You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Feb 2019 09:43 AM by  Udeshika Herath
කෙටි කතා
 107 Replies
Sort:
Page 1 of 612345 > >>
Author Messages

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
07 Jun 2018 02:02 PM
  •  Quote
  •  Reply

සහෝ

"මචන් අද වරෙන් රෑ වෙල එහෙනං හරී"
"අනිව සහෝ,හත වෙද්දි මං එහේ"
"එල එහෙනං මං ගියා" නලින් එසේ පවසා බසයෙන් බැස ගියේය. ඔහු අතේ සුරතලෙක් ඇත. බොස්ගෙන් ලැබුනු අනර්ඝ මත්පැන් බෝතලයයි ඒ.
"මහේෂි අද චිකන් ටිකක් බැඳල තියන්න,රොෂානුත් එනව රෑ කෑමට"නලින් ගෙට ගොඩ වෙන විටම බිරිඳට පැවසුවේය.
"අදත් බොන්නද අනේ,මං කීවනෙ ගෙට දාගන්න එපා කියල රොෂාන්ලව"

"අනේ නිකං ඉන්න මහී,ඌ මගෙ සහෝදරය වගේ"

"ඔව් ඔව් ඒක තමයි මට ඇස් ගැහුවෙ කලින් ආපු දවසෙත්"

"ඒ විහිලුවට බබා,නැත්තං මාත් ඉත්දි ඇස් ගහනවද.හහ් හ්"

"ඔව් ඉතින් ඔයා හිටියට සිහියෙන් නෙමෙයිනෙ"

"මේ මේ නවත්තගන්න. ඌ මගෙ සහෝදරය වගේ. පැහෙන් නැතුව බයිට් එක හදල තියන්න.මම වොෂ් කරන් එන්නං"කියමින් නලින් නාන කාමරයට ඇදුනේ නොරිස්සුමද සමගය. ඔහුගේ සහෝදරයාවන් රොෂාන්ට වැරදි කීම ඔහු නුරුස්සයි.

"අන්න ආව අරය. මං කුස්සියෙ ඉන්නෙ.මටනං ඔය අහලකටවත් කතාකරන්නෙපා එයා යනකං.අන්න චිකන් ටික මේසෙ උඩ"නලින් ඇග සෝදා එත්දිම මහේෂි කීවාය.
"හරි හරි ඔයාට ඌව අවුල්නං පාඩුවෙ ඉන්න"කියමින් නලින් සාලයට ගොස් මිතුරා පිළිගත්තේය.
"උබ වෙලාවට වැඩ නේහ්,ඔන්න ඕකයි මචන් මට උබව සෙට්. ඉඳගනින් බං" ටික වෙලාවක්  කතාකරමින් සිටි දෙදෙනා එලියේ අඹ ගහයටට ගියේ මත්පැන්  බෝතලය හා බයිට් රැගෙනය.
"චියර්ස් මචන්"
"වෙරි වේවා" බීමට පටන්  ගත්තේද රොෂාන් යාන්තං බොන අතර නලින්ට  හොදට පෙව්වේය.

"කෝ මච්චාං උබේ වයිෆා.හන්ගලද ඈ"
"න් නෑ බං මහී උයියනව ඇති බං.හිටපං බලන්න"
කියූ නලින් මහේෂිට කතා කලේය.
"මහී,මහී.."

"ඇයි අනේ"

"අපිට තව බයිට් ගේන්න ටිකක් "
ටික වේලාවකින් බැඳපු බිත්තර රැගෙන මහේෂි ආ අතර රොෂාන් ඇසකින් ඉඟි පෑවේය. ඔරවන්  හැරුණු ඈ විගය නිවසට  ගියාය.

"හරි මචාන් අපි ගියා"

"හරි බන් පරිස්සමින් බන්" බෝතලය ඉවර කර රොෂාන් නික්ම  ගියේය.
"මං කිව්වෙ,අදත්  ඇස් ගැහුව"

"අනේ නිකං ඉන්නවා  මහී. ඌට කෙල්ලො  නැතුවද.බයිල නැතුව  යන් නිදාගන්න"

එසේ නලින් සහ රොෂාන් දිගින් දිගටම ගෙදර මත්පැන්  පානය කලේය.රොෂාන්ගෙ ඉඟි පෑම් මහේෂිට ඇගට තට්ටු  දැමීම දක්වා දුර ගියේය. ඇය ඒ බව පවසමින් නලින් සමග රන්ඩු  කලත් ඔහුගේ පිළිතුර වූයේ" පාඩුවෙ ඉන්න, ඌ මගෙ සහෝදරය වගේ"යන්නය. අන්තිමේ මහේෂිගේ නෝක්කඩු  නතර විය.දිනක් එසේ නලින් සහ  රොෂාන් මත්පැන් බිව් දිනකට පසුදින වෙනස් දේවල් වී තිබිනි.
"මහේෂි දොර වැහුවෙ නැද්ද ඊයෙ රෑ" නලින් ඇසුවේ උදේ අවදවී මොහොතකිනි.මහේෂි එවිටත් තද නින්දේ පසුවූ අතර නලින් ඇයව ඇහැරුවේය.
"මොකද අද මෙච්චරවෙල නිදි.අසනීපද. ඊයෙ රෑ දොරත් වහල නෑ"

"මගෙ හිස කකියනව නලින්.ඇගටත් අමාරුයි.ඊයෙ රෑ ඉදන් කිසි දෙයක් මතක නෑනෙ"

"ඈහ්.මම බිව්වෙ.ඔයාට වෙරිද"කියමින් නලින් සරදමට හිනැහුනේය.

"අනේ නෑ නලින්, ඊයෙ ඔයා ගෙනාපු ලෙමනේඩ් එක බිව්ව මං රෑ. ඒකෙන් පස්සෙ තමා අව්ල"

"ආහ් ඒක රොෂාන්ට හම්බුන එකක්.ඔයා ආස නිසා මට දුන්නෙ,හරි හරි මට වැඩට යන්න පරක්කු වෙනව"කියමින් නලින් නාන කාමරයට වැදුනේය.
      මෙසේ දින කීපයක් ගෙවිනි. පුරුදු ලෙසම රොෂාන් පැමිනියත් මහේෂිගේ විරෝධතා අඩු උනි.

දිනක් වැඩ ඇරී නලීන් ගෙදර එන විට දොර වසා තිබින.මල්පෝච්චිය යට තිබූ යතුරෙන් දොර ඇරගෙන  ඇතුලට ගිය නලින් මහීට  ඇමතුමක්  ගත්තත් දුරකතනය ක්රියාවිරහිතව තිබිණි. කවදාවත්  එසේ වී නැතිහෙයින් හිතට අමුත්තක්  දැනුන නලීන් කාමරයට ගිය විට කන්නාඩිමේසය මත තිබූ ලියුමක් හමුවිය. ගැහෙන අතින්  එය අතට ගත් නලීන් එය කියවන්නට විය.

"ආදර නලින්.මට වෙන කරන්න දෙයක් නෑ. ඔයා මට ඇහුම්කන් දුන්නනං මෙහෙම වෙන්නෙත් නෑ.එදා දොර ඇරල නිදියපු දවසෙ ගොඩක් දේවල් වෙල.රොෂාන් ලෙමනේඩ් එකට මත්වෙන දෙයක් දාල. ඊට පස්සෙ උන දේවල් ඔයා හිතාගන්න.
ගැහැනියත් මනුස්සයො නලින්. ඉවසීමෙන් ආරාක්ෂාවෙන් ඉන්න පුළුවන් සීමාවක් තියෙනව. ඉතිරිය ආරක්ෂා  කරන්න ඕන පිරි මිය. ඔයාගෙන් මට ඒ ආරක්ෂාව ලැබුන් නෑ. ඒක නිසා මට ඌත් එක්ක යන්න වෙන තැනට වැඩ සිද්ධ උන.වීඩියෝ නිසා අසරන උන.මම ඔයාගෙ සහෝදරය එක්ක යනව.යන්න වෙනව. ඔයා ඔයාවත් විනාෂ කරන් මාවත් විනාෂම කරා කතාවට බෝතලේට රැවටිල. හොයන්න එපා මං ගැන,බුදු සරනයි.
ආදර මහී."
ලිපිය කියවා අවසානයේ පන නැතිව ඇදට වැටෙද්දී රොෂාන් පෙරදිනක කී දෙයක් මතක් වීය.
"මචන් ඕන එකෙක්ව අන්දන්න පුලුවන් බොතලේනුයි කතාවෙනුයි"

