You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 3 of 6 << < 12345 > >>
Author Messages

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
22 Nov 2018 09:59 PM
  •  Quote
  •  Reply
ආර්තික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න මැද පෙරදිග යන පවුල් වල ඊට වඩා කොච්චර ප්‍රශ්න ඊට පස්සෙ එනවද .........ස්තුතියි අක්කි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Nov 2018 10:12 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 22 Nov 2018 09:59 PM
ආර්තික ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න මැද පෙරදිග යන පවුල් වල ඊට වඩා කොච්චර ප්‍රශ්න ඊට පස්සෙ එනවද .........ස්තුතියි අක්කි


ඒක ඇත්ත නංගි
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
26 Nov 2018 10:39 PM
  •  Quote
  •  Reply
ලොකු දූ(big girl)
(කෙටි කතාව)

"මං ගිහින් එන්නං සඳූ"

"පරිස්සමින්,බුදු සරනයි"කියූ සඳුනි කුසල්ගේ දෙපා වැඳ සමුදුන්නේය.
සැමදා රැකියාව සඳහා පිටත්ව යන කුසල්ගේ දෙපා නැමදීම සඳුනිගේ පුරුද්දක් වී තිබිනි. ඔවුන්ගේ දිවි මගට එය සැබෑම ආශිර්වාදයක් වී ඇත්තේ කුමන දෙයක් පෙරදින වුවත් පසුදින ඇය දෙපා වඳින විට කුසල්ගේ සෙනෙහස් උල්පත පෑදෙන නිසාමය. විවාහ දිවියකදී සුලුවට හෝ මත ගැටුමක් ඇතිවීම සාමාන්යය බැවිනි.
කුසල් වැඩ කරන අතර තුර දහවල් සඳුනිගෙන් ඇමතුමක් ලැබුනි.

"හෙලෝ"

"හෙලෝ කුසල් මහත්තයෝඕඕඕ"

"ආ... මොකෝ මේ නැලවෙන්නෙ,මං මේ වැඩ"කියමින් කුසල් සිනාසුනේය.

"හ්ම් හ්ම්. එද්දි එන්නකො ඉක්මනට,දෝනි ලොකු ලමෙක් වෙලා"

"ඈ මේ අපේ පොඩි කෙල්ල"

"ඔයාටනෙ පොඩි,දූට දැන් 13ක් මහත්තය. එහෙනං ඉක්මනට එන්න හොදේ,බුදුසරනයි"

"හරි ආවම කතාකරමුකො.බුදුසරනයි පරිස්සමින්"කියා ෆෝන් එක තැබූ කුසල්ට පුදුමයි. ඊයෙ රෑත් ලුනුගෙනියන්න කියාගෙන කරේ නැගපු කෙල්ල.දැන් ලොකු දුවෙක් ඉන්නව යැයි ආඩම්බරයකුත් ඊට වඩා වගකීම්සහගත බවකුත් සිතට ආ කුසල් වෙනදට කලින් ඕෆ්වී ගෙදර ගියේය.

"ආ මේ ඇවිත් තියෙන්නෙ සතුටට පැනගෙන"කියමින් සඳුනි පෙරමගටවිත් කුසල් අතින් බෑගය ගත්තාය.

"හ්ම් කෝ කෙල්ල"කියා කුසල් දූගේ කාමරය පැත්තට යන්න ගියේය.

"අනේ මෝඩ මහත්තයො. එයාව නාවනකං පිරිමි අයට පෙන්නන් නෑ"

"ආආආආ හ්ම්. චාරිත්රනෙ. ඕව මං පිලිගන් නෑ.මං තාත්තනෙ මගෙ දූගෙ.ඒත් කමක් නෑ ඔන්න ඔහෙ ඒ චාරිත්රෙ නිසා ඉදිද්දෙන් හැංගිල"

"හ්ම් ඇග හෝදන් එන්නකො.අම්මත් ආව.අපි නැකැත් බැලුව.දවස් පහෙන් නාවන්න වෙනව
මාර වැඩේ"

"මාර වැඩේ මොකක්ද ඉතින්"

"කෝ මඟුල් ගේ හොදට ගන්න කාලෙ,ඔයා ලෑ අම්මනං කීවෙ ගමටම නොකීවොත් අපිට සවුත්තුව කියල පලවෙනි මංගල්ලෙ නිසා."

