

හ්ම්....එහෙම දෙයක් ඇහුනට ඉතිං ඒක නම් අපිට අදාල දෙයක් නෙමේනේ...ඕවා ගැන හිත හිත ඉදලා ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගන්න බැරි උනොත් තියෙන රස්සාවත් නැති වෙනවා....

එහෙම හිතලා ඒ වෙලාවෙ හිත සනසගත්තට මොකද වෙනදා වෙලාවට වැඩ ඇරිලා බස් එකට නැග්ගමයි තෙල් මිලේ ඉහල යාම ගැන තේරෙන්න ගත්තේ...බස් එක අඩියක් ඉස්සරහට යන්න විනාඩි දහයක් යනවා.

" මොකද දන්නේ නෑ ට්‍රැපික් එක......" සෙනග අස්සෙ තදවෙලා දාඩිය වැක්කෙරෙද්දී ඉවසගෙන ඉන්නම බැරි පාර මම මට එහා පැත්තෙ හිටපු මනුස්සයගෙන් ඇහුවා.

" අද රෑ ඉදලා තෙල් මිල වැඩි වෙනවනේ.ඉතිං වැඩි වෙන්න කලින් මිනිස්සු ෂෙඩ් වලට ඇවිත් වාහන වලට තෙල් ගහගන්න......" ඒ මනුස්සයා මට තව ප්‍රශ්න අහන්න බැරි වෙන්නම උත්තරේ දුන්නා.

ඔව් ඉතිං ඒකත් ඇත්ත....මිනිස්සු උනත් කීයක් හරි ඉතුරු කරගන්නනෙ බලන්නෙ......ඒත් ඉතිං ෂෙඩ් එක ලගට යනකම්ම තියෙන සැප වාහන පෝලිම දැක්කම හිත ටිකක් අවුල් උනේ නැත්තෙමත් නෑ....ඒ මිනිස්සු වාහනේ ඒ සී එකට වෙලා පෝලිමේ ඉදගෙන රුපියල් හාරසීයක් පන්සීයක් ඉතුරු කරගන්න කට්ට කනවා.අපි ඒ ට්‍රැපික් එකට අහු වෙලා බස් එකේ තැම්බි තැන්බි ඒ මිනිස්සුන්ට ඒ රුපියල් හාරසීය පන්සීය ඉතුරු කරගන්න සහයට කට්ට කනවා.

තෙල් මිල වැටි වීම ගනන් නොගෙනම ඉන්නත් බෑ.......

" මොකද දරුවො පරක්කූ......." බස්වල කට්ට කාලා ගෙදර ආපු ගමන් අම්ම බය වෙලා අහනවා.

" තෙල් මිල වැඩිවෙලානෙ අම්මේ......" මම ඉතිං ලොකූ හුස්මක් පිටකරලා අම්මට උත්තරේ දීලම කාමරේට ආවා.

" ඉතිං උඹ පරක්කු උනේ.....ඇයි උඹ දුවන්නෙත් තෙල් වලින්ද......" අම්මා ඒ පාර බනිනවා.ඒත් ඉතින් අම්මට කොහොමද පැහැදිලි කරන්නෙ.මම කට වහගෙන හිටියා.

පහු වෙනිදා එලවලු ගන්න ගියාමයි මට තරු එකක් දෙකක් පේන්න ගත්තේ....වෙනදා රුපියල් පන්සීයට ගන්න එලවලු ටිකම අද රුපියල් දාහක් වෙලා.

" මේ මොකද මේ එළවලු වල ගනන් වැඩි වෙලා...."

"ඇයි දන්නෙ නැද්ද තෙල් මිල ඉහල ගියානේ.....".

" ඉතිං....." ට්‍රැපික් එකෙයි තෙල් මිලෙයි සම්බන්දේ තේරුනාට එලවලුවලයි තෙල්වලයි සම්බන්දෙ නම් මට තේරුම් ගන්න අමාරුයි.

" ඇයි මිස් හිතන් ඉන්නෙ එලවලු අපි ලගට පයින් ඇවිදගෙන එනවා කියලද ඒවා ගේන්නෙ වාහන වලින්.වාහන දුවන්නෙ තෙල් වලින්......" එලවලු කඩේ මිනිහා වට්ටක්කා කපන පිහියත් දික් කර කර එහෙම කියද්දී තමයි මට ඒ සම්බන්දෙ තේරුනේ.ඒත් ඉතිං තෙල් ලීටරයක් රුපියල් විස්සකින් වැඩි වෙනකොට කැරට් කිලෝ එකක් හතලියකින් වැඩි වෙන සමීකරණය නම් මට තේරුනේම නෑ.

