You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 64 of 76 << < 6263646566 > >>
Author Messages

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2017 07:56 AM
  •  Quote
  •  Reply
හොඳයි මල්ලී...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Feb 2017 10:34 AM
  •  Quote
  •  Reply
පිස්සු හැදෙන සින්දුවක් අයියේ මේක අහද්දී මට නම් පිස්සුම හැදෙනවා. පපුව කඩන වැටෙනවා
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Feb 2017 01:29 AM
  •  Quote
  •  Reply
නිවන්න මා හද දුක් මේ
නොපෙලෙන්න සිත මුලාවේ
නොහඩන්න සිතින් රහසින්
ලංවෙන්න මා වෙත පෙර සේ................
සුවදයි ඔබේ සිනාවේ
කුසුමයි ඔයා සෙනේහේ ...........//

පැතුමන් පතා ඔබ හමු වූ දා
ඔබ මගෙ කියා කීවේ ඔයා......//
මා පැතු ලෙසින් ඔබ නොතැකුවෙම්
සුසුමක් උනා.....
පැතුමන් මෙදා......
මගෙ ආදර සිහිනය නිම විය ඉතින්.........//

නිවන්න මා හද...............//

ඔබ ගැන සිතා හිදිනෙම් සදා
සැම තැන් සොයා බැලුවෙමි ඔයා......//
සිත මෙන් නුවන් වැලපෙයි තවත්
සුසුමන් නිවා.........
හිනැහෙමි සදා.....
මගෙ ආදර කුමරිය ඔබමයි තවත්.........//

නිවන්න මා හද............//




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Feb 2017 06:50 PM
  •  Quote
  •  Reply
මේ ගීතය මට එතරම් හුරු නෑ වගේ..
කවුද මේක ගායනා කරන්නේ..
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
04 Mar 2017 05:47 AM
  •  Quote
  •  Reply
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්න බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආරාධනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුනාට වඩා
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා අයේ
යළි නොමයේ වේදනා
ඔබේ හසරැල් මට වාසනා
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
06 Mar 2017 03:34 AM
  •  Quote
  •  Reply
අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා
ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්
පෙරුම් පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැණෙකින් වෙන්වී යයි නම්
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Apr 2017 05:06 AM
  •  Quote
  •  Reply
සඳුන් පිනිදිය නොනිම් ගිනිදිය
රුසිරු කොමළිය අභිරු සෙබළියනේ
නැගූ කාහල ගිගුම්දේ මේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා

ඉසට ඉහලු මුතු කුඩය සුනිමල්
මුතුද ගිලිහී නොයන සේ
පණ මෙන් සුරැකි අන්දම්
දැයෙන් පැළදු උතුම් හර සුවිපුල්
සළෙන දන වෙත නොපා කුලඹර
සද නැගු එ ළදුන්
නැගූ කාහල ගිගුම්දේ මේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා

කදුළ ඇතිරු දිවි පෙතේ හසරැල්
පැතුම් බොද වී දැදුරු වී ගිය නුමුදු සිත අදිටන්
කුසුම් පිබිදු අසිරි සිරි පවසම්
ලොවට හෙළි කළ සදා විකසිත දැය පිරු පෙරුමන්

සඳුන් පිනිදිය නොනිම් ගිනිදිය
රුසිරු කොමළිය අභිරු සෙබළියනේ
නැගූ කාහල ගිගුම්දේ මේ බිම පුරා
දිනූ අභිමන් සුවඳ විහිදේ යුග අරා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Apr 2017 06:43 PM
  •  Quote
  •  Reply
මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
දැවටී රන් දැලේ හද පුරා සැනසිලා
ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
නොසරා මල් කැලේ රොන් සොයාලා.. රොන් සොයා

බඹර තුඩු ගා නැතී කුමුදු මලකින් පෙතී
ගෙනෙමි දුර ඈත විලකින් බලා....... //
ඒ මැද ඔඛෙ යහන සාදන්නේ නාදල්ලෙනුයි.. සුවඳ උලා

මා නෙත් කැදැල්ලේ......

අරුණ පිනි බිංදුවයි පියුමේ මකරන්දයයි
පොවමි මේ කුළක කලතා නිවා...... //
මින් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ.. පහන නිවා

මා නෙත් කැදැල්ලේ......
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
24 Apr 2017 07:06 PM
  •  Quote
  •  Reply
ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානේ
යටිපළු දෙකම දැවෙනවා
ඇස්දෙක ඇරගන්නට බැරිතරමට පායනවනේ
දහදිය මුගුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට භයනේ මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹිරි ඇඹිරි චිරි චිරි ගාල හඩනවා


පොළියත් එක්ක දෙන්න මාළු ගන්න ගෙනා සල්ලි හවසට දෙන්නම ඕනේ
අනුකම්පාවක් නැති සිල්ලරේ කඩේ මුදලාලිත් බැනගෙන ගෙදරට එයිනේ
ඉස්පිරිතාලේ ඉන්න පොඩි දරුවට දෙන්න කියපු බෙහෙතත් කොහොමද ගන්නේ
අල්ලපු වත්තේ තියෙන බණ ගෙදරට නොගිහින් බැහැ කොහොමද නිකම්ම යන්නේ

ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානේ
යටිපළු දෙකම දැවෙනවා
ඇස්දෙක ඇරගන්නට බැරිතරමට පායනවනේ
දහදිය මුගුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට භයනේ මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹිරි ඇඹිරි චිරි චිරි ගාල හඩනවා

වෙනදට මා එනතුරු පාර බලන් ඉන්න ඈයෝ
මොකදැයි මාළු නොගන්නේ
පා පැදිවල පටවල මට ඉස්සර වෙලා ආපු අයගෙන් මාළු අරන්නේ
ඉදහිට කතාකරල ගන්න හදන කෙනෙක් උනත් ණයටනේ අද ඉල්ලන්නේ
තව ටිකකින් පල නැති මාළු කූරි ටික දෙනෙක්නේ විසදුම දෙන්නට ඉන්නේ


ගින්දර පිටවෙන්නට තාර පාර රත්වෙලානේ
යටිපළු දෙකම දැවෙනවා
ඇස්දෙක ඇරගන්නට බැරිතරමට පායනවනේ
දහදිය මුගුරු ගලනවා
කොළඹින් අරන් ආව මාළු හින්ද හිතට භයනේ මොරදී උගුර රිදෙනවා
බර අඩු නොවුන නිසා අද කරපිට ඇඹිරි ඇඹිරි චිරි චිරි ගාල හඩනවා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:39 PM
  •  Quote
  •  Reply
ආදර අඹරෝරේදී ඔබ මා මග හැර ගිය දා
කදුලැලි සයුරෝරෙහි කාලය ගිලී ගියා
මේ සඳකැල්මවත් මගේ දුක දැක්කානම් එදා
විඳවන්න තිබුනා මට ඔබ සිහිකර මෙදා

ආශාවරී ඔබේ නම පවා මියුරුයි කියා සිතුවත් එදා
ආශාවරී ඔබ ඒ තරම් වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා

ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
උණුසුම විඳ විඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ
හිනැහුණු තරමට ඔබගේ
ගත මා ලග මුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ

ආශවරී.....

අවරට යන හිරු සඳ වාගේමද මා දුටුවේ
වෙරළට එන රල ආපසු යන බවවත් නෑ දුටුවේ
පහසම පමණද පැතුවේ
මා අත අත්හැර අතින් අතට යනෙනා ළදුනේ

ආශාවරි....
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:40 PM
  •  Quote
  •  Reply
ඉවුරු තලා
ගංගා බැස යනවා
මහද සලා
ඔබ ඉවතට යනවා..... //

මන්දර පව්වේ හිම පියසේ
චන්දන අරණේ මද සිසිලේ..... //
සුව නොලබා
ගියෙදෝ කෙසේ

ඉවුරු තලා......

කඩුපුල් නෙළලා පිනි ඉසලා
රන්හුය පටලා අමුණාලා.... //
සිටියෙමි මා
ඔබ එනතුරා

ඉවුරු තලා...... //
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
25 Apr 2017 09:43 PM
  •  Quote
  •  Reply
අම්මේ යන්ට එපා දුරු රටකට
කවුරුත් නෑ මගෙ තනියට
එහෙම කලෝතින් හොඳ නෑ අම්මේ
හිතට දුකයි පොඩි පුතු හට....... //
අම්මේ යන්ට එපා දුරු රටකට

උඩින් පියාඹා කරණම් ගසනා
මිග් යානා මට ඕනේ නෑ
බිමින් ඇදී යන වටේට කැරකෙන
මෝටර් කෝච්චි ඕනේ නෑ
ඇස් දෙක නටවන ගී කියමින් යන
බෝනික්කන් මට ඕනේ නෑ
ඕවා ඔක්කොම ගේනව කීවට
ඔබේ පුතා රැවටෙන්නේ නෑ

අම්මේ යන්ට එපා....

පාටින් පාටට කොළ අලවා උඩ
යවන සරුංගල් හරි හැඩනේ
ලෑලි කැබලි ටින් පතුරු යොදාලා
හදන කරත්තය මට අගනේ
ඔබේ අතින් මට ලූණුයි බතුයි දෙක
අනලා කැවුවත් හරි රසනේ
ඔබේ තුරුල්ලේ උණුසුම අම්මේ
විසිතුරු ලෝකෙට වැඩි සැපනේ

අම්මේ යන්ට එපා.... //
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Apr 2017 05:06 AM
  •  Quote
  •  Reply
මගේ ඇස් තෙමන්...
හැඬෙන්නට තරම්...
වැටෙන්නේ නෙතින් කඳුළැලී...
කොහෙන් එනවදෝ මේ හැටී...
හිනාවෙලා... කියන්නකෝ...
ඔය වාගේ හිනාවෙන හැටී...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
26 Apr 2017 06:18 PM
  •  Quote
  •  Reply
එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

නිසලවී නෙත් පියා..ගියත් සැගවී ඔයා...
නෙතේ කදුලැල් තියා...අදත් මතකයි ඔයා...

නොයෙනා ගමන් ගිහින් ඔබ දුන්නු දුක් සුසුම්
මේ හිතට ආයෙනම් විදිනු බෑ රත්තරං
පණ සේ රකින්නම් පියුමක් ලෙසින් මං
කුලුදුල් සෙනේ තරම්.... දෙයක් තව නෑ උතුම්..

එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

ඔබ නොමැති ලෝකයේ හිටියෙ මන් පාළුවේ
ඇවිත් සිත සැනසුවේ ඇය තමයි ඔබ වගේ
පැතුම් බිදිලා ගිහින් වින්දෙ දුක් මා සිතින්
නිමාකර ඒ සුසුම්....ළංවුයෙ ඇයමයි උතුම්....

එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

නිසලවී නෙත් පියා..ගියත් සැගවී ඔයා...
නෙතේ කදුලැල් තියා...අදත් මතකයි ඔයා...
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Apr 2017 06:57 PM
  •  Quote
  •  Reply
Posted By chamaramind on 26 Apr 2017 06:18 PM
එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

නිසලවී නෙත් පියා..ගියත් සැගවී ඔයා...
නෙතේ කදුලැල් තියා...අදත් මතකයි ඔයා...

නොයෙනා ගමන් ගිහින් ඔබ දුන්නු දුක් සුසුම්
මේ හිතට ආයෙනම් විදිනු බෑ රත්තරං
පණ සේ රකින්නම් පියුමක් ලෙසින් මං
කුලුදුල් සෙනේ තරම්.... දෙයක් තව නෑ උතුම්..

එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

ඔබ නොමැති ලෝකයේ හිටියෙ මන් පාළුවේ
ඇවිත් සිත සැනසුවේ ඇය තමයි ඔබ වගේ
පැතුම් බිදිලා ගිහින් වින්දෙ දුක් මා සිතින්
නිමාකර ඒ සුසුම්....ළංවුයෙ ඇයමයි උතුම්....

එදා පෙම් බැන්ද ඔබමයි...තව ඉන්නේ මා ළයේ..
මෙදා පෙම් බැන්ද ඇයටත්...ඔබට මෙන් ආදරෙයි...

නිසලවී නෙත් පියා..ගියත් සැගවී ඔයා...
නෙතේ කදුලැල් තියා...අදත් මතකයි ඔයා...


0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
26 Apr 2017 07:48 PM
  •  Quote
  •  Reply
කුමාරසිරි පතිරණයන්ගේ සුන්දරම ගීතයක්...
ඇයි අවුල්ද මචෝ...
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Apr 2017 10:35 AM
  •  Quote
  •  Reply
ඔබ ගාව මම ඉන්නමි , සුසුමන් වගේ යාවේවි
තනියෙ තුරුල් වී ,මුමුණා සුපෙම් ගී
රැ සීතලේ ලංවේවි
තරු මල් කඩා දෙන්නෙමි ....

(මේ සින්දුවේම remake එකක් ඇහුනා සහන් චාමිකර කියලා කෙනෙක් කියනවා මේ ලගදි ,එක හරිම ලස්සනයි මට නම් මුලින් එකට වඩා .)
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
27 Apr 2017 04:14 PM
  •  Quote
  •  Reply
Remake එකක් ලස්සනයි කියලා ඇහුවමයි...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
02 May 2017 12:22 AM
  •  Quote
  •  Reply

සයුර බලා බඳ ලෙළවා
ඉවුරු තලා ගලා ගියා
මාතර ගං කොමලි නිල්වලා

මෙතෙර සිට අය කැඳවා
මරු තුරුලට අරන් ගියා
මුළු සිරිලක දුකේ ගිල්වලා

වෙසක්‌ සිරි නරඹන්නට
මාතර පුරවරය වෙතට
නොයෙක්‌ දෙසින් සෙනග පැමිණුනා.

නිල්වලා ගඟ ඔස්‌සේ
බෝට්‌ටුවට නැග සතොසින්
සමහරෙකුට යන්නට සිතුණා

"ආසයි - බයයි" ඒ බෝට්‌ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක්‌ බිලිගත්තයි

බෝට්‌ටුවට ගොඩවන්නේ
සතුටින් ඉතිරෙන්නේ
වේගයෙන් දියඹට ඇදුනේ
අත්තක බෝට්‌ටුව හැපුනේ
නොදැනිම ජලයේ ගිලුනේ
ඉරණම සැමගෙම විසඳුනේ

වෙසක්‌ සඳ නැග එද්දී
මළ කඳන් පාවෙද්දී
නෑදෑ හිතවතුන් වැළපුනේ
හද සෝකෙන් ලතවෙද්දී
නෙත කඳුළින් බරවෙද්දී
මළමිණි ගොඩට ගෙනෙන්නේ

ආසයි බයයි ඒ බෝට්‌ටුවේ නමයි
යළි නොමඑන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක්‌ බිලිගත්තයි

පිහිනන්නට බැරුව නිසා
පෙම්වතා ගිලී ගියා
පෙම්වතිය ලොවේ තනිවුණා
කරුමය මෙලෙස ගියා
අන්තිම ගමන ගියා
මව්පියො හිතවතුන් වැළපුණා

ඒ සිදුවුණු විපත අසා
රුහුණම දුකෙන් වසා
දින ගණනක්‌ දුක පළ කෙරුවා
අහසට දෑතම ඔසවා
දෙවියන් යෑද කීවා
මෙවැනි විපත් යළිදු නොවේවා
ආසයි බයයි ඒ බෝට්‌ටුවේ නමයි
යළි නොම එන්නට ගිය ගමනයි
දිය රකුසයි ගඟ මැද මරුවයි
ජීවිත ගණනක්‌ බිළිගත්තයි
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
02 May 2017 07:39 AM
  •  Quote
  •  Reply
මෙම සිද්ධිය පසුගිය ඉරු දිනක මව්බිම පුවත්පතේ පලවී තිබුණා...
හරිම කණගාටුදායක සිදුවීමක්...
0
Add Reply
Page 64 of 76 << < 6263646566 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below