You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Jul 2018 11:02 PM by  Prasad Maduranga
මම රහස් පොලීසියෙන්
 65 Replies
Sort:
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Apr 2016 12:12 AM
මේක මරු ලිපියක්නේ..
හිනාත්යනව.. ඒ වගේම කරුණු දැනගන්නත් පුළුවන්..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
27 Apr 2016 12:38 AM
“පාසැල් වියේ සිදුවූ සුලු වරදකින් දරුවෙක් සිටින…”..............පට්ට පට පට
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
27 Apr 2016 02:18 AM
අපිත් සුළු සුළු වැරදි කරලා තියෙනව පොඩි කාලෙ. ඒත් ඒවායින් කොහොමද ළමයි හම්බවෙන්නෙ කියල මමත් මේ කල්පනා කොලේ.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Apr 2016 03:52 AM
පාසැල් වියේ මේ විදියට වැරදි උනානං එලියට බැස්සට පස්සෙ කොහොම වැරදි වෙන්න ඇත්ද

තව එකක් කියෙනවා
නිතියෙන් පමණක් සීමාවු කසාද
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Apr 2016 06:47 AM
Posted By sha733 on 27 Apr 2016 03:52 AM
පාසැල් වියේ මේ විදියට වැරදි උනානං එලියට බැස්සට පස්සෙ කොහොම වැරදි වෙන්න ඇත්ද

තව එකක් කියෙනවා
නිතියෙන් පමණක් සීමාවු කසාද
ඔව් නේන්නම් එහෙමත් එවා තියෙනවා.. නීතියට පමණක් සීමා වූ  විවාහ පිළිබඳව..
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
27 Apr 2016 08:20 AM
මරු කතා ටිකක්නෙ....
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
28 Apr 2016 04:05 AM
එහෙම සුලු සුලු වරදි කරල තියෙනවනං මධුරංග අයිය දන්නෙ නැතුවට ලමයි හම්බ වෙලා ඇති ඔය කොහෙ හරි
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
29 Apr 2016 10:55 AM
ඒවා සුලු වැරදි නම් මොනාදදන්නේ නැ බරපතල වැරදි
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
29 Apr 2016 11:49 AM
Posted By sha733 on 28 Apr 2016 04:05 AM
එහෙම සුලු සුලු වරදි කරල තියෙනවනං මධුරංග අයිය දන්නෙ නැතුවට ලමයි හම්බ වෙලා ඇති ඔය කොහෙ හරි
ඔහ්. අවුලක් නෑ මල්ලි. ඕවා සුළු වැරදි නෙ.

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 May 2016 01:42 AM
Posted By Rosi on 29 Apr 2016 10:55 AM
ඒවා සුලු වැරදි නම් මොනාදදන්නේ නැ බරපතල වැරදි

අපිනං දන්නෙ නැහැ
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
17 May 2016 09:09 PM

ගුවන් තොටුපලේ සහ වරායේ සේවය කරන මගේ මිත්‍රයෙක් ඉන්නව. (ඔහුගේ තනතුරු නාමය හරියටම මතක නෑ, ක්ලියරින් ඔෆිසර් හරි ඒ වගේ මොකක් හරි නමක්) අපි දෙන්නා දවසක් ඔහුගේ වාහනයේ යද්දි කෝල් එකක් එනව එයාට.

