Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Nov 2018 10:54 AM by Prasad Maduranga ඔටිසම් -ඔටිසම් වලදී ශරීර සංවේදනයට මොනවද වෙන්නේ 55 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Author Messages chamara duleepMost Senior MemberPosts:13471 09 Sep 2018 07:18 AM ළමයින්ට හැදෙන ඔටිසම් සුව කරන්නේ කොහොමද? ප්‍රශ්නය - Autism ඔටිසම් යනුවෙන් හඳුන්වන රෝගය ගැන මේ කාලයේදී නිතර අසන්නට ලැබෙනවා. කුඩා දරුවන්ට වැළඳෙන බව කියන මේ රෝගය කුමක්‌ද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙය අලුත් රෝගයක්. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක් මේ රෝගයට නැහැ. ඒ නිසා ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවල මේ රෝගය ගැන සඳහනක් නැහැ. හැබැයි පැරැණි ආයුර්වේද පොත්වල තිබෙනවා 'ඡඩත්වම්' කියලා රෝග තත්ත්වයක්. මෙය කුඩා දරුවන්ට වැළඳෙන ස්‌නායු රෝගයක්. ඔටිසම්වල සමහර ලක්‍ෂණ එහි තිබෙනවා. එහෙත් පූර්ණ ලක්‍ෂණ නැහැ. ඒ නිසා තමයි අප තීරණය කරන්නේ ඔටිසම් අලුත් ලෙඩක් කියලා. ලෝකයේ තියෙන ලෙඩ රෝග වලින් 99.999% ක් ම ආයුර්වේදය මගින් විග්‍රහ කරනවා. ආයුර්වේද වෙද පොත්වල ඒ ගැන තියෙනවා. පාකින්සන් රෝගය අලුත් ඉංග්‍රීසි නමකින් සමාජයට ආවත් එය වසර දහස් ගණනක් පැරැණි රෝගයක්. මෙහිදී මතක තබා ගත යුතු වැදගත්ම දෙයක් තමයි ආයුර්වේදයෙන් මේ රෝගය සුවපත් කළ හැකි බව. එසේ සුවපත් වූ දරුවන් ගැන සිද්ධි අධ්‍යයන සිය ගණනක් අප සතුව තිබෙනවා. ප්‍රශ්නය - ඔටිසම් රෝගයේ ස්‌වභාවය ගැන විස්‌තර කරන්න. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මේ පිළිබඳ විද්‍යාත්මක විග්‍රහය මෙහෙමයි. මෙය Neurodevelopmental disorder රෝගයක්. එනම් ස්‌නායු පද්ධතියේ වර්ධනය වන අක්‍රමිකතා නිසා හට ගන්නා රෝගයක්. මේ නිසා දරුවකු තුළ තිබෙන වාචික සහ වාචික නොවන සන්නිවේදන හැකියාව බිඳ වැටෙනවා. වාචික සන්නිවේදනය කියන්නේ කතා බහ, වාචික නොවන සන්නිවේදනය කියන්නේ බැල්මෙන් දෙන උත්තර, සිනාවෙන් දෙන අනුමැතිය, චලනයෙන් දෙන පණිවුඩය වගේ දේවල්. මේ රෝගය හැදුනු දරුවන්ගේ මේ ක්‍රියාකරකම් නවතිනව. දෛනික හැසිරීම සීමා වෙනවා. මේ රෝගයේ මුල් ලක්‍ෂණ හට ගන්නේ දරුවකුගේ ජීවිතයේ පළමු අවුරුදු දෙක තුළ. රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා. ලබන සතියේ තව කොටසක් සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 09 Sep 2018 10:55 AM මෙය අලුත් රෝගයක්. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක් මේ රෝගයට නැහැ. රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.වැදගත් කරුණු දෙකක්. ඔබ දන්නා මෙවන් ඔටිසම් දරුවන් සිටී නම් මට කියන්න. ඔවුන්ට මගේ ශක්ති ප්‍රමාණයෙන් සහනය දීමට මම සුදානම්. කලයුතු පිළියම් සහ ගතහැකි ක්‍රියාමාර්ග ආදිය පිලිබදව. දුරකතනයෙන් ඔවුන්ට උදව් කරන්න පුළුවන්. මේ රෝගය වැළඳුනු දරුවෙක් සහිත දෙමව්පියන් විඳින්නේ අපා දුකක්. පුදුම පීඩනයක්. අඩු වයසෙන් සුව නොකරගෙන වටේ ගිහින් ආවොත් සුව කරනවා බොරු. ජිවිත කාලයේම දුක තමයි. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 09 Sep 2018 10:07 PM Posted By maduranga001 on 09 Sep 2018 10:55 AM මෙය අලුත් රෝගයක්. අවුරුදු 20 කට වැඩි ඉතිහාසයක් මේ රෝගයට නැහැ. රෝග ලක්‍ෂණ පහළ කිරීම මාස හයේ සිට සිදු වෙනවා. මේ නිසා රෝග නිශ්චය කිරීම සිට ප්‍රතිකාර ලබා දීම දක්‌වා කටයුතු හැකි ඉක්‌මනින් පටන් ගන්න ඕනෑ. රෝග ලක්‍ෂණ හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම කල් ගත වූ තරමට රෝගය සුව කිරීම දුෂ්කර වෙනවා.වැදගත් කරුණු දෙකක්. ඔබ දන්නා මෙවන් ඔටිසම් දරුවන් සිටී නම් මට කියන්න. ඔවුන්ට මගේ ශක්ති ප්‍රමාණයෙන් සහනය දීමට මම සුදානම්. කලයුතු පිළියම් සහ ගතහැකි ක්‍රියාමාර්ග ආදිය පිලිබදව. දුරකතනයෙන් ඔවුන්ට උදව් කරන්න පුළුවන්. මේ රෝගය වැළඳුනු දරුවෙක් සහිත දෙමව්පියන් විඳින්නේ අපා දුකක්. පුදුම පීඩනයක්. අඩු වයසෙන් සුව නොකරගෙන වටේ ගිහින් ආවොත් සුව කරනවා බොරු. ජිවිත කාලයේම දුක තමයි. ඒක හොඳ පණිවිඩයක් අය්ය ..... මම අපේ මාමලව දැනුවත් කරන්න ඕන 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2018 09:35 AM Posted By Udari on 09 Sep 2018 10:07 PM ඒක හොඳ පණිවිඩයක් අය්ය ..... මම අපේ මාමලව දැනුවත් කරන්න ඕනදැනට ඔවුන් කිසිම ප්‍රතිකර්මයක් කරන්නෙ නැද්ද? දරුවාගේ වයස කීයද? ඉක්මනින් ක්‍රියාත්මක වන්න කියන්න. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 10 Sep 2018 10:05 AM Posted By maduranga001 on 10 Sep 2018 09:35 AM Posted By Udari on 09 Sep 2018 10:07 PM ඒක හොඳ පණිවිඩයක් අය්ය ..... මම අපේ මාමලව දැනුවත් කරන්න ඕනදැනට ඔවුන් කිසිම ප්‍රතිකර්මයක් කරන්නෙ නැද්ද? දරුවාගේ වයස කීයද? ඉක්මනින් ක්‍රියාත්මක වන්න කියන්න. එයාලත් මුල ඉඳල කරල අය්ය ........ඒ උනාට තාම හොදටම සුව නෑ, ඒ මල්ලියට දැන් අවුරුදු 10 ක් විතර..... 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2018 10:07 AM Posted By Udari on 10 Sep 2018 10:05 AM එයාලත් මුල ඉඳල කරල අය්ය ........