You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 12 Sep 2020 07:43 AM by  Indika Kodithuwakku
මා... සිත බැදුනේ.
 1512 Replies
Sort:
Page 63 of 76 << < 6162636465 > >>
Author Messages

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Feb 2017 07:12 AM
  •  Quote
  •  Reply
දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි
සැප දුක් සොයා බලන්න
මගෙ දුරකතනයෙ අංකය මතකද
මොහොතක් කතා කරන්න //

රුව දැක ගැන්මට පින් නැත දැන් මට
මතක් උනත් සන්තෝෂයි
කෙලින්ම සවනට රැගෙන ඔබේ හඩ
අහගන්නට හරි ආසයි //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...

ඇසිපිය හෙලනා තරමට වැඩියෙන්
ඔබ ගැන මට සිහිවෙනවා
ඉකිබිඳ හඬනා කිරි දරුවකු මෙන්
මගෙ හදවත වැලපෙනවා //

දෙතුන් වතාවක් ඔබ ඇමතුවෙමි...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Feb 2017 04:26 AM
  •  Quote
  •  Reply
අකුරු මැකී නෑ -කොළ ගැලවී නෑ
බොදවී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්.........//

මේ ඊරි....බිම සීරී....
කුණ්ඩමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී

අකුරු මැකී නෑ..............

අපි දුවමු......අපි පනිමු.......
ගී කියමු....අපි නටමු....
ඇත්පොරයට අපි ඇහැ යවමු...
බාලවියට පා නගමු......

අකුරු මැකී නෑ..............//
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Feb 2017 05:31 AM
  •  Quote
  •  Reply
හන්තාන කන්දේ මීදුම් වළල්ලේ
පෙරදාක වාගේ තනිවේද ආයේ
ඔබගේ නමින් මා ලියු ඒ වදන්
ගීයක් ලෙසින් මා මුමුණමි මෙසේ.....
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Feb 2017 06:10 AM
  •  Quote
  •  Reply
මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳ හිට
මතක දළු ලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආ මුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්...
.
කුළුඳුලේ හිත හීන හැඩ කළ
මතකයේ සිවුකොනම දඟ කළ
නිදි නැතිව රැය ගණන් එළි කළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුඳුලේ පිපි ප්‍රේමයක්...
.
නෙත් සරින් නෙතු වලට ඉඟි කළ
සුසුම් සරකින් පවා රිදවුණ
වෙන්ව යන බව කිසිත් නොසිතුව
මටත් තිබුණා ප්‍රේමයක්
අදත් නොමැරුණු ප්‍රේමයක්
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
12 Feb 2017 06:18 AM
  •  Quote
  •  Reply
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගේ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ළඳේ
දෑත ගෙන ඔබේ ආයෙමත් අපෙ ලොවේ
ළංව ඉන්න වාසනා ලැබේවි ජීවිතේ
පණ වාගේ මගේ ආදරේ
සුරකින්නේ මා නම් ළඳේ
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
12 Feb 2017 05:25 PM
  •  Quote
  •  Reply
අහස උසට නැග ගියාට නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට අපි පොළොවේ සිටින්නේ
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
13 Feb 2017 02:02 AM
  •  Quote
  •  Reply
පාවී පාවී යාවි ආදර ගගුලම සේදී
ප්‍රේමියේ අපට හිමි
යාවී යාවී යවී දෑස කදුලින් සේදී යාවී
කාලයේ මතක් පිරී
ආදරේ වෙනස දැනී පලුවේ තනිව හිදී
ආදරේ වෙනස දැනී පලුවේ තනිව හිදී
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
14 Feb 2017 09:19 AM
  •  Quote
  •  Reply
දෙනෙත් පුරා පිරි කඳුළැල්
පිටාරයට හසු නොවන්න //
වියැලුනු සිත් සනසවන්න
නදී තරංගා.... //
දෙසවන පිරි රිදී හඬට
හිතේ ගින්න එපා දෙන්න //
ඈත ඉඳන් සිනාසෙන්න
නදී තරංගා.... //
නිසල දෙනෙත සසල වන්න
දෙතොල් සිනහවට නගන්න //
මගේ සිතට දිරිය දෙන්න
නදී තරංගා.... //
දෙනෙත් පුරා පිරි කඳුළැල්.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
15 Feb 2017 11:46 PM
  •  Quote
  •  Reply

කාලෙකින් මේ ගීතය ඇසුවේ..

