You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 May 2017 07:55 AM by  smt90
දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි
 53 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 3123 > >>
Author Messages

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
27 Dec 2015 09:19 PM

    අලිගැටපේර අපට ගුණදායී වන්නේ ඇයි?

    අපගේ ශරීරයට අත්‍යාවශ්‍ය පෝෂක වර්ග අඩංගු වන ආහාර වර්ග බොහෝ ඇත. ඒ අතරින් අලිගැටපේර වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අලිගැටපේර වල මැගිනීසියම්, පොටෑසියම්, vitamin C, vitamin K1, vitamin B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වේ. නමුත් බොහෝ දෙනා මේවායේ අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු යැයි යන විශ්වාසය මත අලිගැටපේර ආහාරයට ගැනීමෙන් වැළකී සිටී.

    8

    මේ ලිපියෙන් අලිගැටපේර වල ඇති පෝෂ්‍යදායී ගුණයන් පිළිබඳව මනාව පැහැදිලි කර දේ.

    01.  කෙසෙල් වලට වඩා පොටෑසියම් අඩංගු වේ. 

    පොටෑසියම් යනු පොහෝ දෙනෙක්ගේ සිරුරේ හිඟයක්ව පවතින පදාර්ථයකි. අලිගැටපේර වල ඔබට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණය අන්තර්ගත වේ. මෙය සිරුරේ රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමට ආධාර වේ.

    1

    02. තන්තු වලින් පරිපූර්ණ වේ. 

    අලිගැටපේර වල තන්තු බහුල වේ. තන්තු මඟින් සිරුරේ බර අඩු කිරීම, රුධිරගත සීනි ප්‍රමාණය අඩු කරන අතරම, බොහෝ රෝග වලට ඇති අවධානම ද අඩු කරයි.

    4

    03. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.

    දිනපතා අලිගැටපේර ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. එමෙන්ම මේවා මඟින් රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ හා LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අඩු කරයි.

    2

    04. පිළිකා නාශක ගුණය.

    අලිගැටපේර වල ප්‍රතිඔක්සිකාරකයන් අඩංගු වේ. මෙය සිරුරේ ප්‍රතිශක්තිය වැඩිදියුණු කරවන අතර, මේවා පිළිකාකාරක නිදහස් අංශු හා පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාව පවතී.

    3

    05. ආතරයිටිස්  වේදනාව සමනය කරයි.

    අධ්‍යනයන්ගෙන් හෙළි වී ඇත්තේ අලිගැටපේර වලින් ලැබෙන සංයෝගයක් මඟින්  ආතරයිටිස් රෝගය නිසා හටගන්නා වේදනාව මෙන්ම අස්ථි ඝන තද වීම නිසා ඇති වන වේදනාවන් සමනය වන බවයි.

    5

    06. වකුගඩු වලට හානි සිදුවීම වැළැක්වීම

    අලිගැටපේර වල ඇති ඔලෙයික් අම්ලය හා ප්‍රතිඔක්සිකාරක වකුගඩු වල හටගන්නා ආබාධයන්ට හොඳම ඔසුවකි. එමෙන්ම මේවායින් දියවැඩියාවෙන් අක්මාවට සිදුවන හානි ද වළක්වයි.

    6

    07. නීරෝගී ඇස් හිමි කර දේ.

    අලිගැටපේර වල lutein හා zeaxanthin යන සංයෝගයන් අඩංගු වේ. මෙම කැරොටිනොයිඩ මඟින් අක්ෂි කාචය පරිහානිය වළක්වයි.

    7

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Dec 2015 09:20 PM
    මමත් ආස කරන කෑමක්..
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Dec 2015 09:39 PM
    අලි ගැට පෙර ගැන තව කොහෙ හරි ලිපි තිබුනා මතකයි ..කමක් නැහැ කොයි තරම් කැවත් එපා වෙන්නෙ නැති නිස බැලුවත් ඒ වගෙ තමයි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    27 Dec 2015 11:18 PM
    අනිවා.. අලි පේර කියන්නේ රස ගුණ දෙකම ඇති කදිම පළතුරක්.. මේවා නිතර කෑමෙන් මහත් වෙනව කියලත් කියනවනේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    30 Dec 2015 05:48 AM
    මාත් ආසම කෑමක් ... හරිම ගුණයි කියලා දන්නවා වුනාට විස්තර දන්නේ අද නේ ..ස්තුති අයියා .
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    05 Jan 2016 10:43 PM

    හෘදය සුවපත් කරන ආහාර වර්ග

    නීරෝගී හදවතක් පුද්ගලයෙකුගේ ආයු කාලය දීර්ඝ කිරීමට දායක වේ. අද කාලයේ බොහෝදෙනා හෘදයාබාධ, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ව වලින් පීඩා විඳී. මෙයට ප්‍රධානතම හේතුවක් වන්නේ අප ගන්නා ආහාරයි. රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් බැඳී රුධිර වාහිනී සිර වීම සිදුවේ. මේ ලිපිය මඟින් ගෙන එන්නේ බෙහෙත් වර්ග වලින් ඈත් වී රුධිර වාහිනී පිරිසිඳු කරන ආහාර වර්ග කීපයක් පිළිබඳවයි.

    01. හාතවාරිය

    15-1442305823-asparagus

     

    මෙය  හෘදයේ පැවැත්මට හොඳම ආහාරයකි. තන්තු, ඛණිජ වර්ග හා ලේ කැටි ඇති වීම වළක්වන විටමින් වර්ග වලින් පරිපූර්ණ වේ.

    02. අලිගැටපේර

    15-1442305829-avocado

     

    ප්‍රෝටීන, විටමින් හා  තන්තු වලින් සමන්විත අලිගැටපේර හෘදයේ රුධිර සංසරණය ක්‍රමවත් වීමට දායක වේ.

    03. දොඩම්

    15-1442305863-oranges

     

    දොඩම් වල සෙමට එරෙහිව ක්‍රියා කරන විටමින් C බහුල වේ. එලෙසම දොඩම් වල රුධිර වාහිනී බිත්ති සවිමත් කරන හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන pectin තන්තු අඩංගු වේ.

    04. බ්‍රොකොලි

    15-1442305834-broccoli

    විටමින් K බහුල බ්‍රොකොලි රුධිර වාහිනී බිත්ති චූර්ණීකරනය වීමෙන් වළක්වනවා. එලෙසම ප්‍රතිඔක්සිකාරකයන්ගෙන් පොහොසත් බැවින් ආහාර පාලනය කරන්නන්ට වැදගත් වේ.

    05. කස කසා ඇට

    15-1442305840-chiaseeds

     

    තන්තු වලින් හා alpha-linoleni අම්ලයෙන් සමන්විත කස කසා ඇට ඔබගේ රුධිර වාහිනී කොලෙස්ටරෝල් වලින් තොරව පවත්වාගැනීමට දායක වේ.

    06. පොල් තෙල්

    15-1442305848-coconutoil

     

    මෙය විමතියට කරුණක් වුවත් පාලනයකින් යුතුව රුධිර වාහිනී තුල කොලෙස්ටරෝල් අඩු කිරීමට දායක වේ.

    07. දෙළුම්

    15-1442305869-pomegranate

     

    දෙළුම් නිරන්තරයෙන් පරිභෝජනය කරන්නේ නම් ශරීරය තුළ නයිට්රික් ඔක්සයිඩ් නිෂ්පාදනය  වැඩි වේ. දෙළුම් වල ප්‍රතිඔක්සිකාරකයන් බහුලව ඇත. මේවා මඟින් රුධිර නාලිකා තුළ වහනය ක්‍රමවත් වේ.

    08. කහ

    15-1442305877-turmeric

     

    Atheroclerosis යනු ධමනි බිත්ති ඝන වීම නිසා ඇති වන තත්වයකි. කහ භාවිතය මේ තත්වයන් අඩු කිරීමට දායක වේ.

    09. සියළු ධාන්‍ය වර්ග

    15-1442305882-wholegrains

     

    සියළුම ධාන්‍ය වර්ග වල තන්තු හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බහුලය. ඒවා රුධිර වාහිනී පිරිසිඳු කිරීමට බෙහෙවින් ඉවහල් වේ.

    10. මාළු

    15-1442305857-fattyfish

     

    මාළු ආහාරයට එක් කර ගැනීම මුළු ශරීරයටම ගුණදායී වේ. මාංශ පේෂී වර්ධනයට, මානසික සුවතාවයට මෙන්ම පෙනීම වැඩි කර ගැනීමටද වැදගත් වේ. මාළු වල ඇති Omega 3 මේදය රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් බැඳීම අඩු කරයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    06 Jan 2016 05:48 PM
    Thanks aiyye....
    akmawata beheth wattoruwak nadda?
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    07 Jan 2016 01:24 PM
    හොද ආහාර එකතුවක් .... හොද දැනුවත් කිරීමක් .ස්තුති අයියා
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    07 Jan 2016 07:05 PM
    Posted By maduranga001 on 07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )

    අල්ලපු වත්තට එබෙනවා වැඩියි දැන් ....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    27 Nov 2016 12:53 AM

    හෙළයන්ට දිව ඔසුවක් වූ කොත්තමල්ලි


    කොත්තමල්ලි නමින් හැඳින්වෙන ඖෂධීය පානය පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලාංකික අප කාගේත් සෙම්ප්‍රතිශ්‍යා උණ රෝගාබාධ සුව කර ඇති දිව ඔසුවකි. මෙයට ඇත්තේ දමිළ සම්භවයක් වුවද පසු කාලයේ දී එය ශ්‍රී ලංකාවටම පොදු අත් බෙහෙතක් බවට පත්වී ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධාන වශයෙන් ඇත්තේ කොත්තමල්ලි ඇට හා ජලය වන අතර බොහෝ විට වෙනත් සංඝටක කිහිපයක් ද එයට එකතු කරගනු ලැබේ.

    කොත්තමල්ලි පානයේ අඩංගු වන්නේ මොනවාද?

    කොත්තමල්ලි සාදාගන්නා ක්‍රම කිහිපයක්ම තිබේ. ඇතැම් ප්‍රදේශ වල මෙයට ගම්මිරිස් ඇට ස්වල්පයක් ද එකතු කරන බව ඇසුව හොත් පාඨක ඔබෙන් සමහරෙක් මවිතයට පත් වනු ඇත. කොත්තමල්ලි පානයේ ප්‍රධානතම සංඝටක වියලි කොත්තමල්ලි ඇට සහ ඉඟුරුයි. අවශ්‍ය නම් ඊට ගම්මිරිස් ඇට හෝ සීනි එක් කරගත හැකියි.

    කොත්තමල්ලි ඇට වල ඇති ඖෂධීය ගුණ

    කොත්තමල්ලි ඇට

    ප්‍රතිප්‍රදාහක ගුණ – කෝටර ප්‍රදාහය අඩු කිරීමට කොත්තමල්ලි වලට හැකියාව තිබේ.

    විටමින් C වලින් අධික වීම – සෙම්ප්‍රතිශ්‍යාවට විටමින් C වලින් හරියටම ඇති බලපෑම තවමත් සොයාගෙන නැති නමුදු විටමින් C හොඳ ප්‍රතිඔක්සිකාරකයක් බව කවුරුත් දන්නා දෙයකි. ප්‍රතිඔක්සිකාරක අපේ රුධිරයේ තිබෙන මුක්ත ඛණ්ඩක (පහතින් විස්තර කර ඇත) උදාසීන කරවයි. මුක්ත ඛණ්ඩක අපේ DNA සහ සෛල විනාශ කරවීමට සමත් වන අතර, අප ආතතියකට ලක් ව සිටින විට, දුම් පානය කරන විට, මත්පැන් පානය කරන විට සහ අධික හිරුඑළියට හෝ දුෂිත පරිසරයකට නිරාවරණය වූ විට ප්‍රමාණයෙන් ඉහළ යයි. මේ නිසා සෙම්ප්‍රතිශ්‍යාවක් නොමැති වුව ද ප්‍රතිඔක්සිකාරක අපේ ශරීරයට අතිශය වැදගත් ය.

    විටමින් B අඩංගු සංකිර්ණ වලින් පරිපූර්ණ වීම – විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවින්) සහ විටමින් B3 (නයසින්) වැනි සංකීර්ණ කොත්තමල්ලි වල අඩංගුය. විටමින් C ලෙසින්ම මේවායින්ද අපේ සෙම්ප්‍රතිශ්‍යාව සෘජුව සුව නොකලත් මෙම සංකීර්ණ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ගය. විටමින් B වර්ග අටක් තිබෙන අතර ඒ සියල්ල ආතතිය වළක්වන විටමින් ලෙස හැඳින්වෙන්නේ ඒවා අපේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කර ආතතියෙන් ඇතිවන හානියට එරෙහිව සටන් කිරීමට සහය විය හැකි බැවිණි. ප්‍රෝටීන් සහ විටමින් A සමඟ මුසු වූ විට ඉහත සඳහන් විටමින් B වර්ග 3ට අක්ෂිකාචයේ පටල බැඳීමට ඇති ඉඩකඩ ද අඩු කරවිය හැකියි.

    ඉඟුරු වල ඖෂධීය ගුණය

    ඉඟුරු
    ඉඟුරු

    ආහාර රුචිය ඉහළ නැංවීම – අසනීප වී සිටින විට ශරීරය දුබල තත්වයක පවතින බැවින් නොකඩවා ආහාර ගැනීම ඉතා වැදගත් ය. අධික සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙන විට සාමාන්‍යයෙන් ආහාර රුචිය අඩු වී යන අතර ඉඟුරු ස්වල්පයක් භාවිතයෙන් මෙය වළක්වා ගත හැක.

    ප්‍රතිප්‍රදාහක ගුණ – කොත්තමල්ලි ඇට මෙන්ම ඉඟුරු වලට ද කෝටර ප්‍රදාහය අඩු කිරීමට හැකියාව තිබේ.

    එපමණක් නොව ජර්මානු පර්යේෂණයකින් හෙළි වී ඇති පරිදි ඉඟුරු වලට දහදිය දැමීම ඉහළ නැංවිය හැකියි. ආසාදන වැලැක්වීමට සමත් විෂබීජ නාශක ගුණයක් දහඩිය වල අඩංගු වේ. මෙම සංයෝගය සහ එමගින් නිෂ්පාදනය වන ප්‍රෝටීනය සෑදීමට මුල් වන ජානය ඒකලිත කිරීමට පර්යේෂකයන් සමත්ව ඇති අතර ඔවුන් එය ඩ’මිසයිඩින් (dermicidin) ලෙස හඳුන්වයි. මෙය සිරුරේ ස්වේත ග්‍රන්ථි වල නිපදවෙන අතර දහඩිය මතට ශ්‍රාවය වී සම මතුපිටට පැමිණ ක්ෂුද්‍රජිවින්ගේ ආක්‍රමණ වලින් සහ E. coli හා Staphylococcus aureus (සමේ ආසාදන වලට විශාල වශයෙන් හේතු වේ) වැනි බැක්ටීරියා වලින් ද Candida albican වර්ග ඇතුළු දිලිර වලින් ද ආරක්ෂා කරගනී.

    ගම්මිරිස් වලින් ලැබෙන සහය

    ගම්මිරිස්
    ගම්මිරිස්

    සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස සඳහා ප්‍රසිද්ධම ආයුර්වේද ප්‍රතිකර්මය ගම්මිරිස් ය. අපේ ශ්වාසනාලයේ සිරවී තිබෙන සෙම් සොටු ආදිය ඉවත් කිරීමට සමත් ශ්ලේෂ්මහාරක ගුණයක් ගම්මිරිස් වලට තිබේ. එසේම එය කිවිසුම් යාම සහ කැස්ස ඇති වීම ඉහළ නැංවිය හැකි ස්වාභාවික උද්දිපකයක් වන නිසා සෙම් සොටු ආදිය ඉවත් වී යාමට එය උපකාර වේ. මෙහි ප්‍රතිබැක්ටිරිය ගුණාංග ද අඩංගු වන නිසා ආසාදන පමණක් නොව කෘමීන්ගේ සපාකෑම් වලින් ද ආරක්ෂා කරයි. විටමින් C මෙන්ම ගම්මිරිස් ද ප්‍රතිඔක්සිකාරකයකි.

    සෙම්ප්‍රතිශ්‍යාවේ පෙරළකුණු වලට එරෙහිව සටන් කිරීමට පමණක් නොව අපි එදිනෙදා ගන්නා ආහාර වේලට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ සපයා දෙමින් ඔබේ ප්‍රතිජීවක පද්ධතිය ශක්තිමත් කිරීමටත් කොත්තමල්ලි වලට මනා හැකියාවක් තිබේ. මින් පසු කොත්තමල්ලි පානයක් අතට ගන්නා විට මේ සරල පාරම්පරික ශ්‍රී ලාංකික පානයේ කෙතරම් ඖෂධීය සාරයක් අඩංගු දැයි සිහිකිරිමට අමතක කරන්න නොකරන්න.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    27 Nov 2016 09:51 AM
    මම අද කොත්තමල්ලි එකක් බිව්වා.
    මේ ටිකේ පොඩ්ඩක් සෙම ගතියයි.
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    27 Nov 2016 02:49 PM
    koththamalii aga niwana panayak .


    arayata nam allapu wachtha nathuwama ba wage
    0

    සඳුනි
    Veteran Member
    Veteran Member
    Posts:2462






    --
    27 Nov 2016 04:20 PM
    බොමු අපි කොත්තමල්ලි.
    ස්තුතියි සමන්ත මාමේ
    දිනයක වැටහේවී...........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    27 Nov 2016 07:33 PM
    කතාව ඇත්ත නමුත් කිසිම තැනකින් හරියට මෙ කොත්ත මල්ලි ගැන නියම ප්‍රචාරයක් යන්නෙ නැහැ ...මිනිස්සු එහි ගුන දන්නෙ නැහැ
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    28 Nov 2016 06:45 AM
    අපේ අම්මලා අපිට උණට හෙම්බිරිස්සාවකට උනත් බොන්න කියන්නේ ඉගුරැ කොත්තමල්ලි ටිකක් තම්බලානේ
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    02 Jan 2017 10:21 PM
    ලියුකේමියාව මතුවන අයුරු

    ලියුකේමියාව (Leukaemia) නමැති පිළිකා රෝගය පිළිබඳව අපි අසා ඇත්තෙමු ඇතැම් දෙනා මෙම පිළිකා රෝගයට පවසන්නේ ලේ වතුර වන රෝගය යෑයි කියාය.

    ලියුකේමියාව යනු කුමක්‌ද?

    අපගේ රුධිරය සෑදී තිබෙන්නේ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්‌ටිකා සහ ප්ලාස්‌මාව යන කොටස්‌වලිනි. රතු රුධිරාණු මඟින් අවශ්‍ය ඉන්ද්‍රියයන් වෙත ඔක්‌සිජන්a සපයනු ලබයි. සුදු රුධිරාණු මඟින් ශරීරය විෂ බීජවලින් ආරක්‌ෂා කරනු ලබයි. රුධිර පට්‌ටිකා මඟින් අනවශ්‍ය ලේ ගැලීම්වලින් ශරීරය ආරක්‌ෂා කරයි.

    මෙම රුධිර සෛල සහ රුධිර පට්‌ටිකා නිපදවන්aනේ අස්‌ථිවල මැද කොටසේ ඇති ඇටමිදුළුවලය. මේවා ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට පත්වේ.

    ඇට මිදුලුවල මුලින්ම නිපදවන්නේ නොමේරූ සෛලය. (Blast Cells) මෙම නොමේරූ සෛල ක්‍රම ක්‍රමයෙන් පරිණත සෛල බවට වර්ධනයවේ. සමහර අවස්‌ථාවලදී මෙම නොමේරූ සෛල සාමාන්‍ය පරිණත සෛල බවට වර්ධනය නොවේ. එවිට එම සෛල අසාමාන්‍ය සෛල බවට පත්වේ. මෙම අසාමාන්‍ය සෛල රුධිරයට එක්‌වූ විට ලියුකේමියා රෝගය මතුවේ.

    ලියුකේමියා රෝගය ඇති වීමට බලපාන හේතු මොනවාද?

    ලියුකේමියා රෝගය ඇති වීම සඳහා නිශ්චිත හේතු කිව නොහැකියි. ඇතැම් ජානගත රෝග ඇති පුද්ගලයිනට ලියුකේමියා රෝගය ඇති වීමට පවතින ඉඩකඩ වැඩිය.

    උදාහරණයක්‌ ලෙස ඩවුන් සින්ෙඩ්‍රාම් දරුවන් (Down Syndrome)හැඳින්විය හැකිය. ඊට අමතරව අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීමද පරමාණු අනතුරුවලට ලක්‌වී දිවි බේරාගත් අය පිළිකා සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගන්නා ඇතැම් ඖෂධ නිසාද පසුකාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව මතු විය හැකිය.

    HTLV නමැති වෛරස ආසාදනය නිසා පසු කාලීනව ඉතා කලාතුරකින් ලියුකේමියාව රෝගය මතු වන බව හෙළිවී ඇත.

    ලියුකේමියා වර්ග තිබේද?

    ප්‍රධාන වශයෙන් ලියුකේමියා වර්ග හතරක්‌ ඇත.

    ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා (Acute Lymphoblastic Leukaemia) සෙමින් වර්ධනය වන ලියුකේමියා (Chronic Lymphoblastic Leukaemia) සහ සුදු රුධිරාණු වර්ගය අනුව ඇති වන ලියුකේමියා වර්ග දෙකක්‌ ඇත. (Acute Myeloid Leukaemia) සහ Chronic Myeloid Leukaemia)

    කුඩා දරුවනට වැළඳෙන ලියුකේමියා අතර වැඩි ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන්නේ ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියාවය. Acute Leukaemia එයින් Acute Lymphoblastic ලියුකේමියාව බහුලව දැකිය හැකිය.

    ලියුකේමියා රෝග ලක්‌ෂණ මොනවාද?

    ඉතා ඉක්‌මනින් වර්ධනය වන ලියුකේමියා Acute Leukaemia වර්ග සහිත රෝගීන්ගේ රෝග ලක්‌ෂණ කෙටි කලක්‌ ඇතුළත දක්‌නට ලැබේ. එහිදී දින ගණනක්‌ පවතින උණ, කුද්දෙටි ඉදිමුව, ඇඟේ ලේ පැල්ලම් ඇතිවීම, විදුරු මස්‌, නාසය සහ මුත්‍රා මාර්ගයෙන් ලේ පිටවීම, ඇඟ සුදු මැලිවීම ආදී රෝග ලක්‌ෂණ දැකිය හැකිය.

    සමේ ආසාදන, බඩ ඉදිමීම, අසූචි තද කළු පැහැයෙන් පිටවීම, විදුරුමස්‌ ඉදිමීම හා පිරිමින්ගේ වෘෂණ ඉදිමීම වැනි රෝග ලක්‌ෂණද සමහර අවස්‌ථාවලදී දක්‌නට ලැබේ.

    සෙමින් වර්ධනය වන ලියුකේමියා රෝගවලදී (Chronic Leukaemia)) එම රෝගීන්ගේ රෝග ලක්‌ෂණ වසර දෙක තුනක්‌ යන තුරු දැකගත නොහැකිය.

    මෙවැනි රෝගීන් බොහෝ විට හඳුනා ගන්නේ වෙනත් රෝගාබාධ සඳහා පරීක්‌ෂා කරනු ලබන අවස්‌ථාවලදීය.

    නමුත් රෝගය පවතින කාලය තුළ අධික මහන්සිය, කුද්දෙටි ඉදිමීම, බඩ ඉදිමීම, හන්දිපත් අමාරුව ආදී රෝග ලක්‌ෂණ මතුවේ.

    ලියුකේමියා රෝගය හඳුනා ගැනීමට ඇති පරීක්‌ෂණ මොනවාද?

    පූර්ණ රුධිර පරීක්‌ෂාවකදී (Full Blood Count) ඇටමිදුලු පරීක්‌ෂාව මඟින්  (Bone Marrow Biopsy), කුද්දෙටි ඉදිමී ඇති අවස්‌ථාවලදී ලබා ගන්නා කොටස්‌ පරීක්‌ෂා කිරීමෙන් (Fine Needle Aspiration Biopsy) සහ සුෂුම්නා තරලය ලබාගෙන සිදු කරන පරීක්‌ෂණ මඟින් ලියුකේමියා රෝගය හඳුනාගත හැකිය.

    ලියුකේමියා සඳහා ඇති ප්‍රතිකාර මොනවාද?

    ලියුකේමියා සඳහා නිශ්චිත ප්‍රතිකාර සහ ආධාරක ප්‍රතිකාර ලෙස ප්‍රතිකාර ක්‍රම දෙකක්‌ භාවිතා කරයි.

    නිශ්චිත ප්‍රතිකාර ලෙස යොදා ගන්නේ පිළිකා නාශක ඖෂධය. කලාතුරකින් විකිරණ ප්‍රතිකාරද යොදා ගනී.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    03 Jan 2017 01:53 AM
    Posted By maduranga001 on 07 Jan 2016 06:43 PM
    01. හාතවාරිය


    ඊයෙත් කැඳ කෝප්පයක් බිව්වා අල්ලපු වත්තේ වටෙන් කඩාගෙන..
    හෘදයත් සුවපත් වුණා.. හරිම රසයි.. (අල්ලපු වත්තේ වැටේ හැදිච්ච නිසාද මන්ද. )


    … … … …අහල පහල වැල වැල වල කැද කොහොමත් රසයි බන්
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    03 Jan 2017 05:51 AM
    හොද දෙයක් අයියේ මේ ලේඩේ ගැන දැනුවත් කිරිමට
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    03 Jan 2017 06:45 AM
    හැමෝම දන්නේ ලේ වතුර වෙනවා කියන ලෙඩේනෙ.
    අපේ ගමේ හුගක් ඉස්සර පොඩි ලමයි දෙන්නෙක් මියැදුනා මේකෙන්.
    දැන් නම් ලියුකේමියාව අඩුවෙන් අහන්න ලැබෙන්නේ මේ පැති වල නම්.
    0
    You are not authorized to post a reply.
    Page 1 of 3123 > >>