You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Aug 2020 05:58 PM by  Indika Kodithuwakku
සිත සසල කළ පදවැල්....
 43 Replies
Sort:
Page 3 of 3 << < 123
Author Messages

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
21 Oct 2019 06:52 AM
  •  Quote
  •  Reply
පට්ටා සින්දුව
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
21 Oct 2019 07:18 AM
  •  Quote
  •  Reply

 

මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අත්දැකීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක්. ගීතය ගැන තොරතුරු සොයාගන්න ලැබුනේ එක්තරා බ්ලොග් අඩවියකින්. 

රත්න ශ්‍රී විජේසිංහ මහතා මොනරාගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් විදිහට සේවය කරන කාලේ වෙච්ච සිද්ධියක් මේක. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලුව. තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප අම්මත් එක්ක. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. 
දවසක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පස්සේ වැව් ඉවුරේ තිබී ඇගේ මළසිරුර හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. මේ සිදුවීම මුල් කරගෙන තමයි රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ නමින් ගීතයක් රචනා කරන්නෙ. 
ගීතය අමරදේව මහතාට දෙන්නේ වසර කිහිපයක් ගතවුනාට පසුවයි. ගීතය පළමුව ගායන කරන අවස්ථාවේ රැස්ව සිටි පිරිස කඳුළු සැලූ බවද සොයාගන්නට ලැබුන.
ගීතයේ මෙම කතාවට අමතරව තවත් සැඟවුණු අරුතක් ඇති බවක්ද පෙනෙන්නට තිබෙනවා. රත්න ශ්‍රී විජේසිංහ නම් අසහාය ගෙය පද රචකයාගේ නිර්මානයක එවන් ගැඹුරු අරුතක් ගැබ්ව තිබීම බොහෝ විට සිදුවන දෙයක්. එම අර්ථය ගැන  කියවා තේරුම ගැනීම වටී. ගීතය ඇසෙන විට සිතට ශෝකී හැගීම් ජනිත වීම නිසඟයෙන්ම සිදුවේ. වචන වලටම සරිලන විශිෂ්ට සංගීතය ඊට හේතු වී ඇත.

ගායනය - W.D.අමරදේව
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - W.D.අමරදේව (මුලාශ්‍ර සොයාගැනීමට නොහැකි විය. බොහෝ දුරට සංගීතය අමරදේව මහතාගේම විය හැකියි.)

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ....

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ...


1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
24 Oct 2019 02:35 PM
  •  Quote
  •  Reply
හැමෝම සසල වෙලා වගේ. සද්ද නැතුව ඉන්නේ....
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Aug 2020 05:58 PM
  •  Quote
  •  Reply
සුදු නෙළුම ගීතය ඇත්තටම රත්න ශ්‍රී විජේසිංහයන් ගේ අත්දැකීමක් කියලා එතුමා පැවසුවා..
එහි අනුවේදනීය කතාව ඇහුවාම නෙතට කඳුලක් ඉනුවා...
1
Add Reply
Page 3 of 3 << < 123


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below