You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 31 Jan 2016 07:44 PM by  maduranga001
කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක්
 9 Replies
Sort:
You are not authorized to post a reply.
Author Messages

Himali
Veteran Member
Veteran Member
Posts:1636






--
03 Mar 2015 06:49 PM

     

    ~~~~ ඇසිල්ලක දුටු සිහිනෙන් හිත හුඟක් රිදුනා~~~~
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    03 Mar 2015 07:15 PM

    වස විස නැතිව කන්න නම් ඉතින් ගමේ කෑම තමයි..
    නමුත් දැන් ගමේ කෑම වලත් වස..
    ගෙවත්තේ හදා ගන්න එකක් විතරයි විශ්වාස කරලා කන්න පුළුවන්..

    ලිපියේ කියන ආකාරයට මැටි භාජන සහ දර ලිපට යායුතුයි.. එත් නාගරීකරණය වූ සමාජයේ කුඩා ඉඩක් තුළ මේවා කරන්නේ කොහොමද කියන ගැටළුව තමයි පැන නගින්නේ..
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3296






    --
    03 Mar 2015 07:19 PM

    ස්තුතියි නංගි , වැදගත් ආර්ටිකල් එකක් 

    Business, you know, may bring money, But friendship hardly ever does.
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12924






    --
    04 Mar 2015 12:11 AM

    dan game kaama kiyala ewa naha ban..game thiyenne fried rice buriyani...nagare thiyenne kehel kole, nelum kole rathu bath

    First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    04 Mar 2015 05:02 PM
    චීනයේවත් නැතුව ඇති මෙච්චර චයිනීස් රෙස්ටොරන්ට්ස්....
    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Mar 2015 06:02 PM
    danam gewathe hadaganna deyak vitharai .........anith hamadema wasa visa.............
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13190






    --
    31 Jan 2016 12:18 AM

    කටට තිත්ත වුනත් කරවිල සෞඛ්‍යට රසවත් වන කරුණු 7ක්

     

    කරවිල කියන්නේ අපි එතරම් කන්නට කැමති කෑමක් නෙවෙයි. ඒ මේ එළවලුව සතු තිත්ත රස නිසා. එත් පෝෂණ ගුණයෙන් ගත්තම මේ එලවලුවට සම කරන්නට පුළුවන් වෙනත් එළවලුව නැති තරම්. රසය කෙසේ වෙතත් ගුණයෙන් අගතැන් කරවිල වලින් ලැබෙන ප්‍රතිලාභ ගැන ඔබ අනිවා දැනගත යුතුයි කියා සිතුවේ අන්න ඒ නිසයි.

     

    1. දියවැඩියාවට සහ තරබාරුවට පිළියම් කරයි
    Weight Loss

    Source – onlyfoods.net, daystune.com, gossipcop.com

    පර්යේෂණ වලින් කියවෙන ආකාරයට කරවිල වලින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කරන්න පුළුවන් බව සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ශරීරයේ පවතින අනවශ්‍ය සීනි ප්‍රමාණයන් ඉවත් කර, සිරුරේ පරිවෘත්තීය ක්‍රියා නිසිපරිදි සිදු කිරීමටත් කරවිල වලින් සිද්ධ වෙන්නේ මහඟු මෙහෙයක්. මීට අමතරව අප ලබාගන්නා කාබෝහයිඩ්රේට සිරුරට උරාගන්නා සීනි සහ එහි අතිරික්තය නසා දමන්නට කරවිල සමත් වෙනවා. මේ හේතුව නිසාවෙන් සිරුර තුළ පිෂ්ඨය තැන්පත් වීමේන් ඇතිවිය හැකි තරබාරු තත්ත්වයන් කරවිල ආහාරයට එකතු කරගැනීම නිසා නැති කරගන්නට පුළුවන්.

     

    2. වකුගඩුවේ ගල් ඉවත් කරයි
    Kidneys

    Source – iheartguts.com, 123rf.com, clipartpanda.com

    කරවිල වකුගඩුවේ ගල් ඇතිවීමේ රෝගී තත්ත්වයෙන් මිදෙන්නට අගනා ඔසුවක් ලෙස සැලකෙනවා. ආහාරයත් සමඟම සිරුරට එකතු වන නිසා ඖෂධයක් ලෙසින් සිරුරට එක්කාසු වීම වේගවත් කරන අතර අපට බාහිර ඔසු ලබාගැනීමෙන් තොරව මේ රෝග තත්ත්වය පිළියම් ලබාගන්නට පුළුවන්.

     

    3. සිරුර තුල කොලේස්ට්‍රෝල් මට්ටම පාලනය කරයි
    Cholesterol

    Source – thehealthyways.in, shutterstock.com

    වැරදි ආහාර රටා මගින් සිරුරේ පවතින කොලේස්ට්‍රෝල් මට්ටම ඉහල යාම පාලනය කිරීමටත් කරවිල කියන්න හොඳ විසඳුමක්. හදවත් ආබාධ, හදවත් රෝග සහ රුධිර නාල වල ලේ කැටි ගැසීම් වැලක්වීමටත් කරවිල සමත්කම් දක්වනවා.

     

    4. පිළිකා සෛල මැඩපවත්වයි
    Cancer

    Source – jimenezvareladiseases.blogspot.com, clipartsheep.com

    පිළිකා නාශක ගුණ ඇති ආහාරයක් ගැන ඔබ කල්පනා කරනවා ඔබේ මනසට මුලින් ම පැමිණිය යුතු ආහාරයක් ලෙස කරවිල දක්වන්නට පුළුවන්. ඉහත කීවා සේ සිරුර තුල සිනි මට්ටම පාලණය කරන අතරතුර, අග්න්‍යාශ ආශ්‍රිත පිළිකා සෛල වර්ධනය වීම මැඩ පවත්වන්නට සමත්කම් දක්ක්වනවා. මීට අමතරව කරවිල ආහාරයට එක්කාසු කර ගැනීම මගින් පුරහ්ස්ථ ග්‍රන්ථි, මහාබඩවැල, අක්මාව සහ පියයුරු ආශ්‍රිතව පිලික සෛල ඇතිවීම වැලැක්වෙන බව වෛද්‍යවරුන් පවසනවා.

     

    5. ලේ පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
    Blood

    Source – makeupandbeauty.com

    කරවිල රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරනවා, පිරිසිදු රුධිරය සියලු සෛල වලට ගමන්කළ විටයි සිරුර සෞඛ්‍යමත් වවන්නේ. එසේ පිරිසිදු රුධිරය සිරුර පුරා සංසරණය වන විට සම පැහැපත් වීම නිරතුරුවම සිදුවන දෙයක්. එසේ සම පැහැපත්වීම [සෞඛ්‍යමත් වීම] නිසා සැමට වැළදෙන නොයෙක් ඉස්හොරි, කුරුලෑ, ලප කැළැල්, පොතුකබර රෝගී තත්වයන්, පණුරෝගආදිය වැලැක්වීම සිදුවනවා. මීට අමතරව සම මත ඇතිවන විවිධ තුවාල සහ අසාත්මිකතා වලවන්නටත් කරවිල කරන්නේ මහඟු මෙහෙයක්. ඉතින් ඔබ මේ විදියට ලස්සනට පැවතුනොත් ඔබට කැමති අය දෙපාරක් හැරිලා බලන බව නම් අනිවා ෂුවර්..!

     

    6. විටමින් මට්ටම නිසා ඔබව නිරෝගී කරවයි
    Vitamins

    Source – catholicalcoholic.com

    විටමින් වලින් පොහොසත් මේ අපුරු ආහාරය, සිරුර තුල රුධිරය අලුතින් නිපදවන්නට සහ අස්ථි ශක්තිමත් කරන්නට බොහෝ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව නොරහසක්. මීට අමතරව ආමාශයේ දැවිල්ල සහ ඉන් ඇතිවන තුවාල සුවපත් වීම සඳහාත් භාවිතා කරයි. මෙයට අමතරව ක්‍රීඩාශීලී ජීවනරටාවක් සහිත පුද්ගලයින්ට නිතර ඇතිවන මාංශ පේශී ඉරීයාම් සහ ඒවායේ ඇතිවන වේදනාවන් අඩු කරන්නටද කරවිල වලින් සහය ලැබෙන අතර, කරවිල වැඩි ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ විටමින් මට්ටම ඉහලින් තබාගෙන සිරුර නිරෝගී කරගන්නට ඔබට අවස්තාව ලැබෙනවා.

     

    7. ප්‍රතිශක්තිය වඩවයි
    Immunity

    Source – collective-education.com

    ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක් මගින් ලෙහෙසියෙන්ම අපට අහිතකර බැක්ටේරියා සහ රෝගතත්ත්වයන් ගෙන් මිදී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් කරවිල ආහාරයට එක්කර ගැනීමේදී, සෙම්ප්‍රතිශ්‍යාව, වෛරස් රෝග, උණ රෝගය ආදිය ලෙහෙසියෙන්ම පිටු දකින්නට පුළුවන් වෙනවා. තවද ආහාර ජීරණය ක්‍රමවත් වීම නිසා ආහාර අජීරණ වලින් මිදී සිරුර වඩාත් සෞඛ්‍යමත් වනවා.

    හැමදාම උදෑසන ආහාර සමගම කරවිල යුෂ වීදුරුවක් පානය කිරීමෙන්, රසට කරවිල මැල්ලුමක් හදා ගැනීමෙන් වගේ දේවල් වලින්, මේ සියලු රෝග තත්ත්වයන්ට පිළියම් පහසුවෙන් ලබා ගන්නට පුළුවන්. ඔබ කලයුත්තේ වෙළඳපොලේ පිරිසුදු කොළ පැහැති ලපටි කරවිල ටිකක් ගෙදරිත් ගෙනත් තබාගෙන ඔබේ සිරුර සෞඛ්‍යමත් කරගැනීම පමණයි.

    සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    31 Jan 2016 07:15 AM
    පොඩ් කාලේනං කටේවත් තියන්නෙ නැහැ.
    මේවගේ අගේ දැනිලද මන්ද දැන්නං ගොඩක් ආස කෑමක් වෙලා
    0

    Rosi
    Super Senior Member
    Super Senior Member
    Posts:5335






    --
    31 Jan 2016 12:00 PM
    ඔව් මාත් පොඩි කාලේ නම් ආසම නැ ...දැන් නම් ගියොත් ගෙනම එළවළුවක් ...ස්තුති අයියා ,හරිම වටිනවා මේ විස්තර .
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14112






    --
    31 Jan 2016 07:44 PM
    බොහොම වටිනා තොරතුරු ටිකක්. කරවිල වල තියෙන්නෙ රත්තරන් කියල අපේ අම්මල ඉස්සර කියනව.
    කොහොම නමුත් මම තවම පොඩි කාලේ වගේම තමයි කරවිල ගැන තියෙන ප්‍රතිපත්තිය. අභාග්‍යක මහත.
    ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
    0
    You are not authorized to post a reply.