Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 08 Nov 2018 08:35 AM by Dileeka Madushani ඔට්ටුයි බැරුවට 21 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 212 > >> Author Messages Jaani wasanthiBasic MemberPosts:285 02 Feb 2018 01:11 AM ඔයාලගේ දැනුම පරීක්ෂා කෙරෙන තරගයක්.මම අහන්න යන්නේ ප්‍රශ්න ටිකක්. එ්වට උත්තර හොයාගන්න පහසු වෙන්න මම විස්තර ටිකක් දෙනවා.එහෙනම් අපි වැඩේට බහිමු. ''දෙවැනි ලෝක යුද සමයේ නාවික තාක්ෂණය හා සසඳා බලනවිට අසමාන නැවකි. වර්තමානයේ තිබෙන ඇති දැවැන්ත යුද නැව් සමග සසඳා බැලීමේදී මෙම නැව එදා සාගරයේ යෝධයෙකි. රකුසෙකි, භයානක අවියකි. අද මහා යුද නැව වල පරමාණු බෝම්බ හෙළිය හැකි ගුවන්යානා පවා ඇත. මෙය සතුවද බෝම්බ හෙළිය හැකි (පරමාණු බෝම්බ නොවේ) කුඩා ගුවන් යානා හතරක් විය. මෙය එකල අනෙක් යුද නැව වලට දැඩි අභියෝගයක් විය. 1941 මැයි මස 27 වැනිදා මෙම නැව සදාකාලිකවම මුහුදු බත් විය'' 1 මෙම විස්තරයට අදාල නැවේ නම ? 2 අයත් රට ? 3 මෙහි සිටි අණදෙන නිළධාරියා (කපිතාන් ) ? 4 මෙම නැවට එම නම ලබාදුන් හේතුව ? 5 මෙම අසමාන නැව මුහුදු පතුළේ සදාකාලික නින්දකට ගියේ කෙළෙසකද ? 6 මෙම නැවෙහි සිටි මුළු සේවක සංඛ්‍යාව සහ දිවි බේරාගත් සංඛ්‍යාව කොපමණද? 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 03 Feb 2018 12:10 AM 1 මෙම විස්තරයට අදාල නැවේ නම ?Bismarck 2 අයත් රට ?Germany 3 මෙහි සිටි අණදෙන නිළධාරියා (කපිතාන් ) ?කපිතන් අර්න්ස්ට් ලින්ඩ්මාන් 4 මෙම නැවට එම නම ලබාදුන් හේතුව ? මෙම නැවට ‘බිස්මාර්ක්’ යන නම ලැබුණේ, 1871 දී ජර්මනිය එක්සත් කිරීම සඳහා පුරෝගාමීවූ චාන්සලර් ඔටෝ වොන් බිස්මාර්ක් Chancellor Otto Von Bismarck සිහිපත්වීම සඳහාය. 1 Jaani wasanthiBasic MemberPosts:285 03 Feb 2018 01:09 AM අති දක්ෂයෙක් පිළිතුරු හතරක් ලබාදි තිබෙනවා.ඔව් ඔබ ලබාදුන් පිළිතුරු හතරම නිවරදි පිළිතුරු හැටියට බාරගන්නවා. බලමු 5,6 ප්‍රශ්න දෙකටත් පිළිතුරු ලැබේවිද කියා. 0 chamara duleepMost Senior MemberPosts:13471 03 Feb 2018 03:33 AM මේකත් මරු.දන්නේ නැති ඒවා මතක් කර ගන්න පුළුවන්... 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 04 Feb 2018 07:01 PM 5. මේ නැව විනාශ වුනේ මිත්‍ර හමුදා විසින් සබ්මැරීන් ප්‍රහාර සහ ගුවනින් බෝම්බ හෙලීමෙනි. 1 shanaka kelumSuper Senior MemberPosts:7332 04 Feb 2018 09:03 PM 6 මෙම නැවෙහි සිටි මුළු සේවක සංඛ්‍යාව සහ දිවි බේරාගත් සංඛ්‍යාව කොපමණද? මුළු සේවක සංඛ්‍යාව 2200 දිවි බේරාගත් සංඛ්‍යාව 114 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2018 04:06 AM ගැටළු 6 ම විසදලා අවසන් වගේ.. කෝ අපේ ජානි නගා... 0 Jaani wasanthiBasic MemberPosts:285 05 Feb 2018 08:34 AM හරි හරි වැඩ්ඩෝ ටික ප්‍රශ්න හයටම නිවරදි පිළිතුරු දීලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නෙට මතබේදාත්මක පිළිතුර ක් තමයි තියෙන්නේ.බිස්මාර්ක් ගිලුනේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ප්‍රහාර වලින් නොව, තම රටේ සහ නාවික හමුදාවේ අභිමානය රැක ගනිමින් බිස්මාර්ක් කාර්ය මණ්ඩලය විසින්ම නැව ගිල්ලවූ (scuttling) බවත් සමහරුන් විශ්වාස කරනවා 0 isuru sampathSuper Senior MemberPosts:7342 05 Feb 2018 09:12 AM Posted By Jaani on 05 Feb 2018 08:34 AM හරි හරි වැඩ්ඩෝ ටික ප්‍රශ්න හයටම නිවරදි පිළිතුරු දීලා තියෙනවා. පස්වෙනි ප්‍රශ්නෙට මතබේදාත්මක පිළිතුර ක් තමයි තියෙන්නේ.බිස්මාර්ක් ගිලුනේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ප්‍රහාර වලින් නොව, තම රටේ සහ නාවික හමුදාවේ අභිමානය රැක ගනිමින් බිස්මාර්ක් කාර්ය මණ්ඩලය විසින්ම නැව ගිල්ලවූ (scuttling) බවත් සමහරුන් විශ්වාස කරනවා අපිව අමාරුවේ දාන්න හිතුවා මදි 1 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 05 Feb 2018 06:27 PM මෙයින් ගොඩක් තොරතුරු දැනගත්තා... තවත් එකක් දෙන්න ජානි නගේ.. 0 shanaka kelumSuper Senior MemberPosts:7332 06 Feb 2018 01:35 AM ඒ වැඩේ හරි දැන් අනිත් එක කෝ දෙන්න. මේ අපි ඕන එකකට ඔට්ටුයි 1 Jaani wasanthiBasic MemberPosts:285 08 Feb 2018 06:06 AM 2) ඔන්න එහෙනම් දෙවැනි ප්‍රශ්නෙ තමන් සතු පොත් පත් රැස මතකයේ තබාගැනීමට පුස්තකාලාධිපතීන් බොහෝදෙනෙක් අනුගමනය කරන්නේ ___A___ නම් ක්‍රමයයි. ඔවුන්ගේ සුචිවල සහ ඔවුන්ගේ පොත්වල නාරටියේ අංක පෙළක් දක්නට තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම එළි දැක්වුවේ අග්‍රගණයේ පුස්තකාලාධිපතිවරයෙකු වූ ___B___ විසින් 1876දීයි. සියලුම විෂයන් වර්ග කිරීමට මෙහිදී යොදාගෙන තිබෙන්නේ ___C___ සිට __D__ දක්වා අංකයි. ඒ අනුව ඒවා ප්‍රධාන කාණ්ඩ දහයකට වෙන් කර තිබෙනවා. මේ විස්තරය හොදින් කියවා තේරුම්ගෙන, 1) ___A____ 2)____B_____ 3)____ C_____ 4)----- D ____ එහෙනම් A B C D වලට උත්තර හොයමු බලන්න 0 Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Feb 2018 07:36 AM 1. ඩිවි දශම වර්ගීකරණය (DDC) (Dewey කියන නිසා ඩුවි කියලත් තියනවා) 2. මෙල්විල් ඩුවි 3. 000 4. 999 (000-999 දක්වා කාණ්ඩ 10 කට වෙන්කර ඇත) (මගේ ළග පුස්තකාල විද්‍යාව පොතක් තියෙනවා. ඒකෙන් හොයාගත්තේ. 100% ක් නිවැරදිද කියා නම් දන්නේ නැහැ.. 1 Jaani wasanthiBasic MemberPosts:285 08 Feb 2018 07:49 AM පුදනකොටම කාපි යකා කියන්නේ මෙන්න මෙව්වට තමයි. 0 Jaani wasanthiBasic MemberPosts:285 08 Feb 2018 07:51 AM එහෙනම් ඔන්න 3 මෙය පෘතුවියේ සම්භවය වර්තමානයට දැක බලා ගැනීමට විවෘතව ඇති ද්වාරයකි. මෙහි ගැඹුර කිලෝ මීටර 1.6 ක් වන අතර පළල හැතැප්ම 18 කි. වසර බිලියන 2ක අතීතයක තොරතුරු සපයන මෙහි පාෂාණ ස්ථර තුලින් පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතරෙන්, තුනක්ම මනාව පිළිබිඹු වේ වසර මිලියන 17කට පෙර සානුව මතින් A නමැති ගංගාව තම ගමන් මාර්ගය ස්ථාපිත කරගත්තේය. මේ ගංගාව පෝෂණය කරනා අතු ගංගාවන්ද පසුව සානුව මතින් ගලා විත් එම ගංගාවට එකතු විය. මෙසේ වසර මිලියන 17 ක සිට වර්තමානය දක්වා ගංගාවේ ජල පහරට සානුව ඛාදනය වී ගංගාවේ ගමන් මාර්ගය සානුව මතු පිට සිට කිලෝ මීටර 1.6ක් ගැඹුරට ගියේය. එනම් මීට වසර මිලියන 17කට පෙර සානුව මතින් ගැලූ ගංගාව අද ගලන්නේ සානුවේ මතු පිට සිට කිලෝ මීටර 1.6ක් පහලින්ය. ගංගා මාර්ගය දෙපස ඇත්තේ කි.මී. 1.6ක් අහස උසට විහිදුනු ලම්භාකාර ප්‍රපාතයන්ය. මෙසේ මෙම ගංගාව කිලෝ මීටර 446ක කැණියමක් නිර්මාණය කරමින් ගමන් කරයි දිනයේ ප්‍රථම වරට සූර්යය කිරණ පොළව සිප ගන්නා හිමිදිරි උදෑසන රන්- රිදී පැහැයෙන් බබළන මෙම ස්ථානය, ආලෝකය තදින් පතිත වන මධ්‍යහ්නයේදී දුඹුරු පැහැයෙන් දිස් වේ. හිරු බැස යන සැඳෑවේ තද ලෝහිත පැහැ සළුවක් පොරවගනී, සඳු නැග ඒමත් සමඟ චන්ද්‍ර කාන්තිය වැදී නීල වර්ණයට හුරු දම් පැහැයෙන් බබළයි. භූ විද්‍යාඥයින් විසින් මේ තාක් ලොව වැඩි වශයෙන්ම අධ්‍යයනය කරන ලද ප්‍රදේශයක් වේද, ඒ මෙම ප්‍රදේශයයි 1) මෙම විස්තරයට අදාල ස්ථානය හඳුනා ගන්න 2) පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතර නම් කරන්න 3) මේ මතින් ගලා යන ගංගාව හා මෙහි ඇති සානුව නම් කරන්න 4) මෙහි සානුවක් ඇතිවීමට බලපෑ හේතුව කුමක්යැයි විද්වතුන් උපකල්පනය කරයිද? කරයිද? 0 Jaani wasanthiBasic MemberPosts:285 08 Feb 2018 09:52 PM කෝ මේ වැඩ්ඩො ආ😀😀😀 0 Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Feb 2018 09:59 PM 1) මෙම විස්තරයට අදාල ස්ථානය හඳුනා ගන්න - ඇරිසෝනා හි, මහා කැණියමයි. 2) පෘතුවිය විසින් මෙතෙක් පසු කල භූ ගෝලීය යුග හතර නම් කරන්න --ප්‍රාග් කේම්බ්‍රියානු යුගය , පේලියෝසොයික් , මිසෝසොයික් , සෙනෙසොයික් , 3) මේ මතින් ගලා යන ගංගාව හා මෙහි ඇති සානුව නම් කරන්න - කොළරාඩෝ ගංගාවයි. - කොළරාඩෝ සානුව 4) මෙහි සානුවක් ඇතිවීමට බලපෑ හේතුව කුමක්යැයි විද්වතුන් උපකල්පනය කරයිද? කරයිද? මහද්වීපික තල එකිනෙක ගැටීම හේතුවෙන් කොළරාඩෝ සානුව අයත් භූ තලය ඉහලට එසැවීමෙන් කොළරාඩෝ සානුව නිර්මාණය විය. 0 Dileeka MadushaniVeteran MemberPosts:2100 07 Nov 2018 06:24 PM Posted By indika76 on 08 Feb 2018 07:36 AM 1. ඩිවි දශම වර්ගීකරණය (DDC) (Dewey කියන නිසා ඩුවි කියලත් තියනවා) 2. මෙල්විල් ඩුවි 3. 000 4. 999 (000-999 දක්වා කාණ්ඩ 10 කට වෙන්කර ඇත) (මගේ ළග පුස්තකාල විද්‍යාව පොතක් තියෙනවා. ඒකෙන් හොයාගත්තේ. 100% ක් නිවැරදිද කියා නම් දන්නේ නැහැ.. දැනගෙනම හිටියේ නැති දෙයක් .... 0 shanaka kelumSuper Senior MemberPosts:7332 07 Nov 2018 07:01 PM වැඩ්ඩෙ ඉන්නවා ඒත් ජානි නෑ 0 Prasad MadurangaMost Senior MemberPosts:14124 07 Nov 2018 07:27 PM ඇත්තටම කෝ මේ ජානි නගා ඉස්සර වගේ පේන්න නැත්තෙ ස්ටන් එකේ. 0 You are not authorized to post a reply. Page 1 of 212 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games