You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Nov 2018 10:54 AM by  maduranga001
ඔටිසම් -ඔටිසම් වලදී ශරීර සංවේදනයට මොනවද වෙන්නේ
 55 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
01 Oct 2018 06:53 AM
Posted By maduranga001 on 30 Sep 2018 07:55 PM
Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල  ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක්  කල හැකියි  හැමෝගෙම දැනුවත් වීම සඳහා.


ඒක නම් හොඳ අදහසක් අයියේ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2018 06:02 PM
Posted By maduranga001 on 30 Sep 2018 07:55 PM
Posted By wasangaama on 27 Sep 2018 12:38 PM
ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ.
මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල  ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක්  කල හැකියි  හැමෝගෙම දැනුවත් වීම සඳහා.

ඒ ගැන දේශනයක් කරන්න අයියේ. හොදයි ඒක
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
14 Oct 2018 06:36 AM

otisumඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක්‌ (developmental disorder)

මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතියේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක්‌ ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්‌.

ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව.

නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා.

ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා.

ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste) සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස්‌ තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා.

ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක්‌ ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා.

සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder)

තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක්‌ කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
14 Oct 2018 11:45 AM
මාත් දැකල තියෙනව මේ අය පොඩි සද්ද වලදිත් බය වෙනව
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
21 Oct 2018 06:20 AM

otisum"අපේ දරුවට ඔටිසම් කියල කිව්ව. ඉතිං මම මේ දරුව එක්‌ක සායනවලට යනව දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ, ඒත් තවම කිසිම ප්‍රගතියක්‌ නැහැ" මෙය අපිට නිතර ඔටිසම් දරුවන් ඇති දෙමාපියන්ගෙන් අහන්න ලැබෙන දෙයක්‌. බොහොමයක්‌ දෙමාපියන් වසර ගණනක්‌ තිස්‌සේ තම මුදල්, ශ්‍රමය හා අගනා කාලය වැයකරලත් තවම කිසිදු සා+ථක ප්‍රතිඵලයක්‌ තම දරුවට ලැබිල නැහැ කියල අපට කියනව.

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් බොහොමයකගේ ඉතා කුඩා කාලයේ සිටම ළමයා හා දෙමාපියන් අතර තියෙන බැඳීම (Child-to-parent bonding) හා ස්‌පර්ෂයෙන් ලැබෙන සතුට නැතිවෙල තියෙනවා. (loss of the ability to feel pleasure.)

මෙම සංවේදන නොහැකියාව හෝ හානිය නිසා දරුවා තම ස්‌පර්ශ කරනවට අකමැත්ත හෝ තමාව අනෙක්‌ අය ස්‌පර්ශය යන කාරණා වලින් වැළකී ඉන්න ඉතාමත් උත්සාහයක යෙදෙනවා. ඇත්තටම දරුවන්ට විශේෂයෙන්ම තම මව ආදරයෙන් අමතල ස්‌පර්ශ කරනවට දරුවන් කැමතියි. එයින් ඔවුන්ට තම දෙමාපිය ආදරය, රැකවරණය තහවුරු වෙනව. දෙමාපියන් හෝ දරුවන් රැකබලා ගන්නා අයගේ ආදර ස්‌පර්ශයෙන් දරුවා බොහෝ සමාජ සම්බන්ධතා කුඩා කල සිටම වධනය කරගන්නව.

මෙම විශේෂ සංවේදනයට උදවු වන්නේ සමේ පවතින ඉතා කුඩා සංවේදී ස්‌නායු අග්‍ර (Tiny sensory nerves in the skin) මගින්. ඔටිසම් රෝගයේදී මෙම සංවේදී ස්‌නායුවල සංවේදී ක්‍රියාවට හානිවෙලා පවතිනව.

එමනිසා බොහොමයක්‌ ඔටිසම් දරුවන්ට ස්‌පර්ශයෙන් ලැබෙන සතුට විඳීමට අපහසු වෙලා පවතිනව. වාසනාවකට වගේ මේ හානි වී ඇති ස්‌නායු අග්‍ර නැවත යථා තත්ත්වයට පත් කළ හැකියි. (Damege is neversible).

ආහාර, ආහාර මාර්ග පද්ධතිය හා ඔටිසම් අතර බලපෑම ලබන සතියේ

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරන හෙවත් ශරීර අභ්‍යංගය සඳහා (Body massage) යොදා ගන්නා වූ සුවිශේෂ ඖෂධවලින් ඔටිසම් රෝගීන්ට මහඟු ප්‍රතිඵල අත්වෙල තියෙනව. සමෙහි හානි වූ ස්‌නායු අන්ත යථා තත්ත්වයට පත්වූ විට දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධය සමාජ සම්බන්ධතා වැඩි දියුණු වෙනව.

දැනට කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව මෙම මසාජ් කිරීම මාස 6 ක්‌ සිදුකළ විට සංවේදන විකෘතිතාවල අඩුවීම 49% කින්ද, භාෂා හැකියාව දියුණුව හා චර්යා දියුණුව වර්ධනය වීමද 44% කින් වැඩිවී තිබෙනවා. අවුරුදු 2 ක ප්‍රතිකාරයට පසුව සංවේදන විකෘතිතා නැතිවීම 100% කින්ම සුවවීමත්, අධික්‍රියාකාරීත්වය අඩුවීම හා ඔටිසම් චර්යා අඩුවීමත් දක්‌නට ලැබී තිබෙනවා.

එබැවින් ඔටිසම් රෝගී දරුවකුට ප්‍රතිකාර කරන විට නිසි ප්‍රතිඵල ලබාගැනීමට දිගු කාලයක්‌ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
28 Oct 2018 06:30 AM

otisumප්‍රශ්නය - අපට ලැබී තිබෙන අලුත්ම වාර්තා අනුව ඇමරිකාව සහ කැනඩාව යන රටවලත්, ආසියානු රටවලත් ඔටිසම් රෝගය වඩාත් බහුල ලෙස පැතිර යමින් පවතිනවා. ඉස්‌සර තිබූ ප්‍රමාණයට වඩා රෝග ලක්‍ෂණ ප්‍රමාණයකුත් සමඟ දැන් ඔටිසම් රෝගය දැන ගැනීමට පුළුවන්.

විශේෂඥ වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - සමස්‌තයක්‌ ලෙස ගත්විට මුළු ලෝකයේම සෞඛ්‍ය විෂම රටාවකට පත්ව තිබෙනවා. ආහාර සහ විහරණ තත්ත්වයන් ක්‍රමානුකූල සහ සෞඛ්‍ය සම්පන්න නොවීම මෙයට හේතු වෙන්නට පුළුවන්. මේ රෝගවලට ඉංග්‍රීසි බෙහෙත් නැති වුණාට ආයුර්වේද ප්‍රතිකාර ඕනෑ තරම් තිබෙනවා. ඔටිසම් රෝගය සහිත දරුවන්ට නිර්දේශ කළ හැකි ස්‌නේහත සහ ස්‌වේදන ප්‍රතිකාර ගැනත්, ඉඟුරු, මිරිස්‌ සහ ගම්මිරිස්‌ යොදාගෙන සාදන ඖෂධයක්‌ මගින් ඔටිසම් රෝගී දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරන හෝමෝන සාදන්නේ කෙසේද යන්න ගැනත් පසුගියදා ජාත්‍යන්තර මට්‌ටමින් සාකච්ඡා වුණා. එසේම පංචකර්මයේ එන ස්‌නේහක කර්ම (බාල ලක්‍ෂාදී තෛලය යොදාගෙන මෙය කළ යුතුයි) ස්‌වේදන කර්ම, වමන කර්ම, විරේචන කර්ම, වස්‌ති කර්ම, ගිරෝධාරා, නස්‍ය කර්ම, පිපිචිල්, පිනිධ ස්‌වේද වැනි ක්‍රම වේද මගින් ඔටිසම් රෝගී දරුවන්ට යහපත් සෞඛ්‍යයක්‌ ලබා දෙන්නේ කොහොමද කියන කාරණයත් එහිදී සාකච්ඡා වුණා.