"හා හා එකක්ද? හරි හරි මං බලන්නං... නම එවපං"

කෝල් එක ඇහුවම මට හොල්මං.... මම යාළුවගෙන් ඇහුව "මොකද්ද හාහා එකක් කියන්නෙ?" කියල. එයා කියන විදියට කවුරුහරි කෙනෙක් එනව රට යන්න. එයාගෙ වැඩ ටික ඔක්කොම හරි. නමුත් හිතට මදිනෙ. මදිපාඩුවට දන්න කියන කෙනෙක් හොයාගෙන ගිහිල්ල එයාගෙ ඊනියා සහයෝගයත් ලබාගන්නව. තමන්ගෙ හිතවතා ඩියුටි ඕෆ් නම් මේ වැඩේ පවරනව යාළුවෙකුට. වැඩරාජකාරි එක්ක යාළුවන්ට කරදර කරන්නත් බෑනෙ. "ඔන්න මගේ අහවලා එනව... එයාගෙ විස්තර බලල පොඩ්ඩක් හිත හදල යවපං" කියන ඩියුටිය තමයි මේ "හා හා එකක්" කියල කියන්නෙ. මේ වගේ හාහා ඩියුටි සෑහෙන ප්‍රමාණයක් දවසකට ලැබෙනව.

මේ සීන්එක මතක්වුනේ ඊයෙ නෝන එයාගෙ ස්ටාෆ් එකේ කෙනෙකුට ගත්ත කෝල් එකක් මතක්වෙලා. නෝනගෙ යාළුවෙකුගෙ කවුදෝ කෙනෙක් ඔපරේෂන් එකකට මුහුණදෙන්න සූදානමින් ඉඳල තියනව. ඒ ලෙඩා ගැන පොඩ්ඩක් බලන්න කියල එවලේ ඩියුටි ඉන්න කෙනෙකුට කතාකරල කියනව මම අහගෙන.

"හා හා එකක්ද?" මම ඇහුව.

"මොකද්ද හා හා එකක් කියන්නෙ?" නෝනලා ඩැඩේ කලාට වචනෙ පාවිච්චි කරන පාටක් පේන්න නෑ වගේ.

කලාතුරකින් මටත් මේ වගේ හාහා ඩියුටි සෙට්වෙනව.

"මචං.... මම ඉන්නෙ උඹලගෙ ලයිසන් කවුන්ටරේ ලඟ.... වාහනේ ලයිසන් කරගන්න ආව.... පොඩ්ඩක් බලපං...."

එහෙම කිව්වම අපට තියෙන්නෙ ලඟට ගිහිල්ල ලියකියවිලි පරීක්ෂා කරල "ඔක්කොම හරි මචං.... ලයිසන්එක ගන්න පුළුවන්" කියල පිටට තට්ටුවක් දාල එන්න. පොලිසිය, ඉස්පිරිතාල වගේ තැන්වල මේක තදට යනව.

මේක මහලොකු සීන් එකක් නොවුනට හාහා එක ඇතුලෙ ති‍ය‍ෙන්නෙ ආයතනගත අවුලක් වගේම සමාජීය අවුලක්. එක පැත්තකින් ආයතනයකට ගිහිල්ල සේවාව ලබාගන්න සේවාදායකයා සතු ධෛර්ය අඩුකම පිළිබඳ අවුලක්. අනිත් පැත්තට, දන්නා හඳුණන කෙනෙක් නැතුව රාජකාරියක් කරගන්න බෑ කියන මට්ටමට ආයතනයක් පත්වීම පිළිබඳ අවුලක්.

http://nelumyaya.com/?p=5774
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 May 2016 07:57 AM
ඇත්ත තමයි.කොහෙ ගියත් උදව්වක් නැත්නම් වැඩේ කරගන්නවා බොරු.
0

Dushan Shyomal
Veteran Member
Veteran Member
Posts:2536






--
18 May 2016 09:17 AM
හි හි මේක නම් ඇත්ත තමයි හරියට හිතල බැලුවොත් නම්
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
24 May 2016 09:06 PM

කට කහන වයිෆ් කතා

woman-shouting

මේ කතාව මේ ඊයේ පෙරේදා දවසක අපේ ඔෆිස් එකේදි වෙච්චි කතාවක්. මේක උණු උණුවෙම ඉස්සෙල්ලාම දැම්මේ නම් ඔන්න මූනු පොතේ. ඒත් ඉතින් මේ බ්ලොග් එකකුත් වේලි වේලි තියෙන වෙලේ ඔන්න ඔහේ කමක් නෑ කියලා මේක බ්ලොග් එකේම ලියලා දාන්න කියලා හිතුවා ඒ කතාවෙම පොඩි එක්ස්ටෙන්ෂන් එකකුත් එක්කම.

ඔන්න ඉතින් කතාව යන්නේ මෙන්න මෙහෙම.

මගේ ඔෆිස් එකේ ඉන්දියන් යාළුවෙක් ඉන්නවා ශුබ්රත් ෂෙට්ටි කියලා. කෑම බීම ගැන හරිම සැලකිලිමත් හාදයා. තෙල් කෑම, සීනි වැඩියෙන් තියෙන කෑම වගේ දේවල් කන්නෙම නෑ. කොටින්ම කඩෙන් කනවා කියන එක තරම් මිනිහට එපා කරපු වෙන දෙයක් නෑ. ඒක නිසා පොර වරද්දන්නේ නැතිවම හැමදාම ගෙදරින් කෑම ගේනවා. මොකද ඔය කඩ කෑම ඇඟට හරිම අගුණයි, ඔය මස් ජාති එහෙම ෆ්‍රෙෂ් නෑ කියලා තමයි ඌ කියන්නේ. මෙන්න බොලේ දැන් දවස් දෙක තුනක විතර ඉඳන් මෙන්න මූ අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙන ෆුඩ් කෝට් එකෙන් කනවා. ඔන්න ඉතින් මමත් අහලා බැළුවා මොකක්ද මූට මේ හිටපු ගමන් හැදිච්ච ගිරහ මාරුව කියලා. අනේ ඉතින් මෙන්න මූ කියනවා වයිෆ් දවස් දෙකක් තිස්සේ ඌත් එක්ක තරහා වෙලා කියලා. තරහ වෙච්ච හේතුව මොකක්ද කියලා දැන ගත්ත ගමන් මේක නොලියන කට කහන කතා බ්ලොග් එක මොකටද කියලත් හිතුනා.

කොහොමින් කොහොමහරි ඔන්න ඉතින් තරහා වෙලා තියෙන්නේ ඊට කලින් දවසේ රෑ හදපු චපාපති වල ප්‍රශ්නයක් නිසා. ශෙට්ටියගේ වයිෆ් අතින් චපාති වලට ලුණු වැඩි වෙලා හොඳටම. ශෙට්ටියා ගෙදර ඇවිත් රෑ කන්න හදනකොට චපාති කටේ තියන්නවත් බැහැල්ලු. චපාති කන්න මිසක් හදන්න දන්නේ නැති ශෙට්ටියා මොකද කරල තියෙන්නේ වචනයක් වත් කියන්නේ නැතිව අහල පහල කඩේකින් චපාති ඕර්ඩර් කරලා ගෙදර හැමෝම එක්ක කාලා.

ඔන්න රෑ නිදිය ගන්න යන්න හදනකොට වයිෆ් ඉන්නවලු බුම්මගෙන, වචනයක්වත් කතා කරන්නේ නැතිව. අනේ ඉතින් මූ ඇහුවලු ඇයි ඔයා ඔය අප්සෙට් එකෙන් ඉන්නේ කියලා. ඔන්න ඒ පාර වයිෆ් කියනවලු,

“ඔයා දැන් හරියට වෙනස් වෙලා, ඉස්සර වගේ නෙමෙයි. වෙනදට චපාති වලට මෙහෙම උනානම් ඔයා ගෙදර මහ ගෝරියක් දානවා. මට පැය ගාණක් බනිනවා. දැන් ඔයා එහෙම කරන්නේ නෑ…… ඔයා හරියට වෙනස් වෙලා…….”

එහෙම කියලා ගෑනි ඌත් එක්ක තරහා වෙලා චපාති වලට ලුණු වැඩි වෙච්ච එකට එයාට බැන්නේ නෑ කියලා.

