You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 03 May 2019 05:31 AM by  chamaramind
සමෝසා වෙළෙන්දා
 79 Replies
Sort:
Page 3 of 4 << < 1234 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
12 Oct 2018 10:02 PM
  •  Quote
  •  Reply
ඉතා වැදගත් පාඩමක්..
0

santhaa
Basic Member
Basic Member
Posts:249

--
12 Oct 2018 11:49 PM
  •  Quote
  •  Reply
Posted By samantha on 12 Oct 2018 06:35 AM

ගුරුවරියක් දිනක් රාත්‍රියේදී සිසුන් වෙනුවෙන් කලින් දිනයේ ලබාදුන් පරීක්ෂණයක උත්තර පත්‍ර පරීක්ෂා කරමින් සිටියා.

ඇගේ සැමියා ඇය අසලින්ම සෝපාවක හාන්සි වී සිය ස්මාර්ට් #ජංගම දුරකතනයෙන් "කැන්ඩි ක්‍රශ් සාගා " සෙල්ලම් කරමින් සිටියා.

සිසුන්ගේ උත්තර පරීක්ෂා කරමින් සිටි ගුරුවරිය එකවරම හඩන්නට උනා.

"ඇයි ඔයා අඩන්නෙ"

පුදුමයෙන් ඇය දෙස බැලූ ඇගේ සැමියා විමසුවා.

කදුලු අතරින් ඇය මෙසේ කීවා.

" ඊයෙ මගෙ පංතියෙ ළමයින්ට මම පැවරුමක් දුන්න"

"මගේ බලාපොරොත්තුව "

"කියන මාතෘකාව යටතේ කෙටි රචනාවක් ලියන්න."

"හොදයි,ඇයි ඒත් ඔයා දැන් අඩන්නෙ"

#දුරකතනයෙන් නෙත් ඉවතට නොගෙනම ඇගේ සැමියා නැවතත් විමසුවා .

"අවසාන උත්තර පත්‍රය මාව ඇඩෙව්ව"

"ඒ ඇයි"

ඇගේ සැමියා පුදුමයෙන් ඇසුවා.

"ඔයාටත් ඇහෙන්න මම කියවන්නම්,
ඉන්න"

ඇය කදුලු පිසදමමින් පැවසුවා.

"මගේ දෙමාපියන් ඔවුන්ගේ ජංගම දුරකතන වලට බොහෝසෙයින් ආදරය කරති.

ඔවුන්ගේ ජංගම දුරකතන හොදින් රැකබලාගනිති.

ඒ පිලිබඳව කෙතරම් අවධානය යොමු කරනවාදැයි කියතොත් සමහර අවස්තාවලදී ඔවුන්ට මා පිලිබඳව අවධානය යොමුකිරීමටද අමතක වෙයි.

මගේ පියා රැකියාව නිමවී මහන්සියෙන් ගෙදර පැමිනි විට ඔහුට සිය ජංගම දුරකතනය වෙනුවෙන් කාලය ඇති නමුත් මා වෙනුවෙන් කාලය නොමැත.

මගේ දෙමාපියන් කිසියම් වැඩක නිරත වී සිටින විටදී වුවත් ඔවුන්ගේ ජංගමදුරකතන නාද වුවහොත් ඉක්මනින්ම එය අතට ගෙන පිළිතුරු දෙයි.

නමුත් මා කිසිවක් විමසූ විට ඔවුන් බොහෝ කාර්‍යබහුල වෙති.

මා හඩන විටදී ද ඔවුන් ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කරති.

මගෙන් ඇයිදැයි විමසීමට ඔවුන්ට අමතක වෙති.

ඔවුන් ජංගම දුරකතනයෙන් කිසිවකු සමග කතාකරන විට හෝ ක්‍රීඩාකරන විට උවද,
මා ඉතා වැදගත් දෙයක් පැවසූවත් කිසිදා මට ඇහුම්කන් නොදෙති.

ඉතින් මගේ #බලාපොරොත්තුව ජංගම දුරකතනයක් වීමයි."

එය කියවා අවසන් කල ගුරුවරිය ඇගේ සැමියා දෙස බලනවිට ඔහු කදුලු පිසිමින් සිටියා.

"කවුද ඒ රචනාව ලියල තියෙන්නෙ"

බිදුනු හඩකින් ඔහු ඇයගෙන් ඇසුවා.

මොහොතක් නිහඩව සිටි ඇය මෙසේ පැවසුවා.

"#අපේ පුතා"

........................................................................

#මොහොතක්_සිතන්න.

මෙය ඔබගේ කතාව විය හැකිය.

කිසිදිනක ඔබගේ පවුල හෝ සම්බන්දතා දුරකතනය වෙනුවෙන් කැප නොකරන්න.

ස්මාර්ට් ජංගම දුරකතන නිපදවා ඇත්තේ අපගේ වැඩකටයුතු පහසු කිරීමටයි.

එයට ඔබව පාලනය කිරීමට,
ඇබ්බැහි වීමට හෝ ඔබව සමාජ සම්බන්දතා වලින් ඈත් කිරීමට ඉඩ නොදෙන්න.

ඔබගේ දරුවා මෙම රචනාව ලිවීමට දින ගනිනවා විය හැකිය.

එසේනම් ඔබ තවමත් ප්‍රමාද නැත.

මොහොතකට ඔබේ දුරකතනය පසෙකින් තබන්න.

ඔබේ දරුවා,බිරිද සහ දෙමාපියන් වෙත අවධානය යොමු කරන්න.

උත්සහ කරන්න ඔබේ දෙමාපියන් ඔබ වෙත ලබාදුන් #ළමාකාලය ඔබේ දරුවාටත් තිලිණ කිරීමට.

හොද උදාහරණයක නිර්මාණ කරුවෙකු වන්න ඔවුන් වෙනුවෙන් .

මන්ද,

ඔබ කරන්නේ කුමක්ද
ඔවුන් එය අනුගමනය කරන නිසා.

ඔබ වෙනුවෙන් ජීවත්වන්නවුන් වෙනුවෙන් ආදරය කරුණාව ලබාදුන්විට ඔවුන් එය ඔබට නැවත ලබාදෙනු ඇත.

නමුත්,

ඔබගේ ජංගම #දුරකතනය කිසිදා ඔබට ආදරය ,කරුණාව සහ සෙනෙහස ලබානොදෙනු ඇත...

උපුටා ගන්නා ලදී..

හරිම වටිනා කතාවක් අපි හැමෝටම 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
13 Oct 2018 01:39 PM
  •  Quote
  •  Reply
බලාගෙන ගියාම අපිත් එහෙමද කියල හිතෙනවා
හොද පාඩමක්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
15 Oct 2018 07:23 AM
  •  Quote
  •  Reply

අපි කොළ­ඹත් දැක්කා මුහු­දත් දැක්කා රස කෑමත් කෑවා

නිතර අසා පුරුදු සුන්දර ගීත­යක තාල­යක් ගෝල්ෆේස් හෝට­ලයේ ඇතු­ළත ශාලා­වක වාද­නය වෙයි. එතැ­නට රැස්ව සිටි දූ පුතුන් සමූ­හ­යක් ඒ මන­රම් ගී තනු වාද­නය අසා සිටියේ සම­වැ­දු­ණාක් මෙනි. ආද­රය අහිමි ව ගිය ඒ අහිං­සක සිත්ව­ලට එක්දි­නක හෝ සෙනෙ­හස පුද­න්න­නට සැර­සෙන මොහො­තකි ඒ. කොළඹ නග­ර­යට අනෝරා වැසි වැටෙ­මින් පැවැති ඒ මොහොතේ වැස්ස පවා මදක් තුරල් කර­මින් සහ­න­යක් දුන්නේ මේ කර­න්නට යන සද්කා­ර්යට ආශි­ර්වා­ද­යක් වෙමිනි. රාත්‍රියේ කොළොම් තොට පුරා දැල්වෙන දස දහස් ගණ­නක් වන විදුලි බුබුළු මෙන්ම ගෝල්ෆේස් පිටිය හරහා ඇදී එන මුහුදු සුළඟ ද ගතට එක් කළේ සුව­යකි. දහ­ස­කුත් එකක් හැල­හැ­ප්පි­ලි­ව­ලට මුහුණ දී විඩා­වෙන් සිටි ඒ පුංචි ජීවි­ත­ව­ලට කොළඹ ආ මේ ගමන අලුත්ම අත්දැ­කී­මක් වූවා නිසැ­කය. ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කර­න්නට විය. එතැන සිටි දරු­ව­න්ගෙන් බොහෝ දෙන­කුට මව්පිය සෙනෙ­හස අහි­මිය. ඉටු කර ගන්නට මහා බලා­පො­රොත්තු ගොන්නක්ද ඔවු­නට නැත. එහෙත් එදා දිනයේ ඔවුන් කොළ­ඹය පැමි­ණියේ හද­වත්හි සතුට පුරවා ගෙනය. එතැන සිටි දරු­වන් අත­රින් බොහො­ම­යක් ජීවි­තයේ පළමු වරට කොළ­ඹට පය ගැසූ දිනය වූයේ එදි­නය.

“අපි ඉස්සෙ­ල්ලාම කොළඹ ආවේ අදයි. කොළඹ දැක්කෙත් අදයි. කොළඹ ගොඩාක් රස කෑම ජාති තියෙ­නවා. කව­දා­වත් කාපු නැති රසම රස කෑම ජාති ගොඩාක් මේ මාමලා නැන්දලා දුන්නා . ටිකක් නොවෙයි ගොඩාක්ම සතු­ටුයි” එසේ පැව­සුවේ චල­නිය.

“අපි ප්ලේන් එකේත් ගියා. ගොඩාක් සතු­ටුයි” උඩින් යනවා දැක මිස කිසිදා ගුවන් යානා­වක් අහ­ල­ක­ට­වත් ගොස් නැති ඔවුන්ට ගුවන් යාන­යක් යනු අරුම පුදුම දෙයකි. ඉමේෂ්ට කතා කිරී­මට නොහැකි වුවත් ඔහු තම සිතේ ඇති දේ හස්ත සංඥා­වෙන් අපට පව­ස­න්නේය.

චලනි හා ඉමේෂ් වැනි මේ පුංචි පැටවු රොත්ත පසු­ගි­යදා සිළු­මිණ අපට හමු­වූයේ ළමා දිනය සංකේ­ත­වත් කර­මින් ජීවි­තයේ මුල්ව­රට ඔවුන් කොළ­ඹට කැටුව පැමිණි ගම­නේ­දීය. ඒ කොළඹ දැක­ග­න්නට පම­ණක් නොව ඔවුන්ගේ ජීවි­තයේ පොත­ප­තින් පම­ණක් දුටු වරාය, මුහුද හා ගුව­න්තො­ටු­පළ සියැ­සින් දැක­ගත් අව­ස්ථා­වේය.මේ දරු­වන්ට ඒ දුර්ලභ අව­ස්ථාව හිමි­කර දුන්නේ කොළඹ ගෝල්ෆේස් හෝට­ලයේ මාමලා නැන්දලා ය. එදා පැමිණි ගම­නට වීදි දරු­වන් සඳහා අපේ රටේ පිහිටි එකම පාසල වන නුවර මද්දුම බණ්ඩාර විදු­හලේ හා කොළඹ රත්ම­ලානේ අඳ ගොළු බිහිරි පාසලේ දරුවෝ සහ­භාගි වූහ.

මේ දරු­වන්ට තම තමන් ගැන කීමට ඇති කතා බොහො­ම­යකි. ඔවුන් පෙළන ප්‍රශ්න ඒ පුංචි සිත්ව­ලට දරා ගැනී­මට අප­හ­සු­ත­රම්ය. එක් කෙනෙකු දෙන්නෙකු පම­ණක් නොව මේ හැම දරු­වෙ­කුම පාහේ සිටින්නේ මව් පිය සෙනෙ­හ­සින් බොහෝ දුරස්ව ය. ආද­රය ලැබිය යුතු වයසේ පසු­වන මේ පැට­වුන්ට ආද­රය කියා දෙන්නේ මේ පාස­ල්වල ගුරු­ව­රුන් පමණි. එවන් වූ දරු­වන් පිරි­ස­කට ලෝකය ගැන නොව අපේම රටේ වග­තුග කියා දෙන්නට ගෝල්ෆේස් හෝට­ලය, ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සිය ළමා දින සමාජ සත්කා­රක වැඩ සට­හන යටතේ මේ දරු­වන් දැක නැති කොළඹ පෙන්වී­මට කට­යුතු යොදා තිබිණි.

“අපි මීට පෙර කව­දා­වත් කොළඹ ඇවිත් නැහැ. මුහුද දැකලා තිබු­ණේත් නැහැ. අපි අහසේ යන ප්ලේන් දැක්කත් මුහුදේ යන නැව් කව­දා­වත් දැකලා තිබුණේ නැහැ. අද අපි මුහුද බලන්න ගියා. රැල්ල පෑගුවා. මුහුද ගොඩාක් ලොකුයි. මුලින් නම් මුහු­දට බහින්න ගොඩාක් බය හිතුණා. අපි කොළ­ඹට ආවේ කෝච්චි­යෙන්. ඒ එන­කොට ගඟ­වල් ගොඩාක් දැක්කා. අපිට මෙහේ නැන්දලා මාමලා ඇපල් දුන්නා, ලස්සන පාට පාට කේක් දුන්නා. කව­දා­වත් කාලා නැති රස කැම ජාති දුන්නා. ඒ වගේම තෑගි ත් දුන්නා” මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හලේ සිසු­වි­යක වන ගීත්මා පව­ස­න්නීය.

මහ­නු­වර මද්දුම බණ්ඩාර විදු­හල නගර මධ්‍යයේ පිහිටි කුඩා පාස­ලක් වුවද අනෙ­කුත් පාස­ල්ව­ලට වඩා වෙනස්ය. මෙහි අකුරු කර­න්නේද දැයේ දරු­වන් වුවත් මේ දරු­වන් බහු­ත­ර­යක්ම විෂම සමා­ජයේ අසා­ධා­ර­ණ­යට ලක්වූ දරු­වන්ය. එම පාසලේ දරුවෝ පන­හ­කට වැඩි ගණ­නක් ඉගෙ­නුම ලබති. ඔවුන් රැක බලා ගන්නා මව පාසලේ විදු­හ­ල්ප­ති­තු­මි­යයි.

“මේ පාසල නුවර නගර මධ්‍යයේ පිහි­ටි­යත් මේ පාස­ලට එන්නේ නග­රයේ වීථි දරු­වන්, වගේම යන්න තැනක් නැතිව අස­රණ වූ දරු­වන්. මේ දරුවෝ හැදෙන්නේ අපේ ජය­වි­ක්‍රම ළමා නිවා­සයේ. සාමාන්‍ය දෙම­වු­පි­යන්ගේ දරු­වන් මේ පාස­ලට එන්නේ නැහැ. ආවොත් එන්නේ කිසිම පාස­ල­කට යන්න බැරි වුණු කිහිප දෙනෙක් පම­ණයි. මේ ගොඩාක් දරු­වන්ට දෙම­වු­පි­යන් නැහැ. පාසලේ අපි තමයි කවලා පොවලා නාවලා කරලා අම්මා තාත්තා වගේ මේ දරු­වන්ව ආද­ර­යෙන් බලා ගන්නේ. මේ දරු­වන්ගේ අධ්‍යා­පන කට­යුතු බලන්න කිසිම කෙනෙක් පාස­ලට එන්නෙ නැහැ. මේ පාසලේ දරුවෝ 56 ක් හිටි­යට 11 වසර දක්වා පංති තියෙ­නවා. ඒත් මේ දරුවෝ හරිම අස­ර­ණයි. ඒ අය ආද­රය රැක­ව­ර­ණය ලබන්න ආසයි. අපේම මහ­න්සි­යෙන් තමයි මේ දරු­වන් ඉදි­රි­යට ගෙනි යන්නේ. මේ වගේ ගම­නක් මේ වගේ කැම බීම මේ දරු­වන්ට හීන­යක් වගේ. කිසිම කෙනෙ­කුට මේ පාසල ගැන ඇහැ ඇරෙ­න්නැති මොහො­තක මේ වගේ ගම­නක් සංවි­ධා­නය කළ මේ ආය­ත­න­ය­ව­ලට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර විදු­හ­ල්ප­තිනී ඊ.පී.පී ඒක­නා­යක මහ­ත්මිය පව­සන්නී ය.

මේ දරු­වන්ගේ හැසි­රීම් ඔවුන්ගේ අස­ර­ණ­කම පෙන්වන කැඩ­ප­තකි. චාරි­කා­වේදි ලැබුණු ටී ෂර්ට­යෙන් සැර­සුණු මේ දරු පිරිස කොළඹ වටේ කරක් ගැසුවේ ඊබට් සිල්වා ආය­ත­න­යෙන් ලබා දුන් කලම්බු සිටි නම් ඩබ­ල්ඩෙ­කර් බස් රථ­යෙනි. ඒ ගමන ඔවුන් සතු­ටින් පුර­වා­ලීය. වරාය අධි­කා­රියේ සංවි­ධා­න­යෙන් මෙසේ කොළඹ පැමිණි මේ දරු­වන්ට වරාය දැක බලා ගන්නට සැලැ­ස්වුවා පම­ණක් නොව වරා­යට පැමිණි සුඛෝ­ප­භෝගී නැව­ක­ටද ඇතුළු විමේ අව­ස්ථාව ලැබිම ඔවුන්ගේ ජීවි­ත­යට නැවුම් අත්දැ­කී­මක් එක් කළේ ය. වරාය නැර­ඹී­මෙන් අන­තු­රුව මේ දරු­වන් වෙනු­වෙන් ගෝල්ෆේස් ආය­ත­නය සිය හෝට­ලයේ විදේ­ශි­ක­යන් වෙනු­වෙන්ම සැක­සුණු දිවා භෝජන සංග්‍ර­හ­යක් ද භුක්ති විඳී­මට අව­ස්ථාව සලසා තිබුණි. තරු­පහේ හෝට­ල­ය­කට යෑම සිහි­න­යක් වු මේ දරු­වන්ට ජීවි­තයේ කිසි දිනක භුක්ති නොවිඳි ආකා­රයේ ප්‍රණීත ආහාර පාන­යෙන් සප්පා­යම් වීමට අව­ස්ථාව ලැබිණි

“අපි වරා­යට ගියා. නැව් ගොඩාක් දැක්කා. ලොකු නැව­ක­ටත් නැග්ගා. අපි අද රයිස් කෑවා. ඒ රයිස් එකට බෙදා­ගන්න ගොඩාක් කෑම ජාති තිබුණා. මං කව­දා­වත් ඒ වගේ කෑම දැකලා තිබුණේ නැහැ. මොන­වද බෙදා ගන්නේ කියලා මට හිතා­ගන්න බැරි­වුණා. ඒ නිසා තියෙන හැම දේම බෙදා ගත්තා. මීට කලින් අපි මෙහෙම ගම­නක් ගිහින් තිබුණේ නැහැ”යැයි රත්ම­ලාන අඳ ගොළු­බි­හිරි පාස­ලින් පැමිණි ගිම්සර එසේ පැවැ­සූයේ හස්ත මුද්‍රා­වෙනි. දරු­වන් පව­සන දේ අපට පැහැ­දිලි කර දුන්නේ ඔවුන් සමඟ පැමිණි ගුරු­ව­රුය.

මේ දෙම­ව්පියෝ සිය දරු­වන් ආර­ක්ෂාව සඳහා පාස­ලට බාර දී ඇත. එතැන් මේ දරු­වන්ගේ ලෝකය වන්නේ මේ පාස­ලයි. පොත­පතේ දැනු­මට දරු­වන්ගේ හිත් එක්තැන් කර ගැනී­මට මේ ගුරු­ව­රුන් විඳින්නේ අප­මණ වෙහෙ­සකි. ජීවි­තයේ කිසිදු අර­මු­ණක් නැති දරු­වන්ට දැන් සිත­න්නට යමක් ඇත්තේය.

“ මාත් කවදා හරි ඒ වගේ ලොකු ගුවන් යානා­වක් පද­ව­නවා.” ආකර්ෂා එසේ පව­සද්දී “ මාත් කවදා හරි ඒවගේ ලොකු නැව­කින් පිට­රට යනවා” තර­ග­ය­ට­මෙන් අසේල පව­සන්නේ ය. දැන් මේ දරු­වන්ට සිත­න්නට අර­මු­ණත් ඇත්තේය. ගොඩ නඟ­න්නට ලොවක් ඇත්තේය. ඒ ළමා දිනය වෙනු­වෙන් හිත් පිත් ඇත්ත­න්ගෙන් මේ පුංචි පැට­වුන් ලද දේ නිසාය.

“මේ ගමන දරු­වන්ගේ ජිවි­ත­ව­ලට අලුත් අපේ­ක්ෂා­වක් එක් කළා. ඔවුන්ගේ ජීවිත හෙට සිට ලොකු වෙන­සක් වෙයි කියා අප බලා­පො­රොත්තු වෙනවා. කෙත­රම් ප්‍රශ්න තිබු­ණත් මෙවැනි ගම­නක් එන්න තරම් දරු­වන් පින් කර තිබෙ­නවා. ඒත් හෙට ඉඳන් නැව­තත් මේ දරුවෝ ළමා නිවා­සයේ. සම­හර දරු­වන් කව­දා­වත් කෝච්චියේ ගිහින් නැහැ. අද මේ අය කෝච්චියේ ඇවිත් ලොකු සතු­ටක් ලැබුවා. දරු­වන් මෙත­රම් සතුටු වූ දව­සක් මං මින් පෙර දැක නැහැ. ඔවුන්ට මෙවැනි අව­ස්ථා­වක් ලබා දුන් ගෝල්ෆේස් ආය­ත­නය මෙන්ම ඊබට් සිල්වා ආය­ත­න­යට ගොඩාක් පින්” මද්දුම බණ්ඩාර පාසලේ ගුරු­ව­රි­යක වන රසිකා කර­ම්පි­ටිය මහ­ත්මිය පැව­සු­වාය.

පරි­ත්‍යා­ග­ව­ලින් පවත්වා ගෙන යන මේ පාස­ලට අඩු­පාඩු බොහෝය. පාස­ලට කාල­යක පටන් දැඩි අඩු­පා­ඩු­වක්ම පව­තින බුදු මැදු­රක් සාදා දීමට දැන් ගෝල්ෆේස් ආය­ත­නය සූදා­න­මින් සිටී.

“ ගෝල්ෆේස් ආය­ත­නය ළමා දිනය වෙනු­වෙන් මේ ආකා­රයේ වැඩ සට­හ­නක් සංවි­ධා­නය කළේ සිවු­වැනි වතා­ව­ටයි. මේ දරු­වන්ගේ සතුට දුටු අපේ දෑස්ව­ලට කඳුළු ඉණුවා. ඔවුන්ගේ පාස­ලට ගිය අපි එහි ඇති අඩු­පාඩු දැක හැකි­ත­ර­මින් ඒවා සපු­රා­ලන්න උත්සහ කර­නවා. අප සාදවා දෙන බුදු­මැ­දුර එම ජීවි­ත­ව­ලට වෙන­සක් ගෙනේවි යැයි අප විශ්වාස කර­නවා. මෙහි සම්පූර්ණ ගෞර­වය හිමි වෙන්නේ ගෝල්ෆේස් සමූහ ව්‍යාපා­රයේ සභා­පති සංජීව ගාඩ්නර් මහ­තාට. ඒ වගේම මේ කාර්ය­යේදි සහාය දැක්වූ හැමෝ­ටම ස්තූතියි” ගෝල්ෆේස් හෝට­ලයේ විධා­යක අධ්‍යක්ෂ ලක්ෂ්මන් සම­ර­සිංහ මහතා පව­සයි.

ඊබට් සිල්වා සමූහ ව්‍යාපා­රයේ අධ්‍ය­ක්ෂිකා රාජිනී සිල්වා මහ­ත්මිය ද අද­හස් පළ කළාය. “ අද දරු­වන්ට විත­රක් නෙවේ අප­ටත් විශේ­ෂිත දව­සක්. දරු­වන්ට කව­දා­වත් මෙවැනි අව­ස්ථා­වක් ලැබිලා නැහැ කියා ඔවුන් අපට කිව්වා. ඉදි­රි­ය­ටත් මෙවැනි කාර්ය කිරීම අපේ බලා­පො­රො­ත්තු­වයි”

ආද­රය ලැබී­මට හැමෝම කැමැති වුවත් ආද­රය අහිමි බොහෝ දෙනා තව­මත් මේ මිහි­පිට වාසය කරති. සම­හ­රක් ජීවි­තයේ කිසිදා ආද­ර­යක් නොල­බාම මිය­යති. ඒ දෛවය තීර­ණය කරන හැටිය. එහෙත් පිපෙ­න්නට වෙර දරන මල් පිපෙ­න්න­ට­නම් ආද­රය ඇවැ­සිය. ලෝකය සුවඳ වත් වන්නේ මේ පිපුණු සුව­ඳැති මල්ව­ලිනි. ඒ පිපුණු මල් තවත් බබ­ළ­ව­න්නට ඔබ­ටත් හැකි­නම් ඔවුන්ගේ ජීවිත සැමදා සුන්දර වනු ඇත.

