Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Apr 2017 12:24 AM by Poddi තව දින තුනකින් සිදුවන සෙනසුරු මාරුවෙන් ලග්න රැසකට සුබයි 10 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages gaminiVeteran MemberPosts:4475 04 Apr 2017 12:38 PM තව දින තුනකින් සිදුවන සෙනසුරු මාරුවෙන් ලග්න රැසකට සුබයි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ජ්‍යෙතිෂයේ නිතර කථාබහට ලක්‌වන අප සෑම සියලු දෙනාගේම අවධානයට ලක්‌වන නවග්‍රහයන් අතරින් ප්‍රධාන වූ පාපී ග්‍රහයෙකි. සපල වලට වඩා අපල, බාධා හා පීඩා ඇති කරන ග්‍රහයකු ලෙස ප්‍රසිද්ධියට පත් සෙනසුරු එළැඹෙන 2017 අප්‍රේල් 6 වැනි ගුරු දින තවත් ග්‍රහ පෙරළියකට සූදානම් වේ. එනම් ග්‍රහ බල බිඳි, පෙරළිකාර ශනි, අප්‍රේල් 6 සිට දෙමසකට වැඩි කාලයක් වක්‍ර ග්‍රහ ගමනේ යෙදීමට සූදානම් වේ. ඒ අනුව සෙනසුරු 2017 අප්‍රේල් 6 වැනි ගුරු දින උදේ 10.37 ට ධනු රාශියේ ප්‍රථම වරට වක්‍ර වනු ඇත. පසුගිය 2017 ජනවාරි 26 වන දින සිට මාස 2 කට ආසන්න කාලයක සිට රාශි වළල්ලේ ධනු රාශියේ සම රාශිගතව ඉදිරියට පැමිණි සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා වක්‍ර ග්‍රහ ගමනකට යොමු වනු ඇත. එනම් ශනි වක්‍ර වීම හෙවත් රාශි චක්‍රයේ පසු පසට ගමන් කිරීමයි. ඉන් අනතුරුව නැවතත් 2017 ජුනි 20 සවස 06.01 ට වෘශ්චික රාශියට පිවිසෙයි. සෙනසුරු වැනි පාප ග්‍රහයෙකු වක්‍ර වීම හෙවත් ආපසු පසුපසට ගමන් කිරීම ගුරු වැනි සුබ ග්‍රහයෙකු වක්‍ර වීමට වඩා සුබදායක වනු ඇත. ඒ අනුව පසුගිය කාලය පුරා සෙනසුරුගෙන් වූ බොහෝ පීඩාකාරී හා බාධාකාරී තත්ත්ව මෙම ශනිගේ වක්‍ර වීමත් සමඟ යම් පමණකට සමනය වනු ඇත. ඒ අනුව සෙනසුරු වක්‍ර වීම යනු යම් අස්‌වැසිල්ලක් වනු ඇත. ග්‍රහ මඬුල්ලේ පෙරළිකාර මෙන්ම මන්දගාමී ග්‍රහයෙකු වන දුකට අධිපති ශනි ග්‍රහයා නෛසර්ගික වශයෙන් පාප ග්‍රහයෙක් වෙයි. මකර හා කුම්භ යන රාශිවලටද පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත්වලද හිමිකාරිත්වය දරනු ලබන අතර තුලා රාශියේදී උච්ඡ වී මේෂ රාශියේදී නීච වෙයි. සූර්යයාගේ සිට සැතපුම් 886779900 ක මධ්‍යයන දුරකින් පිහිටා ඇති අතර සෙනසුරු ග්‍රහයාගේ විෂ්කම්භය සැතපුම් 76500 වෙයි. භ්‍රමණ වේගය පැයට සැතපුම් 21221 ක් වෙයි. සෙනසුරු වටා චන්ද්‍රයන් 09 ක් සිටින අතර එය වෙනත් ග්‍රහයන්ට නොමැති විශේෂත්වයකි. විෂ ධුම වළලු 07 ක් සෙනසුරු වටා ගමන් කරනු ලබයි. එබැවින් සෙනසුරුගෙන් නිකුත් කරනු ලබන කිරණ පෘථිවියට ලැබෙන්නේ අසුබ කිරණ වශයෙනි. පැය 10 විනාඩි 02 තුළ තමා වටේ භ්‍රමණය වන බැවින් සෙනසුරුගේ සෑම පැතිකඩක්‌ම පෘථිවිය මත සෑම පැය 24 කටම 2 වරක් පතිත වෙයි. අප සෞරග්‍රහ මණ්‌ඩලයේ සූර්යයා ප්‍රධාන ග්‍රහ තාරකාවන් අතරින් නවග්‍රහයින් ප්‍රධාන කොටගනිමින් ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයේදී පලාපල විමසනු ලබනවා. පෘථීවියට වඩාත්ම බලපෑමක් සහිත ග්‍රහ තාරකාවන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, ශනි හා ඡායා ග්‍රහයන් දෙපළ වන රාහු හා කේතු නිරන්තර චලිතයක හෙවත් ග්‍රහ ගමනක යෙදී සිටිනවා. එහිදී සඳු දින දෙකහමාරකදී රාශියක් මාරු කරන අතර රවි, කුජ, බුධ, සිකුරු, යන ග්‍රහයන් මාසයක් හෝ දින 45 ක කාලයකදී රාශි මාරු කරන අතර ගුරුත්, රාහු හා කේතුත් වසරකට ආසන්න කාලයකදී රාශි මාරු කරනු ලබනවා. ඒ අතරින් ජ්‍යෙතිෂයේදී පාපී ග්‍රහයකු ලෙස හඳුන්වන සෙනසුරු රාශියක් මාරු කරනු ලබන්නේ වසර දෙකහමාරක පමණ කාලයකදීය. එය අපට බලපෑම් කරන ග්‍රහයන් අතරින් ගත් කල ඉතාම දීර්ඝ කාලයක් එක් රාශියක ගත කිරීමකි. සෙනසුරු යනු ඉතාම සෙමෙන් ගමන් කරන ග්‍රහයෙකි. එම ගමන පදනම් කොට ගනිමින් මිනිසාට හා ස්‌වභාවධර්මයාට විවිධ වූ බලපෑම් එල්ල වනු ලබනවා. වසර දෙකහමාරක් එක රාශියක ගතකර වසර තිහක් පුරා චක්‍රය වටා කරකැවෙමින් ඒ ඒ රාශිවලට ඒරාෂ්ටක බලය ඇති කරමින් විවිධ වූ අපල හා පීඩාකාරී තත්ත්වයන්ට මිනිසා ගොදුරු කිරීම මේ සෙනසුරුගේ සිරිතයි. ලෞකික අනිශ්ඨ ග්‍රහයෙකු වන සෙනසුරු 3, 6 හා 11 යන භාවයන්වලදී පමණක් සුබ ඵල ලබාදෙන ශනි ග්‍රහයා අනෙකුත් සියලු භාවයන්වලදී ලබා දෙන්නේ අසුබ ඵලයි. කෙසේ වෙතත් ඔබත්, ඔබේ ජන්ම පත්‍රය නිසි ලෙස ජ්‍යෙතිෂවේදියෙකු ලවා පරීක්‌ෂා කර ගැනීම තුළින් සෙනසුරුගේ සුබ අසුබ ඉතාම පැහැදිලිව දැන ගැනීමෙන් ඊට නිවැරැදිව අදාළ ග්‍රහ ශාන්ති කර්මය ඉටුකර ගැනීමේ හැකියාව ඇත. සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා අපේ නවග්‍රහ මණ්‌ඩලයේ 7 වැනි ග්‍රහයා වන අතරම ඔහු නපුංසක ග්‍රහ ලොවක් ලෙසද හැඳින්වේ. සතියේ දිනයක්‌ද සෙනසුරු වෙනුවෙන් වෙන්කර දී ඇත. අපේ ග්‍රහ මණ්‌ඩලයේ සිටින තදබල කේන්තිකාරයාද වන්නේ සෙනසුරුය. එසේම අයුෂ්කාරකයා ය. මේ අනුව ශාරීරික පීඩා, නඩුහබ, කල්පවතින රෝගාබාධ, ඇති කිරීම මෙන්ම ආයුෂවලට බලපෑම් ඇති කිරීමටද සෙනසුරු සමතෙකි. කළු පාටට හුරු නිල් වර්ණයෙන් යුතු ශනි ග්‍රහයා තමාගේ වාහනය ලෙස අප හට හුරු පුරුදු කපුටා තෝරා ගෙන ඇත. සිය වාසස්‌ථානය ලෙස නුග වෘක්‌ෂය තෝරා ගන්නා සෙනසුරු බටහිර දිශාවට අධිපතිත්වය දරයි. කාක නිල ශනිට හිමි මැණිකයි. අප සෞරග්‍රහ මණ්‌ඩලයේ නායකත්වය දරන සූර්යයා හෙවත් හිරු සෙනසුරුගේ පියා ලෙස සලකනු ලබයි. නමුත් මෙම පිය පුතු දෙදෙනා පරම සතුරන්ය. සිය ආහාරය ලෙස නරක් වූ කුණු මාංශ ගන්නා සෙනසුරුගේ කක්‍ෂය වටා පවතින විෂ වායු ධාරාවන්ගෙන් පිරි වළලු නිසාවෙන් ශනි ග්‍රහයා වාතයට අධිපති ග්‍රහයා ලෙසද සලකනු ලබයි. දුකට අධිපති සෙනසුරු ජ්‍යෙතිෂයට අනුව අප ජන්ම පතේ සිටින ප්‍රබල පාපී ග්‍රහයෙකි. දීර්ඝ කාලයක් එක් රාශියක රැඳී සිටිමින් විවිධාකාරයෙන් මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කරමින් බලය එල්ල කරන සෙනසුරු තම තමන්ගේ ජන්ම පත්‍රවල පිහිටා ඇති ආකාරය අනුව සෑම විටම එසේ අපල උපද්‍රව එල්ල නොකරන අවස්‌ථාද අපට දැකගත හැකිය. සෙනසුරු හොඳට සිටින කළ ජන්මියා ඉහළටම ඔසවා තැබීම සෙනසුරුගේ සිරිතයි. මෙම කරුණු කාරණා නිසාවෙන් වැඩි දෙනෙකු සෙනසුරු ගැන කතා කරයි. ශනි අපලයෙන් මිදීම සඳහා ඇති ග්‍රහ ශාන්ති කර්ම පිළිබඳව බොහෝ දෙනා අවධානය දක්‌වන්නේ ඒ නිසාය. ශනි වක්‍ර වීම ඔබගේ ලග්නයට කෙසේ බලපානු ඇද්ද ? මේෂ ලග්න අෂ්ඨම ඒරාශ්ඨකය පසුගිය ජනවාරි 26 අවසන් වුවත් මෙම ශනිගේ වක්‍ර වීමත් සමඟ නැවත එහි අසුබ බලපෑම යම් පමණකට දැනෙනු ඇත. නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩකටයුතු වලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්‌ථා තුළ ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමඟ කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක් පෙන්නුම් කරයි. කරගෙන යන රැකී රක්‌ෂාවලට අවහිර බාධා මතු වීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගා බාධ, වාත රෝගා බාධා, හිරි වාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්‌ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි. වෘෂභ ශනි ලග්නයෙන් අටවැන්නේ ගෝචර වීම ලග්න අෂ්ඨම ඒරාශ්ඨකයයි. සෙනසුරු ග්‍රහයා ධනුවේ හා වෘශ්චිකයේ ගතකරන ඉදිරි වසරක කාලය අෂ්ඨම ඒරාශ්ඨක අපල කාලයකි. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. වියදම් පක්‌ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්‌ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්‌ථාන බාධා බොහෝ දුරට සමනය කරගත හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවධානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. මිථුන දේපළ දියුණුවන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. ණය ගනුදෙනු වලින් නිදහස් වීමට හැකියාව ලැබේ. විවිධ වර්ගයේ ආහාරපාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්‌ඩ ගැනීමේ අවස්‌ථා උදා වෙයි. අධ්‍යාපන කටයුතුවලට සුබ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්‌ථාන මාරු වීම් හෝ උසස්‌වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමඟ ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදාවනු ඇත. සමස්‌තයක් වශයෙන් බැලූ කළ සුබ ඵල ඇති කිරීමේ ප්‍රවනතාවක් දක්‌නට ලැබේ. කටක වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ ඵල උදා කරන කාලයක් වනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට නම් මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හටගැනීමට ඉඩ ඇත. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය. සිංහ වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපලදායක තත්ත්වයක් ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවණතාවක් පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්‌ථා උදාවනු ඇත. රැකීරක්‌ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක් ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමුකරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක් පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. කන්‍යා මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතු වන කාලයකි. සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභ ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගම්වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම සෙනසුරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇති වන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගි වීමට අවස්‌ථාව උදා වනු ඇත. තුලා හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩුවන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායැමකට හෝ දත් සම්බන්ධ රෝගා බාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක් පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය. වෘශ්චික රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යැමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ, මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමඟ මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි. ධනු සෙනසුරු ලග්නයේ වක්‍ර වීම මත ඔබගේ වැය පක්‌ෂය ඉහළ යන අතර ධන හානි ඇති කරයි. අතේ මුදල් නොරැඳෙන කාලයකි. මෙම කාලය තුළ නීතිමය ප්‍රශ්න ඇති විය හැකිය. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රමාදයක් ඇති වන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්‌ථානවල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔළුවේ කැක්‌කුම් ස්‌නායු ආබාධ, මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්‌ෂා විය යුතුය. විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබදායක නැත. ස්‌ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය. මකර ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදුවිය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. ඔබට සමපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. මේ කාලය මිශ්‍රඵලදායක වේ. ලිපි ලේඛන හා නිර්මාණාත්මක කටයුතු සඳහා හොඳයි. කාන්තා පක්‌ෂයෙන් විශේෂ උදව් උපකාර හිමි වේ. දරු ඵල අපේක්‌ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදා වේ. රැකියා අංශවල විසිතුරු භාණ්‌ඩ අලෙවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්‌ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්‌ථා ඇත. ස්‌වයං රැකියාවල නිරත වන්නන්ට සුබදායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. කුම්භ ඔබට මෙම කාලය මිශ්‍ර ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබදායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතු වේ. සෞඛ්‍යය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇති විය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්‌වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍ර ඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස් අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුබ දායක වේ. රැකියා අංශ තුළ කලකිරීම් ඇතිවන අතර හදිසි වෙනස් වීම්වලට හේතුයි. මීන මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. පවතින රෝගාබාධ සුව වන අතර, සෞඛ්‍ය තත්ත්වයද යහපත්ය. ඔබට මෙම කාලය සාමාන්‍ය සුබය. එම නිසාවෙන් කායික මානසික වශයෙන් යහපත්ය. ආගමට දහමට නැඹුරු වන කාලයකි. ඔබට මධ්‍යම සුබඵල දායකයි. අවිවාහක අයට මංගල යෝජනා උදාෙච්. නමුත් බාධා ඇති ෙච්. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝවිට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස් අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥතීන් සමඟ මත භේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස් වීමක්‌ද හිමිවීමට ඉඩ තියනවා වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. සැ. යු. ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම්, ගතවන මහ දශා හා අතුරු දශා, ග්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය. 0 gaminiVeteran MemberPosts:4475 04 Apr 2017 12:40 PM සෙනසුරු මාරුවෙන් ලග්න රැසකට සුබයි 0 indika76Most Senior MemberPosts:10457 04 Apr 2017 08:17 PM තුලා හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩුවන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. බුදු අම්මෝ මම ඉවරෝ... 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 09:04 PM Posted By indika76 on 04 Apr 2017 08:17 PM තුලා හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩුවන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. බුදු අම්මෝ මම ඉවරෝ... ඒ කියන්නෙ මේ අවුරුද්දෙත් වෙනසක් නැහැ. 0 maduranga001Most Senior MemberPosts:14123 04 Apr 2017 09:05 PM මොන හොඳක්ද? මේ මටත් එහෙම තමයි. කටක වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ ඵල උදා කරන කාලයක් වනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට නම් මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හටගැනීමට ඉඩ ඇත. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය. 0 samanthaMost Senior MemberPosts:13194 04 Apr 2017 10:06 PM මට නම් හොඳක්ම නැහැ.. වෘශ්චික රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යැමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ, මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමඟ මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි. 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Apr 2017 01:33 AM මිතුන ....එල එල 0 indika76Most Senior MemberPosts:10457 05 Apr 2017 01:42 AM Posted By maduranga001 on 04 Apr 2017 09:05 PM මොන හොඳක්ද? මේ මටත් එහෙම තමයි. කටක වැඩිමල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුබ ඵල උදා කරන කාලයක් වනු ඇත. දරුපල බලාපොරොත්තු වන ඔබට නම් මෙම කාලය තුළ එතරම් සුබදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක් වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හටගැනීමට ඉඩ ඇත. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක් පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය. ඇයි බං නම්බුනාම ලැබෙනවයි කියලා තියෙන්නේ... 0 indika76Most Senior MemberPosts:10457 05 Apr 2017 02:09 AM Posted By samantha on 04 Apr 2017 10:06 PM මට නම් හොඳක්ම නැහැ.. වෘශ්චික රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඹබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගුකාලීන රෝගාබාධ හටගැනීමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතකුට කරදරයක් හෝ විපතක් ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යැමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ, මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමඟ මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි. සමන්ත අයියාට නම් සම්පූර්ණයෙන්ම අසුභයි වගේ... 0 gaminiVeteran MemberPosts:4475 05 Apr 2017 11:33 AM ඔයාලා ඔය කියනදේවල් විස්වාස කරනවාද? 0 PoddiVeteran MemberPosts:2100 20 Apr 2017 12:24 AM මගේ ඒවා නම් හරිම වගෙයි .. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games ස්ටන් අවුරුදු උත්සවය