Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 27 Jan 2018 04:22 AM by Jaani wasanthi හිරු බැසයන්නට මත්තෙන්... 17 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages Jaani wasanthiBasic MemberPosts:285 25 Jan 2018 10:15 AM Quote Reply හිරු බැසයන්නට මත්තෙන් ඔබ කිවයුතුමැයි මට සිතෙයි.... "අප්පච්චි,අප්පච්චිට මං ගොඩාක් ආදරෙයි'' "තාත්තෙ,තාත්තට මං ගොඩාක් ආදරෙයි" හිරු බැසයන්නට මත්තෙන්,හිතට ධෛර්යය අරන්,මේ වචන පහ මූණටම කියාගන්න 😘😘😘 1 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2018 10:53 PM Quote Reply හොඳ සිතිවිල්ලක්. කිව යුතු දේ බොහොමයි මේ ගැන. 1 Jaani wasanthiBasic MemberPosts:285 25 Jan 2018 10:56 PM Quote Reply මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 25 Jan 2018 10:58 PM Quote Reply ගතින් සමු දුන්නත් සිතින් සමු දෙන්න බැහැ නේද කවදාවත්? 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Jan 2018 11:41 PM Quote Reply මටත් තාමත් මේ වචන ටික කියාගන්න බැරිවුනා.. අම්මා අප්පච්චි ලගට ගියාම ඒ තරම් ධෛර්යයක් හිතට එන්නේ නෑනේ.. 1 Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 12:16 AM Quote Reply ඇත්ත මධුරංග කිව්වා හරියටම හරි.ගතින් සමුදුන්නත් හිතින් කවදාවත් නොමැකෙන ආදරය... Indika... මම ප්‍රාර්ථනා කරනවා ඔයාට ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. 0 Imalka HewageVeteran MemberPosts:4533 26 Jan 2018 12:28 AM Quote Reply මම මින් පෙර දැක නැති අදහස් පෙළක්.....මෙතැන නොලිව්වත් ...දහසක් වැඩ රාජකාරී අතරතුර බොහෝ දේ සිතුනා ඔබේ මේ පොස්ටුව දැකීමෙන්...හරි පුදුමයි..ඔබ ඉතා කෙටි කලකදී සැම හදවත් ස්පර්ශ කල ආකාරය 1 Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 12:50 AM Quote Reply ඉමල්කගෙ ඒ කොමෙන්ටුවටනම් ඇස්වලට කඳුළුත් ආවා.මම හිතන්නේ සතුටට.ස්ටන් ෆැමිලි එකේ ආදරණීයම හදවත් ටිකක් මටත් මුණගැහීමම ලොකු සතුටක් 0 chamara duleepMost Senior MemberPosts:13471 26 Jan 2018 06:02 AM Quote Reply හොද සිතුවිල්ලක්...වටිනා වචන ටිකක්.. 2 Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 06:28 AM Quote Reply ස්තූතියි චාමර 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Jan 2018 06:30 AM Quote Reply Posted By Jaani on 25 Jan 2018 10:56 PM මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග ජානි නංගි. ඔයාගේ තාත්තා ජිවතුන් අතර සිටියදී මේ වචන ටික කියා ගන්න පුළුවන් උනාද? ඒ කිව්වේ වැඩිහිටි වයසේදී? මගේ අත්දැකීම් සහ හිතන දේ ඉන් පසු කියන්නම්කෝ. 1 Sithara GodewattaSuper Senior MemberPosts:5335 26 Jan 2018 06:52 AM Quote Reply ඇත්තටම චුටි කාලේ අපි ඕක කොච්චර නම් කියලා ඇද්ද ,එත් ඇයි අපිට වැඩිහිටියෝ වුණාම ඕක කියන්න බැරි ? බොහොම ස්තුති ජානි ,හිතන්න යමක් නැවතත් 1 Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 09:30 AM Quote Reply මධුරංග අයියේ, මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා. කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි. ඒත් මම ඒක කියද්දි හොඳටම ප්‍රමාදයි. 0 Jaani wasanthiBasic MemberPosts:285 26 Jan 2018 09:34 AM Quote Reply ස්තූතියි රෝසී, මහා රූස්ස ගසක් පාමුල හැදුණු ළපටි පැලෑටි අපි.පුංචි කාලේ ගිරවු වගේ කියලා ඇති ඕන තරම්.ඒත් රෝසි කිව්වා වගේ ලොකු උනාම කියාගන්නම බැරිවුණා.මට බැරි වුණාම දැනුන දුකටමයි මේ අකුරු කළේ.ඔයාලට මතක් කරන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Jan 2018 08:28 PM Quote Reply Posted By Jaani on 26 Jan 2018 09:30 AM මධුරංග අයියේ, මට මේ වචන ටික අප්පච්චිගෙ මූණටම කියා ගන්න බැරිවුණා. කිසිම අසනීපයක් නැතිව හිටි අප්පච්චි එක දවසක හදිසියෙම හෘදයාබාධයක් නිසා අපිව දාලා ගියා අප්පච්චි නැතිවෙනකොට මම හිටියෙ දුර ඈතක.අපේ ෆැමිලි එකේ හැමෝම දන්නවා මම අම්මටත් වඩා ආදරේ අප්පච්චිට බව.අප්පච්චිත් එහෙමයි. ඒත් මම ඒක කියද්දි හොඳටම ප්‍රමාදයි. හරිම කණගාටුදායක අවස්ථාවක්.. අපි හැම දෙයක්ම හිතේ තද කරන් ඉන්නවා.. ඒවා වචනවලට පෙරලන්න කොතරම් අමාරුද.. 1 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Jan 2018 10:05 PM Quote Reply අපේ ලෝකයේ වීරයා, තාත්තා පමණයි.. නමුත් අපිට ඒක තෙරුම් යන්නනේ ගොඩක් ප්‍රමාදවෙලා. සමහර අවස්ථාවලදී අපිට මෙවැනි අවස්ථාවන් වලට මුහුණදෙන්න සිදුවෙනවා. මගේ තාත්තා මිය යන විට මමත් හිටියේ බොහෝ දුර බැහැර. මට ඒ අව්ස්ථාවට සහභාගි වෙන්න බැරිවුණා. බොහෝම වටිනා අදහසක්. 1 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Jan 2018 12:31 AM Quote Reply Posted By Jaani on 25 Jan 2018 10:56 PM මගේ හිරු බැස ගිහින් දැන් අවුරුදු තුනක් වෙනවා. 😌😌😌 ස්තූතියි මධුරංග මගේ හිරැ බැස ගිහින් අවු 12 1 Jaani wasanthiBasic MemberPosts:285 27 Jan 2018 04:22 AM Quote Reply අදහස් දැක්වූ අාදරණිය ඔබ හැමටම බොහොමත්ම ස්තූතියි ! ෂා හරිම කණගාටුයි සහෝ එ් ගැන . 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit