අවශ්‍ය ද්‍රව්‍ය:-
බාස්මතී හාල් 500 g
කුකුල් මස් පොඩියට කෑලි කපා 500 g
මී කිරි 150 g(මන් යොගට් ගත්තේ )
තලාගත් ඉඟුරු හා සුදු ළූණු ටිකක්
ලුණු ගෙඩියක්
මිරිස් කුඩු තේ හැඳි එකක්
මසාලා කුඩු මෙස හැදි එකක්
බටර් හෝ ගිතෙල් 150
කැරට් 75 g
අල 75 g
තුනපහ කුඩු මෙස හැදි එකක්
මුද්දරප් පලම් 40 g
බොම්බයි ලූනු 200 g
කජු ග්‍රෑම් 250
සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක්
කහ කුඩු ටිකක්
පොල් කිරි කෝප්ප කාලක්
කුකුල් මස් තැම්බූ වතුර 11/2
ලොකු තක්කාලී ගෙඩියක්
සාදන ක්‍රමය:-
මී කිරි, ඉඟුරු, සුදු ළූනු, ලුණු, මිරිස් කුඩු, මසාලා කුඩු ස්වල්පයක් එකට හොඳින් මිශ්‍ර කර ඒවාට කුකුල් මස් දමන්න. (සීසන් කරන්න)
පසුව මාගරින් බාගයක් රත් කරන්න. එයට මසාලා කුඩු ස්වල්පයක්, බොම්බයි ලූණු ග්‍රෑම් 50 ක් පමණ,තක්කාලී තුනපහ කුඩු, කහ කුඩු, එක්කර රන්වන් පැහැවනතුරු තෙම්පරාදු කරන්න.
පසුව එම බඳුනට කුකුල්මස් කැබලි දමා නැවත හැඳි ගාමින් වතුර ගතිය ඉවත්වන තුරු පිසගන්න. වතුර හිදුනු පසු පොල් කිරි, කොත්තමල්ලි කොළ එක්කර මස් කැබලි හොඳින් පිසගන්න. ඉස්ම ගතිය පොඩ්ඩක් තබා බාන්න.
කුකුල් මස් තැම්බූ වතුර ගෙන හාල් ටික බෙරි නොවන ලෙස පිස ගන්න.
ඉන්පසු ඉතිරි කැරට් හා අල, පොඩියට කොටු කපා කහ ලුනු අතගා රන්වන් පැහැවන තුරු බැදගන්න. පසුව ලුණු කජු මුද්දරප්පලම් හා කරපිංචා කොළ කලු පැහැ නොවන සේ බැදගන්න.
දැන් වෙනම බාජනයක් ගෙන රත් කළ කෙහෙල් කොළයක් අඩියට දමා (අපිට කෙසෙල් කොල නෑ මන් සලාද කොල දැම්මේ ) කුකුල් මස් ව්‍යාංජනයේ ඉස්ම ස්වල්පයක් එ උඩට දමා පිස ගත් බත් තට්ටුවක් අතුරන්න.
එම බත් තට්ටුව මතට මස් කැබලි කිහිපයක් දමා ඒ මතට ලුනු, අල, කජු, මුද්දරප්පලම් දමන්න. නැවත ඒ මතට බත් තට්ටුවක් අතුරන්න. ඒ ආකාරවට සියල්ල අතුරා හොඳින් තද කොට හොදින් වසා විනාඩි 10 ක් පමණ මද ගින්නේ තම්බා ගන්න................
ගෙදර අය නම් හරිම රසයි කිය කිය කැවා හදලා බලන්නකෝ කොහොමද කියලා.