Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 31 Jul 2019 07:19 AM by Samantha Abayasekara රූපය හඳුනාගන්න.. 385 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 20 << < 678910 > >> Author Messages Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Dec 2015 09:27 PM Posted By indika76 on 08 Dec 2015 09:14 PM මෙන්න ඊලග රූපය... මේකේ පෙම්වතුන්ට සම්බන්ධ රූපයක් තියෙනවා.. (ඒක තියෙන්නේ මේ ගොඩනැගිල්ල ඇතුලත) ඒක දුටුවානම් කට්ටිය ටක් ගාලා කියවි.. ඉසුරුමුණිය 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Dec 2015 01:37 AM කො පෙම් යුවල ? 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Dec 2015 02:11 AM දැනුයේ වැඩ ඉවර වුනේ... මෙන්න පෙම් යුවල.. (අන්තර්ජාලයෙනි) 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Dec 2015 02:16 AM ... ඉසුරුමුණිය ... පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල (6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි) සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 09 Dec 2015 02:30 AM Posted By indika76 on 09 Dec 2015 02:11 AM දැනුයේ වැඩ ඉවර වුනේ... මෙන්න පෙම් යුවල.. (අන්තර්ජාලයෙනි) එක තම්යි හැන්ගිල ඉන්දලා තියෙන්නෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Dec 2015 05:02 AM ඉසුරුමුණි පෙම් යුවල ඉසුරුමුණිය මෑත කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත් වුයේ පෙම් යුවළ නමින් ප්‍රසිද්ධ ගල් කැටයම නිසයි. මෙය දැනට තවත් ගල් කැටයම් රැසක් සමග ඉසුරුමුණියේ පුරා විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. මෙම කැටයමෙන් දැක්වෙන්නේ සාලිය හා අශෝක මාලා බව සමහරුන්ගේ අදහසයි. එය ශිව හා පාර්වතී විය හැකි බව තවතක් අයගේ මතයයි. එහි දැක්වෙන්නේ මඤ්ජුශ්‍රී බෝධිසත්වයන්ගේ වේශයක් වන ස්ථිර චක්‍ර බවට ද මතයක් වී තිබේ. අන්තිමට සඳහන් මතය නිවැරදි සේ ගත හැකිය. ඉහත සඳහන් පෙම් යුවළ කැටයම බොහෝ දුරට ඉන්දුනිසියානු විශේෂයෙන් ජාවා මූර්ති සමග සැසදිය හැකිය. උර හිසට පිටුපස කඩුව පැළඳිම ද ඉන්දුනිසියාවේ ලක්ෂණයකි. ශ්‍රී ලංකාවේ කඩුව පළඳින්නේ ඉනේය. කඩුව හා එය වටා ඇති රැස් වළල්ල නිසා මේ කැටයම මඤ්ජුශ්‍රී බෝධිසත්වයින්ගේ ලෙස හැඳින ගෙන තිබේ. කඩුවෙන් සංකේතවත් වන්නේ ප්‍රඥාවයි. රැස් වළල්ල ප්‍රඥා ආලෝකය සංකේතවත් කරයි. ප්‍රඥාවට අධිපති මඤ්ජුශ්‍රී බෝධිසත්වයෝ ප්‍රඥාව නමැති කඩුවෙන් අවිද්‍යාව නමැති අදුර දුරු කරති. කලාත්මක අතින් ද භාව ප්‍රකාශනය අතින් ද ඉතා වැදගත් කැටයමකි පෙම් යුවළ. එය ඉන්දුනිසීයාවෙන් පැමිණි ගල් කැටයම් කරුවෙකුගේ නිර්මාණයක් විය හැකිය. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 09 Dec 2015 06:49 AM Sthuthi aiyya,,, 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Dec 2015 06:47 PM මේ රූපය සොයන්න.. මෙය මධ්‍යම කදුකරයේ පිහිටි ස්ථානයකි. ලෝකන්තය පිහිටා තිබෙනනේත් මෙම ස්ථානයේයි.. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 09 Dec 2015 09:49 PM Posted By indika76 on 09 Dec 2015 06:47 PM මේ රූපය සොයන්න.. මෙය මධ්‍යම කදුකරයේ පිහිටි ස්ථානයකි. ලෝකන්තය පිහිටා තිබෙනනේත් මෙම ස්ථානයේයි.. හෝර්ටන් තැන්න. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 09 Dec 2015 11:25 PM ... හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ... මහ එළිය හෙවත් හෝටන් තැන්න වනාහී දෙස් විදෙස් කාගේත් නෙත් සිත් ආකර්ශනය කළ ශ්‍රී ලංකාවේ පිහිටි අති සුන්දර භූමියකි. ඉමක් දැකිය නොහැකි ගෝලිය වස්තුවක් වූ මෙය ජෛව විවිධත්වයෙන් මෙන්ම පුරා විද්‍යාත්මක වටිනා කම අතින් ද ඉතා විශේෂ අසිරිමත් වූ ජාතික වනෝද්‍යානයකි. ලෝකාන්තය සොයා යන කෙනෙකුට අප රටෙ වෙනත් කිසිම පරිසර පද්ධතියක හමු නොවන අපූර්වතම හුදෙකලාවකින් යුත් සුන්දර තැනි තලාවක් හමු වෙයි. මෙම අති සුන්දර ජෛව විවිධත්වයෙන් යුතු වූ සීතල නුවර එළියේ පිහිටි වනෝද්‍යානය වනාහි හෝටන් තැන්නයි. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටි එකම ජාතික වනෝද්‍යානය වන හෝටන් තැන්න මහ එළිය නමින් මුලින්ම හඳුන්වා ඇති අතර මෙය ලංකාවේ පිහිටි උසම තැනි තලා භුමිය යි. මුහුදු මට්ටමේ සිට මීටර් 1200-2300 පමණ උසින් මධ්‍යම කදුකරයේ පිහිටා ඇත. එසේම නොයෙක් විද්වතුන් මෙය විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. එල්.සී කුක් (1930)නිරක්‍ෂිය වනාන්තර හා පහත් තණ බිම් කාණ්ඩයට ද, චැමිපියන් (1936) කදුකර වනාන්තර ලෙසට ද, චැප්ටන් (1947) නිවර්තන සදා හරිත වනාන්තර ලෙසට ද හදුන්වා ඇත. 1992 දී සිදුකරණ ලද පර්යේෂණවලට අනුව මෙහි ශාක විශේෂ 101 ක් පමණ ඇත. ඉන් 49 ක්ම ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ඒ වාය. බහුතරයක් හෝටන් තැන්නට පමණක් ආවේනික ඒවා වීම විශේෂ වුවකි. ඇතැමුන් මෙහි පොදු ශාකය ලෙස වල් කදුරු (innamounonalifolium) හඳුන්වන අතර ඇතැමුන් දඹ (Syzygium ravolutum) යැයි පවසති. හෝටන් තැන්නේ ශාක ඝනත්වය එනම් හෙක්ටර්යාර එකක ඇති ශාක සංඛ්‍යාව 2.861 කි. මෙහි පක්ෂීන් විශේෂ 98 ක් ද ක්ෂීරපායින් විශේෂ 14 ක්,උභය ජීවීන් විශේෂ 16-20 ක් පමණ ද, සමනල විශේෂ 40 ක් ද දැනට හඳුනාගෙන ඇත. 0 Sithara GodewattaSuper Senior MemberPosts:5335 10 Dec 2015 06:20 AM Man asama thank me .... Sthuthi aiyya. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 10 Dec 2015 07:52 AM 1980 දී පමණ මම බණ්ඩාරවෙල වැඩ කරපු කාලේ අපි ඔහියෙ ඉඳලා ගියා .. ගිහින් ලෝකාන්තය එහෙම බලලා එනකොට ගෝනෙක් මරලා හිටියා. බඩ හරියෙන් තමයි කාලා තිබුණේ. ඉතිං අපි මේ බව ඒ අසල තියෙන සංචාරක හෝටලයට දැනුම් දුන්නා. ඒතන අපේ ගිය කට්ටියෙ කෙනෙකුගේ යාලුවෙක් හිටියා. එයා කිව්වෙ ඔය ගෝනාව මරලා තියෙන්නේ දිවියා. ඌ එකපාරට මරපු ගමන් කන්නේ නැහැ. පස්සේ එයි කියලා. ඉතිං අපිට හෝටලයෙන් බෑග් එකකුත් පිහියකුත් දුන්නා මස් අරගෙන යන්න කියලා. ඊට පස්සේ අපේ කස්ටිය ඔපරේෂන් ඒක දුන්නා. හෝටලයේ යාළුවා කිවුවා ප්‍රවෙසමෙන් කර ගන්න, සමහරවිට දිවියා එන්න පුළුවන් , ඒ වගේම වන ජීවී එකෙන් දැක්කොත් දිවියා මැරුවා කියලා කියන්න බැරිවෙනවා කියලා. පස්සේ අපිඅට ඕනෑ තරමට අරගෙන බෑග් එකේ දාගේන අරගෙන චමරියට ආවා. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 10 Dec 2015 07:11 PM සමන්ත අයියටත් මාර අත්දැකිම් තමයි තියෙන්නේ... 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 10 Dec 2015 07:14 PM Posted By samantha on 10 Dec 2015 07:52 AM 1980 දී පමණ මම බණ්ඩාරවෙල වැඩ කරපු කාලේ අපි ඔහියෙ ඉඳලා ගියා .. ගිහින් ලෝකාන්තය එහෙම බලලා එනකොට ගෝනෙක් මරලා හිටියා. බඩ හරියෙන් තමයි කාලා තිබුණේ. ඉතිං අපි මේ බව ඒ අසල තියෙන සංචාරක හෝටලයට දැනුම් දුන්නා. ඒතන අපේ ගිය කට්ටියෙ කෙනෙකුගේ යාලුවෙක් හිටියා. එයා කිව්වෙ ඔය ගෝනාව මරලා තියෙන්නේ දිවියා. ඌ එකපාරට මරපු ගමන් කන්නේ නැහැ. පස්සේ එයි කියලා. ඉතිං අපිට හෝටලයෙන් බෑග් එකකුත් පිහියකුත් දුන්නා මස් අරගෙන යන්න කියලා. ඊට පස්සේ අපේ කස්ටිය ඔපරේෂන් ඒක දුන්නා. හෝටලයේ යාළුවා කිවුවා ප්‍රවෙසමෙන් කර ගන්න, සමහරවිට දිවියා එන්න පුළුවන් , ඒ වගේම වන ජීවී එකෙන් දැක්කොත් දිවියා මැරුවා කියලා කියන්න බැරිවෙනවා කියලා. පස්සේ අපිඅට ඕනෑ තරමට අරගෙන බෑග් එකේ දාගේන අරගෙන චමරියට ආවා. දබුලු ගිහින් තලගොයිත් මාරගෙන වගෙ 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 16 Dec 2015 08:31 PM මෙන්න ඊළග රූපය... මේක ගොඩක් අය දන්නව ඇති. ඒත් මේක නැතිව මේ ත්‍රෙඩ් එක වැඩක් නෑ.. 0 Indika KandanaarachchiMost Senior MemberPosts:12931 16 Dec 2015 08:47 PM අනෙ මම නම් දන්නෙ නැහැ ..අනෙ 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 16 Dec 2015 10:46 PM 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Dec 2015 03:04 AM මම හිතන්නේ මේ තියෙන්නේ ශ්‍රී පාදස්ථානය සමන්ත අයියාගේ නිවසට පේන විදිය වෙන්න ඕන.. 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 17 Dec 2015 03:04 AM ශ්‍රීපාදස්ථානය ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය. ශ්‍රීපාදස්ථානය බෞද්ධ, හින්දු, මුස්ලිම් මෙන්ම ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ද පූජනීය වන්දනා ස්ථානයකි. ප්‍රධාන ජාතීන් 4ක් එකට වන්දනාමාන කරන එකම කන්ද ලෙස ශ්‍රීපාදස්ථානය හැදින්විය හැක. ශ්‍රීපාද කඳු මුදුනේ කළු ගල් කුට්ටියක එක සමාන පා සළකුණු දෙකක් දැකිය හැක. ශ්‍රීපාද කන්ද අවට ප්‍රදේශය විශාල කඳු පන්ති වලින් වටවී ඇත. එහි අලි, කොටි ආදී සත්වයෝ මෙන්ම ඒකදේශික සත්ව විශේෂ ද ජීවත් වෙති. ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය. ශ්‍රීපාදස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම නිසා විවිධ ජන වර්ග තමන්ට ආවේණික නම් වලින් ශ්‍රීපාදස්ථානය හදුන්වති. බෞද්ධ ජනයා "ශ්‍රීපාද" යන නාමයෙන් මෙම පූජනීය කන්ද හඳුන්වති. එය පාලි භාෂාවෙන් නිර්මාණය වූ වචනයකි.බෞද්ධයන් විශ්වාස කරන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද කඳු මුදුනේ උන් වහන්සේගේ සිරි පතුල සලකුණු කොට ඇත. දමිළ වැසියන් ශ්‍රීපාදස්ථානය සලකන්නේ ඔවුන්ගේ දෙවි කෙනෙකු වන ශිව දෙවියන් පා සටහන සලකුණු කොට ඇති ස්ථානය ලෙසයි. නමුත් අනෙකුත් ජනයා විශ්වාස කරන්නේ ආදම් ලෝකයට පැමිණෙන විට ඔහුගේ පා සටහන කඳු මුදුනේ සලකුණු කොට ඇති බවය. ශ්‍රීපාදස්ථානය සමනළ කන්ද ලෙසද හඳුන්වයි. එසේ හදුන්වන්නේ සමනළයන් උන්ගේ වාර්ශික සන්ක්‍රමණයේ දී ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකන බැවිනි. සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයේ වාසය කරන බව සලකා "සමන්ත කූට" යන නමින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. මීට අමතරව "රත්නගිරි", "ස්වර්ගරෝහනම්" යන නම් වලින් ද ශ්‍රීපාදස්ථානය හදුන්වයි. 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 17 Dec 2015 03:28 AM Posted By indika76 on 17 Dec 2015 03:04 AM මම හිතන්නේ මේ තියෙන්නේ ශ්‍රී පාදස්ථානය සමන්ත අයියාගේ නිවසට පේන විදිය වෙන්න ඕන.. ඔව් මල්ලී මේ මහරගම අපි හිටපු ගෙදරට හිමිදිරි උදෑසනට පෙනෙන දසුනක්. මම දිනපතාම උදේ නැගිටපු ගමන් මේ දසුන බලන්න යනවා .. ඒත් හැමදාම මේ ආකාරයට බලන්න ලැබෙන්නේ නැහැ. කාලගුන තත්වයන් අනුව වෙනස්වෙනවා. 0 You are not authorized to post a reply. Page 8 of 20 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Hobbies