You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Jan 2018 05:40 AM by  chamara duleep
සමුගැන්ම
 7 Replies
Sort:
Author Messages

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
29 Jan 2018 09:12 AM
  •  Quote
  •  Reply
පිළිසිඳ ඔබෙන්
ලොව වෙත
විවරණය ලදී
පිරිසිඳ පියෙන් පිය
ලොව ගැන
කියා දුණී
පිණිබිඳ විලස ගිය
තණ පත
වෙතින් මිදී
පිළිබඳ අරුම නම්
තවමත්
සොයා යමී

ජානි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2018 06:35 PM
  •  Quote
  •  Reply
පිරිසිඳ පියෙන් පිය ලොව ගැන කියා දුණී

නංගී මේකේ "පිරිසිඳ පියෙන්" කියන එකේ අර්ථය මොකක්ද? මට එක පාරටම හිතාගන්න බැහැනේ..
1

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
29 Jan 2018 06:38 PM
  •  Quote
  •  Reply
සීමාවක් ඇතිව පියවරෙන් පියවර කියන තේරුමද ඔයා අදහස් කලේ...
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
29 Jan 2018 11:53 PM
  •  Quote
  •  Reply
මේකේ තේරුම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ
1

Imalka Hewage
Veteran Member
Veteran Member
Posts:4533






--
30 Jan 2018 12:03 AM
  •  Quote
  •  Reply
"පිරිසිඳ පියෙන් පිය
ලොව ගැන
කියා දුණී "

මේ පේලියේම අරුත ගත විට එය පැහැදිලි කරගන්න පුළුවන් නේද.
"පිරිසිඳ" එහෙමත් නැත්න්ම පිරිසිදීම....යනු පිරි (මුහුපුරා යාම)-බවට පත්වීම....පිරිපුන් වීම....දැනුවත් වීම....අවබෝධය ලැබීම....ඒ වගේම ඉගැන්වීම....අවබෝධය ලබාදීම....කිව්වත් නිවැරදි විය යුතුය.

සීමාවල් ගැන දැනගැනීමත් ඒ හා බැඳුනු දෙයක් නේද ?
මට නම් හිතෙන්නේ එහෙමයි
1

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Jan 2018 12:45 AM
  •  Quote
  •  Reply
හ්ම්ම් ....මම හිතුවෙ ඉවරයි කියලා
1

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
30 Jan 2018 01:10 AM
  •  Quote
  •  Reply
බොහොම ස්තූතියි යාලුවනේ කවිය කියෙව්වට ,ඒ ගැන කතා කළාට.

ඉමල්ක පැහැදිළි කරලා තියෙනවා "පිරිසිඳ" කියන වචනයේ අර්ථය.

පිරිසිඳ කියන්නේ,පැහැදිළිව,නිවරදිව,පිරිපුන්ව වැනි අදහසක්.මේ වචනය මම ගත්තෙ බුද්ධ භාෂිතයෙන්.ඒ කියන්නෙ" පිරිසිඳ දැකීම" මේ වචනෙ මට හොඳටම දැනුණ වචනයක්.අපි යමක් අවබෝධයෙන් දැකීම තමයි පිරිසිඳ දැකීම කියන්නෙ.

ඉතිං මට දෙයක් අවබෝධයෙන්ම දැනගන්න උදව් කරපු කෙනා තමයි මගේ අප්පච්චි.

මේ වචන ටික මම පෙළ ගැස්සුවේ මගේ අප්පච්චිගෙ මරණයෙන් පසුව දැනුන ලොකු හිස්තැනකට හේතුව හොයද්දි.

අප්පච්චි නිසයි මම මේ ලෝකයට එන්න විවරණ ලබන්නේ.
අප්පච්චි තමයි මේ ලෝකය ගැන පැහැදිළිව පියවරෙන් පියවර මට කියා දුන්නේ
අප්පච්චි දවසක අපෙන් හදිසියෙම සදහටම සමුගන්නවා හරියට තණ අග රැඳි පිණි බිඳක් වගේ.
ඇයි එහෙම උනේ කියන එක මට ලොකු පුදුමයක්.ඒ අරුමය ගැන (මරණය) තවමත් මම හොයමින්.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Jan 2018 05:40 AM
  •  Quote
  •  Reply
දැන් තමයි තේරුණේ..ඉමල්ක අයියේ ස්තුතියි,ජානී ඔයාටත් ස්තුතියි මේ ගැන අවබෝධය වුණේ.තමන්ගේ අය නැතිවුණා දුකක් ඇතිවෙනවා.
1
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below