You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 53 of 77 << < 5152535455 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2018 06:28 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2018 06:28 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2018 06:28 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2018 06:29 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
08 Apr 2018 06:29 PM
0

Indika Kandanaarachchi
Most Senior Member
Most Senior Member
Posts:12931






--
08 Apr 2018 08:21 PM
පොලොස් නම් එලම තමා
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
09 Apr 2018 03:59 AM

තල කොර දියෙල්

අවශ්‍ය ද්‍රව්‍ය
 
සීනි - කිලෝ ග්‍රැම් 1
සිහින්ව ගා ගත් ‍පොල් බෑයක්
අන්නාසි ගෙඩියක යුෂ
ලුණු කුඩු රසට අනුව
බැදගත් තල ඇට - ග්‍රෑම් 50
වතුර ටිකක්
 
සාදන ආකාරය
 

සීනි, අන්නාසි යුෂ, හා වතුර අඬු කෝප්ප 1/2  දමා උණු කරන්න. දැන් මෙයට ලුණු, ‍පොල්, තල එකතු කරමින් හොඳට මිශ්‍ර කර ගන්න. හැඳිගාමින් පිස ගන්න. හොඳින් නොඇලෙන පදම ආ විට බටර් ගා ගත් තැටියක තුනි කර කැබැලි කපා ගන්න.

 

සිංහල අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය
 
කැබලි කපාගත් අමු ගස්ලබු  - ග්‍රෑම් 200
කැබැලි කපාගත් ළපටි මෑ කරල් - ග්‍රෑම් 150
කැරට් කැබැලි - ග්‍රෑම් 100
සුද්ද කරගත් කුඩා රතුලූනු ගෙඩි - ග්‍රෑම් 200
දෙකට පලාගත් අමුමිරිස් - ග්‍රෑම් 150
විනාකිරෙන් අඹරාගත් අබ අඬු කෝප්ප 1/2
කහ කුඩු - තේ හැඳි 2, ගම්මිරිස් කුඩු - තේ හැඳි 2
කුඩා මුරුංගා මුල් කැබැල්ලක්, සීනි - මේස හැඳි 2
විනාකිරි  - අඬුකෝප්ප 1, ලුණු රසට අනුව
 
සාදන ආකාරය
 
රතුලූනු, ගස්ලබු කැබලි, අමුමිරිස්, කැරට්, මෑ කරල් සියල්ල වෙන වෙනම නටන උණු වතුරට දමා විනාඩියක් තබා දිය බේරා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට අඹරාගත් අබ, විනාකිරි, කහකුඩු, ගම්මිරිස් කුඩු, තලාගත් මුරුංගා මුල් ‍පොත්ත, සීනි, ලුණු දමා හොඳින් අනාගන්න. දැන් උණුං ගස්සා ගත් සියලුම එළවළු වර්ග දමා කලවම් කර කඩ වැස්මක් බැඳ වසා තබා දින දෙකකට පසු කෑමට ගන්න

 

කිරිපැණි පුඩිම

අවශ්‍ය ද්‍රව්‍ය
 
මීකිරි හට්ටි - 2යි
ජෙලටින් - ග්‍රෑම් 20
වියළි මිදි - ග්‍රෑම් 50
රතුපාට චෙරි ගෙඩි - 05යි
කිතුල්පැණි - බෝතල් 1/4
සීනි - ග්‍රෑම් 200 
 
සාදන ආකාරය
 

මීකිරි හට්ටි දෙක වෙන වෙනම සුදුසු භාජන දෙකකට දමා ගන්න. දැන් එකකට පැණි සහ උණුවතුරේ දියකරගත් ජෙලටින් ග්‍රෑම් 10ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. අනෙක් කිරි හට්ටියට කුඩාවට කපාගත් චෙරි, සීනි, වියළි මිදි, සහ දියකරගත් ජෙලටින් ග්‍රෑම් 10 දමා හොඳින් මිශ්‍රකරගන්න. දැන් විනිවිද පෙනෙන සුදුසු බඳුනක් ගෙන පැණි දැමූ කිරි මිශ්‍රණය දමා ශීතකරණයේ තබා සෙට් කර ගන්න. එය සෙට් වූ පසු ඒ මතට අනෙක් මී කිරි මිශ්‍රණය දමාගෙන නැවත ශීතකරණයේ තබා සෙට් කර ගන්න.

