You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 Aug 2020 05:58 PM by  indika76
සිත සසල කළ පදවැල්....
 43 Replies
Sort:
Page 1 of 3123 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Sep 2019 08:53 PM
  •  Quote
  •  Reply

සමහර ගීත තියෙනවා ගීතය ඇසූ විට සිත සසල වෙනවා..

එම පදවැල් තුල ලොකු වේදනාවක් ගැබ්ව තියෙනවා...

එවැනි පදවැල් සොයා යාමට කරන වෑයමකි මේ...

0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
19 Sep 2019 08:57 PM
  •  Quote
  •  Reply
තිසා වැවේ දිය රේඛා මත සඳ රේඛා ඇඳුණා විනා
විදුලි පහන් එලි එදා මෙතන නැහැ දැල්වුණේ
විදුලි පහන් කෙදිනද මෙහි නොදැල්වුණේ

ඇකී මැකී යන සෙල් ලිපියක් බඳු අතීතයක් මතකයට නැඟේ
ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ අපි හිටියා සඳ සෙවනේ
ඈත කදෝකෙමි පහන් රුවින් යාන්තමින් මතකය මතුවේ
එදා මා ළඟ ඔබ හිටියා අභිමාන සෙනෙවි සළු පළඳා

එදින රැයේ මේ නුදුරු ඉසවුවේ විජිත පුරේ අවසන් සටනයි
ඔබ දුන් රන් කග සුරත දරා තුරඟු අරා මා ගියදා
ඒ ගමනින් පසු පෙම්වත් කුමරෝ මේ අදයි අපි හමු වූයේ
පුනර් ජන්මෙක අද වාගේ හමුවන්න ඇති අපි දෙදෙනා

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී


අසිපත ගෙන යුධයට ගිය තමාගේ පෙම්වතා නැවත නොපැමිණි බව එනම් මියගිය බව මෙහි අලංකාරව සඳහන් කරලා තියෙනවා...
යුධයට ගිය ඔහු නැවත නොපැමිණීම ගැන ඇයට කොතරම් නම් වේදනාවක් දැනෙන්න ඇද්ද...
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
20 Sep 2019 05:32 AM
  •  Quote
  •  Reply
ලස්සන සින්දුවක්.....
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
20 Sep 2019 06:41 AM
  •  Quote
  •  Reply
සනත් නන්දසිරි ගායනා කරන එදා මෙදා තුර කඳුලට විවරව..

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
20 Sep 2019 06:51 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 19 Sep 2019 08:57 PM
තිසා වැවේ දිය රේඛා මත සඳ රේඛා ඇඳුණා විනා
විදුලි පහන් එලි එදා මෙතන නැහැ දැල්වුණේ
විදුලි පහන් කෙදිනද මෙහි නොදැල්වුණේ

ඇකී මැකී යන සෙල් ලිපියක් බඳු අතීතයක් මතකයට නැඟේ
ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ අපි හිටියා සඳ සෙවනේ
ඈත කදෝකෙමි පහන් රුවින් යාන්තමින් මතකය මතුවේ
එදා මා ළඟ ඔබ හිටියා අභිමාන සෙනෙවි සළු පළඳා

එදින රැයේ මේ නුදුරු ඉසවුවේ විජිත පුරේ අවසන් සටනයි
ඔබ දුන් රන් කග සුරත දරා තුරඟු අරා මා ගියදා
ඒ ගමනින් පසු පෙම්වත් කුමරෝ මේ අදයි අපි හමු වූයේ
පුනර් ජන්මෙක අද වාගේ හමුවන්න ඇති අපි දෙදෙනා

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය -ආචාර්ය වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී


අසිපත ගෙන යුධයට ගිය තමාගේ පෙම්වතා නැවත නොපැමිණි බව එනම් මියගිය බව මෙහි අලංකාරව සඳහන් කරලා තියෙනවා...
යුධයට ගිය ඔහු නැවත නොපැමිණීම ගැන ඇයට කොතරම් නම් වේදනාවක් දැනෙන්න ඇද්ද...
එලම තමා

First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
20 Sep 2019 08:22 AM
  •  Quote
  •  Reply
ප්‍රේමය පැරදුණු පෙම්වතුන් බොහෝමයක්ගේ ඇස් කදුළුවලින් පුරවපු ගීතයක් තමයි එදා මෙදා තුර ගීතය...
ඇත්තටම මේ ගීතය ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ සංවේදීම ගීතය කියලා කීවොත් නිවරදියි.

