You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Jan 2018 07:29 AM by  Udeshika Herath
මට අහිමි පේරැස් මුදුව
 9 Replies
Sort:
Author Messages

Madhu Weerasinghe
New Member
New Member
Posts:13






--
09 Jan 2018 06:28 AM
  •  Quote
  •  Reply
පේරැස් මුද්ද කුමට මට හිමිකම් තියෙනව නම්
දහසක් සිහින අරන් කුලගෙට අා පතිනිය මං
තහනම් පලේ රසය සැඟවුව පිය සෙනෙහෙ අරන්
අායෙත් එන්නෙ නැතිදෝ පුංචි පුතා ඉන්නෙ බලන්..

පෙරදා මාගෙන් ලද සෙනෙහස අඩුවක් නොවුනේ
වෙනතක හිත රඳවා ඔබ අඩුපාඩුම සෙව්වේ
තරහක් නොහිතා දෙන්නට සමාව තවත් තියේ
මිනිසුන් හට වරදින තැන් කොතෙකුත් නැතිද ලොවේ

සුරතල් සිඟිති මුවේ හසරැලි මැකිලා යද්දී
තාත්තා අායෙ එන්නෙ කවද්ද පුතු විමසද්දී
පළිතුරු නොමැතිව මා ගොලු වී අසරන වෙද්දී
කඳුලක් අාවේ බොරැවට හිනැහෙන්නට යද්දී
1

Madhu Weerasinghe
New Member
New Member
Posts:13






--
09 Jan 2018 06:31 AM
  •  Quote
  •  Reply
මේක මම ලිව්වේ ... හොඳද යාළු
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
09 Jan 2018 06:45 AM
  •  Quote
  •  Reply
ලස්සණයි. දිගටම ලියන්න.
1

Prasad Maduranga
Most Senior Member
Most Senior Member
Posts:14124






--
09 Jan 2018 07:39 AM
  •  Quote
  •  Reply
හොඳ නිර්මාණාත්මක ඇති සහෝදරියක් ස්ටන් එකට එකතු වී සිටීම සතුටට කරුණක් !

ඔබේ සියලු නිර්මාණ එක ත්‍රෙඩ් එකකින් ඉදිරිපත් කරනවා නම් සියල්ල එකට රසවිඳීමට පහසු වේවි. නිර්මාණ එකතු කිරීමේදී නිර්මාණයට අංකයක් දෙන්න. පළමු පොස්ටුව එඩිට් කිරීමෙන් ඒ ත්‍රෙඩ් එකේ ටොපික් වෙක වෙනස් කරන්න පුළුවන්. එතකොට දන්නවා අලුත් නිර්මාණයක් එකතු කර ඇති බව ත්‍රෙඩ් එකට. ඔයාගේ නිර්මාණ ත්‍රෙඩ් එකට පොදු නමක් සහිතව නිර්මාණයේ නම එකතු කරන්න පුළුවන්. අපැහැදිලි නම් නැවත අසන්න.අපේ ස්ටාෆ් එකේ මිතුරු මිතුරියන් ඔබට ඒ සඳහා උදව් කරාවි.
1

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Jan 2018 05:18 PM
  •  Quote
  •  Reply
ලස්සන කවි පන්තියක්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
09 Jan 2018 05:59 PM
  •  Quote
  •  Reply
කාලීන අදහසක්.. ඒ වගේම කියවාගෙන යන විට හිතට ලොකු දුකක් දැනෙනවා...
දෙමාපියන් විරසක වීමෙන් දරුවන් කොතරම් අසරණ වෙනවාද කියා මෙම කවි ත්‍රිත්වයෙන් මනාව පැහැදිලි වෙනවා..
ගොඩක් සාර්ථක නිර්මාණයක්.. ස්තූතියි නංගී..

(මධුරංග මල්ලී පැවසූ පරිදි කවි වලට අංකයක් යොදා එකම ත්‍රෙඩ් එකකින් දැමුවානම් ගොඩක් අයට රස විදීමට පහසුවක් වේවි)
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
25 Jan 2018 09:41 PM
  •  Quote
  •  Reply
පේරැස් මුද්ද ............. කාව්‍යමය ඔබගේ නිර්මාණය ඔයලෙස අත් විදින තව කොතෙකුත් දෙනා මිහිපිට ඇතිද? ඔබගේ කාව්‍යමය අදහසක් විතරක්ද? අද්දැකීමක් නම් නොවේවා කියා පතනවා
0

Jaani wasanthi
Basic Member
Basic Member
Posts:285






--
27 Jan 2018 05:35 AM
  •  Quote
  •  Reply
ලස්සනයි මධූ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2018 05:43 AM
  •  Quote
  •  Reply
හ්ම්ම්ම්ම් ඔව් සමාජයේ අදත් එදත් ඇති තේමාවක් ,,ලස්සනයි මදු දිගටම ලියන්න මෙවැනි තෙමාවල් යටතේ
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
28 Jan 2018 07:29 AM
  •  Quote
  •  Reply
Lassanai dr.
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below