මෙහිදී සාකච්ඡා වූ වැදගත්ම කාරණයක්‌ තමයි ඔටිසම් රෝගය වැළඳුන දරුවන්ට දිය යුතු ආහාර මොනවද කියන එක. සම්පූර්ණ යොදය සහිත නැවුම් එළකිරි. මුං ඇට සහ රතු පරිප්පු, ඇපල්, අඹ, නෙල්ලි, දෙළුම්, කැරට්‌, පෙයාර්ස්‌ වැනි පලතුරු, ඔලිම් තෙල්, එළඟිතෙල් සහ ඖෂධ මිශ්‍ර කළ එළඟිතෙල් යනාදියත් සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස්‌ සහ දරුවාගේ ශරීර සෞඛ්‍ය මට්‌ටම මත ලබා දිය යුතු බවත්, එහිදී තීරණය වුණා. කෙටි කඩ කෑම, තෙල් සහ කුළුබඩු බහුල ආහාර, පරණ වූ ආහාර, ශීතකළ බීම වර්ග, රටකජු, සව්, මුදවපු කිරි, චීස්‌, කෝපි, රතු පැහැති මස්‌ වර්ග, මද්‍යසාර මිශ්‍ර පාන වර්ග, අර්තාපල්, වම්බටු, බතල යන කෑම වර්ග එවැනි දරුවන්ට නොදිය යුතු බවත්, උණු වතුර පමණක්‌ පානයට දිය යුතු බවත් එහිදී සාකච්ඡා කෙරුණා.

ලබන සතියට

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
29 Oct 2018 06:56 PM
මම නම් අහල තිබ්බෙ ඔට්සම් වලට ආහාර බලපාන්නෙ නෑ කියල
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
04 Nov 2018 06:57 AM

otisumප්‍රශ්නය - පසුගිය දා අප ඔබ සමඟ සාකච්ඡා කළා ඔටිසම් රෝගී දරුවන්ට කරන ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය ගැන.

වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙහිදී තවත් වැදගත් දෙයක්‌ සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ට නිතර දෙවේලේ ආහාර අසාත්මිකතා හැදෙනවා. විශේෂයෙන්ම ඔවුනට කෑම දිරවීමේ අපහසුතා බහුලව ඇති වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස්‌ නොලැබී යන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් බාගෙට දිරවපු ආහාරවල තිබෙන අර්ධ පෝෂණය තමයි ශරීරයට ලැබෙන්නේ. එතකොට රුධිරයේ තිබෙන ගුණාත්මකභාවය පහත වැටෙනවා. ඊළඟට දරුවාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දරුවාගේ ශරීරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙය ලොකු අවුලක්‌. හැම විටෙකම වාගේ ආහාර අසාත්මිකතා ඇති වී දරුවා පීඩාවට පත්වෙනවා. එවිට සිදුවන්නේ දරුවාට දෙන කෑම ඔහුට ගැලපෙනවාද නැද්ද කියලා හැම විටම පරීක්‍ෂණ මගින් තහවුරු කර ගන්නට සිදුවීමයි. මෙය ගෙදරකදී කරන්න බැරි නිසා දරුවා රෝහලක නතර කරන්න සිදුවෙනවා.

ප්‍රශ්නය ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි දරුවන්ට පොදුවේ අගුණ ආහාර මොනවාද?

වෛද්‍ය ලීනා ඉලේපෙරුම - කිරිවලින් පිළියෙළ කරගත් ආහාර හොඳ නැහැ. එළකිරි, මුදවපු කිරි, චීස්‌, මෝරු සුදුසු නැහැ. තක්‌කාලි, වම්බටු අර්තාපල්, මිරිස්‌ වර්ග, ඇඹුල් රේණු සහිත ගෙඩි (දෙහි, දොඩම්, නාරං, ජමනාරං) රටකජු, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, රසකාරක, කෘමිනාශක සහිත වාතාශ්‍රය, පලිබෝධ සහ වල් නාශක සහිත වාතාශ්‍රය, බැර ලෝහ කිසිසේත්ම සුදුසු නැහැ.

ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට ආහාර ආසාත්මිකතා හට ගන්නේ කොහොමද?

වෛද්‍ය ලීනා ඉලේපේරුම - මෙයට හරියාකාර හේතුව සොයාගෙන නැහැ. හැබැයි දරුවාගේ ආහාරයට අමු ඉඟුරු, ගම්මිරිස්‌, අමු මිරිස්‌, යන තුන එක පමණට ගෙන ගලේ අඹරා මිශ්‍ර කළාමත් දිරවීම පහසු කරනවා. මේ මිශ්‍රණයට ආයුර්වේදයේ කියන්නේ ත්‍රිකටු කියලයි. එනම් කටුක රස තුනක්‌. ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම ප්‍රකෘතිමත් කරන්නට ත්‍රිකටුවලට පුළුවන්.

ඔටිසම්වලින් පෙළෙන දරුවන්ගේ හිස සම්බාහනය කරන්නට ගොටුකොළ තෙල් ඉතා සුදුසුයි. ගොටුකොළ ඉස්‌ම කෝප්ප භාගයක්‌ පිරිසිදු තල තෙල් කෝප්ප භාගයකට මිශ්‍රකර කකාරා නිවා ගැනීමෙන් ගොටුකොළ තෙල් සාදාගත හැකියි.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්තර සඳහා - 0766739977, 011-5708567

otisum1

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
05 Nov 2018 01:00 AM
ඒ ලිපිය හරි වැදගත් ඒ දෙමව්පියන්ට
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13470






--
11 Nov 2018 07:19 AM

otisum"අපේ දරුවට ඔටිසම් කියල කිව්ව. ඉතිං මම මේ දරුව එක්‌ක සායනවලට යනව දැන් අවුරුදු ගාණක්‌ තිස්‌සේ, ඒත් තවම කිසිම ප්‍රගතියක්‌ නැහැ" මෙය අපිට නිතර ඔටිසම් දරුවන් ඇති දෙමාපියන්ගෙන් අහන්න ලැබෙන දෙයක්‌. බොහොමයක්‌ දෙමාපියන් වසර ගණනක්‌ තිස්‌සේ තම මුදල්, ශ්‍රමය හා අගනා කාලය වැයකරලත් තවම කිසිදු සාර්ථක ප්‍රතිඵලයක්‌ තම දරුවට ලැබිල නැහැ කියල අපට කියනව.

ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන් බොහොමයකගේ ඉතා කුඩා කාලයේ සිටම ළමයා හා දෙමාපියන් අතර තියෙන බැඳීම (Child-to-parent bonding) හා ස්‌පර්ෂයෙන් ලැබෙන සතුට නැතිවෙල තියෙනවා. (loss of the ability to feel pleasure.)

මෙම සංවේදන නොහැකියාව හෝ හානිය නිසා දරුවා තම ස්‌පර්ශ කරනවට අකමැත්ත හෝ තමාව අනෙක්‌ අය ස්‌පර්ශය යන කාරණා වලින් වැළකී ඉන්න ඉතාමත් උත්සාහයක යෙදෙනවා.

ඇත්තටම දරුවන්ට විශේෂයෙන්ම තම මව ආදරයෙන් අමතල ස්‌පර්ශ කරනවට දරුවන් කැමතියි. එයින් ඔවුන්ට තම දෙමාපිය ආදරය, රැකවරණය තහවුරු වෙනව. දෙමාපියන් හෝ දරුවන් රැකබලා ගන්නා අයගේ ආදර ස්‌පර්ශයෙන් දරුවා බොහෝ සමාජ සම්බන්ධතා කුඩා කල සිටම වර්ධනය කරගන්නව.

මෙම විශේෂ සංවේදනයට උදවු වන්නේ සමේ පවතින ඉතා කුඩා සංවේදී ස්‌නායු අග්‍ර (Tiny sensory nerves in the skin) මගින්. ඔටිසම් රෝගයේදී මෙම සංවේදී ස්‌නායුවල සංවේදී ක්‍රියාවට හානිවෙලා පවතිනව.

එමනිසා බොහොමයක්‌ ඔටිසම් දරුවන්ට ස්‌පර්ශයෙන් ලැබෙන සතුට විඳීමට අපහසු වෙලා පවතිනව. වාසනාවකට වගේ මේ හානි වී ඇති ස්‌නායු අග්‍ර නැවත යථා තත්ත්වයට පත් කළ හැකියි. (Damege is neversible).

ආහාර, ආහාර මාර්ග පද්ධතිය හා ඔටිසම් අතර බලපෑම ලබන සතියේ

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරන හෙවත් ශරීර අභ්‍යංගය සඳහා (Body massage) යොදා ගන්නා වූ සුවිශේෂ ඖෂධවලින් ඔටිසම් රෝගීන්ට මහඟු ප්‍රතිඵල අත්වෙල තියෙනව. සමෙහි හානි වූ ස්‌නායු අන්ත යථා තත්ත්වයට පත්වූ විට දරුවා හා දෙමාපියන් අතර සම්බන්ධය සමාජ සම්බන්ධතා වැඩි දියුණු වෙනව.

දැනට කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව මෙම මසාජ් කිරීම මාස 6 ක්‌ සිදුකළ විට සංවේදන විකෘතිතාවල අඩුවීම 49% කින්ද, භාෂා හැකියාව දියුණුව හා චර්යා දියුණුව වර්ධනය වීමද 44% කින් වැඩිවී තිබෙනවා.

අවුරුදු 2 ක ප්‍රතිකාරයට පසුව සංවේදන විකෘතිතා නැතිවීම 100% කින්ම සුවවීමත්, අධික්‍රියාකාරීත්වය අඩුවීම හා ඔටිසම් චර්යා අඩුවීමත් දක්‌නට ලැබී තිබෙනවා.

එබැවින් ඔටිසම් රෝගී දරුවකුට ප්‍රතිකාර කරන විට නිසි ප්‍රතිඵල ලබාගැනීමට දිගු කාලයක්‌ ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනව.

සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත

නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 06:33 PM
පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Nov 2018 09:47 PM
පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
සැලකිය යුතු මුදලක් වැය කල යුතුයි හොඳේ.. මෙතුමිය නුගොඩ ආශ්‍රිත තැනක ඉඳන් තමයි ප්‍රතිකාර කරන්නෙ. හිස කුඩිච්චි වගේ දේවල් වලට අමතරව කරන දරුවා මසාජ් කිරීම් වගේ දේවල් අපිමයි කර ගන්න ඕන අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
13 Nov 2018 10:12 PM
Posted By maduranga001 on 13 Nov 2018 09:47 PM
පෝන් නම්බර් නුත් තියෙන එක මේ ලිපිය දකින කාට හෝ ප්‍රෙයෝජනවත් වේව්....
සැලකිය යුතු මුදලක් වැය කල යුතුයි හොඳේ.. මෙතුමිය නුගොඩ ආශ්‍රිත තැනක ඉඳන් තමයි ප්‍රතිකාර කරන්නෙ. හිස කුඩිච්චි වගේ දේවල් වලට අමතරව කරන දරුවා මසාජ් කිරීම් වගේ දේවල් අපිමයි කර ගන්න ඕන අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව.

හොඳ ප්‍ර්ථිඵල  ලැබෙනවද අය්ය  ඒ වැඩ වලින්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
13 Nov 2018 10:37 PM
කෙටි පිළිතුරකින් කියන්න අමාරුයි ඔබේ ප්‍රශ්නයට පිළිතුර.

දෙමාපියන්ගේ සහ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සහ කාර්යමණ්ඩලයේ කැපවීම වැඩි ලෙස බලපාන බව කිව යුතුයි. ලෙහෙසි වැඩක් නෙවෙයි. විශාල කැපකිරීමක් සහ කාලයක් සහ බොහෝ විට වැඩි පිරිවැයක් පවා වැය කරන්න වෙනවා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

wasangaama
Basic Member
Basic Member
Posts:199






--
19 Nov 2018 03:20 PM
මගේ දරුවටත් ලොකු මහන්සියක් වෙනවා. වියදම නම් ලේසි පහසු නැහැ. මෙයා ගාවට එක දවසක් ගියා.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
20 Nov 2018 10:54 AM
Posted By wasangaama on 19 Nov 2018 03:20 PM
මගේ දරුවටත් ලොකු මහන්සියක් වෙනවා. වියදම නම් ලේසි පහසු නැහැ. මෙයා ගාවට එක දවසක් ගියා.
දැනට කාගෙන් ද ප්‍රතිකාර ගන්නෙ? ඔසිල්මෝ එකට ගියා ද?
ලංකාවේ මේ සම්භන්ධ විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරු ඉන්නෙ අතළොස්සයි. එයින් කිහිප දෙනෙකු මම පෞද්ගලිකව හඳුනන නිසා අවශ්‍ය නම් පුද්ගලික හැඳුන්ම්කමින් යුක්තව යොමු කරලා දෙන්න පුළුවන්.
පුළුවන් වෙලාවක මට කෝල් එකක් දෙන්න.

මේ වගේ දරුවෙකු සමඟ ගෙවන ජීවිතය ගැන දන්නෙ ඊට මුහුණ දෙන දෙමව්පියන්ම තමයි. දරුවාගේ වයස යන්න කළින් සනීප කර ගන්න වයස පහු උනහම සුව කරන්න බැහැ. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
You are not authorized to post a reply.
Page 3 of 3 << < 123