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා


දෑස් කවුළු පත් පලා කදුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්ඔ බෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

සනත් නන්දසිරි ගායනා කරන මෙම ගීතයේ සංගීතයත් එතුමාගේමයි.
පදවැල විමල් ජයශාන්තයන්ගේ...
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
20 Sep 2019 04:38 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Sep 2019 08:22 AM
ප්‍රේමය පැරදුණු පෙම්වතුන් බොහෝමයක්ගේ ඇස් කදුළුවලින් පුරවපු ගීතයක් තමයි එදා මෙදා තුර ගීතය...
ඇත්තටම මේ ගීතය ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ සංවේදීම ගීතය කියලා කීවොත් නිවරදියි.

එදා මෙදා තුර කඳුලට විවරව දෑස් පියන් පත් කවුළු වසා
ලයේ ගලාගිය සෙනේහයේ සුව සිනා පිරුනු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කොපුල්පෙති කම්මුල් සුදුමැලි පාට හොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා


දෑස් කවුළු පත් පලා කදුලු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්ඔ බෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමයි ඒ සුවදින්

ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

සනත් නන්දසිරි ගායනා කරන මෙම ගීතයේ සංගීතයත් එතුමාගේමයි.
පදවැල විමල් ජයශාන්තයන්ගේ...
   සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කල ගීතයක් කියලා අහලා තියෙනවා.
   දෙගුරුන්ගේ තදබල විරුද්ධත්වය නිසා දිවි තොර කරගත් යුවතියකගේ අනුවේදනීය වෙන්ව යාම හා බැඳුනු ගීතයක් 

0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
21 Sep 2019 08:13 AM
  •  Quote
  •  Reply

ඔන්න මමත් දැම්මා මගෙ හිතට ලගදි වැදුන අලුත් සින්දුවක් මේකෙ තෙරුම හොදට අහල කියවලා බලන්න .නෙට් එකෙ තැන් තැන් වල තියෙන විචාර කියවල බලන්න ....


පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම..
වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම..
බක්මහේ කොවුල් බිජු පුපුරණ දාක..
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම..

තනේ කඩා විසිකර පත්තිනි වේ නම්..
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්..
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්..
නගේ දැන් යමං පඬි පුර ගිනි තියපන්..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

දන් කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා..
ලොකු හැමුදුරුවො අණකර බණ පද එව්වා..
මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් නැටුවා..
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා..

රත්වුන යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා..
මත්වුණු බමරු ඉටිමල් පොකුරෙත් වැහුවා..
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා..
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා..

සතා කියා ඉඳහිටක දි ඇහුනාට..
කතා හදන උන් සේරම බෝසත් ද..
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට..
කතන්දර එපා - වැඳපන් අම්මාට..

ගායනය : සාදර බණ්ඩාර
පද රචනය : ටිම්රාන් කීර්ති
සංගීතය : සාදර බණ්ඩාර

 

පොඩ්ඩියේ - ගීතයේ අරුත - https://youtu.be/Vp-l38bAedk

Song - https://www.youtube.com/watch?v=doHzexvrJFc



First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
22 Sep 2019 10:03 AM
  •  Quote
  •  Reply
වත්මන් සමාජයේ පවතින අනුවේදනීය කතාවන් රැසක්...
ඒත් මේකේ ශෛලියට නම් මම ආස නැහැ.. මේක මෙයට වඩා හදවතට දැනෙන්න කරන්න තිබුණා..
ඒ වගේම යොදාගත් සමහර වචන ගීතයකට ගැලපෙන්නේ නැහැ..
ගීතයකින් සමාජයකට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන්...

(මේක මගේ මතය පමණයි. බහුතර මතය වෙනත් දෙයක් වෙන්න පුළුවනි)
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
25 Sep 2019 09:33 AM
  •  Quote
  •  Reply
වියෝවූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්

ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි

හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්

ගී පද : බන්ධුල නානායක්කාරවසම්
ගී තනු : රෝහණ වීරසිංහ
ගායනය : සුනිල් එදිරිසිංහ
1

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
25 Sep 2019 10:05 AM
  •  Quote
  •  Reply
math asama sinduwak
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 08:52 AM
  •  Quote
  •  Reply
උපුටා ගැනීම අන්තරජාලයෙන්

හන්තාන සිහිනේ.....💚� � 💚

සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි. මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.
හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි. එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි. සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි. එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි. මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි.. මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ. නෙලාගන්නට බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව පෙම්වතිය කියයි. එම පෙම් සිහිනය ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි. එළිමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි. තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි. ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි. අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ ප්‍රභලත්වය සංකේතවත් කරයි. එහෙයින් තම හදවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි. කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාන අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.
මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන් ය. නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන් ය. කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට ⁣එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.......
💚 💚 💚 💚 💚 💚
බලා වැළපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ........
දරා නෙත් මග දොවා සිත් මල්
ගොතනු මැන ලදුනේ...
සංසාර සිහිනේ.............

වැහි පබළු යට රගමඩල මැද..
ඔබේ ..දෑතේ තුරුළු වෙන්නට.....
බිසෝ හැර ගිය ⁣ලසෝ රඟහල
අමාවක අඳුරේ ........
නොඑනු මැන ලදුනේ ........

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ...........
හන්තාන අරණේ.........
1

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:34 AM
  •  Quote
  •  Reply
කිරි ඉද්ද ගහට සුද අරගෙන සඳ එන දවසට
සිහිනයක් වෙලා ඔබ හිඳින්න මගෙ ඇසිපිය යට
ඒ ඇති මැණිකේ මට ඒ ඇති මැණිකේ මට
සිහිනයක් ලෙසින් ගිලිහී යන අපෙ හෙට දවසට

අප නැතැයි කියා වැරුවද ගස් වැල් මල් සම්පත
ගඟ නතර වුණාදැයි කියන්න මුවදොර නොම දැක
පසු තැවෙන අපේ සිත් තනි කර ලොව දුර ගමනක

මේ නුවර එදා වගෙමයි අප පෙමින් ඇවිද ගිය
මුහුණුවර දන්න ගස් වැල් අප නැතත් පඳුරු ලන
ජීවිතය කියා දී එකදෙක පරමල් හිනැහෙන

පද රචනය - රවී සිරිවර්ධන
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - ක්‍රිෂාන්ත එරන්දක
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:41 AM
  •  Quote
  •  Reply
මේ අවන්හලේ සැඳෑ වෙලාවේ
රැඳෙන්නෙමි
ගී ගයා වයාලා සිනා සලාලා
රඟන්නෙමි

මා ඔබ වගේම ලෝකේ
කඳුළු දුක් සිතේ ලා
දිවි ගෙවන්නෙමි

ඒ සුසුම් මගේ
ඔබේ සිනාවේ
නොලන්නෙමි

කවන්න පොවන්න රකින්න
කිසිවෙකු නෑ
හඬන්න අහන්න සොයන්න
කිසිවෙකු නෑ
බලන්න ලබන්න දිනන්න
කිසිවෙකු නෑ
විඩා නොවී සිනා සෙමී

මේ අවන්හලේ

මා ලවන් දැලේ බිඟුන් මුලා වී
රැඳෙන්නෙපා
මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා

මා රැඟුම් ලතාවේ නුවන් මුලා වී
බැඳෙන්නෙපා

ගායනය - නීලා වික්‍රමසිංහ
සංගීතය - නිමල් මෙන්ඩිස්
ගී පද - කරුණාරත්න අබේසේකර
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:43 AM
  •  Quote
  •  Reply
ගං ඉවුරේ තුරුලතා මඩුල්ලේ
සයුරු මායිමේ පුලින තලාවේ
සෙනෙහස් හැගුමින් චමත්කාර වී
අප ගැන අප හිතු හැටි මිහිරී

ආදර ගී විය ජයමංගල ගී
කුරුලු කැදැල්ලකි පුංචි පැලේ
ප්‍රේමවන්තයෝ.........ප්‍රේමවන්තයෝ දෙගුරුන් වී
යලි ඉපදුනු හැටි හරිම අගෙයි.

