You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Jun 2019 09:41 PM by  maduranga001
ප්‍රේමය නම් නුබයි රාවණ
 21 Replies
Sort:
Page 1 of 212 > >>
Author Messages

Madud
New Member
New Member
Posts:54






--
25 Apr 2018 08:38 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ. ආරම්භයට පෙර........ . කතාව ගැන සදහන් කරණවනම්....මේක රාවණා ගැන ලියන කතාවක්.ඒත් වාල්මිකීගේ රාමායණයේ එන දේව කතාවට පොඩ්ඩක්වත් සමාණ නෑ.මොකද පුංචි කාලෙ ඉදලම මම ඒ අතිශෝක්ති දේව කතාව පිළිගත්තෙ නෑ.මම රාවණාව දකින්නෙ මනුශ්‍යයෙක් විදිහට.රාවණා මනුශ්‍යයෙක් උනානම් එයාගෙ ප්‍රේමය කොයි ආකාරද කියන එකයි මම මගේ කතාවට පාදක කරගන්නේ.ඒ වගේම මුලින්ම කියන්න ඕනි මේ කතාව සම්පූර්ණයෙන්ම මනක්කල්පිතයක් . ඒත් සමහර ග්‍රාම නාම පුද්ගල නාම දැනට පවතින තර්ක වලට අනුව මම කතාවට යොදාගන්නවා.ඒ නිසා මේ කතාව අර්ධයක් මගේ මනක්කල්පිතයක් හා අර්ධයක් මූලාශ ඇසුරුකරගෙනයි නිර්මාණය වෙන්නේ.පාදක කරගත් මූලාශ්‍ර ගැන සදහන් කරණවනම් ශ්‍රී රාවණ්නා පුවත කොග්ගල නිළමේ රාමායණය සියත එෆ් එම් රාවණා පුරාණය අන්තර්ජාලය සදහන් කරන්න පුලුවන්. මේ කතාව තුලින් මම දෙයක් බලාපොරොත්තු වෙනවා.අපි තීරණ ගන්නේ අපිට පේන ඇහෙන දකිණ දේ අණුව පමණයි.රාමායණය කියවපු අපි රාවණා නපුරෙක් කියලා හිතනවා.ඒත් එදා ඉදලම මගේ හිතේ තර්ක ගොඩනැගුනා.රාවණා ඒ තරම් නපුරෙක් නම් ඇයි සීතාවට ස්පර්ශයකින්වත් අනතුරක් නොකලේ.... ඉතිං බලාපොරොත්තු වෙන්න. මේ කතාව අවසානායේදී මගේ එකම බලාපොරොත්තුව රාවණා රජ්ජුරුවන්ට ආදරය කරණ රාවණා ඉතිහාසය හොයන තවත් ටික දෙනෙක්වත් බිහෙවෙනවා දකින එක. මේ කතාව නිකන් කියවලා අහක දාන්නෙ නැතුව අපි තර්ක කරමු
2

Madud
New Member
New Member
Posts:54






--
25 Apr 2018 09:33 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ .......01 කොටස


හිස මුදුනේ සිටම කැරලි ගැසී උරහිස් දක්වා කඩා හැලෙන ඝණ කාලවර්ණ අකබඹරු කේශ කලාපය....චන්ද්‍ර පෙළපතේ උරුමකම කියා පාන අඩ සදවන් නළල් තලය....විචක්ෂණශීත්වය මොනවට මවාපාන එකට එක් වු ඝණ දෙඇස් බැමි.සූර්‍ය වංශයේ නොසැලෙන ශක්තිමත් තීක්ෂණ දෑස් යුගලය...මනා ලෙස පිහිටියාවූ නාසය දෙකන් සහ දෙතොල් ....ඉන පහලට පමණක් සැරසුනු වස්ත්‍රයෙන් නිරාවරණය වූ පුලුල් උරහිස් සහ පිරිපුන් උඩුකය.......මනාව වැඩුනු උස් ශරීරය සහ ඊට සරිරන පිරුපුන් ගත.......... වෛශවන පතිනී කෛකසීය තම වැඩිමහල් පුතු දෙස නිසොල්මනේ බලා සිටියේ හද තුල අපරිමිත දාරක ස්නේහය අභිබවා නැගෙන පැහැදිය නොහැකි ගෞරවය මුසු හැගීමකිනි. ඉතිං මේ දර්ශනය ඇගේ සිතෙහි වූ සැනසිල්ලමද වන්නේය.

එක් සැමියෙකු සහ එක් භාර්‍යාවක යන සිව් හෙළයේ උත්තරීතර නියාම ධර්මයට පිටුපා තම පියා වන සුමාලී රකුස් රජුත් මාමණ්ඩිය වන පුලතිසි ඉසුරිදුත් තමන් වෛශවනයන් හට සරණ කර දෙනු ලැබූයේ මේ ශ්‍රේෂ්ට උත්පත්තිය උදෙසාමය.පුර්ෂයෙකුගේ එකම පතිනිය වීමට සිත් තුල වූ යොවුන් බලාපොරොත්තුව කඩවී තම සැමියාගේ දෙවන භාර්‍යාව වූ දින සිතට නැගි ශෝකය මේ උත්තරීතර උත්පත්තිය සිදුවූ දා සිටම සිත අහලකවත් නොවූ බව කෛකසීය ට විස්වාසය.තම සැමියාණන් හට හදවතින්ම ප්‍රේම කරන්නට ඇයට හැකි වූයේ එදින සිටය.ඉතිං කල්පයක් උව මේ රුව දෙස බලා සැනසෙන්නට ඇයට හැකිය.

අති උත්තම සූර්‍ය වංශයේ මහා සම්මත මනු රජුන්ගෙන් පැවත එන රාක්ෂ කුලයේ මීලග ශ්‍රේෂ්ට රජුන් තමාටත් වෛශවනයන්ටත් දාව ඉපදෙන බව අනාවැකියයි.තමන් උත්පත්තිය ලබා දුන් දරුන් තිදෙනාගෙන් සැකයක් නොමැතිවම ඒ ශ්‍රේෂ්ට ගුණාංග මේ යොවුන් වියේදීම පෙන්වන්නේ ඔහුම නොවේද...තාමත් සොළොස් වියෙහි වූවත් මහා සම්මත මනු රජුගේත් මහා බලි රජුගේත් තාරක මහා රකුස් රජුගේත් ශරීරයන්හී වූ සියලුම පුර්ෂ ලක්ශණ දැනටමත් ඔහු තුල ඇත්තේ නොවේද....ඊටත් අභිබවා ඔහු තුල වන මානුශීය බව රජෙකුට අකැප වන්නේ කෙසේද.......

සිව් හෙලයේ රජකු විය හැක්කේ සියල්ලන් අතුරෙන් ශක්තියෙන් පරිපූර්ණ මනසින් උසස් වන තැනැත්තාය.එය මහා සම්මත මනු රාජ්‍ය යුගයේ සිටම පැවත එන නියමයයි.

එහෙත්.....

කෛකසීය ට සිහි වූයේ තම සැමියාගේ පළමුබිරිද වූ ඉල්ලවිල්ලා දේවියගේ වදන් ය.

වස්තුව රැස්කිරීම හා සටන් පුහුණුව වෙත සිත් යොමු කිරීම වෙනුවට තම වැඩිමහල් පුතු තම මුත්තනුවන් හා පියතුමන් වන පුලතිසි හා වෛශවන ඉසිවරුන් සමග භාවනායෝගී වීම ඉල්ලවිල්ලා දේවියගේ උපහාසයට ලක්වූ වාර එමටය.

සුමාලි රකුස් රජු වූ තම පියාගේ දුර්වල රාජ්‍ය පාළනය නිසාවෙන් රාජ්‍ය නියාම වලට හිස නමා රජකම අත් හැරි දින අරාජික වීමට ගිය රකුස් පරපුර වෙනුවෙන් රජකම උරුම වූයේ ඉල්ලවිල්ලා දේවියගේත් තම සැමියාගේත් පුතු වූ කුවේරයන්ටය. ඇත්තෙන්ම ඔහු රජෙකු වීමට තරම් වූ වස්තු සම්භාරයක් ඇත්තෙකි.

එහෙත් මානුශීය ගුනාංග......... ශ්‍රේෂ්ට සූර්‍ය වංශික රකුස් කුලයේ වූ මානුෂීය ගුණාංග එකින් එක කුවේරයන් තුලින් ගිලිහී යනවා නොවේද.....දිනෙන් දින විශාල වන වස්තු සම්භාරය නිශාවෙන් විනාශ වී යන තම මානුශීය ගුණාංග පිළිබදව කුවේරයන් හට දැන් වැටහීම නොමැතිය.ඉතිං කල් නොයවාම ජනයා ඔහු කෙරෙහි වූ අප්‍රසාදය එලි දක්වනවා නොඅනුමානය......

" රාවණා අයියණ්ඩී........." කෛකසීය ගේ සිතුවිලි දැහැණ බිදී ගියේ දියණී සුපර්ණිකාගේ කෑ ගෑමෙනි.කොහෙදෝ සිට දිව ආ ඈ කෛකසීය පසු කර ගොස් තම වැඩිමහල් සොයුරු රාවණාගෙ උකුලට පැන්නේ දගකාර ඉරියව්වකිනි.තවමත් දස විය නොඉක්මවූ ඇයගේ ළමා ගතිය ...නොමද හුරතලය රාවණාගේ සිතිවිලි ප්‍රබෝධමත් කරන්නේ නිමේශයිකිනි. මෙතෙක් වේලා සුරතෙහි වූ උපුල් මල පසෙකින් තැබූ රාවණ සිය නැගණිය තුරුල්ලට ගත්තේය.

" තී නම් මහ වදකාරියක්.......ඔතරම් ශබ්දෙන් කෑ ගසන්නට එපා යයි මම කී වරක් කීවාද........" මෙතෙක් වේලා නිසොල්මනේ තමන්ට පමණ ඉකමවා ගිය ආහාර ප්‍රමානයක් බෝජනය කරමින් සිටි කුම්භකරණ හඩ අවදි කලේ නොරිස්සුමෙනි.එයට හේතුව අමුතුවෙන් පැහැදිය යුතු නොවීය . දැහැනකට සම වැදී මෙන් ආහාරය බෝජනය කරමින් සිටි යදී සුපර්ණිකා ගේ කෑ ගෑමෙන් ඔහුගේ දැහැන බිදී ආහාර විසිරී ගොසිනි.

" අයියණ්ඩී........." සුපර්ණිකා දෑසෙහි කදුළු පුරවගත්තාය.

" මගේ කුස ගින්නෙන් අඩක්වත් සමනය වූයේ නෑ.....නුඹේ කෑ ගෑම නිසා නිකරුණේ ආහාර අපතේ ගියා......." පෙර මෙන් නොරිස්සුම වෙනුවට එවර කුම්භාණ්ඩයන්ගේ හඩෙහි වූයේ පසුතැවීමකි.එය ආහාර අපතේ ගිය හේතුව ණිසාවෙන්ද තම නැගණියගේ කදුලු දුටු නිසාවෙන්ද යන වග අන් අයට තබා ඔහුටවත් පැහැදිය නොහැක.

" අයියණඩී...... මා එය සිතා කල දෙයක් නොවෙයි........." කදුලු බිදු දෙකම්බුලෙන් රූටා වැටෙද්දී සුපර්ණිකා බැලුවේ තම වැඩිමහල් සොයුරා දෙසයි .

" ඔව්.....මම දනිමි......එය නුඹ සිතා කල දෙයක් නොවෙයි......මා පමණක් නොවෙයි..එය නුඹේ කුම්භකරණ අයියණ්ඩිත් හොදාකාරවම දනියි....එහෙත් නුඹ සිතා මතාම නුඹගේ සොයුරන්ගේ සිත් රිදවන බව නුඹ නොදන්නවාද........." සිය තුරුල්ලේ තබාගෙනම රාවණා නැගණියගේ කදුලු පිස දැම්මේය....තමාට වඩා සය වසරකින් බාල වූවද ඇයත් කුම්භකරණ ත් අතර ඇත්තේ වසර දෙකක පමන වූ වයස් පරතරයක් පමණී.ඉතින් ඔවුන් දෙදෙනාගේ සමවයස් ගැටුම් විසදීම රාවණාගේ දිනපතා කාර්‍යන්ගෙන් එකක් වී ඇත්තේ නිරායාසයෙනි.

" මා.........." කුඩා වයසේ වූ සුපර්ණිකා ට රාවණාගේ වදන්හී අරුත් නොවැටහේ.....

(මතු සම්බන්දයි)
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
25 Apr 2018 10:08 PM
  •  Quote
  •  Reply
Posted By Madud on 25 Apr 2018 08:38 PM
ප්‍රේමය නම් නුඹයි රාවණ. ආරම්භයට පෙර........ . කතාව ගැන සදහන් කරණවනම්....මේක රාවණා ගැන ලියන කතාවක්.ඒත් වාල්මිකීගේ රාමායණයේ එන දේව කතාවට පොඩ්ඩක්වත් සමාණ නෑ.මොකද පුංචි කාලෙ ඉදලම මම ඒ අතිශෝක්ති දේව කතාව පිළිගත්තෙ නෑ.මම රාවණාව දකින්නෙ මනුශ්‍යයෙක් විදිහට.රාවණා මනුශ්‍යයෙක් උනානම් එයාගෙ ප්‍රේමය කොයි ආකාරද කියන එකයි මම මගේ කතාවට පාදක කරගන්නේ.ඒ වගේම මුලින්ම කියන්න ඕනි මේ කතාව සම්පූර්ණයෙන්ම මනක්කල්පිතයක් . ඒත් සමහර ග්‍රාම නාම පුද්ගල නාම දැනට පවතින තර්ක වලට අනුව මම කතාවට යොදාගන්නවා.ඒ නිසා මේ කතාව අර්ධයක් මගේ මනක්කල්පිතයක් හා අර්ධයක් මූලාශ ඇසුරුකරගෙනයි නිර්මාණය වෙන්නේ.පාදක කරගත් මූලාශ්‍ර ගැන සදහන් කරණවනම් ශ්‍රී රාවණ්නා පුවත කොග්ගල නිළමේ රාමායණය සියත එෆ් එම් රාවණා පුරාණය අන්තර්ජාලය සදහන් කරන්න පුලුවන්. මේ කතාව තුලින් මම දෙයක් බලාපොරොත්තු වෙනවා.අපි තීරණ ගන්නේ අපිට පේන ඇහෙන දකිණ දේ අණුව පමණයි.රාමායණය කියවපු අපි රාවණා නපුරෙක් කියලා හිතනවා.ඒත් එදා ඉදලම මගේ හිතේ තර්ක ගොඩනැගුනා.රාවණා ඒ තරම් නපුරෙක් නම් ඇයි සීතාවට ස්පර්ශයකින්වත් අනතුරක් නොකලේ.... ඉතිං බලාපොරොත්තු වෙන්න. මේ කතාව අවසානායේදී මගේ එකම බලාපොරොත්තුව රාවණා රජ්ජුරුවන්ට ආදරය කරණ රාවණා ඉතිහාසය හොයන තවත් ටික දෙනෙක්වත් බිහෙවෙනවා දකින එක. මේ කතාව නිකන් කියවලා අහක දාන්නෙ නැතුව අපි තර්ක කරමු
මමත් ඉස්සර කුඩා කාළයේ TNL එකේ විකාශය වූ රාමායණය ඉතා ආශාවෙන් බලපු කෙනෙක්.  රාම රාවණ සීතා පිළිඹදව මගේ හිතෙත් යම් චිත්‍රයක් තිබෙනවා. බලමු ඔයාගේ කතාව ඒ චිත්‍රය හා සසඳා..

තවත් දෙයක්. මට රාවණා රජු ගැන කිසිම අපැහැදිලි සිතක් නැහැ. රාවණා ඔහුගේ ප්‍රතිපත්ති අකුරටම ඉටු කළා සේම සිතා ද පති භක්තිය එලෙසින්ම රැක්කා.. හැබැයි රාමා සැක පහල කළා. එතකොට කවුද මනුෂ්‍ය ගුණාංග වලින් උඩින්ම ඉන්නෙ.

ඒ මගේ අදහස. දැන් කතාවට ඉඩ...


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
2

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2018 04:31 AM
  •  Quote
  •  Reply
රාවණා රජු සම්බන්ධව ඇති පුරාවෘත වලට මමත් ගොඩක් ආසයි. ඒත් ඒ සියල්ල තවමත් සත්‍ය කියලා පිළිගන්න තරම් තොරතුරු නැහැ..
ඔයාගේ සිතිවිල්ලත් සමහර විට සත්‍ය වීමට ඉඩ තියෙනවා...
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112






--
26 Apr 2018 07:35 AM
  •  Quote
  •  Reply
රාවණා රජු සම්බන්ධව ඇති පුරාවෘත වලට මමත් ගොඩක් ආසයි. ඒත් ඒ සියල්ල තවමත් සත්‍ය කියලා පිළිගන්න තරම් තොරතුරු නැහැ..
ඔයාගේ සිතිවිල්ලත් සමහර විට සත්‍ය වීමට ඉඩ තියෙනවා...
ඔව්. පුරාවෘත කතාව සාහිත්‍ය සමඟ එකතුවී අතිශෝක්තියක් බවට පත්වීම ඊට හේතුව.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Madud
New Member
New Member
Posts:54






--
26 Apr 2018 07:09 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......02 කොටස.
(මෙම නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය.)

" මා.......මා නුඹගේ සිත රිදෙව්වාද අයියණ්ඩී.........." කුම්භකරණ ගේ දොස් පැවරීමේන් සිත රිදී ඇති සුපර්ණිකාට තම වැඩිමහල් සොයුරුගේ වදන් හී අරුත නොවැටහේ....ඔහුගේ තුරුල්ලෙන් මෑත් වී ඈ පූර්ණ අවදානයෙන් රාවණාගේ වත දෙස බැලීය. සිත් හී ඇතිවෙනා හැගීම් සමුදායන් ගැන එකින් එක විග්‍රහ කොට පැහැදිලිකරගත හැකි වයසක ඇය නොවූවත් තම වැඩිමහල් සොයුරුගේ වත මත්තේ ඇති සෞම්‍ය මදහස ඇගේ සිතෙහි වන සියලුම දුක්ඛ දෝමනස්සයන් සමනය කරන වග නම් ඇය හොදාකාරම දනියි.

" නුඹ නොදන්නෙහිද.........නුඹ නුඹගේ සොයුරන්ගේ එකම නැගණී බව..... ඔවුන් නුඹට අප්‍රමාණව ස්නේහ දක්වන වග නුඹ හොදාකාරවම දන්නවා නොවේද.....ඉතිං එසේනම්......." රාවණා සිය ඇගිලි තුඩකට ගත්තේ ඇගේ කම්මුලක් මත්තේ වූ කදුලු බිදුවකි.

" ඉතිං......ඉතිං එසේනම්.....මේ කදුලු බිදු නුඹේ සොයුරන්ගේ සිත් තුලට හී තුඩවල් වැනි යයි නුඹ වටහා ගත යුතුයි නොවේද......... " තම තීක්ෂණ දෙනෙතින් ඔහු සුපර්ණිකා වෙත හෙලූයේ ශ්‍රේෂ්ටතම මානූෂීය හැගීමක් වන උත්තරීතර සහෝදර ප්‍රේමයයි. ඒ ප්‍රේමය දරාගත නොහැකිව සුපර්ණිකාගේ දෙකම්මුල් චලනය වන හැටි පසෙකට වී මේ සියල්ල දෙස නිසොල්මනේ බලා සිටින කෛකසීය ගේ දෑස්වලට හසුවිනි.ඇයට හැඩීමට තහනම් කල නියාවෙන් සුපර්ණිකාට තම අභ්‍යන්තරේ වූ හැගීම් පිට කළ නොහැකිව ඇය එය පාළනය කිරීමය වෙහෙස වන සෙයකි.

'" නුඹලාගේ සහෝදර ප්‍රේමය කොයි තරම් උත්තරීතරද.........." කෛකසීය තම දරුවන් වෙතට පා යොමු කලේ නිවී සැනසුනු සිතකින් ඒ වදන් පිටකරමිනි.ඇයගේ දර්ශණය ඇස ගැටුනු ඇසිල්ලේම රාවණාත් පසෙක සිටි කුම්භකරණ ත් සුපර්ණිකාත් හිද වුන් තැන්හීන් නැගී සිටියේ එක්වරමය.රෝගයකදී හැරෙන්නට මව්පියන් සිටගෙන සිටියදී දරුවන් අසුන්ගෙන සිටීම සිව් හෙලයේ අධර්මයකි . එය රජුන්ට උව අකැප රීතියකි.

" සුපර්ණිකා......නුඹට මෙතරම් ප්‍රේම කරන සොහොයුරන් ලැබීමට නුඹ කෙතරම් නම් පිං කරන්නට ඇතිද......." කෛකසීය සිය දියණියගේ හිසකේ අතරේ ඇගිලිතුඩු ගමන් කරවුයේ දයාවෙනි.

" එහෙත් රාවණ........මම පිළිගනිමි.....නුඹ නුඹේ වයසට වඩා මුහුකුරා ගිය දැනුමෙන් හා මනු ගුණයන්ගෙන් පරිපූර්ණයි....නමුත් නුඹ උගත යුතුයි.....ස්ත්‍රියකගේ කදුලු යනු හුදෙක් වේදනාව උදෙසාම නැගෙන්නක් නොවෙයි....... ගැහැණිය දුකේදී වේදනාවෙදී මෙන්ම සතුටෙදීත් දරාගත නොහැකි ප්‍රේමයේදීත් කදුලු සලයි........" තම පුතු කෙතරම් උගතෙකු සමතෙකු උවද ගැහැනියකගේ හැගීම් වටහා ගැනීමට ඔහුට නොහැකි බව කෛකසීය ගෙ විස්වාසයයි.

මෑණියන්ගේ පැහැදිලි කිරීම අසත්‍යක් නොවන බව රාවණා හොදාකාරවම දනියි.....එහෙත්...

" රාවණා......... නුඹ මා මවු වූ නිසවෙන් කිසි විටෙක මා සමග තර්කයට නොඑළබෙන බව මම දනිමි....එහෙත් මගේ වදන් ඔස්සේ නුඹ සිතින් තර්ක කරණා බව මම හොදාකාරවම දනිමි......ඉතිං එය මා සමග පවසන්නේ නම් මටද යමක් උගත හැකි නොවේද පුතනුවණි........." කෛකසීය හොදාකාරවම දනී රාවනා කිසිම විටෙක තර්කයෙන් තොරව කිසිදු දෙයක් පිළි නොගන්නා තැනැත්තෙකි. අවශ්‍ය මොහොතකදී පමණක් පිටවන ඔහුගේ වදන් තුල අසා සිටින්නාට උගත හැකි බොහෝ කරුණු වන්නේ එබැවිනි.

" නැත මෑණියනි.....එය තර්කයක් නොවෙයි..... එහෙත් පුර්ෂයෙකුට තම මවගේත් සොයුරියගේත් දියණියගේත් කදුළු දුකටම හේතුවක් පමනයි.ඇය කුමක් අ‍රබයා කදුලු සැලුවද පියාටත් පුත්‍රයාටත් සොහොයුරාටත් ඒ දර්ශනය වේදනාවක්ම පමණයි........" රාවණාගේ පැහැදිලි කිරීම......ඉතිං කෛකසීය තව කුමක් කියන්නද.....එය එසේ නොවේ යැයි පවසන්නද......

මේ කිසිදු කතාබහක් කෙරෙහි අල්ප මාත්‍රකුදු අවදානයක් නොමැතිව කුම්භකරණ නැවතත් ආහාරයක් භෝජනය පටන්ගෙන ඇත.කතාබහෙහි වූ අරුත් පිළිබද කිසිදු වැටහීමක් නොමැති සුපර්ණිකා උපුල් මල සුරතට ගෙන එහි රේණු ඇගිලිතුඩින් මෘදු ලෙස ස්ඵර්ශ කරමින් ඇගේම කල්පණා ලොවක කිමිදී ඇත.

මේ උපුල් මල.........එය මෙතෙක් වෙලා තිබූයේ තම වැඩිමහල් පුතු වූ රාවණාගේ සුරතෙහි බව කෛකසීයට සිහි වූයේ එවලෙහිය...

නිරතුරුවම වෛද්‍ය ග්‍රන්ථ ධර්ම ග්‍රන්ථ විමාන යානා ආකෘති පමනක්ම රැදුනු සුරතෙහි උපුල් මලක්...............එය කිනම් වූ සංකේතයක්ද.........දිනපතාම මේ මැදුර දහසක් උපුල් මලින් සුවදවත් වේ.එහෙත් අවම වශයෙන් ළමා වියේදීවත් රාවණා උපුල් මලක් දෙස මේ සා අවදානයකින් පසුවෙනු කෛකසීයට මතක නැත. ඔහුගේ සිත උපුල් මලක් කෙරෙහි ආශක්ත වීමට තරම් හේතුව කුමක්ද.....

" පුතුනි......... නුඹේ සිතෙහි උපුල් මලක හැඩැති විමාණ යාන ආකෘතියක් ඇත්තේද......." සිතේ වූ කුකුස කෛකසීය පිට කලේ සුපර්ණිකාගේ අත්ලෙහි වූ උපුල් මල දෙස බලාගෙනමය.

මවගේ ප්‍රශ්න කිරීමට හේතුව රාවණාට වැටහේ . කිසිදු දිනක උපුල් මල් කෙරෙහි සුවිශේෂී ප්‍රියතාවයක් නොදැක්වූ තමාගේ අත් මත බොහෝ වේලාවක් උපුල් මල රැදී තියෙනු ඇය දක්නට ඇත. එහෙත් උපුල් මලකට මේ සා ප්‍රියතාවය හදිසියේ ඇති වීමට හේතුව මව වූ ඇයට පැවසීමට රාවණාගේ සිත මැලි වේ.

" කෛකසී මවුණි.........විමාණ යානා අත් හදා බැලීම් වල අයියණ්ඩිය දිනපතාම නිරත වෙයි.නොයෙක් වර භූමියේ සිට අඩි කිහිපයක් උඩින් යම් යම් දුර ප්‍රමාණයන් දක්වා ඒ යානා ගමන් කරයි.ඉතිං නොයෙකුත් විල් මත්තෙන් ඔය යානා අනන්තවත් යනවාට සැක නැත.ඉතිං ඒ විල් මත්තේ පිපි දහසක් උපුල් මල් ඔහුගේ දෑසට සිය දහස් වාරයක් හසුවන්නත ඇති.....මෑණියණි විමාණ යානා ආකෘතියකට උපුල් මලක හැඩතලය යොදා ගැනීමට වූ අදහස මේ හදිසියේ ආ එකක්‍ ය කියා නම් මට නොසිතේ........" මුවගට නගාගත් මදහසින් යුත්ක්තව ඔවුන් අතරට පැමිණියේ විභීෂණ කුමරුයි.

" විභීෂණ අයියණ්ඩී.........." ඔහුගේ දර්ශණය ඇසට හසු වූ ඇසිල්ලේම උපුල් මල පසෙකට කල සුපර්ණිකා ඔහු දෙසට දිව ගියාය.

" මගේ නගණ්ඩී........ඉතිං නුඹ සුවෙන් සිටියාද..........." විභීෂන ඇය දෑතින් ඔසවා සුරතල් කිරීමට පටන් ගත්තේය.

" නුඹේ වදන් හී අර්තය නම් මට අපැහැදිලියි පුතණුවනි.........." සුපර්ණිකා නිසාවෙන් මගහැරීමට යන උපුල් මලේ ප්‍රහේලිකාව කෙරෙහි කෛකසීය විභීෂණගේ සිත නැවතත් යොමු කලාය.

රාවණා මේ සියල්ල දෙස බලා සිටියේ සාවදානවය....විභීෂණ කෙලිලොල්‍ ය....ඔහුගේ ඒ කෙලිලොල් බව නිසාම සිත් හී ඇති සියල්ල මවු ඉදිරියේ පැවසීම ඔහුටම පාලනය කරගත නොහැකි වනු ඇත.

" එය මෙසේයි මෑණියණි.......අයියණ්ඩිය විමාණ යානා අත් හදා බැලීම සදහා අහසින් යද්දී ඔය දකිනා දහසක් උපුල් මැද අද එක් සුවිශේෂී උපුල් මලක් දුටුවා වීමටද හැකියි...කිසිදු දිනෙක දැක නොමැති ඒ උපුල් මල නිසාවෙන් අයියණිඩියට යානාව පාළනය කරගත නොහැකිව ඒ විල මතට යානාව කඩාගෙන වැටුනාද විය හැකියි.එසේම ඒ කඩා වැටීමෙන් විලෙහි වූ අනෙක් උපුල් මල් සේම ඒ සුවිශේෂී උපුල් මලටත් යම් යම් හානි සිදුවූවා වන්නටද හැකියි......නොවේද අයියණ්ඩී........" සුපර්ණිකා දෑතින්ම තුරුල්ලට ගෙන විභීෂණ තම වැඩිමහල් සොහොයුරා දෙසට පා තැබූයේ කෙලිලොල්‍ සිනහවෙන් යුතුවමය.

නිරන්තරයෙන්ම දැඩි හා ඍජු බවක් උසුලන තම සොයුරාගේ තීක්ෂණ ඇස් මත්තේ කැළඹීමක සේයාව මතුවී ඇති අයුරු විභීෂණ මේ දකින්නේ පළමු වතාවටය.ඒ සුවිශේෂී උපුල් මල තම සොහොයුරාගේ සිත මත මේ තරම් විපර්‍යාසයක් සිදුකරන්නට සමත් වීද.....

" කිමෙක්ද......විභීෂණ......නුඹේ සොයුරු නැවතත් විමාණ යානාවකින් වැටුනෙහිද........" විභීෂණගේ ප්‍රකාශයෙන් එහි වූ යටි අරුතටත් වඩා කෛකසීයගේ සිතට ඇතුල් වූයේ රාවනා විමාන යානාවකින් බිමට වැටුනා යයි කියන ප්‍රකාශය පමණි.සිව් හෙලය දිනෙන් දින දියුණු වන බව සැබෑවකි. දෙපයින් ගමන් ගිය කාලය අභිබවා නොයෙක් ආකාරයේ රථ නිපදවූයේ කෛකසීයගේ උප්පත්තියටත් පෙර සිටමය..ධීවර කටයුත්තේ පහසුව සදහා නාග ගෝත්‍රිකය නාවුක යනා නිපදවූයේත් ඒ කාලයේදීමය...එහෙත් රාවණා ඒ සියල්ල අභිබවන්නට සූදානම් වෙයි.ඔහු ගොඩ සහ දිය අභිබවා අහසින් යාමත තැත් කරයි.කෛකසීය එයට විරුද්ධ නැත ......එහෙත් මේ අත් හදා බැලීම් නිසාවෙන් නිරතුරුවම අනතුරට ලක්වන තම පුතුන් කෙරෙහි ඇයට ඇත්තේ මවකගේ වූ සාධාරණ බියකි ....

( මතු සම්බන්දයි )
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
26 Apr 2018 07:33 PM
  •  Quote
  •  Reply
ඔයාගේ නිර්මාණාත්මක හැකියාව නම් ඉතාමත් ඉහළයි...
මේක මුද්‍රණය කලොත් ඉතා විශිෂ්ඨ ඓතිහාසික ග්‍රන්ථයක් වේවි කියා මට හිතෙනවා...
0

Madud
New Member
New Member
Posts:54






--
26 Apr 2018 10:03 PM
  •  Quote
  •  Reply
මගේ හීනය තමයි ඒක.බලමු කවදහරි ඒ හීනය හැබෑවක් වෙයිද කියලා.ස්තූතියි අදහස් පළ කිරීම ගැන
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434






--
28 Apr 2018 05:24 AM
  •  Quote
  •  Reply
Posted By Madud on 25 Apr 2018 09:33 PM
ප්‍රේමය නම් නුඹයි රාවණ .......01 කොටස


හිස මුදුනේ සිටම කැරලි ගැසී උරහිස් දක්වා කඩා හැලෙන ඝණ කාලවර්ණ අකබඹරු කේශ කලාපය....චන්ද්‍ර පෙළපතේ උරුමකම කියා පාන අඩ සදවන් නළල් තලය....විචක්ෂණශීත්වය මොනවට මවාපාන එකට එක් වු ඝණ දෙඇස් බැමි.සූර්‍ය වංශයේ නොසැලෙන ශක්තිමත් තීක්ෂණ දෑස් යුගලය...මනා ලෙස පිහිටියාවූ නාසය දෙකන් සහ දෙතොල් ....ඉන පහලට පමණක් සැරසුනු වස්ත්‍රයෙන් නිරාවරණය වූ පුලුල් උරහිස් සහ පිරිපුන් උඩුකය.......මනාව වැඩුනු උස් ශරීරය සහ ඊට සරිරන පිරුපුන් ගත.......... වෛශවන පතිනී කෛකසීය තම වැඩිමහල් පුතු දෙස නිසොල්මනේ බලා සිටියේ හද තුල අපරිමිත දාරක ස්නේහය අභිබවා නැගෙන පැහැදිය නොහැකි ගෞරවය මුසු හැගීමකිනි. ඉතිං මේ දර්ශනය ඇගේ සිතෙහි වූ සැනසිල්ලමද වන්නේය.

එක් සැමියෙකු සහ එක් භාර්‍යාවක යන සිව් හෙළයේ උත්තරීතර නියාම ධර්මයට පිටුපා තම පියා වන සුමාලී රකුස් රජුත් මාමණ්ඩිය වන පුලතිසි ඉසුරිදුත් තමන් වෛශවනයන් හට සරණ කර දෙනු ලැබූයේ මේ ශ්‍රේෂ්ට උත්පත්තිය උදෙසාමය.පුර්ෂයෙකුගේ එකම පතිනිය වීමට සිත් තුල වූ යොවුන් බලාපොරොත්තුව කඩවී තම සැමියාගේ දෙවන භාර්‍යාව වූ දින සිතට නැගි ශෝකය මේ උත්තරීතර උත්පත්තිය සිදුවූ දා සිටම සිත අහලකවත් නොවූ බව කෛකසීය ට විස්වාසය.තම සැමියාණන් හට හදවතින්ම ප්‍රේම කරන්නට ඇයට හැකි වූයේ එදින සිටය.ඉතිං කල්පයක් උව මේ රුව දෙස බලා සැනසෙන්නට ඇයට හැකිය.

අති උත්තම සූර්‍ය වංශයේ මහා සම්මත මනු රජුන්ගෙන් පැවත එන රාක්ෂ කුලයේ මීලග ශ්‍රේෂ්ට රජුන් තමාටත් වෛශවනයන්ටත් දාව ඉපදෙන බව අනාවැකියයි.තමන් උත්පත්තිය ලබා දුන් දරුන් තිදෙනාගෙන් සැකයක් නොමැතිවම ඒ ශ්‍රේෂ්ට ගුණාංග මේ යොවුන් වියේදීම පෙන්වන්නේ ඔහුම නොවේද...තාමත් සොළොස් වියෙහි වූවත් මහා සම්මත මනු රජුගේත් මහා බලි රජුගේත් තාරක මහා රකුස් රජුගේත් ශරීරයන්හී වූ සියලුම පුර්ෂ ලක්ශණ දැනටමත් ඔහු තුල ඇත්තේ නොවේද....ඊටත් අභිබවා ඔහු තුල වන මානුශීය බව රජෙකුට අකැප වන්නේ කෙසේද.......

සිව් හෙලයේ රජකු විය හැක්කේ සියල්ලන් අතුරෙන් ශක්තියෙන් පරිපූර්ණ මනසින් උසස් වන තැනැත්තාය.එය මහා සම්මත මනු රාජ්‍ය යුගයේ සිටම පැවත එන නියමයයි.

එහෙත්.....

කෛකසීය ට සිහි වූයේ තම සැමියාගේ පළමුබිරිද වූ ඉල්ලවිල්ලා දේවියගේ වදන් ය.

වස්තුව රැස්කිරීම හා සටන් පුහුණුව වෙත සිත් යොමු කිරීම වෙනුවට තම වැඩිමහල් පුතු තම මුත්තනුවන් හා පියතුමන් වන පුලතිසි හා වෛශවන ඉසිවරුන් සමග භාවනායෝගී වීම ඉල්ලවිල්ලා දේවියගේ උපහාසයට ලක්වූ වාර එමටය.

සුමාලි රකුස් රජු වූ තම පියාගේ දුර්වල රාජ්‍ය පාළනය නිසාවෙන් රාජ්‍ය නියාම වලට හිස නමා රජකම අත් හැරි දින අරාජික වීමට ගිය රකුස් පරපුර වෙනුවෙන් රජකම උරුම වූයේ ඉල්ලවිල්ලා දේවියගේත් තම සැමියාගේත් පුතු වූ කුවේරයන්ටය. ඇත්තෙන්ම ඔහු රජෙකු වීමට තරම් වූ වස්තු සම්භාරයක් ඇත්තෙකි.

එහෙත් මානුශීය ගුනාංග......... ශ්‍රේෂ්ට සූර්‍ය වංශික රකුස් කුලයේ වූ මානුෂීය ගුණාංග එකින් එක කුවේරයන් තුලින් ගිලිහී යනවා නොවේද.....දිනෙන් දින විශාල වන වස්තු සම්භාරය නිශාවෙන් විනාශ වී යන තම මානුශීය ගුණාංග පිළිබදව කුවේරයන් හට දැන් වැටහීම නොමැතිය.ඉතිං කල් නොයවාම ජනයා ඔහු කෙරෙහි වූ අප්‍රසාදය එලි දක්වනවා නොඅනුමානය......

" රාවණා අයියණ්ඩී........." කෛකසීය ගේ සිතුවිලි දැහැණ බිදී ගියේ දියණී සුපර්ණිකාගේ කෑ ගෑමෙනි.කොහෙදෝ සිට දිව ආ ඈ කෛකසීය පසු කර ගොස් තම වැඩිමහල් සොයුරු රාවණාගෙ උකුලට පැන්නේ දගකාර ඉරියව්වකිනි.තවමත් දස විය නොඉක්මවූ ඇයගේ ළමා ගතිය ...නොමද හුරතලය රාවණාගේ සිතිවිලි ප්‍රබෝධමත් කරන්නේ නිමේශයිකිනි. මෙතෙක් වේලා සුරතෙහි වූ උපුල් මල පසෙකින් තැබූ රාවණ සිය නැගණිය තුරුල්ලට ගත්තේය.

" තී නම් මහ වදකාරියක්.......ඔතරම් ශබ්දෙන් කෑ ගසන්නට එපා යයි මම කී වරක් කීවාද........" මෙතෙක් වේලා නිසොල්මනේ තමන්ට පමණ ඉකමවා ගිය ආහාර ප්‍රමානයක් බෝජනය කරමින් සිටි කුම්භකරණ හඩ අවදි කලේ නොරිස්සුමෙනි.එයට හේතුව අමුතුවෙන් පැහැදිය යුතු නොවීය . දැහැනකට සම වැදී මෙන් ආහාරය බෝජනය කරමින් සිටි යදී සුපර්ණිකා ගේ කෑ ගෑමෙන් ඔහුගේ දැහැන බිදී ආහාර විසිරී ගොසිනි.

" අයියණ්ඩී........." සුපර්ණිකා දෑසෙහි කදුළු පුරවගත්තාය.

" මගේ කුස ගින්නෙන් අඩක්වත් සමනය වූයේ නෑ.....නුඹේ කෑ ගෑම නිසා නිකරුණේ ආහාර අපතේ ගියා......." පෙර මෙන් නොරිස්සුම වෙනුවට එවර කුම්භාණ්ඩයන්ගේ හඩෙහි වූයේ පසුතැවීමකි.එය ආහාර අපතේ ගිය හේතුව ණිසාවෙන්ද තම නැගණියගේ කදුලු දුටු නිසාවෙන්ද යන වග අන් අයට තබා ඔහුටවත් පැහැදිය නොහැක.

" අයියණඩී...... මා එය සිතා කල දෙයක් නොවෙයි........." කදුලු බිදු දෙකම්බුලෙන් රූටා වැටෙද්දී සුපර්ණිකා බැලුවේ තම වැඩිමහල් සොයුරා දෙසයි .

" ඔව්.....මම දනිමි......එය නුඹ සිතා කල දෙයක් නොවෙයි......මා පමණක් නොවෙයි..එය නුඹේ කුම්භකරණ අයියණ්ඩිත් හොදාකාරවම දනියි....එහෙත් නුඹ සිතා මතාම නුඹගේ සොයුරන්ගේ සිත් රිදවන බව නුඹ නොදන්නවාද........." සිය තුරුල්ලේ තබාගෙනම රාවණා නැගණියගේ කදුලු පිස දැම්මේය....තමාට වඩා සය වසරකින් බාල වූවද ඇයත් කුම්භකරණ ත් අතර ඇත්තේ වසර දෙකක පමන වූ වයස් පරතරයක් පමණී.ඉතින් ඔවුන් දෙදෙනාගේ සමවයස් ගැටුම් විසදීම රාවණාගේ දිනපතා කාර්‍යන්ගෙන් එකක් වී ඇත්තේ නිරායාසයෙනි.

" මා.........." කුඩා වයසේ වූ සුපර්ණිකා ට රාවණාගේ වදන්හී අරුත් නොවැටහේ.....

(මතු සම්බන්දයි)
ලස්සන කවරයකුත් නිර්මාණය කරලා..
මම ආසම නළුවෙක් ඉන්නේ...

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
29 Apr 2018 06:10 PM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි දිගටම කරගෙන යමු
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Madud
New Member
New Member
Posts:54






--
01 May 2018 12:08 AM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......03 කොටස
( මේ නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය)

කෛකසීයගේ පැනයෙන් විභීෂණගේ මුව ගොලු වී ගියේය.තම වැඩිමහල් සොයුරුගේ සිතුවිලි යටි අරුත් සහිතව කෛකසී මෑණියන් ඉදිරියේ පැවසීම අරමුණ වුවත් ඒ සියල්ල වැරදී ගිය බව ඔහුට වැටහුනි.

දිනෙන් දින දියුණු වන සිව් හෙළයේ මීලග මහා නිර්මාණය විමාන යානය වෙනු ඇත.එය නිර්මාණය කිරීම උදෙසා තම සොයුරා දරන වෙහෙස ගැන ඔහු හොදාකාරවම දනියි.එහෙත් කෛකසී මෑණියන්ගේ බියද අසාධාරණ නොමැත.ඇය මවකි.තම දරුන් හට ලැබෙනා අංශුමාත්‍ර වේදනාවන් පවා මවකට මහා වේදනාවක් සේ දැනෙයි.ඉතිං කොතෙකුත් අසාර්ථක විමාන යානා අත් හදාබැලීම් තුලදී වන අනතුරු පිළිබද තමාත් තම සොයුරාත් කෛකසී මෑණියන්ගෙන් සගවා තබාගන්නේ එබැවිනි.....එහෙත් අද නම් තමාගේ පාළනයෙන් තොර විහිළුව නිසාවෙන් ඒ රහස මවු ඉදිරියේ නිරාවරණය වූවා නොවේද.........විභීෂණ වැඩිමහල් සොයුරු රාවණ දෙස බැලූයේ අසරණව ගිය බැල්මකිනි.එහෙත් දැඩි බවක් රැදී ඇති ඒ දෑස් තුල සහයක් ලබා දීමේ අංශුවකුදු සළකුණක් නොමැත.

" කියණු.....කියණු විභීෂන......නුඹගේ සොයුරා අදත් විමාන යානා අනතුරක් කරගත්තෙහිද........." පිළිතුරක් නොළද තැන කෛකසීයගේ සිතට නැගුනේ කෝපයකි.මේ දෙසොහුරන් කිසිදු දිනෙක තමාට මුසා බස් නොකීවද ඔවුන් තමාගෙන් බොහෝ දෑ සගවන බව නම් ඇය හොදාකාරවම දනී.

" මවුනි......නුඹ මගේ වදන්හී අරුත වරදවා වටහාගෙන.....මා පැවසුයේ එසේ විය හැකි බව මිසක එසේ වූවා යයි නොවේ........" විභීෂණ තමා පැවසූ වදන්හී අරුත් සැගවීමට දැඩි උත්සහයක නිරත වූවේය.

" විභීෂණ ........ මා නුඹත් නුඹේ සොයුරා ගැනත් හොදාකාරවම දනිමි...... එහෙත් නුඹලා නුඹලාගේ මෑණියන්ගේ සිතේ ඇති ගින්න පිළිබදව අල්ප මාත්‍රයක්වත් තකන්නේ නැතිද........රාවණා......නුඹ සොයුරෙකුගේ සිතෙහි සොයුරියක කෙරෙහි වන ප්‍රේමය ගැන මහා වදන් දෙඩවූවා නොවේද.......එසේනම් මෙයත් දැනගනු.....මා රාක්ෂ දියණියක්......වේදනාවන් දරාගැනීමේදී රාක්ෂ කුලයේ දියණියක පසු කර යාමට සමතෙකු තවත් ඉපිද නෑ....... එහෙත් දැනගනු ... මවක් වූ මගේ සිතෙහි දරුවන් වූ නුඹලා ගැන වන බියෙන් නිරතුරුවම උපදින වේදනාව යටපත් කිරීමට මගේ රාක්ෂ ලේ වලටවත් නොහැකි බව......" කෛකසීය පවසන්නේ වේදනාවෙනි.එය කෙසේනම් පහදන්නද......පුලතිසි මහා මාමණ්ඩියටත් තම සැමියාටත් රාවණාගේ උත්පත්තිය සිව් හෙළයේ ශ්‍රේෂ්ටතම උත්පත්තියයි....ඔහුට කල නොහැක්කක් නොමැති බව ඔවුන් දෙදෙනාගේම විස්වාසයයි.....එහෙත් .....එහෙත්.... රාවණා යනු ඒ සියල්ලට ප්‍රතමයෙන් තාමගේ ශරීරයෙන් ජන්මය ලබා දුන් පුතුනුයි.මාතෲ ස්නේහයෙන් පෙළෙන තම සිතේ හැගීම් ගැන ඔවුන්ට කෙසේ වටහා දෙන්නද.......

රාවණා මේ සියල්ල දෙස බලා සිටින්නේ නිසොල්මනේය. තම මුවෙන් කිසිදු දිනෙක මුසාවක් පිට නොකිරීමට ඔහු ඔහුටම පොරොන්දු දී තිබේ.....ඉතිං දැන් මුවෙන් වදන් පිටකලහොත් මවු ඉදිරියේ සියලුම සත්‍ය පිටවනවා නියතය.....ඒ සියල්ලෙන්ම ඇයගේ දුක වර්ධනය කරනු මිසෙක අඩු කිරීමක් නොකරනු ඇත.ඉතිං නිහඩව සිටීම හොදම නිගමනයයි.

" කෛකසී බිසවුනි........පුලතිසි මුණිදුත් වෛශවන මුනිදුත් ඔබේ පැමිණීමේ අපේක්ශාවෙන් ප්‍රධාන ශාලාවෙහි රැදී සිටිති......." අවස්තාවේ වූ බැරෑරුම් බව සිදලමින් ඒ පණිවුඩය ගෙන ආවේ මැදුරේ වූ දාසියකි.

" ගිහින් පවසනු මා විගසින් පැමිණෙන බව........." කෛකසීය දාසිය පිටත්කොට නැවතත් රාවණා දෙස බැලුම් හෙලීය.

" පුතුණි......නුඹ දිනෙක මහා පඩිවරයෙකු මහා දක්ෂයෙකු වන බවට මට කිසිදු සැකයක් නොමැතිය.එහෙත් ඒ දිනය වන තුරු නුඹ නුඹට කිසිදු අනතුරක් වන දේ නොකරන බවට මට පොරොන්දු දිය යුතුයි......" කෛකසීයට තම සිතෙහි වන බිය සමතය කර ගත හැක්කේ එලිසින් පමණි. රාවණා නැවතීම කල නොහැකි දෙයකි. ඔහුගේ උත්පත්තිය ඒ සා සුවිශේශී නම් එලෙස ඔහුගේ අරමුණු කරා යාමට භාදක දැමීමද නොකල යුතු දෙයක් බව ඇයට වැටහෙයි.එහෙත් රාවණා දුන් පොරොන්දුවක් කිසිදු දිනෙක කඩ නොකරණ බව කෛකසීය හොදාකාරවම දනියි.ඉතිං මේ පොරොන්දුව ගනු ලබන්නේ ඔහුගේ ආරක්ශාවටත් තමාගේ සිතේ බිය තුරන් කිරීමටත් පමනි.

" නුඹ අල්පයක්වත් බිය නොවන්න මවුනි.මා නුඹට පොරොන්දු දෙන්නම්...නුඹගේ දැක්ම ඔස්සේම මම දිනෙක මහා දක්ෂයෙකු වන්නෙමි.එලෙසින්ම මා මාගේ ජීවයටත් නිවැරදි වූ කිසිම ජීවියෙකුටත් කිසිදු හානියක් මා අතින් නොවෙන බවට පොරොන්දු දෙන්නෙමි.එයට මේ සිය දහස් සක්වලයම සාක්ෂි දරණු ඇත......" රාවණා ඒ දුන් පොරොන්දුවට කර දරා උන් මහාමේරුව බිම තැබුවාක් මෙන් කෛකසීයගේ සිත සැනසී ගෙයේය....එහෙත් ඒ දුන් පොරොන්දුව සිව් හෙලයේ ගමන් මාර්ගය දිනෙක වෙනස් කරන බව පොරොන්දුව දුන් රාවණා හෝ පොරොන්දුව ගත් කෛකසීය එදින දැන නොවුන්නෝය.

" අයියණ්ඩී .........." විභීෂණ නැවත හඩ අවදි කලේ කුටියේ දොරටුවෙන් කෛකසී මවුන් නොපෙනී ගියායින් පසුවය.

" විභීෂණ ......... මානසිකව උසස් පුද්ගලයෙකු වීමට වදන් භාවිතයේ දී කොතරම් සුපරික්ෂාකාරී විය යුතුද වග මා නුඹට අමුතුවෙන් මතක් කල යුතුද මලණ්ඩී......." රාවණා නැවතත් කුටියේ වූ සයනය මතින් හිද ගත්තේ විභීෂණගේ වත මත්තේ දෑස් බැල්ම රදවාගෙනමය.

" අයියණ්ඩී ......... සමාවුව මැන......නැවතත් ඒ වරද මා තුලින් නොවීමට මම වග බලා ගන්නම්......" විභීෂන ඒ පොරොන්දුව දුන්නේ හද පත්ලෙන්ම නැගී ආ අවංක වූ හැගීමකිනි.කුසයෙන් නොවැදුවත් තම කුසයෙන් වැදූ අන් දරුවන් සේම නොවෙනස් මාතෲ ප්‍රේමයක් තමාට ලබා දෙන කෛකසී මවගේ සිත තම වදනින් වේදනා විදීම පිළිබදව ඔහු සිටියේ හදවතින් තැවෙමිනි.

" විභීෂණ ........ මා නුඹට පැවරූ රාජකාරියට කුමක් වීද........." තම මලනුවන්ගේ මුහුණේ වන ශෝකී රේඛා රාවනා හොදින් හදුනන්නේය.තම මවුන්ට අප්‍රමාණව ප්‍රේම කරන ඔහු තම මවගේ සිත රිදවීම පිළිබද වේදනා විදිනවාට සැකයක් නොමැත.රාවණා අවස්තාව වෙනතකට යොමු කිරීමට සූදානම් වූයේ එබැවිනි....එහෙත් ඒ කාරනයටත් වඩා විභීෂණ වෙත පැවරූ රාජකාරියෙහි තතු දැන ගැනීමට රාවණා තුල වූයේ නොඉවසිල්ලකි. ඒ උපුල් මල.......

තම සොයුරුගේ මුහුණෙහි වූ දැඩි ගාම්භීරත්වය පසා කරගෙන නැගෙන නොඉවසිල්ල විභීෂණගේ දෑසට ක්ෂණයෙන් හසුවිනි. ඉතිං ඒ නම් පුදුමයකි.....රාවණා යනු සියල්ලම මනා සිහියෙන් ග්‍රහණය කරගන්නා පුද්ගලයෙකු මිස නොඉවසිල්ලේ අල්ප මාත්‍ර හැගීමක්වත් නොපෙන්වන පුද්ගලයෙකි.ඔහු ඒ තරමටම සංසුන් ය. එහෙත් අද කොතරම් ඒ නොඉවසිල්ල සැගවීමට යන්ත දැරුවත් ඔහුට එය කල නොහැකිවා සේය.

" විභීෂණ ........ මා නුඹගෙන් පැණයක් විමසුවා.....එය නුඹට නොඇසුනේද........" නිහඩවම තම මුහුණේ හැගීම් පිරික්සන විභීෂණගේ සිත ඒ දැහැනෙන් මුදවීමට රාවනා තරමක් තදින් වදන් හැසිරවීය.

" අයියණ්ඩී........ නුඹේ උපුල් මල දැන් සුවෙන්......නුඹ දුන් ඖෂධ මා ඒ ආකාරයෙන්ම ඇය ලබා දුන්නෙමි........" තවදුරටත් තම අයියණ්ඩිගේ සිතෙහි කුකුසු වර්ධනය නොකල යුතු නිසාවෙන් විභීෂන පිළිතුරු වදන් පිටකලේ සිනා මුසුවය.

" නුඹ ...... නුඹ ....ඇය දුටුවෙහිද........." රාවණා ඒ පිළිතුරෙන් කොතරම් උද්‍යෝගිමත් වීද යත් ඒ සා වේගයෙන්ම දෙවෙනි පැනයත් පිටවිනි.

"නැත........ මා ඇය දුටුවේ නම් නැත.....මා කලේ ඔබ දුන් ඖෂධ දියයුතු මාත්‍රා සදහන් හසුනත් සමග ග්‍රාම වෛද්‍ය කුටියේ දොරටුව අසල තබා ඒම පමණි.හසුනේ වූ නුඹේ හැදුනුම් සලකුණෙන් එය නුඹ එවූවක් බව ග්‍රාම වෛද්‍යවරයා හදුනා ගනු ඇත.ඉතිං ඔහු නිවැරදි මාත්‍රාවෙන් එම ඖෂධ ඇය වෙත ලබා දේවී........ " විභීෂණ සිදු වූ දෑ සේම සිදු වන දෑ ද එක් කොට තම නිගමනය සොහොයුරා ඉදිරියේ පවසාලීය.ඒ ඖෂධ නියමාකාරයෙන් ඇයට ලබාදෙන බවට සැකයක් නොමැත.මක් නිසාද යත් සොළොස් වියේහි වූවත් තම සොයුරුගේ වෛද්‍ය දැනුම පැරදවිය හැකි සමතුන් සිටින්නේ අල්පයක් පමණි.ඉතිං කුමන වෙදදුරෙකු වූවත් සොයුරුගේ සලකුණෙන් මුද්‍රාතැබූ හසුන සමග ඇති ඖෂධ භාවිතා කිරීමට දෙවරක් නොසිතන බව ඉදුරාම විස්වාසය.

" විභීෂණ........නුඹ ඇය නුදුටුවානම් ඇය සුවෙන් බව පවසනුයේ කෙසේද........" රාවණාගේ සිතෙහි වූයේ බිය මුසු නොඉවසිල්ලකි.

" මට වෛද්‍ය කුටියෙන් ඇගේ වදන් ඇසුනා අයියණ්ඩී.....ඒ ඈ බවට සැකයක් නැත......ඈ වෛද්‍යවරයා වෙත නුඹත් නුඹේ විමාණ යානාවත් විලට වැටුනු අයුරු විස්තර කරමිනුයි සිටියේ..... අයියණ්ඩී නුඹ ඇයව සිහි විකල් වන තරමටම බිය වැදූවෙහිද........." විභීෂණගේ වදන් නැවතත් කෙලිලොල් සොබාවයක් ඉසිලීය.ඇත්තෙන්ම ඔහු පැවසුයේ මුසාවක් නොවෙයි.කුටිය තුලින් ඇසුනු ඇයගේ වදන් කන වැටුනු මොහොතේදීද තම සිනහව පුපුරා ගිය අයුරු මේ මොහොතේත් ඔහුට සිහිවේ.....ඇය පැවසුයේ සූර්‍ය කුමරු අහසින් විත් ඇය රැගෙන යාමට තැත් කල බවය.

ඇය කුඩා කල සිටම ප්‍රාර්ථනා කලේ හෙළයේ මනුෂ්‍ය ජනාවාස ඇති කිරීමට හිරු කුමරුත් සදු කුමරිත් විවාහා වූවා සේම තමාටත් හිරු කුමරුවෙකු සමග විවාහා වීමට වරම් දෙන ලෙසටය.ඉතිං ඒ හිරු කුමරු දකිද්දී තම ප්‍රාර්ථනය ඉශ්ට වූවා යයි සිතා අප්‍රමාණව ප්‍රීති වූ බවත් ඔහුගේ දර්ශණයෙන් දෑස් නිලංකාර වෙද්දී තමන් තදින් දෑස් පියාගත් බවත් නැවත දෑස් හරින විත තමා හිරු කුමරු අභියස නොවී වෙද මැදුරේ සිටිනු දැකීමෙන් අප්‍රමාණව ශෝක වන බවත් ඇය නොපැකිලව පවසා සිටියේ හැඩුම් ස්වරයෙන් බව විභීෂණට හොදහැටි විස්වාසය. ඉතිං ඈ තම සොයුරුත් විමාන යානාවත් කඩාවැටුණු දැක ඇතිවූ කම්පනයෙන් සිහි මද ගතියෙන් පසුවෙයි.එසේත් නැති නම් ඇය උත්පත්තියෙන්ම සිහි මද ස්ත්‍රියක්ද විය හැකියි.

එහෙත් රාවණ කුමරු සිටියේ තිගැස්මෙනි.යානාව විල මතට කඩා වැටුනු මොහොතේ ඇයට සීරීම් තුවාල වූ බවට සැකයක් නොමැත.එහෙත් ඈ තම දෑත් මත සිහි මූර්ජා වූයේ ඇතිවූ කම්පණයට මිස ඒ තුවාලයන්හී බලපෑමෙන් නොවන බව වෛද්‍ය ශාස්ත්‍රය මැනැවින් උගත් රාවණා හොද හැටි දනී.නමුත්....සිහි මද ගතිය......මේ රාවණ බිය වූ දෙයයි.....

" කිමෙක්ද.....කිමෙක්ද විභීෂණ ......ඇයට මෙතරම් ඉක්මනින් සිහි මද ගතියක් පැමිණ තිබේද........" සිතෙහි වූ තිගැස්ම මේ මොහොතේදී නම් රාවණට සගවා ගත නොහැකි විය.

විභීෂණ තම සොයුරා දෙස බැලූයේ පුදුමයෙන් විසල් වූ දෑසිනි......තම සොහොයුරා මේ සා බියපත්ව සිටිණු විභීෂණ මේ දුටුවාමය.

" අයියණ්ඩී........නුඹේ සිත මේ තරම් ව්‍යාකූල වී ඇත්තේ මක් නිසාද....... මට නම් හැගී ගියේ ඒ ස්ත්‍රිය උත්පත්තියෙන්ම මන්ද මානසික තත්වයකින් පෙළෙන්නියක් බවයි......."

" සිව් හෙළයේ මන්ද මානසිකයින් නොඋපදින බව නොදන්නෙහිද විභීෂණ........." රාවණාගේ වදන් තුල වූයේ හිතේ ඇති වූ කැළබීමෙන් නැගි කෝපය මිසක තම සොහොයුරා ගැන වූ කෝපයක් නොවීය.

" එහෙත් අයියණ්ඩී......ඇයට සිදු වූයේ සීරීම් තුවාල පමණක් බව පැවසූයේ නුඹම නොවේද....... ඉතිං නුඹ මෙතරම් තිගැස්මෙන් සිටිනා හේතූන් මට නොවැටහේ........."

" විභීෂණ ....... ඒ සිදුවූ සීරීම් තුවාල ඇයව සිහි විකල් කිරීමට හොදටෝම ප්‍රමාණවත්........." රාවණා වදන් පිට කලේ වරදකාරී ස්වරූපයෙනි.වරද තමා අත බව තර්කයෙන් තොරවම පිළිගන්නට තමන් සූදානමය. විලෙහි වූ උපුල් මල් අතර ඇයව දුටු මුල්ම මොහොතේ සිතේහි ඇතිවූ වටහාගත නොහැකි හැගීමක් හේතුවෙන් යානාව පාලනයෙන් තොර වී විල මත්තට කඩා නොවැටෙන්නට ඇයට මේ සා දෙයක් නොවන්නට තිබුනි.තම සිතෙහි හැගීම් පාළනයෙන් තොර වීම තමාගේ වරදක් මිසක අන් අයගේ වරදක් නොවෙයි.

" අයියණ්ඩී ........." මෙතෙක් වේලා මුවෙහි වූ දගකාරී ස්වරූපය අතුරුදන්ව විභීෂනගේ මුවග වූයේ තම සොයුරුගේ වදන් මගින් ඇතිවූ බිය මුසු කුකුසයි.

" ඔව්....මළනුවනි.....විමාන යානා නිපදවීමට යොදාගනුයේ දැව වර්ග කිහිපයක් පදම් කිරීමෙන් සාදාගන්නා ලද සැහැල්ලු දැව වර්ගයක්.....එසේම ඒ මතට සූර්‍ය තාපයට ප්‍රතික්‍රියා දක්වන තෙල් වර්ගයක් ආලේප කරනු ලබනවා.ඉතිං ඒ තෙලත් පදම්වූ දැවත් මිශ්‍ර වීමේන් ලැබෙන්නේ මනුශ්‍යයෙකු සිහි මද කල හැකි තරමේ උග්‍ර විශක් .... එය ශරීර ගතවී පුරා දින දෙකක් ගත වූ විට මනුශ්‍යයෙකු සම්පූර්ණයෙන්ම සිහි විකල් මට්ටමට පත්වනු ළබනවා........" රාවණා තුල වූයේ බියක් අභිබවා ගිය තිගැස්මකි. අවැසි ප්‍රති ඖෂධ යැවීමෙන් පසුවත් ඒ තිගැස්ම තමා තුලින් තුරන් නොවීමට හේතුව ඔහුටද නොවැටහේ.

" අයියණ්ඩී.....එය එතරම් විශ නම් නුඹ කෙලෙසද විමාන යානා අතහදාබැලීවල නිරත වෙන්නේ.........." විභීෂණගේ සිතෙහි ඇති වූයේ තුවාල ලත් ස්ත්‍රිය ගැන වූ බියට වඩා තම සොහොයුරා ගැන වූ බියකි.

" මා විමානයට නැගීමට ප්‍රථමයෙන් ප්‍රති ඖෂධ ලබා ගන්නෙමි . එහෙත් ඇය......."
රාවණා තුල වූයේ නොසංසුන් සිතිවිලිමය.

" අයියණ්ඩී කලබල වීම අනවශ්‍යයි නොවේද ...... සිහි විකල් වීම විශ ශරීරගතවී පුරා දින දෙකකට පසු සිදුවන්නේ නම් ..... ඇයට මේ සා කලියෙන් සිහි විලක් වීමක් නොවනු ඇත.නියමිත මාත්‍රාවට වෙදදුරු ඖෂධ ලබා දෙනු ඇත......." විභීෂණ ඉදිරිපත් කලේ තර්කයකි.මෙතරම් තර්කයෙහි නිපුනයකු වූ තම සොයුරුගේ මනසට එය නොවැටහුනේ මන්ද.....තවම අනතුර සිදු වී පුරා වරුවක්වත් ගත වී නොමැත....ඉතිං ඇයගේ මනසේ විකල් වීමට අනතුරෙහි බලපෑම අල්ප මට්ටමක නොවේද පවතින්නේ .....අයියණ්ඩිට තර්කය අමතක වීමට තරමටම ඇය කෙරෙහි වූ බිය ප්‍රභල වීද.....රාවණා වැනි පුද්ගලයෙකුගේ නොසැලෙන මනස මේ සා කැළබීමට නම් ඇය සුවිශේෂී විය යුතුමය.

" විභීෂණ ......... මෙලෙස කුටියට වී නිසොල්මනේ සිටීම මගේ සිත තව තවත් ව්‍යාකූල කරණවා පමණි......මා වෙදදුරු හමුවට යමි...." රාවණා නැගී සිටියේ ය.

" අයියණ්ඩී.........." රාවණාගේ මේ හදිසි හැසිරීම් විභීෂණගේ සිතේ මහා පුදුමයකටම හේතුවක්ම පමණි.ඔහුගේ සැම ක්‍රියාවකටම නියමිත කාල කලමණාකරනයක් තිබුනි.මේ ඒ සියල්ල පසෙකලා කරනා කළබලකාරී හැසිරීමකි.

" මා ඇයෙ සුවෙන් බව නිශ්චය කරගත යුතුයි මළනුවනි . නැතිනම් මගේ සිත නිශ්චල නොවණු ඇත......." හේතු පැහැදිලි කිරීමක් අනවශ්‍ය වූවත් තම මළනුවන්ගේ විසල් වූ දෙනෙත් දකිද්දී ඔහු හට හේතු පැහැදිලි නොකිරීම වරදක් සේ රාවණාගෙ සිතට වැටහුනි.

" අයියණ්ඩී ........ නුඹ...බැහැරට යා නම්.....මාද රැගෙන යනු හැකිද......." තම සොහොයුරන්ගේ වදන් කෙරෙහි වූ වැටහීමක් නොමැති වුවද මේ සියල්ල දෙස නිසොල්මනේ තම අවදානය යොමු කොට සිටි සුපර්ණිකා තම සොයුරු බැහැරට යන බව ඇසීමෙන් නැගුනු උද්‍යෝගිමත් හඩකින් රාවණාගෙන් විමසූයේ සුරතල් හඩිනි.

" එනු නැගණී....... නුඹේ වත මගේ සිතේ ව්‍යාකූල බව සිදලීමට තව තවත් උපකාරී වනු ඇත........" රාවණා තම නැගනී සුපර්ණිකා දෑතින්ම ඔසවා සිය තුරුල්ලට ගත්තේ මුවගෙහි නගාගත් මදහසින් යුක්තවමය.නිසැකයෙන්ම එය එසේමය.සුපර්ණිකා ගේ වත දෑසට හසුවන වාරයක් පාසා තම සිත නිවී සැනසෙන බව රාවණා හොදාකාරවම දනී.

(මතු සම්බන්දයි......)
0

Madud
New Member
New Member
Posts:54






--
01 May 2018 12:08 AM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......04 කොටස
(මේ නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය)

" රතී.....රතී.......නුඹ දුටුවා නොවේද...... ඔහු....ඔහු.....ඉතිං ඒ ඔහුම බව නුඹ දුටුවා නොවේද. ....රතී......"

ඈ මේ එකම වැකිය....එකම පැනය මේ හෝරාවක් තිස්සේ මන්ත්‍රයක් සේ මතුරණු ඇසී රතීට හැගුනේ තම දෙකන් පිරී ඇති සෙයකි. ඇය මේ පවසන්නේ කවුරුන් ගැනද...

" මන්දෝදරී ......... නුඹ හෝරාවක් මුලුල්ලේම එකම පැණයක් අසයි...... නුඹ පවසන්නේ කවුරුන් සම්බන්දයෙන්දැයි මා දන්නේ කෙසේද......." රතීගේ මුවෙන් තම මිතුරියගේ විකාරී පැණයන්ට දැන් දැන් පිළිතුරු වදන් පිටවන්නේ නුරුස්සනා හඩිනි.

" ඔහු.....ඔහු......ඔහු නම් හිරු කුමාරයම තමා රතී.......ඔහු ඒ තරම්ම තේජාන්විතයි......ඒ තරම්ම ශෝබමානයි........ මා ඇස් නිළංකාර වන තරමට ඒ බැල්ම උණුසුම්......." මන්දෝදරිය ඇය ඇයගේම මනෝභාවයක ගිලී තනිවම කියවන්නීය.

ඉතිං ඒ ඔහුමය.යොවුන් වියේ හැගීම් මතුවූ දා සිටම තම මනසේ සැරිසරන පිරිමි චායාවේ රූපකාය ඔහුමය....උපන් දා පටන්ම තම මුතුන් මිත්තන්ගෙන් නිරතුරුවම අසනා සිව් හෙළයේ ආරම්භක සූ‍ර්‍ය කුමරුගේ අණුරුවක් තරමටම ඔහු තේජාන්විත බව ඇයගේ හිතේ හොදින්ම සටහන්ව තිබුනි.

ඉතිං ඒ රුව නැවත වතාවක් දෑසින් බලාගත හැකි නම්......

*****************
වෙද කුටියෙන් නැගෙන ඇයගේ හඩට වෙද කුටියේ පිටත සිටි රාවණා සවන් යොමු කොට සිටියේ මුවගෙහි නැගුනු මදහසකින් යුතුවමය.ඉතිං ඇය සම්පූර්ණයෙන්ම නිවැරදි සිහියෙන් යහපත් සෞඛ්‍ය මට්ටමකින් පසුවෙනවාට කිසිදු සැකයක් නොමැත. එහෙත් ඇය තමන් සූර්‍ය කුමරුන්ට සමාන කොට සිතා සිටීම රාවණාගේ වතෙහි කලාතුරකින් නැගෙන සොදුරු මදහසකට හේතුවක් වී ඇත්තේය.

" අයියණ්ඩී .......... නුඹ අද වඩාත් සොදුරුයි........" තවමත් ළමා වියෙහි හැගීම් පමණක් විද ඇති සුපර්ණිකා හට තම සොයුරුගේ වතෙහි ගැවසි සිනහවෙහි අරුත නොවැටහේ.එහෙත් ඇය තම සොයිරුගෙ මුවගෙහි කලාතුරකින් නැගෙන ඒ පිරිසිදු පැහැදිලි සිනහව දැක වශී වී සිටියාය.

" අයියණ්ඩිය වූ මා එතරම් සොදුරු නම් නැගණිය වූ නුඹ කෙතරම් සොදුරුදැයි නුඹ දන්නෙහිද......." තම දෑතින්ම ඔසවා සිටින නැගණියගේ දිගු මුදු කෙස් කලඹෙහි ඇගිලි තුඩු ගමන් කරවමින් රාවණා විමසූයේ මදක් හෝ ක්ෂය නොවූ සිනහවකින් යුක්තවමය.තමන්ගේ පිළිතුරු වදනට සිනහවක් සටහන් වන් ඒ කුඩා වත තම හදවත උණුසුම් කරලන්නේ කෙතරම් සියුම්වද....

රාවණා තමා උපන් සිව්හෙලයටත් තම මවටත් එක හා සමානව ප්‍රේම කරන්නෙකි. එහෙත් ඊටත් වඩා පැහැදිය නොහැකි තරමේ සෙනෙහසක් සුපර්ණිකා කෙරෙහි තම සිතෙහි වන බව රාවණා තර්කයකින් තොරවම පිළිගන්නකි.

බොහෝ සම කාලීන රාජ්‍යයන් ගැහැනිය පහත් ගණයේ දා සලකද්දී සිව් හෙලයේ සියලුම ගැහැණුන් වෙත ලැබුනේ එක හා සමාන ගෞරවයකි. ඇය සෞභාග්‍යය යේ සංකේතය සේම නිවසෙහි ශ්‍රියාවද වන්නීය.එලෙසින්ම සිව් හෙලයේ සියලුම ස්ත්‍රීන් හා පුර්ෂයින් හට ලැබුනේ සම තත්වයයි.පිරිමියාට කල හැකි කාර්‍යයන් ගැහැණියටද කල හැකි නම් ඇයට එය කිරීමට කිසිදු තහනමක් රාජ්‍ය තුල නොවීය.ඒ නිසාවෙන්ම ඇත් අස් රිය පාබල හමුදා සේනාංකයන්ගේ සේම වෙද හෙද සේවාවයන්ගේ හා කම්හල් ආදියෙහිද ස්ත්‍රීන්ගේ සහභාගීත්වය පිරිමින් සේම සම මට්ටමේ පැවතිනි.

ඒ සියල්ල පසෙකලා සිව් හෙළයේ ගැහැණිය තුල වූ කලා හැකියාවත් සුන්දරත්වයත් සුලුපටු නොවීය.

තම නැගණිය ඒ සියල්ලෙහිම පරිපූරණත්වයට පැමිණෙනු දැකීමට රාවණාට අවැසිය.දැනටමත් ඇය යොවින් වියේ පිබිදෙන්නට වෙර දරන නෙළුම් පොහොට්ටුවක් සේ ශෝබමානය.ඉතිං දැන් මේ එළඹ ඇත්තේ ඇයගේ අනෙක් ගුණාංගයන් පෝෂණය කල යුතු කාලය බව රාවණාට වැටහේ.

මනසේ ඒකාග්‍රතාවය උදෙසා භාවනාව,වෛද්‍ය ශාස්ත්‍රය ,අංගම් සටන් කලාව,මායා අංගම් ,යන්ත්‍ර මන්ත්‍ර ආදී තමන් උගත් සියලුම ශිල්පයන් ඇයට ඉගැන්විය යුතුය.

" කුමරුනි..........." සුපර්ණිකාගේ අනාගත පරිපූර්ණත්වයේ බලාපොරොත්තුව මෙනෙහි කරමින් ඇය දෑතින් ඔසවාගෙනම වෙද ඔසු උයනේ සක්මන් කල රාවණාගේ සවනට වැටුනේ ග්‍රාම වෛද්‍යවරයාගේ කටහඩය.

" කුමරුණි.....ඔබ මා හට එවූ හසුනත් ඔසුත් මා නියමාකාරයෙන්ම ඇය හට ලබා දෙන්නෙමි........" පැණයක් රාවණාගේ මුවෙන් පිට නොවුනද....කුමරුගේ මේ හදිසි පැමිණීමත් පෙර එවූ ඔසුත් අතර ඇති සම්බන්දතාවය ග්‍රාම වෛද්‍යවරයා හට හොදින්ම වැටහී තිබුනි.

" ග්‍රාම වෛද්‍ය .......ඇයගේ ශරීරගතව ඇති විශ තරමක් භයානකයි......නිසි ආකාරව ඖෂධ ශරීරයට ඇතුල් නොවුවහොත් පුරා දින දෙකකින් ඇය සිහි විකල් තත්වයට පත්වීම වලක්වාගත නොහැකි වේවී......" පැහැදිලි පරිපූර්ණ ගැඹුරු වදනින් පිටවූ රාවණාගේ වදන් සවනට වැටෙත්ම ග්‍රාම වෛද්‍යවරයා තිගැස්සී ගියේය.ඔහුගේ වෛද්‍ය නිර්දේශයට අනුව ඇයට සිදුවී ඇත්තේ සුලු සීරීම් තුවාල පමණි.එහෙත් සිහි විකල් වීමට තරම් විශක්......


" කුමරුනි.........."

" ඇයට සිදුවූ අණතුරට සම්පූර්ණ වැරදිකරු මමයි.......ඒ නිසාවෙන් ඇගේ ශරීර සෞඛ්‍ය ගැන මම වද වෙනවා......." වෛද්‍යවරයා ගේ සිතෙහි නැගි ගැටලුව රාවණා සැනයෙන් වටහාගත්තේය.

එහෙත් ඒ වදන් තුල ගැබ්ව ඇති සරල භාවයට වඩා එහි ගැඹුරක් ඇති බව වෛද්‍යවරයාගේ මනසට හසුවිනි.මක්නිසාද යත් ....රාවණා කුමරුන් මෙලෙස නිකරුනේ තම කාලය සීරීම් තුවාල ලත් තැනැත්තියක් උදෙසා කැප කිරීම අස්වාභාවික දෙයකි. එහෙත් ඒ කුමක්ද යන්න හාරා අවුස්සා බැලීමට තරම් මේ සොලොස් වියැති කුමරුන්ගේ පෞරුෂය ඉදිරියේ තමන් ශක්තිමත් නොමැති බව වෛද්‍යවරයාට වැටහේ.වයසින් කුඩා උවත් ඔහු තමා ඉක්මවා ගිය වෛද්‍ය දැනුමක් ඇත්තෙකි.සිදු කල යුත්තේ ඔහුගේ අනුදැනුම පරිදි අවශ්‍ය ඖෂධ ඇයට ලබාදීම මිස රාවණා ප්‍රශ්ණයට ලක් කිරීම නොවීය.

වෛද්‍යවරයා සමග ඔසු උයනේ සල්ලාපයේ යෙදී සිටින උස් දේහදාරී ශක්තිමත් රූපකාය මායා දන්නාව ඇමති සැනෙකින් හැදින ගත්තේය.කුවේරයන්ගේ රාජ මාලිගාවත් පරිවාර මාලිගා සංකීර්ණයේත් නිරතුරුවම සැරිසරන තමාගේ දෑසට ඒ රුව ඇස ගැටී ඇත්තේ ඉතාමත් සුලු අවස්තා කීහිපයකදී උවත් ඒ රූපකාය රාවණා කුමරුන්ගේ මිසක අන් කිසිවෙකුගේ නොවන බවට මායා දන්නාවට සැකයක් නොමැත.ඒ නැතත් සුපර්ණිකා කුමරියව මෙලෙස දෑතේ හොවාගැනීමට තරම් නිර්භීත වනුයේ ඇයගේම අයියණ්ඩියක මිස අන් කිසිවෙකු නොවෙයි.

මායා දන්නාව ඇමති හට තමා ආ කාරණය අමතකව ගොස් ඒ රූපකාය මත සිත අතරමංව ගියේ ඔහුටත් නොදැනීමය.

සියල් කලා ශිල්පයන්ගෙන් පරිපූරණත්වයට පැමිණ ඇති මායාදන්නාව හට රාවණාගේ රුව පරිපූර්ණ කලා නිර්මාණයක් සේ දෑසට හසුවේ.ඒ ශරීරයේ සුළු මාංශ පේශීයක පවා කිසිදු දෝශයක් නැත.ඒ කඩාහැලෙන තේජස දෑසට හසුවීමත් මිහිරිය.රාවණා යනු සිව් හෙළයේ ශ්‍රේෂ්ටතම උත්පත්තිය බවට වන අනාවැකිය මායාදන්නාවගේ සිහියට නැගුනේය.ඉතිං ඒ අනාවැකිය මුසාවක් නොවනු ඇත. මේ සොළොස් වියේදීම ඔහුගේ ඒ දේහ ලක්ෂන අඩුවක් නැතිවම පිහිටා ඇත.ඒ නැතත් මනුශ්‍ය ස්ත්‍රියකගේ කුසයෙන් මේ සා පරිපූර්ණ රූපකායක් බිහිවන්නේ කලාතුරකින්මය.

මහා ඍෂි පුලස්තී ඔහුගේ පුත් වෛශවනයන් හට දෙවෙන බිරිදක් ලෙස සුමාලී රකුස් රජුගේ දියණිය වන කෛකසීය විවාහා කර දුන්නේ මේ ශ්‍රෙෂ්ඨ උත්පත්තිය උදෙසා බව දැන උන් කිහිප දෙනා අතර මායා දන්නාව ඇමතිද වූයේය.ඉතිං ඒ අනාවැකියෙහි කිසිදු දෝශයක් නොමැතිය.ඔහු සක්විති රජකු වීමේ සියල් ලක්ෂන දැනදු විදාමාන වේ.

පුලස්තී ඍෂීත් වෛශවන ඍෂීත් සුමාලි රකුස් රජු හා කෛකසී බිසවත් තමා කැදවා තමාට පැවරූ ඒ සුවිශේෂී කාර්‍ය සැහැල්ලුවට නොගත යුත්තක් බව රාවණාගේ රුව දකිද්දීම මායා දන්නාව හට වැටහුනි.

මාලිගාවක්.......රාවණා කුමරුන්ගේ තේජසට සරිලන මාලිගාවක් ........එය රාවණා කුමරුන් සේම ශ්‍රේෂ්ඨත්වයට පත්විය යුතු නිර්මාණයක්ම විය යුතුය.යුග ගනනාවකට පසුවත් එම නිර්මාණය නොගිනිය හැකි සත්වයන්ගේ සිත් තුලට කිසිදා විසදාගත නොහැකි තරමේ ප්‍රෙහෙලිකාවලින් සමන්විය යුතු විශ්මයානණූකූල නිර්මාණයක්ම විය යුතුය.ඉතිං එය තමාගේ කලා ශිල්පීය දැනුමෙහි අග්‍ර ඵ්ලයම විය යුතුය.


(මතු සම්බන්දයි)

මම මගේ කතාවත් එක්කම තව දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවා.ඒ තමයි රාමායණයේ කොටසක් කතාවෙන් පසුව දැමීම.මොකද අපේ කියවන ගොඩක් අය රාමායණය කියවලා නෑ.ඉතිං අපේ රාවණා රජු සහා රාමායණය විසින් විනාශ කරපු රාවණා රජු සංසන්දනය කිරීමක් පාටකයා අතින් සිදුවෙන්නෙ නෑ.ඒ ගැන ඔයාලා දක්වන අදහස මට කියන්න.
0

Madud
New Member
New Member
Posts:54






--
01 May 2018 12:09 AM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......05 කොටස
(මේ නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය)

පරිසරය තුල වූයේ පැහැදිලි පරිපූර්ණ සොභාවයකි.දෑස් මානයට එක යායට හසුවන්නේ හරිත වර්ණයම පමණි.ඒ දර්ශණය ඇසට කන්කලු වූවා සේම ඇසෙහි පරිපූර්ණ නිරෝගීභාවයට අවැසි වර්ණ ඖෂධයද එයමයි.තවමත් සූර්‍ර්‍ය රශ්මියෙහි එක් කදම්බයක් හෝ මහ පොළොව මතට තබා ගස් මුදුන්හී ඉහලම ලපටි පත්‍රයකට පවා ලැබී නොමැත.එහෙත් සියළුම ජීවින් තුල වූයේ කඩිසර භාවයකි.

ශරීරයේ කර්තව්‍යයන් හා සොභාවය ගැන සිව් හෙලයේ සෑම මනුශ්‍ය ප්‍රාණියෙක්ම නිසියාකාරව දැන සිටියෝය.පමණට වඩා විවේකී නින්දෙන් ශරීරයට වන හානිය පිළිබදව නිසියාකාරව දැන සිටි ඔවුන් තම කාර්‍යන් ආරම්භ කිරීම උදෙසා නින්දෙන් පිඹිදෙන්නේ දිනයේ ශක්තිමත්ම හෝරාවෙනි.එය රාවණාගේ පෙළපතේ ආදිතමයෙකු වූ බ්‍රහ්ම ඍෂීන්ගේ කාල කලමණාකරණයකි.සියලුම ජීවීන්ගේ ශරීර ශක්තිය මෙන්ම මානසික ඒකාග්‍රතාවය පිරිසිදු වෙන මෙම හෝරාව බ්‍රහ්ම හෝරාව ලෙසට සිව් හෙළයම හදුන්වන්නේ බ්‍රහ්ම ඍෂීන්ට ගෞර්වයක් පරිද්දෙනි.

එම හෝරාවේ වූ ශක්තිමත් භාවය රාවණා මනාව හදුනන්නේය.ඔහුත් සම වයස් මිතුරනුත් සිව් හෙළයේ සියල් සේනාංකත් තම සටන් පුහුණුව සදහා යොදාගනුයේ එම හෝරාවයි.යක් රකුස් නා දේව සේනාංකයන් එකම හෝරාවේ කරන මේ සටන් පුහුණුව පිටස්තරයෙකු බියෙන් සිහි මුර්ජා කිරීමට තරම් ප්‍රභලතාවයක් ඉසිලීය.

බ්‍රහ්ම හෝරාව මුලුල්ලේම පැවති අංගම් සටන් පුහුණුවෙන් රාවණාගේ ගත දහඩියෙන් නැහැවී තිබුනි.විලක්කු එලියේ රශ්මියට හසු වෙද්දී ඒ ශරීරයෙන් නික්මූයේ දිළිසෙන සොභාවයකි.ඉගටියත් දනහිසත් අතර වූ රෙදි කඩත් ගෙලෙහි වූ රාජ සංකේත ස්වස්තක පලදනාවත් හැරෙන්නට ‍රාවණාගේ ශරීරය සම්පූර්ණයෙන්ම නිරාවරණය වී ඇත.එකට එක් වී තද වී මනාව සැකසුනු මාංශපේශීන් තුල පවා වූයේ තවකෙකු දසුනෙන් පවා දන ගැස්විය හැකි උත්තූංග දේහ පෞරුෂයකි.

අංගම් සටන් පුහුණුවේ ගුරුන් වූ පුලස්ති ඍෂීන් මේ දේහදාරියා දෙස බලා සිටියේ සිව් හෙළය ගැන උපන් දහසක් බලාපොරොත්තු සිතුල රදවාගෙනමය. නිසි කල්හී නිසි ලෙස උත්පත්තිය ලබාගත් රාවණා සිව් හෙළයත් තවත් රාජ්‍යන් නමයකත් ඒකීය පාලකයා වීම වැලැක්විය නොහැකි නියාමයකි.එලෙසින්ම ඔහු ත්‍රිකාලයත් විශ්ව තරණයත් ජය ගනු ඇත.එහෙත් .......

පුලස්තී ඍෂීන්ගේ සිත තුල වූයේ කැළඹීමක සේයාවකි.ග්‍රහලෝක හා සූර්‍යා අතර වන කිරණ පෘථිවිය වෙත පරාවර්තනය වීමෙන් ඇතිවෙන පෘතුවියෙහි ජීවීන් තුල වන විපර්යාසය නොගෙනිය හැකි තරම් ය. එය අන් සියල්ලටම වාගේ මනුශ්‍ය ජීවයතත් පොදු දෙයකි. එහි සුභ සහ අසුභ යන දෙකෙහිම බලපෑම විවිධාකාර වෙයි. ඉතිං ග්‍රහලෝක තාරකා සහ සූර්‍යා මගින් පෘථිවියට වන බලපෑම කලින් දැනගනු පිනිස පුලස්තී ඍෂීන් ගණිතමය සූත්‍ර ගණනාවක එකතුවෙන් සෙප්පඩ විජ්ජාව හෙවත් ජෝතීර්වේදිය නිපදවන ලදි.රාවණාගේ ජන්මය උදෙසා ඒ විද්‍යාවේ ප්‍රයෝජනය උපරිමයෙන් ලබාගත්තද සොභාවධර්මයේ නියාමයන් බිදිමින් තමන් කල ඒ ක්‍රියාවට සොභාදහම එකග නොවූ සෙයකි.

තම පුත් වෛශවනයන්ගේත් ලේලිය කෛකසීයගේ ජන්ම පත්‍ර සැසදීමෙන් ශ්‍රේෂ්ඨ උත්පත්තියක පෙර නිමිති සොයාගත්තද රාවණාගේ ජන්මය අති ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම තමාගේම අභිප්‍රායකි.ඒ සියල්ල උදෙසා කල යුතු සියලුම කර්මයන් තමා සිදු කලේ අනාගත සුභ සිද්දිය සදහාමය.රාවණාගේ පිළිසිද ගැනීම පවා සිදු වූයේ තමන්ගේ ජෝතීර්වේදිය කාල නීර්ණයට අනුව සැකසුනු නැකතකිනි.ඒ මක්නිසාද යත් ග්‍රහ චක්‍රයේ සියලුම ග්‍රහයින්ගේ ශක්තිමත් කිරණ පෘතුවියෙහි ඒකලක්ෂීය වන ස්තානයේ හා අවස්තාවේදී රාවණාගේ උත්පත්තිය සිදුකිරීමට පිළිසිදගැනීමේ වේළාව ඉතාමත් වැදගත් වූ නිසාවෙනි.ඒවන් වූ ග්‍රහ කිරණ ඒක රාශී වීම වසර දෙදහස් පන්සියයකට වරක් ලැබෙනා අවස්තාවකි.එහෙත් කෙතරම් සොභාදහමේ නියායන් සත්වයන්ගේ කර්මයන් වෙනස් කිරීමට තවත් අයෙකුට නොහැකි බව පසක් කරමින් රාවණාගේ උප්පත්තිය සිදු වූයේ නියමිත ශුභ හෝරාවේම සුලු වූ ප්‍රමාද වීමකිනි.එය නොගිනිය හැකි තරම් අංශු මාත්‍රික පමාවක් වුව එයින් රාවණාගේ ජන්ම පත්‍රයේ හිස්තැනක් නිර්මාණය විනි.එහෙත් ඒ හිස්තැන රාවණාගේ දිවියට කරනා බලපෑම කුමන ආකාරදැයි තමාගේ දැනුමට තවමත් හසු නොවීම පුලස්තී ඍෂීන් වෙත ගෙන ආවේ දැඩි අපහසුවකි.මේ වර්ෂයන් දෙදහස් පන්සියයකට පසු මේ භූමියේ උපන් ශ්‍රේෂ්ටතම උත්පත්තිය බව අංශුමාත්‍රිකවදු සැකයක් නොමැතිය.ඒකායනයෙන්ම ඔහු සියල් කලාවෙහි සියල් ශිල්පයෙහි පමණක් නොව ශ්‍රේෂ්ට මනු ගුනයන්ගෙන්ද පොහොසත් වනු ඇත.ඔහු ශ්‍රෙෂ්ටතම දක්ෂ පාලකයෙකුද වනු ඇත.එහෙත් ඔහුගේ දිවියේ හිස්තැන් තිබීම සිතට වද දෙන කාරණාවකි.ඒ හිස්තැන් අවම කිරීම සියල්ලන්ගේම උත්සහයෙන් කල යුතු දෙයකි.

(මතු සම්බන්දයි )

හරි අපි අද ඉදන් හැම කොටසක් එක්කම රාමායණය කියවමු.මේ කතාවට මම ලොකු ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම දන්නවා බොළද කතාවකට ලැබෙන ප්‍රතිචාර කොහොමටත් ලැබෙන්නෙ නෑ කියලා.ඒත් කමක් නෑ මට මේක කියවන දහයක් හිටියත් ඇති.ඒත් ඒ කියවන දහ දෙනා මේ කතාව ගැන ලස්සනයි කියනවට එහා ගිය ප්‍රතිචාරයක් දක්වනවනම් මම කැමතියි.

වාල්මිකීගේ රාමායණය.....01 කොටස

අයෝධ්‍යා නගරය

පූර්වයෙහි නේත්‍රා යුගයේ සුරසූ නදී තීරයෙහි අයෝධ්‍යා නම් සුවිසල් නගරයක් විය.එහි සෞන්දර්ය වූ කලී වර්ණනා විශය ඉක්මවූ දෑය.අමර පති වූ ඉන්ද්‍රයාගේ අමරා වතී පුරය පසුබා කරන සුලුය.ගග තෙර අහස තෙක් පැතිර සිටි රමණීය වූ ප්‍රසාධ පංතියෙන් නගරයේ ශොභාව දියුණු තියුණු වූවා ය.සුපිපි කුසුමෙන් ගැවසුණු ගෙවුයනින් හා පස් පියුමෙන් සැදි ගෙදිගු විල්හී සුවද මුවරද ලොබින් බමණ බඹර වැලින් සිත්කලු විය.

නුවර වටා සිව් දිගින් නැගී සිටි සුවිසල් මජා පවුර නගර ශෝභාව වර්ධනය කලේය.පවුර මත පදිකායෙහි බෙහෙවින් ඔබ මොබ සැරිසරන ආයුධ සන්නද්ධ බට සමූහයාගේ වීරස්වරය දක්නවුන් පවා එඩිතර කරවූහ.මහා මාර්ග දෙපස විවිධ භාණ්ඩයන් ගෙන් සපිරුන අවන් හල් සමූහය ජනී ජනයාගේ කොලහලින් රැව් පිලි රැව් දුනි.මහා ප්‍රාකාරයන් පිටුපස දිය අගල් වූයේය ගැඹුරු වූද බිහිසුනු වූද එය දක්නා මහා වීරයන් පවා නගරයට වදනට දිරිමත් නොවූහ.

සුඛිත මුදිත වූ නගර වැසියෝ ලෙකිදෙලෙන් පසුවෙති.තැනින් තැන රග මඩුලුය.වයන පදට පා තබමින් ර්ගන නළගනන්ගේ කමණීය විලාශය දැකුම්කළු විය.දස දිගින් ඇසෙන සුමදුර ගී හඩ ආනන්දජනක විය.මෙවැනි යස් ඉසුරින් පිරිපුන් වූ අයෝධ්‍යා නගරයෙහි රාජ්‍යානුශාසනා කලේ සූර්‍ය වංශෝද්භූත නරවරයෙක් වූ දශරථ මහරජානෝය.පරම ධාර්මික දශරථ මහීපාලකයාණෝ සත්‍ය පරායන වූහ.එසේම ආයුධ විද්‍යාවේ පාරදර්ශී වූහ.ප්‍රජා පාලනයෙහි විශාරද වූහ.මෙසේ හෙයින් රට වැසියෝ නිදුකින් හා නිරෝගී භාවයෙන් සැපතට පත් වූවෝය. රාජ්‍ය සාමදානයෙන් ශාන්ත දාන්ත විය.දැහැමින් රට කරනා නරේන්ද්‍රයන් ඇති කල රට වැස්සන්ගේ යස ඉසුරු දැහැමි බව මෙසේ යයි දක්වන්නා සේ අයෝධ්‍යා නගරය යස ඉසුරින් සමූර්ධ විය.

දැහැමි වූ දශරථ නරේන්ද්‍රයාට රාජ්‍ය පාලනයෙහි සහභාගී වූ ඇමතිවරයන් අට දෙනෙකි.එතුමෝ ශාස්ත්‍ර දැනුමෙන් හා බුද්ධි මහිමයෙන්ද දැහැමි බවින් හා රාජ නීති නිපුනත්වයෙන්ද ආරූඪ වූහ.අග්‍ර පුරෝහිත වුයේ මහා පඩි රුවනක් වූ වාශිෂ්ඨ නම් මහා මුනිවරයෝය .ධාර්මික ඇමති මණ්ඩලයකින් හා රුසිවරයෙකු පෙරෙවි බමුණෙකුගෙන්ද සමන්විත රාජ සබාවකින් යුත් අයෝධ්‍යා නගරය මනාව පාලනය වූ බව කිවමනා නොවෙ.මිහිපල් තෙමේ විද්‍යා විශාරද වූවත් ශූර වීරත්වයෙන් නොඅඩු වූවත් යස ඉසුරින් ඉදුරු දෙවියා පසුබාකොට සිටියත් එක්තරා කාරණයක් නිසාවෙන් කනස්සල්ලෙන් පසුවූයේය.දශරත රජුට කෞශල්‍යා , කෛකෙයි හා සුමිත්‍රා යයි මෙහෙසින් තියෙනෙක් වූහ.කෙතෙක් රජ සිරි සැපතිම් පිරිපුන් වූවෝ නමුත් ඒ බිසෝවරුන්ටත් කිසිදු සංතෝෂයක් සැනසීමක් ඇති නොවීය.රට වැස්සෝද එසේමය.බිසෝවරු තිදෙනා පති භක්තියෙන් හා ගුණ නුවණින් මතු නොවෙයි.දනමන නුවන් පැහැරගන්නා රූපශ්‍රීයෙන්ද බබලන්නාහ.එයිනුත් කිසිදු පලයක් ලද්දෝ නොවූහ.මේ සියල්ලන්ගේම අදුරු තත්වයන්ට හේතු වූයේ මිහිපල්හූගේ ඇවෑමෙන් ප්‍රජා පාලනයටත් පවිත්‍ර සූර්‍ය වංශයේ පැවැත්මටත් සරිලන පුත් රුවනක් නොලැබීමයි.පුත්‍ර ලාභය සදහා දශරථ නරේන්ද්‍රයා විසින් කරන ලද යාගහෝමයන්හී කිසිදු ඵලයක් නොලැබුණෝය.එයිනුත් සංවේගයට පත් මිහිපල් තෙමේ සිය සන්තානගත සන්තාපය අමතක වනු සදහා වරින් වර දඩ කෙලියෙහි නියුක්ත වූයේය.අස්ත්‍ර විද්‍යාවෙහි අති දක්ශයෙකු වූ රජ තෙමේ එක් දිනක් පරිවාර ජනයා සමග දඩයම් පිනිස ආරණ්‍යට ප්‍රවිශ්ඨ වූයේය.

(උපුටා ගැනීම.පී.ඇම්.පී අභයසිංහ මහතාගේ රාමායණය ග්‍රන්තයෙනි)

මගේ හිතට නැගෙන ගැටලු.

01.දශරථ රජු ධාර්මික රජෙකු නම් මනුස්සයා සේම අනෙකුත් ප්‍රාණීන්ටද සම සේ ජීවන නිදහස දිය යුතුය.එහෙත් තමන්ගේ සිතේ වූ කනස්සල්ල නිවා ගැනීමට නිරන්තරයෙන් සතුන් මරනා රජෙකු ධාර්මික විය හැකිද...?
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
01 May 2018 06:36 PM
  •  Quote
  •  Reply
මනසේ ඒකාග්‍රතාවය උදෙසා භාවනාව,වෛද්‍ය ශාස්ත්‍රය ,අංගම් සටන් කලාව,මායා අංගම් ,යන්ත්‍ර මන්ත්‍ර ආදී තමන් උගත් සියලුම ශිල්පයන් ඇයට ඉගැන්විය යුතුය
මේ ටික ඉගෙනගන්න තියේ නම් නියමයි අංගම් පොර වැනි,භාවනාව නම් කරනවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

Madud
New Member
New Member
Posts:54






--
03 May 2018 11:29 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......06 කොටස
(මේ නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය)

තවමත් පහව නොගිය අන්දකාරය මැදින් රාවණා වනන්තරයේ වූ කුඩා අඩිපාර මත්තෙන් ගමන් කරන්නට වූයේ අංගම් සටන් පුහුණුවෙන් ගතට නැගුනු දහඩිය බිදු ඇගිලිතුඩුවලින් සූරා පසෙකට ගසා දමමිනි.පයට පෑගෙන ඉපල්පත් පොඩි වී නැගෙන ශබ්දයත් රැහැයියන්ගේ හඩත් උදෑසන අවදි වූ කුරුල්ලන්ගේ හඩත් එකට මුසුවී නැගෙන්නේ සිත ගත මෙන්ම මනසත් පිනායන ශබ්දයකි.දහඩියෙන් තෙත්වූ ගතට වනයේ වූ සිසිලස ගෙන ආවේ සුවබර හැගීමකි.

රාවණාගේ මුවග වූයේ මදහසකි.නිවී සැනසෙන මෙම හැගීම සොභාදහමේ වූ අපූර්වත්වය නිසාමය.සොභාදහමේ මේ අපූර්වත්වය නොමැති වූ දිනෙක මිනිසාගේ දිවිය හුදෙකලා වෙහෙසකාරී අලස දිවියක් වනු ඇත.

රාවණා තම ගමනාන්තයට ලගාවී සිටියේය.වනය මැද්දෙන් නැගි කදුගැටයේ මුදුනතේ වූ ගිරිකුල මතින් ඔහු නැගී සිටියේ සොම්නසින් පිරීගිය හැගීමකිනි.තවමත් සූර්‍යා උදාවී නොමැත.අඩ අදුරේ වූ හාත්පස දර්ශනය වෙත රාවණා තම දෑස යොමුකරලීය.

කුලෙන් කුල නැගී ඇති මහා කදුවැටිත් කදු වැටි පුරා විහිදුන මහා වනාන්තරත් ඒ කදු වැටි මත්තෙන් ගලා හැලෙනා සිය ගනන් වූ දිය ඇලිත් රාවණා මතකයෙන් තම මනසේ මවාගත්තේය.තවමත් ඒ සියල්ල දෑසට හසුවන්නේ කාල වර්ණයෙනි.සිය ගනනක් වූ දිය ඇති මගින් ඇති කරන ජීවයේ මූලික පදාර්ථය වූ ජලයේ ශබ්‍දය පමණක් ඔහුගේ දෙසවනට හසුවේ....එහෙත් මේ සියල්ල කාල වර්ණයෙන් පවතින්නේ තව මොහොතක් පමණි.රාවණා දෑස් වසාගත්තේය.

තව සුලු මොහොතකට පසු සොභාදහම තම විශ්මිත වූ විපර්යාසය කරන්නේය.ලා කහ වර්ණයෙන් දිදුලන සූර්‍ය රශ්මි කදම්බය කදු වැටින්හී මුදුනත මතට පතිතවද්දී ස්වේත වර්ණයෙන් කදු මුදුන් වසාගෙන ඇති මීදුම් පටල ස්වර්ණ වර්ණයට හැරෙනු ඇත. මදින් මද පහලට ගමන් කරනා ඒ සූර්‍ය කදම්බය මෙතෙක් වේලා අදුරේ ගිලී තිබූ මහා කදුවැටි සොභාදහමේ සුන්දරම වර්ණය වූ නීල හරිත වර්ණයෙන් බබලනු ඇත.ඒ හරිත වර්ණය අතුරෙන් ස්වේත පෙන බුබුලු නංවමින් ගලාහැලෙනා සියගනන් වූ දිය ඇලි වල හඩින් පිනායන පක්ෂීහූ සිය දහස් ගනනක් කුලෙන් කුලට පියඹා යද්දී විදාමාන වන සොබාදහමේ පරිපූර්ණ සෞන්දර්ය ....... ඉතිං මේ ලංකාපුරය සියල් සක්වලේම මනස්කාන්තම භූමිය බවට සැකයක් නොමැත.

ඉතිං මේ සියලු සම්පත් හී මූලාරම්භය ජීවය හා පැවැත්ම රදා පවතින්නේ එකම වස්තුවක් මත පමණි.විශ්වයේ වූ ගිනිය නොහැකි මන්දාකිණි අතුරින් අතිශ්‍ය සුන්දරම මන්දාකිණියේ ජීවය ලද සියල්ලන්ගේම අදිපති ඔහුය.සියලුම ග්‍රහලෝක තාරුකා දුමකේතු පමනක් නොව ජීවය පවතිනා සෑම අංශුවකම අයිතිය ඇත්තේ ඔහුටය.ඔහු නොමැතිදා මේ සියල්ලෙහිම විනාශය සිදුවනු ඇත.

රාවණා සිය දෑත් එක්කොට නලල් තලය මත තබාගත්තේය.සියල් මනු ගුණයන්ගේ ශ්‍රේෂ්ටතම මනු ගුණය කෘතගුණ සැලකීමයි.රාවණා එය තම දිවියේ පරමාදර්ශය රකින ධර්මයයි.ඉතිං මේ විශ්වය තුල සියල්ලට ප්‍රථම කෘතගුණ ලැබීමට සුදුස්සෙක් වේ නම් ඒ ඔහුයි....

".ඕ.......ම්.....නමහ්......ශිවාය........"

"ඕ.....ම්......නමහ්.....ශිවාය......."

" ඕ.......ම් නමහ්.....ශිවාය........"

පරිසරයේ වූ සියල් ශබ්ධයන් අභිබවා නැගි ඒ ශබ්ධය කදුවැටි අතර දෝංකාර දුන්නේය.....තවමත් රාවණාගේ දෑස් විවර වී නොමැත.

" සියල් ශ්‍රේෂ්ට වූ සූර්‍ය කුමරුණි....... මම නුඹ සක්වල වූ සියල්ලෙහිම අධිපති ශිව ලෙස නම් කරමි.....නුඹ මූලාරම්භය වේ....නුඹ පැවැත්ම වේ.....නුඹ.....විනාශයද වේ.....

සියල්ලෙහිම ආරම්භය නුඹයි.නුඹ නුඹගේ ශරීරයේ කොටස් විසිරුවාලමින් ග්‍රහ ලෝක ඇතුලු මේ සුන්දර මන්දාකිණිය මැව්වේය...එහි ජීවය මැව්වේවය....
නුඹ ගස්වැල් මැව්වේය....කදුවැටි මැව්වේය....මහා සාගර මැව්වේය...දියඇලි , මහා ගංගා මැව්වේය.....ගිනිකදු මැව්වේය....හිම වැටි මැව්වේය....නුඹේ හුස්ම පොද හා සමාන වාතය මැව්වෙය.

ඒ මැවූ සියල්ලෙහිම පාලකයාද නුඹයි....මැවූ සියල්ලෙහිම පෝෂකයාද නුඹයි....නුඹේ ශක්තිය නොමැති දා මහා ගංගා සිදී යනු ඇත..... වාතය විශ වනු ඇත.ගස්වැල් පළ නොදරනු ඇත.... ජීවී ශරීරයේ උණුසුම නොමැති වී ජීවීන් විනාශ වනු ඇත.

සියල්ලෙහිම සමබරතාවය හා විනාශයද නුඹයි....සිසිලස වැඩිවී ලොව අසමබරවන විට මහා ගිනිකදු පුපුරවා හැර නුඹ ලොව උණුසුම් කරන්නේය.උණුසුම වැඩි වී පරිසරය ගිනියම්වන විට නුඹ මහා වැසි වස්සා එය සමනය කරණු ඇත.

නුඹ මවක් මෙන් සුන්දරය පවිත්‍රය සෙනෙහෙවන්තය.....මා වටා වූ සියල් දසුනින් මම නුඹගේ පරිපූර්ණ මවුවත් ගුණය දකිමි...

නුඹ පියෙකු මෙන් දැඩිය ....ආරක්ශාකාරීය.....සක්වලෙහි ග්‍රහලෝක තාරුකා ඇතුලු සියලුම පදාර්තයන් යම් යම් සීමාවන් තුල රදවාගනිමින් එය එකිනෙකට ගැටීමෙන් වලක්වාගන්නේය.මනසින් තැන්පත් වෙද්දී මම නුඹ්ගේ පීතෲත්වය දකිමි.

නුඹ ගුරුන් සේ දයාන්විතය... වෙනස්වන සුලු සියල්ල තුලින් නුඹ බොහෝ දෑ අපට උගන්වන්නේය.....මා ලබාගන්නා සියලුම දැනුමින් මම නුඹගේ ගුරු ගුණය දකිමි.

නුඹ මගේ ශක්තිය වේ....නුඹ මගේ දෙවියන් වේ.....මා දිනෙක සියල්ල අභිබවමි....නමුදු මට අභිබවා යා නොහැකි කෙනෙකු වේ නම් ඒ නුඹම පමණය...

නුඹ ලබාදෙන ඒ ආදරය ප්‍රේමය ශක්තිය ආරක්ෂාව උදෙසා මා නමස්කාර කරමි.

" ඕම් නමහ් ශිවාය........"

දසත රැව් පිලිරැව් දුන් ඒ දෝංකාරයට සොභාදහම වශී වූවා සේය.සියල්ල නිශ්චලය.මෙතෙක් වේලා දස්ත සැරිසැරූ පක්ෂීහූ රූක්ෂ ගස් මත නිසොල්මනේ හිදියි.

කදු පන්තීන් දෙකක් අතරින් ඉහලට නැගුණු සූර්‍යා ගේ රශ්මියේ මුල්ම කදම්බය රාවණාගේ නළල් තලයෙන් ඉහලට එසවුනු දෑතේ මැදගිලි මුදුනතට පතිත වූයේය.ඒ ලැබූ උණුසුම රුධිර නාල ඔස්සේ සිරුර පුරා ගමන් ගත්තේ ඇසිල්ලක වේගයෙනි.මදින් මද උණුසුම් වන තම සිරුරට සූර්‍ය රශ්මියේ ශක්ති පදාර්ත ඇතුල් වන හැට රාවණා මනාව ග්‍රහනය කරගත්තේය.ශරීරයේ අංශුවක් අංශුවක් ගානේ අවදිකරන එම ශක්තිය විශ්මිත ගුණයන්ගෙන් පරිපූර්ණ ය.

ගිරිකුල මත සූර්‍ය නමස්කාරයේ යෙදෙන මේ උත්තූංග දේහදාරියා දෙසට යොමු වූ දෑසක් ඒ අසලම වූයේය.මනාව සකස්වූ මාංශපේෂීන්ගෙන් සමන්විත කාලවර්ණ ගතෙහි වියැකී ගිය දා බිදු නිසාවෙන් ඇතිවූ තෙත් පැහැයට උදෑසන සූර්‍ය කදම්භයේ ආලෝකය මුසු වීමෙන් ඒ ශරීරය ස්වර්ණ වර්ණයෙන් දිලිසෙන්නේය....උඩු සුලගට හසුවී විසිරෙන කේශ කලාපයත් සමාධියකට සමවැදී දෑස් පියා සිටිනා ඒ වතත් සූර්‍ය රශ්මිය පසුබිම්කොට පෙනෙද්දී මකර සෙන්පතිදුන්ගේ දෑස් වශීකෘතව ගියේය.තමා ආ කාරණය ඔහුට මොහොතකට මතකයෙන් ගිලිහී ගියේය.ඒ නැතත් උදෑසන සූර්‍ය නමස්කාරය කොට සිත් පිරිසිදු කරගන්නා තම කුමරුණ වෙත තමා ආ කාරණය කීමත ඔහුට සිත නොදෙන්නේය.කිසිදු ශබ්දයක් නොනැගෙන සේ මකර සෙන්පතිදු නැවත් හැරී පා එසවූයේ කුමරුන් මග හැර යන්නටය.

" මකර සෙන්පති.........." ඒ ගාම්භීර කටහඩින් තම නම ආමන්ත්‍රණය වෙද්දී ඉහලට ගත් හුස්ම පහලට හෙලනු නොහැකි සේ මකර සෙන්පති ගල්වී ගියේය.

(මතු සම්බන්දයි)

ඇත්තටම සතුටුයි.මේ කතාව කිහිප දෙනෙක් හරි කියවීම ගැන.මොකද මේක ෆැන්ට්සියක් නෙමෙයි.ඒ නිසා මේ තරම්වත් ප්‍රතිචාරයක් කතාවට ලැබෙයි කියලා මම හිතුවෙ නෑ.ඒ වගේම මම සමාව ඉල්ලනවා කතාව පරක්කු වෙනවට.ඔයාලටම තේරෙනවා ඇති මේ කතාව ලියන්න ටිකක් අමාරුයි කියලා.මොකද මේක ෆැන්ට්සියක් නෙමයි.ඉතිං සාමාන්‍ය කෙල්ලෙකුයි කොල්ලෙකුයි යාලුවෙලා ඒ දෙන්නගේ ප්‍රශ්න නිරාකරනය වෙන කතාවක් නෙමෙයි මේ.මම දවස් ගනන් කල්පනා කරලා වචනයෙන් වචනය මේක ලියන්නේ.ඒ නිසා මට සමාව දෙයි කියලා මම හිතනවා.

මේ කතාව කියවන කිහිප දෙනා වෙනුවෙන් ඒ අය මේ කොටස කියවලා ඉවරවුනොත් අදම තව කොටසක් දානවා.

තව දෙයක්.....රාවණා ශිව දෙවියන් අදහපු කෙනෙක් කියලා රාමායණයෙ පවා සදහන් වෙනවා.අදටත් ශිව තාණ්ඩවය නිර්මාණය කලේ රාවණා කියලා අවිවාදයකින්ම හින්දූන් විශ්වාස කරනවා.මම ශිව තාන්ඩවය ගොඩක් වෙලාවට අහනවා.ඒත් ඒකෙ තේරුම මට පැහැදීලි නෑ.ඒ උනාට මට ඒක අහන අහන පාරකට හිතෙන්නේ ඒ හින්දූන් අදහන ශිව දෙවියන් උදෙසා නිර්මාණය කරපු එකක් නෙමෙයි කියලා.මට දැනෙන්නේ රාවණා සූර්‍ය වර්ණනාවක් කලා කියලයි.මට දැනෙන දේ තමා අද කතාවෙන් කිව්වෙ.
1

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
08 May 2018 10:02 AM
  •  Quote
  •  Reply
ලස්සනයි කතාව ඊළග කොටස දෙන්නකෝ
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Madud
New Member
New Member
Posts:54






--
11 May 2018 11:02 PM
  •  Quote
  •  Reply
ප්‍රේමය නම් නුඹයි රාවණ......07 කොටස
(මේ නිර්මාණය ශ්‍රී රාවණ උදෙසාමය)

" මකර සෙන්පති.........." ඒ ගාම්භීර කටහඩින් තම නම ආමන්ත්‍රණය වෙද්දී ඉහලට ගත් හුස්ම පහලට හෙලනු නොහැකි සේ මකර සෙන්පති ගල්වී ගියේය.

මුසාවක් නොවෙයි . මේ කුඩා වයසට තම කුමරු ලබාගෙන ඇති මානසික දියුණුව අති විශාල බව සැකයක් නොමැත.තමාට පිටුපා දෑස් පියාගෙන තමාගේ පැමිණීම නොදැනෙන දුරකින් සිටියත් ඔහු ඒ තමාම බව නීර්ණය කරගෙන ඇත.ඉතිං ඔහුගේ මානසික පරිපූරණත්වය ඉහල නොවේද.යමෙක්ට එය විශ්මයානණූකූල වූවත් එහි ඇති විශ්මයක් ද නොමැත.තමාගේ ගතේ පැටලී උඩු සුලගට ගසාගෙන යන සුලං ප්‍රවාහය කුමරුන් පසු කර යද්දී තමාගේ ගන්ධය ඔහුට දැනෙන්නට ඇත .ඉතිං එය විශ්මයක් නොවෙයි.එහෙත් එහි ඇති විශ්මයක් ද වේ.දහස් ගනනක් වූ සිව් හෙලයේ මනුශ්‍යයන් අතුරින් ඔහු ඒ තමාම බව නිශ්චිත කරගැනීම කෙතරම් විශ්මයක්ද....

" නුඹ ආ කාරණාව නොපවසා ලතවෙන්නේ කිමද සෙන්පති ........." මෙතෙක් වේලා පිටුපා සිටි රාවනා මකර සෙන්පති දෙසට හැරුනේය.කුවේරයන්ගේ හමුදා සේනාංකයන්හී දක්ශතම සටන්කරුවා මෙන්ම සේනාදිපතිද මකර සෙන්පති බව රාවණා දනී.ඒ හැරුණුකොට ඔහු තමාගේද සටන් ගුරුවරයෙකි.එහෙත් මේ ආකාරයෙන් තමා හමුවීමට හදිසියේ ඒමට නම් සේනාදිපතිගේ සිතේවන කාරණය සුලුපටු නොවිය යුතුය.එලෙසින්ම එය කුවේරයන් හට නොපවසා තමා වෙත ගෙන ඒමට තරම් සුවිශේෂී විය යුතුය.

" කුමරුණි.........." මකර සෙන්පතිදු කටහඩ අවදි කලද රාවණා හමුවීමට පැමිණි කාරණාව පැවසීමට මේ සුදුසු වේලාවමදැයි සිතාගත නොහැකිව ලතවුනේය.ලංකාපුරයේ රජු කුවේරයන් වූවත් බලයෙන් හා තන්හාවෙන් පිරීඇති ඔහුතුල දේශය හා ජාතිය ගැන ඇති හැගීම හීනවෙමින් පවතී.එහෙත් රාවණා කුමරුන් එසේ නොවෙයි.මනා සංයමයක් හා පරිපූරණත්වයකින් යුතුව සියල් මනු ගුණයන් ප්‍රගුණ කරන ඔහු තුල ජාතියට හා දේශයට ඇති ඇල්ම සුලුපටු නොවේ.එහෙත් තමා ගෙන ආ පුවත ඔහුගේ කෝපයට මුල්වීම වලක්වාගත නොහැකි දෙයකි.දුටු දසුනින් කෝපයෙන් ඇවිලුනු සිත් ඇතිව මෙල්ල නොවුනු මනසකින් කුමරුන් සොයා ආවද කුමරුන්ගේ දසුනින් තැන්පත් වූ සිත දැන් දැන් තර්ක කරමින් පවතී.දහසක් බුදුන් බුදුවන යාමයේ තම කුමරුන්ගේ සිත කෝපයෙන් අවුලන එම පුවත පවසන්නේ කෙලෙසින්ද.තමා අභියසින්ම නතර වූ ඒ දේහදාරිත්වයට මකර සෙන්පතිදුන්ගේ සිත තව තවත් පසුබා ගියේය.

සුරත දික්කල රාවණා මකර සෙන්පතිදුන්ගේ අතෙහි තැවරී තිබූ රක්ත වර්ණ ද්‍රවය දඹර ඇගිල්ලට ගෙන නාසයට ලන්කොට සුවද ආඝ්‍රාණය කලේය.මදක් විවරවූ මුව දෙපසින් රාක්ෂ ගෝත්‍රයේ සංකේතය වූ උල් දත් දෙපල මකර සෙන්පති හොදාකාරවම දුටුවේය.ඉතිං තමා ගෙන ආ ආරංචිය කිවමනා නොවේ.තම දෑත් මත වූ රුධිරයේ සුවදින්ම කුමරුණ් කාරණය වටහාගන්නට ඇත.මේ උදෑසන කුමරුණ්ගේ කෝපය ඇවිස්සීම කෙරෙහි මකර සෙන්පති තමාටම දොස් පවරාත්තේය.

" සෙන්පති ..... මට මග පෙන්වනු........" රාවණාගේ කෝපයෙන් පිරීගිය ඒ හඩ නිහඩ වනාන්තරයේත් ගල්කුලුවලත් හැපී දෝංකාර දුන්නේය.මුවෙන් වදනකුදු නොදෙඩූ මකර සෙන්පති පෙරමුණ ගත්තේය.

රාවණා උන්නේ කැලඹී ගිය සිතකින් යුතුවය.ඊටත් වඩා කෝපය මුලු ශරීරයම වෙලාගෙන තිබුනි.

හදුනාගත නොහැකි නොවේ....ඒ රුධිරය මුව දෙනකගේය නිකන්ම මුව දෙනකද නොවේ.....ඇය ගැබ්බරියකි.....රාවණාගේ මුව තව තවත් විවර වී ස්වේත වර්ණයෙන් දිදුලන උල් දත් දෙපළ විදාමාණ විය.

වනය මද්දයෙන් බොහෝ වේලාවක් ගමන් කල සෙන්පති නතර වූයේ ගුහාවක් අභියසය. මෙය රාවණාවේ වෛද්‍ය කුටියකි.මේ ගුහාව ගැන දැන උන්නේත් සෙන්පති ඇතුලු කිහිප දෙනෙකු පමණි.සෙන්පති පසුකර ගිය රාවණා ගුහාවට ඇතුල් වූයේ වේගවත් ගමනිනි.

රාවණාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කුටියේ රැදී සිටි ජන්තු ...රම්ඹා ...අමර අතුලු රාක්ෂ යෞවනයින් රාවණාට ඉඩ දී පසෙකට වූයේ ඔහුගේ ගමන් විලාසයේ වූ කෝපය හොදහැටි හදුනාගත් නිසාවෙනි.

රාවණාගේ දෑසට පළමුව හසු වූයේ අත් පා බැද පසෙකොට කොට තිබූ හිසකේ රැවුල් වවා මුලු ඇගේම අලු උලාගත් අපිරිසිදු මිනිසාය.කෝපය දෙගුණ තෙගුන වෙද්දී ඔහුගේ දෑසට හසු වූයේ පසෙක රෙදි කඩමල්ලක් මත ලේ වගුරමින් කෙදිරි ගානා මුව දෙනය.දෑස් පියා කෝපය මදකට සමනය කරගත් රාවණා මුව දෙන අසලින් හිද ගත්තාය.පැති ඇලයකට හැරී හුස්ම ගන්නා මුව දෙනගේ දෑස් තුලින් කදුලු වැගිරෙන්නේය.කුස පිරී ඇටි ආකාරයට ඇය තව දින දෙක තුනකින් තම පැටවුන් ප්‍රසූත කරණු ඇත.රාවණාගේ සිත් තුල නැගි කෝපයත් ශෝකයත් සුලුපටු නොවීය.තවමත් ඇගේ ගෙලෙහි වූ කැපුම් තුවාලයෙන් රේ වැගිරෙයි.

" නුඹලාට මොවුන් හමුවූයේ කෙසේද......" සංසුන් කරගත් වචන රාවණාගේ මුවෙන් පිටවිය.

" මේ පූජකයා සමනල අඩවියේ යාගයක් කරන බවට ගම්වැසියෙක් ගෙනා තොරතුරක් මතයි අපට මොවුන් හමු වූයේ.......එහෙත් අප තරමක් ප්‍රමාදයි කුමරුණි.අප යන විටත් මොහු බිලි පූජාවට මේ මුවදෙන මරණ්නට තැත් කරමිණුයි සිටියේ. ඇගේ ගෙලෙහි වන තුවාල මොහු සිදුකල ඒවායි....." පිළිතුරු දීමට ඉදිරිපත් වූයේ රාවණාගේ සම වයස් මිතුරෙකු වූ ජන්තුයි.

" තවත් සතුන් මොහු මරා දමා තිබුනාද....."

" නැත කුමරුණි.......මැය ඔහුගේ පළමු බිල්ලයි .අනෙක් සතුන් අප මුදාහැරියා.අනෙක් අතට මේ මොහුගේ පළමු වැරැද්දද නොවේ.කලින් වතාවේ බිලි පූජා කරද්දී හසුවූ මොහුව අප කුවේර රජු වෙත ගෙන ගියා.එහෙත් එවර මොහු නිදහස් කරණු ලැබුවා....." ජන්තු පවසන දේ තුල කුවේරයන්ගේ දුර්වල පාලන ධර්මයන් මෙන්ම මේ පාපී මිනිසාගේ ජුගුප්සාජනක ගැසිරීමද මනාවට ගැබ්ව තිබුණි.. ප්‍රතම බිල්ල ලෙස බඩ ගැබ්බර සත්වයෙකු මැරීමට තිරිසන් සතෙකු හෝ ඉදිරිපත් නොවණු ඇත.එහෙත් මේ කෝපගෙන කා දැමීමට කාලයක් නොවෙයි.

රාවණා ගැබ්බර මුවදෙනගේ කුස මතට සුරත තැබීය.මුව දෙනගේ මුවෙන් පිටවූයේ වේදනාත්මක කෙදිරියකි.කුස තුල වූ පැටවුන් තිදෙනෙක්ගේ අංගයන් රාවණාගේ සංවේදනයට හසුවිනි.එහෙත් නාඩි වැටෙන්නේ දෙදෙනෙක්ගේ පමණි.රාවණාගේ දැස් මුවදෙනගේ දෑස් මතට වැටිනි.ඒ දෑසේ වනුයේ තම පැටවුන් කෙරෙහි වන ආයාචනයයි.

" ජන්තු...... මගේ ආම්පන්න රැගෙන එනු......." රාවණාගේ වචන පිට වූයේ කලබලයෙනි.වෙද ආම්පන්න රැගෙන එන පමාවට රාවණා මුවදෙනගේ දෑස් දෙස බලාගෙනම ඇය හා සන්නිවේයනයක් සිදු කලාය.

රැගෙන ආ ආම්පන්නයන්ගෙන් රාවණා මුලින්ම මුව හා නාස් ආවරණ පැළද ගත්තේය.ඔහු අනුව පූජකයා ඇතුලු සියල්ලන්ම මුව හා නාස් ආවරණ පැලදගත්තෝය.

ඉන්පසු ආම්පන්න අතුරින් ගත් යම් කුඩක් පුලුස්සා මුව දෙනගේ මුවට ලන් කොට ඇය නින්දට යැව්වේය.දැන් භාර දූරම කර්තව්‍යයි.වද්‍ය විද්‍යාවේ කෙතරම් දුරට දැනුම ලබා තිබුනද සැත්කම් පිළිබද වූ අදහසක්වත් ලෝකයේ නැති මෙම යුගයේ රාවණා සැත්කමක් අත්හදා බැලීමට සූදානම් වෙයි.එය කොතරම් අවදානම්ද යන්න ඔහු හොදාකාරවම දනී .එහෙත් මේ මුව දෙන සැත්කම නොකලද තව පැය කිහිපයකින් පැටවුන් කුස දරාගෙනම මරණය කරා යනු ඇත.එහෙත් ඇය මරණය කරා යනතුරු බලාසිටීමට තරම් අධම සිතක් රාවණාට නැත.

සියල්ලන්ගේම දෑස්තුල වූයේ බියකි.එහෙත් රාවණා යනු බොහෝ සිතා මතා තීරණ ගන්නා අයෙකු බව දන්නා නොසාම ඔවුන් මුවෙන් නොබැන සිටියෝය.

රාවණා සිත දැඩි කරගෙනම මුවදෙනගේ කුස විවුර්ත කලේය.ගර්භයේ චලනය වන මුව පැටවුන් රාවනාගේ දෑස් දර්ෂයට හසුවිනි.සිතට නැගුණු පැහැදිය නොහැකි වේදනාවෙන් යුතුව රාවණා ඔවුන් එකිනෙකා ගර්භයෙන් පිටතට ගෙන රෙදි කැබැල්ල මත තැබීය.විනාඩියක් දෙකක් ඇවෑමෙන් පැටවුන් දෙදෙනෙකු පණ ගසා පා සතරින් සිටගත්තෝය.එහෙත් එක් පැටවෙකු තවමත් නිහඩය.රාවණා ඔහු දෝතට ගත්තේය.නැත තවමත් මෙම අහින්සක සත්වයා මරණයට පත්වී නැත.එහෙත් ඔහු හුස්ම නොගනියි .ඔහුගේ නාස්පුඩු අවහිර කරමින් සෙම සිරවී ඇති සෙයකි.රාවණා දෙවරක් නොසිතා සත්වයාගේ නාස් පුඩු මතට දෙතොල් තබා සෙම් කොටස් උරා මුවගට ගත්තේය.බලාසිටින්නෙකුට එය ජුගුප්සාජනක දසුනක් වුවද වෛද්‍යවරයෙකු වු ඔහුට තම ජුගුප්සාජනක හැගීමට ඉඩදීමට නොහැක.වටින්නේ තම මුවෙන් ඉරූ සෙම්කැටි නිසාවෙන් හටගත් පිළිකුල් හැගීමද මේ අහිංසක සත්වයා මරණෙන් මුදවාගැනීමෙන් ලද අපමණ ප්‍රීතිමත් හැගිමද.....මෙහි තෝරාගැනීම් නැත.යස ඉසුරින් නොඅඩුව මාලිගාවක ජීවත් වූවත් මෙහි සිටින්නේ ඒ මාලිගාවේ කුමාරයා නොවෙයි.මේ වෛද්‍යවරයෙකි.ඔහුට වටින්නේ තම සුරතේ සිටින ජීවියාගේ ප්‍රාණය පමණි.දෙවරක් සත්වයාගේ සෙම උරා පසෙකට දමද්දී සත්වයා චලනය වන්නටට විය.රාවණාගේ සිත් හී නැගුණේ නිවී සැනසී ගිය හැගීමකි.

මුව පැටවා පසෙකට කල රාවණා මුව දෙනගේ විවර වු කුසත් කැපුම් තුවාලත් මසා බෙහෙත් දැමීය.ඇයගේ දිවිය කෙරෙහි මෙතෙක් වේලා තිබූ අවදානම නොමැති බව වැටහෙද්දී රාවණා සැනසුම් සුසුමක් හෙලීය.

සතුන් නිරුපද්‍රිතව සිටින දෙස මොහොතක් බලාසිටි රාවණා පසෙක වූ පූජකයා දෙසට හැරිණි.

කෝපයෙන් රත්පැහැ වූ දෑසත් උල් දත්දෙපලත් දුටු පූජකයා බියෙන් සීතලව තව තවත් අදුරු මුල්ලට ගුලි වන්නට විය.භාරත දේශයේ ජන්මය ලැබූ තමන් ලංකාපුරයේ උන් අසුරයන් ලෙස ප්‍රචලිතව ඇති රාක්ෂයන් ගැන දැන දැනම ලංකාපුරයට බිය සගවාගෙන පා තැබුවේ තම ගුරු වූ පූජකයාගෙන් ලද කමටහන් නිසාවෙනි.දස වසරක් ගුරුන් හමුවේ භාවනායෝගී වූවත් තමා ලද ධ්‍යානයක් නොමැත . එයින් සිත් රිදවා තවුස් දම් හැරීමට අවසර ලබන්නට ගිය මොහොතේ ගුරුන්ගෙන් ලද කමටහන වූයේ ලංකාපුරයේ වූ දුර්ලභ ගනයේ මුවෙකු ඇතුලු සිය ගනනක් සතවයන්ගේ ලෙයින් හා මසින් තමන් අදහන දෙවියන්ගේ පිළිරුව නහවා දෙවියන් සතුටු කිරීමෙන් තම අභිමතාර්ත ඉටුවන බවකි. ප්‍රීතියෙන් උද්දාමයෙන් යුතුව සිතෙහි වූ බිය පසෙකලා තමා ලංකාපුරයට පය තැබුවේ එම මහා යාගය සිදු කිරීමටයි.එම හැගීම සිතෙහි ප්‍රභලව නැගී සිට රාක්ෂයන් කෙරෙහි වූ බිය මෙතෙක් කල් සිතෙන් පළවාහැර තිබුනි.

එහෙත් උල් දත් විහිදා දෙන්ත් රක්තවර්ණයෙන් බබලන තමා ඉදිරියේ වන උස් රූපය දකිද්දී පූජකයාගේ සිතෙහි මෙතෙක් කල් සැගවී තිබූ බිය සිය දහස් ගුණයකින් වැඩිවී උඩට මතු වූයේ සිතම කම්පා කරවමිනි.

මෙතෙක් වේලා මේ රාක්ෂයා මුව දෙනගේ දිවි ගලවාගත් අයුරු දකිද්දී ඔහු තමාට අණතුරක් නොකරාවි යන හැගීම මතු වූවත්.....රාක්ෂයන් යනු සත්ව මස අප්‍රිය කරන මනුශය මසට ප්‍රිය කරණ අසුරයන් බව සිහි වෙද්දී ඔහුගේ ඇග කිලිපොලන්නට විය.

" පවසනු.....තා කොහේ සිට මෙහි පැමිණියේද........" හදෙහි බුර බුරා නැගෙන කෝපය යටපත් කරගෙන රාවණා වචන පිට කලේය.

" ම්....මා....භාරත දේශයේ සිට මෙහි පැමිණි අයෙකි......." සිතෙහි බිය කොතරම් ප්‍රභල වූවත් මෙවන් අසුරයෙක් ලග පින්සේන්ඩු වීමට පූජකයාට සිත් නොවෙයි.තමන් අදහන දෙවියන්ට පූජා පැවැත්වීමට පැමිණි තමා හට හින්සා කිරීමට මේ අසුරයාට හැකිද.....හැකියාව ඇතත තමාගේ දෙවියන් තමා බේරාගැනීමට ඉදිරිපත්වීම අනිවාර්‍යය.දෙවියන් ඉදිරියේ අසුරයන් කුමක් කරන්නද.....

" තා.....පූජකයෙක්ද....මස් වැද්දෙක්ද......මගේ දේශයේ වූ අහිංසක සතුන් නිරපරාදේ මරා දැමීමට තට අවසර දුන්නේ කවුරුන්ද........" රාවණා තවමත් වදන් පිටකරණුයේ පාලණය කරගත් කොපයෙන් යුතුවය.

" ලෝකයේ සෑම ජීවියෙක්ම පාලණය කරණුයේ මගේ දෙවියන් විසිනි.මේ දේශය මහා සාගර ගස් වැල් සතුන් සියල්ලෙහිම පාලකයා ඔහුයි......ඉතිං මා කුමට අවසර ගන්නද......" රාවණා පාලණය කරගන්නා කෝපය තුල පූජකයා දුටුවේ තම දෙවියන් සිහි කිරීමෙන් බියට පත්වෙන අසුරයෙකුගේ හැගීම පමණි.ඉදින් ඔහු තව තවත් තම වචන ශක්තිමත් කර ගත්තේය.

" ඉතිං තා...තමාගේ දෙවියන්ගේ වස්තූන් වන සත්වයන් මරා දමන්නේ දෙවියන්ගේ කෝපය ඇවිස්සීමටද......නැතිනම් තගේ දෙවියා සතුන් මැරීමට උපදෙස් දෙන තරමටම මස් වැද්දෙක්ද....." මේ මෝඩ මිනිසාට දඩුවම් දීමට ප්‍රථම ඔහුගේ මනසට දඩුවම් දිය යුතු බව රාවණා ඇසිල්ලකින් වටහාගත්තේය.

" මිණීමස් කන පාපී රාක්ෂය..........තෝ මාත් මගේ දෙවියනුත් අපහාසයට ලක් කරණවාද.......තෝ දැනගන්.....ඒ මාගේ දෙවියන් විමුක්තිය උදෙසා තෝරාගත් සත්වයනුයි...... ඔවුන්ගේ රුධිරයෙන් මාගේ දෙවියන්ගේ ප්‍රථිමා පෙගීයන කල ඔවුන් ලත් පාපී සත්ව ආත්මයන්ගෙන් මිදී දේව උත්පත්තී ලබාගනු ඇත........නුඹ අද විනාශ කර දැමුයේ ඒ සත්වයන්ගේ වූ විමුක්තියයි.දිනෙක නුඹ ඒ උදෙසා දඩුවම් ලබනු ඇත........" මහා හඩින් නික්මුනු පූජකයාගේ කටෝර හර ගුහා බිත්තීන්හි වැදී දෝංකාර දුන්නේය. ඒ දෝංකාරය පසා කරමින් නැගුනේ රාවණයන්ගේ මහා සිනහ හඩය. ප්‍රීතියකදී මද සිනහා පානා කුමරුන්ගේ මේ මහා ඝර්ජනාවක් බදු සිනහව කෝපයේ උපරිමය බව ඔහුගේ මිතුරන් මෙන්ම සේනාදිපතිද හොදාකාරවම දැන සිටියෝය

" විමුක්තිය.......විමුක්තිය......එයටද නුඹ විමුක්තිය කියනුයේ......අහිංසක සත්වයන්ගේ රුධිරයෙන් නුඹේ දෙවියාගේ පිළිරූ පෙගීයන කල ඒ සත්වයින් විමුතිය ලබනවාද.....එවිට....එවිට....අර අහින්සක ගැබ්බර සත්වයා මැරීමට නුඹ සූදානම් වූයේ ගැබෙහි වූ පැටවුන් සමගම විමුක්තියට යැවීමටද.......නුඹ දුටුවාද ඇගේ දෑස් ...... ඒ දෑස්වල වූයේ විමුක්තියට යමට ලැබෙන බව දැනගත් නිසාවෙන් හටගත් ප්‍රීතියද...නැතිනම් දින දෙක තුනකින් වදන්නට නියමිත දරුවන් සමගම මරණයට පත් වීමට වූ නිසාවෙන් හටගත් බියද......ගැබ්බර සත්වයකුගේ රුධිරයෙන් සැනසිමට තරම් නුඹගේ දෙවියන් නීචද........හොදින් බලනු....නුඹ විනාශ කරන්නට සැරසුණු ඒ ජීවිත සතරම මම මුදාගත්තෙමි.මම ඔවුන්ට විමුක්තිය ලබා දුනෙමි.තවමත් ඒ රුධිරය මගේ ගතෙහි දැවටී ඇත.....ඉදින් තට මා තගේ දෙවියන් ලෙස නොපෙනේද.......තා පවසන ආකාරයට මා ඔවු න් විමුක්තියට යාමෙන් වලකාගත් අසුර රාක්ෂයෙකි....ඉතිං ඒ සත්වයන් මා පිළිකුල් කරණු වෙනුවට මගේ ගතේ දැවටෙන්නේ මක් නිසාද........." තම කෝපයට නැගෙන සිනහව වලකා ගනිමින් රාවණා තර්ක කලේය....තම දෙපා අභියස දැවටෙනා මුව පැටවෙකු තම උකුලට ගෙන හිස අතගෑවේ කරුණාවෙනි.

" හරි වැරැද්ද තොරාගැනීමට මේ සත්වයාට ඇති මොලයෙන් කලදක්වත් නුඹට නැති එකනම් කනගාටුවකට කරුණකි.....එහෙත් නුඹේ අභිප්‍රායත් නුඹේ දෙවියන්ගේ අභිප්‍රායත් මගේ අභිප්‍රායත් ඉටු කර ගැනීමට ක්‍රමයක් ඇත........" රාවණා මෙතෙක් මුවෙහි වූ සිනහව වලකා මකර සෙන්පති දෙස බැලීය....

" කුමරුණි......ඔබේ අණ ලබාදෙනු මැන....."

" සෙන්පති......මොහුට උවමනා මොහුගේ දෙවියන් සතුටු කිරීමටයි.මොහුගේ දෙවියන්ට උවමණා රුධිරයයි....මට උවමණා මේ මෝඩ මිනිසා මිත්‍යාවෙන් ගලවාගැනීමට දඩුවමක් දීමටයි.......ඒ සියලම ඉටු වන්නේ එක් දෙයකින් පමණි........මොහුගේ කලවයෙන් මස් වැදැල්ලක් කපා දමනු......" රාවණා අණ දුන්නේය....විස නැසිය යුත්තේ විසෙන්මය....

රාවණාගේ බස් ඇසීමෙන් පූජකයා බියෙන් ගල් ගැසී ගියේය.තමා මරාදැමීම දරාගත හැකිය.එහෙත් මෙලෙස අමු අමුවේ මස් කැපීම ඉවසන්නේ කෙලෙසිද....

(මතු සම්බන්දයි )
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467






--
12 May 2018 03:52 AM
  •  Quote
  •  Reply
කතාව ලස්සනයි..අහිංසක සතෙක් මුවා
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Lakshan dias
Posts:






--
23 Jun 2019 01:53 PM
  •  Quote
  •  Reply
කාරුනික ඉල්ලීමක් කරන්න තියෙනව . මම රාවන පුරානය මිනිස්සු අතරට ගෙනියන්න වෙහෙසෙන එක් අයෙක්. මම කැමතියි ඔබගෙ මේ කතාව ඔබේ කර්තෘ අයිතිය සුරැකෙන පරිදි සමාජ ජාල ගත කරන්න ඔබේ අවසරය ඇතුව.ඔබගේ පිලිතුර අවසරය බලාපොරොත්තු වෙමි
0

Dilki
Advanced Member
Advanced Member
Posts:955






--
23 Jun 2019 07:43 PM
  •  Quote
  •  Reply
Madud කියල කතාව දෙන කෙනා දැන් සයිට් එකට එනවද, මම නම් ආවට පස්සෙ දැකල නෑ
0
Add Reply
Page 1 of 212 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below