You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Aug 2020 05:58 PM by  Indika Kodithuwakku
සිත සසල කළ පදවැල්....
 43 Replies
Sort:
Page 2 of 3 << < 123 > >>
Author Messages

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
27 Sep 2019 07:31 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 27 Sep 2019 07:25 AM
කමක් නැහැ මල්ලි ඔනම දෙයක් දාන්න .හැබැයි comments බලාපොරොත්තුවෙන්න එපා .මොකො ඔයා කාන්තාවක් වුනා නම් තමා ගොඩක් අය්යලා ඒ ගැන කතා කරන්නේ .
සතේ   කාසි දැන් නැති නිසා  කටට දාන්න විදිහක් නැහැ. කතාව සම්පූර්ණ ඇත්ත. 

0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
28 Sep 2019 05:24 PM
  •  Quote
  •  Reply
සින්දු කීපයක් ගැනම කතා වෙලා තියෙනවා...මේ වැනි සිත් සසල කල ....සසල කරනා ගීත ගණනාවක් මට නම් මතකයේ තියෙනවා.
අලුත් පරණ හැම පරපුරේම මේ ගීත නිර්මාණය කරලා තියෙනවා (අලුත් පරපුර කිව්වේ අර හොටු පෙරාගෙන ගෑනු පස්සේ වැලපෙන සෙට් එකට නෙමෙයි - 90 දශකයෙන් පස්සේ ආව අයට)
0

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
29 Sep 2019 06:53 AM
  •  Quote
  •  Reply
ප්‍රේමකීර්ති ලියපු ගීත ගොඩක් ඔහුගේ ජීවිත අත්දැකීම් උපයෝගී කරගෙන නිර්මාණය වෙලා තියෙන්නේ..

ප්‍රියානන්ද විජේසුන්දර මහතාගේ පද වැලකට අනුව සනත් නන්දසිරි මහතා ගායනා කළ බෝ මළුවේ මල් සුවඳක පැටලී කියන ගීතයත් හිතට දැනෙනවා.
0

ruwan sampath
Advanced Member
Advanced Member
Posts:687






--
29 Sep 2019 07:09 AM
  •  Quote
  •  Reply
එදා මෙදා තුර ගීතය තමා මම ආසම සනත් මහාතාගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2019 08:02 AM
  •  Quote
  •  Reply
නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදර රතඳර යුගෙන් ඔබේ..
සසලව යයි සිත මැලවුණු ඔබෙ වත
දෝවමි කඳුළැල්ලකින් මගේ..
ඔබ නැති දා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්..

නෑසිය මිතුරන් මේ සැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසිනේ

මා සමඟින් එක්වී මේ භවයේ..
එක මඟ ආ ඔබ වෙන්වන්නේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසිනේ

හේමසිරි හල්පිටයන් රචිත නාමල් උඩුගම ගායනා කල මේ ගීතය 90 දශකයේදී අපේ සිත් ශෝකයෙන් පිරවූවා...
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Sep 2019 08:36 AM
  •  Quote
  •  Reply
බොරු රවයකුත් යැව්වා නාමල්ගෙ කෙල්ල මරිලා කියලා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
30 Sep 2019 10:20 AM
  •  Quote
  •  Reply
ඒක ඇත්තක් නෙමෙයිද බං.. මම තාමත් විශ්වාස කරනවානේ..
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3410






--
30 Sep 2019 11:49 AM
  •  Quote
  •  Reply
ඇත්තටම සිත සසල කරන පදවැල් තමයි මේ සින්දු ලිස්ට් එකේ තියෙන්නෙ

සින්දු ටික වෙනම අරන් අහනවා මන් ..
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Sep 2019 02:03 PM
  •  Quote
  •  Reply
Posted By kingD on 30 Sep 2019 11:49 AM
ඇත්තටම සිත සසල කරන පදවැල් තමයි මේ සින්දු ලිස්ට් එකේ තියෙන්නෙ

සින්දු ටික වෙනම අරන් අහනවා මන් ..

අනේ මාව හිනස්සන්නේ නතුව හිටපන්කො
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
01 Oct 2019 08:56 AM
  •  Quote
  •  Reply
මේ ගීතයෙන් කියවෙන්නේ අනෙකාට ඇති ආදරේ බව...

පෙම් යුවලක් තනිවෙලා මහ කාන්තාරෙක
බොන්නට දිය පොදක් සෙවුවා මිරිගු පසුපස
වාරු නැති නිසා යන්නට තවත් ඈතක
නැවතුනා සිදී වියලී ගිය දිය කඩිත්තක
හාරා පාදා ගත්තා දිය පොඩිත්තක්
කෙනෙකුටවත් බොන්නට මදි ඇබිත්තක්

පණ රැදුනක් මේ දිය බිද මත්තේ
කලින් බොන්න නම් නෑ කිසි කැමත්තේ
ආදරයක මහිම කියන සත්තේ
කලින් බොන්න අනිකට කල පෙරැත්තේ
ඔහුත් ඇයට බොන්නයි අයදිනවා
ඇයත් ඔහුට බොන්නම පවසනවා
ලඳ මුලටයි කියමන ගරු කරලා
ඇය බීලත් දිය නෑ තව හිදිලා

දෙදෙනා විටින් විට නැවි නැවි බිවුවාට
අඩුවක් වුනේ නෑ පෑදුනු දිය බිඳට
ආදරෙ අරුත වටහා දී දිය බිඳට
දෙන්නා වැළදගෙන වැටුනා නින්දකට
හොයන අයට හමුවන විට ඒ දෙන්නා
අර වතුර අසල දෙන්නා සැතපී උන්නා
ආදරයක මහිමය ලොවටම පෙන්න
වතුර නොබී දෙන්නම මියැදී උන්නා

- සන්ෆ්ලවර් ගායක නෙල්සන් වාස් -
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
01 Oct 2019 10:24 AM
  •  Quote
  •  Reply
රචනවක් වගෙ මෙක නෙල්සන් වාස් ට හැර වෙන කෙනෙකුට නම් කියන්න බැහැ
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Oct 2019 10:27 AM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 30 Sep 2019 08:36 AM
බොරු රවයකුත් යැව්වා නාමල්ගෙ කෙල්ල මරිලා කියලා
නාමල් නිසා මැරෙන්න ගිය ගිය කෙල්ලෝ ගැන කියනවා නම්......... ඒ කාලේ පඳුරකට පයින් ගැහුවම 7-8 දෙනෙක්ම වීසි උනා ලු. ඉස්සර ඉස්කෝලේ යන කාලේ  අපේ පන්තියේ හිටිය කෙල්ලෙක් නාමල් පිස්සුව හැදිලා අසාධ්‍ය වෙලා හිටියා....මෑතකදී කල සොයාබැලීමකදී දැනගන්න ලැබුනා එකී තවම විවාහවෙලා නැතිලු. පොඩ්ඩක් අප්සෙට් සීන් එකක් වගේ ලු.


0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
01 Oct 2019 10:38 AM
  •  Quote
  •  Reply
මේ ගැන තවදුරටත් කතා කරනවා නම් මම අහපු ගීත වලින් ඉතාමත් දුකට පත්වුණු ගීතයක් පහතින් දක්වන්නම්.

කොච්චර දුකද කියනවානම් මේ ගීතය අහගෙන ඉන්න බැරිතරම් අපහසුතාවයක් ඇති වෙනවා නේද. 

ඔබ කවදාහෝ ඔබේ හෝ කාගේ හෝ දරුවෙකු සුරතල් කළා නම් දුක වැඩියෙන් දැනේවි 

මේ ගීතය දැනට වසර 15 ක් විතර පරණ උනත් පහුගිය අප්‍රේල් 21 සිදුවීම අලලා යම් කිසි මතක ආවර්ජනයක් කරන්න හිතුනත් පෑරුණු හිත ඇති පියවරුන් මවුවරුන් තවත් හඬවන පාපකර්මයට දායක නොවී සිටීමට සිතුවෙමි 

මෙන්න ඒ ගීතය අබ අසා ඇති සමහරවිට. ගීතයක් උනත්...මෙහෙම ලියන්න ගයන්න ඇහැකිද....අහන්න පුළුවන් ද  