තෙල් මිල බලන් යනකොට හරි පුදුමයිනෙ........

ආයෙත් පුවතක්....

තෙල් මිල ඉහල යාම හේතුවෙන් බස් ගාස්තු සියයට හයකින් ඉහලට......

හ්ම්ම්....ඒක නම් ඉතිං ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනේ....බස් අයිතිකාරයිත් පාඩු ලබන්නෙ කොහොමද....කමක් නෑ වැඩිවෙන ගාන සැලරියෙන් ශේප් කරගන්න බලමු......නැතුව පයින් යන්නද....

අද උදේ පුවතක්.

වැඩිකල සියයට හයේ බස් ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින් බස් හිමියන් එය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලයි.එම ඉල්ලීමට එකග නොවේ නම් අද රාත්‍රියේ සිට දීප ව්‍යප්ත බස් රථ වර්ජනයක ඔවුන් සූදානම් වෙයි...

අනේ මන්දා ....ඔක්කොම වෙන්නෙ අපිට....දැන් හෙට වැඩට එන්නෙ කොහොමද....ආවත් රෑ වෙලා යන්නෙ කොහොමද...

" සර්....හෙට බස් ස්ට්‍රයික් ලු.... මට එන්න බස් එකක් නැති උනොත් ලීව් දාන්නද....." හිතලා හිතලා බැරිම තැන මම ආයතන ප්‍රධානියා හම්බ ඉනා.

" හ්ම්ම්.....ස්ට්‍රයික් නම් එන්න විදියක් නෑනේ....නිවාඩු ගන්න....හැබැයි ඉතින් ලීව් එක නිසා ඔයාගෙ ඇටන්ඩන්ස් වලට ගෙවන ගාන කපන්න වෙනවා.ඒවා කම්පැනියේ ප්‍රොසීඩි එකනේ....." ලොක්කා හරි කරුණාවෙන් වගේ කිව්වට මට දෙලෝ රත් වුනා.ඒ කියන්නෙ සැලරි එකෙන් පන්දාහක්ම ඉවරයි.

තෙල් මිල.....තෙල් මිල....

ඔෆිස් එකේ වැඩත් කරන්න බෑ වගේ....අපි නිකන් දැන් ගිරේ මැද්දෙ ඉන්න දෙහි ගෙඩි කියලමයි මට හිටතෙන්නෙ.කොයි පැත්ත දිනුවත් අපි කැපිලා.

බස් ස්ට්‍රයික් කලොත් එන්න බස් නැතුව දුක් විදින්න වෙනවා.ගෙදර නැවතුනොත් පඩියෙන් පන්දාහක් ඉවර වෙනවා.බස් හිමියන්ගෙ ඉල්ලීම් ජය ගත්තොත් හෙට ඉදන් සීයට විස්සේ වැඩිවෙච්ච බස් ගාස්තු එක්ක ගෙවාගෙන වැඩට එන්න වෙනවා.

කෝකටත් කමක් නෑ කියලා හිතට ශක්තිය අරගෙන මම ආයෙ බොස් ගාවට ගියා.

" සර් ......දැන් තෙල් මිල ඉහල ගිය එකේ මගේ සැලරි එක වැඩි කරලා දෙන්න පුලුවන්ද......" ජීවිතේ සමබර කරගන්න නම් ඒ ඉල්ලීම නොකර බෑනේ.

" ඇයි.....තෙල් ගහගෙනද ඔෆිස් එන්නේ....තෙල් මිල ඉහල ගියාම වෙනමම ගානක් රජයෙන් කම්පැනිවලට දෙනවා කියලා හිතුවද පඩි ගෙවන්න.....පේන්නෙ නැද්ද රට යන විදිය.බිස්නස් හැම එකක්ම වැටිලා....මොනා නිසා පඩි වැඩි කරන්නද....අපි මේ එල්ලිලා යන්නෙත් අමාරුවෙන් ... පේන්නෙ නැද්ද......." ලොක්කා කබලට අඹ ඇට දැන්මා වගේ පුපුරගෙන පුපුරගෙන යනවා....

අනේ ඉතිං කාට කියන්නද මේ අවනඩු....

ඒ අස්සේ ලොක්කගේ කාමරේ තියෙන ටීවී එකේ ඇඩ් එකක් යනවා.

රටේ බදු වලින් ජීවිතේ ජයගත්තු අපි බදු ගෙවා රටට දායක වෙමු....

අනේ ඉතිං ..ඇහෙනකොටත්.....තවත් ඉතිං දායක වෙන්න තියෙන්නෙ ඇගේ තියෙන ඇදුමෙන් තමයි.....තව ටික දවසකින් ඒකටත් බදු ගහයි.....

එක වෙලාවක හිතෙනවා කෑ ගහලා කියන්න අපි හැමෝම හෙට ස්ට්‍රයික් කරමු කියලා.කවුරුත් රස්සාවලට නොයා ඉමු කියලා.එතකොට බස්වල යන්න මිනිස්සු නැති උනාම කොහොමත් බස් ස්ට්‍රයික් කරලා වැඩක් නෑ...සතියක් විතර හැම මිනිහෙක්ම රස්සා නොකර ස්ට්‍රයික් කාලානම් රටක් ඉතුරු වෙනවද කියලා පෙන්නන තිබ්බා.

ඒත් ඉතිං කොහොම කරන්නද.....
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 May 2018 04:46 AM
  •  Quote
  •  Reply
ස්ට්‍රයික් කරලා නොකා නොබී අපට මැරෙන්න තමයි නංගි වෙලා තියෙන්නෙ.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 May 2018 04:47 AM
  •  Quote
  •  Reply
සාමාන්‍ය රුපියල් 25000 ක වැටුපට රැකියාව කරන මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්.
දහ දෙනෙක් ජිවත් කරවන්න පුළුවන් කෙනෙක් නේ බොලව්.
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
16 May 2018 04:55 AM
  •  Quote
  •  Reply
නංගි. මේ විදිහට ලියහන් කෝ. මම එක හුස්මට කියවගෙන ගියා.. පට්ට.
කැමති අයට නව කතාත්, අපිට මේ විදිහට කාලින දෙයකුත්..

රටෙන් සීයෙන් එකෙක් වගේ ප්‍රමාණයක් හැරෙන්න රටේ ඉතිරි සීයට අනු නවයම තත්ත්වය ඔහොම තමයි නංගි. අර ඔයා දැක්ක කාර්වල කට්ට කන රුපියල් හාරසියට පෝලිම් වල ඉන්න එවුනුත් මේ අසරණ ලෝකෙම පීඩිතයෝ තමයි. ඔකෙනුත් ගොඩක් එවුන් සමහර විට ලිසිං කාරයට ඊළඟ වාරිකේ දාගන්න බැරි වේවි කියල බයේ දගලන පිරිස. එහෙම අමාරුකමක් නැති එකෙක් ඔය පෝලිමේ කට්ට කකා ඉන්නේ නැහැ.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 May 2018 05:38 AM
  •  Quote
  •  Reply
මේ එක පාලකයෙක්වත් අපි ගැන හිතන්නේ නෑ.ඒ අය විදින්න ඕන හැම සැපක්ම විදිනවා . මේක මේ එක පාලකයෙක්ටවත් තේරෙන්නේ නෑ ...මමත් මේක එක හුස්මට කියවගෙන ගියා.මේ වගේ කාලීන සිදුවිමුත් අපිත් එක්ක බේදා හදා ගන්න .
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 May 2018 06:40 PM
  •  Quote
  •  Reply
ඇමති ගොල්ලන්ට සැප වාහන ගන්නයි
මහජනතාවට ඒවා බදු ගෙවන්නයි
ඒ බදු වලින් තව වාහන ගන්නයි
දැන් නම් හොදටම ඇති මේ 227 දෙනාම එළවන්නයි

1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
16 May 2018 06:44 PM
  •  Quote
  •  Reply
ඊට වඩා හොදයි වෙනත් අලුත් කට්ටියකට පාලනය දුන්න නම් අර කැම්පස් ගිය ළම්යින්ට.අනික ඒ අය ජොබ් නැහැ කියලා පාරේ උද්ඝෝෂණ
1

madushika dilhani
New Member
New Member
Posts:54






--
16 May 2018 07:06 PM
  •  Quote
  •  Reply
Aththamai
0

madushika dilhani
New Member
New Member
Posts:54






--
16 May 2018 07:08 PM
  •  Quote
  •  Reply
Ehema karanna thibbaa ara 2500 ta masayak jeewathwenna puluwan kiwwa kenaawa kali kali kapala vikunnanam
0

madushika dilhani
New Member
New Member
Posts:54






--
16 May 2018 07:13 PM
  •  Quote
  •  Reply
ow aththa.hamoma pidithayo.ma deshapalanaya gana danne nam na.eth horu hodai kiyana thanata ratak watena eka thama aula.
0

madushika dilhani
New Member
New Member
Posts:54






--
16 May 2018 07:18 PM
  •  Quote
  •  Reply
Ape rata diyunu wenne naththe anna e nisa.rate onna hodama molakarayo upadi karayo vitharai rajaye job walata sudusukam labanne.yantham al goda daganna set eka private job ekak katta kala hoyagannawa.eth rate kisima rajaye ayathanayak laba labanne na.okkoma private company laba labanne.ekata hethu mokakda.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 May 2018 08:24 PM
  •  Quote
  •  Reply
Posted By Madud on 15 May 2018 11:30 PM
ඩීසල්....පෙට්‍රල් ... බදු සහ අපි......

මොකද කියන්නේ.....ස්ට්‍රයික් එකක් කරමුද......?

සාමාන්‍යයෙන් මම මේ වගේ දේවල් නොලියන කෙනෙක්.හිතට දැනෙන බොළද නවකතාවක් ලියලා හිත නිදහස් කරගන්න කෙනෙක්.ඒත් අද මට හිතුනා මේ වගේ දෙයක් ලියන්න ඕනි කියලා.හැබැයි මුලින් කියන්න ඕනී.මම දේශපාලනය ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්.සාමාන්‍ය රුපියල් 25000 ක වැටුපට රැකියාව කරන මධ්‍යම පාන්තික පවුලක කෙනෙක්.

මීට දවස් කීපයකට කලින්.....

පුවතක්....

තෙල් මිල අද රාත්‍රියේ සිට ඉහලට.....

හ්ම්....එහෙම දෙයක් ඇහුනට ඉතිං ඒක නම් අපිට අදාල දෙයක් නෙමේනේ...ඕවා ගැන හිත හිත ඉදලා ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගන්න බැරි උනොත් තියෙන රස්සාවත් නැති වෙනවා....

එහෙම හිතලා ඒ වෙලාවෙ හිත සනසගත්තට මොකද වෙනදා වෙලාවට වැඩ ඇරිලා බස් එකට නැග්ගමයි තෙල් මිලේ ඉහල යාම ගැන තේරෙන්න ගත්තේ...බස් එක අඩියක් ඉස්සරහට යන්න විනාඩි දහයක් යනවා.

" මොකද දන්නේ නෑ ට්‍රැපික් එක......" සෙනග අස්සෙ තදවෙලා දාඩිය වැක්කෙරෙද්දී ඉවසගෙන ඉන්නම බැරි පාර මම මට එහා පැත්තෙ හිටපු මනුස්සයගෙන් ඇහුවා.

" අද රෑ ඉදලා තෙල් මිල වැඩි වෙනවනේ.ඉතිං වැඩි වෙන්න කලින් මිනිස්සු ෂෙඩ් වලට ඇවිත් වාහන වලට තෙල් ගහගන්න......" ඒ මනුස්සයා මට තව ප්‍රශ්න අහන්න බැරි වෙන්නම උත්තරේ දුන්නා.

ඔව් ඉතිං ඒකත් ඇත්ත....මිනිස්සු උනත් කීයක් හරි ඉතුරු කරගන්නනෙ බලන්නෙ......ඒත් ඉතිං ෂෙඩ් එක ලගට යනකම්ම තියෙන සැප වාහන පෝලිම දැක්කම හිත ටිකක් අවුල් උනේ නැත්තෙමත් නෑ....ඒ මිනිස්සු වාහනේ ඒ සී එකට වෙලා පෝලිමේ ඉදගෙන රුපියල් හාරසීයක් පන්සීයක් ඉතුරු කරගන්න කට්ට කනවා.අපි ඒ ට්‍රැපික් එකට අහු වෙලා බස් එකේ තැම්බි තැන්බි ඒ මිනිස්සුන්ට ඒ රුපියල් හාරසීය පන්සීය ඉතුරු කරගන්න සහයට කට්ට කනවා.

තෙල් මිල වැටි වීම ගනන් නොගෙනම ඉන්නත් බෑ.......

" මොකද දරුවො පරක්කූ......." බස්වල කට්ට කාලා ගෙදර ආපු ගමන් අම්ම බය වෙලා අහනවා.

" තෙල් මිල වැඩිවෙලානෙ අම්මේ......" මම ඉතිං ලොකූ හුස්මක් පිටකරලා අම්මට උත්තරේ දීලම කාමරේට ආවා.

" ඉතිං උඹ පරක්කු උනේ.....ඇයි උඹ දුවන්නෙත් තෙල් වලින්ද......" අම්මා ඒ පාර බනිනවා.ඒත් ඉතින් අම්මට කොහොමද පැහැදිලි කරන්නෙ.මම කට වහගෙන හිටියා.

පහු වෙනිදා එලවලු ගන්න ගියාමයි මට තරු එකක් දෙකක් පේන්න ගත්තේ....වෙනදා රුපියල් පන්සීයට ගන්න එලවලු ටිකම අද රුපියල් දාහක් වෙලා.

" මේ මොකද මේ එළවලු වල ගනන් වැඩි වෙලා...."

"ඇයි දන්නෙ නැද්ද තෙල් මිල ඉහල ගියානේ.....".

" ඉතිං....." ට්‍රැපික් එකෙයි තෙල් මිලෙයි සම්බන්දේ තේරුනාට එලවලුවලයි තෙල්වලයි සම්බන්දෙ නම් මට තේරුම් ගන්න අමාරුයි.

" ඇයි මිස් හිතන් ඉන්නෙ එලවලු අපි ලගට පයින් ඇවිදගෙන එනවා කියලද ඒවා ගේන්නෙ වාහන වලින්.වාහන දුවන්නෙ තෙල් වලින්......" එලවලු කඩේ මිනිහා වට්ටක්කා කපන පිහියත් දික් කර කර එහෙම කියද්දී තමයි මට ඒ සම්බන්දෙ තේරුනේ.ඒත් ඉතිං තෙල් ලීටරයක් රුපියල් විස්සකින් වැඩි වෙනකොට කැරට් කිලෝ එකක් හතලියකින් වැඩි වෙන සමීකරණය නම් මට තේරුනේම නෑ.

තෙල් මිල බලන් යනකොට හරි පුදුමයිනෙ........

ආයෙත් පුවතක්....

තෙල් මිල ඉහල යාම හේතුවෙන් බස් ගාස්තු සියයට හයකින් ඉහලට......

හ්ම්ම්....ඒක නම් ඉතිං ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනේ....බස් අයිතිකාරයිත් පාඩු ලබන්නෙ කොහොමද....කමක් නෑ වැඩිවෙන ගාන සැලරියෙන් ශේප් කරගන්න බලමු......නැතුව පයින් යන්නද....

අද උදේ පුවතක්.

වැඩිකල සියයට හයේ බස් ගාස්තුව ප්‍රමාණවත් නොවන බැවින් බස් හිමියන් එය සියයට විස්ස දක්වා වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලයි.එම ඉල්ලීමට එකග නොවේ නම් අද රාත්‍රියේ සිට දීප ව්‍යප්ත බස් රථ වර්ජනයක ඔවුන් සූදානම් වෙයි...

අනේ මන්දා ....ඔක්කොම වෙන්නෙ අපිට....දැන් හෙට වැඩට එන්නෙ කොහොමද....ආවත් රෑ වෙලා යන්නෙ කොහොමද...

" සර්....හෙට බස් ස්ට්‍රයික් ලු.... මට එන්න බස් එකක් නැති උනොත් ලීව් දාන්නද....." හිතලා හිතලා බැරිම තැන මම ආයතන ප්‍රධානියා හම්බ ඉනා.

" හ්ම්ම්.....ස්ට්‍රයික් නම් එන්න විදියක් නෑනේ....නිවාඩු ගන්න....හැබැයි ඉතින් ලීව් එක නිසා ඔයාගෙ ඇටන්ඩන්ස් වලට ගෙවන ගාන කපන්න වෙනවා.ඒවා කම්පැනියේ ප්‍රොසීඩි එකනේ....." ලොක්කා හරි කරුණාවෙන් වගේ කිව්වට මට දෙලෝ රත් වුනා.ඒ කියන්නෙ සැලරි එකෙන් පන්දාහක්ම ඉවරයි.

