Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Nov 2016 09:16 AM by hasitha dhananjaya සර්පයන් ගැන අපි රැවටුන මිත්‍යා මත ඇතුලුව ලංකාවේ සර්පයන් ගැන දැනුවත් විය යුතුම කරුණු 35 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Dec 2015 09:58 PM ඔබටත් නොදැනී සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග.. කෙතරම් ව්‍යායාම කළත් ආහාර අඩුවෙන් ලබා ගත්තත් සිරුරේ බර දිගින් දිගටම වැඩි වීම බොහෝ දෙනාට ගැටළුවකි. මේ සඳහා හේතුව ඔබ ලබාගන්නා අඩු ආහාර ප්‍රමාණයට ඔබ ඇතුළත් කරගන්නා ආහාර වර්ග වල විය හැකියි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස නිහඬවම ඔබගේ සිරුරේ බර වැඩි කරවන ආහාර වර්ග කීපයකි. 01. ආහාර පිසීමේදී භාවිතා වන තෙල් වර්ග (cooking oils) බොහෝ cooking oils වර්ග වල අධිකව සිරුරට අහිතකර වන omega-6 මේද අම්ලයත්, සිරුරට වඩාත් හිතකර වන omega-3 මේද අම්ලය ඉතා සුළු වශයෙනුත් අඩංගු වේ. මෙම මේද අම්ල වල ඇති අසමතුලිතතාවය නිසා ගැටළු රැසක් ඇති වේ. ආහාර පිසගැනීමේදී ඔලිව් ඔයිල් හෝ සමබර මේද ප්‍රමාණයක් අන්තර්ගත වන cooking oils භාවිතා කරන්න. 02. සකස් කළ අධික තෙල් සහිත ආහාර වල ඇති මේදය මෙම මේද වර්ග මගින් සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවා හිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළයි. මේ මඟින් ආමාෂයික ප්‍රදාහය, බර වැඩි වීම, දියවැඩියාව හා අධික රුධිර පීඩනය ඇති කරවයි. මේවා අන්තර්ගත වන ආහාර වර්ග ලෙස ගැඹුරු තෙලේ බැදගත් ආහාර, ඇසුරුම් කළ ආහාර, ක්ෂණික ආහාර දැක්විය හැක. 03. සකස් කළ ආහාර හා රතු පැහැති මස් වර්ග රතු පැහැති මස් වල ප්‍රදාහය ඇති කරවන Neu5Gc නම් ද්‍රව්‍යක් අන්තර්ගත වේ. රතු පැහැති මස් හා සකස් කළ ආහාර මඟින් හෘද රෝග හා පිළිකා ඇති වේ. එමෙන්ම සිරුරේ බර වැඩි කිරීම සිදු කරවයි. 04. පැණි රස ද්‍රව්‍ය අධිකව සීනි සහිත ආහාර මඟින් දියවැඩියාව, දන්ත රෝග හා තරබාරුබව ඇති කරවයි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Dec 2015 09:59 PM මෙම උදරය ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු හදුනාගෙන උදරය අඩු කරගන්න.. උදරය ඉදිරියට නෙරා ඒම සියලු දෙනාටම ගැටලුවකි. විශාල උදරයක් ඇති පුද්ගලයින් බොහෝ විට ඉතා අපහසුතාවයන්ට පත් වේ. අප උදරය අඩු කරගැනීම සදහා ප්‍රතිකර්ම සොයනවා විනා මෙයට හේකු සොයා බැලීමට යොමු වන්නේ නැත. ඇත්තෙන්ම එය අත්‍යවශ්‍ය කරුණකි. මේ ලෙස විශාල උදරයක් ඇති වීමට හේතු කාරණා සොයා බැලීමෙන් එම වැරදි ක්‍රියාකලාපයන්ගෙන් මිදී සිටීමට හැකියාව ලැබේ. එසේම කෙතරම් උත්සාහ කළත් උදරය අඩු නොවීමට හේතුවද දැනගත හැකි වේ. මේ ලිපියෙන් ඒ ගැටලු වලට පිළිතුරු ලබා දෙමින් ජිම් ගියත්, ව්‍යයාම කළත් උදරය අඩු නොවීමට හේතු ගෙන ඒ. කියවන්න. 01. වැඩි වශයෙන් සැකසූ ආහාර හා ක්ෂණික ආහාර වලට යොමු වීම ඔබ බොහෝ විට ආපන ශාලා වල හො සුපිරි වෙළද සැල් තුළ විකිණීමට ඇති සකස් කළ ආහාර වලට යොමු වී ඇත. ඒ සදහා බොහෝ විට ඔබට හේතු ද දැකිවිය හැක. නමුත් මේ ආහාර වර් ඇත්තෙන්ම ශරීරයට අහිතකර වේ. මේවායේ ඉතා අඩු පෝෂ්‍ය පදාර්ථයන් ප්‍රමාණයක් අඩංගු වේ. ඒ වෙනුවට ඉතා අහිතකර වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වෙමින් උදරය විශාල කරවයි. ක්ෂණික ආහාර වලට ඉතා ඉක්මණින් ඇබ්බැහි වේ. මේ වෙනුවට අලුත් එළවලු හා පළතුරු වලට යොමු වන්න. 02. හොද පෝෂ්‍ය පදාර්ථයන් සහිත ආහාර වලින් ඈත් වීම සියලුම මේද වර්ග ඔබට අහිතකර නොවේ. මේ වැනි හොද මේද වර්ග ශරීරයෙන් කොලෙස්ටරෝල් ඉවත් කරවන අතර, උදරය ද අඩු කරයි. මේ ලෙස හොද මේද වර්ග අඩංගු ආහාර වන්නේ සැමන්, අලිගැටපේර, ඔලිව් තෙල්, walnut වැනි ඒවායි. 03. වැරදි ව්‍යායාම විශාල වශයෙන් ඉදිරියට නෙරා ආ උදරයක් හිමි පුද්ගලයෙකුට සාමාන්‍ය ව්‍යායාම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබ උදරය අඩු කිරීමට විශේෂ වූ cardio exercises හා weight training ක්‍රම අනුගමනය කළ යුතුය. 04. ඔබේ වයස අප වයසට යන විට පරිවෘත්තීය අනුපාතය අඩු වන අතර, මේද දහනය ද අඩාල වේ. විශේෂයෙන්ම උදරය ආශ්‍රිත මාංශ පේශීන්ගේ. මේ නිසා වයසින් වැඩි පුද්ගලයින්ගේ ආහාර වේලට වැඩි තන්තු ප්‍රමාණයක් ඇති ඕට්, ධාන්‍ය වර්ග හා පළතුරු එක් කරගත යුතුය. එමෙන්ම ව්‍යායාම කිරීම ද අත්‍යාවශ්‍යය. 05. මානසික පීඩනය අනෙක් ප්‍රධානතම හේතුව වන්නේ මානසික පීඩනයයි. රැකියාව නිසාවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ඇති වන පීඩනය මගින් කෝටිසෝල් හෝර්මෝනය වැඩියෙන් නිපදවයි. මේ හෝර්මෝනය මගින් උදරය ඉදිරියට නෙරා ඒම වැඩි කරවයි. එනිසා පීඩනයකින් තොරන හැකි හැම විටම සතුටින් සිටින්න. 06. අඩු නින්ද දිනකට පැය 8 ක් නිදාගත යුතුය. නමුත් මේ ප්‍රමාණයට වඩා අඩුවෙන් නින්ද ලබාගත් විට ඔබ මානසිකව පීඩාවට පත් වේ. එමෙන්ම පැණි රස හා අධික කාබෝහයිඩ්‍රේට අඩංගු ආහාර වලට යොමු වේ. මේ නිසා උදරය විශාල වී ඉදිරියට නෙරා ඒ. 07. හෝර්මෝනමය ගැටලු උදරය අඩු කරගැනීමට කළ හැකි මේ සියලු දේ කළත් තවමත් ප්‍රතිඵල නොලැබුණා නම් එය සමහර විට යම් රෝගී තත්වයක් විය හැක. බොහෝ විට එය හෝර්මෝනමය ගැටලුවක් විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුය. මෙම අභ්‍යන්තර ගැටලු වලට ප්‍රතිකර්ම කිරීම මගින් උදරය අඩු කරගැනීමට හැකියාවක් ලැබේ. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 28 Dec 2015 10:00 PM වැරදි ආහාර පුරුදු නිසා අනාගතයේ ඔබත් මේ ලෙස විඳවනවාද? අළුතෙන් සිතන්න නරඹන්න.. වැරදි ආහාර පුරුදු හා ජීවන රටා වලට ඇබ්බැහි වී ඇති අද දවසේ මිනිසුන්ගේ ඇස් ඇරවීම සඳහා The Strong For Life වෙබ් අඩවිය මඟින් නිපදවා ඇති මේ වීඩියෝව මොහොතක් නරඹන්න. මෙය ඔබගේ ආහාර පුරුදු පිළිබඳ නැවත වතාවක් අළුතෙන් සිතීමට ඔබ පොළඹවාලයි. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 28 Dec 2015 11:55 PM මේ ටික බැලුවම කෑම කන්නත් බයයි වගේ... 0 isuru sampathSuper Senior MemberPosts:7342 29 Dec 2015 08:23 AM අපි කන කෑම ගැන මීට වඩා හිතන්න ඕනේ . 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 29 Dec 2015 05:03 PM අපි කන බොන දෙයින් ලොකු වෙනසක් වෙනවා ඇගට 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 29 Dec 2015 05:18 PM බුදු අම්මො බයෙ බැහැ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 14 Jan 2016 10:35 PM අක්මාවේ මේදය තැන්පත් වීම හෙවත් Fatty Liver රෝග තත්වයට නිවසේදී කළ හැකි ප්‍රතිකර්ම.. අක්මාවේ ආබාධයන් ජීවිතයට අවධානමක් ඇති කළ හැක. අනෙක් අතට ඒවා මුල් අවධියේදීම සුව කරගැනීම මඟින් ඉන් ආරක්ෂා විය හැක. මේ ලෙස ඇති වන එක් ආබාධයක් වන්නේ අක්මාවේ මේද තැන්පත් වීම හෙවත් fatty liver තත්වයයි. අක්මාව තුළ මේද සෛල එකතු වීම මඟින් මෙම තත්වය ඇති වේ. මෙම සෛල අක්මා පටක වලට බලපෑම් කරන විට අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩාල වේ. මෙවිට අක්මාව ඉදිමේ. සාමාන්‍යෙයන් මේ තත්වය දැකිය හැක්කේ තරබාරු පුද්ගලයින් තුළය. නමුත් බොහෝ අවස්ථාවල කෙට්ටු පුද්ගලයින් ද මේ තත්වයට ගොදුරු වේ. ස්ථූල හා දියවැඩියාව ඇති අයට මෙය වැළඳීමේ අවධානම වැඩි ය. දියවැඩියාව, තරබාරුබව, අයහපත් ආහාර පුරුදු මෙන්ම ඇල්කොහොල් භාවිතය ද මෙයට හේතු වශයෙන් දැක්විය හැක. දිගින් දිගටම මේ තත්වයන් පැවතීම ජීවිත හානි පවා ගෙන දිය හැක. නමුත් මේ සඳහා ප්‍රතිකර්ම වලට යොමු වීම මඟින් මෙය සුව අතට පත්කර ගත හැක. මෙහි ඇති බැරෑරුම් සහගත බව වන්නේ රුධිර පරීක්ෂාවක් හෝ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන තෙක් මෙම රෝගී තත්වය වැළඳී ඇති බව හඳුනාගත නොහැකි වීමයි. මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍යය. මේ ලිපියෙන් ගෙන එන්නේ මේ තත්වයට නිවසේදීම කරගත හැකි ප්‍රතිකර්ම කිහිපයකි. 01. apple cider vinegar හා ජලය උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න. 02. දෙහි හා ජලය මාසයක් පුරා දිනපතා දෙහි දැමූ ජලය පානය කරන්න. දෙහි වල ඇති vitamin C මඟින් අක්මාවේ ඇති විෂ ඉවත් කරයි. එමෙන්ම අක්මාවේ ක්‍රියාකාරීත්වය ද ක්‍රමානුකූල කරවයි. 03. ග්‍රීන් ටී දිනපතා උදෑසන හා සවස ග්‍රීන් ටී කෝප්පයක් පානය කිරීම මඟින් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි කරවන බව අධ්‍යයනයන්ගෙන් සොයාගෙන ඇත. 04. කහ සහ ජලය උණුසුම් ජලයට කහ තේ හැන්දක් දමා දින 15ක් දිනකට දෙවරක් පානය කරන්න. කහ මඟින් අක්මාවේ මේදය තැන්පත් වීම වළක්වයි. 05. නෙල්ලි යුෂ නෙල්ලි වල ඇති vitamin C මඟින් අක්මාවේ ඇති විෂ ඉවත් කිරීම සිදු කරයි. නෙල්ලි යුෂ තේ හැන්දක් දින 25ක් සෑම උදෑසනකම පානය කරන්න. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Nov 2016 01:16 AM නියම විදිහට රැවුල බාන හැටි දන්නවද? දන්නෙ නැත්නම් මේ ටිප්ස් 10 කියවන්න මාස ගානක් තිස්සේ තිබ්බ පෑවිල්ල ඉවර වෙලා ඔන්න ටික ටික වහින්න ගන්නවා. වේලිලා ගිහින් ගහකොළ මැරිලා ගිහින් තිබ්බ පොළොවේ අලුතින් පැල එහෙම එක දෙක හැදෙන්න ගන්නවා. ඉතින් මෙහෙම හැදෙනකොට අර වහින්නේ නැති කාලේ වගේ එලි කරගන්න උවමනා වෙලා අපි කරන්නේ පිහියක් හරි මන්නයක් හරි අරගෙන අර කැලේ කපලා එලිකරලා දාන එක. රැවුල කැපිල්ලත් එහෙම තමා, පැහැපත්ව තියෙන මුහුණේ තැනින් තැන එන පුංචි කෙස් කොට එකින් එක එනකොට ඉක්මනින්ම මුහුණ ආපහු ෂේව් කරලා පැහැපත් කරගන්න තමා ගොඩක් අය බලන්නේ, තමන්ගේ අත්පා වලත් එන කෙස් සම්බන්ධයෙන් මේ කතාව එම සේම තමා. අපි මෙහෙම ෂේව් කරනකොට අපි කරන අතපසු වීම් තියෙනවා, ඒවා අපි ඉන්න තැන සහ යෙදෙන වැඩ අනුව වෙනස් වෙන්න පුළුවන්. මොනවා උනත් අපි මේ කියන්න හදන්නේ ඔයා ෂේව් කරනකොට ඔයාගේ අතින් වෙන්න පුළුවන් අතපසුවීම් වගේම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන තොරතුරුයි. 1. රේසරේ එක්ක ආස්සරේ “මේක තමා මම පාවිච්චි කරන රේසරේ! මේකෙන් එක දිගට මාස දෙකක් විතර ෂේව් කරන්න පුළුවන්” Source – ebay.com මෙහෙම කියන අපේ යාලුවෙක් හිටියා. මේ කියන්නේ යන්නේ ඒ යාලුවා ගැන නෙවෙයි. එහෙම රෙසරේ වැඩි කාලයක් භාවිතා කරන එක ඔයාට හොඳ නැහැ. හේතුව තමා. අපි එක වරක් භාවිතා කරලා පැත්තකින් තියෙනකොට එහි තියෙන තෙත ගතියට අපිට නොපෙනෙන දුහුවිලි, ජලය, මැරුණු සෛල කොටස් රෙසරයේ එකතු වෙලා තිබෙන්න