 

මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය
 
කඩල පිටි - අඬු කෝප්ප 2
තම්බාගත් පාන් පිටි - අඬු කෝප්ප 1/4
තල ඇට - මේස හැඳ 1
මිරිස් කුඩු - තේ හැඳි 1
‍පොල්කිරි - අඬු කෝප්ප 1
ලුණු රසට අනුව
කහකුඩු ස්වල්පයක්
බැදගැනීමට තෙල් 
 
සාදන ආකාරය
 

කඩලපිටි, තම්බාගත් පාන්පිටි, ලුණු, මිරිස් කුඩු, කහකුඩු සියල්ල දමා හොඳින් මිශ්‍රකර ගන්න. දැන් එය බඳුනකට දමා  ‍පොල්කිරි, තල ඇට දමා ඉඳි ආප්ප පිටි මිශ්‍රණයේ පදමට අනාගන්න. දැන් හිල් ලොකු  ඉඳිආප්ප වංගෙඩියක දමා තෙල් ගා ගත් කෙසෙල් කොළයක් මතට රවුමට වත්කර ගන්න. දැන් ප්‍රවේශමෙන් ගෙන රත් වූ තෙලට දමා රන්වන් පාටට බැද ගන්න. තෙල් බේරා නිවුණු පසු වියළි බෝතලයක අසුරා තබන්න.






හත් මාලුව

අවශ්‍ය ද්‍රව්‍ය
 
වම්බටු - ග්‍රෑම් 100, කජුමද - ග්‍රෑම් 100
කොස්ඇට - ග්‍රෑම් 100, අළු කෙසෙල් - ග්‍රෑම් 100
රතු තම්පලා - ග්‍රෑම් 100
කරවල  හෝ හාල්මැස්සන් - ග්‍රෑම් 100
වට්ටක්කා කැරට් - ග්‍රෑම් 100
රතුලූනු අහුරක්
අමුමිරිස් කරල් 2ක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා කිනිත්තක්
අබ ඇට තේ හැඳි 1/2
තෙල් මේස හැදි 2-3ක්
දියකිරි අඬුු කෝප්ප 2
මිටිකිරි - අඬුු කෝප්ප 2
ලුණු රසට අනුව
 
සාදන ආකාරය
 
සියලුම එළවළු වර්ග සෝදා කුඩාවට කපා ගන්න. කොස් ඇට තලා ‍පොතු ඉවත්කර සුද්ද කරගන්න. කජුමද ‍පොඟවා ගන්න. රතුලූනු, අමුමිරිස් සිහින්ව ලියා ගන්න. කරවල හෝ හාල්මැස්සන් ඉතාම හොඳින් පිලී යන ලෙස සෝදා ගන්න. දැන් ඇතිලියක් ගෙන එයට තෙල් දමා රත් කර ගන්න.  එයට කරවල හෝ හාල්මැස්සන්  ටික දමන්න. බැදීගෙන එනවිට රතුලූනු, අමුමිරිස්, රම්පේ, කරපිංචා, අබ ඇට දමන්න. තෙම්පරාදු වී ගෙන එනවිට කොස්ඇට සහ කජු මද එකතුකර දියකිරි ටිකක් දමා තැම්බෙන්නට හරින්න. කොස්ඇට තැම්බිගෙන එනවිට අළුකෙසෙල්, වම්බටු දමන්න. ඒවාද තැම්බිගෙන එනවිට තම්පලා සහ වට්ටක්කා කැරට් දමන්න. හොඳින් තැම්බුණුු පසු මිටිකිරි දමා නටවා ගන්න. ප්‍රදේශයෙන් ප්‍රදේශයට හත්මාලුවට ගන්නා කළමනා වෙනස්වෙයි. සමහර  පැතිවල එළවළු වර්ග පමණක් යොදා ගනී

චීස් කිරිබත

අවශ්‍ය ද්‍රව්‍ය
 
බාස්මතී - කිලෝ ග්‍රෑම් 1
චීස් - ග්‍රෑම් 100
‍පොල්කිරි - අඬුකෝප්ප 1/2
ලුණු රසට අනුව
ගම්මිරිස් ස්වල්පයක්
සිහින්ව කපාගත් අමුමිරිස් - ග්‍රෑම් 50
වියළි මිදි - ග්‍රෑම් 50
කපාගත් කජුමද - ග්‍රෑම් 50
එන්සාල් කරලක්
කරාබු නැටි 2-3ක් 
 
සාදන ආකාරය
 
සහල් ගරා සෝදා ළිප තබන්න. සාමාන්‍ය ආකාරයට බත පිස ගන්න. දැන් වෙනත් බඳුනක් ළිප තබා එයට ‍පොල්කිරි, සිහින්ව ගා ගත් චීස්, ලුණු, ගම්මිරිස්, අමුමිරිස්, කජු මද, සහ වියළි මිදි දමා කලවම් කර ගන්න. උණු වී ගෙන  එනවිට පිසගත් බත් දමා හොඳින් මිශ්‍රකර ගන්න

 



0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2018 04:03 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2018 04:03 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2018 04:03 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2018 04:03 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2018 04:04 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2018 06:49 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Apr 2018 06:49 PM
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
11 Apr 2018 09:11 PM
වෙල්මාලු කැටගැස්ම මතක් වෙනකොටත් කටට කෙල ලීටරයක් විතර උනනවා...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2018 08:50 AM
ගමේ කෑම එක්ක හැමදාම අවුරුදු තමයි. වස විස නෑනෙ.
0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
12 Apr 2018 08:16 PM
දැන් ගම්වල ඒවටත් බෙහෙත් ගහනවා..
ඉඩකඩ තියෙනවනම් තමන්ගේ වත්තේ එළවලු ටිකක් සිටුවාගන්න...
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 04:54 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 04:58 PM

දිව පිනවන දේශීය ආහාර වට්ටෝරු

සිංහල අලුත් අවුරුද්ද ගෙවී යනවාත් සමඟම නිවෙස්වලට පැමිණෙන අමුත්තන්ගේද අඩුවක් නැත. සෑම වසරකම ඒකාකාරී ආහාරවලින් අමුත්තන් සතුටු කරනවා වෙනුවට මෙවර සුවිශේෂී වූ, පහසුවෙන් සකස් කර ගත හැකි දේශීයත්වයට නැඹුරු ආහාර වේලකින් අමුත්තන්ට සංග්‍රහ කිරීමට හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එවිට පැමිණෙන අමුත්තන්ට ද විශේෂ සතුටක් දැනෙනු ඇත. පහත දැක්වෙන්නේ මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ දී ඔබගේ නිවසට පැමිණෙන අමුතන්ට සංග්‍රහයට සුදුසු වෙනස්ම ආකාරයේ දිව පිනවන දේශීය ආහාර වට්ටෝරු කිහිපයකි.

 දොඩම් සරුවත්

පළමුව දොඩම් යුෂ , සීනී සිරප්,ජලය,කසකසා ඇට වැනිලා එකට එක්කර හොදින් මිශ්‍ර කර ගත යුතු ය.ඉන් පසු අයිස් කැටයක් පොඩිකර දමා විනාඩි කීපයක් තිබෙන්නට හැර පානය සදහා ගත හැක.සීනීවලට වතුර අඩුවෙන් යොදා උකු පැණියක් සේ උණු කර ඊට කැමති එසන්ස් වර්ගයක් සහ වර්ණ කාරකයක් යොදා සීනී සිරප් සාදා ගැනීමට පුළුවන. නූතන ජන සමාජයේ ජනප්‍රිය පානයක් වන සරුවත් ,අධික පිපාසය සමනය කිරීමේ ගුණයෙන් යුක්ත ය.

 

ගිතෙල් බත

ප්‍රථමයෙන්ම හාල් ගරා සෝදා පසෙකින් තබා ගත යුතු ය.පසුව බඳුනට එළඟිතෙල් දමා රත් කර රතු ලූණූ , රම්පේ,කරපිංචා දමා බැද ගැනීම කළ යුතු ය.එයට ම හාල් එකතු කොට අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා කරදමුංගු,කරාබුනැටි,කුරුඳු පොතු තලා පොට්ටනියක් බැඳ බත හා තැම්බෙන්නට ඉඩ හැරිය යුතු ය.ලියා ගත් බී ලූණු ,කජු , සුල්තානා ගැඹුරු තෙලේ බැඳ ගැනීම කළ යුතු ය.වතුර නො පෙරා බත මඳ ගින්නේ පිසෙන්නට හැර කුළු බඩු පොට්ටනිය ඉවත් කළ යුතු ය.පිසුණ බත බඳුනකට දමා බැඳ ගත් ලොකු ලූණූ , කජු , සුල්තානා,බත මත අතුරා අලංකාර කර ගත යුතු ය. පෝෂක පදාර්ථ රාශියක් අන්තර්ගත ගිතෙල් බත ගැබිණි මව්වරුන්ට විශේෂයෙන් ගුණදායක වන අතර ලොකු, කුඩා හැම දෙනට යෝග්‍ය බත් වර්ගයකි.

 

බහුදින මාළු ව්‍යංජනය

පළමුව මාළු කෑලි සෝදා දිය බේරෙන්නට තියා ගෙන එයට ගොරක,ගම්මිරිස්,ඉගුරු,සුදු ලූණු, වෙන වෙනම අඹරා ගත යුතු ය.රම්පේ,කරපිංචා, හීනියට ලියා කබලෙන් බැද කුඩු කර ගත යුතු ය.ඉන් පසු මෙම ද්‍රව්‍ය මිරිස් කුඩු, තුනපහ කුඩු සමග එක්තැන් කොට ලුණු වතුරෙන් තරමක උකු ද්‍රාවණයක් සාදා ගෙන එය පිසින බඳුනට දමා මාළු කෑලි එම ද්‍රාවණයේ ගිල්විය යුතු ය.ඉන් පසු ළිප තබා තරමක් සැර ගින්නේ පිසෙන්නට හැර හැඳි නොගා විටින් විට බඳුන සොළවමින් මද ගින්නේ ඉස්ම හිදෙන තුරු පිසෙන්නට හැරිය යුතු ය.ඉන් පසු මෙම බහුදින මාළු ව්‍යාංජනය සතියක් වුව ද කල් තබා ගැනීමට පුළුවන. බහුදින ගමන් බිමන් හා චාරිකාවලදී බෙහෙවින් ප්‍රයෝජනවත් මෙම බහුදින මාළු ව්‍යංජනයේ ප්‍රෝටීනමය ගුණය ඉහළ අගයක් ගනී.

 

කූනිස්සන් සම්බෝලය

පොල් ගෙඩියක් ගා ගත යුතු ය.කූනිස්සන් සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඉන් පසු වියලි මිරිස්,රතුලූණු,ලුණු කැට ප්‍රථමයෙන් ගලේ අඹරා , දෙවනුව පොල් ගෙඩියෙන් ගා ගන්නා ලද පොල් අඹරා හොදින් මිශ්‍ර කර පසෙකින් තියා ගත යුතු ය.ඉන් පසු උම්බලකඩ,රම්පේ,කරපිංචා ලියා සියල්ල හොදින් කළවම් කර ළිප තබා කාල් ගාමින් මද ගින්නේ සුවද හමන තෙක් පදමට මළවා ගත යුතු ය.ඉනික්බිති සම්බෝලය බා ගෙන නිවුණු පසු දෙහි ඇඹුල් මිශ්‍ර කර කෑමට ගත හැක. ප්‍රසන්නතාවයකින් යුතු කූනිස්සන් සම්බෝලය ආහාර රුචිය වඩවන ගුණයෙන් පොහොසත් ය.

 

බිලිං අතුරුපස

බිලිං නටු ඉවත් කර සෝදා දිය බේරෙන්නට තියා ගත යුතු ය.ඊළගට වතුර නොදමා තැම්බිය යුතු ය.එවිට බිලිංවල ඇති වතුර පිටවේ.එම වතුර පෙරා සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තබා පසු දා යළි තැම්බිය යුතු ය.එවිට ද ජලය පිටවේ.එම ජලය ද පෙරා ගෙන සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තැම්බිය යුතු ය.පසුවදාත් බිලිං තම්බා වතුර පෙරා සීනී ග්‍රෑම් 250 ක් දමා පැණි උණුකර බිලිංවලට දමා වසා තැම්බිය යුතු ය.පසුව දා බිලිං තම්බා ඉතිරිවන වතුර ද රැගෙන සිනී ග්‍රෑම් 250 ක් දමා බුබුළු දමන පදමට පැණි උණුකර බිලිංවලට දමා බෝතලයක අසුරා ගත යුතු ය.මෙය පැරණි ක්‍රමයකි.කල් තබා ගැනීමට ද පුළුවන.

මෙලෙස සකස් කරන බිලිංවලට ගැමියෝ බිලිං මුද්දරස්පලම් කියා ද හඳුන්වනු ලබති .විටමින් සී,කැල්සියම්,පොස්පරස් අන්තර්ගතව ඇති මෙම අතුරුපස දිව පිනවන රසයෙන් අනූන ය.

උපදෙස් - ගිරිඋල්ල රිල්ලොලුවේ ලීලා රාජපක්ෂ

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Apr 2018 05:51 PM
0
You are not authorized to post a reply.
Page 53 of 77 << < 5152535455 > >>