You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 08 Apr 2020 08:57 AM by  indika76
කොරෝනා
 21 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 212 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
14 Mar 2020 08:34 AM
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:35 AM
    කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 3 ක්

    කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර මෙරටට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි.

    අනෙක් පුද්ගලයන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි ලාංකිකයන් වන අතර ඔවුහු 43 සහ 37 හැවිරිදි වියේ පසුවෙති.

    මින් එක් අයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

    මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පස් දෙනෙකි.
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    14 Mar 2020 08:36 AM
    කොරෝනාවෙන් ආරක්ෂා වෙන්න උපදෙස් මාලාවක්

    කොරෝනා හෙවත් කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ.

    කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝ වේ.

    එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

    * කහින විට හෝ කිවිසුම් යන විට අන් අයගෙන් ඉවතට හැරීම.

    * නාසය හෝ මුඛය ටිෂූ කඩදාසියකින් හෝ නැවූ වැළමිටේ ඇතුළු පැත්තෙන් ආවරණය කරගැනීම.

    * භාවිත කළ ටිෂූ කඩදාසි වැසිය හැකි කසළ බඳුනකට දැමීම.

    * තැන තැන කෙළ නොගැසීම.

    * සබන් යොදා නිතර දෑත් සේදීම.

    * ජනතාව එක් රැස්වන ස්ථානයන්ට නොයා සිටීම.

    * එවන් ස්ථානවලදී කිට්ටු වී කතාබස් කිරීමෙන් වැළකීම හා කතාබහ කරන අවස්ථාවල මීටර 1ත් 2ත් අතර දුරකින් සිටීම.

    * නිකරුණේ බිත්ති, අත්වැටවල් ආදී මතුපිටවල් ඇල්ලීමෙන් වැළකීම.

    * සංචාරවලින් වැළකී සිටීම.

    * ඇස්, කට, නාසය හා මුඛය ඇල්ලීමෙන් වැළකීම.

    * සිප වැළඳගැනීමෙන් හා අතට අත දී ආචාර කිරීමෙන් වැළකීම.

    * උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව හෝ හුස්ම ගැනීමේ අපහසුතා පවතින්නේ නම් හැකිතාක් ජනතාව ගැවසෙන ස්ථානවලින් ඉවත් වී සිටීම.

    * එවන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබාගැනීම හා දින 14ක් ඇතුළත කළ විදෙස් සංචාර වේ නම් ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම.
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    14 Mar 2020 09:31 AM
    වැදගත් උපදෙස් ටිකක් මේ වසංගතයෙන් ආරක්ෂා වීමට .........
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    18 Mar 2020 07:51 AM
    දැන් 44 යි
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    18 Mar 2020 09:46 AM
    හැකි තරම් ආරක්ෂාවෙන්න...
    සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න...
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    19 Mar 2020 07:10 AM
    ෆිෆ්ටිය ගැහුවා
    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Mar 2020 12:14 PM

    සඳුදා තෙක් පැන වු ඇඳිරි නීතිය නැවත ක්‍රියාත්මක වන වේලාව ඉරිදට දන්වයි

    කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක ගමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස මෙම තීරණය ගෙන තිබේ.

    ජනතාව ගැවසෙන ස්ථානවල දී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි. 

    බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවල දී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.

    සමාජ දුරස්ථතාවය පවත්වාගනු සඳහා බස් රථයෙන් සහ දුම්රියෙන් මගීන් ගෙන යා හැක්කේ එහි ගමන් කළ හැකි බවට නිශ්චය කර ඇති සංඛ්‍යාවෙන් හරි අඩක් පමණි. 

    අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා වෙනත් භාණ්ඩ සතොස හා සමූපකාර ඇතුළු වෙළෙඳසැල් වෙත ප්‍රමාණවත් පරිදි රජය නිකුත් කර තිබේ. 

    ජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් ඒවා බෙදාහැරීමට ද එම වෙළෙඳසැල් වෙත උපදෙස් ලබා දී ඇත. 

    ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22  ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය. 

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    20 Mar 2020 12:15 PM

    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 65 දක්වා ඉහළට

    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    20 Mar 2020 03:10 PM
    රටට මොනව වෙන්න යනවද කියල හිතාගන්නත් බෑ...
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    21 Mar 2020 08:38 AM
    කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සෞඛ්‍ය අංශ කියයි


    කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.

    ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.

    ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.

    හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.

    වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.

    සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ, අයි ඞී එච් රෝහලටයි. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 ක්.

    පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
    0

    wasangaama
    Basic Member
    Basic Member
    Posts:199






    --
    21 Mar 2020 10:11 AM

    ඇත්තම කිව්වොත් අපේ ගොඩක් මිනිස්සුන්ට දෙයක් තනියම හිතල කරන්න තරම් බුද්ධියක් නැහැ. එහෙම තියෙනවනම් සුපර්මාකට් වල තෙරපෙන්නේ නැහැ. සති අන්තේ කෝච්චි වල තෙරපිලා ගෙදර යන්න බලන්නේ නෑ (ගෙවල් වල අයට ආදරයක් තියෙන අය, ඉන්න බෝඩිමකට වෙලා ඉඳීවි) ඉතාලියේ සුපර්මාකට් එකක් ඇතුලට වරකට ගන්නේ 10 දෙනෙක් විතරයි කියලා එහේ ඉන්න කෙනෙක් කිව්වා. ඇත්තටම කරනවානම් කරන්න තියෙන්නේ ඇඳිරිනීතිය සති දෙකක් පනවලා අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න මේ මේ ගෙවල් වල අය ට මේ වෙලාවට යන්න පුළුවන් වෙන්න ක්‍රමයක් හදන එක තමා. මිලදී ගැනීමට මුදල් නොමැති අයට ණය ක්‍රමයකට හෝ රජය මගින් නොමිලේ හෝ දෙනවා (මගේ අදහස)

    0

    hasithad
    Super Senior Member
    Super Senior Member
    Posts:5795






    --
    22 Mar 2020 10:57 PM
    අනිත් දෙය තමයි මේ ලෙඩෙන් තවම ලංකාවේ කෙනෙක් මැරුනෙ නැති එක. එතකන් මේ මල යක්කු රංචු ගැහෙනවා.වැඩිය ඕනෙ නෑ අපේ ගෙවල් ලග පිට්ටනියේ කොල්ලෝ බෝල් ගහන එක තවම නවතලා නෑ.
    දෙයක් කිව්වට ගනන් ගන්න එක අඩුවෙලා තමයි ඉතාලි උනුත් වැඩේ කරගත්තේ. එතකන් අපේ උනුත් නටයි.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13470






    --
    24 Mar 2020 05:17 PM
    දැන් 101යි...
    ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    24 Mar 2020 06:26 PM
    තත්වය දරුණු අතට හැරෙනවා වගේ දැනෙනවා...
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    24 Mar 2020 07:34 PM
    ඉදිරි කාලය එච්චර සුබ නෑ වගේ ........
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    25 Mar 2020 11:28 PM
    මේ වයිරස් චේන් එක කඩන්න නම් හැමෝගෙන්ම ඈත වෙලා ගෙදරටම වෙලා ඉන්න එක තමා පුළුවන් හැමෝම කරන්න ඕන.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    27 Mar 2020 08:46 PM
    තවමත් සුභ ආරංචියක් නෑ වගේ...
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Mar 2020 01:10 PM
    ලෝකේ පුරා මිනිස්සු දාස් ගානක් දවස් අගානේ හැම විනාදියකටම නැති වෙනවා මේ වෛරස් ව්‍යසනයක් නිසා.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10434






    --
    31 Mar 2020 08:41 PM
    අද ලංකාවේ රෝගීන් සංඛ්‍යාව 142 ක් වෙලා..
    0
    You are not authorized to post a reply.
    Page 1 of 212 > >>