You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Oct 2016 12:21 AM by  Danu Liyanage
පාරු කවි
 5 Replies
Sort:
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
07 Oct 2016 06:52 AM
  •  Quote
  •  Reply

පාරු කවි
අපේ ජන කවි අතරට වැටෙන එක් කවි වර්ගයකි පාරු කවි. අතීතයේ ප්‍රවාහන කටයුතු අඩුවෙන් පැවැති අවධියේ ගංගා සහ ඇල මාර්ග ප්‍රවාහන කටයුතු සදහා යොදාගෙන තිබින.මේ කාලයේ භාණ්ඩ සහ මිනිසුන් ප්‍රවාහනය සදහා ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්‍රා වර්ග උපයෝගී කොටගෙන ඇත. බර වාහන කටයුතු සදහා ප්‍රධාන වූයේ පහුරු සහ පාරුවයි. පාරුවේ ගමන් මග දිගුවේ. දුෂ්කරවිය. තොටුපල වල නැවතී උයාපිහා කමින් ගමන්කරන අතර ඔවුන් ලැබූ සුන්දර වූත් කටුක වූත් ජීවන අත්දැකීම් කවියට නගා ඇත්තේ මෙසේය.

මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ
ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ
පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ
රත්තරන් ලියකි තෙලිකඩ ගගේ ගියේ

ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන
හබලක් හදාගෙන ගගකට දමා ගෙන
එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන
කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ඡාතිත් වාසනාවන්

ඒ ගොඩත් බැලිමි ඒ ගොඩත් දෙදුන්න වගේ
මෙගොඩත් බැලිමි මෙ ගොඩත් දෙදුන්න වගේ
දෙ ගොඩම බැලිමි දෙ ගොඩම දෙදුන්න වගේ
පේරාදෙණියේ පාළම දෙදුන්න වගේ

එගොඩ ගොඩට යනකොට සුරියා වගේ
මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ
දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ
උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2016 12:24 AM
  •  Quote
  •  Reply
වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපු මල වාසනාවන්
අපේ අම්මා ඡාතිත් වාසනාවන්

මේ කවිය විතරයි අහලා තිබුනේ.. ගොඩක් ස්තූතියි ගාමිණි අයියේ...
1

Samantha Abayasekara
Most Senior Member
Most Senior Member
Posts:13196






--
08 Oct 2016 12:31 AM
  •  Quote
  •  Reply
මම නම් හරිම ආසයි මේ පැල් කවි, පාරු කවි, කරත්ත කවි වලට.
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Oct 2016 02:02 AM
  •  Quote
  •  Reply
ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිදෙයි පය බුරැලෙන් තබා වරෙන්
කැලණි ගගේ ඔරැ යනවා බලා වරෙන්
සාදු කාර දී ඔරැවක නැගී වරෙන්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Oct 2016 07:17 PM
  •  Quote
  •  Reply
මමත් ආසයි කවි වලට
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Oct 2016 12:21 AM
  •  Quote
  •  Reply
niyama wedak patan aragena thiyenne
0
Add Reply


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below