0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 04:24 AM
  •  Quote
  •  Reply
ඔබ හට ලියනා අවසන් ලිපියේ
අවසන් වදනයි මේ
ඔබට එපානම් මා හට එපාමයි
සමුගන්න වෙයි ආදරෙන්

අනුකම්පාවෙන් ඔබ ඇමතූවත්
ඔබ මට කදුලකි ගෙන ආවේ
පෙම් කරනා බව ලොවට කියූ මුත්
සමුගන්න වෙයි ආදරෙන්

ඔබ හට ලියනා අවසන් ලිපියේ ..................


කියවා මෙය ඔබ කදුලු සැලූවත්
මටනම් පෙර සේ නෑ ඇසෙන්නේ
මා සිතනා ලෙස ඔබ සිතුවේ නැත
සමුගන්න වෙයි ආදරෙන්

ඔබ හට ලියනා අවසන් ලිපියේ .......................
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
16 Feb 2017 04:21 PM
  •  Quote
  •  Reply
මොකද ෂා මල්ලී අවසන් ලිපිය ලියන්නේ..
ශාන්ත ජයලත් තිසේරා ඉතාමත් සුන්දර ගීතයක්...
0

Danu Liyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Feb 2017 10:15 PM
  •  Quote
  •  Reply
මෙයා ඉස්සර අක්කට හොරා ලව් කරපු කෙල්ලොන්ට කියපු ඒවා තමයි
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Feb 2017 11:12 PM
  •  Quote
  •  Reply
මල්ලි දන්නවා නේද
අනේ ඉන්දික අයියේ අවසන් ලිපිය තියා හරි හමන් විදියට තාම මුල්ම ලිපියවත් ලියා ගන්න බැරි උනා

මේ අවසන් ලිපියේ කථාව නං අහන්න වෙන්නේ ශාන්ත ජයලත් තිසේරාගෙන්ම තමයි.
0

isuru sampath
Super Senior Member
Super Senior Member
Posts:7342






--
17 Feb 2017 02:00 AM
  •  Quote
  •  Reply
ආදරයේ පාවෙන හැඟුමක්
ජීවිතයක් සෙව්වා..//
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි...

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා..
මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා..
ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ..
අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා..

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී...//

වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ..
දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි..
නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින්..
කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා..

පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ.. සිත රැවටූ මායාවී.../
0

Sithara Godewatta
Super Senior Member
Super Senior Member
Posts:5335






--
17 Feb 2017 04:49 AM
  •  Quote
  •  Reply
ඉසුරු මල්ලි මන් ආස ගීතයක් දාලා .
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
17 Feb 2017 04:55 AM
  •  Quote
  •  Reply
කවුද දන්නේ නෑ ඉසුරු මල්ලිව රවටලා තියෙන්නේ..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Feb 2017 04:23 AM
  •  Quote
  •  Reply
ඔබෙන් අනිසි පල ලබන සිතින් නොව
ඔබ ගැන නිරතුරැ විමසන්නේ
පෙරැම් පුරාගෙන බැදි කුලුදුල් පෙම
මියෙන තුරා නෑ වියැකෙන්නේ..........//

නෙතු ඉගි කරලා මදහස පාලා
තවමත් මතකයි හිනැහෙනවා
පාසැල් සමයෙදි පෙර මග හමුවී
හංස ලතාවට ඇවිදිනවා....................

ඔබෙන් අනිසි පල.................

මල් මත රන්දා කිරැලු පලන්දා
හිමිකර ගන්නට පෙම් බැන්දා
ඔබේම වරදින් අහිමිව ගිය දා
රැය එලි වෙනතුරැ ඉකි බින්දා..............

ඔබෙන් අනිසි පල...........//




0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2017 04:33 AM
  •  Quote
  •  Reply
ෂා මල්ලි පැරණි සිංදු සෙට් එකක වදන් සොයාගෙන වගේ..
රොහාන් ද සිල්වාගේ සුන්දර ගීතයක්..
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Feb 2017 04:36 AM
  •  Quote
  •  Reply
මේ ගීතයේ
මුල් පද පේලිය

ඔබෙන් අනිසි පල ලබන සිතින් නොව
ඔබ ගැන නිරතුරැ විමසන්නේ

යනුවෙන් නිවැරදි විය යුතුයි මල්ලී..
0

shanaka kelum
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Feb 2017 04:43 AM
  •  Quote
  •  Reply
ස්තූතියි ඉන්දික අයියේ වැරදි තැන පෙන්වා දුන්නට
0
Add Reply
Page 63 of 76 << < 6162636465 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below