සිගිති සණ්ඩු මැද හිනාවෙවී
කිරුලු පලන් ජීවිත ගමනේ
දෝරගලා......දෝරගලා කරදර ආවත්
ඉදිමු එදා මෙන් වෙනස් නොවී

ගායනය :-එඩ්වඩ් ජයකොඩි
සංගීතය :-රෝහණ වීරසිංහ
පද රචනය :-කුසුම් පීරිස්
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:44 AM
  •  Quote
  •  Reply
මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ
ඔබ මගෙ යැයි ඔබ මට කීවේ
එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම
ඔහු අතගෙන අන්සතු වූයේ..

ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන
සිහින මැව් පෙම් කුමාරියේ...//
සිහින ලොවේ ඒ මා තනිකර ඔබ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ
ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ

අමතක කල ඒ අපේ අතීතය
මින් පසු මතකෙට නගනු එපා...//
පතිකුලයට යන අහිමි කුමාරියේ
ඔබ හට සෝ දුක වෙන්න එපා
ඔබ හට සෝ දුක් වෙන්න එපා...

ගායනය/ ෂෙල්ටන් මුතුනමගේ
පදරචනය / ජෝර්ජ් රොබ්සන් ද සිල්වා
සංගීතය / සරත් ද අල්විස්
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:46 AM
  •  Quote
  •  Reply
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිදුණෙන් හදවත පීදුණු
කඳුලෙන් කටු මත විෂ තිබුණා
බිඳුණෙන් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතු වී තිබුණා

සෙනෙහසකට අරුතක් .........

පවකින් පෙර අත් භවයක සිදු වූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි සැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

ගී පද - ප්‍රණීත් අභයසුන්දර
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:48 AM
  •  Quote
  •  Reply
කාන්තාවකට මොනවද කරන්න පුලුවන් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ?
පාළුව කාන්සිය දැනෙන පිරිමි හදවතකට සෙනෙහස ගෙනත් දෙන්නත්🤗, ඒ හදවතටම විරහ වේදනාව ලබා දෙන්නත්😢,විරහා වේදනාවෙන් දුක් විදින හදවතකට යලිත් ආදරයක් ගෙන එන්නටත් ගැහැණු හදවතකට පුළුවන්😏..( ඇත්තනේ....)
හිතේ තියන පාළුව කාන්සිය වේදනාව ඔය කියන හැම දේම එක බැල්මකින් එක හිනාවකින් නැතිවෙලා යන්න තප්පරයක් වත් යන්නේ නෑ...( ඔව් ඔව් 64 මායම් කියලා තියෙන්නේ😂 ආන්න ඒවා දාලා තාමා 😉) ඔබ ආදරයක කුමන ස්ථානයක් හිටියත් ඔබේ අතීතය, වර්ථමානය, අනාගතය ට නෑකම් කියන්නා වූ ඇය ගැන ලියවුණු ගීයක්

උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා
මම සිනාසුණා
පුළුන් පොදක් කල මා
ළඳකි වාසනා
නම මොනාලිසා

හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැම දාකම මා පැතුවේ
සුවඳයි මලයි ඔබමයී

ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුනා ඇය හිරිපොද හැගුම් සලාලා
පැතුම් විමානේ දැල් කවුලුවෙන් බලාලා
දුටු උවනයී නිසල කලේ මා හද ජාලා

චිත්‍රපටය - අහසින් පොළොවට
ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
ගේය පද - ඔගස්තස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
0

Ruwan_Sampath01
Advanced Member
Advanced Member
Posts:687






--
26 Sep 2019 09:49 AM
  •  Quote
  •  Reply
mama asama geetha kipayak thamai oya oyage post eake damme indika aiyye me topic eakata set wena nisa kamak nane
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
27 Sep 2019 07:25 AM
  •  Quote
  •  Reply
කමක් නැහැ මල්ලි ඔනම දෙයක් දාන්න .හැබැයි comments බලාපොරොත්තුවෙන්න එපා .මොකො ඔයා කාන්තාවක් වුනා නම් තමා ගොඩක් අය්යලා ඒ ගැන කතා කරන්නේ .
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0
Add Reply
Page 1 of 3123 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below