නිමි.
(බොනවමනං බීපං මචන්. ගෙදරට දාගන්නැතුව)
තනුජ්✒

Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Jun 2018 09:07 AM
  •  Quote
  •  Reply
අළුතින් දමන පෝස්ට් ඉදිරියට ගැනීමට උනන්දුවක් නොමැති හෙයින් පැරණි පෝස්ට් අප්ඩේට් කරනව විනා නව පෝස්ට් ඉදිරිපත් කිරීම නවතා දැම්මට තීරණය කරන ලදී.
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
11 Jun 2018 11:04 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 11 Jun 2018 09:07 AM
අළුතින් දමන පෝස්ට් ඉදිරියට ගැනීමට උනන්දුවක් නොමැති හෙයින් පැරණි පෝස්ට් අප්ඩේට් කරනව විනා නව පෝස්ට් ඉදිරිපත් කිරීම නවතා දැම්මට තීරණය කරන ලදී.
එහෙම හිතන්න එපා නංගි. අලුතින් එකතු කරන ත්‍රෙඩ් ඒවා මුලින්ම වෙනම තැනක එකතු වෙන නිසයි එහෙම වෙන්නේ. ඒ වෙලාවට පලවෙනි කොම්න්ටුව දාගෙනම පෝස්ට් කළා නම් හැමෝගෙම නෙත ගැටෙනවා ඉක්මණින්ම. අලුත් පෝස්ට් ඇතිදැයි බැලීමට ආපසු වෙන අවස්ථා අපටද නැතුව නොවේ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Jun 2018 11:18 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 11 Jun 2018 11:04 AM
Posted By Udeshika Herath on 11 Jun 2018 09:07 AM
අළුතින් දමන පෝස්ට් ඉදිරියට ගැනීමට උනන්දුවක් නොමැති හෙයින් පැරණි පෝස්ට් අප්ඩේට් කරනව විනා නව පෝස්ට් ඉදිරිපත් කිරීම නවතා දැම්මට තීරණය කරන ලදී.
එහෙම හිතන්න එපා නංගි. අලුතින් එකතු කරන ත්‍රෙඩ් ඒවා මුලින්ම වෙනම තැනක එකතු වෙන නිසයි එහෙම වෙන්නේ. ඒ වෙලාවට පලවෙනි කොම්න්ටුව දාගෙනම පෝස්ට් කළා නම් හැමෝගෙම නෙත ගැටෙනවා ඉක්මණින්ම. අලුත් පෝස්ට් ඇතිදැයි බැලීමට ආපසු වෙන අවස්ථා අපටද නැතුව නොවේ.

😐😐😐
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
12 Jun 2018 12:08 AM
  •  Quote
  •  Reply
මේ කතාව කෙට් කතාවක් උනත් මෙවැනි සත්‍ය සිදුවීම් ඕන තරම් තියෙනවා. ඒ වගේම එම්වා සුලබව සිදු වෙන බව එකතරා ටීවී ප්‍රෝග්‍රෑම් එකක මම දැක්ක. කවුරුත් මේවා පාඩමකට ගත්තොත් හොඳයි. බීමේත් සීමාවක් තියෙනව. එක හොඳයි කියනවා නෙවෙයි. අනෙක ඒවා පුරුද්දකට ගෙදර කරන්න හොඳ වැඩ නෙවෙයි කොහොමත්.
පහුගිය දවසක මම සහභාගී වූ වෙඩිමකදී අවසානයේදී මංගල සභාවේදී කතාවකදී කියවුණා හොඳම මිතුරන් උනත් පුරුද්දකට ගෙදරට ගෙන්න ගන්න තියා ගන්න එපා කියල. මංගල සභාවකදී සාමාන්‍යයෙන් මෙවැනි කතාවක් නොඇසුණත් දැන් හිතෙනවා මේ කියන කතා වල ඇත්තක් තියෙනවා කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
12 Jun 2018 07:29 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 12 Jun 2018 12:08 AM
මේ කතාව කෙට් කතාවක් උනත් මෙවැනි සත්‍ය සිදුවීම් ඕන තරම් තියෙනවා. ඒ වගේම එම්වා සුලබව සිදු වෙන බව එකතරා ටීවී ප්‍රෝග්‍රෑම් එකක මම දැක්ක. කවුරුත් මේවා පාඩමකට ගත්තොත් හොඳයි. බීමේත් සීමාවක් තියෙනව. එක හොඳයි කියනවා නෙවෙයි. අනෙක ඒවා පුරුද්දකට ගෙදර කරන්න හොඳ වැඩ නෙවෙයි කොහොමත්.
පහුගිය දවසක මම සහභාගී වූ වෙඩිමකදී අවසානයේදී මංගල සභාවේදී කතාවකදී කියවුණා හොඳම මිතුරන් උනත් පුරුද්දකට ගෙදරට ගෙන්න ගන්න තියා ගන්න එපා කියල. මංගල සභාවකදී සාමාන්‍යයෙන් මෙවැනි කතාවක් නොඇසුණත් දැන් හිතෙනවා මේ කියන කතා වල ඇත්තක් තියෙනවා කියල.

අනිවා ඇත්ත මං දන්න පවුල් කීපෙකටත් මේ වගේ දෙයක් වුණා
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
13 Jun 2018 11:36 AM
  •  Quote
  •  Reply
වැරදීම

"ඔයා නාගන්න කවී.මං ඉන්නවනෙ පුතා ලග"

"නෑ කමක් නෑ හවසට හෝදගන්නව"

"මේ ටිකේම නාගන්නත් බැරි උනනෙ.නාල එන්න.මං ඉන්නං පුතා ලග"

"කමක් නෑ අනේ කවුරු බලන්නද.මං හවස ඇග හෝදගන්නව" කියා කවීෂා කියද්දී

"හ්ම්"කියූ රොෂාන් වත්ත කෙලවර බන්කුව වෙත යන්නට විය.බන්කුව මත වාඩිවී නොයෙක් විකාර කල්පනා කරමින් සිටි රොෂාන් කවී ගැනද සිතුවේය. 'ඇයි ඉස්සර වගේ එයා ලග ඉන්න නොහිතෙන්නෙ,එපාවීගෙන එනවද.නෑ ආදරෙයිනෙ ඒකිට' සිතමින් නාන කාමරය දෙසට ආවේය.

"කවී කෝ සබන් නෑනේ"

"ඉන්න ගේනවා"කියමින් සබන් කෑල්ලක් ගෙනත් දුන් කවී විගස ගියාය.නාන කාමරයට වැදී නානා අතර රොෂාන් දුටුවේ ටූත්පේස්ට් දැමූ කවීගේ ටූට්බ්රෂ් එකයි. සුසුමක් හෙලමින් ලය සැහැල්ලු කරගත් රොෂාන් හොද හැටි නෑවේය.
නා ඉවරව හිස පිහිමින්ම කාමරයට යද්දී පුතු පැටියා සමගම කවීෂාටද නින්ද ගොස්ය. අවුරුදු එකහමාරක දගමල්ලක් වූ චූටි පුතුගේ මූන බලාගෙනම රොෂාන් කවීෂාගේ හිස අත ගෑවේය.කොන්ඩයද ඉතා ගොරෝසු වී ඇත. පැල්ලම් සහිත පරන ගවුමක් ඇදන් නිදන කවී දකිද්දී රොෂාන්ගේ සිත අතීතයට දිව යයි. පෙරදා ඇය දූවිලි ටිකක් හෝ තිබුන ඇදුමක් නොඇන්දාය.පරනවන ගවුම් දුප්පත් අයට දුන්නේ හොදටම පරනවී නොවේ.අද කෙතරම් ඇදුම් තිබුනද ඇය ඇදුම් ගැනවත් තැකීමක් නොකරයි. ඇයට තමන් ගැන සිතීමටද වෙලාවක් නෑ යැයි සිතුනත් එය එසේමද සිතෙන්නේ ඇය කියන දේවල් නිසාය.

"ඇයි කවී මේ පරන ඉරිච්ච ඇදන්"

"කාට පේන්නද අනේ හැඩවෙල"ඇගේ පිලිතුරයි.
.......

පුතු හා කවී වටා ඇති මදුරු දැල සකස් කර සාලයට ආ රොෂාන් හාන්සි පුටුවට බරවී කල්පනා කලේය. සැනින් ඔලුවට ආ කාර්යාලයේ සොදුරු කාන්තවන් ඔලුවෙන් විසිකිරීමට මෙන් ඔහු හිස සැලීය. කවී කෙතරම් පිරිසිදුව සුන්දරව හිටියද. දැන් එසේ නොවන්නේ ඇය තමාව නොතකන නිසාද.මෙසේ විවිධ සිතුවිලි හිතට එද්දී
'ඔවු මම එයාට තේරුම් කරනව එයා හැමදාම සුන්දරව බලන්න ආස කෙනා මම කියල.හිත රිදුනත් ඒක අනාගතේට හොදවෙයි අපේ'යැයි රොෂාන් තමාටම කියාගත්තේ විසිරීමට යන සිත එකතැන රඳවාගෙනය.
මෙසේ දවස් දෙක තුනක් ගෙවීගියේය.
දිනක් පුතුව නිදිකර තොටිල්ලේ තැබූ කවීෂා රොෂාන් ලගට පැමින හිඳගත්තාය.
ටික වෙලාවකින්

"කවී"

"හ්ම්"

"ඔයා දන්නවද මං ඇයි ආදරේ උනෙ කියල ඔයාට"

"නෑනෙ"කියමින් කවී හිනැහුනාය.

"හ්ම් කියන්නද"

"හා කියන්නකො"කියමින් නැවත කවී හිනැහුනාය.

"ම් මං මුලින්ම ඔයාගෙ පිරිසිදු කමටයි පිලිවෙලටයි කැමති උනෙ"

"ඊලගට"නැවතත් කවී හිනැහේ.

"ඊලගට ඔයා මට දුන්න අවධානය සහ ආදරේ නිසා ඔයාට මං තවත් ආදරේ උන"

"තව තව"කවී තවත් හිනැහේ.

"ඉතින් ඒ දෙකම ඔයාගෙන් මැකෙනවනං මං මොනවද කරන්නෙ කවී" රොෂාන් කියද්දී කවීෂාගේ සිනහව අතුරුදන්ව කඳුලු පේලි දෙකක් මතුවිය.

"අ අනේ මොනවද රොෂාන් අයියෙ මේ"කියමින් කවී රොෂාන්ගේ කකුල බදාගෙන අඩද්දී ඇයව තුරුල්කරගත් රොෂාන්
"මම ඔයාගෙන් සුන්දරත්වය බලාපොරොත්තු වෙනව කවී. ඒ කියන්නෙ ලස්සන නෙමේ. පිරිසිදුකමයි පිලිවෙලයි. ඒ වගේම පුතු ගැන හොයන අතර මං කනවද කියලවත් අහන්න. ඔයාගෙන් නොලැබෙන ඒව මට පිට අයගෙන් හොයන්න ඕන නෑ කවී" කියද්දී කවීෂා හැඩුම අතරින්ම
"අනේ සමාවෙන්න අනේ.මං හිතුවෙ නෑ,මං ඔයාගෙ කවීම වෙනව.මගෙ පුතු දෙන්නටම ආදරේ ඕනනෙ"කියමින් රොෂාන්ව තරයේ වැලදගත්තාය.

නිමි.

(වරදින්නට පෙර හදාගන්න)

තනුජ්✒
Udeshika Herath
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
16 Jun 2018 04:57 AM
  •  Quote
  •  Reply
සුන්දර වගේම වැදගත් පණිවිඩයක් අඩංගු කතාවක්...
ගොඩක් කාන්තාවන් දරුවන් ලැබූ පසු ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය, රුව රැක ගැනීම වගේ දේවල් නොතකා හරිනවා..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 07:22 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 16 Jun 2018 04:57 AM
සුන්දර වගේම වැදගත් පණිවිඩයක් අඩංගු කතාවක්...
ගොඩක් කාන්තාවන් දරුවන් ලැබූ පසු ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය, රුව රැක ගැනීම වගේ දේවල් නොතකා හරිනවා..

ඒක ඇත්ත අයියේ. ස්තූතියි
Udeshika Herath
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342

--
16 Jun 2018 07:42 AM
  •  Quote
  •  Reply
වැදගත් පණිවිඩයක් ..............
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 10:16 PM
  •  Quote
  •  Reply
Posted By isurusam on 16 Jun 2018 07:42 AM
වැදගත් පණිවිඩයක් ..............

ස්තූතියි
Udeshika Herath
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
16 Jun 2018 10:51 PM
  •  Quote
  •  Reply
මම කසාද බැඳලා ආපු පලවෙනි දින තුන තුළ මගේ නෝනට ඔය කතාව මම කිව්ව. මොකද මම ඔයවගේ දේවල් අනන්ත අහල තියෙනව. ඊට පස්සෙ මේ පහත වීඩියෝව දාල පෙන්නුවා. පසුවට කියනවට වඩා මුලින් කියන එක හොඳයි කියල හිතපු නිසා. සර්ච් කරලා නැවතත් හොයල ගත්තා ඔබටත් බලන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
16 Jun 2018 11:22 PM
  •  Quote
  •  Reply
@ maduranga001 ගොඩක් ස්තූතියි අයියේ වීඩියෝ එක දැම්මට...
Udeshika Herath
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Jul 2018 06:13 AM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 13 Jun 2018 11:36 AM
වැරදීම

"ඔයා නාගන්න කවී.මං ඉන්නවනෙ පුතා ලග"

"නෑ කමක් නෑ හවසට හෝදගන්නව"

"මේ ටිකේම නාගන්නත් බැරි උනනෙ.නාල එන්න.මං ඉන්නං පුතා ලග"

"කමක් නෑ අනේ කවුරු බලන්නද.මං හවස ඇග හෝදගන්නව" කියා කවීෂා කියද්දී

"හ්ම්"කියූ රොෂාන් වත්ත කෙලවර බන්කුව වෙත යන්නට විය.බන්කුව මත වාඩිවී නොයෙක් විකාර කල්පනා කරමින් සිටි රොෂාන් කවී ගැනද සිතුවේය. 'ඇයි ඉස්සර වගේ එයා ලග ඉන්න නොහිතෙන්නෙ,එපාවීගෙන එනවද.නෑ ආදරෙයිනෙ ඒකිට' සිතමින් නාන කාමරය දෙසට ආවේය.

"කවී කෝ සබන් නෑනේ"

"ඉන්න ගේනවා"කියමින් සබන් කෑල්ලක් ගෙනත් දුන් කවී විගස ගියාය.නාන කාමරයට වැදී නානා අතර රොෂාන් දුටුවේ ටූත්පේස්ට් දැමූ කවීගේ ටූට්බ්රෂ් එකයි. සුසුමක් හෙලමින් ලය සැහැල්ලු කරගත් රොෂාන් හොද හැටි නෑවේය.
නා ඉවරව හිස පිහිමින්ම කාමරයට යද්දී පුතු පැටියා සමගම කවීෂාටද නින්ද ගොස්ය. අවුරුදු එකහමාරක දගමල්ලක් වූ චූටි පුතුගේ මූන බලාගෙනම රොෂාන් කවීෂාගේ හිස අත ගෑවේය.කොන්ඩයද ඉතා ගොරෝසු වී ඇත. පැල්ලම් සහිත පරන ගවුමක් ඇදන් නිදන කවී දකිද්දී රොෂාන්ගේ සිත අතීතයට දිව යයි. පෙරදා ඇය දූවිලි ටිකක් හෝ තිබුන ඇදුමක් නොඇන්දාය.පරනවන ගවුම් දුප්පත් අයට දුන්නේ හොදටම පරනවී නොවේ.අද කෙතරම් ඇදුම් තිබුනද ඇය ඇදුම් ගැනවත් තැකීමක් නොකරයි. ඇයට තමන් ගැන සිතීමටද වෙලාවක් නෑ යැයි සිතුනත් එය එසේමද සිතෙන්නේ ඇය කියන දේවල් නිසාය.

"ඇයි කවී මේ පරන ඉරිච්ච ඇදන්"

"කාට පේන්නද අනේ හැඩවෙල"ඇගේ පිලිතුරයි.
.......

පුතු හා කවී වටා ඇති මදුරු දැල සකස් කර සාලයට ආ රොෂාන් හාන්සි පුටුවට බරවී කල්පනා කලේය. සැනින් ඔලුවට ආ කාර්යාලයේ සොදුරු කාන්තවන් ඔලුවෙන් විසිකිරීමට මෙන් ඔහු හිස සැලීය. කවී කෙතරම් පිරිසිදුව සුන්දරව හිටියද. දැන් එසේ නොවන්නේ ඇය තමාව නොතකන නිසාද.මෙසේ විවිධ සිතුවිලි හිතට එද්දී
'ඔවු මම එයාට තේරුම් කරනව එයා හැමදාම සුන්දරව බලන්න ආස කෙනා මම කියල.හිත රිදුනත් ඒක අනාගතේට හොදවෙයි අපේ'යැයි රොෂාන් තමාටම කියාගත්තේ විසිරීමට යන සිත එකතැන රඳවාගෙනය.
මෙසේ දවස් දෙක තුනක් ගෙවීගියේය.
දිනක් පුතුව නිදිකර තොටිල්ලේ තැබූ කවීෂා රොෂාන් ලගට පැමින හිඳගත්තාය.
ටික වෙලාවකින්

"කවී"

"හ්ම්"

"ඔයා දන්නවද මං ඇයි ආදරේ උනෙ කියල ඔයාට"

"නෑනෙ"කියමින් කවී හිනැහුනාය.

"හ්ම් කියන්නද"

"හා කියන්නකො"කියමින් නැවත කවී හිනැහුනාය.

"ම් මං මුලින්ම ඔයාගෙ පිරිසිදු කමටයි පිලිවෙලටයි කැමති උනෙ"

"ඊලගට"නැවතත් කවී හිනැහේ.

"ඊලගට ඔයා මට දුන්න අවධානය සහ ආදරේ නිසා ඔයාට මං තවත් ආදරේ උන"

"තව තව"කවී තවත් හිනැහේ.

"ඉතින් ඒ දෙකම ඔයාගෙන් මැකෙනවනං මං මොනවද කරන්නෙ කවී" රොෂාන් කියද්දී කවීෂාගේ සිනහව අතුරුදන්ව කඳුලු පේලි දෙකක් මතුවිය.

"අ අනේ මොනවද රොෂාන් අයියෙ මේ"කියමින් කවී රොෂාන්ගේ කකුල බදාගෙන අඩද්දී ඇයව තුරුල්කරගත් රොෂාන්
"මම ඔයාගෙන් සුන්දරත්වය බලාපොරොත්තු වෙනව කවී. ඒ කියන්නෙ ලස්සන නෙමේ. පිරිසිදුකමයි පිලිවෙලයි. ඒ වගේම පුතු ගැන හොයන අතර මං කනවද කියලවත් අහන්න. ඔයාගෙන් නොලැබෙන ඒව මට පිට අයගෙන් හොයන්න ඕන නෑ කවී" කියද්දී කවීෂා හැඩුම අතරින්ම
"අනේ සමාවෙන්න අනේ.මං හිතුවෙ නෑ,මං ඔයාගෙ කවීම වෙනව.මගෙ පුතු දෙන්නටම ආදරේ ඕනනෙ"කියමින් රොෂාන්ව තරයේ වැලදගත්තාය.

නිමි.

(වරදින්නට පෙර හදාගන්න)

තනුජ්✒

හිතේ තියන් ඉදල ප්‍රශ්න  දුරදිග යන්නෙ නැතුව රොෂාන් ඒක කිව්ව එක හොදයි
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Jul 2018 06:16 AM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Jun 2018 10:51 PM
මම කසාද බැඳලා ආපු පලවෙනි දින තුන තුළ මගේ නෝනට ඔය කතාව මම කිව්ව. මොකද මම ඔයවගේ දේවල් අනන්ත අහල තියෙනව. ඊට පස්සෙ මේ පහත වීඩියෝව දාල පෙන්නුවා. පසුවට කියනවට වඩා මුලින් කියන එක හොඳයි කියල හිතපු නිසා. සර්ච් කරලා නැවතත් හොයල ගත්තා ඔබටත් බලන්න.

අයියෝ හුචක්කුව.......ලැජ්ජ  කරන්න  එපා අනේ ඔහොම 😂😂
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
03 Jul 2018 09:11 PM
  •  Quote
  •  Reply
😂😂
Udeshika Herath
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
04 Jul 2018 06:22 PM

මේ කතාව හොඳ ආදර්ශයක්....
පිරිසිදුකම තමයි සුදුසුම දේ සහ පිළිවෙළයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
04 Jul 2018 06:28 PM
  •  Quote
  •  Reply
Posted By maduranga001 on 16 Jun 2018 10:51 PM
මම කසාද බැඳලා ආපු පලවෙනි දින තුන තුළ මගේ නෝනට ඔය කතාව මම කිව්ව. මොකද මම ඔයවගේ දේවල් අනන්ත අහල තියෙනව. ඊට පස්සෙ මේ පහත වීඩියෝව දාල පෙන්නුවා. පසුවට කියනවට වඩා මුලින් කියන එක හොඳයි කියල හිතපු නිසා. සර්ච් කරලා නැවතත් හොයල ගත්තා ඔබටත් බලන්න.
මෙතුමා කියන දේවල් බලන්නකෝ...හොඳ ආදර්ශයකුත් දෙනවනේ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Jul 2018 09:01 AM
  •  Quote
  •  Reply
හම්.
Udeshika Herath
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
06 Jul 2018 09:04 AM
  •  Quote
  •  Reply
පමා වැඩී

"කෝ පුතාට අන්දලත් නෑනෙ තාම,මොනවද අනේ ඔයාට කිසිම වැඩක් බෑනෙ"

"මමත් දැන්නෙ ලිහිනි වොෂ් කරන් ආවෙ"

"හා හා කියන්න ඒවනං තියෙනව,ඉක්මනට පුතාට අන්දල අපිව හෝල් එකට දාන්න"

"ඇ ඇයි ලිහිනි මං එන්න ඕන නැත්ද"

"අපෝ මේ ඔයානං එන්න එපා. ඔයා ආවොත් මගෙ තත්වෙත් ඉවරයි,ඔයා අපිව දාල වැඩට යන්න"ලිහිනි අවසානය තීරනය කලාය.
...
පුතාගෙ කලිසම මදින අතර සහන්ගෙ සිත මීට වසර හතරකට පෙර අතීතයට පියඹා ගියේය.

"ලිහිනි මං ආදරෙයි ඔයාට, ඒත් ඔයා හිතට ආපු පලියට මැරි කරමු කියන්න එපා.තව කාලයක් අරන් හිතන්න"

"අනේ මොනා හිතන්නද සහන්. ඔයා හොද කෙනෙක්. ඔයාගෙ අවංක කම තිබුනම ඇති"

"එහෙම නෙමෙයි නංගි,මන් සාමාන්ය ජොබ් එකක් කරන ලොකු හීන නැති සතුටින් ජීවත්වෙන් පතන කෙනෙක්"

"ඉතින් මාත් එහෙමනෙ අයියෙ"

"ඔව් ඒ අදනෙ. ඔයාගෙ සුදුසුකම් එක්ක ඔයාට ලොකු දුරක් යන්න හැකි වෙයි. ඒ වගේම ඔයා ලොකු හීන බලනව ජීවිතේ.ඔයා මට වඩා ඉදිරියට ගිය දවසක මාව මග හැරෙයි නංගි,මටත් මාව මග හැරෙයි"
"හපෝ පන්ඩිත කෝලම.මට ආදරෙයිනෙ,මං වෙනස් වෙන් නෑ අයියෙ"අවසානයේ ඇයම තීරනය කලාය අද මෙන්ම.

"මොකක් කරනවද ඔය කලිසමට අයන් එක තියන්, ඕක ඉක්මනට මැදල අන්දන්න"යැයි ලිහිනි මොර දෙද්දී පියවී සිහියට ආ සහන් කලිසමද එතනම දමා නැවතත් නාන කාමරයට වැදී දොරවසාගත්තේය.

නිමි.

තනුජ්✒
Udeshika Herath
0
Add Reply
Page 1 of 612345 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below