Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by Samantha Abayasekara රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 9 of 20 << < 7891011 > >> Author Messages Sithara GodewattaSuper Senior MemberPosts:5335 17 Dec 2015 05:18 AM උදෙන්ම බලන්න සුන්දර දසුනක් .. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 02:56 AM මේක සොයන්න.. නගරයේ නමින්ම මෙම පන්සල හඳුන්වනවා... ගඟත් මෙයටම සම්බන්ධයි... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Dec 2015 03:08 AM ලන්කාවෙ පින් කැට වලින් වැඩිම අදායමක් ලැබෙන්නෙ මෙතනට්ද අය්යෙ ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 03:22 AM Posted By Ind007ka on 21 Dec 2015 03:08 AM ලන්කාවෙ පින් කැට වලින් වැඩිම අදායමක් ලැබෙන්නෙ මෙතනට්ද අය්යෙ ? අනිවාර්යයෙන්ම... ගාලු කොළඹ යන සෑම කෙනෙක්ම මෙතනට කීයක් හරි දාලා තමයි යන්නේ... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Dec 2015 03:26 AM කළු පාටට කිට්ටු තැනක් ද කියන්න.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Dec 2015 06:31 AM කළු පාටින් තර වෙච්ච තැනක්.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 21 Dec 2015 08:49 PM ... කළුතර බෝධිය ... වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ. වර්තමානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර සාදන ලද ප්‍රාකාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්‍රිතාන්‍යයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්‍රධාන කොටස තාවකාලික භික්‍ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 21 Dec 2015 09:04 PM ස්තුත්යි නොදැන සිටි දෙයක් දුන්නට 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 21 Dec 2015 10:19 PM මේක කළුතර බෝධිය ගැන දැනගෙන හිටියත් එහි යටගියාව ගැන නම් දැනගෙන හිටියෙ නැහැ ඉන්දික76 අයියා කියන කම්.. අවුරුදු දෙදහසකටත් අධික කාලයක් තිස්සේ ප්‍රකෝටි ගණනක බැතිමතුන්ගේ වන්දනමනයන්ට ලක් වූ බෝධි වෘක්ෂයක් නේ කළුතර බෝ සමිඳු. බොහොම ස්තුතියි තොරතුරුත් සැපයුවට.. මම ගොඩක් කැමති ත්‍රෙඩ් එකක් මේක.. අපි නොදත් දේ දන ගන්න අතරවාරයේදීම ඒ ස්ථානවල පින්තුරත් දැක බල ගන්නට ලැබීම සතුටක්. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 21 Dec 2015 10:31 PM කුඩා වියේ සිට 90 දශකය දක්වා සෑම වසරකම මැයි 9 වෙනිදාට නොකඩවා අපේ පවුලේ සියළුදෙනාම කළුතර බෝධිය වඳින්න ගියා මතකයි. ඒ මගේ දෙමාපියන්ගේ විවාහ සංවත්සර දවස නිසා .... පසු කාලීනව අම්මාගේ ද්ණහිස් අමාරුවක් නිසා මේ ගමන මඟ හැරුණත් හැකි සෑම අවස්ථාවකම අපි මෙතැන වන්දනා මාන කලා. මගේ පියා නම් ඔහු මිය යන තුරුම මෙතැන ට යාම අතපසු කලේ නැහැ. මෑත කාලයේ ඔහු සෑම වසරකම මේ ස්ථානයේදී මරණයට කැපවුණ ගවයෙකු මෙතැනදී නිදහස් කලා. .. බොහොමත්ම ස්තූතියි මල්ලී මගේ මතකය නැවත අවධි කලාට. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 22 Dec 2015 02:57 AM ඇත්තටම මේක නං ගොඩාක් වටිනවා අයියේ මේ වගේ දේවල්වල පුරාණ විස්තර දැනගන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද මේ විස්තර දිහා බලනකොට හිතෙනවා ලංකාව ඇතුලේ තියෙන දේවල් වලින් අපි මොනවද දන්නෙ කියල. වෙලාවකට දුකත් හිතෙනවා අපි ගැනම 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 25 Dec 2015 10:30 PM මේ රූපය සොයන්න... මේක දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයට අයත් ස්ථානයක්.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 25 Dec 2015 11:53 PM මේ මෑත කාල යේ පිංතූරයක් නිසා හිතා ගන්න ටිකක් අපහසුයි.. 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 26 Dec 2015 12:23 AM දෙවිනුවර දේවාලය ද..? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 26 Dec 2015 12:33 AM මම නම් මේ පැත්තට ගිය කාලයක් මතක නැහැ.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Dec 2015 12:36 AM Posted By maduranga001 on 26 Dec 2015 12:23 AM දෙවිනුවර දේවාලය ද..? මධුරංග මල්ලි හරි... දෙවිනුවර (දෙවුන්දර) දේවාලය 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 26 Dec 2015 12:37 AM ... දෙවුන්දර විෂ්ණු දේවාලය ... මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා මාතර සිට කි.මී. 06ක් පමණ දුරින් පිහිටි දෙවිනුවර රජමහා විහාර භූමියේ ම මෙම උපුල්වන් දේවාලය පිහිටා ඇති අතර උපුල්වන් දෙවියන්ට කැප වූ දෙවොලක් සේ පිළිගැනේ. දප්පුල රජතුමා (ක්‍රි.ව. 660 – 644) උපුල්වන් දෙවියන්ට කැප කර කරවූ දෙවොල මෙය බවට විශ්වාසයක් පවතී. කෝට්ටේ අවධියේ රචිත සන්දේශ කාව්‍යයන්හි බෙහෙවින් මෙකී දෙවිනුවර උපුල්වන් දෙවොල පිළිබඳව සඳහන් වේ. උපුල්වන් දේවාලයේ ඇති දේව ප්‍රතිමා මෙන් ම සිතුවම් සුවිශේෂී වේ. අලුත්නුවර දෙවියන්, සමන් දෙවියන්, පත්තිනි දේවිය, වල්ලි අම්මා හා දෙවොල් දෙවියන්‍ගේ ප්‍රතිමා මේ තුළ දක්නට ලැබෙයි. දෙවොලේ අන්තරාලයේ හා පුදක්ෂිණා දශ අවතාර, ශිව, ගනේෂ, පත්තිනි, ශිව වටුක, ශිව තාණ්ඩව, රාශි දොළහ, නවග්‍රහ මණ්ඩලය ආදී සිතුවම් වේ. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2016 04:24 AM මෙන්න ඊළග රූපය... හැටන් නගරය අාසන්නව තියෙන්නේ... 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 14 Jan 2016 05:40 AM Devon waterfall da aiyya me . 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 14 Jan 2016 08:04 AM Posted By Rosi on 14 Jan 2016 05:40 AM Devon waterfall da aiyya me . ඔයා හරි නංගී. ඩෙවොන් ඇල්ල තමයි... 0 You are not authorized to post a reply. Page 9 of 20 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies