Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Reply To Topic Topic: පාරු කවි Username: Security Code: Enter the code shown above in the box below Subject: RE: පාරු කවි Message: CKEditor is loading, please wait... CKEditor requires JavaScript to run. In a browser with no JavaScript support, like yours, you should still see the contents (HTML data) and you should be able to edit it normally, without a rich editor interface. Smilies Submit Cancel Topic Review Danu LiyanageVeteran MemberPosts:3457 09 Oct 2016 12:21 AM niyama wedak patan aragena thiyenne chamara duleepMost Senior MemberPosts:13471 08 Oct 2016 07:17 PM මමත් ආසයි කවි වලට shanaka kelumSuper Senior MemberPosts:7332 08 Oct 2016 02:02 AM ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන් අත්ත බිදෙයි පය බුරැලෙන් තබා වරෙන් කැලණි ගගේ ඔරැ යනවා බලා වරෙන් සාදු කාර දී ඔරැවක නැගී වරෙන් Samantha AbayasekaraMost Senior MemberPosts:13196 08 Oct 2016 12:31 AM මම නම් හරිම ආසයි මේ පැල් කවි, පාරු කවි, කරත්ත කවි වලට. Indika KodithuwakkuMost Senior MemberPosts:10470 08 Oct 2016 12:24 AM වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් අතු අග පිපෙන සපු මල වාසනාවන් අපේ අම්මා ඡාතිත් වාසනාවන් මේ කවිය විතරයි අහලා තිබුනේ.. ගොඩක් ස්තූතියි ගාමිණි අයියේ... ගාමිණී W .D.Veteran MemberPosts:4475 07 Oct 2016 06:52 AM පාරු කවි අපේ ජන කවි අතරට වැටෙන එක් කවි වර්ගයකි පාරු කවි. අතීතයේ ප්රවාහන කටයුතු අඩුවෙන් පැවැති අවධියේ ගංගා සහ ඇල මාර්ග ප්රවාහන කටයුතු සදහා යොදාගෙන තිබින.මේ කාලයේ භාණ්ඩ සහ මිනිසුන් ප්රවාහනය සදහා ඔරු, පාරු, අගුල්, පහුරු, වැනි යාත්රා වර්ග උපයෝගී කොටගෙන ඇත. බර වාහන කටයුතු සදහා ප්රධාන වූයේ පහුරු සහ පාරුවයි. පාරුවේ ගමන් මග දිගුවේ. දුෂ්කරවිය. තොටුපල වල නැවතී උයාපිහා කමින් ගමන්කරන අතර ඔවුන් ලැබූ සුන්දර වූත් කටුක වූත් ජීවන අත්දැකීම් කවියට නගා ඇත්තේ මෙසේය. මස්සිනාගෙ මගුලට මම රුහුණු ගියේ ලස්සන ගමන් බඩු පටවා එන්ට ගියේ පස්ස බලන කොට අගුලක් ගිලී ගියේ රත්තරන් ලියකි තෙලිකඩ ගගේ ගියේ ගහක් කපාගෙන ඔරුවක් කොටා ගෙන හබලක් හදාගෙන ගගකට දමා ගෙන එගොඩත් බලාගෙන මෙගොඩත් බලා ගෙන කොළුවෙක් තෙමී ගෙන ඔරුපදි මුලා වෙන වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන් ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් අතු අග පිපෙන සපු මල වාසනාවන් අපේ අම්මා ඡාතිත් වාසනාවන් ඒ ගොඩත් බැලිමි ඒ ගොඩත් දෙදුන්න වගේ මෙගොඩත් බැලිමි මෙ ගොඩත් දෙදුන්න වගේ දෙ ගොඩම බැලිමි දෙ ගොඩම දෙදුන්න වගේ පේරාදෙණියේ පාළම දෙදුන්න වගේ එගොඩ ගොඩට යනකොට සුරියා වගේ මෙගොඩ ගොඩට එනකොට බැබිල මල වගේ දෑත දෙපය පෙරාපු රත්තරන් වගේ උඔ නම් ලදේ මට හිත ඇති කෙනෙක් වගේ