කියන්න ඕනේ අදහස්..ලයට සංවේදී ගීත විශාල ප්‍රමාණයක තිරයෙන් එහා සිටි නිර්මාණ වේදියා ඔහුයි. ජයසිරි අමරසේකරගේ නිර්මාණයක් 

0

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
07 Oct 2019 08:54 AM
  •  Quote
  •  Reply
හේතුවක් හරියටම කියා ගන්න බැහැ. පුදුම තනිකමක් පාළුවක් සසල වීමක් දැනෙනවා මේ ගීතය සහ එහි සංගීතය අසද්දී... දෙනෝදාහක් මැද හිටියත්. හිතට දැනෙන විදිහ. ඇයිද කියන්න තේරෙන්නෙ නැහැ.

සුළං කපොල්ලේ
තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටෙයි
නිල් කඳු රැල්ලේ

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී
දැන් ඔබ ලඟ සිටියි රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබමැ සොයා ආ සියුමැල්ලී
පිළිගනු ඈ කොහි යන්ට ද නැවත් ඉගිල්ලී

ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - විශාරද නන්දා මාලිනී
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
07 Oct 2019 09:01 AM
  •  Quote
  •  Reply
මේ ගීතයේ පදවැල් විතරක් නෙමෙයි.. රිද්මය, සංගීතය, නන්දා මාලිනියගේ හඩ යන සියල්ලම ඉතා ශෝකී ස්වරයකින් තියෙන්නේ..
0

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
07 Oct 2019 06:00 PM
  •  Quote
  •  Reply
මදුරංග මැතිදුන් මේ ගීතය ගැන සෑහෙන වාර ගානක් අවුස්සා කතාවට ගත්තා....ඒ තරමට සසල වෙන්න ම වැදිච්ච එකක් වගේ
0

Nishaya
New Member
New Member
Posts:2






--
07 Oct 2019 06:18 PM
  •  Quote
  •  Reply
ගොඩක් ලස්සනයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2019 12:26 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 07 Oct 2019 06:00 PM
මදුරංග මැතිදුන් මේ ගීතය ගැන සෑහෙන වාර ගානක් අවුස්සා කතාවට ගත්තා....ඒ තරමට සසල වෙන්න ම වැදිච්ච එකක් වගේ

මේ ගීතය රචනා කල සුනිල් ආරියරත්න හා ගායනා කල නන්දා මාලිනිය ගේ ජීවිතය බැදුනු ගීතයක් වරක් දේශකයෙකු කියූ බව මතකයේ තියෙනවා..

(අර්ථය දිහා බැලුවම එහෙම අර්ථයක් තමයි තියෙන්නේ)

0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Oct 2019 02:00 PM
  •  Quote
  •  Reply
හ්ම්ම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
19 Oct 2019 03:03 PM
  •  Quote
  •  Reply
රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බා ගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පුංචි පැටික්කන් මග දිග හඬවන
සිල්ලර රස කැවිලි
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම්
යානා පෙනී පෙනී
අහක බලා ගෙන මග දිග යන විට
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

ඉඳහිට මොළවන ලිපත් දනී පුත
කැඳ රස සුණු සහලේ
දිව බොජුනක් සේ දිව ගා ඇල්මෙන්
අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී
නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ

පද: ලුෂන් බුලත්සිංහල
තාල: එච්. එම්. ජයවර්ධන
නද: මාලිනී බුලත්සිංහල

දිළිඳු කම බොහෝ දෙනෙකුට බලපාන්නා වූ ප්‍රශ්නයකි. නමුත් සමහරුන් එයින් ඉතාම තදින් බැට කති. දිළිඳු කමේ පතුලේම ගිලී සිටින්නෝ මවු වරු සහ දරුවෝය. එවන් මවක හා දරුවකු පිළිබඳ වූ සංවේදී ගීතයක් ඉහත ශිල්පී ත්‍රිත්වය බිහි කර ඇත.