පුළුවන්. එහෙම වුනොත් අපිට නොපෙනෙන බොහොම ක්ශුද්‍ර ප්‍රමාණයේ මලකඩ කොටස් රෙසරේ හැදෙන්නට ඉඩ තියෙනවා. ආපහු දින කිහිපයකින් ඔයා රැවුල කපනකොට මුහුණේ සම ආසාදනය වෙන්නේ නැහැයි කියලා කියන්න පුළුවන් කාටද? ඉතින් මෙන්න මේ නිසා ඔබත් හැමදාම රැවුල බාන කෙනෙක් නම්, සති දෙකකට වරක් වත් ඔයා පාවිච්චි කරන රේසර් එක මාරු කරන එක නුවනට හුරුයි. 2. රේසරේ කියන්නේ fb post එකක් නෙවෙයි. ඒ නිසා share එපා! Source – acne.com රේසරේ කියන්නේ විෂබීජ එක්රැස් වෙන තැනක්. අනික රේසරේ කියන්නේ තනි පුද්ගලයෙකුට වෙන් වුනු දෙයක්. මේක එකිනෙකා එක්ක බෙදාගන්න බැහැ. එහෙත් මෙහෙම දේවල් වෙනවා. අපි බෝඩිමක එහෙම ඉන්නකොට අපේ ආම්පන්න සහ ඇඳුම් පවා අපි යාළුවො එක්ක බෙදාගෙන පාවිච්චි කරනවා. මෙන්න මෙතැනදී තමා අවුල වෙන්නේ. ඔබ පාවිච්චි කරන රේසරේ ඔබේ යාලුවෙක් භාවිතා කරන වෙලාවක ඔබේ සමේ යම් ආසාදනයක් හෝ රෝගයක් තියෙනවා නම් ඔහුටත් රේසරේ හරහා එය වැළඳෙන්නට පුළුවන්. 3. මුලින් ෂේව් පස්සේ නෑම් එපා Source – ichoosegoodhealth.com මුලින් ෂේව් කරලා පස්සේ ස්නානයට යනවට වඩා ඔයා ස්නානය කලාට පස්සේ රැවුල කපන එක තමා අයිඩියල් ම. මේක වඩාත් ම ඇප්ලයි වෙන්නේ ඔයා උණුවතුරෙන් ස්නානය කරනවා නම් තමයි. හේතුව ඔයාගේ මුහුණ මත තියෙන අපද්‍රව්‍ය සහ දුහුවිලි ඉවත් වෙලා මුහුණ පිරිසිදු වුනාට පස්සේ ශේවින් ක්‍රීම් ඇප්ලයි කරලා රැවුල කපන එක තමා නිවැරදි ම ක්‍රමය වෙන්නේ. 4. ෂේවින් බුරුසුව වඩා හොඳයි Source – hespokestyle.com නිතරම ශේවින් ක්‍රීම් ආලේප කරන්න බුරුසුවක් භාවිතා කරන්න. ශේවින් ක්‍රීම් ආලේපය සඳහාම සකසලා තියෙන බුරුසු වෙළඳ පොලේ බොහොම අඩු මිලට මිලදී ගන්න පුළුවන්. මෙයින් තියෙන වාසිය මේකයි. මේ බුරුසුවෙන් ආලේප කරනකොට රවුල් ගස් අතරේ සහ තෙතමනය ඇති වෙන ආකාරයට ශේවින් ක්‍රීම් ආලේප වෙනවා. එහෙම වෙනකොට බොහොම ලේසියෙන් රැවුල කපන්න ඔබට පුළුවන්. අනික බුරුසුවෙන් ක්‍රීම් ආලේප කරනකොට පහත සිට ඉහලට රවුමට ක්‍රීම් ආලේප කරන්න. එහෙම වුනාම රවුල් ගස් අතරේ හොඳින් ශේවින් ක්‍රීම් ආලේප වෙනවා. 5. මුහුණ වියලිව තියෙනකොට ෂේව් එපා Source – shavingsecrets.com මේක අපි හැමෝම කරන අත්වැරැද්දක්. ඒවුනාට මෙයින් අපේ සමට වෙන හානිය හරිම ප්‍රබලයි. ඒ නිසා ෂේව් කරනකොට මොනවා හෝ ගැලපෙන ද්‍රාවණයක් යොදාගෙන ෂේව් කරන එක අනිවා ෆැක්ට් එකක් හරිය? 6. සබන් ගාලා ෂේව් එපා Source – paperblog.com කිසිම දෙයක් නැති වෙලාවක සබන් කියන්නේ නරක විකල්පයක් නෙවෙයි. එහෙත් සබන් පාවිච්චි කරලා ෂේව් කරන්න එපා. සාමාන්යෙන් අපි භාවිතා කරන බාත් සබන් වලින් බොහොම ඉක්මනින් සම වියලි වෙනවා. රැවුල කපන්න ඕනේ ශේවින් ක්‍රීම් එකක් භාවිතා කරලා. ඒ වගේම ශේවින් ක්‍රීම් එකත් ආලේප කරලා විනාඩි දෙකක් විතර තියන්න, එහි ඇති තෙතමනය සහ ලිහිසි බව රැවුල මෘදු වෙන්නට උදව් වෙනවා. 7. රැවුල බානකොට සහ බාන අතරේ Source – wikihow.com රැවුල බානකොට සහ බාන අතරේ රෙසරේ සැරින් සැරේ උණුවතුර භාජනයක් දමා විටින් විට සෝදමින් ගාන විට හරිම පහසුයි එවිට රෙසරේ අතරේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කර පහසු රැවුල කැපීමකට මග පාදනවා. 8. සමට තද කරලා ෂේව් එපා Source – welldresseddad.com සමහර අය ඉන්නවා එයාලා ෂේව් එකකට පස්සේ කොහේ හරි තුවාල වෙලා. මේකට හේතුව තමා ඔයා භාවිතා කරන දැලිපිහිය හෝ රෙසරේ සමට තද කරලා පහතට අදින එක. එහෙම වෙනකොට සම මත වෙන තෙරපුම සහ තලයේ තියෙන තියුණු බව නිසා පහසුවෙන් ම සම තුවාල වෙන්න පුළුවන්. 9. තදියමේ ෂේව් එපා Source – giphy.com කිසිම වෙලාවක හදිස්සියේ රේසර් එකකින් හෝ දැලිපිහි භාවිතා කරලා ෂේව් කරන්න එපා. මේකට හේතුව තමා, ඔයාගේ හදිස්සිය සමහර විට විශාල කරදරයක මුල වෙන්න පුළුවන්. අනික අපි හදිස්සියේ රැවුල කපනකොට පොඩි පොඩි තැන් අපිට මඟ හැරෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ නිසා රැවුල කපනකොට බොහොම නිස්කාන්සුවේ ඒ කර්තව්‍ය කරන එක තමා හොඳම විදිහ. අනික තමා රැවුල කපනකොට වැවෙන පැත්තට රෙසරේ අදින එක තමා හරි. විරුද්ධ අතට රැවුල බෑමේදී වඩාත් සිනිදුවට රැවුල කැපුනත් ඉන් සමට හානි වීමට ඇති ඉඩ වැඩියි. 10. රැවුල කැපීමේ පිළිවෙල Source – youtube.com රැවුල බාද්දි මුලින්ම කම්මුල් දෙපැත්තේ රැවුල තමයි ෂේව් කරන්න ගන්න ඕනෙ. ඉන් පසුව උඩු රැවුලත් අවසාන වශයෙන් නිකට සහ බෙල්ල ප්‍රදේශයේ රැවුලත් යන පිළිවෙලින් තමයි රැවුල බාගන්න ඕනෙ. නිකට සහ බෙල්ල ප්‍රදේශයේ රැවුල් ඝනත්වයෙන් වැඩි නිසා වැඩි වේලාවක් ෂේවින් ක්‍රීම් රැඳීමට ඉඩ සලස්වා රැවුල් ගස් සුමුදු කරගන්නටයි මෙහෙම කරන්නෙ. රැවුල කැපීමෙන් පසු ආෆ්ටර් ෂේව් හෝ ටෝනර් එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 03 Nov 2016 02:32 AM අපි වැරදි ක්‍රම ගොඩක් අනුගමනය කරලානේ... ස්තූතියි ලිපියට.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 03 Nov 2016 02:36 AM මමත් නිවරදි පියවර අරන් තියෙනවා 0 shanaka kelumSuper Senior MemberPosts:7332 03 Nov 2016 03:48 AM මම ගොඩක් දුරට රේසරය භාවිතා කරන්නේ නැහැ. මැෂින් එක තමා 0 Dushan ShyomalVeteran MemberPosts:2536 03 Nov 2016 08:08 AM මේක නම් ගොඩක් වැදගත් 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 03 Nov 2016 09:37 AM 01. apple cider vinegar හා ජලය උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න මේක නම් තව ගොඩක් රෝග වලින් මිදෙන්න ඇගට ගුණයි කියලා මන් අහලා තියෙනවා ,,අපේ ගෙදරත් බාවිතා කරනවා මේ විදියට දිනපතාම . හොද පොස්ට් දෙකක් අයියේ ,,බොහොම ස්තුති 0 hasitha dhananjayaSuper Senior MemberPosts:5795 03 Nov 2016 10:39 AM අයියගෙන් මසුරන් වටින පෝස්ට් දෙකක්...ගොඩක් ස්තූතියි අයියේ. පලවෙනි පෝස්ට් එක මට කියන්න බැරි තරම් වටිනවා. මොකද ඔය ප්‍රශ්නෙ මටත් තියෙන හින්දා..... 0 Sanduni kanchanaVeteran MemberPosts:2462 03 Nov 2016 02:22 PM ඔවා අහන්න අපට රැව්ල නෑනේ. මම ඒත් කියෙව්වා. 0 Danu LiyanageVeteran MemberPosts:3457 03 Nov 2016 11:24 PM අපට නම් ලොකු රැවුලක් නැහැ හැබැයි හැමදාම ලෙඩ දාගන්නව වැඩ කරන තැනින් තියෙන රැවුල වත් කපාගෙන වරෙන් කියලා. වටිනා විස්තරයක්. ස්තුති අයියේ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Nov 2016 02:16 AM Posted By සඳුනි on 03 Nov 2016 02:22 PM ඔවා අහන්න අපට රැව්ල නෑනේ. මම ඒත් කියෙව්වා. එහෙම කියන්නේ කොහෙමද රැවුල වැවෙනවනේ මහත්තයගේ ඉතින් එයාට කියල දෙන්න 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 04 Nov 2016 03:32 AM Posted By Rosi on 03 Nov 2016 09:37 AM 01. apple cider vinegar හා ජලය උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න මේක නම් තව ගොඩක් රෝග වලින් මිදෙන්න ඇගට ගුණයි කියලා මන් අහලා තියෙනවා ,,අපේ ගෙදරත් බාවිතා කරනවා මේ විදියට දිනපතාම . හොද පොස්ට් දෙකක් අයියේ ,,බොහොම ස්තුති slim wenawada dan ne neda akki mewata 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 04 Nov 2016 08:23 AM Posted By Poddi on 04 Nov 2016 03:32 AM Posted By Rosi on 03 Nov 2016 09:37 AM 01. apple cider vinegar හා ජලය උණුසුම් ජලය කෝප්පයකට apple cider vinegar බිංදු කිහිපයක් දමා මාස දෙකක් පමණ දිනපතා කෑමට පෙර පානය කරන්න මේක නම් තව ගොඩක් රෝග වලින් මිදෙන්න ඇගට ගුණයි කියලා මන් අහලා තියෙනවා ,,අපේ ගෙදරත් බාවිතා කරනවා මේ විදියට දිනපතාම . හොද පොස්ට් දෙකක් අයියේ ,,බොහොම ස්තුති slim wenawada dan ne neda akki mewata ඔව් slim වෙන්නත් හොදයි ,,තවත් හේතු ගොඩක් තියෙනවා නගෝ . 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner