Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 03 May 2017 07:55 AM by smt90 දුර ගමනක් ගියාම කකුලේ ඉදිමීමක් වෙන්නේ ඇයි 53 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 03 Jan 2017 06:59 AM ලියුකේමියාව පිලිබද යොමු කල ලිපියට බොහොමත්ම ස්තූතියි මේ දේවල් ගැන දැනගෙන ඉන්න එක හොදයි. යකඩ වලින් හැදිල ඉන්න මිනිස්සු නෙවෙයිනේ මේව අපිටත් හැදෙන්න පුලුවන් 0 indika76Most Senior MemberPosts:10457 03 Jan 2017 06:46 PM රෝග පිළිබඳව දැනුවත්ව ඉන්න එක හොදයි.. දැනුවත් භාවය නැති කමින් තමයි රෝග වර්ධනය කර ගන්නේ... 0 DanuLiyanageVeteran MemberPosts:3457 03 Jan 2017 09:25 PM බොහොම ස්තුති තොරතුරු වලට 0 samanthaMost Senior MemberPosts:13194 25 Jan 2017 09:53 PM නින්ද අඩුවීම නිසා ඔබේ සෞඛ්‍යයට සහ සාමාන්‍ය ජීවිතයට විය හැකි බරපතල හානි ගැන දැනුවත්වෙන්න “නැඟිටිනව ළමයො නිවාඩු කියල නිදියන්නෙ නැතුව නැඟිටල වැඩක් පලක් කරගන්නවා” වගේ කතා ඕනෙම ගෙදරකින් උදේකට ඇහෙන්න පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන දේ ඇහුවට පස්සෙ නම් ඔහොම කෑගහන්න කලින් අම්මලා සහ බිරින්දෑවරු දෙපාරක් හිතන එක නම් අනිවා . “නිදාගන්නෙත් පැය 4යි 5යි මචන්ල ඒ තරමට ලයිෆ් එක මාර බිසී” මෙහෙම කියන හුඟ දෙනෙක් අඩුවෙන් නිදාගන්න එක අමුතුම ලයිෆ් ස්ටයිල් එකක් කියල හිතාගෙන ලොකුකමට ඔහොම කියනව සහ ඒ බව ඔප්පු කරන්න එහෙම කරනව. හැබැයි ඉතින් එහෙම අයට කියන්න තියෙන්නෙ නොදැනුවත්වම ඔය කරගන්නෙ ලොකු වරදක් කියලයි. ඒ නිසා තමන්ගෙ වයසට අනුව අවශ්‍ය අවම නින්ද ගැන අවබෝධයකින් ඉන්න එක හුඟක් වැදගත්. නින්ද කියන්නෙ මිනිස් ශරීරයට අත්‍යාවශ්‍යම දෙයක් කියල කොයි තරම් කිව්වත් දහසක් වැඩ රාජකාරි එක්ක නින්ද නම් අපි අවශ්‍ය පමණ ලබාගන්නෙම නැති දෙයක්. දවස පුරා වෙහෙසෙන ඔබේ ශරීරයට විවේකයක් ලබාගන්න තියෙන එකම අවස්ථාව තමා මේ නින්ද. මේ නින්ද මොන තරම් වැදගත්ද කියනව නම් අනිවා අපි මේ ගැන මීට කලින් හොඳ නින්දකට ටිප්ස්, ඔබට සුව නින්දක් ලැබෙනවද නැද්ද, සුව නින්දකට ඔබට කල හැකි දේ කියල ලිපි කීපයක්ම කලා මතක ඇති. අද මේ කියන්නෙ යන්න නින්ද අඩු වීමේ භයානක කම ගැන. අඩු නින්ද ඔබේ ශරීරයට කරන්න පුළුවන් හානි ගැන ඔබ දැනන් හිටියද? මේ ටික කියෙව්වට පස්සෙ නම් ඔබ අනිවා ඔබේ නින්දට මීට වඩා තැනක් දෙන්න තීරණය කරාවි. 1. නින්ද නිසා වන අනතුරු Source – youtube.com හැමෝම දන්න සරල දේකින් පටන් ගමුකො. ඔබ වාහනයක් එලවන පුද්ගලයෙක් නම් නින්ද අඩුකම කියන්නෙ බොහොම භයානක දෙයක්. ඔබේ විතරක් නෙවෙයි ඔබ සමඟ වාහනේ ගමන් ගන්න අනිත් අයගේ ජීවිතත් අවදානමකට ලක් වෙනව. දුර ගමන් යද්දි රියදුරා එක්ක පොඩි චැට් එකක් දාගෙන යන්න පුළුවන් කථාවට බර කෙනෙක්ව ඉස්සරහ සීට් එකට නග්ගන්නෙ අන්න ඒ හින්ද. නින්ද අඩු වීමෙන් වාහනේක ඒකාකාරී ලෙස ගමන් ගනිද්දි ඉබේටම නින්ද යන්න පුළුවන්. එහෙම උන අනතුරු සහ ඒ නිසා උන ජීවිත හානි ගැන ප්‍රවෘත්ති ඕනෑ තරම්. 2. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම Source – abc.net.au කාලෙන් කාලෙට එන එක එක ජාතියේ වයිරස් උණ හෙම්බිරිස්සාවල්, කැස්සවල් වලට ඔබ නිරන්තරයෙන්ම ගොඳුරු වෙන කෙනෙක්ද? චුට්ටක් හිතල බලන්න ඔබ දවසකට නිදාගන්න ඕන පැය ගාණ සම්පූර්ණ කරනවද කියල. එහෙම නැත්නම් අනිවාර්යෙන් මේ දුර්වල ප්‍රතිශක්තිකරණයේ දෝෂය ඔබේමයි. වයස 17ට වැඩි සෑම වැඩිහිටියෙක්ම පැය 7ත් 9ත් අතර නින්දක් ලබා ගැනීම අනිවාර්යයි. 3. නින්ද අඩුකම අධි රුධිර පීඩනයටත් හේතුවක් Source – doctormurray.com පැය 5කට 6කට වඩා අඩු නින්දක් ලබන කෙනෙක්ට අධි රුධිර පීඩනය ඇති වීමේ අවධානමක් තියෙනව. ස්ට්‍රෙස් හෝර්මෝන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ සිරුරට ඇති හැකියාව නින්ද අඩු කම නිසා නැති වීම තුලින් හානිකර ලෙස ඔබේ රුධිර පීඩනය ඉහල යා හැකියි. අධි රුධිර පීඩනය ඔබේ හදවතට හොඳ නැති බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ නිසා නින්ද අඩුකම රුධිර පීඩනය, හෘද රෝග, හදිසි හෘදයාබාධ, දිය වැඩියාව වැනි රෝග රැසකට පාර කපනව. එකකට එකක් සම්බන්ධ ශරීරාංග එකක් ලෙඩ උනොත් අනිකටත් බලපෑමක් එල්ල කරනව. මේ නිසා සුව නින්දක් ලබා ගැනීම අනිවාර්යයි. <form> action="//aniwa.us12.list-manage.com/subscribe/post?u=d19bd7e240ed23c7ee4377b43&id=09491e0bf2" method="post" id="mc-embedded-subscribe-form" name="mc-embedded-subscribe-form" class="validate" target="_blank" novalidate="novalidate"> </form> <form> action="//aniwa.us12.list-manage.com/subscribe/post?u=d19bd7e240ed23c7ee4377b43&id=09491e0bf2" method="post" id="mc-embedded-subscribe-form" name="mc-embedded-subscribe-form" class="validate" target="_blank" novalidate="novalidate"> </form> 4. නින්ද අඩුයිද? මහත් වෙලාද? Source – eatthis.com නින්ද අඩුකමයි මහත් වීමයි අතර තියෙන්නෙ වෙනමම සම්බන්ධයක්. ඔබ වැඩක නිරත වෙලා ඉන්න වෙලාවක නිදිමතක් ඈලි මෑලි ගතියක් දැනුනොත් තේ එකක් කෝපි එකක් බීල පැණි රසට මොනාහරි කනවමනෙ. ඔය ඔෆිස් වල ඉන්න සමහරු නම් ලාච්චුවේ ටොෆි චොකලට් එහෙමත් හංගගෙන ඉන්නව නිදි මත වෙලාවක කටේ දාගන්න. අඩු නින්ද ඔබේ මොලයට ඔබ අවශ්‍ය තරම් ආහාර ගත්තායැයි අඟවන Leptin හෝර්මෝනය නිපදවීම අඩු කරන අතර ඔබේ කෑම රුචිය වඩවන Ghrelin කියන රසායනව වැඩි පුර නිපදවනව. ඉතින් මහත් වෙන එක අරුමයක් නෙවෙයි නේද? ඔබ පැය 7,8ක නින්දක් අනිවාර්යෙන් ලබන කෙනෙක් වෙලත් කෑම පාලනයකින් තොරව මහතයි නම් තව ටිකක් නිදාගත්ත කියල නම් ඔබ කෙට්ටු වෙන්නෙ නෑ. මේ කියන්නෙ නින්ද අඩුකම හින්ද එහෙමත් නැත්නම් නිසි ලෙස පැය 7ක නින්දක් සම්පූර්ණ නොකරන කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් ගැනයි. 5. ලිංගික ශක්තිය හීන කරවයි Source – eatthis.com නින්ද අඩුකම කියන්නෙ අනිවාර්යෙන්ම ඔබව විඩාබර කරන කාරණයක්. විඩාබර බව නිසාම නුරුස්ස්නා ස්වභාවයක් ඔබ තුල නිතරම දකින්න ලැබෙනව. මේ විඩාපත් බව ඔබේ ශක්තිය හීන කරවීම තුල ලිංගික සම්බන්ධතා කෙරෙහි ඔබේ උනන්දුව අඩු කරවනව. ලිංගිකව ක්‍රියාශීලී නොවීම ඔබව තව තවත් ශාරීරිකව දුර්වල වන්න කාරණයක්. 6. අඩු නින්ද දියවැඩියාවට අත වැනීමක් Source – netdoctor.co.uk මෙක දෙපැත්තටම බලපාන් කරුණක්. නින්ද අඩුකම දියවැඩියාවට බලපාන්නෙ වක්‍රාකාරව. අර කලින් කියපු විඩාබර බව, නිදිමත නැති කරගන්න ඔබ ගන්නා ආහාර ඔබට දියවැඩියාව ඇති වෙන තැනට කටයුතු කරන්න පුළුවන්. එ වගේම තමයි දිය වැඩියාව හැදුනු කෙනෙක්ට නම් නිතර නිතර රාත්‍රියටත් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයක් මතු වෙන්න පුළුවන් නිසා නින්දට බාධා ඇති වීම. එහෙම දියවැඩියාව තියෙන කෙනෙක් අඩු නින්දක් ලබන එකත් දියවැඩියා තත්වය වැඩි කරන්න හේතු වෙන්න පුළුවන්. 7. නින්ද අඩුකම ස්නායු පද්ධතියට එල්ල කරන බලපෑම Source – ninds.nih.gov ඔබේ නින්දේදී මොලය විසින් දවස පුරා ක්‍රියාකාරී ඔබේ මධ්‍යම ස්නායු පද්ධතියට විවේකයක් ලබාදී නව ස්නායු ක්‍රියාකාරිත්වයක් ඇති කරවනව. මෙයට ඔබ ඒ ගතවන කාලය නිදා ගැනීම අවශ්‍යයි. අඩුවෙන් නිදා ගන්න තරමට ඔබේ ස්නායු පද්ධතියට අවශ්‍ය විවේකය නොලැබෙනව. ඒ තුලින් විඩාපත් ස්නායු ඔබව මානසිකව ඇදවට්ටන්න බලනව වගේම ශාරීරිකව විඩාපත් කරනව. මේ නිසා ඇඟට පණ නැති කම ක්ලාන්තය වැනි රෝග ලක්ෂන මතු වීමත්, අවේලාවක අනතුරු සහිත තැනක මෙසේ සිදු උනොත් ඉන් වෙන්න පුළුවන් හානියත් වැඩියි. 8. මානසික ආතතිය Source – huffingtonpost.com නින්ද අඩුකම මානසික ආතතියේ ලක්ශණයක්. ඒ වගේම නින්ද අඩු කම නිසාම මානසික ආතතිය ඇති වෙන්නත් පුළුවන්. ඉන්සොම්නියා කියන රෝග තත්ත්වයත් මේ මානසික ආතතිය නිසා ඇති වෙන්න පුළුවන්. වෙහෙසකර බව, අවදානය යොමු කිරීමේ අපහසුතා, ගැටළු නිරාකරනය කිරීමේදී තීරණ ගැනීමේ හැකියාව මදකම වගේ මානසික ප්‍රශ්න බොහොමයකට නින්ද අඩුකම හේතු වෙන්න පුළුවන්. මේ නිසාම මානසික ආතති තත්ත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. 9. අවසාන වශයෙන් Source – steakbytes.com අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ඔබ හරි හම්බ කරන්නෙ සතුටින් ජීවත් වෙන්න. නමුත් ඒ හම්බ කිරිල්ල අතර තුර තමන්ගෙ සෞඛ්‍ය ගැනත් අනිවා හිතන්න. එහෙම නොවුනොත් ඔබට අවසානයේ හම්බ කරන සේසතම ලෙඩ දුක් වලට වියදම් කරන්න වෙන එක තරම් දුකක් නෑ. ලොකු දෙයක් නෙවෙයි දිනකට අවශ්‍ය තරම් නින්ද ලබාගන්න. යන්ත්‍රයකට උනත් දරාගන්න පුළුවන් කාලයක් සහ ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් කාලයක් තියෙනව. අපේ ශරීරයත් ඒ වගේ. ක්‍රියාත්මක කරල තියන්න පුළුවන් උපරිම කාලයක් තියෙනව. නිවාඩුවක් විවේකයක් නොදුන්නොත් ශරීර යන්ත්‍රය ලෙඩ දෙන්න ගන්නව. හිතන්නවත් ඉඩක් නොතියා ක්‍රියා විරහිත වෙලා යන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ සෞඛ්‍ය ඔබේ පළමු සම්පත කරගන්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 25 Jan 2017 10:15 PM දෙවියනේ කියලා මම නම් ගෙදර ඉද්දි නිදාගන්න පරක්කු උනාට දවල් 12 විතර වෙනකම් නිදාගන්නවා. රැට නිදා ගද්දි නම් රැ 3 විතර වෙනවා . කොහොම නමුත් වැදගත් විස්තරයක් ස්තුති 0 sha733Super Senior MemberPosts:7332 26 Jan 2017 01:01 AM Posted By DanuLiyanage on 25 Jan 2017 10:15 PM දෙවියනේ කියලා මම නම් ගෙදර ඉද්දි නිදාගන්න පරක්කු උනාට දවල් 12 විතර වෙනකම් නිදාගන්නවා. රැට නිදා ගද්දි නම් රැ 3 විතර වෙනවා . කොහොම නමුත් වැදගත් විස්තරයක් ස්තුති අපෝ ඒ නින්ද ගැනනං මතක් කරන්න එපා. අර සුරේෂ්ගේ ස්තූති කථාව හොදයි තව 0 chamaramindMost Senior MemberPosts:13471 26 Jan 2017 01:55 AM මටත් නින්ද යන්නේ නෑ.එක එක හීන පේනවා.වටිනා ලිපියක් මේක. 0 DushanVeteran MemberPosts:2536 26 Jan 2017 11:27 PM ස්තුති අයියේ මේ වටිනා ලිපිය අපිත් සමග බෙදාගත්තට 0 hasithadSuper Senior MemberPosts:5795 27 Jan 2017 04:58 AM මේ ගැන අපිට නම් හිතන්නම වෙනවා.මොකද අපිට පැය 5ක වත් නින්දක් නෑ. 0 සඳුනිVeteran MemberPosts:2462 27 Jan 2017 03:32 PM හි හී.. මටද මන්දා කිව්වේ... රෑට නින්ද නොයන එකයි මට තියෙ අවුල... 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Jan 2017 05:52 PM මෙක සදුනිට හොද ලිපියක් 0 ChandimaAdvanced MemberPosts:509 31 Jan 2017 11:02 PM ekanam atta office eke project eka nisa dan rata paya 4k wath hariyata ndagnna wenne naha. eke amuruwa dawlta tamai danenne. kama kana ekkawath dawlata hariyata karanna baha agama awulk wela wage 0 kingDVeteran MemberPosts:3342 31 Jan 2017 11:32 PM අම්මෝ දැක්කහම බයත් හිතෙනවා... අපිත් ඉක්මනටම මේ ලෙඩ වලට ගොදුරු වෙයි ද ? 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jan 2017 11:37 PM මඩුරනගයට හොදයි මෙ ලිපිය 0 madhawasAdvanced MemberPosts:973 31 Jan 2017 11:40 PM මොවවා නැතත් නිදා ගන්න එක නම් කරනවා . ස්තූතියි අයියේ විස්තරයට. 0 maduranga001Most Senior MemberPosts:14123 31 Jan 2017 11:51 PM Posted By Ind007ka on 31 Jan 2017 11:37 PM මඩුරනගයට හොදයි මෙ ලිපිය ඇත්ත. මේ ගැන මමත් දැනුවත් වෙලා ඉන්නෙ. දවල්ට වැඩ කරන්නම වෙනවා. ආයතන දෙකේම. දවල්ට වැඩ ඉවරකරගන්න බැරි උණොත් රෑට වැඩ කරන්නම වෙනව. ඩෙඩ් ලයින් ද අරවද මේවද නිසා. අනෙක US ටයිම් එකට ඉන්න වෙනව ක්ලයන්ට් ලාට අමතන්න. සමහර කාලවලට මේවට නෝ ඔප්ෂන්. සැප ගන්න පැය හත අටක් නිදා ගත්තොත් ඉතිං හබක් තමයි. අනේ මන්ද. රැවුලයි කැඳයි දෙකම බේර ගන්නේ කොහොමද කියල. නමුත් අනිවා මොනව හරි කරගන්න වෙනව. නැත්නම් දන්නෙම නැතිව මැරිලා වැටේවි. හැබැයි මේකේ කියල තියෙන පළවෙනි කාරණාව නිසාම තමයි මම රියදුරු මහත්මයෙක් ගෙනියන්නෙ දුර ගමන් යද්දී. යනෙන ගමන් නිදා ගන්න පුළුවන් නේ. මගේ යාලුවෝ කිහිප දෙනෙක්ම ජීවිතෙන් සමුගත්ත ඩ්‍රයිව් කරද්දී නින්ද ගිහිං. @තුෂාන් මලය- තුෂාන් මල්ලි කියල තියෙන ක්‍රමේ නම් වෙනස් කර ගනින් මලේ. උදේ 3 ට නිදා ගෙන දවල් දොළහට ඇහැරෙන එකේ රෑ එකොළහට නිදාගෙන උදේ හතට නැගිටහන්කෝ. ඉවරනේ. 0 සඳුනිVeteran MemberPosts:2462 01 Feb 2017 06:33 AM ඔන්න මම නම් මුර සේවය නවත්තලා රෑ නිදා ගන්න පටන් ගත්තා මේ ලිපිය නිසා 0 sha733Super Senior MemberPosts:7332 01 Feb 2017 07:13 AM තුෂාන් අපේ ගෙදර නැති දවසටනං මමත් වෙලාවට කලාවට අවශ්‍ය පැය ගාන නිදා ගන්නවා ඒත් ආපු දවසටනං අම්මපා 0 RosiSuper Senior MemberPosts:5335 01 Feb 2017 10:18 AM මන් නිදා ගන්න හරිම ආසයි ,එක නිසා නිදිමරන් නම් ඇහැරන් ඉන්නේ නැ ..නිදන්න මයි බලන්න පොඩ්ඩ බැරි වෙන්න හොද දැනුවත් කිරීමක් . 0 smt90Veteran MemberPosts:1736 01 Feb 2017 05:11 PM මේකනම් ගොඩක් වැදගත් ලිපියක්.... නිද්ද හරියට ලැබුනේ නැත්නම් ලෙඩ ගොඩකට මුල පුළුවන් තරම් රැ 12 ට කලින් නිදාගන්න පුලුවන්නම් ගොඩක් හොදයි... 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner