Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Nov 2018 10:54 AM by maduranga001 ඔටිසම් -ඔටිසම් වලදී ශරීර සංවේදනයට මොනවද වෙන්නේ 55 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 3123 > >> Author Messages chamaramindMost Senior MemberPosts:13471 21 Jul 2018 07:34 PM ඔටිසම් දරුවාගේ පෙනීමේ අවුලක් නම් මේ ලිපිය කියවන්න ප්‍රශ්නය - ඔටිසම් රෝගයේ තිබෙනවා Autism Spectrum disorder කියලා තත්ත්වයක්. මේ තත්ත්වයට මුහුණ දෙන දරුවන්ගෙන් සමහරකට ඇස් පෙනීම දුර්වලයි. සමහරුන්ගේ ඇස් හරියට Focus වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට නිසි රූපය ලබා ගන්නට බැහැ. ඇස් දෙක හරියට Focus නොවන විට එක රූපය දෙකක් වගේ පෙනෙනවා. මෙය ඉතාම පීඩාකාරී තත්ත්වයක් මේ ගැන ඔබට තිබෙන අත්දැකීම් කුමක්‌ද? වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙයට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ආයුර්වේද වෛද්‍ය ආයතනයකදි අපිට ලැබී තිබෙනවා. ඔටිසම්වලට අදාළ මේ වර්ගයේ රෝගවලට පොදු ආයුර්වේද නමක් තිබෙනවා. ඒ තමයි මනෝ ..... බලය. රෝග කියන නම. එහෙත් ASD රෝග තත්ත්වය කියලා වෙනම රෝගයක් ආයුර්වේදයේ නැහැ. ඒ නිසා ඒ රෝගයටම ඉලක්‌ක කරල ප්‍රතිකාර කිරීමේ දුෂ්කරතාවක් තිබුණා. මේ අතර අප පුහුණුව ලද ඉන්දියානු ආයතනයට අවුරුදු 8 ක ගැහැනු ළමයකු ගෙනාවා. ඇය ASD රෝග තත්ත්වයෙන් පෙළුනා. ඇයට ප්‍රතිකාර කිරීම විශාල අභියෝගයක්. එම ප්‍රතිකාර සඳහා ක්‍රමවේදයක් හදා ගැනීමට අපට හැකි වුණා. අප මුලින්ම කළේ දරුවාගේ රෝග ලක්‍ෂණ සියල්ල වෙන් වෙන්ව ගෙන ආයුර්වේද මූලධර්මවලට අනුකූලව තක්‌සේරු කිරීමයි. ඒ කියන්නේ හැම රෝග ලක්‍ෂණයක්‌ම ත්‍රිදොaෂ ක්‍රමවේදයට යටත් කර අර්ථකථනයක් ගැනීමයි. එවිට අපට හඳුනාගන්නට පුළුවන් වුණා එක් එක් රෝගලක්‍ෂණය පදනම් වෙලා ඇත්තේ ත්‍රිදොaෂවල කවර කොටස මතද කියන කාරණය. එවිට ප්‍රතිකාර කළ යුත්තේ කවරක් සඳහා ද කියන කාරණය පැහැදිලි වුණා. ඒ එක්‌කම අප තේරුම් ගත්තා රෝගය නැති කිරීම සඳහා යොදාගත හැකි ප්‍රධාන ඉන්ද්‍රිය දැරියගේ ආහාර ජීර්ණ පද්ධතිය කියන එක. දැරියට සුදුසු, ඇය ශක්‌තිමත් කරන ආහාර වගේම ඇය සුවපත් කරන ඖෂධ ශරීරගත කිරීම සඳහා අපට ලැබී තිබුණේ ආහාර ජීර්ණ පද්ධතියයි. මන්ද යත් ආයුර්වේදයේ එන්නත් මගින් ඖෂධ ශරීරගත කරන ක්‍රමයක් නැහැ. සේලයින් දෙන්නේ නැහැ. සියලුම ඖෂධ ස්‌වභාව ධර්මයට කිට්‌ටු ක්‍රම මගින් ශරීරගත කිරීම තමයි සම්ප්‍රදායය. ASD රෝගයට බලපාන ශරීරයේ විෂ සහිත තත්ත්වයන් තුරන් කිරීමේදී ආහාර ජීර්ණ පද්ධතිය යොදා ගැනීමට හැකියාව තිබුණා. අප එදා ඒ දරුවාට කළ ප්‍රතිකාරයෙන් පස්‌සේ එම ක්‍රමවේදය ගැන වෛද්‍ය පත්‍රිකා රැසක් නිකුත් කෙරුණු බව දැන ගන්නට ලැබුණා. (දරුවාට ප්‍රතිකාර කර සුව කළ හැටි ලබන සතියේ කියවමු.) නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 UdariSuper Senior MemberPosts:5555 21 Jul 2018 08:57 PM ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන 0 maduranga001Most Senior MemberPosts:14123 21 Jul 2018 10:39 PM Posted By Udari on 21 Jul 2018 08:57 PM ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන ඕනෑම දෙයක් අහන්න. මේ ලෙඩේ ගැන දැන් වෛද්‍යවරුන්ටත් වඩා දන්නව මං. 