You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 30 Nov 2018 10:24 AM by  Udari Jayasekara
කෑම පිටුව
 1520 Replies
Sort:
You are not authorized to post a reply.
Page 32 of 77 << < 3031323334 > >>
Author Messages

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:35 AM

ඉස්සන් අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

ලොකු ඉස්සන් 20ක් පමණ
ලොකු ලූනු ගෙඩි 3ක් 
රටඉඳි ගෙඩි 5-6ක්
මිරිස් කුඩු මේස හැඳි 1
ගම්මිරිස් කුඩු මේස හැඳි 1/2
අඹරාගත් අබ තේ හැඳි 1
අඹරාගත් සුදුලූනු මේස හැඳි 1
අඹරාගත් ඉඟුරු මේස හැඳි 1
කොච්චි අහුරක් පමණ
ලුණු රසට අනුව 
ලුණු දෙහි ගෙඩියක් 
තෙල් අවශ්‍ය තරමට 
විනාකිරි අඬු කෝප්පයක් 
 
සාදන ආකාරය 
ඉස්සන්ගේ ඔළු ‍පොතු ගලවා වලිගය තිබියදී සෝදා ගන්න. ඉන්පසු ඒවා රත්වූ ගැඹුරු තෙ‍ලේ බැද තෙල් බේරෙන්නට තබන්න. ලූනු ලොකු තීරුවලට කපා ගන්න. රටඉඳි, ලුණු දෙහි ඉතා කුඩා කෑලිවලට කපා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එයට විනාකිරි ලුණු, ඉඟුරු, සුදුලූනු, අඹරාගත් අබ, මිරිස්, ගම්මිරිස් දමා ලිප තබන්න. නටාගෙන එන විට ලූනු, කොච්චි දමන්න. ලුණු දෙහි, රටඉඳි දමන්න. අන්තිමට බැදගත් ඉස්සන් දමා මිශ්‍ර කර නිවෙන්නට හැර කෑමට ගන්න. 
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:43 AM

හුරුල්ලන් ජාඩි

අවශ්‍ය ද්‍රව්‍ය 

හුරුල්ලන් කිලෝග්‍රෑම් 1 පමණ
ලුණු අවශ්‍ය තරමට 
ගොරකා අවශ්‍ය තරමට 
කුරුඳු‍පොතු 
කරාබුනැටි
කරදමුංගු ඇට කීපයක් 
 
සාදන ආකාරය 
මාළුවල පිලී හැර බඩවැල්, කරමල් ගලවා ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා ගන්න. ගොරකාවල වැලි ඉවත්වන ලෙස හොඳින් සෝදා ගන්න. කරාබුනැටි, කුරුඳු‍පොතු, කරදමුංගු යන්තමට තලා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එහි අඩියට ලුණු තට්ටුවක් දමන්න. ඒ මත ගොරකා කැබැලි කීපයක් සහ කරදමුංගු, කරාබුනැටි, කුරුඳු‍පොතු ස්වල්පයක්ද ඉසින්න. දැන් සීරුවට මාළු එහි අඩුක් කරන්න. ඉන්පසු නැවත ලුණු තට්ටුවකින් වසන්න. ගොරකා සහ කරදමුංගු කරාබු නැටි, කුරුඳු‍පොතු කීපයක්ද දමන්න. දැන් ඉතා හොඳින් වසා සතියක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න. මේ ආකාරයටම බඳුන වසා අව්වේ වියළා ගැනීමටද පිළිවන
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
11 Oct 2017 03:56 AM

බැදගත් බට්ටෝ මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය

කඩල පිටි ග්‍රෑම් 200
පාන් පිටි ග්‍රෑම් 100
ලුණු කුඩු රසට අනුව 
කෑලි මිරිස් කුඩු රසට අනුව 
ලොකුලූනු ග්‍රෑම් 100 
කරපිංචා කිනිති 2-3ක්
බැද ගැනීමට තෙල්
අමුමිරිස් කරල් 2-3ක් 
 
සාදන ආකාරය 
කඩල පිටි, පාන්පිටි එකට දමා හොඳ හැටි මිශ්‍ර කරන්න. ලුණු ස්වල්පයක්ද දමා වතුර එකතු කරමින් අතේ නොඇලෙන ගානට අනාගෙන පැතැලි පෘෂ්ඨයක සිහින්ව තුනී කරන්න. දැන් මෙය සුරුට්ටුවක් සේ රෝල් කර ගන්න. ඉන්පසු පෙති කපා රත්වූ ගැඹුරු තෙ‍ලේ දමා රන්වන් පාටට බැද ගන්න. ලූනුද සිහින්ව කපා බැද ගන්න. කරපිංචා සහ අමුමිරිස්ද වෙන වෙනම බැදගන්න. දැන් බැදගත් සියල්ල හොඳින් තෙල් බේරෙන්නට හැර වියළි බඳුනකට දමා එයට ලුණු, කෑලිමිරිස් දමා හොඳින් මිශ්‍ර කර ගන්න.
0

Indika Dampahala
Veteran Member
Veteran Member
Posts:3411






--
12 Oct 2017 06:22 AM
චාමර මල්ලි ලග නැති කෑමක් නෑ වගේ...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Oct 2017 08:57 AM
බට්ටෝ එක පපඩම් වගේ පේන විදියට.
හදා ගන්නත් ලේසිනෙ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
13 Oct 2017 08:16 PM

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24274.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24275.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24268.jpg

http://epaper.mawbima.lk/Process/UploadTwo/e_paper/24269.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Oct 2017 07:24 AM
මොනවද බං මේ කාලා නැති වෙලාවේ දාලා තියෙන පෝස්ට්.
බඩගිනි වැඩිවෙනවා මේවා දැක්කම. පලවෙනි එක සේව් කරගත්තා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
14 Oct 2017 06:50 PM

අපි නොදන්න මැලේ සංස්‌කෘතිය - මැලේ බත් වර්ග මැද ඉස්‌මතු වන කහ බත්

maleනාසිගුරාං යන සාවද්‍ය ව්‍යවහාරයෙන් අප අතර ප්‍රචලිත "නාසිගෝරෙං" (nasi Goreng) සහ "දුන්තෙල් බත්" නමින් අප ඉතාමත් අභිරුචියකින් කෑමට ගන්නා නාසි ක-බූලි (Nasi Kebuli) මේ වන විට අප දැනුවත් වී ඇති "නාසි" හෙවත් බත් මූලික වන මැලේ ආහාර වර්ග වේ. එහෙත් එසේ නාසි හෙවත් බත් මූලික වන මැලේ ආහාර වර්ග යථෝක්‌ත ආහාර වර්ග දෙකට පමණක්‌ සීමා නොවේ.

එවන් තවත් ආහාර වර්ග කීපයක්‌ම මැලේවරුන් අතර ප්‍රචලිතය. නාසි කූනිං (Nasi Kuning), නාසි කුඤිත් (Nasi Kunyit), නාසි ලෙමක්‌ (Nasi Lemak) හෙවත් නාසි සන්තං (Nasi Santan), නාසි පාඩං (Nasi Padang), නාසි පූති (Nasi Putih) එකී ආහාර වර්ග වේ. යථෝක්‌ත ආහාර වර්ග අතරින් එකක්‌, දෙකක්‌ පමණක්‌ සිංහලයන්ට සේම ශ්‍රී ලංකාවේ සෙසු ජාතීන් හටද හුරු පුරුදු ආහාර වර්ග වේ. සෙසු ආහාර වර්ග මැලේවරුන්හට ආවේණික සේම ඔවුන් අතර ජනප්‍රිය ආහාර වර්ග වන නමුදු ඒවා අපහට ආගන්තකුය, නුහුරුය.

දැන් අපි එකී ආහාර වර්ග එකින් එක වෙත යොමු වෙමින් ඒවා පිළියෙළ කරගනු පිණිස භාවිත කරන ද්‍රව්‍ය සහ ඒවා සාදා ගන්නා ක්‍රම පිළිබඳව විමසා බලමු.

නාසි කුනිං (Nasi Kuning) යන නමින් මැලේවරු විසින් සකස්‌ කරගනු ලබන ආහාර වර්ගය අපටද හුරු පුරුදුය. එය අප හඳුන්වන්නේ "කහබත්" නමිනි. මේ සඳහා සම්බා හාල් වර්ග යොදා ගැනීම සාමාන්‍ය සිරිත වුවද ශ්‍රී ලාංකික මැලේවරු මේ සඳහා භාවිත කරන්නේ "මුතු සම්බා"ය. එය සම්බා හාල් වාර්ග අතර සුවිශේෂී වර්ගයකි. නාසි කුනිං හෙවත් කහබත් පිසීමෙන් පසුව කෝප්පයකට දමා තෙරපා තද කොට කෝප්පයේ හැඩයට හෝ ලොකු දීසියකට (bowl) දමා තෙරපීමකට ලක්‌කොට හෝ භෝජනය පිණිස යොදාගනු ලැබේ. මැලේවරු එය ආහාර පිණිස ගන්නේ, දැනටමත් ඔබ දැනුවත් වී තිබෙන කූනිස්‌සන් සම්බෝල (Blachan Sambal) සමඟ මස්‌ කැබලි දෙක තුනක්‌ ඊට මුසුකර ගනිමිනි. නොඑසේ නම් එකී සම්බෝල සමඟ තැම්බූ බිත්තරයක්‌ ඊට එක්‌කර ගනිමිනි.

නාසි කුනිං හෙවත් කහ බත් සාදා ගැනීම පිණිස යොදා ගන්නා ද්‍රව්‍ය මෙසේය.

1. මුතු සම්බා කෝප්ප 02

2. වතුර කෝප්ප 04

3. බටර් හෝ ගිතෙල් මේස හැඳි 02

4. අඟල් 2 ක ප්‍රමාණයේ කුරුඳු පොතු කැබැලි 02

5. කහ තේ හැඳි 1/4-1/2 අතර ප්‍රමාණයක්‌

6. කැබලි 03 කට පමණ කැපූ රම්පෙ කොළ 01

7. රස ගන්වනු පිණිස ලුණු ස්‌වල්පයක්‌

මෙකී ආහාර වර්ගය සැරසීම හෙවත් අලංකාර කිරීම පිණිස යොදාගනු ලබන ද්‍රව්‍ය මෙසේය.

1. බී ලූනු ගෙඩි 01

2. බටර් හෝ ගිතෙල් මේස හැඳි 01

3. බදින ලද කජු ග්‍රෑම් 15

4. කරපිංචා කිනිති 01

සාදා ගන්නා ක්‍රමය මෙසේය.

සහල් හොඳින් සෝදා දිය බේරෙන්නට හරින්න. ඉන්පසු එයට වතුර වත්කොට කුරුඳු පොතු, බටර් හෝ ගිතෙල්, රම්පෙ, ලුණු සහ කහ මිශ්‍රකොට රයිස්‌ කුකරයේ බහා පිසගන්න.

ඉන්පසු මෙම ආහාරය අලංකාර කිරීම පිණිස යොදා ගන්නා බටර් හෝ ගිතෙල් සාස්‌පානක දමා මඳ ගින්නේ රත්කර ඊට බී ලුනූ රැල්, එක්‌කොට රන්වන් පැහැ ගැන්වෙන තෙක්‌ එය බැද ගන්න. පසුව කජු සහ කරපිංචා කොළ ඊට එක්‌කොට තත්පර කීපයක්‌ තිස්‌සේ බැද ගන්න.

ඉන්පසු පිසගත් බත්වලට ඒවා අලංකාර කිරීම පිණිස යොදා ගනු ලබන, බැද ගන්නා ලද ද්‍රව්‍ය මුසු කර ගන්න. විකල්පයක්‌ ලෙස, අවශ්‍ය වන්නේ නම් අලංකාර කිරීම පිණිස යොදාගනු ලබන ද්‍රව්‍ය බත්වලට මුසුකිරීම වෙනුවට ඒ මත ඉසීමට ද හැකිය. මෙසේ පිස ගනු ලබන නාසිකුනිං හෙවත් කහබත් ශ්‍රී ලාංකික මැලේ ජාතිකයන් අතර සේම සෙසු ජාතීන් අතර ද ඉතා ජනප්‍රිය ආහාර වර්ගයකි.

ඊළඟට අපේ අවධානය යොමුකළ යුතු මැලේ බත් වර්ගය වන්නේ නාසි කුඤිත් (Nasi Kunyit) ය. මෙහි විශේෂත්වය වන්නේ එය ශ්‍රී ලාංකික මැලේ ජනතාවගේ නිවෙස්‌වල සාමාන්‍යයෙන් පිළියෙල නොවන විදෙස්‌ මැලේ ආහාර වර්ගයක්‌ වීමයි. මැලේසියාව වැනි මැලේවරුන් බහුල දේශයක මැලේ ගෘහණියන් විසින් පිළියෙල කරනු ලබන නාසි කුඤිත් බොහෝදුරට කිරිබත්වලට සමාන වේ. නාසි කුනිං සාදාගන්නා අන්දමින්ම නාසි කුඤිත් ද පිළියෙල කර ගන්නා නමුත් එහිදී අතිරේක ලෙස පොල්කිරි යොදා පිසගනු ලබන බත ඇලෙනසුළු ස්‌වභාවයකින් යුතුව කිරිබතක්‌ ලෙස පිස ගැනීම මෙහි විශේෂත්වයයි. එසේම කහ ඊට මුසුකර ගැනීමේ හේතුවෙන් කිරිබත්වලට ආවේණික සුදොa සුදු පැහැය වෙනුවට ඊට කහ වර්ණය ආරෝපණය වීම මෙහිදී පැහැදිලිව දිස්‌වන වෙනසයි. කෙසේ වෙතත් එය ශ්‍රී ලංකාවේ අපහට අවිෂය වී ඇත්තේ එය ශ්‍රී ලාංකික මැලේවරු අතරද භාවිත නොවන මැලේසියානු සහ ඉන්දුනීසියානු මැලේ ජාතිකයන් අතර ප්‍රචලිත, නාසි හෙවත් බත් මූලික කරගත් ආහාරයක්‌ වීමේ හේතුවෙනි.

නාසි ලෙමක්‌ (Nasi Lemak) හෙවත් නාසි සන්තං (Nasi Santan) ද කිරිබතක්‌ ලෙස පිසගන්නා මැලේ ආහාර වර්ගයකි. මෙහිදී ද පොල්කිරි යොදා ගනිමින් බත පිස ගැනීමේදී ඊට ලුණු ස්‌වල්පයක්‌ද මුසු කෙරේ. තමන් වඩාත් කැමැති වන ආකාරය පදනම් කර ගනිමින් මෙකී ආහාරය රස ගැන්වීම සඳහා ඇතැම් මැලේවරු විසින් මීට රම්පේ යොදාගනු ලබන අතර ඇතැම් මැලේ ගෘහණියෝ ඒ සඳහා යොදා ගන්නේ සේර (Lemmon Grass) ය. පිසගනු ලබන බතින් ලොකු ගුලි සාදා ඒවා මස්‌ මාංශ, කට්‌ට සම්බෝල, තම්බන ලද බිත්තර, එළවළු පෙති වැනි ආහාර ද්‍රව්‍ය ද මුසුකර ගනිමින් ආහාරයට ගැනීම මැලේවරුන්ගේ සිරිතය. කෙසේ වෙතත් මෙකී "නාසි ලෙමක්‌" හෙවත් "නාසි සන්තං" ද ශ්‍රී ලාංකික මැලේවරු අතර ප්‍රචලිත ආහාර වර්ගයක්‌ නොවන බවක්‌ පෙනේ. එහෙයින් එම ආහාර වර්ගයද විදෙස්‌ මැලේවරුන් හට විෂය වන නාසි හෙවත් බත් මූලික කර ගත් ආහාරයක්‌ බැව් පැහැදිලිය.

"නාසි පාඩං (Nasi Padang) යන නමින් හැඳින්වෙන බත් මූලික කරගත් මැලේ ආහාර වර්ගයද ශ්‍රී ලාංකික මැලේවරුන් අතර පොදු භාවිතයේ නොමැති, එහෙත් විදෙස්‌ මැලේවරුන් අතර ප්‍රකට ආහාර වර්ගයකි. එය ඉන්දුනීසියානු මැලේවරුන් අතර වෙසෙසින්ම භාවිත වන ආහාරයකි. එකී ආහාර වර්ගයේ උපත සුමාත්‍රාහිදී සිදු වූයේ යෑයි සැලකේ. එම ප්‍රදේශවල මැලේ ජනතාව අතර එකී ආහාරය විශේෂයෙන් භාවිත වන්නේ ඒ හේතුවෙනි.

පිසින ලද බත් සමඟ අතිරේක ආහාර වර්ග දොළසකට වැඩි ප්‍රමාණයකින් යුත් ආහාර වර්ගයක්‌ වීම මෙකී "නාසි පාඩං" වල විශේෂත්වයයි. එකී ආහාරය බුදින්නට අපේක්‍ෂා කරන අයකුහට ඒ සමග එකී අතිරේක ආහාර වර්ග අතරින් තමන්ට රුචි ආහාර වර්ග එකක්‌ හෝ වැඩි ගණනක්‌ මුසුකර ගතහැකි වේ. එසේ මේ සඳහා යොදාගනු ලබන අතිරේක ආහාර වර්ග අතර මාළු මස්‌ වෑංජන, රබර් වැනි හරක්‌ ගාත් මාංශ වෑංජන, හරක්‌ මොළ කොටස්‌ යෙදූ වෑංජන ප්‍රධාන මස්‌ මාංශ ඇතුළත් ආහාර වර්ග ද, විවිධ එළවළු වර්ගද වේ. මෙලෙස බත් දීසිය මැදිකොට ඒ වටා පෙළ ගැසෙන විවිධ මස්‌ මාංශ, එසේම විවිධ එළවළු වර්ගවලින් සුසැදි "නාසි පාඩං" (Nasi Padang) මැලේ කෑම මේසයට එක්‌කරන්නේ විශාල අලංකාරයකි.

"නාසි පූති" (Nasi Putih) ලෙසින් නම් කෙරෙන්නේ සහලින් පිස ගන්නා සාමාන්‍ය බත්ය. එය දෙස්‌, විදෙස්‌ මැලේවරුන්හට සේම ශ්‍රී ලංකාවාසී අප සැමටම පොදු අපගේ ප්‍රධාන ආහාරයයි.

එඩ්වඩ් චන්ද්‍රසිරි

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 03:57 AM

http://www.navaliya.com/2017/10/16/New%20folder/46.jpg

0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Oct 2017 03:59 AM

http://www.navaliya.com/2017/10/16/New%20folder/49.jpg

0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Oct 2017 08:51 AM
කේක් එකේ ලිපිය සේව් කර ගන්න ඕනෙ.
නියම සලාද වට්ටෝරු ටිකකුත් තියෙන්නේ.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
17 Oct 2017 03:41 AM

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/18/files/assets/common/page-substrates/page0013.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/18/files/assets/common/page-substrates/page0014.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/18/files/assets/common/page-substrates/page0026.jpg

http://www.rivira.lk/epaper/diyaniya/2017/10/18/files/assets/common/page-substrates/page0031.jpg

0

Indika Kodithuwakku
Most Senior Member
Most Senior Member
Posts:10470






--
18 Oct 2017 02:41 AM
මේවා දිහා බලාගෙන බතුයි පරිප්පුයි කනවා මල්ලී...
0

hasitha dhananjaya
Super Senior Member
Super Senior Member
Posts:5795






--
18 Oct 2017 06:25 AM
ඇත්තමයි ඉන්දික අයියේ....රජ කෑම තිබුනට අපිට හදා ගෙන කන්න පුලුවන් එක අපි කනවා.
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:09 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:10 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:11 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
20 Oct 2017 07:11 PM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:10 AM
0

chamara duleep
Most Senior Member
Most Senior Member
Posts:13471






--
22 Oct 2017 06:11 AM
0
You are not authorized to post a reply.
Page 32 of 77 << < 3031323334 > >>