මේ දරුවා ඉතා කීකරු දරුවෙකි. කුඩා වුවද නැති බැරිකම් ගැන ඔහුට හොඳ අවබෝධයක් ඇත. මග දිගට ඇති රස කැවිලි, සෙල්ලම් බඩු වලට ආශාව ඇතත් ඒ දෙස වත් නොබලමින් ඔහු පාසල් යන්නේ එහෙයිනි. ඔහු අළුත් ඇඳුම් ඉල්වමින් තම මවට කරදර කරන්නේ නැත. වැරහැලි ඇඳගෙනම සිටී. ගෙදර ලිප මෙළවෙන්නේ ඉඳහිටය. එහි පිසින්නේත් සුණු සහල් කැඳය. නමුත් එය රස කරමින් මේ දරුවා පානය කරයි. ඉන් නොනැවති, ඔහු නොදුටු සැප සම්පත් නොපතා හීනෙන් පවා සිනාසෙයි. තම පුතු ඉපිද ඇත්තේ අතු පැලකය. නිකම්ම පොල් අතු පැලක නොව සුළඟට ගසා ගෙන යන පොල් අතු සහිත, හිරිකඩ ගසන, අබලන් පොල් අතු පැලකය. ඔහු රජ මැදුරක ඉපිද සිටියා නම් ඔහු රජ වන්නට පවා හැකිවනුයේ ඔහු දිරිය දරුවකු නිසාය. එවන් දරුවකුට මීට වඩා සැප සම්පත් නොදීමට හැකි වීම ගැන මව සොවින් තැවේ. හීනෙන් සිනා නොවී මව හඬවන්නට කියන්නේ එබැවිනි.

වඩාත් සියුම්ව බැලූ කල්හි මේ ගීයේ ඇතැම් වචන වලින් එහි අරුත් කුළු ගැන්වෙන අන්දම මනාව දැකිය හැකිය. රස කැවිලි "සිල්ලර" ය. "පුංචි පැටික්කන්" මග දිගට ඒවා ඉල්ලමින් හඬයි. නමුත් ඉන් කුස පිරෙන්නේ නැත. මේ දරුවා සමාජයේ පුහු ආටෝපයන් කෙරෙන් ඉවත බලා යන්නෙකි. රජකමට ඔහු සුදුසු වන්නේ එබැවිනි. "ඉඳහිට මොළවන" ලිප දක්වන්නේ ඔවුන් කෑම වේලක් ලබන්නේ ඉඳහිට බවයි. වේලක් ලැබූවත් ඒ මිලෙන් අඩු කැඩුණු (සුණු) සහල් පමණකි. එයද බතක් පිස ගැන්මට තරම් නොවේ. එනිසා කැඳ සාදා ගැනීමට ඔවුන්ට සිදු වී ඇත. මේ පද කිහිපය මගින් මේ දරුවා මුහුණ පාන දරිද්‍ර බවේ තීව්‍රතාව මනා ලෙස දක්වා සිටී. එනමුත් එවන් වූ අහරක් පවා දිව බොජුනක් ලෙස මේ දරුවා සලකයි. ඔහු පාසල් යාමටද කිසි විටෙක මැලි නොවේ. මෙයින් මේ දරුවාගේ දිරිය මනාව පෙන්වා සිටී. කොටින්ම දරුවාගේ දිරිය මවද ජීවත් කරවන බවක් පෙන්වයි.

මුළු ගීය පුරාම පියා ගැන වදනකදු සඳහන් නොවේ. අනෙක් කරුණුද සමග එකව ගත් කල්හි, මේ දරුවා අවජාතක දරුවකුදෝ යන සැකය සහෘදයා තුල ජනිත කරවයි. ලූෂන් බුලත්සිංහල යනු කවදත් විප්ලවීය පද ගීයට ගෙන ආ රචකයෙකි. එනමුත් ඔහු විසින් මෙවන් භාව පූර්ණ ගී ලියැවී ඇත්නම්, ඒ ස්වල්පයක් විය යුතුය. අකාලයේ අප අතරින් වියෝ වූ මාලිනී බුලත්සිංහල ශිල්පිණිය මේ ගීයේ අරුත කුළු ගැන්වෙන භාවයන් සමගින් මේ ගීය ගයන්නීය. ඇගේ අකල් වියෝව අප සංගීත කෙතට එල්ල වූ මහ පහරක්ම වන්නේය.
0
Add Reply
Page 2 of 3 << < 123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below