"ආ එහෙමද,කෝ අම්ම"

"නෑ නෑ අම්මම නෙමේ ඉතින්,අපි දෙන්නම කතා උනෙ එහෙමයි"කියා කුසල්ගේ පිටුපසින් ආ සඳුනි ඔහුගේ අතක එල්ලුනාය.

"ආ නැන්දම්මයි දූයි ප්ලෑන හදල වගේ,මං නාගෙන එන්නං සඳූ.මහන්සියි. කෙල්ලට මේ චොක්ලට් එක දෙන්න"

"හොඳද දන් නෑ නේ චොක්ලට් මේ දවස්වල"

"ඇයි ඒකිට සීනි අමාරුවද. ඔන්න ඕක දෙන්න. අර පොඩි tv එකත් කාමරේ මේසෙ උඩට තියන්න දූගෙ"කියූ කුසල් නාන කාමරයට වැදුනේය.

ඔහු නාගෙන ඇවිත් කෑම කන අතර සඳූ හා අම්මා සමග ඉදිරි කටයුතු ගැන කතා කලේය.

"දූට කෑම දුන්නද සඳූ"

"ඔවු දුන්න. පතෝලයි පරිප්පුයි බතුයි"

"ඇයි උනද දෝනිට"

"නෑ අනේ"

"තාම කනවද"

"ඔවු දැන් දුන්නෙ"

පීරිසියක් ගෙන කෑම මේසයේ තිබූ කෑම සහ බිත්තරයක් දැමූ කුසල්
"මේක දීල එන්න දූට" කීවේය.

"ඒත්"

"ඒත් නෙමෙයි දීල එන්නකො,දූගෙ යාලුවත් කාමරේ නේද"

"හ්ම්" කියූ සඳුනි පීරිසිය දෝනිට දී නැවත කෑම මේසයට ආවාය.

"දැන් දවස් මදි කීව නේද පාර්ටි එකට"

"ඔවුනෙ මාර වැඩේ"

"මාර වැඩේ නෙමෙයි හොදයි දිනේ ඉක්මනට තිබුන එක.නැත්තං ඊට කලින් මං නාවන්න කියනව දූව"

"හපොයි පුතේ එහෙම කොහොමෙයි,ඒව චාරිත්ර" අසල සිටි මව කීවේ බැරෑරුම් හඬිනි.

"අම්මෙ චාරිත්ර කියන ඒවයිත් අපි ඉවත දාන්න ඕන ඒව තියෙනව.ලමයෙක් ලොකු ලමෙක් උනා කියන්නෙ එයාගෙ ඇග සකස් වීමක්. ඊට අමතරව වර්ධනය වෙන වේගය වැඩි කාලෙ. ඒ කාලෙ එයාට හොද කෑම ඕනෙ. ඊටත් වඩා එයාට පිරිසිඳු කම ඕනෙ"

"රෙදි නැන්දකුත් නෑ.හොයාගන්න ඕන" අම්මා නැවතත් පැවසුවාය.

"ඇයි රෙදි හෝදගන්නද,නාවන්නනෙ,සඳූ නාවයි. එයාට වඩා කවුද දූට"

"ඒක හරියි කියමුකො,ඒත් මඟුලට දවස් මදිනෙ"

"ඇයි මදි.අපි ඒ දිනේට නාවමු නැකතට,දූගෙ පන්තියෙ ලමයින්ටයි දූගෙ නැන්දල මාමල ටිකටයි පුන්චිල බාප්පල ටිකටයි හොදට පාර්ටි එකක් දෙමු. ඕනනං100ක් ඉදියි. සරලයි, සඳූ පරිප්පු ටිකක් දාන්න මට"

"හ්ම්" කියා සඳූනි කුසල්ට හොදි බෙදන අතරතුර

"ඒත් කුසල් ගමේ අය හිතයි ලෝබ කමට කියල"කීවාය.

වමතින් සඳුනිගේ හිස අත ගෑ කුසල්
"ඉතින් අපිට මොකද නේහ්. අපි අනුන් සතුටු කරන්න දූව මාර්කට් කරන්න ඕන නෑනෙ සඳූ. අපි රට වටේටම කියන්න ඕනද අපේ දුව දැන් බබෙක් හදන්න පුලුවන් තත්වෙට ආව කියල"

"හ්ම් ඒකත් ඇත්ත කුසල්. අපි ඒ යන වියදම දූගෙ අනාගතේට ගමු" මොහොතක් කුසල් දෙස සෙනෙහසින් බලාසිටි සඳූ කීවාය.

කෑම කා අවසාන වී දෙ අත් පිසූ කුසල්

"සඳූ මං කාමරේට යනව.අද පත්තරේ කෝ"

"ඒක කාමරේ,මොකෝ අද කලින්ම කාමරේට"

"ම් ම්. දොරවල් වහල දූව කාමරෙන් එලියට දාන්න.පව් කෙල්ල"කියා කමරයට යද්දී

"හා කුසල්.හිතත් ටිකක් නිදහස් වගේ. ඔයා කියපු විදියට කරමු.මට මතක් උන මං ඒ කාලෙ විඳපු දුක,අපේ දූ වාසනාවන්තයි හොද අප්පච්චියෙක් ලබන්න"කියූ සඳූ කුසල්ගේ බාහුවක් සිපගත්තාය.

නිමි.

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Nov 2018 10:01 AM
  •  Quote
  •  Reply
මේ චාරිත්තර ගැන කස්ටිය මොකද හිතන්නෙ? දෙමු බලන්න අදහස්..??
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4522






--
27 Nov 2018 02:41 PM
  •  Quote
  •  Reply
මාත් හරි ආසයි කෙටි කතා ලියන්න නමුත් අන්තිමට කෙලවර වෙන්නේ නව කතාවකින්
කවදා හෝ කෙටියෙන් කතාවක් ලියපු දාට මාත් ලියනවා නංගිලා පරද්දන්න හිටං
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
27 Nov 2018 09:28 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Nov 2018 02:41 PM
මාත් හරි ආසයි කෙටි කතා ලියන්න නමුත් අන්තිමට කෙලවර වෙන්නේ නව කතාවකින්
කවදා හෝ කෙටියෙන් කතාවක් ලියපු දාට මාත් ලියනවා නංගිලා පරද්දන්න හිටං
කොටස් හාර පන්දහක මෙගාවක් ගහපන්කො. ගොඩනෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Nov 2018 09:35 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Nov 2018 10:01 AM
මේ චාරිත්තර ගැන කස්ටිය මොකද හිතන්නෙ? දෙමු බලන්න අදහස්..??


හුඟක් අය අකුරටම කරනව. සමහර දේවල් විකාර කියල හිතෙනව.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Nov 2018 09:36 PM
  •  Quote
  •  Reply
Posted By Imalka on 27 Nov 2018 02:41 PM
මාත් හරි ආසයි කෙටි කතා ලියන්න නමුත් අන්තිමට කෙලවර වෙන්නේ නව කතාවකින්
කවදා හෝ කෙටියෙන් කතාවක් ලියපු දාට මාත් ලියනවා නංගිලා පරද්දන්න හිටං


අපිත් හෙන ආසාවෙන් බලන් ඉන්නව ඈ
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
27 Nov 2018 09:38 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Nov 2018 09:28 PM
Posted By Imalka on 27 Nov 2018 02:41 PM
මාත් හරි ආසයි කෙටි කතා ලියන්න නමුත් අන්තිමට කෙලවර වෙන්නේ නව කතාවකින්
කවදා හෝ කෙටියෙන් කතාවක් ලියපු දාට මාත් ලියනවා නංගිලා පරද්දන්න හිටං
කොටස් හාර පන්දහක මෙගාවක් ගහපන්කො. ගොඩනෙ.



ඒකටත් මොනා හරි කියයි. මං දන්නවනෙ අපේ අයියලගෙ හැටි. 😂
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 10:03 PM
  •  Quote
  •  Reply
මම් ආස විදියෙ කපල් එකක්......ඕව අකුරටම කරන කෙනෙක් එක්ක නම් ඉන්න අමාරුයි හයියූ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
27 Nov 2018 10:07 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 27 Nov 2018 10:01 AM
මේ චාරිත්තර ගැන කස්ටිය මොකද හිතන්නෙ? දෙමු බලන්න අදහස්..??

ස්වාභාවික දෙයක්  බොරුවට  ලෝකෙට අඬ බෙර ගහල දන්නනව  කීලයි මට නම් හිතෙන්නෙ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Dec 2018 07:52 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 Nov 2018 10:07 PM
Posted By maduranga001 on 27 Nov 2018 10:01 AM
මේ චාරිත්තර ගැන කස්ටිය මොකද හිතන්නෙ? දෙමු බලන්න අදහස්..??

ස්වාභාවික දෙයක්  බොරුවට  ලෝකෙට අඬ බෙර ගහල දන්නනව  කීලයි මට නම් හිතෙන්නෙ


අනිවාර්යයෙන්ම
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
01 Dec 2018 07:53 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 27 Nov 2018 10:03 PM
මම් ආස විදියෙ කපල් එකක්......ඕව අකුරටම කරන කෙනෙක් එක්ක නම් ඉන්න අමාරුයි හයියූ


😂😂
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
09 Dec 2018 11:06 PM
  •  Quote
  •  Reply
දෙව්ලොවේ යක්ශයා(මත් පැන්)
(කෙටි කතාව)

"චමිලා.. චම්මිලා..."

ගේට්ටුව ලඟ හිදන්ම අම්මට අඬගහන තාත්තා දුටු පුංචි සුපුන්, tv එක වසා දමා කාමරේට ඇදුනේ විදුලි වේගයෙනි.
"කෝ මේ ගෑනි"
නැවතත් තාත්තාගේ කටහඬ ගොරහැඩිව ඇසෙද්දී සුපුන් ඇඳ යටටම රින්ගුවේ අදනං වෙනදට වඩා තාත්තා මත්පැන් පානය කර ඇති බව දැනුන නිසාය.
සමහර දාට මත්පැන් බී ආවට රන්ඩු සරුවල් නොවුනත්, සුපුන් පියා ළඟට ගියේද නැත. බලෙන්ම හෝ පියා අඬගැසූ විට ලඟට ගියත් සුපුන් හිටියේ මත්පැන් ගඳට වමනෙ යාම ආයාසයෙන් තද කරගෙන ගැහෙමිනි.නමුත් සතියට දිනක් හෝ දෙකක් රන්ඩුවක් වන තරමට සිහිවිකල්වී එන පියා,පහුවෙනිදට කිසිත් නොදත් අහින්සකයෙකි.
රන්ඩු තියා,පෙරදින රෑ ගෙදර ආ බවක්වත් ඔහුට මතක නැත.එවන් දිනවල සුපුන් ඇදයට රින්ගා සිටීමට හුරුවූයේ පියාගේ නොයෙක් පීඩා ඉවසීමට බැරිම තැනය.
අසිහියෙන් අතක් අල්ලාගත්තත් ඒ දැඩිවය.සුපුන් පුංචි දරුවෙක් යැයි පියාට අමතක වීම ඊට හේතුවයි. තට්ටුවක් දැම්මත් ඒ පිට පුපුරන ගානටය.
..............

"අදත් බීගෙනනෙ අමල්, අද පුතාගෙ උපන්දිනේ බවවත් හිතන්නෙපෑ"
එසේ කියමින් අම්මා, තාත්තාගේ බෑගය අරන් කාමරයට එන අයුරුත්,තාත්තා සාලයේ සැටියේ හිඳගත් අයුරුත් ඇඳ යට ඉඳන් සුපුන් බලා සිටියේ වම් අත නලලේ තියාගෙනය. මන්ද, අද උපන්දිනේ බව තාත්තාට මතක් කල බැවින් දැං ඔහුට ලඟට කතා කරන බව දන්නා නිසාය. එසේ සිතද්දීම,

"ආහ් කෝ කොල්ල, කෝහ්, කෝ ගෑනියෙ කොල්ල" යැයි තාත්තා පුටුවෙන් නැගිටිමින් අසද්දීම,සුපුන් ඇද යටින් එලියට විත් සාලයට ඇදුනේ වෙව්ලමිනි.
ඒ තමන් පමාවුවහොත් අම්මාට පහර දේවී යැයි බියක් පුන්චි සුපුන්ගේ සිතට අත්දැකීමෙන් දැනුන බැවිනි.

"ආහ් මේ ඉන්නෙ මගෙ රජ පැටිය, වරෙන් පුතේ ලඟට"
කියමින් පියා සුපුන්ගේ අත අල්ලන් ලංකරගත්තේය. දඬු අඩුවකට අසුවුනාක් මෙන් අත තද වෙත්දී සුපුන්ගේ නෙතින් කඳුලක් පනින අයුරුවත්, දියෙන් ගොඩ දැමූ මාලුවෙක් මෙන් ගැහෙන අයුරුවත් මත් පැනින් අසංවේදී වූ පියා නොදුටුවේය.

"කොල්ලො, උබට කීයද දැන්"

"හ හ හතයි තාත්තෙ"

"උබට මොනවද ඕනෙ.අන්න ඒක කියපන්කො මට, පුතාට අද මොනවද ඕනෙ,ඒච්චරයි" යැයි පියා ඇසුවත්, සුපුන්ට ඕන දේ පියා නොදෙන බව ඔහු දනී. ඔහුට ඕනේ සිහියෙන් ඉන්න පියෙක් පමනි. බීමත්ව පැමිනි දවසක සුපුන් දනගසා වැඳ ''බොන්නෙපා තාත්තේ'' යැයි දිනක් ඉල්ලූ සැටි මෙවෙලේ සුපුන්ට මතක් විය.එය අම්මා උගන්වායැයි රන්ඩු වී එදා ගැසූ පාරක් නිසා අම්මා සති ගානක් කොර ගගහ ඇවිත්ද හැටිද ඔහුට මෙවෙලේ මතක් විය.

"බෝලයක්" අවසානයේ සුපුන් කීවේ පියාගෙන් ඉක්මනින් මිදීම සඳහාය. මත්පැන් ගඳට සිහිනැති වේදෝයි විටෙක සුපුන්ට සිතුනි.

" බෝලයක්, මොන බෝලද යකෝ. උබ පොඩි එකෙක්ද දැන්, පල යන්න අහකට" කියමින් සුපුන්ව පැත්තකට තල්ලු කරන විට අසල තිබූ මල් පෝච්චියක වැදී එය බිම වැටුනාය.
ඒ සද්දෙට මුලුතැන්ගෙයි උයමින් සිටි මව සාලයට එන අතර

"යකෝ මූට කෙලින් ඉන්නවත් පන නෑනෙ" කියමින් පියා තවත් පහරක් ගසද්දී,බිමට වැටුන සුපුන් නොනැගිට එසේම සිටියේය. නැගිට්ටොත් තව ගහයි කියා ඔහුට සිතුන බැවිනි.
"පුතේ" කියාගෙනම ලඟට ආ අම්මා නැගිට්ටෙව්වත් සුපුන් නොනැගිට්ට අතර එසැනින්,