ඒ උනාට තාම හොදටම සුව නෑ, ඒ මල්ලියට දැන් අවුරුදු 10 ක් විතර..... මම බැහැම කියන්නෙ නැහැ. නමුත් අවුරුදු 10ක් වෙන ළමයෙක් නම් දැන් ටිකක් අපහසුයි. විශාල පරිශ්‍රමයක් දරන්න වෙනව. නිසි ප්‍රතිකර්ම ගැන හොයා ගන්නෙ ගොඩක් අය පහුවෙලා. ඒකයි මේකට හේතුව. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 10 Sep 2018 01:00 PM නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන්න වෙනකං ඉන්න එපා කියන්නෙ ඕකට තමා 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 10 Sep 2018 02:55 PM අවුරුදු 5 පැන්නම උනත් පට්ට ගේමක් ගහන්න ඕන. 10 කියන්නෙ සෑහෙන්න වැඩියි. මේ ලක්ෂණ ගන්නෙ මාස හයේ ඉඳල. අවධානයෙන් සිටියහොත් අවුරුදු 1 1/2 පමණ තෙරුන් ගන්න පුළුවන්. එකම ප්‍රශ්නේ තවම දෙමව්පියන් මෙවැනි රෝගී තත්ත්ව ගැන අවබෝධයක් නැති එකයි. ඒකයි දරුවා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන්නෙ. 0 chamara duleepMost Senior MemberPosts:13471 16 Sep 2018 08:29 AM ඔටිසම් රෝගයේදී දරුවාට ප්‍රතිකාර කරන විට දෙමාපියන්ටත් ප්‍රතිකාර කළ යුතුයි ප්‍රශ්නය - ළදරුවන්ට වැළඳෙන ඔටිසම් රෝගය ගැන පසුගිය සතියේදී අප මේ ලිපියෙන් හැඳින්වීමක් කළා. ඔටිසම් රෝග ලක්‍ෂණ ගැන විස්‌තරාත්මකව කතා කිරීමට අප අද බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - මෙහි රෝග ලක්‍ෂණ බහුල ලෙස මතුවීමට පටන් ගන්නේ දරුවා ඉපදී මාස 6 ක් ගත වූ පසුයි. සමහර ළදරුවන් වයස මාස 2 සිට මේ රෝග ලක්‍ෂණ පෙන්වන්නට පටන් ගන්නවා. අවුරුදු 2 - 3 අතර කාලය වන විට දරුවා දෙස බැලූ සැනින් ඔහු/ ඇය ඔටිසම් රෝගියකු ලෙස හඳුනා ගන්නට පුළුවන්. හරියට ප්‍රතිකාර නොකළ විට ඔහු ඔටිසම් රෝගී වැඩිහිටියකු බවට ක්‍රමයෙන් පත් වෙනවා. ඔටිසම් රෝගියා මනසින් හුදෙකලා බව නිතර පෙන්වන කෙනෙක්. තමා අවට සිටින අය ගැන ඔහුට කිසිදු හැඟීමක් නැහැ. තමා අවට සිටින අය සමඟ සන්නිවේදනය කිරීමට මේ රෝගියාට දැනුමක් නැහැ. එසේම තමා අවට සිටින සමාජය තමා වෙත කරන සන්නිවේදනය ගැන තේරුම් ගැනීමටත් රෝගියාට හැකියාවක් නැහැ. ඔවුන් අන් අය දෙස නොබලන අතර ඔවුන් සමඟ සිනාසීමෙන් හෝ කතා කිරීමෙන් වැළකී සිටිනවා. රෝගියාට ඔහුගේ නමින් කතා කළත් ගණන් ගන්නේ නැහැ. කිසියම් දෙයක් ඇඟිල්ල දිගු කර අන් අයට පෙන්වා දීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔහු ඉන්නේ දරන්න බැරි තරම් හුදෙකලාවක. ඔටිසම් රෝගී දරුවන්ගෙන් තුනෙන් දෙකකට පමණ හරියාකාරව කතා කරගන්න බැහැ. තමන්ට අවශ්‍ය දෙය කියා ගන්නට ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් කතා කළත් වචන හසුරුවන්නේ ඉතාම ආගන්තුක ලෙසයි. කිසියම් කෙනෙකු ඇඟිල්ල දිගු කර කිසියම් දෙයක් පෙන්නුවාම එම දරුවන් බලන්නේ අදාළ වස්‌තුව දෙස නොව ඇඟිල්ල දෙසයි. ඔවුන් බොහෝ විට එකම දේ කරනවා. පොත් ගොඩක් අරගෙන ඒවා එක පිට එක තබමින් මුළු කාලයම ගත කරන්නට ඔවුන්ට පුළුවන්. එකම සෙල්ලම් බඩුව අතේ තබාගෙන ඒ දිහා නොබලා/ ඒ දිහා එක එල්ලේම බලාගෙන මුළු දවසම ගත කරනවා. නැත්නම් බිම බලාගෙන ඉන්නවා. මේ දරුවන්ට ආහාරපාන ගැන උනන්දුවක් නැහැ. ඇඳුම් පැළඳුම් මාරු කිරීම ගැන උනන්දුවක් නැහැ. ඔවුන්ට උගැන්වීම ඉතාම අපහසුයි. මේ නිසා මේ දරුවන්ට බෙහෙත් කරන විට දරුවාගේ දෙමාපියන්ටත් උපදේශනය කළ යුතුයි. දරුවා කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක කියා දිය යුතුයි. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 0 shanaka kelumSuper Senior MemberPosts:7332 16 Sep 2018 01:40 PM ඒ දේත් පැහැදිලියි 0 chamara duleepMost Senior MemberPosts:13471 23 Sep 2018 07:16 AM ඔටිසම් දරුවන්ට සුදුසු ගිතෙල්, ඔලිව් තෙල් පමණයි ප්‍රශ්නය - ඔටිසම් රෝගයේ මූලය ගැන විවිධ මත තිබෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කරන Vedic Society Ayurveda නමැති ආයතනය කියන පරිදි ඔටිසම් හටගන්නේ ප්‍රාණවාතය අසමතුලිත වීම නිසා ශරීරයේ තිබෙන ඊයම් විස වීමෙන්. කෙනෙකුගේ කතාබහ, මානසික ඒකාග්‍රතාව, මතකය, ඉගෙනුම සහ ස්‌නායු පද්ධතියට සම්බන්ධ වෙනත් කටයුතු සිදුවන්නේ ප්‍රාණ වාතය පදනම් කරගෙන බව මෙම ආයතනයේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා. මේ ගැන ඔබ දරන මතය කුමක්‌ද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඉහත සඳහන් මතය සැලකිල්ලෙන් හැදැරිය යුතුයි. ඔටිසම් රෝගය සම්බන්ධයෙන් විවිධ ආයුර්වේද ගුරුකුල විවිධ මත දරනවා. එහෙත් අවසානයේදී ඒ මත බොහොමයක අර්ථකථනය එක සමාන වනවා. කෙසේ වුවද ඔටිසම් රෝගයට ප්‍රතිකාර කරන විට පැති ගණනාවකින් ඒ ගැන සිතිය යුතුයි. ගර්භණී කාලයේදී මව ගන්නා ආහාරවල පටන් ඉදිරියට සිදුවන දේ ඔටිසම් රෝගයට බලපානවා. ඒ අතර ඔටිසම් රෝගී දරුවාට සුදුසු තවත් ආහාර කිහිපයක් මෙසේ සඳහන් කළ හැකියි. එනම්. පිරිසිදු එළඟිතෙල් සහ ඔලිව් ඔයිල් ඉතාම සුදුසුයි. එළඟිතෙල්වලින් කරන්නේ ශරීරයේ පටකවල තිබෙන විෂ ඉවත් කිරීමයි. ඒ වගේම මොළයේ එකතුවන විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමටත් එළඟිතෙල්වලට පුළුවන්. ඒ වගේම හානියට පත් වූ මොළයේ සෛල අලුත්වැඩියා කිරීමත් එළඟිතෙල්වලට පුළුවන්. ඔටිසම් දරුවන්ට ඉතා සුදුසු තවත් ආහාරයක් යෝගට්‌වලින් සාදා ගන්න පුළුවන්. යෝගට් කෝප්ප කාලකට ජලය කෝප්ප තුන්කාලක් සහ කරඳමුංගු, ගම්මිරිස් සහ කුරුඳු ස්‌වල්ප වශයෙන් මිශ්‍රකර බ්ලෙන්ඩරයක දමා ගසාගෙන එයට රතු සීනි හෝ හකුරු ස්‌වල්පයක් දමා පානය කිරීමට දියයුතුයි. හැබැයි එවැනි පානයක් දිගින් දිගටම ලබා දීමේදී දරුවාගේ සෙම තත්ත්වය ගැන පරීක්‍ෂාවෙන් පසුවිය යුතුයි. එසේම දරුවාට කිරි ආහාර දෙනවා නම් එයට කොත්තමල්ලි හෝ ඉඟුරු මුසු කිරීම වැදගත්. එවිට එය ඉතා පහසුවෙන් දිරවනවා. හැම ආහාර වේලකටම අමු කොත්තමල්ලි කොළ යුෂ බිංදු 5 - 6 ක් පමණ දැමිය යුතුයි. පැය 24 ක් පරණ වූ ආහාර, මයික්‍රොවේව් උදුනක දමා රත්කරගත් ආහාර, සියලු ආකාරයේ සෝයා නිෂ්පාදන යනාදිය ඔටිසම් දරුවන්ට දීම සුදුසු නැහැ. සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 23 Sep 2018 08:15 AM බොහොම ස්තූතියි මල්ලි මේ තොරතුරු වලට. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 23 Sep 2018 08:46 AM ඕටිසම් වලට කෑමත් බලපානව කියන එක නම් පුදුමයි 0 shanaka kelumSuper Senior MemberPosts:7332 23 Sep 2018 04:10 PM ස්තූතියි ලිපි පෙල පිලිවෙලටම තියෙනවා 0 Wasanga AmaBasic MemberPosts:202 27 Sep 2018 12:38 PM ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 27 Sep 2018 08:17 PM Posted By wasangaama on 27 Sep 2018 12:38 PM ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ. මදුරන්ග අය්යගෙන් මේ ගැන වැඩි විස්තර අහගන්න පුළුවන් අය්යෙ 0 shanaka kelumSuper Senior MemberPosts:7332 27 Sep 2018 11:26 PM Meka maha amuthu ledak thama. Ape annex eketh innawa me wage lamayek eyanan godak lokui Awurudu 15 k vithara 0 chamara duleepMost Senior MemberPosts:13471 30 Sep 2018 06:06 AM ඔටිසම් සුව කරන ගොටුකොළ ඉස්ම ප්‍රශ්නය - ළමා වියේ මානසික සහ කායික සංවර්ධනයේ ප්‍රමුඛ සතුරකු ලෙස ඔටිසම් රෝගය හඳුනාගෙන තිබෙනවා. මේ බව පසුගිය දිනවල ඔබ සමඟ කළ සාකච්ඡාවලදී හෙළිවුණා. මොළයේ සාමාන්‍ය ක්‍රියාවලිය කඩාකප්පල් කරන මේ රෝගය මගින් එයට බඳුන්වන ළමයාගේ සමාජයීය අන්තර් ක්‍රියාකාරකම්, කුසලතා සන්නිවේදන හැකියාවන් කඩාකප්පල් කරනවා. වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - තවදුරටත් මේ ගැන විස්‌තර කරනවා නම් මේ දරුවන්ට කථන දුෂ්කරතා තිබෙනවා. ඒ නිසා ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීමේ දුෂ්කරතා හට ගන්නවා. ප්‍රශ්නය - ඔටිසම් රෝගය ජාන උරුමයෙන් එන බව විද්‍යාත්මකව තහවුරු කරපු එකක්‌ද? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ස්‌ථිර වශයෙන් ම ඔව්. ඒ එක්‌කම මව ගර්භනී සමයේදී ෆොaලික් අම්ලය වැඩි වශයෙන් ශරීරගත වුණාමත් උපදින දරුවට ඔටිසම් වැළඳීමේ අවකාශය තිබෙනවා. ගර්භනී කාලය තුළ බලගතු ප්‍රතිජීවක ඖෂධ හෝ වේදනා නාශක පමණ ඉක්‌මවා ගත් විටත්, උපදින දරුවට ඔටිසම් හැදෙනවා. ඔටිසම් ස්‌නායු සම්බන්ධ ව්‍යාධියක් වුණත් මානසික ව්‍යාධියක් නොවෙයි. ඒ නිසා ස්‌නායු ප්‍රකෘතිමත් කරන ඖෂධ මගින් මෙය සුව කළ හැකියි. ප්‍රශ්නය - මොනවද ඒ ඖෂධ? වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඒ ඖෂධ වැඩි හරියක්‌ම ශාකසාර ඖෂධ ඉන් පළමුවැන්න තමයි ගොටුකොළ හෙවත් බ්‍රහ්මි. ගොටුකොළ වලින් ස්‌නායු රෝගවලට ප්‍රතිකාර කළ හැකියි. මතක ශක්‌තිය දියුණු කළ හැකියි. මෙය B විටමින්වලින් පරිපූර්ණයි. B - 1, B -2, B - 6 කියන විටමින් වර්ග මෙහි තිබෙනවා. ස්‌නායු පද්ධතියේ ආබාධවලට ප්‍රතිකාර කිරීමේදී ගොටුකොළ සාරය පරිහරණය කිරීම බටහිර විද්‍යාවේ පවා සිදු කරනවා. ගොටුකොළ යුෂ තුළ තිබෙනවා ප්‍රදාහ නාශක සහ විෂ නාශක ගුණයක්. දිනපතාම ගොටුකොළ යුෂ තේ හැඳි හතරක් මී පැණි සමඟ මිශ්‍ර කර ඔබේ දරුවාට දිය හැකි නම් ඔහු ඔටිසම් රෝගයෙන් ගලවා ගන්නට පුළුවන්. ලබන සතියට සාකච්ඡා කළේ -සංඛනාද වෙදගෙවත්ත නොමිලේ විස්‌තර සඳහා - 0766739977, 011-5708567 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 30 Sep 2018 07:55 PM Posted By wasangaama on 27 Sep 2018 12:38 PM ඔය රෝගය මගේ දුවටත් තියෙනව. අවුරුදු 4 ක් වෙනවා තාමත් වචන කීපයයි කතා කරන්නේ. මල්ලි මොනවද දරුවාට කළ ප්‍රතිකාර. දන්නා විස්තර සියල්ල ටයිප් කරන්න අමාරුයි. නමුත් සෑම උදව්වක්ම කරන්න කැමතියි. මේ පිළිඹදව උනන්දු අය කිහිප දෙනෙකු හෝ සිටියහොත් පොඩි කාලයක් අරගෙන සුහද හමුවේදී පොඩි විශේෂ දේශනයක් කල හැකියි හැමෝගෙම දැනුවත් වීම සඳහා. 0 Udari JayasekaraSuper Senior MemberPosts:5555 30 Sep 2018 08:46 PM මේ ලෙඩ ගැන දැන් ගොඩක් දෙනෙක් උනන්දුයි......ඒ ගැන පර්‍යේෂණ , අත් හදා බැලීම් , සමාජය දැනුවත් වීම් තව දුරටත් වෙන එක නම් හරි වටිනා සේවයක් 0 You are not authorized to post a reply. Page 2 of 3 << < 123 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner