ඉතින් හදලා බලන්නකෝ කොහොමද රසටම, වස විස නෑතුව සුප් කැට හදා ගන්නෙ කියලා.ලන්කාවේ අයට ගොඩාක් වටිනවා.
අවශ්‍ය ද්‍රව්‍ය -:
කටු නෑති කුකුල් මස් ග්‍රෑම් 100ක්
ලික්ස් ග්‍රෑම් 40 ක්
ලොකු ලුනු ගෙඩියක්
සමාන්‍ය තරමේ කැරට් අලයක්
සොයා සෝස් මෙස හැදි දෙකක්
ඔයිල් මෙස හැදි දෙකක්
සිනි මෙස හැන්දක්
ලන්කාවේ කැම වර්ග වලට වෙනත් රටවල බාවිතා කරන කුලුබඩු ගැලපෙන්නේ නෑ. එත් පාස්තා, පිසා සොස් වර්ග වගෙ හදද්දි දාන්න ලික්ස් අයින් කරලා කැරට් , සෑල්දිරි , ඔරිගානො, පාස්ලී, වගෙ දෙවල් එකතු කරන්න පුලුවන්.
සාදන ක්‍රමය :-
මුලින්ම මස් ටික උඩ හමත් සමග
ලුනු අවශ්‍ය පමණට වතුර වැහෙන ප්‍රමාණයට වෙන්න දමා තම්බා ගන්න. ටික වෙලාවකින් උඩ හම අයින් කර කැපු ලුනු, ලික්ස්, කැරට් එකතු කර වතුර ගතිය ටික වෙන්න හිදෙන්න තියන්න.
එලවලු අතින් අැල්ලුවම පොඩි වෙන තරමට තම්බ ගන්න ඔනෙ. වතුර උකු ගතියට ටික වෙන්න අැවිත් නම් පදම හරි බාන්න විනාඩි 5 ක් වගෙ තියෙද්දී එයට් ඔයිල් සහ සොයා සොස් ,සිනි එකතු කරන්න.
ඉන් පසු පොඩ්ඩක් නිවෙන්න තබා සියල්ලම හිනියට අබරා ගන්න. අබරා ගත් මිශ්‍රනය පෙනෙරයකින් පෙරා අයිස් ට්‍රෙ වලට දමා ෆිසර් එකෙ පැය 10ක් තබන්න...
පසුව අයිස් ට්‍රේ වලින් ගලවාගෙන බොතලේකට දමා ෆ්‍රිජ් එකෙ තබන්න අවශ්‍ය විටකදී පාවිච්චියට ගන්න පුළුවන්.