සුභා­ෂිණි ජය­රත්න
සිළුමිණ
සිත්මල් යාය
ජායා­රූප - විමල් කරු­ණා­ති­ලක

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10434

--
15 Oct 2018 07:29 AM
  •  Quote
  •  Reply
රටේ මධ්‍යම පෙදෙසේ වෙසෙන සමහර ජනතාව ගොඩක් සිටිනවා තවම මුහුද දැකලා නැති..
මම මාතලේ ගිය අවස්ථාවක අවුරුදු 70 විතර ආච්චි කෙනෙක් පැවසූවේ කවදාවත් සැබෑවට මුහුද දැකලා නෑ කියලා...
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
31 Oct 2018 05:26 AM
  •  Quote
  •  Reply

එදා මන් අම්මා එක්ක
බෙහෙත් ගන්න ගියෙ..
පුන්චි හීසේ කැක්කුමකට..
ඒත් ඩොක්ටර් මගෙ අසනීප අහලා..
මොන මොනාදෝ ලියලා..
අම්මා අතට දුන්නා..

"පුතේ පරීක්ෂණ වගයක් කරන්නලු.."

අම්මා කියුවෙ හූල්ලලා..

"එච්චර කොහෙන්ද හාමිනේ..".

"එහෙමයි කියලා නිකන් ඉන්න පුළුවන්ද..?"

"හරි මන් හෙට මුදලාලිව හම්බ වෙන්නම්.."

අම්මගෙයි අප්පච්චිගෙයි කුටු කුටුව හෙමිට ඇහුනා..

"ඇයි අම්මා.."

පරීක්ෂණ වල රිපෝට් අහපු දවසෙ
අම්මගෙ මූණ දැකලා මන් ඇහුවා..

"මුකුත් නෑ රත්තරනෙ.."..

අම්මා කියුවෙ හිස අත ගාලා..
ඒත් මොකක්දෝ වෙනසක් දැනුනා..

"අක්කා.."

හැමදාම ඇවිත් රණ්ඩු කරන මල්ලි.
ලගට ඇවිත් කතා කලේ ඇස් වල කදුලු පුරවන්..

"මොකෝ මැට්ටො.."

"මුකුත් නෑ.. ආ ඔයාට..
"බූන්දි ... අප්පච්චි ගෙනාවෙ..
"මට එපා ඔයා කන්න.."

"පෙරේතයා මොකෝ අද.."

"මට එපා සුදු.."

ඒකා මට සුදු කියුව පළවෙනි පාරද මන්දා..

"මැණිකෙ බෙහෙත් ටික බොමු.."

"අනේ.. අසනීපයක් නැත්නම් ඇයි බෙහෙත්.."

"ඔය තියන පොඩි පොඩි අසනීප අඩු වෙන්න මැණිකෙ.."

අම්මා හැට්ට කොණෙන් ඇස් මාත්තු කලා..

"අම්මා.. ඒ බෙහෙත් බිව්වම ඇගට අමාරුයි.."

"දන්නවා වස්තුවේ.. ඒත් නොබී බෑනෙ.."

"සුදූ.."

ඒ මල්ලි..

"හෙට ගියාම ආයෙ එන්නෙ කවද්ද..?"

"හෙට කොහෙද යන්නෙ..?"

"මැණිකෙ දොස්තර මහත්තයා කියුවා ඉස්පිරිතාලෙ නවතින්න කියලා.."

"ඇයි..?"

"පොඩි බේත් වගයක් විදින්න.."

මල්ලි , අප්පච්චි හැමෝම කදුලු පුරවන්..
මන් ඉස්පිරිතාලෙ ගියෙ කැමැත්තෙන්නම් නෙමේ...

"අනේ මිස් රිදෙනවා..".

"ලොකු කටුවක් නොදා බෑනෙ දරුවො. ඔයාට ගොඩක් බෙහෙත් විදින්න ඕනි.."

මිසී කියුවෙ මන් දිහා අනුකම්පාවෙන් බලලා..

"තාම අවුරුදු දහාඅටයිලු..පව්..".

එහා ඇදේ කවුද කතා උනේ මන් ගැන..
මට මොකක් හරි ලොකු අසනීපයක්නම්.තියේ..මන් ඒක දන්නවා..

දවසට බෝතල් ගනන් විදින බෙහෙත් වලට ඇග වෙව්ලනවා..වමනෙට එනවා.. කන්න බෑ.. අප්පිරියයි.. හම වේලිලා..
ඒ අස්සෙ මාව ගෙනියනවා කරන්ට් එක අල්ලන්න .
මට පිළිකාවක්ලු..

මන් ඒක අහා ගත්තෙ මිසි කෙනෙක්ගෙන්..
එයා ඒක කියුවෙත් එව් ඇස් වල කදුලු හන්ගන්...

දිගට තිබ්බ කොණ්ඩෙ කඩලා මන් පීරන්න ගත්තා..

"අම්මා"

මන් කෑ ගැහුවෙ බය වෙලා..
කොණ්ඩෙ අහුරු පිටින් පනාවෙ..
"අම්මෙ මේ.."

"බෙහෙත් විදලා ඉවර උනාම හරියනවලු රත්තරනෙ.."

අම්මා කියුවෙ ඇස් හන්ගගෙන..
මන් ටික දවසකට ගෙදර ආවා..

"මල්ලි..කෝ මේ අල්මාරියේ කණ්නාඩිය.."
"මන් ඒක ගලවලා මගෙ කාමරෙට ගෙනවා.."

ඒ මල්ලි..

"මන් ඒ කාමරෙට ගියා.."

"මල්ලී...අම්මා...අප්පච්චි ..."

මන් කෑ ගැහුවා.. ඔව්.. මන් කෑ ගැහුවා.. මන් බය උනා.. මගෙම රූපෙට.. තට්ටෙ පෑදුන හිස.. ගිලා බැහැපු ඇස්.. රැලි ගැහුන හම..

කෝ කෝ අර හිටපු ලස්සන කෙල්ල..

"අනේ .. මට මැරෙන්න ඕනි..අම්මා.. මල්ලි මට මැරෙන්න ඕනි.. මට බයයි.."

මන් කෑ ගහලා ඇඩුවා..

"අක්කා.."

මල්ලි මාව බදා ගත්තා..

"මොනාද අක්කා කියන්නෙ.. ඔයා විතරනෙ මට ඉන්නෙ..ඔයා මැරුනම මන් තනි වෙනවනෙ..".

මගෙ දගයා මාව බදන් අඩනවා..

"අනේ මැණිකෙ මොනාද මේ කියවන්නෙ.."

කවදාවත් අඩපු නැති අප්පච්චි මාව බදා ගත්තා..

"රත්තරනෙ.. අනේ.. අපි මේ හැම දේම කරන්නෙ ඔයාව සනීප කරන්නනෙ.."

අපි හතර දෙනාම බදාගෙන ගොඩක් ඇඩුවා..මහා ගොඩක්..ඇයි දෙවියො මෙහෙම් කලෙ... මන් ඇහුවා..

"සිරිදාස ගේ සින්න වෙන්න ලගයි."

මුදලාලි කියව්ව ඇහුනා..

"මගෙ බෙහෙත් වලට ගොඩක් වියදම්ලු...අම්මලා අප්පච්චිලා රට වටේ ණට වෙලා.."

මගෙ යාළුවො මාව බලන්න එනවලු..
මන් මොකද කරන්නෙ ..
මේම

"ඒත් මන් නිසා අනිත් අය අඩන්න බෑ.."

එයාලා ඇවිත් ගියා..
එයාලා දුකින් ..
මන් එයාලට පේන්න හයියෙන් හිනා උනා..
මන් ඒම හින වෙන්න ඉගන ගත්තෙ මහරගම අපේක්ෂා රෝහලෙන් බෙහෙත් ගත්ත දවසෙ ඉදන්..

එහෙ මන් වගේ දහස් ගානක් ඉන්නවා..
මේම ඉන්නෙ මන් විතරක් නෙමේ..

"ඔව්..මට ජීවත් වෙන්න පොඩ්ඩ දවසයි ඇත්තෙ.. කමක් නෑ.."

ඒ ටික දවසෙ මගෙ අම්මා තාත්තා මල්ලි සතුටින් ඉන්න් ඕනි..
මන් මූණ සෝදා ගත්තා..
මගෙ මල් වැටින ලස්සන ගවුමක් ඇන්දා..
පවුඩර් ටිකක් මූණට දැම්මා
මන් ගේ ඉස්සරහට වෙලා වාඩි වෙලා හිටියා..

"මැණිකෙට සනීප පාටයි.."

අම්මා කියුවෙ හිනා වෙලා..මන් කාලෙකට පස්සෙ ඒ හිනාව් දැක්කා...

"අක්කා.. බෙහෙත් බිව්වද..?"

"ම්ම්ම් බිව්වා.."

"හැමදාම ඔහොම හිනා වෙයන් සුදූ.."

මල්ලි කියුවෙ ඔලුව අත ගාලා..

ඔව්.. . මන් මරණය පෙනි පෙනි හිනා වෙනවා..අපි කවදා හිටියත් මැරෙනවනෙ..ඉතින්..ඒ ටික කාලෙට ඇයි දුකින්.. මන් හිනා වෙනවා.. මගෙ අය වෙනුවෙන් හිනා වෙනවා..
දෙවියො මට වැඩි පුර ආදරේ ඇති..ඒකයි මාව ඉක්මනින් එයා ලගට ගන්න හදනෙ.. කමක් නෑ.. ඒ වෙනකන් මන් සතුටින් ඉන්නෙ..

දුකයි තමයි... ඒත් ලෙඩක් කියන්නෙ අපිට වලක්වන්න බෑ.. ඒ ලෙඩේ ගැනලා දුල් වෙනවට වඩා එක දවසක් සතුටින් ඉමු.. ඒමත් නැත්නම්.. එහෙම අයව එක දවසක් හරි සතුටින් තියමු.. හැම දවසක්ම එයාලගෙ ජීවිතේ ලස්සනම දවස කරමු.. ඔයා ලෑස්තිද.. මන් නම්.ලෑස්ති ..

සත්‍ය කථාවක් ඇසුරින් නිර්මාණය කරන ලදි

අහින්සා පැහැසරණි
2018.10.29

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
31 Oct 2018 05:44 AM
  •  Quote
  •  Reply
අනේ දුක හිතෙන කථාවක්..හරිම ලස්සනයි
පිළිකාව සුව කරන්න පුළුවන් නම් කොච්චර හොදද..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
31 Oct 2018 05:56 AM
  •  Quote
  •  Reply
පිළිකා රෝහල අසල ජීවත් වෙන නිසා මට මේ වගේ අත්දැකීම් රාශියක් දැක ගන්න ලැබෙනවා.. මීට අමතරව ඉතා ලස්සණ හුරු බුහුටි කුඩා දරුවන් පවා මේ අවස්ථාවට මුහුණ දෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
31 Oct 2018 06:47 AM
  •  Quote
  •  Reply
හුම්ම්ම් ...දුකේ බැ
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
01 Nov 2018 09:20 PM
  •  Quote
  •  Reply
අනේ.....මෙච්චරම දුකක් සඟවගෙන හිනාවෙන එක කොච්චර අපහසු දෙයක්ද.........
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14112

--
03 Nov 2018 11:15 PM
  •  Quote
  •  Reply
මේ වගේ අත්දැකීමක් මගේ හිතවතුන් කිහිප දෙනෙකුගේම ළමයින්ට ඇති වුනා. හරිම කණගාටුදායකයි මේ තත්ත්වය.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
04 Nov 2018 05:49 AM
  •  Quote
  •  Reply

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
04 Nov 2018 07:10 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2018 05:49 AM

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. 

මේ වගේ අය ඉන්නවා සමහර අය..ඒ අයත් එක්ක ආශ්‍රය කරොත් ඉතිං කැම්මැලිකම,කොහේවත් යන්නේ හිතෙන්නේ නෑ...එපා වෙනවා දියුණු වෙන්නම අදහසකුත් නෑ..ඒක අත් දැකීමෙන් කියන්න පුලුවන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
04 Nov 2018 08:13 AM
  •  Quote
  •  Reply
මම මේ දැන් ගෙදර ආවේ පිලිකා රෝහලට උදෑසන දානය දෙන්න ගිහින්.. අද මම හිටියේ ලමා වාට්ටු වල.. අනේ අපොයි.. එහෙම දුකක්.. එක්තරා අම්මා කෙනෙක් පැවසුවේ ත්‍රිකුණාමලයේ සිට පැමිණි ඇය දැනට වසර 15 ඇය දරුවා සමඟ මෙතන ඉන්නවා කියලා.

තව එක අම්මා කෙනෙක් පැවසුවේ මොකටද මහත්තයෝ මගේ දරුවට සෙල්ලම් බඩු. එයාට සෙල්ලම් කරන්න බැහැ.. එයාට ජීවිතය තියෙන්නේ තව ටික දවසයි..
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
05 Nov 2018 01:05 AM
  •  Quote
  •  Reply
Posted By samantha on 04 Nov 2018 05:49 AM

තාත්තා ගැන ලියපු එකම රචනාව.

මගේ තාත්තා මහ අපිළිවෙල මනුස්සයෙක්. එයා හැමදාම ඇන්ඳෙ පරණ ඇඳුම්. අපේ ගෙදර හිටපු කැතම කෙනා එයා. ගමනක් යන්න ගියත්, මගුල් ගෙදරකට ගියත්, එයා අපිට අලුත් ඇඳුම් අරන් දුන්නා. හැබැයි එයා ඇන්දෙ පරණ ඇදුම්. අළුත් අවුරුද්දටත් එහෙමයි.

මට මතකයි එක අලුත් අවුරුද්දකට අපේ තාත්තා මල්ලිටයි නංගිලා දෙන්නටයි මටයි ඇදුම් අරන් ආවා. අම්මටත් ගෙනාවා.. හැබැයි එයා සරමක්වත් අරන් තිබුණේ නෑ.

ආහ් මේ පාරත් පරණ ඇඳුම් ඇඳලා වගේ නැකතට ඉන්න හදන්නෙ...

අම්මා එහෙම කියද්දි තාත්තා හිනා වෙලා නිකං හිටියා. තාත්තා ලස්සනට ඉන්න කැමතිම නැද්ද අප්පා. මට එහෙමත් හිතුණා. අපේ ස්කෝලෙට එන සමහර තාත්තලා ආවේ ප්‍රින්සිපල්ටත් වඩා ලස්සනට. ළමයි මට එයාලගේ තාත්තලාව පෙන්නුවා. අර ඉන්නෙ අපේ තාත්තා. මගේ තාත්තා හැමදාම ආවේ පරණ විදිහට. අර ඉන්නේ මගේ තාත්තා කියලා මාත් යාලුවන්ට පෙන්නුවා. හැබැයි එයාලා මගේ තාත්තා දිහා එහෙම ගෞරවයකින් බැලුවේ නෑ.

මගේ තාත්තා කන්න කැමති කිසිම කෑමක් තිබුණෙ නෑ. ඒක හරිම පුදුම දෙයක්. එයා අපිට හැම දේම කන්න අරන් එනවා. පාන්, කේක්, චීස්, රයිස්, පළතුරු... වගේ ලෝකේ තියෙන හැම රසවත් කෑමක්ම එයා අපිට ගෙනැල්ලා දීලා තියෙනවා. ඒවා අම්මා බෙදද්දි මේ ටික තාත්තට කියලා කොටසක් අරන් තියනවා. කිසිම දවසක තාත්තා ඒ ටික ඉවර වෙනකං කෑවේ නෑ කියලා මට මතකයි. මං පොඩි එකා. තාත්තා මිදි ගෙඩි පහෙන් එකක් කාලා හතරක් මට දෙනවා. චොකලට් එහෙම නොකාම මට දෙනවා. බත් කද්දි රසම කෑම ටික මං බොහොම වේගෙන් කාලා ඉවර කරනවා. තාත්තා එයාගේ පිගානේ තියෙන රසම දේවල් මගේ පිගානට දානවා.

ඇයි

මං ආස නෑ පුතේ...

මේ මනුස්සයා මහ පුදුම මනුස්සයෙක්. කන්න කැමති කෑමක් නෑ. අදින්න ආස ඇදුමක් නෑ. යාලුවෝ එක්ක පාටියකට යන්න කැමති නෑ. විනෝද වෙන්නෙ නෑ. එයා හැමදාම ජීවත් වුනේ ගහක් ගලක් වගේ. නිහඩයි. විශ්ව පැහැසර ගුප්තයි. තදයි. හිටපු ගමන් යකා වගේ කේන්තිත් ගත්තා. ගහන්න ගත්තාම මැරෙනවා පේන්නෙ නෑ ගහනවා. ඉන් පස්සේ හුරතල් කරන්නත් එනවා.
හැබැයි මං අද දන්නවා. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන රසම කෑම බීම අපිට කවන්න. තාත්තා කැමති වුනේ ලෝකේ තියෙන ලස්සනම ඇදුම් අපි අදිනවා බලන්න. තාත්තා කැමති වුනේ අපි මේ ලෝකේ සතුටින් ජීවත් වෙනවා බලන්න. අනෙකාගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට අත් හරින්න කියලා තාත්තා නිහඩවම මට කියලා දුන්නා. මගේ තාත්තා තමයි මගේ ආගම. මං තමයි එයාගේ එකව ශ්‍රාවකයා. ඒ තාත්තා මට ආයේ කවමදාකවක් මුණ නොගැසෙන බව ඇත්තක්. මොකද මිනිස්සු එහෙම අත් හැරියාම, අනුන් වෙනුවෙන් ඒ තරං කැප වුණාම, සංසාරෙන් එතෙර වෙනවා. අන්න ඒ නිසයි මං මෙහෙම ලියන්නෙ. තාත්තලා කියන්නේ තවමත් සසරින් එතෙර නොවුණු බුදුවරු. මේ ඔවුන්ගේ අවසන් භවය.

තාත්තලා ගැන ගුණ කියවෙනව මදි වගේ තමා....
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Nov 2018 05:39 PM

ඇස්වලට කදුලු එනවා කියවද්දි 

තාත්තෙක් වෙන්න ඕනෙ මේ දේට සංවේදී වෙන්න

හුගක් තාත්තල මේ තරම්ම නොවුනත් බොහෝ දුරට මේ හා සමානයි

0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
09 Nov 2018 06:21 AM
  •  Quote
  •  Reply

දිනක් මනෝ වෛද්‍යවරියක් විවාහක කාන්තාවන් පිරිසකට දේශනයක් පැවැත්වූවා.

ඇගේ මාතෘකාව උනේ යහපත් පවුල් ජීවිතයක් ගතකරන අන්දමයි.

විවිධාකාර උදාහරණ භාවිත කරමින් ඇය කාන්තාවන්ට පැහැදිලිකිරීම් කලා.

විවාහ වී කල්ගතවන විට බැදීම් පලුදුවන ආකාරය ඇය පැහැදිලි කලා.

දරුවන්ගේ වගකීම් සමග සැමියා පිලිබඳව සැලකිල්ල හීනවන ආකාරය ඇය පැහැදිලි කලා.

තම රූපය පිලිබඳව කාන්තාවන්ගේ අවධානය විවාහ වී කල්ගතවත්ම අඩුවන ආකාරය ඇය පැහැදිලි කලා.

සැමියා පිලිබඳව ආදරයෙන් සොයාබලන ආකාරය ඇය පැහැදිලි කලා.

නිදියහනේ දී සැමියාගේ උනන්දුව වැඩිකර ආකර්ෂණය ලබාගන්නා ආකාරය ඇය පැහැදිලි කලා.

මේ අයුරින් බොහෝ කරුනු ඇය පැහැදිලි කලා.

පසුව දේශනයට සහභාගී වූ කාන්තාවන් වෙත ඇය පැනයක් ඉදිරිපත් කලා.

"දැන් මට කියන්න,
ඔබ අවසාන වතාවට ඔබේ සැමියට ආදරෙයි කියල කීවෙ කවද්ද?"

විවිධාකාර පිලිතුරු ඇය වෙත ලැබුනා.

මේ එයින් කිහිපයක්.

1."අද උදේ දේශනයට එන්න කලින්"

2."ඊයෙ රෑ නිදාගන්න ලෑස්තිවෙලා"

3."ඊයෙ උදේ එයා වැඩට යන්න හදද්දි"

4."එයාගෙ උපන්දිනේට විශ් කරපු වෙලේ"

5."එයා මාව අන්තිමටම ඩිනර් එකකට එක්ක ගිය දවසෙ රෑ"

6."එයා මගෙ උපන්දිනේට මාලයක් අරන් දුන්නු වෙලේ"

7."ගිය අවුරුද්දෙ"

8."මතක නැහැ"

මේ පිළිතුරු සියල්ල මනෝවෛද්‍යවරිය සාවදානව අසා සිටියා.

ඉන්පසුව ඇය නැවතත් දේශනය ආරම්භ කලා

"දැන් ඔබම මොහොතක් සිතන්න,
ඔබ ගැන ඔබටම සතුටුවිය හැකිද?
මට හැගෙන ආකාරයට ඔබ සියලුදෙනාගේම පවුල් ජීවිත තියෙන්නෙ ඉතාමත් අවධානම් සහගත තත්වයක."

"මීට වඩා ඔබ ඔබගේ පවුල් ජීවිතය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.
එකිනෙකාට සමීප විය යුතුයි.
සොයාබැලිය යුතුයි."

කාන්තාවන් සියලුම දෙනාගේ අවධානය ඇය වෙත යොමුව තිබුනා.

මනෝවෛද්‍යවරිය දිගටම කතාකලා.

"අද සිට ඔබ නැවතත් මුල සිට පටන් ගත යුතුයි.
මම කියලදෙන්නම් ඔබ ඒක කරන්න ඕනෙ කොහොමද කියල."

කාන්තාවන් සියලුදෙනාම ඉතා උනන්දුවෙන් ඇය දෙස බලා සිටියා.

"දැන් අපි පුංචි ක්‍රියාකාරකමක් කරමු.
ගන්න ඔබගේ ජංගම දුරකතනය ඔබේ අතට.
අරගෙන මම මේ කියන දෙය කෙටි පනිවිඩයක් ලෙස ඔබේ සැමියාට යවන්න."

"මම ඔයාට ගොඩක් ආදරෙයි බබා,
ඉක්මනට එන්න අද,
මට පාලුයි"

කාන්තාවන් සියලුමදෙනා මනෝවෛද්‍යවරිය කියූ ආකාරයට කෙටි පනිවිඩ සැමියන් වෙත යොමුකලා.

ඉන්පසුව ඇය මෙසේ පැවසූවා.

දැන් අපි මොහොතක් ඉවසල බලමු ඔවුන්ගේ ප්‍රතිචාර කොයිවගේද කියල.

"ට්‍රීන් ට්‍රීන්"

"ක්වෑක් ක්වෑක්"

"ටිං ටොං ටිං"

පිළිතුරු කෙටි පණිවිඩ ඔවුන් වෙත ලැබුනා.

කාන්තාවන් කිහිපදෙනෙකුට ලැබුනු කෙටි පිලිතුරු මෙසේයි.

1."තමුසෙට පිස්සු හැදීගෙන එනවද ඕයි මේ මහ දවල්"

2."හා හා බටර් ගාන්න ඕනෙ නෑ, රෑට උයල තියනව එනකොට,
හැමදාම හෝටල් ගානෙ රිංගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ"

3."ඇයි අදත් තමුසෙලගෙ අම්ම සල්ලි ඉල්ලුවද?
පූරුවෙ පවකට තමුසෙටම කරගැහුවනෙ අම්මප"

4."ගිය සතියෙ නේද සැලුන් ගියෙ,
මේ හදිස්සියෙ ආයෙ මොකටද සැලුන් යන්න හදන්නෙ"

5."උඹ ආයෙත් කාර් එක හප්ප ගත්තද ගෑනියෙ,
මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් ක්ලේම් කරන එකකුත් නෑ"

6."ඇයි ඊයෙ අහද්දි ඔයා මෙන්සස් කීව නේද?"

7."මොකාටද මේක යැව්වෙ කියල දැම්මම කියපං,
හොදින් අහන්නෙ,
අද ගෙදර ඇවිත් තෝවත් මරාගෙන මමත් මැරෙනව.
මාව යකා නොකර කියපං තෝ මේක යැව්වෙ අර කඩේ එකාට නේද"

අටවැනි පිළිතුර මේ සියල්ල අභිබවා ගොස් තිබුනි.

8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව"

දේශනය එතනින් සමාප්ත විය.

.................................................................

සියල්ල අවසානයේ ඔබේ පවුල් ජීවිතය ඇත්තේ මින් කොතනද යන්න සිතන්නට අමතක කරන්න එපා.

විවාහය අමු අඹයක් වැනිය.
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි...

උපුටාගැනීමකි...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12924

--
09 Nov 2018 06:54 AM
  •  Quote
  •  Reply
කෑ එකාගේ දත් හිරිවැටී යන අතර බලාසිටින එකාගේ කටට කෙල උනයි..
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13467

--
09 Nov 2018 08:01 AM
  •  Quote
  •  Reply
ස්තුතියි අයියේ මේ කතාවට
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
09 Nov 2018 03:42 PM
  •  Quote
  •  Reply
8."මොකාද යකෝ මේ,
මගෙ ගෑනි එහෙම මේක දැක්කනම් මාව මරන් කනව"

මේක තමා මරු රිප්ලයි එක
0
Add Reply
Page 3 of 4 << < 1234 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below