ඔන්න ඕකයි ශෙට්ටියට දවස් ගාණක් කඩෙන් කන්න සිද්ද වෙච්චි හේතුව……..

අර කතාවක් තියෙනවනේ සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඕනේ නම් බිරිඳට අසීමිතව ආදරේ කරන්න හැබැයි ඇයව පොඩ්ඩක්වත් තේරුම් ගන්න යන්න එපා එතකොට පිස්සු හැදෙයි කියලා…..

ඉතින් කතාව ඔහොම යන අතරේ මම ශෙට්ටියගෙන් ඇහුවා මීට කලිනුත් උඹේ වයිෆ් ඔහොම දවස් ගාණක් තරහා වෙලා උඹට කඩෙන් කන්න සිද්ද වෙලා තියෙනවද කියලා. ඔන්න ඒ පාර ශෙට්ටියා කියනව අපොයි ඔව්, මේ වගේ ඕන තරම් වෙලා තියෙනවා. අන්තිම පාරට උනේ දැනට මාසෙකට විතර කලින්. එදා මොකක් හරි පොඩි හේතුවකට මම ගෙදර යන වෙලාවේ අපේ අනීට (ශෙට්ටිගේ වයිෆ්ගේ නම අනීටා ) කේන්ති ගිහිල්ල හිටියේ. ගෙදර ගිය ගමන් මාත් එක්ක රණ්ඩුවකට පැටලුනා. ඉතින් ඔහොම මට බැන බැන ඉන්න කොට අනීටා කිව්වා, “ශුබ්රත් ඔයාව බඳින කාලේ මම හරිම මෝඩ කෙල්ලෙක්” කියලා, අනේ ඉතින් මමත් කිව්වා, “අනේ ඒක තමයි අනීටා, මටත් ඒක ඒ දවස්වල පෙනුනේ නෑනේ, මොකද මම ආදරෙන් අන්ධ වෙලා හිටපු නිසා ඔයා මෝඩයි කියලා මට තේරුනේ නෑ….” ඔන්න ඉතින් ඔය කතාවට මම දවස් හතරක් කඩෙන් කෑවා…..

ඔන්න ඉතින් ඒ කතාවෙන් කියවෙන්නේ කවදාවත් වයිෆ් කෙනෙක් තමන් ගැන කියන කමෙන්ට් වලට හූ මිටි තියලා කන්ෆර්ම් කරන්න යන්න එපා කියලයි.

ඔෆිස් එකේ ලන්ච් රූම් එකේ මේ කතාව වෙනකොට ඔන්න අපිත් එක්ක වැඩ කරන ඉමාද් කියන එමරාටි ඔටුවෙක් (මෙහේ ලෝකල් අරාබියන්ට කියන්නේ එමරාටීස් කියලා ) කතාවට සෙට් උනා. ඉමාද්ට අවුරුදු 36ක් විතර උනාට මේ වෙනකොට ඌට වයිෆ්ලා තුන් දෙනෙක් ඉන්නවා. ඌ ඉඳන් කියනවා, “උඹලට නම් හොඳයි, ඒත් අපි කසාද බැඳල ඇඳට යනකන් හරියට වයිෆ්ව අඳුනන්නේ නෑ….” ( මොකද උන්ගේ කසාද බැඳිල්ල ගොඩක් වෙලාවට සෙට් කරන්නේ පවුලේ වැඩි හිටියෝ. බඳිනකම් හරියට ගෑනිත් එක්ක කතා බස් කරන්නවත් හම්බවෙන්නේ නෑ. මගුල් දවසෙත් පොඩි වෙලාවකට විතරයි හරියට ගෑණිව දකින්නේ. )

ඔන්න ඒ පාර ශෙට්ටියා ඉඳන් කියනවා, “මොන පිස්සුද ඉමාද්, අපේ කියලත් ඕකේ ලොකු වෙනසක් නෑ. දැන් බලන්න මම අපේ අනී එක්ක යාළුවුනේ කොලේජ් යන කාලේ (මෙහේ කොලේජ් කියන්නේ විශ්වවිද්‍යාලෙට ). බඳින්න කලින් අවුරුදු 6ක් ආදරේ කලා. බැඳලා දැනට අවුරුදු 10ක් වෙනවා. ඒත් තාම මම අනීව අඳුනන්නේ නෑනේ…., උඹ නම් උඹේ ගෑණුන්ව පළවෙනි දවසෙම ඇඳේදිම අඳුනගත්තා……” කියලා.

ඔන්න ඒපාර ඉමාද් බුවත් තත්පර කීපයක් කල්පනා කරන්න පටන් ගත්තා. දැන් නම් ඌටත් ෂුවර් නෑ වගේ ඌ ඇත්තටම උගේ ගෑණු තුන්දෙනාව අඳුනනවද කියලා.

ඒ අතරේ ඔන්න මම ඇහුවා ඉමාද් ගෙන් ශෙට්ටිට වගේ උඹට කඩෙන් කන්න වෙලා නැද්ද කියලා. ඒ පාර ඌ කියනවා මම විතරක් නෙමෙයි බන්, ගෙවල්වල ඉන්න ගෑණු තුන්දෙනත් කන්නේ කඩෙන් කියලා…….

අනේ ඉතින් මෙහෙමත් ඔටුවෝ, ගෑණු තුන් දෙනෙක් ඉඳලත් කන්නෙ කඩෙන්. ඒකට මුන් ලංකාව වගේ රටකින් වැඩට ගෑණු ගෙන්න ගත්තම ගෙදරින් විතරක් නෙමෙයි උන්වත් මරාගෙන කනවා. (එහෙම කිව්වට ඇත්තටම ඔරොජිනල් එමරාටි ඔටුවෝ හරි කරුණාවන්තයි. එහෙමත් එකෙක් තමයි නසරාණියෝ ඉන්නේ.)

“හැබැයි මගේ වයිෆ්ලා නිසා මම දවස් තුනක් කාර් එකේ නම් නිදාගෙන තියෙනවා…..” මෙන්න ඔටුවා කියපි,

ඔන්න ඉතින් ඒ කතාවත් ඇහුවේ නැත්නම් හිතට හරි නෑ නෑ වගේ නිසා, අපේ පෙරෙත්තය නිසාම ඌ කතාව කියන්න පටන් ගත්හා…

ඌ කියන විදිහට උන්ගේ ආගමේ ගෑණු හතරක් වෙනකන් බඳින්න පුළුවන් උනාට ගෑණු ඔක්කොමට එකම විදිහට සලකන්නත් ඕනෙලු. ගෑණුන්ට ඉන්න වෙන වෙනම ගෙවල් අරගෙනත් දෙන්න ඕනේලු. ඒක නම් ඉතින් මෙහේ එච්චර අවුලක් නෑ මොකද කසාද බඳිනකොට මෙහෙ ආණ්ඩුවෙන්ම ගෑණිට දෑවැද්දයි, ඉන්න හිටින්න ගෙයකුයි හම්බ වෙනවා.

කොහොමෙන් කොහොම හරි මේ ලඟදි ඉමාද්ගේ තාත්තගේ 70වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් තිබිලා තියෙනවා. අනේ අපේ ඉමාදුත් මොකද කරලා තියෙන්නේ වයිෆ්ලා තුන් දෙනාටම එකම විදිහට සලකන්න කියලා තියෙන නිසා නිසා එකම පාටින්, එක වගේ ගවුම් තුනක් ඒ ගොල්ලන්ට ගෙනැල්ලා දීලා. ඔය අරාබි ගෑණු “අබායා” එක , ඒ කියන්නේ අර කලු ලෝගුව පොරවගෙන පාරේ ගියාට අබායා එකට යටින් ලස්සන ලස්සන ඇඳුම් අඳිනවා, ඒ වගේම පවුලේ ඥාතීන් ලඟදි , ගෙවල් ඇතුලේ ඉන්නේ අබායා එක ගලවලා.

ඔන්න ඉමාද් වයිෆ්ලා තුන් දෙනාවත් උගේ වාහනේ දාගෙන තාත්තගේ ගෙදර ඇවිල්ලා, ගෙදරට ගොඩ වෙලා වයිෆ්ලා අබායා එක ගලවන්න ගත්තාම තමයි ගිණි විජ්ජුම්බරේ පත්තු වෙලා තියෙන්නේ. තුන් දෙනාම ඇඳලා ඉන්නේ එකම ගවුම. අනේ අපේ ඉමාද් හිතලා තියෙන්නේ එකම වගේ ගවුම් කියලා දැන් ගත්තාම වයිෆ්ලා තුන් දෙනා හිනාවෙලා, අත් අල්ලගෙන උඩ පැනගෙන සිංදුවකුත් කියාගෙන ඇවිත් ඉමාද්ට උම්මා එක ගානේ දෙයි කියලයි. අනේ ඒ උනාට මොකද වෙලා තියෙන්නේ පොර කිකිළියෝ වගේ වයිෆ්ලා තුන් දෙනා එකාට එකා පුප්ප පුප්ප ආපහු අබායා එක ඇඳගෙන, තුන් දෙනාම ආපහු තම තමන්ගේ ගෙදර ගිහිල්ලා. අනේ එදා ඉඳන් දවස් තුනක් යනකන් එක ගෑණියෙක්වත් ඉමාද්ව ගෙට අරගෙන නෑ. ඌ රෑට නිදාගෙන තියෙන්නේ කාර් එකේ. වයිෆ්ලට තෑගි දිලා ඒ පින ඉම්මාද්ට පළ දුන්නේ ඔන්න එහෙමයි.

ඔන්න ඉතින් අපි ඇහුවා ඔහොම කරලත් උඹට කේන්ති ගියේ එහෙම නැද්ද කියලා ?

ඒ පාර ඌ කියනවා,’

“මොකද කේන්ති ගියේ නැත්තේ, මම ඉන්නේ වයිෆ්ලට අමතක නොවන පාඩමක් උගන්වන්න…..මම තව මාසෙකින් හතරවෙනි කසාදේ කරගන්නවා….”

ඒක අහපු ගමන් අපිට විනාඩි දෙක තුනක් යනකන් හිනාව නවත්ත ගන්න බැරි උනා.

“ඒ කියන්නේ, එතකොට උඹ පාඩමක් උගන්වන්න යන්නේ උඹේ ගෑණු තුන් දෙනාටද, නැත්නම් උඹටමද ?” යන්තන් හිනාව නවත්තගෙන මම ඇහුවා…….

“ඇයි උඹ එහෙම කියන්නේ….?” ඉමාද් අහනවා

“දැන් උඹට ඕක උනේ, වයිෆ්ලා තුන් දෙනෙක්ට ගවුම් තුනක් අරගෙන දෙන්න ගිහිල්ලා. දැන් උඹ ආපහු බැන්දොත් උඹට එක වගේ ගවුම් හතරක්ම ගන්න වෙනවා……, ඒ වගේද, දැනට උඹට නැන්දම්මලම තුන් දෙනෙක් ඉන්නවා, දැන් උඹ ඒක හතරක් කරගන්න යනවා…..”

ඒක කියපු ගමන් ඉමාද් බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. ඊට පස්සෙ ඌ කියනවා, “නැන්දම්මලා තුනක් ? මට දැනටමත් නැන්දම්මලා දොළොස් දෙනෙක් ඉන්නවා. ලබන මාසේ බැන්දම, නැන්දම්මලා දාසය දෙනෙක් වෙනවා…..”