තෙල් මිල.....තෙල් මිල....

ඔෆිස් එකේ වැඩත් කරන්න බෑ වගේ....අපි නිකන් දැන් ගිරේ මැද්දෙ ඉන්න දෙහි ගෙඩි කියලමයි මට හිටතෙන්නෙ.කොයි පැත්ත දිනුවත් අපි කැපිලා.

බස් ස්ට්‍රයික් කලොත් එන්න බස් නැතුව දුක් විදින්න වෙනවා.ගෙදර නැවතුනොත් පඩියෙන් පන්දාහක් ඉවර වෙනවා.බස් හිමියන්ගෙ ඉල්ලීම් ජය ගත්තොත් හෙට ඉදන් සීයට විස්සේ වැඩිවෙච්ච බස් ගාස්තු එක්ක ගෙවාගෙන වැඩට එන්න වෙනවා.

කෝකටත් කමක් නෑ කියලා හිතට ශක්තිය අරගෙන මම ආයෙ බොස් ගාවට ගියා.

" සර් ......දැන් තෙල් මිල ඉහල ගිය එකේ මගේ සැලරි එක වැඩි කරලා දෙන්න පුලුවන්ද......" ජීවිතේ සමබර කරගන්න නම් ඒ ඉල්ලීම නොකර බෑනේ.

" ඇයි.....තෙල් ගහගෙනද ඔෆිස් එන්නේ....තෙල් මිල ඉහල ගියාම වෙනමම ගානක් රජයෙන් කම්පැනිවලට දෙනවා කියලා හිතුවද පඩි ගෙවන්න.....පේන්නෙ නැද්ද රට යන විදිය.බිස්නස් හැම එකක්ම වැටිලා....මොනා නිසා පඩි වැඩි කරන්නද....අපි මේ එල්ලිලා යන්නෙත් අමාරුවෙන් ... පේන්නෙ නැද්ද......." ලොක්කා කබලට අඹ ඇට දැන්මා වගේ පුපුරගෙන පුපුරගෙන යනවා....

අනේ ඉතිං කාට කියන්නද මේ අවනඩු....

ඒ අස්සේ ලොක්කගේ කාමරේ තියෙන ටීවී එකේ ඇඩ් එකක් යනවා.

රටේ බදු වලින් ජීවිතේ ජයගත්තු අපි බදු ගෙවා රටට දායක වෙමු....

අනේ ඉතිං ..ඇහෙනකොටත්.....තවත් ඉතිං දායක වෙන්න තියෙන්නෙ ඇගේ තියෙන ඇදුමෙන් තමයි.....තව ටික දවසකින් ඒකටත් බදු ගහයි.....

එක වෙලාවක හිතෙනවා කෑ ගහලා කියන්න අපි හැමෝම හෙට ස්ට්‍රයික් කරමු කියලා.කවුරුත් රස්සාවලට නොයා ඉමු කියලා.එතකොට බස්වල යන්න මිනිස්සු නැති උනාම කොහොමත් බස් ස්ට්‍රයික් කරලා වැඩක් නෑ...සතියක් විතර හැම මිනිහෙක්ම රස්සා නොකර ස්ට්‍රයික් කාලානම් රටක් ඉතුරු වෙනවද කියලා පෙන්නන තිබ්බා.

ඒත් ඉතිං කොහොම කරන්නද.....
නියම ලිපියක්..

මධ්‍යම පංතියේ අය තම හැම පැත්තෙන්ම අසරණ වෙන්නේ...

1

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
16 May 2018 08:40 PM
  •  Quote
  •  Reply
private ජොබ් එකක් කරන අය මැරීගෙන වැඩ කරනවා රජයේ ආයතන වල බහුතරයක් හරි හමන් වැඩක් කරන්නේ නෑ ඉතින් ලාබ ලබයි ද ..මේ රට හැදෙයි ද පොඩි එකා ගේ ඉදන් ලොකු එකා දක්වා හොරකම ....
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
17 May 2018 01:51 AM
  •  Quote
  •  Reply
කතාව ඇත්ත්හ කොල්ලො
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
08 Jul 2018 10:05 AM
  •  Quote
  •  Reply
මධූ සහෝදරිත් නැහැ නේද මාසෙකින් විතර දැන්?
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below