"උබ තමයි මූව හරියට හදන් නැත්තෙ. බලපන් පනවත් නෑ කෙලින් ඉන්න" කියමින් පියා විසින් මවටද පහරක් ගැසූවත් සුපුන් නොනැගිටම සිහි නැති සේ සිටියේ නැගිට්ටොත් පහර කෑමට වේයැයි බියටය.
සැනින් නැගී සිටි මව සාලයේ මුල්ලක තිබූ හෝම් තියටර් එකක ස්පීකර් කනුවක් අතට ගෙන දෑත බදා පියාට පහරක් දෙන අයුරු සහ ඒ පහරින් වෙරිවී වැනෙමින් සිටි පියා විසිවී ගොස් බිත්තියක වදින අයුරු අඩවන් නෙතින් බලාගෙන සිටි සුපුන්ගෙ දෙනෙත් සම්පූර්නයෙන් ඇරී ගියේ පුදුමයෙනි.

පහර කා විසිවී ගිය පියා

"තෝ යකෝ මට ගහන්න,හිටපන්" කියා අම්මා වෙතට පැනීමට සූදානම් වෙත්දී, නැවතත් පහරක් එල්ල කර,පියා බිම වැටුනු පසු ස්පීකර් කනුව දෙකට කැඩෙන තුරුම ගසද්දී, නැගිටගත් සුපුන් අම්මාගේ අතේ එල්ලී කෑ ගසන්නට වූයෙන් ඈ පහරදීම නතර කලාය.

" පුතේ පුතාට තුවාලද" සුපුන්ව වැළඳගත් අම්මා අසද්දී,සුපුන් කඳුලු පිරි දෙනෙතින් බලා සිටියේ නලලෙන් ලේ පෙරෙමින් අඩපනව වැතිර සිටින පියා දෙසය.

"අම්මෙ තාත්තා" සුපුන් වාඩිවී තාත්තාගේ හිස අතගාත්දී වෙරි සිදී හිටි තාත්තාගේ නෙතඟින් කඳුලක් ගලා ගියේය.

"පුතා tv බලන්න දාගෙන" කියූ අම්මා පියාව වත්තන් කරගෙන නාන කාමරයට ගියාය.
පැයක් පමන යද්දී තත්වය සාමකාමී වුන අතර තාත්තාව නහවා ඇදේ හාන්සිකල අම්මා, හඬමින් තාත්තාට බෙහෙත් දමනු සුපුන් උලුවස්ස ලඟට වී බලා සිටියේය. තාත්තාට නින්ද ගොස් තිබූ අතර සුපුන්ට කෑම ටිකක් කැවූ මව නිදාගත්තේද කුසගින්නේම බව සුපුන් දැන් උන්නේය.

පසුදා සුපුන් ඇහෙරෙද්දී දහවල් වී තිබිනි. පියාද රැකියාවට ගොස් නැති බව කුස්සියේ කතාබහින් තේරිනි.

"ආයි එහෙම වෙන් නෑ චමිලා.අමාරුයි තමයි. ඒත් මං බෙහෙත් අරං හරි නතර කරනව මේක" ඒ තාත්තාගේ කටහඬයි.

"බලන්න අමල්. ඔයා නරක කෙනෙක් නෙමෙයි. ඒත් බිව්වම කවුරුත් හොඳ නෑ අමල්"

"මට තේරෙනව චමී, මට ඊයෙ උන දේත් මතක නෑ. ඒත් මට මතකයි ඔයා ගහපු අන්තිම පාර. ඒක ඔයාටමයි ගහගත්තෙ"

"මුකුත් හිතන්න එපා අමල්. පුතා හැල හොල්මනක් නැතිවුනම මට මාව පාලනේ නැති උන"

"නෑ චාමි. වරද මගේ. ආපහු වෙන් නෑ. මාර හයියක්නෙ හලෝ තියෙන්නෙ තමුසෙට. ඇගම රිදෙනව. කෝ පුතා, මං ඇහැරවන් එන්නං" යැයි කියද්දී දැන් දැන් පියා කාමරයට එන බව දත් සුපුන් දෑස් පියාගත්තේ අඩවන් ලෙසිනි. දෝර රෙද්ද මෑත් වෙත්දීම පියාගේ නලල වෙලුම් පටිවලින් වෙලපු අහින්සක මූන දුටු සුපුන් වේදනාවෙන් දෙස් පියාගත්තත්,වැහුනු ඇස් අගින් කදුලු පටලයක් කාන්දු වනු සුපුන්ට ලංවුන පියා දුටුවේය.

"පුතා, තාත්ත ආයි බොන් නෑ" කියා හිස අතගාමින් තාත්තා ආදරයෙන් කියද්දී වහා නැගී සිටි සුපුන් ඉකි ගසමින් පියාව වැළඳ ගත්තේය.

නිමි.
(බොන්න පුලුවන් ඕන කෙනෙක්ට.මත් නොවී ෆන් ගන්න බැරි. ඒත් ඒ එක්කෙනා මුලු පවූලක සතුට නැති කරනව. ඒ වගේම ස්ත්රියක් තමන්ගෙ හයිය තේරුම්ගත්ත දවසට ඇයව පාගන් ඉන්නත් බැරිවෙයි. හැදෙමු👍)

තනුජ්✒ Thanuj Lakru
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
10 Dec 2018 01:16 AM
  •  Quote
  •  Reply
ඔන්න මටත් ලැබුනොත් බොන එක්කෙනෙක් මෙන්න මේක මතක තියන් ඉන්න ඕන හදාගන්න........ලස්සන කතාවක්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
11 Dec 2018 10:20 PM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Dec 2018 01:16 AM
ඔන්න මටත් ලැබුනොත් බොන එක්කෙනෙක් මෙන්න මේක මතක තියන් ඉන්න ඕන හදාගන්න........ලස්සන කතාවක්

අන්න ⁣හොඳ ළමයි
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
12 Dec 2018 07:17 AM
  •  Quote
  •  Reply
ලස්සන කතාවක්...
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924






--
12 Dec 2018 08:10 AM
  •  Quote
  •  Reply
Posted By Udari on 10 Dec 2018 01:16 AM
ඔන්න මටත් ලැබුනොත් බොන එක්කෙනෙක් මෙන්න මේක මතක තියන් ඉන්න ඕන හදාගන්න........ලස්සන කතාවක්


හම්බවෙලා බබාලත් හම්බවුනාට පස්සෙයි බොන්න පටන් ගන්නේ එතකොට බැදගත්ත බෙරෙ ගහන්නම වෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555






--
12 Dec 2018 06:48 PM
  •  Quote
  •  Reply
Posted By Ind007ka on 12 Dec 2018 08:10 AM
Posted By Udari on 10 Dec 2018 01:16 AM
ඔන්න මටත් ලැබුනොත් බොන එක්කෙනෙක් මෙන්න මේක මතක තියන් ඉන්න ඕන හදාගන්න........ලස්සන කතාවක්


හම්බවෙලා බබාලත් හම්බවුනාට පස්සෙයි බොන්න පටන් ගන්නේ එතකොට බැදගත්ත බෙරෙ ගහන්නම වෙනවා

ඒම කරනවද.....මරන්න එපෑය මේ කොල්ලන්ව.. .......බෙරේ තීල ගෙදර  යනෝ  ඒනම්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955






--
12 Dec 2018 09:19 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 12 Dec 2018 07:17 AM
ලස්සන කතාවක්...


☺️☺️
Udeshika Herath
0
Add Reply
Page 3 of 6 << < 12345 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below