“ඈහ්…..?” අපේ ඇස් උඩ ගියේ ඉබේටම……

“ඇයි, බං මගේ වයිෆ්ලාගේ තාත්තලාටත් ගෑනු හතර දෙනා ගානේ ඉන්නවා. ලබන මාසේ බඳින්න ඉන්න එක්කෙනාගේ තාත්තටත් ගෑනු හතර දෙනයි. ඉතින් එතකොට මට නැන්දම්මලා දාසය දෙනයි……” ඌ ඇඟට පතා ගෑවී නොගෑවි කියවනවා.

ඒක අහපු මගේ ඔළුව කැරකෙන්න වගේ ආපු නිසා ලන්ච් රූම් එකේ ටේබල් එකක මම ඔළුව තියාගෙන විනාඩි ගාණක් එහෙම්මම හිටියා.

ඔළුව උස්සලා බලනකොට ශෙට්ටියා කෑම කනවා. කඩෙන් නෙමෙයි. වෙනදා වගේම ගෙදරින් ගෙනැල්ලා.

“ආහ්…උඹේ ප්‍රශ්නේ හරිද දැන්….වයිෆ් ෂේප්ද ?” මම ඇහුවා….

“ඔව්, මම සොරි කියලා ෂේප් කරගත්තා….” ශෙට්ටියා කියනවා.

“සොරි විතරක් කියලා ඇති උනාද ?” මම අතුරු ප්‍රශ්නයක් ඇහුවා…..

“නෑ නෑ…මම සොරි කියලා, එදා චපාති වලා ලුණු වැඩිවෙච්ච එකේ වැරැද්ද මම බාර අරගෙන, ඒකටත් සොරි කිව්වා…..” ශෙට්ටියා කියනවා…….

මම ඒ පාර රිදෙන්නම ඔළුව මේසේ ගහගත්තා…….!

 උපුටා ගැනීමක්.

0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 May 2016 04:47 AM
හා හා හා මේක නම් ශෝක කතාවක් ..ස්තුති අයියා .අපේ එක්කෙනත් මොනවා කියනවද දන්නේ නැ
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
25 May 2016 07:51 AM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
25 May 2016 07:29 PM
නැන්දම්මලා 16 ක් .. මගේ ඔලුව කැරකෙන්න ගත්තා..
0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
25 May 2016 09:22 PM
Posted By Rosi on 25 May 2016 04:47 AM
හා හා හා මේක නම් ශෝක කතාවක් ..ස්තුති අයියා .අපේ එක්කෙනත් මොනවා කියනවද දන්නේ නැ
ඔයාගේ එක්කෙනා කියල මොකක්ද වෙනස. ගෑණු නම් ඉතින් කෝකත් එකයි නේ. ඔය විදියටම කියනවා ඇති ඔයාගේ එක්කෙනත් ඉතින්.
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
25 May 2016 09:30 PM
අපේ කාටද දැන් නැන්දම්මලා දෙන්නෙකුට වඩා ඉන්නේ....
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 May 2016 11:31 AM
Posted By maduranga001 on 25 May 2016 09:22 PM
Posted By Rosi on 25 May 2016 04:47 AM
හා හා හා මේක නම් ශෝක කතාවක් ..ස්තුති අයියා .අපේ එක්කෙනත් මොනවා කියනවද දන්නේ නැ
ඔයාගේ එක්කෙනා කියල මොකක්ද වෙනස. ගෑණු නම් ඉතින් කෝකත් එකයි නේ. ඔය විදියටම කියනවා ඇති ඔයාගේ එක්කෙනත් ඉතින්.
 

නැ නැ පොඩි පොඩි  වෙනස්කම් තියෙනවා එක එක්කෙනාට අවේනික 


0
You are not authorized to post a reply.
Page 2 of 4 << < 1234 > >>