0 UdariSuper Senior MemberPosts:5555 21 Jul 2018 11:12 PM Posted By maduranga001 on 21 Jul 2018 10:39 PM Posted By Udari on 21 Jul 2018 08:57 PM ඕටිසම් ගැන නිතර ඇහුනත් මට නම් තාම අවබෝධයක් නෑ මේ ලෙඩ ගැන ඕනෑම දෙයක් අහන්න. මේ ලෙඩේ ගැන දැන් වෛද්‍යවරුන්ටත් වඩා දන්නව මං. මේක මන්දබුද්දික තත්වයක් නෙමෙයි නේද අය්ය , පිටතින් කිසිම ලක්ෂණයක් ( රූපෙ) පේන්නෙත් නෑ නේද, මෙයාලට විශේෂ දක්ෂතා තියෙනව කියලත් අහල තියෙනව , ඇත්තටම කොහොමද අය්ය මේ ලෙඩ එන්නෙ......ප්‍රෙවේනිකවද.... 0 maduranga001Most Senior MemberPosts:14123 21 Jul 2018 11:33 PM Posted By Udari on 21 Jul 2018 11:12 PM මේක මන්දබුද්දික තත්වයක් නෙමෙයි නේද අය්ය , පිටතින් කිසිම ලක්ෂණයක් ( රූපෙ) පේන්නෙත් නෑ නේද, මෙයාලට විශේෂ දක්ෂතා තියෙනව කියලත් අහල තියෙනව , ඇත්තටම කොහොමද අය්ය මේ ලෙඩ එන්නෙ......ප්‍රෙවේනිකවද.... කිසිම මන්ද බුද්ධික බවක් නැහැ. ලෝකේ බිහිවෙලා තියෙන උපර්ම බුද්ධිතලයේ ඉන්න මිනිසුන් මේ රෝගයට ලක් වූ අය කියල තමයි කියන්නෙ. ඇල්බට් අයින්ස්ටයින් පවා. ඒ වගේම අධික ශක්තියක් ඔවුන් තුල තියෙනවා.ලෝකයේ වැඩිම වාර ගණනක් රන් පදක්කම් දිනු ලෝක ශුර පිහිනුම් ක්‍රීඩක මයිකල් ෆෙල්ප් (ඔහු ගැන මෙතැනින් - https://en.wikipedia.org/wiki/Michael_Phelps) වගේම අපි හැමෝම පාවිච්චි කරන මේ උපකරණ මෙන්ම වින්ඩොව්ස් මෘදුකාංගයේ සෙවුම්කරු මයික්‍රොසොෆ්ට් සමාගමේ අධිපති බිල් ගේට්ස් පවා. ඕන නම් තවත් උදා හරණ සැහෙන්න දෙන්න පුළුවන්. ඔටිසම් දරුවන් නිවැරදිව හදා ගත්තොත් සුපිරිම මොළ තමයි. ඔවුන් ඉදිරියේ අපි තමයි මන්ද බුද්ධිකයන් වෙන්නෙ. ඔබේ ප්‍රශ්නයට පිළිතුර එයයි. 0 chamaramindMost Senior MemberPosts:13471 28 Jul 2018 06:05 PM ඔටිසම් ගැන ඔබ දැනුවත්ද? ඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක් (developmental disorder) මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතිsයේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක් ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්. ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව. නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා. ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා. ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste) සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස් තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා. ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක් ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා. සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder) තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක් කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්. නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 UdariSuper Senior MemberPosts:5555 28 Jul 2018 09:27 PM 45/1 ක් කියනනෙ සෑහෙන ළමයි පිරිසකට ඕටිසම් තියෙනවනේ 0 chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2018 05:41 PM ඔටිසම් දරුවකු නිවැරදි කර ගැනීමට නව ප්‍රවේශයක් කුඩා දරුවකුගේ වර්ධනය ආශ‍්‍රිතව ඇතිවන ඕනෑම ගැටලූවකදී දෙමව්පියන් කලබලයට පත්වීම අරුමයක් නොවේ. වෙසෙසින්ම කතාව ආශ‍්‍රිතව හෝ ඇවිදීම ආශ‍්‍රිතව හෝ ගැටලූ ඇතිවූ විට මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීම දෙමාපියන්ගේ සිරිතයි. මේ ආකාරයට දෙමව්පියන් කලබලයට මෙන්ම අසරණ බවට පත්වෙන රෝගයක් ලෙස ‘ඔටිසම් රෝග පරාසය’ හැඳින්විය හැකියි. ඔටිසම් දරුවා එක් ආකාරයකට විශ්මිත හැකියාවන් පෙන්වන දරුවෙකි. ඔහුගේ මතක හැකියාව ප‍්‍රබලය. ඔහුගේ චාලක හැකියාවන් ප‍්‍රබලය. එහෙත් මෙම දරුවා ඔබ අප සිදුකරන ඉතා සරල සමාජ අන්තර්ක‍්‍රියාවක් හෝ සිදුකරන්නේ නැත. ඔබගේ දරුවකුට ඔටිසම් තත්ත්වයක් පිළිබඳ රෝග විනිශ්චයක් ලැබුණොත් ඔබ කුමක් කළ යුතුද? ඔටිසම් දරුවන් නිවැරදි කරගැනීම පිළිබඳ සිදුකළ යුතු බොහෝ චිකිත්සාවන් දෙමාපියන්ටම නිවසේ සිට සිදුකළ හැකි බව ඔටිසම් දරුවන් පිළිබඳ වසර ගණනාවක සිට පුරෝගාමී මෙහෙවරක නියැලෙන වෛද්‍ය සුදත් දම්සිංහ පවසයි. ඔටිසම් දරුවකු තුළ පවතින සන්නිවේදන දුබලතා, අන්තර්ක‍්‍රියා දුබලතා මෙන්ම හැසිරීමේ දුබලතා නිවැරදි කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳ වෛද්‍ය සුදත් දම්සිංහයන් සමග අප පැවැත්වූ සාකච්ඡාවකි මේ. ඔටිසම් රෝගය පිළිබඳව ජනතාව අතර යම් දැනුවත්වීමක් මේ වනවිට තිබෙනවා. එහෙත් දරුවකුට ඔටිසම් රෝග විනිශ්චය ලැබුණ පසු කුමක් කළ යුතුද යන්න දෙමව්පියන් දන්නේ නෑ? එය සත්‍යයක්. ඔටිසම් දරුවා නිවැරදි කර ගැනීම සඳහා සිදුකළ යුතු චිකිත්සක මැදිහත්වීම පිළිබඳව පුළුල් අවබෝධයක් තවමත් බොහෝ දෙමව්පියන්ට ඇතැයි මා සිතන්නේ නෑ. ඔටිසම් දරුවකු නිවැරදි කරගැනීම සඳහා නිවෙස් මට්ටමේදී මෙන්ම සමාජ මට්ටමේ දී ද සිදුකළ යුතු දෑ බොහෝ තිබෙනවා. දරුවා සමීපයේ වාඩි වී ඇසට ඇස බැලීම නිවැරදි කිරීම, අවධානය බෙදා ගැනීමට ඉගැන්වීම, අන්තර්ක‍්‍රියා කිරීමට මෙන්ම අනුකරණය කිරීමට ඉගැන්වීම ඉතාමත්ම වැදගත් මූලිකාංග වෙනවා. ඔටිසම් දරුවකුගේ නිවැරදි කිරීමට ඇවැසි වූ මෙවැනි මූලිකාංග රැසක් තිබෙනවා. ඒවා චිකිත්සාවේ මුල් කාලයේ දී ඉතා ඉක්මනින් නිවැරදි කරගත යුතුයි. මෙහිදී මේ ආකාරයට දරුවා සමග සමීපව කටයුතු කරමින් සකස් කරගත යුතු මේ සාධකවලට අමතරව, දරුවාගේ සෙල්ලම් කිරීමේ හැකියාව මෙන්ම සම වයසේ දරුවන් සමග කටයුතු කිරීමේ හැකියාව ද වර්ධනය කිරීම අවශ්‍ය වෙනවා. ඔටිසම් දරුවකු සමග නිවාස මට්ටමේදී පමණක් කටයුතු කිරීම ප‍්‍රමාණවත්ද? කිසිසේත්ම නැහැ. දරුවා පරිසරයට නිරාවරණය කළ යුතුයි. හැකි පමණ ස්ථානවලට දරුවා රැගෙන යා යුතුයි. එහිදී දරුවාගේ සමාජ කුසලතා වර්ධනයට ද කටයුතු කළ යුතුයි. මෙහිදී දරුවා පරිසරයට රැගෙන යාමට අපගේ බොහෝ දෙමාපියන් මැලිවෙනවා. සමාජයේ සිටින අය තමා දෙසත්, දරුවා දෙසත් වපරැසින් බැලීම අපගේ දෙමව්පියන්ට දරා ගැනීමට අපහසුයි. අපේ රටේ මිනිසුන්ගේ තිබෙන මේ අනිසි බලපෑම් දෙමව්පියන් අසීරුතාවට පත් කරනවා. මෙය කෙසේ හෝ ජයගත යුතු තත්ත්වයක්. දෙමව්පියන්ට මෙම ඔටිසම් චිකිත්සාව තනිවම සිදු කළ හැකිද? පුළුවන්. එහෙත් ඒ සඳහා වෘත්තිකයන්ගේ උපදෙස් අවශ්‍ය වෙනවා. මා වැඩිපුර විශ්වාස කරන්නේ දෙමව්පියන්ව මේ සඳහා පුහුණු කිරීමයි. මෙම ඔටිසම් රෝගය පිළිබඳවත්, එහිදී චිකිත්සාව ලබාදිය යුතු ආකාරය පිළිබඳවත් දෙමව්පියන් ඉගෙන ගත යුතුයි. මා කලින් සඳහන් කළ ආකාරයට ඔටිසම් දරුවාගේ මූලික දුබලතා සැකසීම සඳහා දෙමව්පියන් පළමුව ඉගෙන ගත යුතුයි. ඊට අමතරව සන්නිවේදන චිකිත්සාව, චාලක චිකිත්සාව, සන්නිවේදන අන්තර්ග‍්‍රහණය, හැසිරීම සැකසීම වැනි ඔටිසම් චිකිත්සාවේ ඇති පුළුල් අංගෝපාංග පිළිබඳව දෙමව්පියන් ඉගෙනගත යුතුයි. එම ඉගෙනගැනීමට අමතරව චිකිත්සක සැලසුම් කිරීම කෙරෙහි ද අවබෝධයක් ඇතිකර ගත යුතුයි. එහිදී කවර චිකිත්සක, කොපමණ කාලයක් දරුවා සමග සිදුකළ යුතුද යන සැලැස්ම වැදගත් වෙනවා. ඔටිසම් දරුවා සඳහා ආයතනගතව චිකිත්සාවන් සිදුකිරීම අත්‍යාවශ්‍යද? මෙයට පිළිතුර ඔව් හා නැහැ ලෙස ලබාදෙන්නට පිළිවන්. විදේශවල සිටින අයට චිකිත්සක පුහුණුව හා සැලැස්ම ලබාදීමේදී එවැන්නක් සිදුවන්නේ නැහැ. එහෙත් එම දරුවන් ද ඉතා හොඳ ප‍්‍රගතියක් අත්පත් කරගන්නවා. එහෙත් ශ‍්‍රී ලංකාව තුළ සිටින ඔටිසම් දරුවන්ට ආයතනවලට සම්බන්ධ වී චිකිත්සාව ලබාගැනීමේ විශේෂ වාසිය හිමිවෙනවා. සමහර අය දිනපතාම චිකිත්සාව සඳහා පැමිණෙනවා. සතියකට වරක් මෙන්ම මසකට වරක් චිකිත්සාව සඳහා පැමිණෙන අයද සිටිනවා. එය පෞද්ගලික කරුණු මත සිදුවෙන දෙයක්. එහෙත් වඩාත් වැදගත් වන්නේ සතියක් පුරා ඔටිසම් දරුවා සඳහා සිදුකරන මුළු චිකිත්සක පැය ප‍්‍රමාණයයි. අවම වශයෙන් සතියකට පැය 35 ක් වත් එලෙස චිකිත්සාව ලබාදිය යුතුයි. ඔටිසම් දරුවන් තුළ ඇති සන්නිවේදන දුබලතා, හැසිරීමේ දුබලතා මෙන්ම අන්තර්ක‍්‍රියා සම්බන්ධයෙන් ඔවුන් දක්වන පසුගාමීත්වය නිවැරදි කරගැනීම සඳහා එක් එක් දරුවන් වෙනුවෙන් අනුගමනය කළ යුතු ක‍්‍රියාදාමයන් විවිධයි. ඔබට මේ පිළිබඳව උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් 071 6812524 දුරකථනය ඔස්සේ ඔබට එම තොරතුරු නොමිලේ ලබාදීමටත් වෛද්‍ය සුදත් දම්සිංහ මහතා සූදානම්. පාලිත සේනානායක 0 chamaramindMost Senior MemberPosts:13471 04 Aug 2018 05:43 PM ඔටිසම් ගැන ඔබ දැනුවත්ද? ඔටිසම් කියන්නේ මනෝ ඉන්ද්‍රිය රෝගයක් ලෙස ආයුර්වේදයේ දක්‌වනවා. දරුවා තුළ දක්‌නට ලැබෙන රෝග ලක්‌ෂණ අනුව එහි තත්ත්වය (severtity) නිර්මාණය වෙනව. ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ට නිසි ප්‍රතිකාර නොකළොත් ඔවුන් ඔටිසම් සහිත වැඩිහිටියන් බවට පත්වෙනව. කුඩා කල මෙන්ම චර්යා ගති ලක්‌ෂණ එලෙසම පවතිනව. 1994 සිට 2013 දක්‌වා ඔටිසම් රෝග ආකාර 5 ක් දැනට හඳුනාගෙන තිබෙනවා. (Five different type of Autism) සමහර දරුවන්ට ඔටිසම් සමග උණ වලිප්පු, අපස්‌මාරය පවතී නම් රෝග ලක්‌ෂණ වල තීව්‍රතාව සමග රෝගය තදින් පවතින අවස්‌ථා බොහොමයක් අපට හමු වෙනව. ඔටිසම් පිළිබඳව ඔබ විශේෂයෙන් දැනගත යුතු කරුණු ලෙස (Things to Know about Autism) Ö බොහෝ අවස්‌ථාවලදී ඔටිසම් සඳහා හේතුවූ කරුණු කුමක්‌දැයි නොදැනීම හෝ අපැහැදිලි බව. Ö එමෙන්ම පිරිමි දරුවන් ඔටිසම් තත්ත්වයට වැඩිපුර ගොදුරු වීම. Ö තවද දෙමාපියන්ගේ වයස වැඩි වූ විට හමු වූ බොහෝ දරුවන් ඔටිසම් සඳහා ගොදුරු වීම. Ö සමහර පවුල්වල පරම්පරාවෙන් එන ඔටිසම් රෝගීන් බහුල වීම. Ö නව්‍ය වෛද්‍ය ක්‍රමය තුළ ඔටිසම් සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් නොමැති වීම. Ö නව්‍ය වෛද්‍ය විද්‍යාවේදී යොදාගනු ලබන චර්යාමය (Behavioral), සංවර්ධන (Development), කථන (speech) , ක්‍රියාකාරකම් (occupational), යන ක්‍රම වේදයන් තුළින් වුවද සාර්ථක ප්‍රතිකාරයක් හෝ සුවයක් නොලැබීම. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී යොදාගන්නා වෛද්‍ය ඖෂධ තුළින් බොහෝ සාර්ථක ප්‍රතිඵල ලැබිල තියෙනව. Ö සමහර දරුවන් ආහාර මාර්ග පද්ධති රෝග හෝ සමහර කෑම වර්ග ප්‍රතිෙක්‌ෂaප කිරීම දක්‌නට ලැබෙනවා. Ö ඔටිසම්වලින් පෙළෙන සමහර දරුවන් තුළින් සංගීතයට, ගණිතයට, තාක්‌ෂණික විෂයට, චිත්‍රවලට, ඉංජිනේරු යන විෂයන් සඳහා අසාමාන්‍ය දක්‌ෂතා දක්‌නට ලැබෙනව. Ö සමහර විට සමාජයේ පවතින වැරදි විශ්වාස ලෙස ඔටිසම් රෝගීන්ට හැඟීම් නැත. (emotionless), ආදර කිරීමට නොහැකි බව (incapable of love) පවතිනව. Ö කොහොම වුවත් සෑම ආකාරයකම ඔටිසම් රෝගීන් අභියෝගයක්. නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 maduranga001Most Senior MemberPosts:14123 04 Aug 2018 07:07 PM ඉතා වැදගත් තොරතුරු ටිකක් මල්ලි. මේ තත්ත්වය ඉතා අභියෝගාත්මක තත්ත්වයක් දෙමව්පියන්ට. සතියකට පැය 35ක වත් අවම චිකිත්සාවක් දෙන්නට නම් නිවසේ සිට. දෙමව්පියන්ට රැකියාවක්වත් කරන්න වෙන්නේ නැහැ. 0 chamaramindMost Senior MemberPosts:13471 11 Aug 2018 06:57 PM ඔටිසම් දරුවාට ආහාර අසාත්මිකතා ඇති වුණොත්... ප්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ සාකච්ඡා කළේ ඔටිසම් රෝගී දරුවන්ට කරන ආයුර්වේද මූල සෛල ප්‍රතිකාරය ගැනයි. වෛද්‍ය ලීනා ඉලේපෙරුම - මෙහිදී තවත් වැදගත් දෙයක් සඳහන් කළ යුතුයි. ඔටිසම් රෝගය වැළඳුණු දරුවන්ට නිතර දෙවේලේ ආහාර අසාත්මිකතා හැදෙනවා. විශේෂයෙන්ම ඔවුනට කෑම දිරවීමේ අපහසුතා බහුලව ඇති වෙනවා. මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් නොලැබී යන අතර ආහාර ජීර්ණ පද්ධතිය ආහාර දිරවා ගැනීමට බැරි තරම් දුර්වල වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් බාගෙට දිරවපු ආහාරවල තිබෙන අර්ධ පෝෂණය තමයි ශරීරයට ලැබෙන්නේ. එතකොට රුධිරයේ තිබෙන ගුණාත්මකභාවය පහත වැටෙනවා. ඊළඟට දරුවාගේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දරුවාගේ ශරීරයට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පටන් ගන්නවා. මෙය ලොකු අවුලක්. හැම විටෙකම වාගේ ආහාර අසාත්මිකතා ඇති වී දරුවා පීඩාවට පත්වෙනවා. එවිට සිදුවන්නේ දරුවාට දෙන කෑම ඔහුට ගැලපෙනවාද නැද්ද කියලා හැම විටම පරීක්‍ෂණ මගින් තහවුරු කර ගන්නට සිදුවීමයි. මෙය ගෙදරකදී කරන්න බැරි නිසා දරුවා රෝහලක නතර කරන්න සිදුවෙනවා. ප්‍රශ්නය ආහාර අසාත්මිකතා ඇතිවිය හැකි දරුවන්ට පොදුවේ අගුණ ආහාර මොනවාද? වෛද්‍ය ලීනා ඉලේපෙරුම - කිරිවලින් පිළියෙළ කරගත් ආහාර හොඳ නැහැ. එළකිරි, මුදවපු කිරි, චීස්, මෝරු සුදුසු නැහැ. තක්‌කාලි, වම්බටු අර්තාපල්, මිරිස් වර්ග, ඇඹුල් රේණු සහිත ගෙඩි (දෙහි, දොඩම්, නාරං, ජමනාරං) රටකජු, ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික ද්‍රව්‍ය, කෘත්‍රිම වර්ණක, රසකාරක, කෘමිනාශක සහිත වාතාශ්‍රය, පලිබෝධ සහ වල් නාශක සහිත වාතාශ්‍රය, බැර ලෝහ කිසිසේත්ම සුදුසු නැහැ. ප්‍රශ්නය - ඔටිසම් දරුවන්ට ආහාර ආසාත්මිකතා හට ගන්නේ කොහොමද? වෛද්‍ය ලීනා ඉලේපේරුම - මෙයට හරියාකාර හේතුව සොයාගෙන නැහැ. හැබැයි දරුවාගේ ආහාරයට අමු ඉඟුරු, ගම්මිරිස්, අමු මිරිස්, යන තුන එක පමණට ගෙන ගලේ අඹරා මිශ්‍ර කළාමත් දිරවීම පහසු කරනවා. මේ මිශ්‍රණයට ආයුර්වේදයේ කියන්නේ ත්‍රිකටු කියලයි. එනම් කටුක රස තුනක්. ආහාර ජීර්ණ පද්ධතියේ තිබෙන එන්සයිම ප්‍රකෘතිමත් කරන්නට ත්‍රිකටුවලට පුළුවන්. ඔටිසම්වලින් පෙළෙන දරුවන්ගේ හිස සම්බාහනය කරන්නට ගොටුකොළ තෙල් ඉතා සුදුසුයි. ගොටුකොළ ඉස්‌ම කෝප්ප භාගයක් පිරිසිදුÊතල තෙල් කෝප්ප භාගයකට මිශ්‍රකර කකාරා නිවා ගැනීමෙන් ගොටුකොළ තෙල් සාදාගත හැකියි. ලබන සතියට නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 UdariSuper Senior MemberPosts:5555 12 Aug 2018 01:59 AM මේවයි සත්‍යතාවයක් තියේද මන්ද 0 sha733Super Senior MemberPosts:7332 12 Aug 2018 07:05 AM Posted By Udari on 12 Aug 2018 01:59 AM මේවයි සත්‍යතාවයක් තියේද මන්ද සත්‍යතාවය කෙසේ වෙතත් දැනුවත් වෙලා ඉන්න එක වටිනවා 0 chamaramindMost Senior MemberPosts:13471 18 Aug 2018 06:23 PM ඔටිසම් දරුවන් තුළින් දැකිය හැකි ලක්ෂණ හා අභියෝග දෙමාපියන්ට ඇති වටිනාම වස්‌තුව තම දරුවා, දෙමාපියන් දරුවා අතර දහසක් බොළඳ සුරතල් කතා ඉවරයක් නෑ. සමහර වෙලාවට අම්මා, තාත්තා තම දරුපැටියට ආදරෙන් කතා කරනව. මේ දරුවා ඇසුනේ නෑ වගේ ඉවත බලාගෙන ඉන්නව නම්, අම්මා තාත්තා කියල අමතන්නේ නැත්නම් එම දෙමාපියන්ට මහත් දුකක්, වේදනාවක් ඇති වෙනව. ඔබේ දරුවා මෙවැනි ප්‍රතිචාර දක්‌වන්නෙ නැතිව සිටී නම් ළමා රෝග වෛද්‍යවරයකුට පෙන්වන එක කළ යුතුම වෙනවා. දරුවා ඔටිසම් රෝගයෙන් පෙළෙනවා වෙන්න පුළුවන්. දරුවා කතා කරන්නේ නෑ කියා රට පුරා තිබෙන සාස්‌තර බලන තැන්, පේන කියන තැන්වල ගිහින් වැඩක් නෑ. දරුවාට ඔටිසම් නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ගැනීම ප්‍රතිකාර කිරීම වැදගත් වෙනවා. ඔටිසම් රෝගයේදී ප්‍රධාන වශයෙන් ම කතාව, අදහස් හුවමාරු කර ගැනීම, අනෙකාගේ අදහස් තේරුම් ගැනීම, තම අදහස්, අවශ්‍යතා අනෙකාට ප්‍රකාශ කිරීම යන සියල්ලම ඉතා අඩු මට්‌ටමක පවතිනවා. තවද අනෙක් තැනැත්තා විසින් කරන ඉඟි, කතා නොකර පෙන්වන අදහස් (non verbal communication & gestune failure) තේරුම්ගත නොහැකි වෙනවා. එමෙන්ම ඔටිසම් වලින් පෙළෙන දරුවන් සෙල්ලම් බඩුවක් දුන් විට එය සමඟ සෙල්ලම් කරනව වෙනුවට එය කරකැවීම හෝ එක දිගට පේළියකට තැබීම යන ක්‍රියාවන් කරනවා. ඔටිසම් දරුවන්ට තමා පිළිබඳව තමා අවට සමාජය පිළිබඳව යථා අවබෝධයක් නැහැ. උදාහරණයක් ලෙස කිව්වොත් ගින්දරට පිළිස්‌සෙනව, පිහියට කැපෙනව, විසකූරු සතුන් මගින් හානි වේවි කියල බියක් ඇතිවන්නේ නෑ. ඒවගේම ලැඡ්ජාව නැහැ. ඇඳුම් ගලවල විසි කරනවා. සමහර දරුවන් ඇඳුම් ඇඳීම තදින්ම ප්‍රතික්‍ෂේප කරනව. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝගය 'ජඩත්ව' එහෙම නැතිනම් ජඩක්‍ෂ කියල දක්‌වනව. තවද මෙම ඔටිසම් කියන්නෙ මනෝ දෞර්බල්‍ය රෝග කාණ්‌ඩයේ රෝග අවස්‌ථාවක්. ඔටිසම් දරුවන් තුළින් තවත් දැකිය හැකි ලක්‍ෂණයක් වන්නේ වයසට සරිලන බුද්ධි මට්‌ටමක් නැතිකම, මෙය කතාව, ලිවීම, කියවීම, අවබෝධය, හැකියාව යන සෑම අතින්ම අඩු අවස්‌ථාවක පවතිනවා. ඔටිසම් දරුවන් බොහෝ විට අධික්‍රියාකාරී තත්ත්වයෙන් ද පෙළෙනවා. දරුවා එක ඉරියව්වක කෙටි වේලාවක්‌වත් රඳවා තබා ගැනීම අපහසු වෙනවා. (Autism with Hyper activity) මෙම අධික්‍රියාකාරී තත්ත්වය නිසා දරුවා මෙන්ම රැකබලා ගන්නා කෙනාත් අධිකව පෙළෙන තත්ත්වයක් මේක. සමහර වෙලාවට අම්මල, කියනව අනේ මේ දරුවා දවල් රෑ දෙකේම එක වගේ නැඟිsටල කරදර කරනව. නින්ද යන්නේ නෑ කියලා. ශරීරගත පිත්ත හා වාත දෝෂය කෝප වීම නිසා අනිද්‍රd තත්ත්වය හා අධි ක්‍රියාකාරීත්වය සිදු වෙනවා. එමෙන්ම කෝප වූ දෝෂ තත්ත්වය හා ප්‍රමාණය අනුව ප්‍රතිකාරය ද රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. ආයුර්වේදය තුළ පමණක් ඇති සුවිශේෂී ඖෂධ වර්ග වලින් මෙවැනි දරුවන්ට මහත් සහනයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අඩු වයසින් ප්‍රතිකාරයට යොමු වීමෙන් ඉක්‌මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත 0 chamaramindMost Senior MemberPosts:13471 02 Sep 2018 08:04 AM ඇත්තටම ඔටිසම් කියන්නේ මොකක්ද ඔටිසම් කියන්නේ ළමා සංවර්ධනය හා සම්බන්ධ රෝග අවස්‌ථාවක් (developmental disorder) මෙම රෝග තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම කථා නොකිරීම හෝ අඩුබව හා නිසි සමාජ සම්බන්ධතා නොපැවැත්වීම ස්‌නායු පද්ධතියේ සියුම් ක්‍රියා (fine motor skills) දුර්වලතා දක්‌නට ලැබෙනවා. මෙම ලක්‌ෂණ පළමු වසර දෙක හෝ තුන තුළදී දක්‌නට ලැබෙන නිසා දෙමාපියන් දරුවා තුළ යම් වෙනසක් ඇති බව හඳුනා ගන්නව ඉහතින් දක්‌වන ලද ප්‍රධාන රෝග ලක්‌ෂණ ක්‍රම ක්‍රමයෙන් දරුවාගේ වර්ධනය හා සංවර්ධනයත් සමඟ හඳුනාගන්න පුළුවන්. සමහර අවස්‌ථාවලදී දරුවා සාමාන්‍ය දරුවකු මෙන් වයසට සරිලන සංවර්ධන ක්‍රියා සිදුකර පසුව මෙම ඔටිසම් තත්ත්ව කරා ළඟා වූ අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. අන්තර් ජාතික මනෝවිද්‍යා සංගමයේ නවතම වාර්තාවලට අනුව සෑම දරුවන් 45 දෙනෙකුගෙන් 1 අයකු ඔටිසම් රෝග ලක්‌ෂණ වලින්පෙළෙනවා. ඉතාම වේලාසනින් (early diagnose) දරුවා මෙම රෝග ලක්‌ෂණ තිබේ දැයි හඳුනාගත් විට කලින්ම අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඉතාමත් හොඳ ප්‍රථිඵල ලබාගන්න පුළුවන්. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව ඇත්තට ම ඔටිසම් කියන්නේ ළමා කාලයේදී හඳුනා ගන්නා වූ ප්‍රථිඵල හෝ රෝග ලක්‌ෂණ ජීවිත කාලය පුරාවට පවතින අවස්‌ථාවක්. ගර්භණී මවගේ වැරදි ආහාර විහරණ සහ මානසික තත්ත්වය උපදින දරුවාට ඔටිසම් ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපානව. ඉහත හේතු සාධක නිසා දිනෙන් දිනම ඔටිසම් දරුවන් බහුලව දක්‌නට ලැබෙනව. නිරෝගී දරුවකු ලබා ගැනීමට කායික, මානසික හා අධ්‍යාත්මිකව කළයුතු පිළිවෙත් ආයුර්වේදයේ දක්‌වල තියෙනවා. ඔටිසම් දරුවන් තුළ කථාව හා සමාජ සම්බන්ධතා දුර්වලතා වලට අමතරව තවත් බොහෝ රෝග චර්යාමය ලක්‌ෂණ තිබෙනවා. ආලෝකය, ශබ්දය, ගන්ධ රස සඳහා අධි සංවේදිතා දක්‌නට ලැබෙනවා (Hyper Sensitivity to Light Sound. Smell & Taste) සමහර අවස්‌ථා වලදි දරුවන් ඇස් තදකරගෙන අතින් වසා ගැනීම, කන්වල ඇඟිලි ගසා ගැනීම, නාසය මුහුණ වසා ගැනීම ආදී චර්යා වෙනස්‌කම් දක්‌නට ලැබෙනවා. ඔටිසම් දරුවන් තුළින් දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන චර්යා වෙනසක් ලෙස අත්වලින් කරන විකෘති චර්යාවන් (Hand Flapping) ඇඟලි තුඩුවලින් ගමන් කිරීම (toe walking) (rocking) දක්‌නට ලැබෙනවා. සමහර ඔටිසම් දරුවන් සංගීතය හෝ ගණිතය වැනි විෂයකට දක්‌ෂතාවන් දක්‌වන අවස්‌ථාද තිබෙනවා. ඇත්තට ම ඔටිසම් වලදි රෝග ලක්‌ෂණ මඳ (mild), මධ්‍යස්‌ථව (moderate), අධිකව (severle) යන ලෙස දක්‌නට ලැබෙනවා (Auttism is a spectrum Disorder) තවත් ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන සමහර දරුවන් තුළ අධික භිය හෝ යමක් කිරීමට සිතතුළ ඇති අනිසි බය (Anxiety) දක්‌නට ලැබෙනවා. ඔටිසම් රෝගය පිරිමි දරුවන් තුළ ගැහැනු දරුවන්ට වඩා හතර ගුණයකින් වැඩි වෙනවා. ලෝකය පුරා ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන මිලියන විසිපහකට අධික බව නවතම වාර්තා අනුව කියන්න පුළුවන්. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 0 UdariSuper Senior MemberPosts:5555 02 Sep 2018 03:32 PM ඕටිසම් තියෙන අපේ මාමලයි පොඩි පුතා ලඟදි දවසක මම බොහොම අමාරුවෙන් යාළුකර ගත්ත........හරිම අහින්සකයි.....ආදරේ හිතෙනව 0 sha733Super Senior MemberPosts:7332 02 Sep 2018 07:51 PM ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට 0 maduranga001Most Senior MemberPosts:14123 02 Sep 2018 11:03 PM Posted By sha733 on 02 Sep 2018 07:51 PM ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට කොහෙත්ම අමාරු නැහැ මල්ලි. 0 sha733Super Senior MemberPosts:7332 04 Sep 2018 12:21 PM Posted By maduranga001 on 02 Sep 2018 11:03 PM Posted By sha733 on 02 Sep 2018 07:51 PM ඔට්සම් දරැවකු සොයා ගැනීම හරි අමාරැයි නේද වෙනත් දරැවන් සමග සසදන විට කොහෙත්ම අමාරු නැහැ මල්ලි. එහෙමද. 0 maduranga001Most Senior MemberPosts:14123 04 Sep 2018 02:01 PM දැක්ක ගමන් කියන්න පුළුවන් මට දැන්. 0 You are not authorized to post a reply. Page 1 of 3123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner