You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Dec 2015 05:18 AM by  Rosi
ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි..
 3 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Dec 2015 10:22 PM

    ගිතෙල් මඟින් හිසකෙස් හා සමට සැලසෙන වාසි..

    ගිතෙල් යනු ඉන්දියානු ආහාර වේලකදී නොවරදින ද්‍රව්‍යයකි. ආහාර වල රසවත් භාවය වැඩි කරන හෙයින් ඉන්දියානුවන් සෑම ආහාරයකටම මේ ලෙන ගිතෙල් එක්කර ගනු ලබනවා. මේ ලෙස ආහාරයට එක්කර ගැනීම හැරුණුකොට ගිතෙල් වලින් සැලසෙන තවත් සුවිශේෂී වාසියක් වන්නේ හිසකෙස්  හා සමට ඉන් සැලසෙන වාසි යි. වියළි සමක් ඇති අයගේ සමේ ඇති වන සියළුමව ආකාරයේ ගැටළු වලට ගිතෙල් ප්‍රතිකර්ම සපයයි. ගිතෙල් සතුව සම දීප්තිමත් කිරීමේ හැකියාව පවතී. ඉන්දියානු කාන්තාවන් සතු දිදුලන සමට එක් හේතුවක් වන්නේ මේ ගිතෙල් ආහාරයට එක්කර ගැනීමයි. තොල් වියළීම වැනි තත්වයන්ට ද ගිතෙල් ප්‍රතිකාරයකි.

    11

    රූපලාවනයමය වාසි හැරුණුකොට ගිතෙල් මඟින් සෞඛ්‍යයට හිතකර වාසි ද සැළසේ. එය අහිතකර කොලස්ට්‍රොල් මට්ටම අඩු කරන අතර, හෘදය ආශ්‍රිත රෝග ඇති වීම ද වළක්වාලයි. ගිතෙල් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන බැවින් සමේ කාන්තිමත් භාවයට දායක වනවා මෙන්ම චර්ම සෛල වර්ධනය ද වැඩි කරවයි. මේවායේ කැරොටිනොයිඩ,  vitamins A හා E අන්තර්ගත වේ.

    මේ ලිපියෙන් තවදුරටත් ගිතෙල් මඟින් අපට ලැබෙන රූපලාවන්‍යමය වාසි පිළිබඳ තොරතුරු ගෙන ඒ.

    01. වියළ සමේ තෙතමනය ඇති කරයි.

    ගිතෙල් වල මේද අම්ල අන්තර්ගත වේ. මෙම මේද අම්ල මඟින් වියළි සමේ තෙතමනය ඇති කරවයි.

    ගිතෙල් ස්වල්පයක් ගෙන යම් තරමකට රත් කර මුහුණේ ආලේප කරන්න. මඳ වේලාවක් හොඳින් මසාජ් කර සෝදා හරින්න. මෙය වියළ සමට හොඳ ප්‍රතිකාරයකි.

    1

    02. සම සිනිඳු කිරීම

    සම සිනිඳු කිරීමට ගිතෙල් සතුව සුවිශේෂී හැකියාවක් පවතී.

    ජලය හා ගිතෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන හොඳින් බිලෙන්ඩර් කරගන්න. මේ මිශ්‍රණය මුහුණේ ආලේප කර ටික වේලාවකින් සෝදා හරින්න.

     

    2

     

    03. සම දීප්තිමත් කිරීම

    ගිතෙල් මඟින් සම පිරිසිඳු කරමින් සමේ තෙතමනය ආරක්ෂා කර දේ. මෙමඟින් වියළි  සම ස්වාභාවිකවම දීප්තිමත් කර දේ.

    එළකිරි හා ගිතෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන මුහුණේ ආලේප කර, ටික වේලාවකින් සෝදා හරින්න.

     

    3

     

    04. සම වියපත් වීම වැළැක්වීම

    ගිතෙල් යනු වියපත් වීම වැළැකිවීමට හොඳම විසඳුමකි.

    ගිතෙල් වලින් සම මසාජ් කිරීම තරුණ සමක් නැවත ලබා ගැනීමට හොඳම ක්‍රමයකි. ගිතෙල් සමේ සෙසල වල ගැඹුරටම කා වැදී චර්ම සෛල තරුණ හා නීරෝගී කිරීමට දායක වේ.

     

    4

     

     

    05. ඇස් වටා කළු වීම වළක්වයි

    නින්දට යාමට පෙර ගිතෙල් ඇස් යට ආලේප කිරීම ඇස් යට කළු වීමට හොඳම ප්‍රතිකර්මයකි. එමෙන්ම වෙහෙසකාරී ඇස් වලට සුවයක් ලබා දේ.

     

    5

     

    06. හිසකෙස් අග පැළීමට ප්‍රතිකර්මයකි. 

    වියළි හිසකෙස් වල ඇති ප්‍රධානතම ගැටළුවක් වන්නේ අග පැළීමයි. මේ ගැටළුට ද ගිතෙල් මඟින් විසඳුම් ලබා ගත හැක.

    ගිතෙල් සුළු ප්‍රමාණයක් රත් කර හිසකෙස් අගිස්සේ ආලේප කරන්න. පැයක් පමණ එසේ තිබෙන්නට හැර ෂැම්පු යොදා සෝදා හරින්න.

     

    6

     

    07. කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරයි.

    ගිතෙල් හා පොල් තෙල් සමාන ප්‍රමාණ වලින් ගෙන හිසකෙස් හොඳින් මසාජ් කරන්න. ටික වේලාවකින් සෝදා හරින්න.

     

    7

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    29 Dec 2015 10:23 PM
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    30 Dec 2015 12:03 AM
    අපො තව කොච්චර දෙවල් වලට ගන්නවා ..හොද ලිහිසි ද්‍රව්යක්නෙ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Dec 2015 05:18 AM
    ෂා ,,ගොඩක් වාසි තියෙනවා නේ . මන් හිතුවේ උයන්න විතරයි ගන්නේ කියලා.
    0
    You are not authorized to post a reply.