You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 74 of 76 << < 7273747576 > >>
Author Messages

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
19 Sep 2018 09:46 AM
  •  Quote
  •  Reply
විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

උන්ගේ නිල තල නම්බු රකින්නලු
උඹ පොඩි කාලෙම ගෙනත් තියෙන්නේ
අපි දෙන්නම වහලුන් බව නොදැනලු
දෙපිල බෙදීගෙන පොර අල්ලන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ

තනි නොතනියකට උඹ ළඟ හිටි මට
ආඩම්බර ඇයිදෝ පෙන්වන්නේ
අප මිය ගිය මුත් පන්සල් වල නම්
පෝය හඳට යන පෙරහර යන්නේ

විලංගු මාලය කරවට ලෑවට
ඇතෙකුගෙ හිත කොහොමද හඳුනන්නේ
එක වහලක් යට හෙවණට හිටි අප
මොන එහෙකටදෝ මළගම් යන්නේ
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
19 Sep 2018 09:21 PM
  •  Quote
  •  Reply
වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ සැමරුම්..
හිතේ ගැඹුරුම තැන තියාගෙන..
ආදරේ ඉකි බිඳුම් ඇසුනා..
මලානික ඇස් හිනාවෙන්නේ නෑ...

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

වසන් වන සඳ...

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, සංඛ දිනෙත්
පද රචනය : දිල්ශාන් පතිරන
සංගීතය : සංඛ දිනෙත්
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
20 Sep 2018 02:33 PM
  •  Quote
  •  Reply
කදුලු මළුවට මම එන්නම්
කදුලු නොපෑගෙන සෙ
වෙන්ව යන ඔබෙ කදුලු බිදුවක්
මට වටියි මුතු සේ ........

සිත්මල් යායට සඳපානයි ඔබ
එලියයි මුළු රෑම
පොඩි තරුවක් වත් වෙලා ඉන්න මට
පෙර පින් නැතුවාද

කදුලු මළුවට .......

හිත ලග දගකළ ළිහිණි පැටික්කිය
පිටගම් යන මොහොත
බලන්න පව්කළ මගේම නෙත් දෙක
අඳ නොවුනේ ඇයිද ........

කදුලු මළුවට මම එන්නම්
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
20 Sep 2018 04:22 PM
  •  Quote
  •  Reply
අජිත්ගේ ගිත නරකයි කියුවට මේ තියෙන්නේ ලස්සන ගීතයක්...
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2018 07:52 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 20 Sep 2018 04:22 PM
අජිත්ගේ ගිත නරකයි කියුවට මේ තියෙන්නේ ලස්සන ගීතයක්...
 කවුද එහෙම කියල තියෙන්නේ

නෑ නෑ ඒක වැරදී. ගීත  ලස්සනයි 

අලුත් වෙන්න වෙන්න ගායනය තමයි කුජීත උනේ. 


0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
20 Sep 2018 07:52 PM
  •  Quote
  •  Reply
ලෙන්ගතුකම නෙතග තියා බලනා විට ඔබ
සගවාගෙන ඉන්නට බැ මගේ ආදර හිත
මිතුරිය සේ ඔබ උන්නත් මගේ හදවත ලග
සොදුරිය කර ගන්නයි මා සිතුවෙ සැම දින

ඇස අද්දර හමු නොවුනත් ඔබ එක දවසක්
සිතට ඔබව දකිනාතුරැ නෑ ඉවසිල්ලක්
සද තරමට අවිහිංසක සොදුරැ හදවතක්
බලා හීදී ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම........

මිතුරැ කමට එහා ගියපු ලෙන්ගතු ඇසුරක්
ඔබෙන් පතා ගෙවී ගියා කල්ප කාලයක්
කදුළු පිරැණු තනිකඩ වු පාලු හදවතක්
බලා හිදීමි ඔබෙ හිතේ දෙන්න මට ඉඩක්

ලෙන්ගතුකම ........
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
21 Sep 2018 09:38 PM
  •  Quote
  •  Reply
චාමරගේ සුන්දර ගීතයක්....
0

බන්ටු රිවේරා
New Member
New Member
Posts:69






--
24 Sep 2018 10:57 AM
  •  Quote
  •  Reply
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Sep 2018 03:53 PM
  •  Quote
  •  Reply
ලස්සන නිර්මාණයක් කරල තියෙන්නේ බන්ටු...මර්වින් මිහිඳුකුලගේ ලස්සන සින්දුවක්...මේකේ ගායකයාගේ නම සඳහන් කරානම් වටිනවා.අනික සයිට් එකේ ලෝගෝ එකත් දැම්ම නම් වටිනවා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2018 04:53 PM
  •  Quote
  •  Reply
නියමයිනේ බන්ටු ... නිර්මාණය ලස්සනයි... දිගටම කරගෙන යමු..
0

ගාමිණී W .D.
Veteran Member
Veteran Member
Posts:4475






--
24 Sep 2018 10:01 PM
  •  Quote
  •  Reply
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්ආ
දර හැඟුමන් සිතට දැනෙයිදෝ...
මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්‌බර හඬ ඔබට ඇසෙයිදෝ...
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරෙන කඳුළු පමණි ළඳ...
පවනට සැලෙනා...
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
24 Sep 2018 11:24 PM
  •  Quote
  •  Reply
වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
02 Oct 2018 07:36 PM
  •  Quote
  •  Reply
Posted By බන්ටු on 24 Sep 2018 10:57 AM

ලස්සනයි .....බන්ටු 
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
08 Oct 2018 06:05 PM
  •  Quote
  •  Reply
මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
10 Oct 2018 05:48 PM
  •  Quote
  •  Reply
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි

ප්‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි
ප්‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි
සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි
යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි

සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි
ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි
සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි
ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Oct 2018 06:24 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 10 Oct 2018 05:48 PM
කවිය මගේ ගීය වුණේ ඔබේ තනුවටයි
ගීය ඔබේ මිහිරි හඬින් ගයන්නේ මමයි
දිවිය මගේ සුවද වුනේ ඔබේ පැතුමටයි
ගීය ඔබේ ගැයෙන පැයේ මිහිරි හද පිරෙයි

ප්‍රේමය ගැන ගී ලියන්න සවිය දුන් ඔබයි
ප්‍රේමය ගැන කියා දුන්නෙ ගීතයක් ලෙසයි
සියුම් හදේ නැවුම් සෙනේ කුසුම පුබුදුවයි
යනෙන තැනේ සුවද ඔබේ පවන මට ගෙනෙයි

සසර පුරා ලියූ එකම කවිය ඔබ ගැනයි
ඒ කවියේ පද අතරේ ඇත්තෙ අපෙ පෙමයි
සසර පුරා තැනී එකම ගීය ඔබ ගයයි
ඒ ගීයේ රස මැවුනේ ඔබේ පෙමටමයි
මං ආසම සින්දුවක්....

0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Oct 2018 09:06 PM
  •  Quote
  •  Reply
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//
අතරතුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ

කුමණ නැටුම් කෙළි කවට සිනා දා//
මරුට නොමැත කිසිවිටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආදා

යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//

කුණු කය නිසරුයි
නැත පවතින්නේ
කළ හොඳ පමණයි
මෙලොව රැඳෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එඩ්වින් සමරදිවාකර
දස්කම සිනමා නිර්මානයෙනි
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3960






--
17 Oct 2018 10:24 PM
  •  Quote
  •  Reply
සයුර බලා බඳ ලෙලවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා
මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා

වෙසක් සිරි නරඹන්නට
මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ
බෝට්ටුවට නැගි සතොසේ ‍
සමහරෙකුට යන්නට හිතුනා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

බෝට්ටුවට ගොඩ වන්නේ
සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ
ඉරණම සැමගේම විසඳුනේ

වෙසක් සඳ නැග එද්දි
මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි
මළ මිනි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

පිහිනන්නට බැරුව නියා
පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා
කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුනා

ඒ සිදුවු විපත අසා
රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා
දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Oct 2018 12:33 AM
  •  Quote
  •  Reply
රාත්‍රිය උදාවුනා
නින්ද ඇයි නොඑන්නේ...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
18 Oct 2018 04:43 PM
  •  Quote
  •  Reply
Posted By Udeshika Herath on 17 Oct 2018 10:24 PM
සයුර බලා බඳ ලෙලවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා
මෙතර සිටිය අය කැඳවා
මරු තුරුලට අරං ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා

වෙසක් සිරි නරඹන්නට
මාතර පුරවරය වෙතට
නොයෙක් දෙසින් සෙනග පැමිනුනා
නිල්වලා ගඟ ඔස්සේ
බෝට්ටුවට නැගි සතොසේ ‍
සමහරෙකුට යන්නට හිතුනා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

බෝට්ටුවට ගොඩ වන්නේ
සතුටින් ඉපිලෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ
ඉරණම සැමගේම විසඳුනේ

වෙසක් සඳ නැග එද්දි
මළ කඳන් පාවෙද්දි
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලත වෙද්දි
නෙත් කදුලින් බර වෙද්දි
මළ මිනි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි

පිහිනන්නට බැරුව නියා
පෙම්වතා ගිලි ගියා
පෙම්වතී ලොවේ තනිවුනා
කරුමය මෙලෙස කියා
අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුනා

ඒ සිදුවු විපත අසා
රුහුණම දු‍කෙන් වසා
දින ගණනක් දුක පල කෙරුවා
අහසට දෑතම ඔසවා
දෙවියන් යැද කීවා
මෙවැනි විපත් යලි නොමවේවා

ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක් බිලි ගත්තයි


ඇන්ටන් ජෝන්ස් මහතාගේ ආසම සින්දුවක්..
0
Add Reply
Page 74 of 76 << < 7273747576 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below